මගෙ යාලුවෝ

Friday, June 29, 2012

21. සිහින




           දිදුලන දෙනුවන්
           පිරුණු දෙකම්මුල්
           මා දු‍ටු සිහිනය
           ඔබමයි දියණියෙ

           ලෙන්ගතු සිනහව
           හදපිරි සෙනෙහස
           මා දු‍ටු සිහිනය
           ඔබමයි පුතුනේ

           හමන ගුණ සුවඳ
           දිලෙන නැණ පහන්
           එකලු කෙරේවා
           ඔබ යන දිවිමග

           දරු මුණුපුරු කැලතක්
           මා වටලා
           සිත ගත දැවටෙති
           දුව පැන ඇවිදිති

           මා දැන් දකිනා
           සිහිනය එයයි
           බලා ඉඳිමි මම
           සැබෑ වෙනතුරා ...!

39 comments:

  1. ඒ සිහිනය සැබෑ වේවා කියලා පතන්නම්.
    දුටුවා පින්තූර මූණු පොතෙනුත්..
    සියල්ලන්ටම සුබ පැතුම් !

    ReplyDelete
  2. මනුස්සයෙකුට මීට වඩා සම්පතක් ලැබිය හැකිද? සුබපැතුම් ගාමිණි අයියේ..

    ReplyDelete
  3. සිහිනය ඉටුවේවා.හැම තාත්තෙකුගේම පැතුම...

    ReplyDelete
    Replies
    1. ප්‍රාර්ථනාවට ස්තුතියි මලේ ..! වනජීවියෙක් නිසා මම මගේ පැටවුන්ගෙ පුංචි කාලෙන් බොහොම ටිකයි දැක්කේ. උන්ගෙ පැටවුන්ගෙ හුරතල් වත් දකින්න ආසයි.

      Delete
  4. පුත්ථා වත්ථු මනුස්‌සානං

    ReplyDelete
    Replies
    1. මනුස්සයෙකුට තියෙන ලොකුම වස්තුව දරුවො බවනම් සහතික ඇත්ත මලේ ..!

      Delete
  5. ගාමිණී මාමට,
    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. කොල්ලයි කෙල්ලයි ඉපදුනු දා ඉඳලම මම හිතින් රාජ සම්පත් විඳිනවා පුතේ. උන්ට පැටව් ලැබුනහම දිව්‍ය සම්පත් විඳින්න ලැබෙයි මට.

      Delete
  6. මා දැන් දකිනා
    සිහිනය එයයි
    බලා ඉඳිමි මම
    සැබෑ වෙනතුරා ...!

    මටනං කල්යාවි දෝණි වැඩි දුර ඉගෙන ගනීවි. මං නාකි ආච්චියෙක් වේවි.

    ReplyDelete
    Replies
    1. මම නං 'කසාදයක් බැඳගෙන මට කොල්ලෙක් හදලා දීලා ඉඳපිය ..' කියලා ටොක්කක් අනිනවා.

      Delete
  7. මාත් දැන් දැන් පොඩි උන් හීනෙන් වඩාගෙන ඉන්නවා .. හෆොයි එත් තව බොහෝ කල් තියෙනවා.. සීයෙක්වෙන්න මෙච්චර හදිස්සි මොකෝ ?

    ReplyDelete
    Replies
    1. කොයි වෙලාවෙ ‍ෆියුස් යයිද කියලා කව්ද දන්නෙ ලංකා ...!

      Delete
  8. හීන ඉටුවේවා කියල ප්‍රාර්තනා කරනව. හැබැයි බලකරන්න එපා. :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මලේ .. බල නොකෙරුවත් ඒවා උන්ගෙ යුතුකම් ...

      Delete
  9. සිඳු අක්කගේ පෝස්ට් එකකට Dude යෙදු කොමෙන්ටුවකින් පාර සොයා ගතිමි.. මේ කවිය ද, පෙර පොස්ටු ද සිත ඇද ගැනීමට සමත් විය..
    ජය වේවා!

