කවුරු
හරි පිට කෙනෙක් ගිරිතලේ මගෙ නිල නිවාසෙට ටික වෙලාවකට හරි නවතින්න ආවොත් මම
දෙන පළවෙනි අවවාදය තමයි 'ජනෙල් දොරවල් මොහොතකටවත් ඇරලා තියලා යන්න එපා ..'
කියන එක. ඒ වෙන මොකවත් නිසා නෙමෙයි දවසකට තුන් හතර වතාවක් ඇවිත් ගේ වටේ
කැරකිලා බලලා යන රිලව් ගැන්සිය නිසා. ඇරිලා තියෙන ජනේලෙකින් ගෙට පැනලා,
කනබොන දෙයක් තියන තැනකට කෙලින්ම ගිහිල්ලා, කට දෙපැත්තෙ තියෙන 'පැස්' (cheek
pauch) දෙක පුරවගෙන, තව ටිකක් අතටත් අරගෙන, අඬු තුනකින් දුවගෙන ගිහිල්ලා
ගහකට නැගගෙන, ආපහු හැරිලා විරිත්තන්න උන්ට ගතවෙන්නේ තත්පර කීපයක් විතරයි.
දවසක්
මම ටවුමට ගිහිල්ලා එනගමන් තනියම කන්න හිතාගෙන පොඩි කිරි මුට්ටියක් අරගෙන
ඇවිත් කුස්සියෙ මේසෙ උඩ තියලා, එතනට මීටර් දෙක තුනක් එහායින් තියෙන වොෂ්
බේසින් එක ලඟට ගියා වතුර ටිකක් බොන්න. එතකොටම ඇහුනා කිරි මුට්ටිය දාලා
තිබුනු සිලි සිලි බෑග් එක අදින සද්දෙ. ආපහු හැරෙනකොට මම දැක්කෙ කිරි
මුට්ටිය එක අතකින් ගත්තු රිලවෙක් ඉලිප්සාකාරව අහසේ පාවෙලා ඇරලා තිබුනු
දොරෙන් එලියට යනවා විතරයි. ![]() |
![]() |
කලු වඳුරා |
සර්ව භක්ෂක රුක්වාසීන් හැටියට පොදුවෙ හැඳින්වුවත් ආහාර හා ඉඩකඩ සඳහා තරඟය වලක්වා ගන්න උන් පරිසරයෙ විවිධ කලාපවලට සීමා වෙලා, විවිධ ආහාර රටාවල්වලට පුරුදුවෙලා තියෙනවා. වැඩියෙන්ම ශාක කොටස් ආහාරයට ගන්න කලු වඳුරා කලාතුරකින් තමයි බිමට එන්නෙ. උන හපුලුවාත් බිමට එන්නෙ නැතුව කුරුලු පැටව්, කටුස්සො, ගස් ගෙම්බො වගේ සත්තු අල්ලගෙන කන අතරෙ ලැබුනොත් පලතුරුත් කනවා. අලු වඳුරා සහ රිලවා තමයි වැඩි කාලයක් බිම ගත කරන්නෙ. ඒ දෙන්නා අතරින් අලු වඳුරා වැඩිපුර ශාක භක්ෂකයි. රිලවා අහුවෙන ඕනෑම ජරාවක් කනවා. අනුන්ගෙ දේවල් කඩාවඩා ගැනීමේ මිනිස් පුරුද්ද වැඩියෙන්ම තියෙන්නෙත් රිලවටමයි.
![]() |
අලු වඳුරා |
![]() |
උනහපුලුවා |
සත්තු අතර ආත්මාර්ථය, ඉරිසියාව, තරහව, ක්‍රෝධය, වෛරය වගේ හැඟීම් ස්වාභාවිකවම පහල වෙලා තියෙන්නෙ මේ කියාපු තරඟයෙදි ශක්තිවන්තයා ඉදිරියට ගේන්න. ගහනයක් තුළ ශක්තිමත් ජානයක් ඉස්මතු උනේ නැත්නම් ඉතාම ඉක්මනින් ඒ සත්ව විශේෂය වඳ වෙලා යනවා.
සත්ව විශේෂයක් වෙන අපි උනත් හැමෝම සියලු කෙලෙස් නසාපු රහතන්වහන්සේලා වගේ උනා නම් මේ වෙනකොට මිනිස් වර්ගයා වඳ වෙලා හුඟක් කල් කියලා මට හිතෙනවා. මානව ඉතිහාසෙ ඒ වගේ තියෙන දෙයක් කාලා, තමන්ගෙ පාඩුවෙ හිටපු ජන වර්ග බොහොමයක් මේ වෙනකොට අතුරුදහන් වෙලා. අනුන්ගෙ දේවල් කඩාවඩාගෙන තමන්ගෙ බලය පතුරවපු ජාතීන් ලෝකෙ පුරාම විසිරුනු අධිරාජ්‍ය පිහිටෙව්වා. හැබැයි වෙනත් ශක්තිමත් ජාතියක් මතු උනහම ඉඩදෙන්න සිද්ද උනා.
