මට සාමාන්‍යයෙන් මාසෙකට පෝස්ට් දෙකකට වඩා ලියාගන්න බෑ. ඉතින් මේ මාසෙ මැද ලියන්නෙ මොකද්ද කියලා හිත හිත ඉන්න කොට තමයි අපේ උරග හා උභය ජීවී විශේෂඥ, මෙන්ඩිස් වික්‍රමසිංහ මලයා ඇතුලු කණ්ඩායම අලුතින් පඳුරු මැඩි (Shrub Frogs) විශේෂ අටක් හොයාගෙන ප්‍රකාශයට පත් කරලා කියලා දැනගන්න ලැබුනේ. ඒ අට දෙනාත් එක්ක මේ වෙනකොට ලංකාවෙ වාර්තාවෙලා තියෙන උභය ජීවීන් ගේ මුලු සංඛ්‍යාව 120 ක් විතර වෙනවා.
තොරතුරු හොයලා බලනකොට උන් අට දෙනාම හොයාගෙන තියෙන්නේ අපේ රටේ වැඩිම ජෛවවිවිධත්වයක් තියෙන වනාන්තරය හැටියට සැලකෙන ශ්‍රි පාද අඩවියෙන්. ස්වභාව රක්ෂිතයක් හැටියට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙ කළමනාකරණය යටතෙ පවතින ශ්‍රි පාද අඩවියෙ පාරිසරික හා ඓයිතිහාසික වටිනාකම නිසාම, යුනෙස්කෝව විසින් ඒක මෑතකදි ලෝක උරුම භූමියක් හැටියට ප්‍රකාශයටත් පත් කළා. ශ්‍රී පාද අඩවිය සිංහරාජයටත් වැඩිය ජෛව විවිධත්වයෙන් අනූනයි කියලා තමයි සැලකෙන්නේ.
ඉතින් මෙන්ඩිස් මලයා ඇතුළු පර්යේෂණ කණ්ඩායම (දුලාන් රංග විදානපතිරණ, ගිහාන් රජීව්, චතුරංග ආරියරත්න, අමිල චානක, දර්ශණ ප්‍රියන්ත, ඉමේශ් නුවන් බන්ඩාර සහ මෙන්ඩිස් මලයගෙ සහකාරිය නෙතු වික්‍රමසිංහ) 2009 - 10 අවුරුදු දෙකක් තිස්සෙ ශ්‍රී පාද කන්ද පුරාම ගිරි හෙල් කඳුරු, ගස් ගල් පඳුරු පීරලා තමයි මේ අලුත් පඳුරුමැඩියො ටික හොයාගෙන තියෙන්නෙ. උන්ගෙ ආදර්ශ (Specimens) එකතු කරගෙන ඇවිත් කායික ලක්ෂණ අධ්‍යයනය කරලා, කොලඹ සහ එංගලන්තයේ ස්වාභාවික විද්‍යා කෞතුකාගාරවල (Natural History Museum repositories) තියෙන සත්ව ආදර්ශ එකතු එක්ක සංසන්දනය කරලා තමයි, කලින් වාර්තා නොවුනු අලුත් විශේෂයන් ද කියලා තහවුරු කරගෙන තියෙන්නෙ.
එහෙම තහවුරු කරගත්තට පස්සෙ තමයි සම්පූර්ණ විස්තර ඇතුලත් පර්යේෂණ වාර්තාවක් සකස් කරලා ප්‍රකාශයට පත් කරන්නෙ. මෙන්ඩිස් මලයා ඇතුලු කණ්ඩායම හොයාගත්තු පඳුරු මැඩියො අට දෙනා පිළිබඳ පර්යේෂණ වාර්තාව ප්‍රකාශයට පත් කරලා තියෙන්නෙ Journal of Threatened Taxa ජර්නලයෙ.
ඉතින් මෙන්ඩිස් මලයලා හොයා ගත්ත මැඩියො අට දෙනාගෙන්, හත් දෙනෙක්ම නම් කරලා තියෙන්නෙ අපේ රටේ ස්වභාව සම්පත් සංරක්ෂණය සඳහා අමිල සේවාවන් කරපු හය දෙනෙක් සහ වීර පුරන් අප්පු නමින්.
2. දයාවංශගේ පඳුරු මැඩියා - (Dayawansa's Shrub Frog - Pseudophilautus dayawansai) ආචාර්ය නිහාල් දයාවංශ කොලඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරයෙක්. උභය ජීවීන් පිළිබඳව බොහෝ පර්යේෂණ කර ඇති ඔහු කලකට පෙර (1994) ආචාර්ය පෘතුවිරාජ් සමග අලුත් ගෙඹි විශේෂයක් හොයා ගන්න දායක වුනා (Kotagama's Dwarf Toad - Duttaphrynus kotagamai)
3. ජගත් ගුණවර්ධනගේ පඳුරු මැඩියා - (Jagath Gunawardana's Shrub Frog - Pseudophilautus jagathgunawardanai) දිවයිනේ ප්‍රකට පරිසර නීති විශාරදයෙක් වන නීතිඥ ජගත් ගුණවර්ධනයන්, දශක දෙකක් තිස්සේ වනජීවී සංරක්ෂණ කටයුතු සඳහා දෙපාර්තමේන්තුවට සහාය දෙනවා. දක්ෂ වනජීවී චිත්‍ර ශිල්පියෙක් ද වන ඔහුගෙන් තරුණ පරිසරවේදීන් රැසක් මගපෙන්වීම ලබනවා.
4. කරුණාරත්නගේ පඳුරු මැඩියා - (Karunaratna's Shrub Frog - Pseudophilautus karunarathnai) වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දශක තුනක් සේවය කර විශ්‍රාම ලැබූ සහකාර අධ්‍යක්ෂකවරයෙකු වන වයි. ජී. පී. කරුණාරත්න (ලිංකුව බලන්න) ඉතාම අවංක සේවයක් කළ දක්ෂ නිලධාරියෙක් වුනා.
5. නිව්ටන් ජයවර්ධනගේ පඳුරු මැඩියා - (Niwton Jayawardane's Shrub Frog - Pseudophilautus newtonjayawardanei) ශල්‍ය වෛද්‍යවරයෙකු වන නිව්ටන් ජයවර්ධන, ප්‍රකට පරිසරවේදියෙකුද වෙනවා.
7. සිරිල් විජේසුන්දරගේ පඳුරු මැඩියා - ( Siril Wijesundara's Shrub Frog) - Pseudophilautus sirilwijesundarai) ප්‍රකට උද්භිද විද්‍යාඥයෙක් වන ආචාර්ය සිරිල් විජේසුන්දර වර්තමානයේ පේරාදෙනිය රාජකීය උද්භිද උද්‍යානයේ අධ්යක්ෂවරයා ද වෙනවා.
අන්තිම ගෙම්බා නම් කරලා තියෙන්නෙ කාගෙ නමින්ද කියලා දන්නවද .... ? බාගෙට පිස්සු බ්ලොග්කාරයෙක්ගෙ නමින් ....!
ඉතින් මෙන්ඩිස් මලයා ඇතුළු කණ්ඩායමේ මේ නව සොයා ගැනීම්වලින් අපට ලැබෙන පණිවිඩය තමයි ශ්‍රී පාද අඩවිය කියන්නෙ උභයජීවී
![]() |
මෙන්ඩිස්, නෙතු යුවල සහ කොලු පැටව් දෙන්නා |
උණුසුම් ස්ථානයක් (Amphibian Hotspot - උභයජීවී විවිධත්වයෙන් අනූන, එහෙත් තර්ජනයට ලක් වූ ස්ථානයක්) කියන එක. අතිශය දුෂ්කර පාරිසරික තත්වයන් නිසා එහි ප්‍රමාණවත් තරම් පර්යේෂණ කෙරිලා නෑ. අපිට මෙතෙක් අනාවරණය කරගන්න බැරි වූ තවත් බොහෝ වනජීවී සම්පත් රැසක් එහි ඇති.
