කොලඹ කොටුවෙන් අට පසුවී පිටත්වන මඩකලපුව තැපැල් දුම්රිය වාලච්චේන දී නැගෙනහිර මුහුදු තීරයට පිවිසෙන්නේ පාන්දර යාමයේ දී ය. එතැන්සිට වෙරළට සමීපව දකුණට ඇදෙන දුම්රියේ සිට අවට බලන්නෙකුට, අරුණලු නැගෙද්දී දිස් වන්නේ නැගෙනහිරටම ආවේනික අපූරු දසුන් පෙළකි.
* * * * *
එක්දහස් නමසිය අසූ එකේ ජනවාරි පළමුවැනි දින සිට පුහුණුවන අඩවි සහකාර තනතුරට පත්වීම් ලැබ සිටි මාත්, ශාන්තත්, ජයන්තත් එදින ඕකන්දේ පිහිටි යාල නැගෙනහිර ජාතික උද්‍යානයේ මූලස්ථාන කාර්යාලයේ දී සේවයට වාර්තා කළ යුතු වීමු. අම්පාර දිස්ත්‍රික්කයේ දකුණු කෙලවර ආසන්නයේ පිහිටි ඕකන්ද වෙත යාමේ අදහසින්, ඊට පෙර දින මඩකලපු රාත්‍රි තැපැල් දුම්රියෙන් පැමිණි මමත් ශාන්තත්, පොතුවිල් තැපැල් බසයට නැග ගතිමු.
* * * * *
අලියා පිළිබඳව ඇසීමෙන් කිසිවෙකු කලබල වූ බවක් නොපෙන්නුව ද සිත් තුල ඇති වූ ත්‍රාසය මුහුණු වල ලියැවී තිබිණි .....
..... මද දුරක් ඉදිරියට ගොස් කරත්තය නැවතූ බණ්ඩාර, පාරේ වම්පසින් වූ අතහැර දමන ලද හේනකට කෙවිට දිගු කලේ ය. පාරේ සිට මීටර තිහක් පමණ ඈතින් හේන මැද විසල් වූ වන අලියෙකු, නිසලව අප දෙස නෙත් හෙලා බලා සිටියේය.
* * * * *
විල්ලුව පසු කරද්දී සරුවට වැඩුනු උස් පොල් මණ්ඩියක් ඇතින් පෙනෙයි. උද්‍යානය තුළ පිහිටි එක ම මිනිස් ජනාවාසය වන කුමන ගම්මානය පිහිටන්නේ මෙහිය. අති දුෂ්කර වූත්, දහසක් දුක් දොම්නසින් පිරීගියා වූත් ජීවිතයක කරවටක් ගිලීගිය දුගී පවුල් විසි පහක් තිහක් එවකට මෙහි විසූහ.
* * * * *
![]() |
1983 දී ඕකන්ද කාර්ය මණ්ඩලයේ කීප දෙනෙක් |
* * * * *
ඉදිරියේ සිටියකුගේ සංඥාව අනුව නැවතී සැලකිල්ලෙන් බැලූ අපට දිවුල්ගස යට පොහොර මල්ලක් සහ රෙදි කඩමාලු පොදියක් තිබෙනු පෙනිණි. පිරිස නවතා, දෙතුන් දෙනෙකු සමග දිවුල් ගස යටට සෙමින් ළඟා වූ මා දුටුවේ මගේ රාජකාරි ජීවිතයේ දී දුටු අවාසනාවන්තම දසුනයි. අලියාගේ පහර දීමෙන් අතපය බිඳී මියගොස් සිටි අසරණ කාන්තාව, දූවිලි වැකීමෙන් කඩමාලු වූ ඇඳි වතෙහි දැවටී සිටියා ය.
* * * * *
මත් පැන් පානය කර වෙරි වූ විට අවට සිටිනවුන් සිප ගැනීමේ පුරුද්දක් ඇතිව සිටි මගේ උසස් නිලධාරියෙක්, වරක් සයිමන් ගේ මුහුණ ද බදා සිප ගත්තේය. ඔහු එසේ කළේ ආදරය නිසා ද, නැතහොත් හුදෙක් පුරුද්ද නිසාදැයි මම නොදනිමි. කෙසේ වුව ද, සයිමන් ආදර, ගෞරවය ලැබිය යුතු මිනිසෙකු විය. කුමන ගම සැදුනේ එවැනි මිනිසුන් රැසකිනි.
* * * * *
'දෙපාර්තමේන්තුවට ඇවිත් ටික කාලෙකට පස්සෙ මාව කැඳෙව්වා සිංහල ප්‍රවීණතා පරීක්ෂණයකට. එතන හිටපු හාමුදුරු නමක් මේසෙට දාල තිබුනු රෙද්ද පෙන්නලා ඒක මොන පාට ද කියලා මගෙන් ඇහුවා. මම කිව්වා හාමුදුරුවනේ මෙතනට ආපු හැම එකාගෙන්ම ඔය රෙද්දෙ පාට අහලා, අහලා, දැන් ඒකෙ පාට ගිහිල්ලා කියලා. මගෙන් වෙන මොකුත් ඇහැව්වෙ නෑ' තමන් විසින් ලබාගත් සිංහල භාෂා ප්රවීණතාවයට අරුල් එසේ උදාහරණයක් ද දැක්වීය.
* * * * *
අම්පාර ආසන්නයේ පාසලක ගුරුවරයෙකු ව සිටි මගේ පාසල් මිතුරෙකු වූ හෙන්රි (හෙන්රියාට කොටලා බලන්න) ද සමග වරක් මම ඉටිකල කලපුව වෙත, වනය තුළින් අඩි පාරක් ඔස්සේ ගමන් කරමින් සිටියෙමි .....