![]() |
පැටියෙක් මරාගෙන කන අප්‍රිකානු බැබුනෙක් |
වඳුරන්ගෙන් පටන්ගත්ත කතාව ඉවර උනේ අපේ ඉතිහාසයෙන්. වඳුරන්ගෙ ලඟම නෑයා අපි නිසා ඒකට කමක් නෑ.
තවත් වඳුරු වැඩ ගැන ඉංග්‍රීසියෙන් කියවන්න wildlifegiritale.blogspot
(ඉහත වඳුරු ඡායාරූප බාගත්තේ අන්තර්ජාලයෙන්, මගෙ ඡායාරූප සහ සිතුවම් එකතුවක් වෙනමම පිටු දෙකක දාලා තියෙනවා - My Sketches, My Photographs)
මේක ගිරිතලේ නිලනිවාසය පිටිපස්සෙදි ගත්ත පින්තූරයක්. |
අනුරාධපුර පොලොන්නරුව පැත්තේ ඉන්න රිලා නඩයක් ගැන වැඩසටහනක් ගියා ඩිස්කවරි එකේ... ටෙම්පල් ටෲප් වගේ නම මතක... ඒක මතක් වුනා මේ ලිපිය කියවද්දී...
ReplyDeleteඇමෙරිකාවෙ ස්මිත්සෝනියන් ආයතනය අවුරුදු තිස් ගණනක් තිස්සෙ වඳුරො ගැන රිසර්ච් එකක් කරනවා පොලොන්නරුවෙ. ආචාර්ය ඩිටස් තමයි ඒක මෙහෙයවන්නෙ. ඒක ලෝකෙ දිගම කාලයක් කෙරුනු වඳුරු අධ්‍යයනයක්. Temple troop හදලා තිබුනෙ ඒක ආශ්රයෙන්.
Deleteඑහෙ වඳුරු මහත්තයා තාම ඉන්නවද. අපි පොඩි කාලෙ මට මතකයි දුඹුරු පාට ඇඳුමයි බයික් එකයි කරේ මල්ලයි. හරි ප්‍රසිද්දයි ඒ පැත්තෙ.
Deleteවඳුරු මහත්තයා එක්ක වැඩ කරපු සහ The Temple Troop ෆිල්ම් එකට දායක වුන මිත්‍රයෙක් ගැන මෙතන විස්තරයක් තියනවා..
Deletehttp://nalakagunawardene.com/tag/taya-diaz/
වඳුරු මහත්තයා සහ පිරිස තවමත් ඉන්නවා. ළඟකදි මුණ ගැහුනේ නම් නෑ, පිනිබිඳු.
Deleteලිංක් එක දුන්නට ස්තුතියි, කැන්ඩි.
හොඳ වැඩේ තනියම කන්න ගියාට. LOL! අයියේ ඔය රිලවා (Macaca sinica) ලංකාවට ආවේනික එකෙක් නේද? හැමදාමත් වගේ හරි අපූරු කතාව.
ReplyDeleteමගෙ පෙරේතකමට තමයි ඌ ඒ දඬුවම දුන්නේ.
Deleteමලේ, රිලවා, කලු වඳුරා, උනහපුලුවා තුන්දෙනාම ලංකාවට ආවේනිකයි.
එතකොට අන්තඃපුර තියං ඉඳල තියෙන්නෙ රජවරු විතරක් නෙමෙයි.
ReplyDeleteඅන්තිමට කියපු ටික වෙන්න නම් රජකාලෙ රජෙක් උප්පද්දන්න වෙයි..
ඇත්තටම විමුක්ති රජකාලේ අන්තපුරවලින් බිහිවුනු රජ පැටව් ලොකුවෙලා කළේ අනිත් එවුන් එක්ක රජකමට තරඟ කරන එක. එතනදිත් වඩාත්ම ශක්තිමත් එකා ජයගන්න ඇති. බැලුවහම ඒකත් නරකම නෑ.
Deleteනැශනල් ජියෝග්‍රැපික් බැලුවා වගේ.
ReplyDeleteකාලෙකට ඉස්සර අපි වඳුරෝ බලන්න කැලේ එහෙම නැත්නම් ඔය සීගිරිය වගේ යන්න ඕනේ නේ. ඒත් ළඟ කාලෙකදි මම හිතන්නේ නගරය තමයි එයාල ගැවසීම වැඩිම.
අපෙ ගමේ වත්තේ නම් කිසිම දෙයක් ගෙඩියක් තියාගන්න දෙන්නේ නෑ මෙයාලා. වෙන එකක් තියා අපේ අක්කගේ පොඩි පුතා හෙම වත්තේ තනියම ඉන්නවා නම් කුරුම්බා ගැට වලින් ගහනවාත් එක්කලු. බලාන ගියාම එයාල නායකොඅයෝ වෙන්න යන්න එයාලා අතර විතරක්ම නෙමෙයි.
මෑතකදි රිලව්, දඬුලේන්නු, වල් ඌරො, මොණරු වගේ සත්තු කලින් නොහිටි පලාත්වල ව්‍යාප්ත වෙන්න පටන් අරගෙන තියෙනවා. කුණු කසල, කාලගුණික විපර්යාස, විලෝපී සත්තු වඳ වීම වගේ හේතූන් නිසා එහෙම වෙන්න පුලුවන්. රිලවුන්ගෙන් තමයි ලොකුම කරදරේ. උන් මිනිස්සුන්ට බයම නෑ.