ඉතින් මේ වගෙ තොරතුරු වඩාත් වැදගත් වෙන්නෙ ශ්‍රී පාදස්ථාන පුද බිමේ හෙලිකොප්ටර් අංගන, කේබල් කාර් මාර්ග හදන්න කැස කවන අම්බරුවන්ට. ඒත් ඉතිං මේවා තේරුම් ගන්න උං ඉස්කෝලෙ ගිහිල්ලා තියෙනවද කියලා සැකයි ...!
8 weni mediyaa anith unta wadaa mahathaydha mandhaa ?
ReplyDeletethen this is a happy news dear, congratulations for tremendous effort all had done for this discovery !
ගෙම්බට උනත් ගැලපෙන නමක් දාන්න ඕනනේ මලේ.
Deleteඇත්තටම මේ වගෙ අති දුෂ්කර පර්යේෂණවල යෙදෙන්න තමන්ගෙ තරුණ ජීවිත වැය කරන කොල්ලන්ට අපි හැමෝගෙන ගෞරවය ලැබෙන්න ඕනෑ.
අයියලා කරන සේවයට මෙහෙමවත් ඇගයීමක් ලැබෙන එක අහන්න සතුටුයි අයියෙ ඇත්තටම...පර්යේෂණ වලට තමන්ගෙ මුළු තරුණ කාලෙම කැප කරලා මෙහෙම ක්ෂේත්රයට සේවයක් කරන හැමෝටම අපේ ගෞරවය හිමි වෙන්න ඕනි අනිවාර්යෙන්ම..
Deletehttp://www.divaina.com/2013/03/19/feature03.html
Deleteලිංකුව දුන්නාට ස්තුතියි ඇනෝ ....
Deletehttp://threatenedtaxa.org/ZooPrintJournal/2013/March/o309913iii133789-3920.pdf
Deleteහැ, අන්තිම ගෙම්බ එහෙම නම්කරැයි? හැබැයි පොටෝ එකේ හැටියට නම් අහිංසකයෙක් වගේ.(ගෙම්බ ඇ)
ReplyDeleteඅර අන්තිමට කිව්ව කතාව නම් ගොඩක්ම වටිනව.
තවත් පුරශ්නයක් තියනවනොවැ, අර පුරන් අප්පු ගැන කිව්ව කතාව.
පුරන් අප්පු ගැන එහෙම දෙයක් මීට කලින් මං අහල නෑ. ලියන්න බෑද බ්ලොග් එකේ ඒ ගැන ටිකක්.
මොරටුවෙ ඉපදුනු පුරන් අප්පු, පස්සෙ කසාද බැන්දෙ මහනුවරින්ලු . ගොංගාලේගොඩ බණ්ඩත් එක්ක මාතලේ කැරැල්ලට නායකත්වය දීලා, 1848 දි සුද්දො වෙඩි තියලා මැරුවලු. මමත් වැඩි විස්තරයක් දන්නෙ නෑ මලේ. හොයලා බලන්න ඕන චරිතයක්.
Delete@ desh දේශ්, ගාමිණී විජිත් සමරකෝන්
Deleteගාමිණී අයියගේ කතාවට තව පොඩ්ඩක් එකතු කළොත් 1840 දශකයේ ටොරිංටන් සාමිවරයගේ අධික බදු ප්‍රතිපත්තිය ආසන්නතව හේතුව කරගෙන තමා මාතලේ ප්‍රදේශය මුල් කරගෙන කැරැල්ල ඇතිවෙන්නේ. මේකට මුලිකත්වය ගන්න ගොංගාලේගොඩ බණ්ඩා පෑලියගොඩ, පුරන් අප්පු මොරටුවේ, අනික් කෙනා හඟුරන්කෙත ඩිංගිරාළ.
දඹුල්ලේ රාජ මහා විහාරයේදී ගොංගාලේගොඩබණ්ඩා ශ්‍රී වික්‍රම සිද්ධපති [මට මතක විදිහට] නමින් අභිෂේක කරවන්න කුඩාපොළ හාමුදුරුවෝ ඇතුලු පිරිස කටයුතු කරනවා. පුරන් අප්පු සහ ඩිංගිරාළ උපරාජයන් විදිහට පත් කෙරෙනවා.
ඒත් ඉංග්‍රීසි ප්‍රහාර හමුවේ ගොංගාලේගොඩ බණ්ඩා පලායාමත් එක්ක කැරැල්ලේ නායකත්වය ලැබෙන්න පුරන් අප්පුට. මිනිස්සු එයාව තමන්ගේ රජතුමා විදිහටත් පිළිගන්නවා.
කොහොම නමුත් කැරැල්ලේ තිබුණු සංවිධානාත්මක බවේ දුර්වලතා වගේම ඉංග්‍රීසීන්ගේ මර්දනකාරී ප්‍රතිපත්ති නිසා කැරැල්ල බිඳ වැටෙනවා. පුරන් අප්පුට වෙඩි තබලා මරා දානවා. කුඩාපොළ හාමුදුරුවන්ටත් වෙඩි තබා මරා දැමෙනවා.
කැරැල්ල ගැන සොයන්න පත් කරපු කමිටුවෙන් ටොරිංටන් වැරදිකාරයා වෙනවා අධික බදු ගැනීම වගේම භික්ෂුවක් මරාදැමීමට එරෙහිව ඔහුට චෝදනා එල්ල වෙනවා. මේ නිසා එයාව ආපහු කැඳවනවා. ඒ වගේමයි බදු අඩු කරන්න ඉංග්‍රීසී පාලන්ය කටයුතු කරනවා.
තොරතුරු ටික දුන්නාට බොහෝම පිං, මලේ. පෝස්ට් එක බලන හැමෝටම ප්‍රයෝජනවත් වෙයි. නෙට් එකෙන් බලලා ඇහිඳගත්තු තොරතුරු ටිකක් විතරයි මමත් දැනගෙන හිටියේ.
Delete@Hasitha
Deleteස්තුතියි මේ විස්තරේට :)
මට පේන්නෙ දේශ් අහන්නෙ මේ ගෙම්බගෙයි පුරන් අප්පුගෙයි තියෙන සම්බන්ධය මොකක්ද කියලා වෙන්න ඕනෙ. එහෙම නෙවෙයිද දේශ්?
Deleteනියමයි ගාමිණී අයියා... මගේ සුභ පැතුම්.!!!!!
ReplyDeleteවටින මිනිස්සුන්ගෙ වටිනාමක අගය කරන මිනිස්සු තාමත් ලංකාවෙ ඉන්න එක ගැන සතුටුයි. මොකද ගාමිණී අයියා ඇතුලු පිරිසගෙ නම් වෙනුවට, කොහෙවත් නැති දේශපාලන ගෙම්බෝ ටිකකගෙ නම් ඔතනට ලේසියෙන්ම රිංගන්න තිබුන නිසා.
( පුරං අප්පුගෙ වටිනාකම අවත්ක්සේරු කරනවා නෙවේ. ඒත් පරිසරවේදියො අතරට පුරං අප්පුගෙ නම ඇතුලත් වීම ටිකක් නොගැලපෙනවා නේද??)
ස්තුතියි මලේ ...!