    ReplyDelete
  10. සැම සිහිනයක්ම නැතත් සමහර සිහින සැබෑ ෙවන බව විස්වාසයි!
    - ඩයිනමයික්

    ReplyDelete
  11. ගාමිණි අයියේ පොඩි ගණිතමය ගැටලුවක් තියෙනවා!
    'කැලත' = කීයටද?

    ReplyDelete
    Replies
    1. පුවක් වල්ලක් පොලේ ගහපුවාම විසිවෙන පුවක් සංඛ්‍යාව.

      Delete
    2. බන්දුල මලේ .. අපේ කවිකාරිගෙ උත්තරේට මම එකඟයි ..!

      Delete
    3. බුද් අම්මෝ...!
      අනේ මලේ,
      ඔය පුවක් මලේ,
      බොහොම හෙමින්
      ගහපන් පොලේ..
      හොඳෙයි බොලේ...!

      Delete
  12. සිහින සැබෑ වේවා! :)
    මොකටද මේ ඕන්නැති ෆියුස් කතා? :(

    ReplyDelete
    Replies
    1. ප්‍රාර්ථනාවට ස්තුතියි ලකී ... ‍ෆියුස් කතාව මම කටට ආවට කිව්වේ .. මම අවුරුදු 70 කට වැඩිය ජීවත් වෙනවා .. දරු මුනුපුරෝ සේරම වටකරගෙන බක බක ගගා හිනාවෙවී තමයි මැරෙන්නේ ..!

      Delete
    2. 70 මොනව කරන්නද ගාමිණි අයියේ, තව අවුරුදු 30ට විතර ඔයාට රාජකාරි සෙට් කරල තියෙන්නේ ගමේ.. එනකම් බලාගෙන ඉන්නේ වනෙන් දුරස් වෙලා...

      Delete
    3. ඇත්තටම මලේ පාරෙදි දකින ගමේ කෙනෙක් එක්ක හිනා වෙනවා ඇරෙන්න වෙන ආශ්‍රයක් කරන්න වෙලාවක් ලැබෙන්නෙ නෑ, මේ රස්සාව කරනකම්. ගමේ මගුලකට මරණෙකටවත් යැවෙන්නෙ කලාතුරකින්. පැන්ෂන් ගිහිල්ලා මීට වඩා ගමට සමීප වෙන්න ආසාවෙන් බලා ඉන්නවා.

      Delete
    4. එක දවසක් මේ පැත්තට ඇවිල්ල පෝස්ට් ටික සේරම කියවල ගියත් කමෙන්ට් කරන්නෙ අදයි...ගාමිණී අයියාගේ පැතුම් එලෙසින්ම ඉටු වේවා කියල පතනවා!!
      අනේ අපේ තාත්තත් ජීවතුන් අතර හිටිය නම් අද මේ වගේම කවි ලියයි නේද කියල හිතුණම නං දුක හිතුණ...

      Delete
  13. ප්‍රාර්ථනාවට ස්තුතියි නගේ ...!

    තාත්තලා පේන්න නොහිටියත් ඒ අය ඉස්සර වගේම අපි ගැන බලාපොරොත්තු පොදි බැඳගෙන අපි දිහා බලාගෙන ඉන්නවා. එහෙම දැනෙනවා නේද ...?

    ReplyDelete
  14. Dude, please check this out .This is a nature lover doctor's blog on nature hikes and stuff. I left your links on her.

    http://lokayekonaka.blogspot.com/2012/07/blog-post_12.html?showComment=1342150242726#c5339637706717791409

    henryblogwalker the Dude

    ReplyDelete
  15. ඒ සිහිනය ඒ විදියටම ඈ ඊටත් වඩා හොඳින් ඉටුවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා :)

    ReplyDelete
    Replies
    1. ප්‍රාර්ථනාවට ස්තුතියි වරණා ...!

      Delete