Deleteකතා මැද මේ වගේ වන ජීවී පාඩමුත් කියාදෙන එක නම් හොඳා :)
ReplyDeleteඔව් හසිත, බ්ලොග් යාලුවො හුඟ දෙනෙක් ගෙන් ඉල්ලීම් තිබුනා වනජීවී කතා ලියන්න කියලා.
Deleteළඟදී මම නුවර YMCA එකේ දවස් කීපයක් ඉන්න අතර තුරේ රිලවුන් කාමරේට එබිකම් කරන බව දැකලා ජනෙල් සේරම වහගෙන ඉඳල බේරුනා. යාබද කාමරේක ඇරලා තිබුණු ජනෙල් වලින් ඇතුලට ආපු රිලවු ඒ කාමරේ තිබුණු ඒවා මදිවට එතනින් පොදු නිදන කාමරයටත් ඇතුළු වෙලා එතන නතර වෙලා හිටපු ඉන්දියානු ජාතිකන් පිරිසකගේ ඇදුම් , බෑග් පවා අරං ගිහින්. ඔවුන්ගේ ගමන් බලපත්‍ර පවා නැති වෙලා තිබුනා..
ReplyDeleteඅතට අහුවෙන කිසිම දෙයක් උන් ඉතුරු කරන්නේ නෑ. උන්ගෙ නරකම පුරුද්ද තමයි කන්න බැරි දේ වනසලා දාන එක.
Deleteලිපියෙන් වඳුරන් දුටිමි.
ReplyDeleteඒ කියන්නෙ මගේ උත්සාහය සාර්ථකයි ...
Deleteලංකාවට ආවේනික කළු වඳුරො විශේෂයක් ‘හක්ගල‘ ඉන්නව කියල අහල තියෙනව. ඒ කියන්නෙත් ඔය පින්තූරෙ ඉන්න කළු වඳුරු විශේෂයමද?
ReplyDeleteලංකාවට ආවේනික කලු වඳුරා රට පුරාම ව්‍යාප්තයි. දේශගුණික, භූගෝලීය කලාප අනුව උප විශේෂ කීපයක් ඉන්නවා. හක්ගල, හෝටන් තැන්න වගේ කඳුකර වනාන්තරවල ඉන්න උප විශේෂයේ බූල් කෝට් එක ලොකුයි. ඌට වලස් වඳුරා (Bear Monkey) කියලා කියනවා. පින්තූරයෙ ඉන්නෙ වලස් වඳුරා උප විශේෂය.
Deleteහුඟක් විස්තර දැනගත්තා. මේව කියවනකොටනම් හිතෙන්නෙ වඳුරො පැවතෙන්නෙ මිනිහගෙන් වෙන්න ඇති කියලා.
ReplyDeleteඔබතුමියට එහෙම හිතුන එක සාධාරණයි. මේ ලඟදි ඇමේසන් වනාන්තරයෙ කඳුකර ගොරිල්ලො ගැන කරපු රිසර්ච් එකකදි ආපු එක නිගමනයක් තමයි උන්ගෙ හැසිරීම්වලින් සියයට අසූ ගණනක් මිනිස් හැසිරීම් කියලා. මට ඒක දැක්කහම හිතුනෙත් ඇත්ත වෙන්න ඕනෑ ඒකෙ අනිත් පැත්ත කියලා.
Deleteදවසේ කතාවට හිමි ත්‍යාගය මෙම කමෙන්ටුව දිනා ගන්නවා....!!!!
Deleteතෑග්ග සතුටින් බාරගන්නවා බුද්ධි...!
Deleteමචං ඔය ඩයට් රිලවා උඹට උදව්වක්නෙ කරලා තියෙන්නෙ. ඇයි බං කිලෝ 100ක එකා තව කිරි හට්ටියකුත් ගෙනත් තනියෙම කන්න ගියාම කොලෙස්ටරෝලුත් වැඩි වෙලා වෙන ජංජාලෙ ඌ කල් ඇතුව දකින්න ඇති.
ReplyDeleteඋමේ ක්වාටර්ස් එක වටේ ඉන්න රිලව්ගෙ ෆෝටෝස් වගයක් අපේ චූටි පුතා අරං තිබ්බා. වීඩියෝ එකකුත් තියෙනවා දැක්කා.
එතකොට අර උඹලගෙ ක්වාටර්ස් එක වටේට බිම වතුර බෝතල් තියලා තියෙන්නෙ මොකද කියලා සයිමන් අංකල්ගෙන් ඇහුවාම කිව්වා රිලව් නවත්තන්න කියලා. මම එදා මයි ඒක නම් දැක්කෙයි ඇහුවෙයි.
