මගෙ යාලුවෝ

Sunday, June 9, 2013

42. වනජීවී රෝහල - ගිරිතලේ

                                                                                                                                                              හායි .... මම මේ ඉන්නෙ ගිරිතලේ ජාතික වනජීවී පුහුණු කේන්ද්‍රයෙ තියෙන වනජීවී පශු වෛද්‍ය ඒකකයෙ මාමල ගාව. මම ඉපදුනේ පොලොන්නරුවෙ. එහේදි මම පුංචිම පුංචි කාලෙ අම්මයි, පවුලෙ අනිත් අයයි මග ඇරිලා අතරමංවෙලා ඉන්නකොට, පොලොන්නරුවෙ වනජීවී එකේ මාමලා තමයි මාව මෙහාට එක්කගෙන ආවෙ.

අම්මයි, ගෙදර කස්ටියයි නැතිනිසා පාලුවක් දැනුනට මෙහේ ඒ තරම්ම අවුලක් නෑ. රංජිත් මාමයි එයාගෙ කස්ටියයි මාව හොඳට බලා ගන්නවා. පශු වෛද්‍ය ප්‍රමුදිත මාමා දවසකට දෙතුන් පාරක් ඇවිල්ලා රබර් ඇහැ දාලා බලලා යනවා. මම බඩගින්නක් දැනෙනකොට ඒ ගොල්ලන්ට පේන්න ඇඟිල්ල කටේ දාලා උරනවා. එතකොට ඒ ගොල්ලො බංඩිය පිරෙන්න කිරි දෙනවා.


නිශාචරයෙක් නිසා මුලු දවල් දවසම බිම පෙරලිලා නිදා ගන්න මේ අපතයාත් පුංචි කාලෙදිම අම්මා මැරිලා අතරමං වෙච්ච උණහපුලුවෙක්. දවාලෙ නිදා ගත්තට රෑට නැගිටලා ඇස් ගෙඩි දෙක ඔරවගෙන කූඩුව ඇතුලට එන පුංචි පුංචි සත්තු අල්ලගෙන කනවා. අපි දෙන්නම ඉතිං වානර පවුලෙ නිසා එකම කූඩුවෙ අවුලක් නැතුව ඉන්නවා.


අල්ලපු කූඩුවෙ ඉන්න මේ රිලා අය්යාත් පොලොන්නරුව පැත්තෙ දි වාහනේක වැදිලා තුවාල වෙලා, කොන්ද කැඩිලා ඉන්නකොටලු එක්ක ආවේ. ගේන කොට නම් නැගිට ගන්න බැරුව අසාද්‍ය වෙලා ඉඳලා තියෙන්නේ. දැන්නම් තුවාල වේලිලා, ටිකක් නැගිටලා ඉන්න පුලුවන්. දෙන දෙයක් කාලා කරබාගෙන ඉන්නෙ නැතුව විරිත්තනකොට තමයි හොම්බට දෙකක් අනින්න හිතෙන්නේ.


මෙයා මේ ලඟදි මාතලේ පැත්තෙ ඉඳලා පොලිසියට හම්බවෙලා ඇලහැර වනජීවී එකට බාර දීලා මෙහාට එවාපු එක්කෙනෙක්. ඇලි ඇටි කුකුල් පැටියෙක් කියලා තමයි කියනවා ඇහුනේ. උපතින්ම එයාට ඇඟේ පාට ලැබිලා නැතිලු. ඇස් දෙකත් රෝසම රෝස පාටයි. මටත් හිතෙනවා ඒවගේ සුදුවෙලා ඉපදුනානම් කියලා. ඒ උනත් ඒ වගේ 'ඇලි' උනහම, කැලේ අපිව මරාගෙන කන්න බලාගෙන  ඉන්න එවුන්ගෙන් බේරෙන්න අමාරුලු. කැපිලා පේන නිසා.