Deleteසත්තුන්ගෙ වටිනාකමක් දේශපාලුවන්ට නොතේරෙන නිසා තවම උංගෙ නම් දාගන්න පොරකන්නෙ නෑ. හැබැයි ඉතිං අලුතෙන් සුනඛ පවුලෙ සත්ව විශේෂයක් හොයා ගත්තු වෙලාවක සලකා බලන්න පුලුවන් නේද ..?
පුරං අප්පු තෝරා ගැනීම පර්යේෂණයට සහභාගිවුනු හැමෝගෙම සාමූහික තීරණයක් වෙන්න ඕනෑ මලේ. කොණ්ඩෙයි රැවුලයි වවලා ඉන්න සද්දන්ත මෙන්ඩිස් මලයා දැක්කහම නම් මට මතක් වෙන්නෙම පුරං අප්පු.
>>කොණ්ඩෙයි රැවුලයි වවලා ඉන්න සද්දන්ත මෙන්ඩිස් මලයා දැක්කහම නම් මට මතක් වෙන්නෙම පුරං අප්පු.<<
Deleteමෙන්ඩිස් මලයා දැක්කම මට මතක් වෙන එක නොකියා ඉන්නං මචං, මොකද උඹෙත් යාලුවා වෙච්චි, යම් දවසක මට මූණට මුලිච්චි වෙන්න තියෙන අවස්ථාව වැඩි නිසා.
මෙන්ඩිස් මලයා, විහිළු හොඳේ!
ඒක නෙවෙයි මචං. ඔය ජෝඩුවම කැලේ රිංගගෙන අවුරුදු ගනන් ඉන්නකොට අර දරුවොදෙන්න කොහෙද බං ඉන්නෙ?
උං දෙන්නා මහ එකාට එහා මචං ... දවසක් මෙන්ඩිස් මලයා ගිරිතලේ දි අපේ කස්ටියට වැඩමුළුවක් කරන අතරේ, නෙතු නගා කොල්ලො දෙන්නට අපේ ශ්‍රවණාගාරය ඉස්සරහ වත්තේ නටන්න ඇරලා පැත්තකට වෙලා බලා හිටියා. අම්මා එක මොහොතකට අහක බලාපු ගමන් 'ජබොහ්' ගාලා සද්දයක් ඇහිලා. බලනකොට පොඩි එකා පොකුණට පැනලා පීනනවලු.
Delete//සත්තුන්ගෙ වටිනාකමක් දේශපාලුවන්ට නොතේරෙන නිසා තවම උංගෙ නම් දාගන්න පොරකන්නෙ නෑ.//
Deleteසතුන්ගෙ නම් වලට කෙසේ වෙතත් මල් (උඩවැඩියා) වගයකට, ලොක්කගෙ නම දැම්මා වගේ මතකයි. කියන්න බෑනෙ, ලොක්කගෙ වැඩ අනුකරණය කරන එකනෙ පොඩි උන්ගෙ ට්‍රෙන්ඩ් එක.... :D :D
ගෙම්බෙකුට එහෙම නම දැම්මනම්, දාපු එකා ඉවරයි..
Deleteගාමිණී අය්යටයි, සමරකෝන් මැඩියාටයි මගේ සුභ පැතුම්.
ReplyDeleteගාමිණි අයියේ, මුන් ගේ විශේෂත්වය මොනවද කියලා පැහැදිලි කරලා දෙන්න පුලුවන්නම් හුඟක් වටිනවා. වෙනම පොස්ට් එකක් උනොත් ගොඩක් හොඳයි කියල හිතෙන්නේ. මම ඇනයක් ද?
තවත් දෙයක්, ඔයා කියලා තියෙනවනේ මෙහෙම
// ඒ අට දෙනාත් එක්ක මේ වෙනකොට ලංකාවෙ වාර්තාවෙලා තියෙන උභය ජීවීන් ගේ මුලු සංඛ්‍යාව 120 ක් විතර වෙනවා.//
මමත් මිට අමතර තව උභය ජීවීන් වර්ගයක් හොයාගෙන තියෙන්නේ.. මගේ ඊළඟ පොස්ට් එක නොවරදවා කියවන්න මේ ගැන තමයි දාන්න ඉන්නේ. ඔන්න අයියේ මුන් ටිකත් ඔය ලිස්ට් එකට දාන්න උදවුවක් ඕනේ.
ස්තුතියි මලේ ...!
Deleteස්වාභාවික පද්ධතියක උභය ජීවීන් හැටියට උන්ගෙන් කෙරෙන කාර්යයට අමතරව මලේ මේ වගෙ විද්‍යාත්මක තොරතුරුවලින් ශ්‍රී පාද වනාන්තරයට විශාල වටිනාකමක් එකතු වෙනවා. ලංකාවෙ ප්‍රධානම ගංගා කීපයකම මූලාශ්‍ර පවතින ඒ වනාන්තරය ආරක්ෂා කරගන්න ඒ වටිනාකම් ඉවහල් වෙනවා. හැබැයි ඉතින් ඒ වටිනාකම් පෙනි පෙනී, ඉස්කෝලෙ ගිය නැති එවුං වගේ තීන්දු තීරණ ගන්නවානම්, ඒ ගෙම්බන්ගෙන් ඇති වැඩක් නෑ.
මල්ලිගෙ අලුත් උභය ජීවීන් ටික ඉක්මනට බලමු.
මේ වගේ කැපවීම් කරන මිනිස්සු ලංකාවෙ තවමත් ඉන්න හින්ද තමයි මේ තරංවත් සත්තු ටිකක් මේ රටේ ඉතුරු වෙලා ඉන්නෙ. මේ වගේ පරිසරයක් විනාශ කරන මිනිස්සු මොන අපායක ඉපදෙයිද කියන්න බෑ.
ReplyDeleteඅර අටවෙනි ගෙම්බ හරි ලස්සනයිනෙ. සුබ පැතුම් !
ස්තුතියි මලේ ...!
Deleteඒ කොල්ලො දුක් මහන්සි වෙලා හොයලා දෙන ඒ විද්‍යාත්මක තොරතුරුවලට නියම වටිනාකම දීලා, නිවැරදි ප්‍රතිපතිමය තීරණ ගන්නත් ඕනෑ මලේ. අදාල බලධාරීන්ට ඒ විඥාණය පහල වේවා කියලා පතමු ..!
අයියේ අර ගෙම්බා පවු
ReplyDeleteමටත් දුකේ බෑ, මලේ ...!
Deleteගෙම්බා ගැන අනිත් උන් ලස්සන ලස්සන දේවල් කියලා තියෙන්නෙ. ඌ නම් මචං උඹව පතාගෙනම ආපු ගෙම්බෙක්ද කොහෙද? බලාපං මූණුවරම වුනත්! ගෙදර කවුරුවත් ඉරිසියාකරන්නෙ හෙම නැද්ද බං?
ReplyDeleteබලාපංකො ඉතිං ඒකෙත් හැටි කියන්නෙ. ගමේ දරුවෙකුට හෙම උඹේ නම දැම්මා නම් ජූලි හතයි. නඩත්තු කේස් දාහතරයි! හැබැයි සිරීපාද අඩවියේ ගෙම්බෙකුට උඹේ නම දැම්මාම කවුරුත් ආඩම්බර වෙන හැටි!
ඒ කණ්ඩායම කරපු කැපවීමට අපි හැමදෙනාගෙම ප්‍රණාමය හිමිවෙනවා, මචං. ඒ වගේම අපේ උණුසුම් සුභ පැතුම් උඹටයි ගෙම්බටයි දෙනනටම.