උඹ කටේ මසුරං දාන්න වටින කතාවක් කියලා තියෙන්නෙ:
//සත්ව විශේෂයක් වෙන අපි උනත් හැමෝම සියලු කෙලෙස් නසාපු රහතන්වහන්සේලා වගේ උනා නම් මේ වෙනකොට මිනිස් වර්ගයා වඳ වෙලා හුඟක් කල් කියලා මට හිතෙනවා................................................ අපේ දේවල් උදුර ගන්න එන එවුන්ට කන පැලෙන්න දෙකක් ගහන්න වත් අපි පුරුදු වෙන්න ඕනෑ කියලා මට හිතෙනවා.//
උඹත් එක්ක මම සීයට දෙසීයක් එකඟ වෙන තැනක් මේක. මම හිතන්නෙත් එහෙමයි මචං. තව ඇති අපි වගෙ හිතන උං කීප දෙනෙක් හරි. අහිංසක කමෙත් සීමාවක් තියෙන්න ඕනෙ. ඒක පැන්නුවම අහිංසක කමෙයි නිවට කමෙයි වැඩි වෙනසක් නෑ.
henryblogwalker the Dude
ඒ උනාට මචං ඌට සේරම ගෙනියන්න වටින්නෙ නෑනෙ ...!
Deleteඒ බෝතල් තිබ්බට වැඩක් නෑ. රිලා මල්ලිලා ඒවට උඩින් පැනලා ඇවිත් ජනෙල් පඩිය උඩ වාඩිවෙලා වීදුරුවට ඇහැ තියලා මම මොකද කරන්නේ කියලා බලාගෙන ඉන්නවා. හැබැයි ගෙයි පේව්මන්ට් එක උඩ බල්ලො චූ කරන එක නම් නැවතිලා වගේ.
සාධාරන හේතුවක් උඩ චණ්ඩියෙක් උනාට කමක් නෑ, මචං.
ගාමිණී, අර ස්කෙච් එක නම් එල! කියන්න අමතක වුනා. මේ පාර බ්ලොගර් හෙළයගෙන් ආවා.
ReplyDeleteඋඹ දන්නවද දැන් මම හෙළ බ්ලොගර්ටයි, වර්ඩ්ප්‍රෙස් සුද්දටයි සම අවස්ථා ලබා දීමේ ව්‍යාපෘතියක් කරගෙන යන බව? හෙහ් හෙහ්!!
henryblogwalker the Dude
ඒක තමයි මමත් කල්පනා කලේ උඹේ සුපුරුදු රූපය කෝ කියලා.
Deleteවදුරු ප්‍රහාර කීපෙකට මමත් ලක් උනානේ.... එකක් දළදා මාලිගාවට යද්දි.... මල් ටික හයිජැක් කලා මගදි.
ReplyDeleteඅනික මැලේසියාවේ දී. උන් නං මාර සංවිධානාත්මකයි වැඩේ කරන්නෙ.
ඉස්සරහින් සෙට් එකක් ඇවිල්ලා අපේ අවධානේ උන්ගෙ පැත්තට අරගන්නවා. පස්සෙ පිටිපස්සෙන් එන සෙට් එක තියෙන කෑම ටික ගන්නවා ඇසිල්ලකින්.... කිව්වට විශ්වාස ගාමිණි අයියණ්ඩි උන් කිරි බෝතලේ උස්සලා ඒකේ මුඩිය ඇරගෙන කිරිටික බෙදාගෙන බීලා හිස් බෝතලේ ගෙනල්ලා අපි ඉන්න පැත්තට දැම්මානේ......!!!
මම ටිකක් බලාගෙන හිටියා... එතෙන්ට ආපු 95% පිරිස ඔය අද්දැකීමට මුණ දුන්නා. උන් එච්චරට සංවිධානාත්මකයි.
එහෙම බලද්දි අර නලිනි අක්කා කියන්නහේ අපෙන් වෙන්ඩැති වදුරෝ පරිණාමය වෙලා ඇත්තෙ.....!!!!
ඇත්තටම බුද්ධි හිතාගන්න බැරි මොළයක් උන්ට තියෙනවා. එදා මගෙ කිරි මුට්ටිය ඉස්සුවෙත් මම ඒක ඉස්සරහ දොරෙන් ගේ ඇතුලට අරගෙන එනවා දැකලා. ගේ වටෙන් කුස්සියෙ දොර ළඟට ඇවිල්ලා මම ඒක මේසෙ උඩ තියලා හැරෙනකොටම ඉස්සුවා.
Deleteරිලව්ගෙන් සහ වඳුරන්ගෙන් ඉගෙන ගන්න පාඩම් තියෙනවා වගේම සමහර වෙලාවට නම් උන්ට පාඩමක් උගන්වන කම් නින්ද නොයන වෙලාවලුත් තියෙනවා.කන්ඩලම හොටෙල් එකේදි අපේ හවස තේ වලට තිබ්බ බිස්කට්, පලතුරු විතරක් නෙවෙයි සීනි පැකට් ටිකත් උස්සන් ගියේ එක තත්පරෙන්. මන් බේර ගන්න ගිහින් තව පොඩ්ඩෙන් මාව කනවා. හොටෙල් එකේ බැල්කනියෙ වීදුරුවෙ හැම භාශාවකින්ම ලියලා තියෙනවා මොනාවත් එලියෙ තියන්න එපා කියලත්. රිලව් වගේ අපිත් උපදෙස් පිලි පදින්නෙ කෙල උනාට පස්සෙ නිසා තව පොඩ්ඩෙන් මගේ කැමරාවත් උස්සන් යනවා..