'.... අලියා' යයි කිසිවෙකුට කෑගැසෙත්ම ආපසු හැරුණු මම, අඩි පාර දිගේ දිව ගොස් වමට හැරී නෙලු පඳුරු අතරට වැදුනෙමි. එහෙත් ගනව වැඩුනු නෙලු ගාල බිඳගෙන යාම කිසිසේත්ම කළ නොහැක්කක් විය. හැකි තරම් අඩි පාරෙන් ඉවත්ව කරට උඩින් හැරී බලත්ම මගේ මුහුණ ඉදිරියෙන් දුම්රිය ඇන්ජිමක් මෙන් දැවැන්ත ඇත් කඳ මා පසු කර ගියේය.
* * * * *
පාරට ගොඩ වූ ඇතින්න වාහනය දැක ඇසිල්ලකින් ඒ දෙස හැරුණාය. ජීප් රිය තුල සිර වී සිටි අප ඊලඟට දුටුවේ කෙමෙන් විශාල වූ ඇතින්න ගේ රුව, ඉදිරිපස වින්ඩ්ස්ක්‍රීනය වසා ගන්නා අයුරුය. හොඬය හකුලාගෙන හැල්මේ දිව ආ ඇතින්න දණ නමා සැණෙකින් ජීප් රියේ බොනට්ටුවට හිසින් ඇන්නාය.
* * * * *
ජනේලය තුළින් ගේ තුළට එබී බලමින් සිටි පෙරුමාල් දෙස නො ඉවසිල්ලෙන් බලා සිටි ජනයාට ඊලඟ ඇසිල්ලේ දී දකින්නට ලැබුනේ ජනේලයට යොදා තිබුණු ලී පොලු ද කඩාගෙන එළියට පිනූ කොටියා පෙරුමාල් බිම පෙරලා ගන්නා අයුරුය. නොසිතූ ලෙසින් ජනේලය තුළින් මතු වූ කොටියාගේ ග්‍රහණයට හසු වූ පෙරුමාල් මරහඬ තලද්දී, නාටකයේ ත්‍රාසජනකම ජවනිකාව නරඹන ජනයා වෙතින් ද නැගුණේ මහත් වූ විලාපයකි.
* * * * *
ඊ ළඟ මොහොතේ අපට ඇසුනේ යටිගිරියෙන් කෑ ගසන රවුෆ් ගේ හඬයි. ඔහු ගේ කෑ ගැසීම නිසැකවම අනතුරක සංඥාවක් වූයෙන් අපි වහා ගල්ගුහාව වෙත දුව ගියෙමු. නිරුපද්‍රිතව සිටිය ද රවුෆ් සිදු වූ දේ විස්තර කරන්නට වචන ගලපා ගත්තේ බොහො වැර වෑයම් කිරීමෙන් පසුවය. 'වලා ... පෙටියා එක්ක මාව දෙකලා ... දිව්වා...' රවුෆ් හති දමමින් විස්තර කළේය.
* * `* * *
ඕකන්දේ මා සිටි නිල නිවාසය පිටුපස කජු ගස් දෙකක් අතර රඳවනු ලැබූ යකඩ බටයක බැඳ සිටි හීළෑ රිලවෙකු වූ 'බණ්ඩා' කාගේත් ආදරය දිනාගත් සුරතලා විය ....
.... බණ්ඩාගේ කාන්සිය ඉඳහිට මග හැරුණේ උද්‍යානය නරඹන්නට පැමිණි කණ්ඩායමක් බණ්ඩා දැක වට වූ කලය .....
කොට ගවුම් හැඳි කාන්තාවන් බණ්ඩා තුළ විශේෂ කුතුහලයක් දැනවීය. දෙපා අසලට පැමිණෙන බන්ඩාගේ දෑසෙහි ඇති විමසුම් බව තේරුම් ගන්නා කාන්තාවෝ පමණට වඩා බණ්ඩාට ළං නොවන්නට ප්‍රවේශම් වූහ.
* * * * *
අපට හමුවන විට මන්දට හසු වී දින කීපයක් ඉක්ම ගොස් තිබුණු හෙයින් නිරාහාරව දුබලව වැටී සිටි මුවැත්තිය ගේ ගෙළ මන්දට කැපී ඉහඳ තබා තිබිණි. පශු වෛද්‍යවරයෙකු වෙත ගෙනගොස් ඉහඳ පනුවන් ඉවත් කර ප්‍රතිකාර කළ ද උගුරු දණ්ඩ කම්බියට කැපීමෙන් දරුණු තුවාල ලබා සිටි මුවැත්තිය දින කීපයක් නිරාදුක් විඳ මියගියාය. අපට හමුවූ මොහොතේ සිට මරණය දක්වා, ඇය ගේ මුවින් කිසිදු හඬක් නො නැගුන ද, කඳුලු පිරි දුක්බර දෑසින් ජීවිතය ඉල්ලා හඬා වැටුනාය.
* * * * *
![]() |
කුමන විල්ලුව |
* * * * *
1985 ජනවාරිය වන විට ත්‍රස්තවාදය යාල - නැගෙනහිර දොරකඩ වූ, පොතුවිල් දක්වාම පැතිර තිබිණි ....
.... පරණ බෝක්කුවක් වළලා ගැනීමෙන් තනන ලද කුඩා ළිඳක් වූ එහි සිසිල් වූ ජලය නෑම සතුට ගෙන දෙන්නක් විය. නාන අතරතුර සිහිපත්වන පැරණි ගී සිව්පද කොටස් ගායනා කිරීම අඩවි ආරක්ෂකවරයාගේ සිරිත විය.
හදිසියේ ම වැව් බැම්ම මතින් මතු වූ අමුත්තන් කිහිප දෙනෙකු නිසා, එදින දිය නෑමේ ප්‍රීති ප්‍රමෝදය වැඩි වෙලාවක් නො පැවතිණි. ඔවුන් ගේ රළු පරළු පෙනුම හා අත් දරා සිටි ස්වයංක්‍රීය ගිනි අවි ද සිදුවන්නට යන දේ කෙටියෙන් කියා පෑවේය.