ඉතින් මම මෙහේ හිටපු කාලය ඇතුලත තවත් ලෙඩ්ඩු කීප දෙනෙක්ම මෙහාට ගෙනැල්ලා සෙත්තපෝච්චි උනා. ගේන්න කලින් උන්දැලාට ඉක්මනින් නිසි ප්‍රථමාධාර, ප්‍රතිකාර නොලැබුන නිසා මලා කියලා තමයි කියනවා ඇහුනේ. අනාතවෙච්ච, තුවාල වෙච්ච අපි වගේ අය ඉක්මනින්ම වනජීවී එකේ පශු වෛද්‍ය ඒකකයකට බාර දෙනවනම් ගොඩ දාගන්න පුලුවන්ලු. එහෙම වෙලාවට 011 2888585 නොම්මරේට කතා කරලා විස්තර දැනගන්න පුලුවන් කියලා මම අහලා තියෙනවා. වනජීවී එකේ පශු වෛද්‍ය ඒකක කොලඹ, අම්පාර, අනුරාධපුර, උඩවලව වගේ තැන්වලත් තියෙනවලු.

එහනං අපි ආයෙත් දවසක හම්බ වෙමු ... බායි ..!












81 comments:

  1. උඩම පොටෝ එකේ ඉන්න එකා නම් ගාමිනී අයියමයි. විහිලු හොදේ.. ඔබ වැන්නෙක් කරනා මේ දැනුම ලබාටදීමට තුති.

    ReplyDelete
    Replies
    1. පුංචිම කාලේ මාත් ඒ වගේ වෙන්න ඇති කියලා මටත් හිතෙනවා, ඇන මලයෝ ..

      Delete
    2. ඇන මලයෝ! :D LOL

      ඔන්න ඒකට කොපිරයිට් නැතිනම් මාත් පාවිච්චි කරනවා අද ඉඳන්.

      Delete
    3. නංගියෙක් උනොත් ලෙඩේ මචං ..!

      Delete
    4. හෙන්‍රි අයියා.. නෑ මන් කීවෙ මේ ..
      අපි ගාමිනී අයියට විහිලු කෙරුවට මෙයාලගෙ සේවෙට ාපිට අලගු තියන්නත් බෑ බන්. අපි යූරො හම්බකරල ලන්කාවට එව්වට අපි නෙමේ බන්. මෙන්න මිනිස්සු.
      පලවෙනි කොමුන්ටුව දැමූ ඇනෝ

      Delete
    5. ස්තුතියි මලේ .. අගය කිරීම ලොකු සතුටක් ... දහිරියක් ..!

      Delete
    6. ඇන මලයෝ ® © උඹේ කියමන ගැන කිසිම තර්කයක් නෑ. මම මුළුමනින්ම එකඟයි. මට ආසා හිතුනේ ගාමිණියගේ 'ඇන මලයෝ ® ©' කියන ආමන්ත්‍රණයට. ඒක හරිම ආදරණීයයි නේද?

      මම ඔය ගිරිතලේ ජාතික වනජීවී පුහුණු කේන්ද්‍රයෙ ගිහින් ඉන්නකොට ඒක පුහුණු වැඩ මුළුවක් තිබුනා. ඒක ඉවරවෙලා කට්ටිය ආපහු යනකොට වයස් භේදයක් නැතිව ඒ හැමදෙනාම වගේ ගාමිණී අයියා හොයාගෙන ක්වාටර්ස් එකට ඇවිත් ආචාර කරලා පුද්ගලිකව සමු අරගෙන යනවා දැකලා ලඟ හිටපු මට පුදුම හිතුනා. එතන තිබ්බේ රාජකාරි සම්බන්ධයෙන් ඔබ්බට ගිය දෙයක්.

      Delete
    7. හීනි දුකක් හිතේ හන්ගන් ඔබ වැනි මිනිසුන්ට උපහාර කරන්ව ගාමිනී අයියා. ඩූඩො. එකෙන්ම බන්.
      පලවෙනි ඇනෝ

      Delete
  2. මෙහෙම සතුන්ට නොමිලේ බේත් කරන තැන්තියෙනවා කියලා දැනගත්තෙ අදයි..ස්තුතියි අපිව දැනුවත් කලාට..