ReplyDeleteNO Entry for Monkeys කියලා ගහලා බලන්නෙයි කියහං භාෂා කීපයකින්.
Deletehenryblogwalker the Dude
රිලවෙක් දෙන්නෙක් මරලා වලිගෙන් එල්ලලා තියන්න හිතුනු වෙලාවල් නම් අනන්තයි මලේ. හබැයි ඒත් පාඩමක් ඉගෙන ගන්න ජාතියක් නම් නෙමෙයි, උං.
Deleteහෙන්රි මචං උන්ට තේරෙන එකම භාෂාව තමයි පොල්ලක් අරං දෙකක් දෙන එක. ඒ උනාට උන්ගෙ මූණ දිහා බලාගෙන ඉන්නකොට දුකත් හිතෙනවා.
සහතික ඇත්ත මටත් උන්ට ගහන්න හිතෙන්නෙ නෑ. මට නම් මතක් වෙන්නෙම කන්නාඩියෙන් බැලුවහම පේන මූනමයි තියෙන්නෙ.. ඉතින් කොහොමද හිතක් පපුවක් නැතුව අහක බලා ගෙන ගලකින් වත් ගහන්නෙ ? :-D
Deleteවෙනි මල්ලිට ඇත්තම ඇත්ත කියවෙන වෙලාවලුත් තියෙනවනේ ...!
Deleteහීනියට කොක්කකුත් ඇනල වගේ,,,
ReplyDeleteවදුරෝ කන්නාඩි වලට කැමතියි කියන්නෙ ඇත්තද???
වඳුරන්ට වාහනවල සයිඩ් කන්නාඩි පෙන්නන්න බෑ, කන්න හදනවා. ඒකෙ ඇතුලෙ පේන ප්‍රතිබිම්බය උන්ට තවත් තරඟ කාරයෙක් වගේ පේනවා ඇති.
Deleteඅපේ ගෙදර අවුරුදු 16ක් විතර ජීවත් උනා කලු වදුරෙක්, ඌව ගෙදරට ගේනකොට මට මතකයක් තිබුනේ නෑ, කොහෙද අතරමං උනු පැටියෙක්,අපේ ගෙදරට ගෙනත් දීලා,අපි වැඩෙනවා වගේම ඌත් අපේ පවුලේ සාමාජිකයෙක් වෙලා ජීවත් උනා, නිදැල්ලේ ජීවත් උනා වත්තෙන් එලියට කිසිදාක ගියේ නෑ, සීනි බනිස්,ජෑම් බනිස්,බිස්කට්,බත් එලවලු තමා කෑමට ආසා කලේ.
ReplyDeleteවඳුරෙක් හීලෑ උනහම ගෙදර සාමාජිකයෙක් වගේ වෙනවා. හැබැයි බැඳලා හදන සත්තු නිදහස් වුනහම ඉතාම ප්‍රචණ්ඩකාරී වෙන වෙලාවල් තියෙනවා.
Delete"රිලවා අහුවෙන ඕනෑම ජරාවක් කනවා. අනුන්ගෙ දේවල් කඩාවඩා ගැනීමේ මිනිස් පුරුද්ද වැඩියෙන්ම තියෙන්නෙත් රිලවටමයි."
ReplyDeleteමසුරන් වැකියක්..
ඒ පුරුදු දෙක අපිටත් ඒ විදිහටම තියෙනවා, ලංකා ...!
Deleteඋනහපුළුවා කියන්නේ වානරයෙක් කියලා දැන ගත්තේ මේ ලිපියෙන්. මන් හිතාගෙන හිටියේ ඌ වෙන සත්ව කොට්ටාශයක් කියලා. අනික මෙච්චර කල් හිතුවේ වඳුරෝ ශාක භක්ෂකයි කියලා.
ReplyDeleteතමන්ගේ මියගිය පෙම්වතියගේ මලසිරුර අරගෙන යන උමතු පෙම්වතෙක් පිළිඹඳ දෙමල චිත්‍රපටියක එක තැනක ඔය මැරුන පැටව් උස්සන් යන වඳුරෝ ගැන දානවා දැක්කා එක පාරක්. දෙකම එක විදිහේ මානසික තත්වයක් කියන්න වගේ
උනහපුලුවාත් සත්ව වර්ගීකරණයේදී ප්රයිමේටා ගෝත්‍රයට වැටිලා තියෙන්නේ.
Deleteඋන්ගෙ ආහාර පුරුද්ද විශේෂය අනුව වෙනස් වෙනවා. මාංශ භක්ෂක පුරුද්දත් අඩුවැඩි වෙනවා.
රිලව කිරි හටිටියත් අරන් ඉලිප්සාකාරව පාවෙලා ගියා කිව්වාම මට මැවිල පෙනුණ!!!
ReplyDeleteමට මතක් වුණේ අපි දවසක් දඹුලු ගලේ නගිනව... ඒ හරියෙ ඉන්න රිලා ගැන්සියෙ තරම අයිය දන්නව ඇතිනෙ...