* * * * *
නිල නිවාසයේ සිටම එබී බැලූ ඔහුට දැක ගන්නට ලැබුනේ අවිගත් නාඳුනන පිරිසක් කාර්යාලයේ ඉදිරි දොර හැර ගන්නට උත්සාහ දරණ අයුරුය. අමුත්තන් හඳුනා ගන්නට දෙවරක් සිතා බැලීම උවමනා නොවීය. හැඳ සිටි සරම පිටින් ම ඉගිල ගත් ගුණරත්නට නිල නිවාසයේ කෙටි බිත්තිය හෝ නිල නිවාසය පිටුපස කම්බි වැට බාදක ලෙස පෙනුනේ නැත.
* * * * *
ආපසු පිටත්ව පැමිණි නිලධාරීන් පිරිස රැගත් වාහනයට, හැලව කලපුව පසුකර මඳ දුරක් එද්දී මග රැක සිටි ත්රස්තයන්ගෙන් වෙඩි වරුසාවක් එල්ල විය. පසුව වාහනය අසලටම පැමිණි ත්රස්තයෝ වෙඩි වැදී වේදනාවෙන් ඇඹරෙමින් සිටි පිරිසට නැවත වෙඩි තැබූහ. ප්‍රහාරයේදී සහකාර අධ්යක්ෂවරයා, කේ. ටී. පී. පෙරේරා මහතා, අරුල්, ඩිංගිරි බණ්ඩා යන සතර දෙනාම දිවි පිදූහ. දෙතුන් දෙනෙකු පමණක් බරපතල තුවාල ලබා දිවි ගලවා ගත්තේ මිය ගියවුන්ට යටවීමෙනි. යාල - නැගෙනහිර ජාතික උද්‍යානයේ ආරක්ෂාව නැවත ස්ථාපිත කිරීමේ අවසන් ප්රයත්නය ද නිමාව දුටුවේ මෙවන් ඉතා දුක්ඛිත සිදුවීමකිනි.
* * * * *
(මරදානේ දයාවංශ ජයකොඩි සමාගමය විසින් ප්‍රකාශිත 'යාල - නැගෙනහිර අහිමි වනමං' පොතෙන් උපුටා ගන්නා ලදි)
මාර සිද්දියක්නේ....
ReplyDeleteඔව් මලේ, මේ පොතේ කියවෙන්නේ 1981 - 85 කාලයේ යාල නැගෙනහිර ජාතික උද්යනයෙ මම සේවය කරපු කාලයේ ලබාපු අත් දැකීම් ගැන.
Deleteමං මේ බැලුවේ ෆොටෝ එකේ බෙල් බොටම් දිහා..
ReplyDeleteසැහ් අපිට අදින්න බැරි උනානේ...
මරු පෝස්ට් එක...
බෙල් බොටම් එකක් කියන්නෙ අබේ, ඒ කාලෙ මහාර්ඝ වස්තුවක් ..!
Deleteහොඳ අත්දැකීම් ටිකක්.. පොතක් කරපු එක හොඳයි..
ReplyDelete"මැද විසල් වූ වන අලියෙකු" මේක නම් බොරු.. ඒකාලෙ කොහෙද වන අලි.. අල් අලිනෙ හිටියෙ.. :)
^වල් අලි
Deleteවල් අලින්ට වන අලි කියලා සිල් රෙදි පොරවන්න හැදුවට හරී, උන් වැඩි දෙනෙක් කරන්නෙම වල්කම් ...!
Deleteබෙල් බොටම් තිබ්බට විජය කුමාරතුංගගේ හෙයාර් කට් එක කාගේ ගාවවත් නැති එක පුදුමයි
ReplyDeleteමොන හෙයාර් කට් ද මලේ, ඒ කාලෙ බාබර් සාප්පුවකට යන්නේ මාස ගානකට සැරයක් ..
Delete//ඇය ගේ මුවින් කිසිදු හඬක් නො නැගුන ද, කඳුලු පිරි දුක්බර දෑසින් ජීවිතය ඉල්ලා හඬා වැටුනාය.//
ReplyDeleteමේ වගේ වෙලාවට අසරණ වෙන්නේ දුක් විඳින සතා විතරක් නෙවෙයි නේද? ගාමිණී මහත්තයෝ.
අපේ ගෙදර ඉස්සර මීයෝ හිටියා. උන්ගෙන් වැඩි හරියකට වග කිව්වේ මම. ඒත් දවසක් ටොයිලට් එකට වැටිලා හිටිය මීයෙක් එලියට අරන් යන්න දුන්නේ මමමද කියන එක තාමත් හිතාගන්න බෑ.
සතෙක් කරදරේක වැටුනහම ඌව බේරගන්න ඕනෑම දෙයක් කරන්න හිතෙනවා ...
Deleteගෙවල් දෙතුන් සීයක් කඩලා, මිනී හත අටක් මරාපු අලියෙක් වෙඩි කාලා මැරෙන්න වැටිලා ඉන්නකොට අහල ගම් හතේම මිනිස්සු සේරම වැඩ අත ඇරලා ඇවිත් ඌට සාත්තු කරනවා, දෙපාර්තමේන්තුවෙ අම්මට බැන බැන ..! ඒ අපේ ආගමේ, සංස්කෘතියෙ හැටි මලේ.
ඕං කොලා මගුලක්...
ReplyDeleteදැන් ඉතිං පොත හොයපංකෝ...