හෙන්රි ගෙ මුල් වාක්‍ය ටික කියවලා හිනා ගිහින් පන යන්ඩ ආවා..යකඩො අපිව ඔෆිස් එකෙනුත් එලවයි..
Deleteඉතින් හෙන්රි අයියෙ උණුසුම් සුබ පැතුම් කිය කියා ඉන්නෙ ඔය අහලා පහල ඉන්න ගෙම්බෙක්ව හොයලා අල්ලා ගෙන hug and kiss එකක් වත් දීලා ප්‍රීතිය පල කලේ නැද්ද ? :-D
උඹට හම්බවෙයි ලබන නිවාඩුවට, බලාගෙන හිටපං. :O
Deleteසිරාවටම කිව්වොත් මෙහෙ ගෙම්බෝ නෑ මචං. සර්පයොත් නෑ. එකක එක ඇහැටුල්ලා වගේ සර්පයෙක් ඉන්නවා grass snake හරි garden snake හරි කියලා හඳුන්වන.
ස්තුතියි හෙන්රියා මචෝ ...!
Deleteනම දැම්මෙ ගෙම්බෙකුට හන්දාම බේරුනා මචං ... බැරිවෙලාවත් වඳුරු පැටියෙකුටවත් දාලා තිබුනනං බලාගන්න තිබුනා චීනපටස්, නිලාකූරු, අහස් කූරු සේරම ..
මාල දිවයින වගේ මුහුදෙන් මතුවුණු පුංචි දිවයින් රටවල්වල පරිසර විවිධත්වය අඩු නිසා සත්තුන්ගෙ විවිධත්වයත් හුඟක් අඩුයි. අපේ රට වගේ ප්‍රධාන ගොඩ බිමකින් කැඩිලා වෙන්වුනු, පරිසර විවිධත්වය වැඩි, නිවර්තන කලාපයෙ දිවයින්වල ඉහල ජෛව විවිධත්වයක් තියෙනවා. භූමියෙ ප්‍රමාණයත් ඒකට බලපානවා.
//උණුසුම් ස්ථානයක් (Amphibian Hotspot// උණුසුම් ස්ථානයක් කියනවට වඩා සරු ස්ථානයක් කිව්වොත් නරකද ?
ReplyDeleteදැන් අර ගෙම්බෝ ටික කතා වෙනවා ඇති පුරන් අප්පු තමයි වැඩ කාරය, සමරකෝන් තමයි වැඩ කාරය කියලා. :D
'biodiversity hotspot' කියන වචනය කෙලින්ම සිංහලට පෙරළලා තමයි මලේ 'උණුසුම් ස්ථානය' කියලා පාවිච්චි වෙන්නේ. සරු බවට අමතරව 'තර්ජනයට ලක්වූ' කියන අර්ථයත් ඒකේ තියෙන්න ඕනෑ. ඒකට වඩා හොඳ වචනයක් හැදෙන්න ඕනෑ කියලා මටත් හිතෙනවා.
Deleteඑහෙමද, නැත්නම් මම ශ්‍රී පාදෙ පැත්තෙ එනකම් බලාගෙන ඉන්නවද දන්නෙත් නෑ, වටවෙලා නෙලන්න..
>>The world's most remarkable places are also the most threatened. These are the Hotspots: the richest and most threatened reservoirs of plant and animal life on Earth.<<
Deletehttp://www.conservation.org/where/priority_areas/hotspots/Pages/hotspots_main.aspx
Thanks for the link machang ..
Deleteඑහෙනම් ගෙම්බෙක්ගේ ගාණට වැටුනා නේද :P
ReplyDeleteසුභ පැතුම් සුභ පැතුම්
ගෙම්බෙක්ගෙ ගාණට උඩගියා වගේ මට දැනෙන්නේ මලේ ...
Deleteස්තුතියි සුබ පැතුමට ..!
ඇත්තෙන්ම අපි ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනෙ ඒ පර්යේෂකයන්ට... ඒ වගේම අපි ප්‍රාර්ථනා කරන්න ඕනෙ ඒ අයට තව තවත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල... ගාමිණී මහත්මාගේ නමත් තව දශක ගණනාවක්ම මිනිස්සු අතර කියැවේවි... ඒ පර්යේෂණය කරපු අය ගොඩක් සාධාරණ විදිහට සුදුසු අයගේ නම් එම සතුන් නම් කිරීමේ දී යොදාගෙන තියෙනවා... ගාමිණී අයියගෙ නම දාපු එකෙන් ඒක පැහැදිලියි... මාසයකට පෝස්ට් 3-4ක් වත් ලියන්න පුළුවන් නම් ලොකු දෙයක්... මොකද අපේ ජීවිතේ හරි කෙටියිනෙ ගාමිණී අයියෙ :)
ReplyDeleteසුභ පැතුම්
ස්තුතියි මලේ ..!
Deleteලියන්න නම් ආසයි මලේ.. ඒ උනාට මගෙ ජීවිතේ ගෙවෙන්නෙ මහපාරට. ගියමාසෙ ගිරිතලේ ඉඳලා කොළඹට තුන් පාරකුයි, මුලතිවු, මඩකලපුවට, ඇලහැරට, දිඹුලාගලට, යන්නවුනා. මේ මාසෙ අම්පාරට, කොළඹට ගියා. හෙට වවුනියා ගිහින් ඇවිත් ලබන සඳුදා ආයෙත් කොළඹ යනවා, ඒ ගිහින් ඇවිත් දැයට කිරුළෙ වැඩට ආපහු අම්පාරෙ යන්න ඕනෑ.
ගෙම්බන්ගේ මූණ ටික බලලා හරියටම ගැලපෙන්නද නම් දාලා තියෙන්නේ.. අන්තිම ගෙබ්බා නම් එහෙමයි වගේ... හි හි...
ReplyDeleteමට මතක් උනේ වෙන දෙයක්... දැං ඔය ඉස්කෝල වල ගෙම්බෝ කපනවනේ සයන්ස් කරන අය... කොහොමද ඔය සර්නේම් එකක් තියෙන කෙනෙක්ට ඒ ජාතියේ ගෙම්බෙක් අහු උනොත්....
2 වෙනියයි 3 වෙනියයි ටිකක් එක වගේ නේ...
ඇතත්ටම ලොකු ගෞරවයක්නේ අයියට හම්බුවෙලා තියෙන්නේ.. බොහොම සන්තෝසයි...
//ශ්‍රී පාදස්ථාන පුද බිමේ හෙලිකොප්ටර් අංගන, කේබල් කාර් මාර්ග හදන්න කැස කවන අම්බරුවන්ට. ඒත් ඉතිං මේවා තේරුම් ගන්න උං ඉස්කෝලෙ ගිහිල්ලා තියෙනවද කියලා සැකයි ...!///
ඒ ගැන ඉතිං කවර කතාද.. හි හි
ගෙම්බා දැනගත්තොත් උගෙ මූණ මගෙ වගේ කියලා ඌ ප්ලාස්ටික් සර්ජරියක්වත් කරගෙන මූණ වෙනස් කරගනියි නගේ.. සමරකෝන් කෙනෙකුට සමරකෝන් ගෙම්බෙක් මුණගැහුනොත් නම් උගේ බඩ පලන එකක් නෑ.
Deleteබාහිර පෙනුමෙන් එකවගේ උනාට ඒ ගෙම්බන්ගෙ කායික ලක්ෂණවල පැහැදිලි වෙනස්කම් තියෙනවා නගේ. ඒ වෙනස්කම් අදාල පර්යේෂණ වාර්තාවෙ රූප සටහන් එක්කම සවිස්තරව දක්වලා තියෙනවා.