    ReplyDelete
    Replies
    1. වන සත්තුන්ට ප්‍රතිකාර කරලා හැකි සෑම විටකම ස්වාභාවික වාසස්ථානවලට ආපහු මුදා හරිනවා ..

      Delete
  3. කතන්දරේ කියන එක්කෙනා නම් මාර අහිංසක පාටයි... ඇස් දෙකත් ලොකු කරන් බලං ඉන්න හැටි....

    ReplyDelete
    Replies
    1. ඒකා නම් දරු පැටියෙක් වගේ නගේ ... ලඟට ගියහම හිනා වෙලා මූණ බලන්නේ ..

      Delete
  4. මේක ලියලා තියෙන විදිය නම් එළම කිරි මචං. :D හැබෑට කොහොද මේ හොස්පිටල් එක තිබුනේ? උඹලගේ අර භූමිය ඇතුලතද? මට මතක නෑනේ.

    ReplyDelete
    Replies
    1. අපේ පුහුණු කේන්ද්‍රයෙ ඇතුලෙම තමයි මචං, ඉස්සර ඉඳලම තිබුනේ. ඒත් මේ ලඟදි පශු වෛද්‍ය ප්‍රමුදිතයි, අඩවි ආරක්ෂක නිලධාරි රංජිතුයි ආවට පස්සේ තමයි ඒකෙ වැඩ විධිමත් උනේ. දැන් බලන්න වටින තැනක්.

      Delete
  5. කියවන්න ආස විදියටම ලියවිල්ල හරිම අපුරුයි.

    ReplyDelete
  6. බලාගෙන යනකොට උණහපුලුවෝ කියන තරම් කැත නෑනේ. ආදරේ හිතෙන සත්තු ටිකක්. ෆොටෝ දැක්කාම යාලුවෝ ඔක්කොමලාම මතක් වෙනවා හී හී...

    ආසයි දවසක ඔය පැත්තේ එන්ට.:)

    ReplyDelete
    Replies
    1. හැම සතෙකුටම වගේ ඌටම ආවේනික ලස්සණක් තියෙනවා නගේ ..

      සතුටින් ආරාධනා කරනවා ඇවිත් අපේ කෞතුකාගාරය බලන්න .

      Delete
  7. ගිරිතලේ එන්න ලැස්ති උනාට බැරි උනානේ. කොහොම හරි එන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ඒකනේ මලේ .. වැඩිය ප්ලෑන් කරන්නෙ නැතුව හිතුනු වෙලාවක පිටත්වෙන්න. මට ඊ මේලක් දාන්න.

      Delete
  8. ඔන්න ඔය නම්මරේ මතක තියාගන්න එක හොදා තමා. හුගක් සත්තු මැරෙන්නේ මුලික ප්‍රතිකාරය නොමැති වීමෙන්..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත දේශක මලේ. හුඟක් අය සත්තුන්ට තියෙන ආදරේ නිසාම ගොඩ වෙදකම් කරකර හදාගන්න උත්සාහ කරනවා. නමුත් සත්තුන්ගෙ විශේෂ අවශ්‍යතා තේරෙන්නෙ පශු වෛද්‍යවරුන්ට හා පුහුණු කාර්යමණ්ඩලයකට විතරයි.

      Delete
  9. අනේ අර මුලටම තියෙන පිංතූරේ ඉන්න කෙනාව හදා ගන්න දෙන්න බැරිද ? එයා හරිම අහිංසක පාටයි,හරිම හුරතල් පාටයි.
    ගාමිණීගේ බ්ලොග් එකෙන් සත්තු ගැන ගොඩක් දේවල් දැනගත්තා.ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. සත්තුන්ගෙ පුංචි පැටව් අපේ දරු පැටව් වගේම තමයි, ශාමි. ඒත් උන්ගෙ අම්මලා දෙන උණුසුම, ‍රැකවරනය අපිට දෙන්න බෑ.