හරි .. හරී ...ඉතිං ... මාරය මල්ලි ඉන්නෙ උඩුපිල කිට්ටුව කිව්වනේ .. මම නිතරම ඒ පැත්තෙන් යන නිසා පොතක් ගෙනැත් දෙන්නම් .. ඉන්න තැන කියලා ඊ මේල් එකක් දාන්නකෝ .. gaminievijith@gmail.com
Deleteබොහෝමත්ම ස්තූතියි අයියේ..ඒත් මං කොළඹ ගිය වෙලාවක පොතක් ගන්නම්... ඒක තමා වඩාත්ම හොඳ විදිය.. හැබැයි මට ඔය මේල් ඇඩ්රස් එකනං ඕන වෙලා හිටියේ... මට මින්නේරි වනෝද්‍යානය බලන්න එන්න කලින් කතා කරලා එන්න...
Deleteඔන්න ඊයේ පොත ගත්තා.. අද කියෙව්වා.. අන්න පෝස්ට් එහෙකුත් දැම්මා...
Deletehttp://ctkumara.blogspot.com/2012/09/blog-post_19.html
ඒත් එක්කම තිබිපා තව අළුත් එකකුත් ගත්තා.. ඒක හෙට හෝ අනිද්දා කියවන්න හිතං ඉන්නවා...
thankyou maraya..ehe indalai me awe
Deleteඅනේක වාරයක් ස්තුතියි මලේ ... ! පෝස්ට් එක කියෙව්වා. මාරයා මල්ලිගෙ පොත ඉවර වෙලා එලියට එනකම් බලාගෙන ඉන්නවා.
Deleteපොත ඕන; පොත ඕන; පොත ඕන. :D ලබන සතියෙම හොයා ගනිමි.
ReplyDeleteඔබ තුමියට පොත් ගේන්න යන්න වෙලාවක් තියෙනවද ? ඒ පොත ඉංග්‍රීසියෙන් කියවන්නත් පුලුවන්.wildlifegiritale.blogspot.com/
Deleteමෙහෙමනේ අයියේ..දැන් ඔය පොත මං සල්ලිවලට අරං කියවලා ඒක මෙයාට දෙගුණයකට විකුණනවා.. මොකද එතකොට ඒකේ අගය වැඩියිනේ.. දැන් ඔය ලොකු ලොකු පුද්ගලයෝ පරිහරණය කල දේවල් පහු කාලෙක කෝටි ගණණ් වලට වෙන්දේසි වෙන්නේ... ආන්න ඒ විදියට...
Deleteදොස්තර නෝනට ඩිස්කවුන්ට් එකක් දෙමු මලේ ...!
Deleteගාමිණී මහත්මයා, මේ දවස්වල ටිකක් කාල වේලාව එක්ක සටනක් කළත් ඉස්සරහ මාසෙදි ඉඩක් ලැබෙයි පොත් සාප්පුවකට දුවන්න. අනික මම ඉන්නෙ ඔය පොත් සාප්පුවට කිට්ටුවනෙ. :D සිංහල ජන ජීවිතයට සම්බන්ධ වචන එහෙම වැදගත් වෙන කතා ඔය පොතේ ඇති බවයි මට පෙනෙන්නෙ. එහෙම කතා වඩා රස සිංහලෙන්ම කියවනකොට. ඇරත් මම පොත් එකතු කරනවා. ඒ හින්දා බ්ලොග් එකෙන් කියෙව්වත් නැතත් පොත ගන්නම වෙනවා. :D
Deleteඑක්කෙනෙක් සෑහෙන්න බිස්නස් එක කල්පනා කරලා නෙහ්? පව්.
වහාම මේ පොත සොයාගත යුතුමය! මෙය ලබාගතහැකි විදියක් gehanchandika@gmail.com වෙත දන්වන්නේනම් බෙහෙවින් කෘතඥ වෙමි.
ReplyDeleteමරදානෙ ආනන්දෙ ඉස්සරහ, එස්. මහින්ද මාවතේ දයාවංශ ජයකොඩි එකේ නම් තියෙනවා. ප්‍රාදේශීය පොත් සාප්පුවලට නම් කියලා ගෙන්න ගන්න වෙයි කොල්ලෝ ...!
Deleteබොහොමත්ම ස්තූතියි ගාමිනි මහත්මයා. :)
Deleteමං කියවන්නේ නැත.. දෙසැම්බර් ලංකාවට ආවාම කියවන්න නැවුම් බව එතකොට ඉතිරිවෙයි..
ReplyDeleteපොතේ තියෙන්නෙ නම් ටිකක් පරණ කතන්දර, ලංකා. ඒ උනාට ඒ සමහර අත්දැකීම් වන ජීවියෙකුටම විතරක් ලබන්න පුලුවන් ඒවා.
Deleteමමද එක කලෙක වනජීවියෙක් මෙන් වනාන්තරවල ඇවිද්දෙමි එසේවූ හෙයින් රසවිඳින්නේ ඊරිසියාවෙන් පෙලෙමින්ය..
Deleteමේ දවස්වල මගේ ආසම පොත ශිකාර්... ජැක් ස්කොට්ගේ.... ජරිවර්තනය සුජීව දිසානයක... කැලෑ කතාවලට බරපතල ආසාවක් මතුවෙලා තියෙන නිසා ලබන මාසේ බුක් ෆෙයාර් එකේදි මේ පොත හොයගන්න පුළුවන් වෙයිද දන් නෑ නේ.....?
ReplyDeleteමම කැමතිම ජිම් කෝබට් ගේ කතාවලට. ඒවා දැන් සිංහලෙනුත් පළ වෙලා තියෙනවා. හොඳම එක රුද්‍රප්‍රයාග් කතාව.
Deleteදයාවංශ ජයකොඩි ස්ටෝල් එකට ගියොත් නම් පොත ගන්න පුලුවන් වෙයි, හිරු.
ඔය පොතේ කතෘ තුමාගේ අත්සන සහිත එතුමාගේ අතින්ම ලබාගත් පිටපතක සාඩම්බර හිමිකරුවෙකු විසින් මෙම සටහන තබන ලදි.