ආරංචි වෙලාමයි ආවේ සමරකෝන් ගෙම්බා බලන්ට.. හැබෑමයි අයියගේ කපාපු පලුව... හෙනං ඉතිං ඒ වැඩේ කොරගත්ත අපේ ජෛව පරිසරයට ආදරය කරන ඇත්තන්ට බොක්කෙන්ම ප්‍රණාමය පුද කරන ගමන්, අර ගාමිණි ගෙම්බටත් වැඩි ඩැඩියෙන් සමරකෝන් පැටව් බෝ කරල ලංකාව එකම ගාමිනි ගෙම්බො ගොඩක් බවට පත් කරල හරි පරිසරයට ආදරය කරන ගෙම්බෝ ප්‍රමාණය මේ ලිංමැඩියන්ට වඩා වැඩි කරගන්න හැකි වෙන්නෙයි කියල පතනවා.
ReplyDeleteමීට දේශක ගෙම්බා
මේක සමහරවිට එදා මෙදා තුර දේශක ගෙම්බා ලියපු හොඳම ප්‍රතිචාරය වෙන්න පුලුවන්. කොච්චර හොඳද කිව්වොත් මුගේ fake profile එකක්ද කියලත් සැකයි මේක. :D
Deleteස්තුතියි දේශක මලේ ..!
Deleteහෙන්රියා කියන කතා ගණං ගන්න එපා මලේ .. ඕකා ඉස්කෝලෙ යන කාලෙත් ඔහොම්මමයි ..
මාත් මීට පස්සේ කියන්නේ දේශක ගෙම්බා කියලා... හි හි
Delete+++++++++++දේශක ගෙම්බා
Deleteපව්ව්ව් ... මෙයාලා ...!
Deleteනියමා...යි.
ReplyDeleteගෙම්බයි මාමායි දෙන්නම එක වගේද මන්දා ටිකක් :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
කට ... කට ...! ගෙදර කස්ටියට ඇහෙන්න කට කැඩිච්ච කතා කියන්න එපා කොල්ලෝ ...
Deleteඑසේම වේවා ... ඒවාම ලැබේවා...!
මෙන්ඩියාගේ ඔය Paper එක ගැන වැඩියෙන්ම සන්තෝස වෙන කෙනෙක් මම. මෙන්ඩියාව ලියන්න පුරුදු කෙරීම ගැන වෙනමම පොස්ටි එකක් අය්යට ලියන්න පුළුවන් වෙයි. හම්බවුනාම කියන්නනම්....
ReplyDeleteභාතිය මලේ ...! කාලෙකින් අපි මුණ ගැහුනේ නෑ, පරණ කතන්දර කියන්න ...
Deleteසංතෝසයි ගාමිණී අයියා... අහිංසකම මූණ තියෙන ගෙම්බට තමයි ඔයාගෙ නම දාල තියෙන්නෙ :D
ReplyDeleteඔව් මලේ, මටත් හරි ආදරේ හිතුනා උගෙ මූණ දැක්කහම ...
Deleteඅන්තිමට කියල තියෙන දේ, අනේ ඉතින් කියලා වැඩක් නැහැ. ස්වභාවධර්මයෙන්ම විය යුතු දේ වෙයි.
ReplyDeleteඒ පර්යේෂකයින් ගැනත් හොඳ කතා ඇති. ගොඩ දෙනෙක් කියල තියෙනවා වගේ 8 වැනියාගේ නම් සමාන පෙනුමක් තියෙනවා. :)
සංසාරෙ පතාගෙන ආපු හැටි නේ මලේ ...!
Deleteඋසස්පෙලට බයෝ කරපු මගේ යාළුවෝ ගිය සත්ව විද්‍යා ටියුෂන් පන්තියක ගුරුවරයා විෂය නිර්දේශයේ එක ප්‍රධාන කොටසක් වෙන ගෙම්බා ගැන උගන්වන්න පටන් ගෙන මෙහෙම කිව්වලු.
ReplyDeleteහා, අද අපි ගෙම්බා ගැනයි කතාකරන්නේ.. හැමෝම මේ පැත්ත බලන්න!
මේ පදුරු ගෙම්බන් සැට් එකෙන් සමරකෝන් ගෙම්බා තමයි හැන්ඩියා.
නැතුව ... නැතුව මලේ ...!
Deleteමලේ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! :D
Deleteඅවුරුදු ගානක මහන්සියේ ප්‍රතිඵල. ඇත්තටම ඉතින් හොයා නොගත්ත මේ වගේ සත්තු තව කොච්චර ඉන්නවා ඇතිද.
ReplyDeleteසමරකෝන් ගෙම්බා වෙනුවෙන් සුබ පැතුම් :)
ගෙම්බයි මැඩියයි කියන්නේ එකම සතාටමද?
ගෙම්බා (Frog) සහ මැඩියා (Toad) ගෙ වෙනස්කම් කෙටියෙන් කිව්වොත්,
Deleteගෙම්බා - වැඩිපුර ජලයේ ජීවත් වෙන, ඇස් ඉදිරියට නෙරා ගිය, ශක්තිමත්, දිගු, බැඳිපටල සහිත පිහිනීමට උපකාරවන පසුපස ගාත්රා ඇති, සිනිඳු සමක් ඇති, බිත්තර කැදලි ලන සතෙක්.
මැඩියා - වැඩිපුර ගොඩබිම ගත කරන, බතල පෙනුමක් ඇති, පනිනවාට වඩා ඇවිදීමට උපකාරවන කෙටි පසුපස පාද ඇති, වියලි සමක් ඇති, ඇස් පිටුපස විෂ ග්‍රන්ථි පිහිටා
ඇති, දිගු බිත්තර වැල් ලන සතෙක්.
සුබ පැතුමට ස්තුතියි දරුවෝ ..
බොහෝම ස්තුතියි මේ පැහැදිලි කිරීමට. සති දෙකකට උඩදී Frog & Toad ගැන විස්තරයක් කරන්න වුනා, මේ අනුව විස්තර සහිතව කියා දෙන්න පුලුවන් වුනා.
Deleteවිස්තරේට බොහොම ස්තුතියි :)
Deleteඅහිංසක ගෙම්බා වෙනුවෙන් මගෙනුත් සුභ පැතුම් ගාමිණී අය්යා. එයින්ම පෙනෙනවා ක්ෂේත්රයට ඔබෙන් ඉටු වී ඇති ඉමහත් කාර්ය භාරය.
ReplyDelete++++++++++++
Deleteසුබ පැතුමට ස්තුතියි නගේ .. ! (සිත්ආර පාලුවට ඇරියට මම ටිකක් තරහින් හිටියේ)
Deleteනලිනි නගාගෙ සුබ පැතුමට එකතු උනාට ස්තුතියි බුද්ධි මලේ ..!
සීදේවි ගෙම්බෙක්.. නරකද නිවාඩු වෙලාවක සිරිපාදේ පැත්තේ ගිහින් බලල ආවනම්.. ගෙම්බත් කැමැත්තෙන් ඇති අයියව බලාගන්න.. :D
ReplyDeleteමලේ, එයාලව දකින්න මමත් ආසාවෙන් ඉන්නේ .. ඒ උනාට උන් ටික මම එනකම් බලාගෙන ඉන්නවද දන්නෙ නෑ වට කරගෙන නෙලන්න ..
Deleteපසුගිය දිනවල අලුතින් සොයා ගත් මැඩි විශේෂ ගැන විටින් විට විස්තර කියවන්න ලැබුණත් මේ පොස්ටුවෙන් සෑහෙන විස්තර දැනගත්තා. බොහෝම ස්තුතියි. සුබ පැතුම්. මට මතක් වුනේ සිලනිකා නම කියවෙන උද්භිද විද්‍යාත්මක නම් ගැන.