මගින් ගත්ත දං ගොට්ටක් මගෙ අතේ තිබුණ... තාත්ත එපා කියද්දිත් මං ගැන්සියට දං ගෙඩි විසි කර කර ආවෙ... ඒ පාර මුන් රැලම මගෙ පස්සෙන් වැටිච්චි..
තව ටික දුරක් ඔහොම ගියා කියන්ඩකො... එක පාරටම පෙරේතකම ඉහ වහා ගිය රිලවෙක් මගෙ ඇඟට අත් තියල දංගොට්ට උදුරගන්ඩ හැදුව... මං එක පාරටම ඌට ගන්ඩ බැරිවෙන්ඩ දං ගොට්ට උඩට ඉස්සුව... මෙන්න මූ මගෙ ඇඟ දිගේ නැගල ඒක ගන්ඩ හදනව... මං කෑගහනව ... ඒ මදිවට ඌත් විරිත්ත විරිත්ත කෑ ගහනව.. මට තර්ජනය කරනව දං ගොට්ට දෙන්ඩ කියල... එක පාරටම තාත්ත මගෙ අතේ තිබුණු දං ගොට්ටට ගහල ඒක බිම දැම්මෙ නැත්තං ඌ මාව හපල හරි ඒක ගන්ඩයි ගියේ!!
හපෝ එදා ඉඳන් ආයේ කවමදාවත් මං නෙවෙයි ඔය කොහෙවත් යද්දි කෑම අතේ තියන් යන්නෙ...
නෑම නං කමක් නෑ .. ඇයි මුන් අනුරාධපුරේදි නෙළුම්මල් වට්ටි පිටිං හොරකං කරන්නෙ.....
නෑම නෙවෙයි අප්ප කෑම...
Deleteඋඹ ආයෙමත් නාගෙන ජනුවො. ඒ ගමන ආප්ප කෑමලු. ලුණුමිසිස් එක්ක ෂෝයි!
Deleteවන සත්තුන්ට ආහාරය කියන්නේ විශාල සම්පතක්. ලැබෙන හැම අවස්ථාවකදිම අවශ්‍ය ප්‍රමාණය උදුරලා හරි ගන්න උන් උත්සාහ කරන්නේ.
Deleteහෙන්රියාත් ඒ වගේ. ආප්පයි ලුණු මිරිසුයි දැක්කොත් උදුරගෙන හරි කනවා.
ලගදි කව්ද පව් කාරයෙක් වදුරෙක් හමගහලා පිහියක් අතේ රන්දලා ෆොටො ගහලා fb දාලා තිබ්බා දැක්කද
ReplyDeleteමනුස්සයෙක් හමගහලා වගේ
කව්රැහරි තූවාල කලොත් තූවාලය අල්ලල ලේ පෙන්නනවාකියන්නේ ඇත්තද
වඳුරු මස් වැද්දන්ගෙ රසවත්ම ආහාරයක් බව ස්පිට්ල් ගෙ පොත්වල ලියවිලා තියෙනවා. ගම්වලත් ඉන්නවා ඒ වගෙ වැද්දො එකෙක් දෙන්නෙක්.
Deleteලේ පෙන්නන කතාව මමත් අහලා තියෙනවා. ඒත් ඇත්ත නැත්ත හරියටම කියන්න බෑ. ඒක ඒ තරම් විස්වාස කරන්න පුලුවන් කතාවක් නෙමෙයි.
පුළුන් ගස් වල ගෙඩි හැදෙන කාලෙට වඳුරු මස් කනන් හොඳ නැහැ කියලා කතාවක් අහලා තියෙනවා. පුළුන් ගෙඩි කන්න වඳුරෝ හරි කැමතිලු ඒවා කාපු වඳුරන්ගේ මස් කෑවම මිනිස්සුන්ට ඉවසන්න බැරි බඩේ කැක්කුමක් හැදෙන නිසා
Deleteකුමනදි දවසක් මම මී පැණි කාලා මත් උනා. කල වැල් වල මල් පිපෙන කාලෙට පැණි කෑවහම මත් වෙනවා කියලා කොල්ලෝ කිව්වේ. මේකත් එහෙම කේස් එකක් වෙන්න පුලුවන්.
Deleteකැස්බෑ මස් විස වෙලා මිනිස්සු මැරිලා තියෙනවා. උන් කන ආහාරවල තියෙන විස නිසා එහෙම වෙනවා කියලා මම අහලා තියෙනවා.
සත්තුන්ගෙ මස් නොකා ඉන්න එක තමයි හොඳම දේ ..
වඳුරො එපා වෙන්නෙ ගහක ගෙඩියක් වත් හැදෙන්න දෙන්නැති වෙනකොට තමයි. අඹ ගැට පේර ගැටයක් වත් ගහක ඉතුරු කරන්නෑ. අනික වහලෙට පනිනවා උළු හැමදාම කුඩු වෙනවා. වහිනකොට ගෙවල් ඇතුලෙ වතුර දෝරෙ යනකොට වඳුරොන්ගෙ පරම්පරාවටම බනින්න හිතෙන්නෙ. රිලව් ගැන නම් කතා කරලා වැඩක් නෑ. කුස්සියෙ බත් මුට්ටිය පිටින් උස්සගෙන යන්නෙ. ඔබතුමා ගිරිතලේද. අපේ ගෙවලුත් ඒ පළාතෙම තමා.