ReplyDeleteඅඩේ ඔය පොතේ මං තුමත් සුළු චරිතයක් රඟපානවා නේද මචං?
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
නැතුව .. නැතුව .. මම 'හෙන්රියාට කොටලා බලන්න' කියලා ලින්ක් එක දැම්මා. උඹයි මායි එදා ඇතාගෙ දළ දෙකේ ඇමිණිලා මියපරලොව ගියානම් අපේ යාලුවන්ට මේවා කියවන්න ලැබෙන්නෙ නෑනේ ..!
Deleteපොත සොයා ගැනීමේ මෙහෙයුම ඇරඹිය යුතුය
ReplyDeleteමෙයනම් වහාම සොයාගෙන කියැවිය යුතුය.
ReplyDeletehoyanna oni
ReplyDeleteපිණිබිඳු, ප්‍රසා, වර්ණා - පොත ලැබුනොත් කියවලා හිතෙන දේවල් කියන්න..
Deleteපොත අරගෙනම කියවන්නම් !
ReplyDeleteකියෙව්වහම මගෙ හොම්බට දෙකක් අනින්න හිතෙයි ද දන්නෙ නෑ, මලේ ..!
Deleteඉන්ඩ මේකට මන් සිරා මූඩ් එකේ උත්තරයක් දෙන්න...
Deleteමෙහෙමයි අයියෙ අපිට පුංචි කාලෙ ඉඳලම පුරුදු කලේ පොතක් කියවන්න ගත්තහම කියවලා ඉවර වෙලා වැඳලා පොත් තියන්න කියලා. මුල්ම කාලෙ අකමැත්තෙන් වගේම පස්සෙ කැමැත්තෙන්ම ඒක කලා. ඒකෙන් ඉගෙන ගන්න දේ ගැන , ඉගෙන ගන්න උදව් වෙන පොත ගැන මහා ලොකු ගෞරවයක් හිත ඇතුලෙ තැන්පත් උනා. ලොකු වෙලා ඉන්න දැන් තේරෙනවා ඇත්තටම අපි වැන්දෙ ඒ පොත ලියපු කෙනාටයි කියලා. එ මහා ලොකු ගෞරවය හිමි වෙන්නෙ ඒ පොත ලියපු කෙනාටයි කියල දැන් තේරෙනවා.ලොක්කෙක් නොඋනට මේ පොත කියවලා වෙරි වෙලා අයියව ඉඹින්න දුවන් එයිද මන්දා ? අර අයියගෙ ලොක්කා වගේ..
මන් මේ ලෝකෙම එක්ක තරහ උනත් තරහ නොවෙන එක කොට්ඨාශයක් ඉන්නෙ ලියන අය විතරක් වෙයි කවදා හරි එහෙම උනොත්..
අද දයාවංශ එකෙන් පොත ගත්තා. හෙමිහිට නිවාඩු පාඩුවෙ කියවන්නම්. කියවලා මන් මේක අපේ කලෙක්ශන් එකට එකතු කරනවා. පරිපාලන සේවෙට බැඳෙන අයගෙ පටන් මේ දක්වා තනතුරු හොබවන අයත් මේ වගේ පොත් කියවන්න කැමතී කියලා මන් දන්නවා. මොකද අල්පයක් උනු මේ වගේ පොත් වලට තියෙන ඉල්ලුම මට පේනවානෙ..මන් පොතෙ මුල් පිටුවෙ අයියගේ බ්ලොග් එකත් ලිව්වා..අළුත් විස්තර කියවන්න එයි කට්ටිය..
මල්ලි කිව්වහමයි මටත් මතක් උනේ. ඉස්සර අපි පොඩිකාලේ අපේ මද්දු ආත්තා, අපි අතේ තියෙන පොතක් බිම වැටුනොත් අපි ලවා පොතට වන්දවනවා. පොත ලිව්ව කෙනාට වගේම වැඳීමෙන් පොතෙන් අපි ලබන ශාස්ත්‍ර දැනුමටත් ගෞරව කෙරෙනවා කියලා මට හිතෙනවා මලේ.
Deleteමේක 2000 මුද්‍රණය වෙච්ච පොතක් නේද
ReplyDeleteදැන් ගන්න තියේවිද දන්නේ නැහැ නේ
ලඟදී තව අලුත් ප්‍රින්ට් එකක් ආවා.
Deleteමරනෙ මරදානෙ දයාවංශ එකේ පොත් තියෙනවා. නුගේගොසත් තියෙනවා කිව්වා එතනින්. සැප්. 18 ඉඳන් අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනේ BMICH එකෙන් එතනින් ගන්නත් පුළුවන්..
Deleteහෙන්රි අයිය දුවන්න ඇති නේද මාර දිවිල්ලක්. කොටින්ම ඒ ගැන මේකෙ සඳහන් නොවෙන්නෙ හෙන්රි අතුරුදහන් උනාද අලිය දැක්කම.
ReplyDeleteගාමිනී අයියේ මේ පොත ගැහුවෙ කොයි කාලෙද? මේ වගේ නමක් තියන පොතක් අපේ පුස්තකාලෙ තිබුන වගේ මතකයි. අවුරුද්දකට විතර කලින්.
හෙන්රියා දුවපු දිවිල්ල උගෙම වචනවලින් කියවන්න පුලුවන් මලේ, පෝස්ට් එකේ 'හෙන්රි' ලින්ක් එකට කෙටුවානම්.
Deleteපොත ඉස්සෙල්ලාම පිට උනේ 2000 දි. දැන් පස්වෙනි ප්‍රින්ට් එක ඇවිත් තියෙනවා. හුඟක් පුස්තකාලවලත් තියෙනවා.