      Delete
  10. දහස් ගනනක් සත්තු අතරින් වාසනාවන්ත කීපදෙනෙක්..

    ReplyDelete
    Replies
    1. මහ පාරවල්වල වාහනවල හැප්පිලා දවසකට සියගණක් සත්තු මැරෙනවා ඇති ලංකා. උන්ගෙන් බේරෙන්නෙ බොහොම ටික දෙනයි.

      Delete
  11. niyamai..istuti apita mewa kiyala denwata.
    Jaywewa.

    ReplyDelete
  12. ‍ඔහොම කීප දෙනෙක් ‍ජීවිතේ බේරගන්න වාසනාවන්න උනාට කී දෙනෙක් මැරිල යනවද.
    ඔය වගේ පහසුකම් තියෙන තැන් ගැන දැනුවත් කළාට ස්තුතියි.

    ReplyDelete
  13. ලස්සනට ලියලා ..පොඩි දෙන්නටත් කියවන්න දෙන්න ඕන ..[ සෙත්තපෝච්චි උනා. කියන්නේ මොකක්ද අහයි අනිවාර්යයෙන්ම ]

    ස්ලෙන්ඩර් ලෝරිස් නේ උනහපුලුවාට කියන්නේ ඉංග්‍රීසියෙන් . ළමයින්ගේ ගණිතය සඳහා වන අඩවියක මේ සතා සංකේතයක් විදිහට ඉන්නව . වඳවී යන සතෙක් නිසා . ඒ නිසා අපේ දිහා මෙයා ප්‍රසිද්ධයි .

    උනහපුලුවාට උගේ පැටියා මැණිකක් කියා කියන්නේ ඌ ලස්සන නැති සතෙක් නිසා කියල උදහරනෙකට කියලා කිව්වම දෙන්නම යුද්ධ ප්‍රකාශ කළා .උණහපුලුවා ලස්සන සතෙක්ලු. ලස්සන ඇස් දෙකක් තියේලු .

    ReplyDelete
    Replies
    1. උනහපුලුවා කෙට්‍ටුම කෙට්‍ටු, අලි ඇස් දෙකක් තියෙන, වලිගයක් නැති සතෙක් නිසා ලස්සන නෑ කියලා සමහර අයට හිතෙනවා ඇති. පුංචි එවුං කොහොමටත් අපිට වඩා සාධාරණ විදියට හිතනවා.

      Delete
  14. ගාමිනී අයියේ... ඔයා කරන මේ දේ ඇත්තටම ගොඩාක් වටිනව.... මම වනජීවී එකේ නම්බර් එක මගේ පෝන් එකට කොටා ගත්ත හදිසියකට උවමනා උනොත්....

    ReplyDelete
  15. මෙහෙම ආදරෙන් සතුන්ට සලකන අය දකින්න ලැබීමත් සතුටක්. ඔබ තරමටම හැම වන ජිවි නිළධාරියෙක්ම නීතිගරුක හා ප්‍රථිපත්ති ගරුක වෙනවා නම් ලංකාවේ?
    නිතර යමක් නොකීවට ඔයා යමක් ලියපු ගමන් දුවගෙන ඇවිත් කියවලා යන එක නම් නොකීයාම බෑ.

    ReplyDelete
  16. මේ පෝස්ට් එක ලියලා තියෙන විලාශයට මම හරිම කැමතියි...අර රිලා හාමිගෙ කොන්ද දැක්කම මට නම් සෑහෙන්න දුක හිතුනා...

    ReplyDelete
    Replies
    1. මීට කලිනුත් කොන්ද කැඩිච්ච රිලවෙක් ගෙනැල්ලා හොඳ කරලා කැලේට ඇතෑරියා. ඌ දැන් රිලා රංචුවකට එකතුවෙලා සෙන්ටර් එක අවටම ඉන්නවා. මේ ලඟදි ඌ රිලවියෙකුට ගොඩවෙලා ඉන්නවත් මම දැක්කා.