ReplyDeleteThe Island හි මේ ගැන පලවූ විස්තරය:
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=74724
සුබ පැතුමට සහ ලිංකුව එව්වාට ස්තුතියි ඔබතුමාට ...
Deleteපරිසර වේදියෙක් වෙන්න ලේසියෙන් බෑ, ඒකට උණක් තියෙන්න ඕනේ කියලා මම දැනගත්තෙ ජෙරීගේ පොත් කියෙව්වට පස්සෙ. එයා පොඩි කාලේ කොච්චර දේවල් හොයාගත්තද කියලා මාව අමන්දානන්දයට පත් කරපු එයාගේ පොත් තුන සාක්ෂි!
ReplyDeleteපොඩි කුරුමිණියෙක්, කූඹියෙක් දිහා උනත් තත්පර කිහිපයක් උණන්දුවෙන් බලාගෙන ඉද්දි හරිම විස්මිත තොරතුරු ගොඩක් අපිට එකතු කරගන්න පුලුවන් බව ජෙරිගේ පොත් කියෝපු ඕන කෙනෙක්ට පැහැදිලි වෙනවා.
ඉතින් ඒ වගේ ලියන්නයි, තව තව දේවල් හොයන්නයි ගාමිණි අයියට හැදිලා තියෙන උණ තව චිරාත් කාලයක් ඔය විදිහටම තියෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන්නෙ පරිසරය ගැන ලේසියෙන් අපිට දැනුම එකතු කරගන්න පුලුවන් වේවා කියන ආත්මාර්ථකාමී සිතුවිල්ලෙන්. ඒ වගේම මේ ලැබුනු ගෙඹි නාමයෙන් උණ කම්පන තත්වයට පත් වේවා කියලත් ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා.
ගාමිණි අයියා වගේ ම උණ කාරයෝ තවත් ලංකාවේ ඉන්න එක ගැන හැබෑම සතුටුයි. ඒ අයටත් මගේ උපහාරය පුද කල බව කියන්න... :D
ශ්‍රී පාද අඩවිය වගේ දුෂ්කර වනාන්තරයක කඳු හෙල් පල්ලම්වල බඩ ගාලා ගෙම්බො, මැඩියො හොයන්න මෙන්ඩිස් මලයා ඇතුලු කන්ඩායමට තිබුණු උන ලෙහෙසි පහසු එකක් වෙන්න බෑ.
Deleteසුබ පැතුමට ස්තුතියි, මලේ ..!
මම මේ පැත්තෙ ආවමයි මේ....
ReplyDeleteඔබ කරන මෙහෙයට මගේ හදපිරි ආචාරය... සහ අර කිවූ පර්යේෂක කණ්ඩායමට උපහාරයත්.
කොහොමත් අපි සංවර්ධනය කියලා කරන්නෙ පරිසරය විනාශ කරන එකයි. මමත් අනන්තවත් පරිසර හිතකාමී සංවර්ධනය ගැන ලියලා තිබුණත් ඒ සියල්ල ගඟට කපන ඉනි වගේ...
හැබැයි ඉතිං මේ යන විදියට කේබල් කාර් නෙවෙයි සිරීපාදෙ සමතලා කරලා ගුවන් තොටුපලක් දාන්නත් බැරි නැහැ....
දිගටම මේ සේවය කරගෙන යන්න සුභ පැතුම්..
මම මේ පැත්තෙ ආවමයි මේ....// මොනවද මනුස්සයෝ මෙච්චර කාලයක් පොල් ගෑවද?:D
Deleteකිව්වත් වගේ දැං කෙරෙන සංවර්ධනය කිකිලිගෙ බඩ පලලා රත්තරං බිජු හොයනවා වගේ වැඩක්. ඉදිරියෙදි ඒවයෙ නරක ප්‍රතිපල අපිට වඩා අපේ දරුවන්ට විඳින්න වෙයි කියලා හිතෙනවා.
Deleteස්වභාවධර්මය වෙනුවෙන් කරන මෙහෙවරට තුති!
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
ස්තුතියි දුව ...!
Deleteතමන්ගේ නම බෝඩ් ලෑලි වල කට් අවුට් වල ගහල පොඩි මෝඩ ආතල් එකක් ගන්න දඟලන මිනිස්සු ගොඩක් මැද්දේ අනාගත පරම්පරා ගානකට තමන්ගේ නමින් හදුන්වන ගෙම්බෙක් ව ඉතිරි කරල යන්න ඉඩ ලැබෙන්නේ මේ ලෝකේ කීයෙන් කී දෙනාට ද.. ගෙම්බාටයි ඔබටයි මේ සේවාවන් වෙනුවෙන් කැපවෙන අපේ පරිසරවේදීන් හැමෝටමයි ප්‍රණාමය. (ඔය ගෙම්බට කිස් එකක් වගේ දීල බැලුවොත් නරකද? කියන්න බෑනේ කුමාරියක් මතු වුනොත් එහෙම :) )
ReplyDeleteගෙඹි පරම්පරාව පවතින තාක් කල් සමරකෝන් නමත් පවතියි නේද මලේ ..? ඒත් ඉතින් අපේ කස්ටිය උන්ගෙ ඔලුව උඩ හෙලිකොප්ටර් බාන්න ගියොත් නම් වැඩි කලක් පවතින එකක් නෑ කියලා හිතෙනවා.
Deleteඒකත් හොඳ අදහස මලේ .. කුමාරියෙක් මතු උනොත් දරුකමට හදා ගන්න බැරියැ නේද ..?
මේ තවත් ගෙඹි සහෝදරයෙක් ගැන නේද ? ඒ සොයා ගැනීමත් මේ මෙන්ඩිස් මහත්මයාගේ වැඩක් වගේ.
ReplyDeletehttp://www.youtube.com/watch?v=S9lpZvQQb2g&feature=youtu.be
ඔව් රාමා මලේ ... මෙන්ඩිස් මලයා ඇතුලු කණ්ඩායමේ තවත් ජයග්රහනයක් ඒක. විස්තර හොයාගෙන පස්සෙ පෝස්ට් එකක ඒ ගැන ලියන්න හිතාගෙන ඉන්නේ.
Deleteඅප්පේ.. අදමයි මං මෙහෙ ආවේ. සිරීපාදේ යන්න හෙලිකොට්ටර් ගන්න ඇමටිලා ඉන්න රටක් වෙච්ච මෙහෙ ඔය ගෙම්බෝ උන්නේ නමින් නං කරානං අපුරුයි. මොකද කොහොමත් කරන්නේ බක බක ගගා පැන පැන ඉන්න එක නේ.
ReplyDeleteඒකනම් ඇත්ත පුතා. අද දේශපාලනය කියන්නේ හෙළුගරව් නැටිල්ලක්. ලැජ්ජාවක් කියලා එකක් ඇත්තෙම නෑ.
Delete++ :D
Deleteඈ... මං කමෙන්ටුව ලියද්දි ගාමිණි අයියා උත්තරේ දාල තිබ්බේ නෑනේ. ඒ කියන්නේ මේ වන විට ගාමිණි අයියා කමෙන්ට් මෙහෙයුමේ යෙදී සිටින බවයි.. :)
Deleteඔව් මලේ මම මේ එහාට මේහාට දුව දුව, ඉඩ ලැබෙන විදියට උත්තර ලියනවා..