හෙන්රි දුවපු දිවිල්ලට වඩා හොඳට තියෙන්නෙ ඇති හෙන්රි දැකලා අලියා දුවපු දිවිල්ල..එහෙම දුවපු අලියා නේන්නම් ඔය කෝච්චියක් වගේ ගාමිනි අයියා ළඟින් දුවලා තියෙන්නෙ..
Deleteමටත් පොත ගන්න තිබුන උවමනාව සෑහෙන්න වැඩි වුනා... බුක් ෆෙයා ලිස්ට් එකට දාගත්තා...
ReplyDeleteමේ පාර බුක් ෆෙයා එකෙන් ගන්න ඕන...
ReplyDeleteniyamay
ReplyDeleteමේ පාර බුක් ෆෙයාර් එකෙන් අරගෙනම කියවලා යමක් කියන්නම් :)
ReplyDeleteප්‍රසන්න , රන්, රුවන්, හසිත - පොත කියවලා හිතෙන දෙවල් කියන්න ළමයිනේ ...!
Deleteඉඳල හිටල හම්බවෙන( මං කැමතිම ) විදියේ ලියවිල්ලක්!
ReplyDeleteමේ ලියැවෙන සජීවී ශෛලිය පොත අරගනම කියවන්න හොඳ ආරාධයක් වගේ...
-ජය
ඈ බං යෝගීයෝ..උඹ මොන කැලෑවකද යෝග වඩන්නේ... මොකෑ මේ එළියට ඇවිත්... උඹව දකින්න තියෙන අමාරුවක්...
Deleteයෝගියා මල්ලිගෙ 'අරණකට පෙම් බැඳ' සටහන කියෙව්වා. අපූරු විස්තරයක්. ඒ උනාට ලියන්න ටිකක් කම්මැලියි වගේ.
Deleteඔන්න මං ගාමිණී අයියට 100ක් ගස්සවලා දුන්නා...
ReplyDeleteඔන්න ඕකනෙ මාරෙ මල්ලි කියන්නෙ.උඹ මාත් එක්ක මොකක් හරි කොක්කක් තියෙනවමයි කියලා. බලාපං උඹ සීය දාපුගමං මාව විසි වුනානෙ පිටුවෙන් එලියට.
Deleteකමක් නෑ අපේ එකෙක්නෙ.
ශතකයට සුබපැතුම් පිළිගනිං ගාමිණී තුමා!
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
ශතකය ගහගන්න උදව් උනාට ස්තුතියි මාරයා මල්ලිට. එතන ඉන්න වැඩි දෙනෙක් මට අඳුන්වලා දුන්නෙ මල්ලිම තමයි !
Deleteහෙන්රියෝ උඹ පිටුවෙන් එලියට විසි උනාට කවදාවත් මගෙ ජීවිතෙන් එලියට විසි වෙන්නෙ නෑ ...!
මම ඒක හොඳාකාරව දන්නවා මචං.
Deleteඅන්න 102වෙනියා ආපු ගමං උඹවත් එලියට වීසිවෙන්න යන්නෙ:D.
එතකොට අපි දෙන්නම ආයෙ එක පිටුවෙ!:)
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
මේ පොත මම කාලෙකට කලින් කියවල තියෙනව. ඒත් තවම පොත් ගොඩට එකතු කරගන්න බැරි උනා. මේ පාර පොත් වන්දනාවෙදි හොයා ගන්නම ඕනි.
ReplyDeleteමම පොත කියවලම එන්නංකො අයියෙ.. මෙතන අයිය ලියල තියෙන සමහර සිද්ධි ගැන වැඩි විස්තර නං මට පොතේ කියවන්ඩත් අමාරු වෙයි කියල හිතෙනව.... ඒ තරම් සංවේදිව ඒව ලියල තියෙනව
ReplyDeleteදිවුල් ගහ යට සිද්ධිය ගැන වෙන්න ඕනෑ නංගි කියන්නේ. ඒක නම් මගෙ ජීවිතේ වැඩියෙන්ම කම්පා වෙච්ච දවසක්...!
Deleteඔයාගේ බ්ලොග් එකනම් මාර වටිනවා. හරිම සුන්දරයි.ඔයා ලස්සනට ලෝකය දකිනවා. මමත් ලෝකයේ ලස්සන හොයමින් යන කෙනෙක්. මගේ බ්ලොගය පැත්තටත් ඇවිත් යන්න වෙලාවක.
ReplyDeletehttp://samakayawate.blogspot.com/
ස්තුතියි මලේ. මම සමකය පැත්තේ ගියා. හයිද්‍රාබාද් විස්තරය කියෙව්වා. අපූරුයි. ඉතුරු ඒවාත් ඉක්මනින්ම කියවනවා.
Deleteඅපි ඉගෙනගෙන තියෙන්නේ එකම වහල යට. 1979 දි විතර තමයි මාව ඉස්කෝලෙන් දොට්ට දැම්මේ. අපි සමහරවිට මුණ ගැහිලා නැතුව ඇති. 'මගෙ මතය' ලියන බන්දුල මල්ලිත් නාලන්දාවේ. ගොඩවෙලා බලන්න.
http://mynotion-bandula.blogspot.com/
ගාමිණී..... ටේස්ටර් එක විතරක් කියවලා මදි. පොත කියවන්නම ඕන. තැපෑලෙන් ගෙන්න ගන්න පුළුවන් ක්‍රමයක් තියනවද?
ReplyDeleteමගෙත් දිගාමඩුල්ලේ අත්දැකීම් තියනවා 78-83 විතර වෙනකම්. මම හිතන්න්නේ ගාමිණීත් මුණගැහිලා තියනවා ඒකාලේ. ඊමේලයකින් විස්තර කියලා එවන්නම්. දිගාමඩුල්ල පලාත ගැන ආශාවක් ඇතිඋනේ 5 පන්තියේදී පොතක මායරංජන්ගේ 'නෙල්ලිකැලේ' කියවලා. ඉන්පස්සේ 'දිගාමඩුල්ලේ ආශ්චර්ය' ත් කියෙව්වා..පස්සේ හැබැහින්ම බලාගන්නත් පුළුවන් උනා.