ReplyDeleteසමහර පලාත්වල රිලව් මිනිස්සුන්ට පුදුම වදයක් දෙනවා. බදුල්ලෙ පැත්තෙ රිලව් දහස් ගනනක් අල්ලගෙන ඇවිත් මාදුරු ඔයට නිදහස් කළා පහුගිය කාලෙ.
Deleteමම වැඩ කරන්නෙ ගිරිතලේ වනජීවී පුහුණු කේන්ද්‍රයේ. කිට්ටුවක ඉන්නවනම් අපේ කෞතුකාගාරය බලන්න එන්න.
මමත් දවසක් මැනික් ගඟ අයිනේ රිලවෙක්ට විහිලුකෙරුවා, ඒ කරලා විනාඩි 5කින් විතර මූ මගේ ඔලුවට දිරච්ච අත්තක් කඩල දැම්මනේ,ඔලුව පැලිල ලේත් ගියා.
ReplyDeleteඋන් ඒ වගේ රිලා වැඩ කරනවා ..!
Deleteමිනිස්සුන්ට ගේම දෙන්න හැදිච්ච සත්තු ජාතියක් තමයි මුං.
ReplyDeleteඅපි උන්ට දීපු ගේමට රිටර්න් එක තමයි උන් අපිට දෙන්නේ, ප්‍රසන්න මලේ ...!
Delete//මානව ඉතිහාසෙ ඒ වගේ තියෙන දෙයක් කාලා, තමන්ගෙ පාඩුවෙ හිටපු ජන වර්ග බොහොමයක් මේ වෙනකොට අතුරුදහන් වෙලා. \\
ReplyDelete//අනුන්ගෙ දේවල් කඩාවඩාගන්න ගියෙ නැතත් අපේ දේවල් උදුර ගන්න එන එවුන්ට කන පැලෙන්න දෙකක් ගහන්න වත් අපි පුරුදු වෙන්න ඕනෑ කියලා මට හිතෙනවා.\\
අත් කඩාගෙන ටයිප් කලත්, කට කඩාගෙන කිව්වත් වැඩක් ඇතිය.......... වැඩේ වෙනකම් ම අමාරුව වැටහෙන එකක් නැහැ වගේ ....
ඇමෙරිකාවෙ රතු ඉන්දියන්කාරයන්ටයි, ඕස්ට්‍රේලියාවෙ ඇබොරිජීන්ලටයි වෙච්ච දේම කවදාහරි ලංකාවෙ සිංහලයන්ටත් වෙන්න බැරි නෑ, රන්දිල්.
Deleteඅහෝ එදාට මේ සිංහල භාෂාව මළ භාෂාවක් වේවි........ එතකොට මේ සිංහල බ්ලොග් මළ බ්ලොග් වේවි.............. සිංහලයා සියලු දේ අනිත්‍යයි කියලා හිත හදාගන්න දක්ෂ උදවිය බැවින් එතරම් අවුලක් නොවනු ඇත නේද?
Deleteමේ කමෙන්ට් එක නොදැක්කා වගේ ගියා එදා. මේ ගැන කතා කරලා, කල්පනා කරලා ඇති වෙලා තියෙන්නෙ......!
Deleteහැබැයි සිංහල භාෂාව මල භාෂාවක් උනත් මේ වෙද්දි සක්වල ජීවින් හොයාගෙන මානව ඉතිහාසයේ පළමු වතාවට අපේ සෞරග්‍රහ මණ්ඩලය තරණය කරගෙන යන වොයේජර් යානයේ දෙවෙනියට අන්තර්ගත වෙන්නෙ සිංහල භාෂාවලු. ඒක නිතර දෙවේලේ සිහි කරගෙන ඉන්න හින්දා මේ දවස් වල හීනෙන් බය වෙන්නෙ නෑ.
වොයේජර් යානවට ඉංග්‍රිසී වලින් පස්සෙ සිංහල ඇතුල් කරන්න ආකර්ෂණීය හේතු ගොඩක් තිබුනත්, කවදා හරි සක්වල ජීවින් කොටසක් අපේ බාසාව තේරුම් අරගෙන මොසාට්ගේ සංගීතෙ අහගෙන සාක්ෂියක් හැටියට වෝයෙජර් යානයේ රන්පතක කෑල්ලකුත් අරගෙන මුතු ඇටේට එද්දි මෙහේ මොනවයින් මොනවා වෙලා තියෙයිද කියලා උපකල්පනය කරද්දි සක්වල ජීවින් ගැන ඇතිවෙන්නෙ පුදුම අනුකම්පාවක්!
සුබවාදීව හිතමු සිංහල ජාතිය අඩුම තරමෙ පන්දහසක් කල් පවතිනවා කියලා ...!
Deleteපලමුවෙන්ම ඔබතුමාගේ වෙබ් අඩවිය ඉතා උනන්දුවෙන් කියවන්නකුලෙස මාගේ ස්තුතිය පිරිනැමීමට අවසර.