Delete//කොහොමත් කරන්නේ බක බක ගගා පැන පැන ඉන්න එක නේ//
Deleteසිරාම කතාව මචං.... :D :D
අයියේ බොලාට හරි තෘප්තිමත් රැකියාවක් තියෙන්නෙ බං..!
ReplyDeleteහෙලිකොප්ටර් ගෙනල්ල ගම කයිද..?
හාමුදුරුවන්ගෙ අතේ වැඩේ තියෙන්නෙ.
ඔව් මලේ මේ රස්සාව පරම්පරා හතක් ගොඩ යන පිංකමක්. හැබැයි ඉතිං අත් දෙක පිරිසිදුව තියා ගන්න ඕනෑ ..
Deleteහෙලිකොප්ටර් වැඩේට හාමුදුරුවන්ගෙ ස්ථාවරය තවම පැහැදිලි නෑ.
මෙච්චර ෙජෙව විවිධත්වයක් තියෙන ශ්‍රී පද අඩවියේද කේබල් කාර් ව්‍යපෘති , හෙලිකොප්ටර් පෑඩ් හදන්න යන්නේ , මේවට වනජීවී දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබිලද තියෙන්නේ ? , මේක ලෝක උරුමයක් නම් මේ ව්‍යාපෘති කරන්නේ කොහොමද ? ,
ReplyDeleteගාමිණි මාමත් කස්ටිය එක්ක ගෙම්බෝ හොයන්න ගියාද ?
දෙපාර්තමේන්තුව ඒවට අනුමැතියක් දීපු බවක් දැනගන්න නෑ. කොහොම උනත් මේ රටේ ජනතාවට යහපත් පරිසරයක ජීවත් වෙන්න අයිතියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ලැබිලා තියෙනවා. ඒනිසා ඒවට විරුද්ධ වෙන්න අයිතියකුත් තියෙනවා.
Deleteමට නම් ඒ කස්ටිය එක්ක යන්න අවස්ථාවක් ලැබුනේ නෑ, පුතා. මෙන්ඩිස් මලයලා දෙපාර්තමේන්තුවෙ අනුමැතිය ඇතිව ඒ පර්යේෂණ කටයුතු කරගෙන යන ස්වාධීන කණ්ඩායමක්.
ගාමිණි අයියගේ සොයා ගැනීමට සුබ පැතුම්..! කට්ටියගේ කමෙන්ට් කියවල හිනා වුනා හොඳටම. :D
ReplyDeleteමේ වගේ දුර්ලභ සතුන්, පැළෑටි කොච්චර ඇද්ද අපේ වනාන්තර වල. ඒත් අපේ ඇතැම් අයට ඕවයේ වටිනාකමක් නැති එක නම් කණගාටුයි. මේවා ආරක්ෂා කර ගන්නට ගාමිණි අයියා ඇතුළු සියලු දෙනා ගන්න වෙහෙස අගය කරන්න ඕන..
මලේ ඒ සොයා ගැනීම්වල සම්පූර්ණ ගෞරවය හිමි වෙන්න ඕනෑ මෙන්ඩිස් මලයා ඇතුලු කණ්ඩායමට. හැම එකාගෙන්ම ගුටි කකා ඒවා ආරක්ෂා කර ගන්නෙ නම් අපේ එවුන් තමයි.
Deleteමෙවන් උපහාරයක් ලැබිම වුවත් හරිම සතුටක් අයියේ.. එය ඔබේ සේවාවට ලද තිළිණයක්..මගේ සුබ පැතුම්.
ReplyDeleteස්තුතියි මලේ .. මගෙ බ්ලොග් යාලුවො සියලු දෙනාම එක වගේ සතුටු වෙන බව මම දන්නවා ..
Deleteහරිම සතුටුයි අයියේ . . .
ReplyDeleteඅපේ ජෛව විවිධත්වය ගැන මේ වගේ ලිපි කියවද්දී පුදුම ආඩම්බර කමක් දැනෙන්නේ අපේ රට ගැන . .
ඒ වගේම ඒ රටේ ජෛව විවිධත්වය විනාස කරන දේසපාලකයෝ ගැන පුදුම වෛරයක් ඇති වෙන්නේ.
අර නම් ටික නම් සුපිරියි.
ක්ෂේත්රය වෙනුවෙන් දිවි හිමියෙන් වැඩ කල අයට වගේම රට වෙනුවෙන් දිවි පිදූ අයටත් නියම උපහාරයක් කරලා තියෙන්නේ . .
අපූරුයි . ..
ස්තුතියි මලේ .. කොහොම උනත් තවමත් අපි කලාපයෙ අනිත් රටවලට වඩා සංරක්ෂණය අතින් ඉදිරියෙන් ඉන්නවා. ඒ තත්වය තවදුරටත් ආරක්ෂා කරගන්නයි ඕනෑ.
Deleteමෙන්ඩිස් මලය ඇතුළු කණ්ඩායමට ස්තුති කරණව ගොම්බො හොයා ගත්තට වඩා අමාරුවෙන් නිවැරදි මූන හොයල නම දාපු එකට.
ReplyDeleteසෑහෙන කාලෙකින් මට හදවතටම දැනෙන විදිහෙ පුදුම සතුටක් දැනුන. හෙලිකොප්ටර් අංගන හදන කතා ඇහුණ වෙලාවෙ ඉඳල ඇෙඟේ මාලු නට නට හිටියේ ඒත් මේ නම් කිරිල්ල දැකල පුදුම සතුටක් දැනුන. අපිට පුළුවන් උඹ කරන සේවයට වචන වලින් ස්තුති කරන්න විතරයි. ඒත් ඒ සහෝදරයො ටික ඒක හරි අපූරුවට කළා.
මේ කමෙන්ට් ටික දැක්කම හිතෙනව මිනිස්සු පරිසරයට කොච්චර ආදරේද කියල. මිනිස්සුන්ගෙ ඒ පරිසර හිතකාමී බව හැංගිලා තියෙන්නෙ. ඒක ඒ අයවත් දන්නෙ නෑ. බ්ලොග් එකකින් හරි ඒක අවදි වෙනවනං කොච්චර එකද්ද. දේශපාලු අම්බරුවන්ට මොන දේ දැක්කත් හිතෙන්නෙ තමන්ගෙ බඩගෝස්තරේට ඒකෙන් මොනවද කරගන්න පුළුවන් කියල. ඒ වගේ කාලකණ්නි ඉන්න රටක මෙන්ඩිස් මලය ඇතුළු කණ්ඩායම දෙවිවරු. මේ කණ්ඩායමට ඉදිරියේදී සොයා ගන්නා දේවල් වලටත්
දේශපාලුවෙකුගෙ නමක් දාන්න නොසිතේවා.
දේශපාලුවෙකුගෙ නමක් දාන්න බලපෑමක් නොඒවා.
එවන් පවක් කර ගැනීමට අවස්ථාව උදා නොවේවා.
මෙන්ඩිස් මලයා ඇතුලු කණ්ඩායම වෙනුවෙන් ස්තුතියි මලේ ..
Deleteමලයා කිව්ව වගේ හැම කෙනෙකුගෙම ඇඟේ පරිසරහිතකාමී බවක් හැංගිලා තියෙනවා. ඒ උනත් සමහර එකාලගෙ සල්ලි කෑදරකම ඒක වහගෙන ඉස්මතු වෙනවා. එහෙම නැති එවුන්ගෙ හඬ අවදිකිරීම පිනක් කියලා මටත් හිතෙනවා.
හරි වැදගත් තොරතුරු ටිකක් අයියේ..
ReplyDeleteමන් නම් මේ දැක්කමයි ..දිගටම මේ දේවල්
ගැන ලියන්න...