පහසුවෙන් යන්න පුලුවන් පොත් සාප්පුවකට කිව්වොත් පොත ගෙන්නා ගන්න පුලුවන් වෙයි. අපහසු නම් මට ඊමේලක් දාන්න මම එවන්නම්.
Deleteමමත් දිගාමඩුල්ල ගැන පළමුවෙන්ම කියෙව්වේ පුංචි කාලෙ ඉස්කෝලෙදි (මට මතක 6 පන්තියෙ වගේ) නෙල්ලිකැලේ පාඩමේ දි. දෙපාර්තමේන්තුවට ඇවිත් කුමන ගත කරපු කාලය තමයි මගේ රාජකාරි ජීවිතේ ස්වර්ණමය කාලය.
මම අදුනන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙ වැඩකරපු ගුණරත්න කියල මහත්මයෙක් ඉන්නවා. කම්කරුවෙක් ලෙස පටන් අරන් දශක කීපයක් විවිධ තැන්වල විවිධ රාජකාරී කරමින් ඉමහත් සේවයක් කරල ගිය අවුරුද්දෙදි විශ්‍රාම ගිය. ඒ මනුස්සයා ජීව්තකාලේ ලබපු අත්දැකීම් පොත් ගානකට ලියන්න තරම් වටින ඒවා, අයියගෙ පොතේ යාල කොටි ගහලා වුනු දේ වගේම සෝමාවති කැලේදී කොටින්ගෙන් විදි දුක් ගැහැට හා වීරකම් ගැන අහනකොට හරිම ත්‍රාසජනකයි හරිම දුර්ලභයි.අනික ඒ අත්දැකීම් ලබපු අයගෙන් ජීවත් වෙලා ඉන්නෙත් මෙයා විතරයි. මේ මනුස්සයට ඒවා ලියලා පොතක් විදිහට එළියට දාන්න උදව්කරන්නම් කියලා මං කට කැඩෙනකං කිව්වා,motivate කරන්න අරගත්තේ යාල නැගෙනහිර අහිමි වනමං,(ඒ මනුස්සයට ලියන්න හිතක් පහළවෙළා වගේ කතාවක් ළඟදි කෝල් කරලා කිව්වා, එයා ඉන්නෙත් පොළොන්නරුව කිට්ටුව)
ReplyDeleteඅයියා ඔය ටික ලියා තැබුවයෙන් පරම්පරා කීයක කීදෙනෙක් අපි වගේ මනසින් ඒ මාවත්වල සැරි සරයිද? උත්කෘශ්ඨයි.
PS: ඔය පොත අපේ අයියා කෙනෙක් ළඟ තිවිලා මට 'බලන්න' දුන්නා. දීලා කිව්වේ , "මලේ පොත ගත්තා වගේ නෙවේ, ඕකට මොනවා හරි උනොත් උඹව මං තියන්නෑ " කියලා, ඒ අයියා පොතට ඒ තරම් ආදරය කරා. මට දෙන පොත් මගෙන් එක එක්කෙනා අරන් ගිහින් ආයෙ ලැබෙන්නැති බව දැනන් හිටිය නිසයි එහෙම කිව්වේ, ..බොහොම ආසාවෙන් එක හුස්මට කියෙව්ව පොතක්, සිංහල පොත් අතර ටොප් රෑන්කින්වල තියනව ;)
තාඹුගල හාමුදුරුවන්ගේ විසිපස් වසරක වනදිවි තොරතුරු ( ඒකට වෙච්ච දෙයක් නෑ, කුටුම්බිගල් ගමනෙදි අතුරුදහන් වෙල)හා මායාරංජන්ගේ පොත් , සඳරුවන් ලොකුහේවා ගේ බිතැන්නේ සිංහල, පියසේන කහඳගමගේ ශූරීන්ගේ පොත් හිතේ ලොකු ඉඩක් අරක් අරං.
මලේ, දිගාමඩුල්ල කියන්නේ කතා ආකරයක්. එක එක යුගවල දි, ලේඛකයො කීප දෙනෙක් බොහෝ දේවල් ලියලා තිබුනත් තවත් දස දහසක් කතා දිගාමඩුල්ලෙ සැඟවිලා තියෙනවා. මෑතකදිත් හොඳ ලේඛන හැකියාව තියෙන තරුණ කීප දෙනෙක් දිගාමඩුල්ලෙන් බිහිවෙලා තියෙනවා. (සමන් දිසානායක, සඳරූ). ඒ අය අත් දැකීම් ලබලා, පරිනත වෙනකොට හොඳ කෘති බිහි කරයි කියලා හිතෙනවා.
Deleteගුණරත්න මහත්තයාට කොහොම හරි ලියන්න කියමු. උදව්වක් ඕනෑනම් දෙන්න පුලුවන්.
ඔව් ආයෙ කෝල් එකක් දීලා බලන්න ඕන, ඒ පැත්තේ යන්න හිටියත් වැඩ වැඩි හින්දා යන්න බැරි වුනා
Deleteඔයා අපිව අවුස්සන්නවා අය්යේ. ලබන පඩිදාට මුලින්ම කරන්නේ මේ පොත ගන්න එක. කියවලාම ඊළඟ කොමෙන්ට් එක දාන්නම්.
ReplyDeleteමලේ, වනජීවීන් ගැන කතා කියවන්න කස්ටියගෙ තියෙන ආසාව මට වැඩියෙන්ම දැනුනේ මේ බ්ලොග් එකේ වනජීවී කතා ලියන්න පටන් ගත්තට පස්සේ. මගෙ කතා හුඟක් පොතේ ලියලා තියෙන නිසා මම හිතනවා ඒ පොත කියවන්න කස්ටිය කැමති වෙයි කියලා. කියවලා කොමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා කොල්ලෝ...!