      Delete
    2. හා හා කොල්ලා සූරයෙක් හැඩයි...ඒ වැඩ වලට යන්න කලින් කොන්ද කෙලින් තියෙන්න නැතුව ඇති...

      Delete
    3. ඌ ගාමිනී අයියවනෙ කාලයක් ආස්සරේ කලේ සිරා..

      Delete
    4. බුදු මලේ .. ඇත්ත උනත් ගෙදර ගිහින් ගුටි කන්න වෙන කතා කියන්න එපා ..

      Delete
  17. හරිම අපුරුයි ලියලා තියෙන විදිය...
    මේක නම් බොහොම වටිනා වැඩක්..?
    ලංකාවේ පශුවෛද්‍යවරුන්ගේ හිගයක් තියෙනවා කියන්නේ ඇත්තෙයි...?

    ReplyDelete
    Replies
    1. මලේ හිඟය තියෙන්නේ වනජීවියට එකතුවෙලා, ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් අතෑරලා, පැය විසි හතරම අලි පස්සෙ දුවන්න කැමති පශු වෛද්‍යවරුන්ගේ. දැනට ඒ වගේ වෛද්‍යවරු හත් දෙනෙක් දෙපාර්තමේන්තුවෙ ඉන්නවා. ඒ අයගෙ කැපවීම උපරිමයි.

      Delete
    2. අපරාදේ අප්පා අපි ඉස්කෝලේ යන කාලේ මේ වගේ රැකියා ගැන කිසිම දෙයක් නොදැන හිටියේ... මං දැනගෙන හිටිනං සයන්ස් වලට ආස නැති එක පැත්තකින් තියලා කොහොම හරි පශූ වෛද්‍යවරයෙක් වෙනවා.. ඇත්තමයි... හි හි

      Delete
    3. හිරු නගා අලින්ට බෙහෙත් විදින තුවක්කුවකුත් අරගෙන අලියෙක් පස්සෙ දුවනවා මට මැවිලා පේනවා ...

      Delete
    4. මොනවද ඉතිං ඇතින්නියෙක් අලියෙකුට බලහත්කාරකමක් එළවන්න තියාගත්තා වගේ පෙනේවී..ආයේ දෙකක් නැහැ... :D :D :D

      Delete
    5. මාරයා මල්ලිගෙ කටකැඩිච්ච කතා ගණං ගන්න එපා නගේ ...

      Delete
    6. මං බලං හිටියේ ඕක මොකාද කියන්නේ කියලා... හි හි...

      Delete
  18. කලින් සැරේ ඇවිත් ලිපිය කියවන්නැතුව කමෙන්ට්ස් ටික උඩින් පල්ලෙන් බලාගෙන යනකොට හැමෝම අමුතු ලිවිලක් ගැන කියලා තිබුනට මම ඒත් කල්පනා කළා මොකක්ද මේ අපූරු ලිවිල්ල කියලා. දැන් තමා ඕන් තේරුනේ.. ඇත්තටම අපූරු ලිවිල්ලක්...

    අසරණ සත්තුන්ව මෙහෙම ගොඩ දාන එකනම් පුන්‍යකර්මයක්.. උන්ට ඉතින් අනේ අපිට සනීපනෑ කියලා ගිහින් බේත් ඉල්ල ගන්න බෑනෙ..

    ReplyDelete
    Replies
    1. ඇත්ත මලේ, සත්තුන්ට තමන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්න බෑ. උන්ට අවශ්‍ය දේ තේරුම් අරගෙන ලබාදෙන එක තමයි අපේ මනුස්සකම.

      Delete
  19. පොඩි එකා නියමෙට කතාව කියනවා.

    වැදගත් ම දේ මේ වගේ දේවල් වෙනවා කියලා හුග දෙනෙක් දන්නේ නෑ. සතෙන් අනතුරට පත් වෙලා තියෙනවා නම් ගෙදර ගේනවා ඇරෙන්න වෙන මොනවද කරන්න ඕනේ කියලා අපිවත් දන්නේ නෑ. ඇත්තටම සත්තුන්ට ප්‍රථමාධාර තියෙනව ද වගකිවයුතු අය එනකල් කරන්න?