Deleteවොයෙජර් යානාවෙහි (Voyager) සිංහල බසින් කරන ලද වචනයක් ඇතුල්වීම පිලිබඳ වැරදි ආකල්පයක් අප සමාජයෙහි ඇති බව පෙනේ. ඇත්ත වශයෙන්ම සිංහල වචනය දෙවෙනියට ඇතුලත්වූයේ විශේෂ හේතුවක්නිසා නොව එය ලැබුන පිලිවෙල අනුවයි.
මෙම ලිපිය එහි පසුබිම පිලිබඳව රසවත් මෙන්ම නිවැරදි තොරතුරු ගෙන එයි:-
http://goo.gl/HPksG
ඔබතුමා දක්වපු ලිංක් එකේ නාලක ගුණවර්ධනගෙ ලිපිය කියෙව්වා. විශ්වයට සිංහලෙන් පණිවිඩයක් යවලා තියෙන බව අහලා තිබුණත් ඒකෙ නියම ස්වරූපය දැනගත්තේ අදයි. ලිංක් එක එව්වාට ස්තුතියි.
Deleteහරි අගනා ලිපියක් සහෝ..
ReplyDeleteමේ දවස්වල හරියට වඳුරන් පිලිබඳ කතා කියෙව්වා..:)
ස්තුතියි, හිරු ..!
Deleteරිලව් කියපු ගමන්ම මට මතක් වෙන්නේ ඉස්සර අපි ආසාවෙන් බලපු Temple Troops වැඩසටහන. බලන් ගියාම රිලවුන්ටත් මාර චර්යාවන්නේ තියෙන්නේ.. මම අදම තමා මේ විජිතය පැත්තට ගොඩවුනේ..
ReplyDeleteඒකේ රිලව් ගැන සම්පූර්ණ කතාවම තියෙනවා. ඒ රිසර්ච් එක තවම කෙරෙනවා.
Deleteආයෙත් මේ පැත්තට ඔරුව පැදගෙන එන්න ...!
තොටියට ටෙලිෆෝන් ටවර් එකක් හම්බ වුනාද, නැතිනම් තාම ගියේ නැත්ද? ගියා නම් කොහොමද පළාත?
Deletehenryblogwalker the Dude
කිරිවෙහෙරෙ රිලව් ටික මතක් උනා මට..
ReplyDeleteනියම පෝස්ට් එක......
ස්තුතියි, අබේ ...!
Deleteමේ ලඟදී BBC එකේ programme එකක් ගියා Planet Earth Live කියලා. එකේ ලංකාවේ රිලව් ගැනත් පෙන්නුවා...වැඩිපුර කියන්න උත්සාහ කලේ උන්ගේ ඊලඟ පරම්පරාවට තියන තර්ජන ගර්ජන ගැන...
ReplyDeleteක්ලිප් එකක් මෙතනින් බලන්න පුළුවන්
http://youtu.be/5LnHg7bu4Eo
රිලව් තර්ජනයට ලක්වූ සතෙක් හැටියට දැන් රතු දත්ත පොතට ඇතුල් වෙලා තියෙනවා.
Deleteලිංක් එකට ස්තුතියි ...!
වඳුරෝ එළවන්න කෙමක් කියලා මෙහෙම එකක් අහලා තියෙනවා මේකේ ඇත්ත නැත්ත ඔබ දන්නවද?
ReplyDeleteහොඳට කට දන කොච්චි මිරිස් එක්ක බත් අනලා දාලා තියනන් කන්න ඊට පස්සේ ඒ ලඟින් පොඩි පොලු කෑලි ටිකක් තියන්න. වඳුරෝ ඒවා කාලා දැවිල්ල වැඩි කමට අර පොලු වලින් උන්ටම ගහගන්නවලු. ඊට පස්සේ කාලයක් යනකම් ඒ පැත්තේ එන්නේ නැහැ කියනවා
ට්‍රයි කරලා බලන්න වටින කෙමක් ඒකනම් ... මම කලින් අහලා තිබුනේ නෑ ඒ ගැන.
Deleteමොන..? එහෙම කන්නේ නෑ සහෝදරයා. උන් ඇට්ටර වෙලා දැන්. රා බිව්වම නං පිස්සු කෙලිනවා.
Deleteඅපේ ප්රදේශයෙත් රිලව් 50 විතර රංචුවක් ඉන්නව. හරි කරදරේ තමයි ඉතින්.
ReplyDelete…මම කැමති විෂයයක් ගැන තියන බ්ලොග් එකකට සෙට් වෙන්න ලැබීම ගැන සතුටුයි.
රිලව් දැන් හැම තැනකම බෝ වී ගෙන යනවා. ඒකට එක හේතුවක් කුණු කසල.
Deleteස්තුතියි කොමෙන්ට් එකට ...!
මේ වනජීවී පාඩම් වලටනම් මම හරිම කැමතියි! සත්තු, කුරුල්ලො, ගස් වැල්, දිය ඇලි වගේම බලන්න යන්න වටින තැන් ගැන ලියවෙන්නෙ බොහොම අඩුවෙන්. ගොඩක් බ්ලොග් අතර කියවන්න වටින දෙයක් හම්බෙන්නෙ කලාතුරකින්..
ReplyDeleteඅදමයි මේ පැත්තෙ ආවෙ, දැන් ඉතින් දිගටම එනවා.. ජය!