Deleteමගේ මතකයට එක වරම ආවේ මායා රන්ජන් (මහානාම මහත්තයා) ගේ පොත්. ඒවා කියෙව්වේ පාසල් යන කාලයේ. ඒ මතකයට නැවතත් ගියා. මේ පොතත් එවැනිම එකක් බව හැඳින්වීම් වලින් පෙනෙනවා. නොවරදවාම මිලදීගෙන බලන්නම්. ස්තුතියි පොත හඳුන්වා දුන්නාට.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
ඔබ තුමාගෙ බ්ලොග් එක පැත්තෙ ගියා. සංග්‍රාමික මූලධර්ම දහය ආසාවෙන් කියෙව්වා. ජීවත්වීමේ යුද්දෙ ජයගන්නත් ඒවා ප්‍රයෝජනවත් කියලා මට හිතුනා.
Deleteමහානාම රාජපක්ෂයන්ගෙ දිගාමඩුල්ලේ ආශ්චර්යය පොත මමත් ඉතාම ආස කරන පොතක්. අපේ අත්දැකීම් ගැන ලියලා ඒවා තව කෙනෙක් එක්ක බෙදාගන්න පුලුවන් උනේ ඒ පොත් කියවපු නිසා.
ඔයාගේ පොත ගත්තා ගාමිණි අය්යේ. පුදුම ආසාවකින් එක හුස්මට කියවලා ඉවර කරා. ඒ ගැන මේ විදිහට කොමෙන්ට් එකකින් විස්තර කරන්න බෑ. පොත ගැන මට හිතුනු හැටි ගැන ලිපියක් අද හෙටම මගේ බ්ලොග් එකේ ලියනවා.
ReplyDeleteස්තුතියි මලේ ...! අපි අත්දකින දේවල් බෙදා හදා ගන්න එක ලොකු සතුටක්.
Delete//'වලා ... පෙටියා එක්ක මාව දෙකලා ... දිව්වා...'//
ReplyDeleteඊට උඩින් තියෙන ටික පුටුවෙ අග්ගිස්සෙ එල්ලිලා ඉඳන් කියවලා මේක දැක්කම පණ යන්න හිනා ගියා.....
සමහර කතා නම් අතිශයින්ම සංවේදීයි... ඊළඟ පාර ලංකාවට ගියාම අරගෙන කියවනවා කියලා හිතා ගත්තා....
ස්තුතියි මියුරු ..!
Deleteමේක සිංහලෙන් ජාලෙ බලාඅගන්න විදිහක් නැත්ද? අපි පිට රට ඉන්න ඈයොන්ට???
ReplyDeleteජාලෙට දාන්න පොත අලුතෙන්ම unicode සිංහලෙන් කොටන්න වෙනවා. මාස ගාණක් යන වැඩක්. මගේ wildlifegiritale.blogspot.com බ්ලොග් එකට ගිහිල්ලා ඉංග්‍රීසියෙන් නම් කියවන්න පුලුවන්, කොල්ලෝ.
Deleteme potha mama sarasaviyedi aran apahu thiyala awith thiyenawa godak sarayak.nama nodanna ayage poth aragena balanna baruwa amaruwe watilama thamai ehema kale.eth dan marayage blog eka kiyawaddi ane aparade kiyala hithuna.eth kamak na dan book fair ekenma gannawa.
ReplyDeleteme blog ekata aweth adai.lajja hithuna matama,me tharam kalak nodakkata.
marayata Ano comment danna bane sthuthi karanna.e nisa onna methanama thankyou kiwwa marayo..
ithin mama ano enne blog liyanne nathuwa,inda hita awith kiyawala yana nisa Gamini mahaththayo..e madiwata mata sinhalen liyana pahasu kamath nane.
පොතක් ගන්නකොට බොහොම පරිස්සම් වෙන්න සිද්ද වෙනවා තමයි. හුඟක් අය පොත් ලිව්වට පොතේ ගුණාත්මක බව ගැන සැලකිලිමත් වෙනවා අඩුයි. ස්තුතියි ඇනෝ ...!
Deletesingreesi 1.8 බා ගත්තා නම් පහසුවෙන් සිංහලෙන් ලියන්න පුලුවන් නේ.
මේ පාර ලංකාවට ගියාම අනිවාර්යයෙන් පොතක් ගන්නවා. කියවලා කමෙන්ට් කරන්නම්.
ReplyDeleteඅදමයි මේ පැත්තේ ආවේ....:)
මගේ wildlifegiritale.blogspot.com බ්ලොග් එකට ගියා නම් පොතේ ඉංග්‍රීසි පරිවර්තනය කියවන්න පුලුවන් කුමාරිහාමියේ. කොම්පියුටරෙන් පොතක් කියවන එක ලේසි නම් නෑ ...!
Deleteලස්සන පොතක්.....අදටත් වෙලාවක් ලැබුනම ආයේ අයෙත් කියවන පොත් වලින් එකක් තමයි ඔය.....:)
ReplyDelete-Vajira-
ස්තුතියි වජිර ...!
DeleteThis comment has been removed by the author.
ReplyDeleteI read your "AHIMI WANA MANG,,Actually it is very grade book. I,M Panama Nilame Mudalali,s son. That book express you are as human mind
ReplyDeletegood real man.I appreciate Your heavy duties in 1980 to now
Nice to hear from you male. Those days we were used to meet your father at his shop, very often. Mr. Wasantha told me you are living close to his home. Please send your tel. number to gaminievijith@gmail.com.
DeleteGamini mahathmaya anuradhapura me potha thiyenawada
ReplyDelete