    ReplyDelete
    Replies
    1. මලේ, වනජීවී පශු වෛද්‍ය ඒකක ඇරෙන්න හැම ප්‍රධාන නගරයකම රජයේ පශු වෛද්‍ය කාර්යාල තියෙනවා. තුවාල වෙලා ඉන්න වන සතෙක් ගැන අවධානය යොමු කළොත් ඒ අයත් අහක බලන එකක් නෑ. වනජීවී හෝ රජයේ පශු වෛද්‍යවරයෙක් කැඳවා ගන්න හරි සතාව ඔවුන් ලඟට ගෙනියන්න ප්‍රමාද වෙනවා නම් අවස්ථාවෙ හැටියට දන්න ප්‍රථමාධාරයක් කරනවා ඇරෙන්න වෙන විකල්පයක් නෑ. සිද්ද වෙලා තියෙන අනතුර ගැන විස්තර කියලා කළ යුතු දේ ගැන දුරකතනයෙන් උපදෙසක් අහ ගන්න පුලුවන්.

      Delete
  20. ගිරිතලේ එන ආසාව අද තවත් වැඩි වුණා. කොහෙද ඉස්සෙල්ලා පාර එන්න හැදුවත් එක එක ගැටලු ආවනේ. මේ පාර නම් එනවා එනවාමයි.

    ReplyDelete
    Replies
    1. අපොයි නලින් අයියා ගියේ නැද්ද? ඒ යනවයි කිව්ව ලිපියේ මමත් කමෙන්ට් කලාට මටත් යන්න බැරි වුනානේ.......! අනිවා අගෝස්තු නිවාඩුවට නං........ එක්කෝ ඕන්නැ කට පරිස්සං කර ගන්ඩෝන! :D

      Delete
    2. උඹලා හඳහං බලනවා වැඩියි. හිතුන ගමන් යන්න ඕනෙ බොලව්.

      Delete
    3. හෙන්රියාගෙ ගමන් ගැන නම් කියලා වැඩක් නෑ ... උගෙ වෑන් එක ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ බොත්තම ඔබපු ගමන් කියන තැනට යන්න.

      Delete
    4. අපිනං ගෙහුං ආවා... :D

      Delete
    5. හිටපල්ලාකෝ.... අපිත් යන එකත් යනවාමයි!

      Delete
  21. ලියලා තියෙන රටාව තමා මරේ මරු...

    තව කොරන්න ඇහැකිනං සාමාන්‍යෙයන් වැඩිපුරම සතුන්ට සිද්ද වෙන අනතුරු වලදී කල යුතු මූලික දේවල් ගැන කෙටි සටහන් වශයෙන් හරි ලියලා දාන්න ඇහැකිනං වටිනවා... උදාහරණයක් විදියට කිව්වොත් වදුරෙක් ඉරුම් පලංචියක කූඥ්ඥ ගලෝලා නැට්ට හිර කර ගත්තොත් මොකද කොරන්නේ වගේ... :D

    ReplyDelete
    Replies
    1. නැට්ට නං කපලා හරි බේර ගන්න පුලුවන් මලේ .. පරම්පරා කුට්ටම හිර උනොත් නං සෙත්තපෝච්චිම තමයි ..!