ස්තුතියි මලේ ...!
Deleteමෙම දේවල් සොයා ගත් මෙන්ඩිස් මලයලාට මුලින්ම මගේ ගෞරවය පුද කර සිටිනවා.
ReplyDeleteඊට පස්සෙ ඉතින් ගාමිනී අයියලට ලංකාවෙ ශාක හා සත්ව ප්‍රජාව ආරක්ෂා කරන්න තවත් ශක්තියයි, දීර්ගායුශයි ලැබෙන්න කියලා පතනවා
(ගෞරවයනම් දැනටම ලැබිල තියෙන්නේ)
ස්තුතියි මලේ ...! ඔබේ ආශීර්වාදය ලොකු දහිරියක් ..
Deleteගෙම්බාටත් ගාමිනීටත් සුබපැතුම්.මෙන්ඩිස් වික්‍රමසිංහ වගෙ අය කරන සේවය මිලකල නොහැකියි.මම මේ නම අහල තිබුනට පොටෝ එකක් දැක්කෙ අද.මේ හැඩරුව තියන තවත් කෙනෙක් කොහෙහරි දැකලතියනව කියල මතකයට ආව. පැය බාගෙකට විතර පස්සෙයි මතක් වුනේ.එයත් මේ වගේම අපිට හිටපු වටිනා සම්පතක් කටුබැද්දෙ උගන්නපු ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස.http://www.facebook.com/media/set/?set=o.66161386677&ref=mf. මේ ලින්ක් එක බලන්න,
ReplyDeleteසුබ පැතුමට ස්තුතියි මලේ .. ආචාර්ය අමිත් අපිට නැති උනේ ජාතියෙම නොලැබීමකට එතුමා හිටියානම් පරිසර, තාක්ෂණ, අධ්‍යාපන ක්ෂේත්රවලට අමිල සේවයක් කෙරෙනවා.
Deleteඊයේ මට දෙවෙනි ගෙම්බා ගේ (සොරි, සොරි, ගෙම්බාට නම දුන් නිහාල් දයාවංශ ගේ) සහෝදරයෙක් මුණ ගැසුණා.
ReplyDeleteඔහු මේ ගෙඹි කතාව මා සමග කියන කොටම මං මොබයිල් එක එලියට ඇදලා මේ ලිපිය පෙන්නුවේ හරිම ජොලියෙන්.
ආචාර්ය නිහාල් දයාවංශ කාලෙකට ඉස්සෙල්ලා අපේ පුහුණු වැඩ සටහන්වලත් සම්පත් දායකයෙක්. කාලෙකින් මුණ ගැහුනේ නෑ මලේ.
Deleteගෙම්බෙක් හරි අපේ දෙයක් නම් අපිට වටිනවා.
ReplyDeleteඒක ඇත්ත පුතා .. අපේ උභය ජීවී විශේෂ 120 න් 104 ක් ම ලංකාවට ආවේනික එවුං. වනජීවීන් කියන්නෙ ඇත්තටම සම්පතක්.
Deleteඅරුංට අම්බරුවෝ කිවුවට මං විරුද්දයි ඕං.. අම්බරුවෝ කියල අපේ මිනිස්සු හරකුන්ට කියන්නෙ නම්බුනාමයක් විදිහටයි..
ReplyDeleteඅර වතුර වලමැද බංගලාවෙ මැඩියන්ට නං තියන්නෙ කවද්ද ?
ReplyDeleteඋන්ට අම්බරුවෝ කියන එක හරකුන්ට අපහාසයක් නම් තමයි ලංකා. මමත් එකඟයි.
Deleteවතුරවල මැද බංගලාවෙ කට්ටියට හොර මැඩියා, වල් මැඩියා, පගා මැඩියා, ආචාර්ය මැඩියා, මුට්ටි මැඩියා, රෙදි හෝදන මැඩියා, වගෙ නම් දාන්න පුලුවන් ...
පුරන් අප්පුගේ පඳුරු මැඩියා තමා ලස්සනම.
ReplyDeleteසමරකෝන්ගේ පඳුරු මැඩියත් නරකම නෑ ඉතින්...:D:D:D
මගෙ මැඩියා මං වගේම අහිංසකපාටයි .. නැද්ද කුමාරි නංගියේ..?
Deleteටික දවසකින් බ්ලොග් කියවන්නත් බැරිවුනා.ම්ම්..හදවතින්ම සතුටුයි අය්යේ.ඉතින් අපේ එකෙක්ගේ නම ලෝකේ පුරා යනකොට අපිටත් ආඩම්බර නැද්ද??පත්තරේ ලිපිය උඩින් පල්ලෙන් කියෙව්වේ.නැත්නම් මීට කලින් සුබ පතනවා.
ReplyDeleteසුබ පැතුමට ස්තුතියි මලේ .. විවේක තියෙන වෙලාවට බ්ලොග් එක පැත්තේ ඇවිත් යන්න එන්න.
Deleteමේක හරි අසාධාරණයි.. මේ දවස්වල අළුතෙන් හදන, හොයාගන්න හැම එකටම දාන කොමන් නම එක ගෙම්බෙක්ටවත් දාලා නෑනේ...
ReplyDeleteදැන් බලපුවම ගෙම්බන්ටත් වාසගම් තියනවා එහෙනම් !
ඒතරම කැපවීමක් කරපු මෙන්ඩිස් ඇතුළු පිරිසට ගෞරව ප්‍රණාමය..!! අර බාගෙට පිස්සු බ්ලොග්කාරයට සුබ පැතුම් !!
ඒ නම ගෙම්බෙකුට දාපු දාට, දාපු එකා කපෝතියි..!
Deleteසුබ පැතුමට ස්තුතියි මලේ ..!
ara gembo tika eallila merilada danne ne neda...sir mama gaminiya.
ReplyDeleteගෙම්බො ටික මොනවා කරගෙනද කියලා තවම ආරංචියක් නෑ බං .. බයේ බෑ.
Deleteගාමිණී, ඉසුරු පුතා එක්ක මේ පැත්තේ ඇවිත් යන්න එන්න .. අර සමනල පොත දෙන්නත් ඕනෑ.
වටිනා ලිපියක් ..ඒ එක්කම හිනාත් ගියා ..සමරකෝන් ගෙම්බා ..හික්
ReplyDeleteමන් මේ කල්පනා කරන්නේ දැන් ඔය ගෙම්බෝ ටිකට මොනවා හිතිලා ඇත්ද කියල
''අහුබුදු මහත්තය නැති එකේ දුට හරි කියලා අලුත් පාන්නේ නම් ටිකක් දාන්නේ නැතුව මේගොල්ල අපිට දාපු නම් වල හැටි විතරක්. දැන් කොහොමද මන් ගෙම්බියෙක් යාලු කරගන්නේ ..නම් කි ගමන් එයා කියයි ඊක් අනේ මහා ගොඩේ නමක්නේ ඔයාට තියෙන්නේ කියල '''
විහිලුවට එහෙම කීවට මේ වගේ ස්වභාව ධර්මය එක්ක ඔට්ටු වෙලා අනාගත පරපුරට දැනුම එක්කහු කරලා දෙන මිනිස්සුන්ට මන් හරිම ගරු කරනවා ..
මගේ පුතා ඉන්නෙ 7 වසරෙ එයා බොහොම උනන්දුයි සත්තු ගැන එයාට සැලකිය යුතු දැනුමකින්ද යුක්තයි පුලුවන් නම් මට ඔබේ ලිපි කියවන්න ඉඩ දෙන්න මම එයාට ඒව දෙන්නම් krishramanayaka71@gmail.com
ReplyDelete