      Delete
    2. මාත් ඕක කියන්න කියලා හිටියේ.... අපේ ගෙදර හිටපු පූස් පැටව් 6 දෙනෙක්ට අපේ අම්මා ආදරේ වැඩිකමට උණ හැදිලා කියලා ළමා පැනඩෝල් බින්දුවක් දීලා උන් සෙට් එකම මලා.... කවුද දන්‌ෙන් උන්ට පැන‌ඩෝල් විසයි කියලා... අපෙ බලු රාළට පොළොන් තඩියෙක් ගහලා යන්තම් හොම්බ ඉදිමෙද්දි උස්සගෙන බත්තරමුල්ලේ දුවපු නිසා බේරුනා... නැත්තම් උන්දැත් සෙත්තපොච්චි තමා.... වඳුරෝ, බකමූණෝ නම් තුවාල වෙලා වැටිලා ඉදිද්දි දම්පාට බේත් ගාලා හොඳ කරලා ඇරලා තියෙනව... ඒත් එතනින් එහාට වෙන ප්‍රථමාධාරයක් නම් දන්නේ නෑ...

      Delete
  22. ගොඩක් දවසකින් එන්න බැරි උනා. බලන්න ගොඩක් දේවල් ඇති. පස්සෙ බලන්නම්. මේ දැනගත්තු විස්තරය හරි වටිනව. දුරකථනයෙන් හරි විස්තර දැනගෙන ප්‍රථමාධාරයක් හරි දීල අරගෙන එන්න පුළුවන්. අපි වැඩිපුරම රෝද දෙක උඩ නිසා දවසකට සෑහෙන ගණනක් සත්තු පාරෙ මැරිල ඉන්න හැටි දකිනව. පියාඹන කුරුල්ලොත්. මචං සමහර සත්තු පාර පනිද්දි දකුණු කකුල උස්සල වෙන තැනක තියන්න ඕන නෑ. දකුණු කකුල ඩිංගක් බුරුල් කරානං ඒ සතාට පාර පැන ගන්න පුළුවන්. අනේ සමහර මහත්තුරු ඒක කරන්නත් ලෝබයි. මොනව කරන්නද?
    ස්තුතියි උඹට

    ReplyDelete
    Replies
    1. මලේ, උඹ කිව්වා වගේ ඉතාම පහසුවෙන් සතෙක් බේරගන්න පුලුවන් වෙලාවටත් ඒ ගැන නොහිතන ඩ්‍රයිවර් මාරයෝ ඉන්නවා.

      ස්තුතියි ..! (ඔන්න මම දිනපොත ගැන මොකුත් කිව්වෙ නෑ ..!)

      Delete
  23. මෙහෙම තැනක් තියෙන බව දැන ගත්ත එකත් වටිනවා. පශු වෛද්‍යවරුන් හිඟයට විසඳුමක් නැද්ද ඉතින්?

    ReplyDelete
    Replies
    1. නගේ, දෙපාර්තමේන්තුවට අනුයුක්ත පශු වෛද්‍ය සේවාවෙ කස්ටියට තියෙන ගැටලු ගැන ඒ අය නිතරම බලධාරීන් එක්ක සාකච්ඡා කරනවා. සමහර ඒවට විසඳුම් ලැබිලත් තියෙනවා. කොහොම උනත් පශු වෛද්‍යවරයෙක් මේ දෙපාර්තමේන්තුවට ඇවිත් ‍රැඳිලා ඉන්න ලොකු කැප කිරීමක් කරන්න ඕනෑ.

      Delete
    2. කොළඹ අවට ඉන්න පශු වෛද්‍යවරුන් අය කරන ගණන් හිලව් බැලුවහම, ඒ අයට වැඩි ගමනක් බිමනක් නොයා, ගෙවල් කිට්ටුවම, පහසුවෙන් ඉන්න පුළුවන්කම තියෙද්දි,
      වෙලාවක් කලාවක් නැතුව කියන පරක්කුවෙන් රටේ ඕන තැනකට ගිහින්, අඩු පඩියකට වැඩ කරන්නනම්, ලොකු කැපවීමක් ඕන. අදාල වෛද්‍යවරයාගෙන් මෙන්ම, පවුලෙ අයගෙනුත්.
      අපි අගය කරනවා මදි මේ අයගෙ සේවය.

      Delete
  24. උඩම එක්කෙනාට ගාමිනී අයියව දැක්කහම බඩගිනි වෙලා වගේ.ඇඟිල්ල කටේ දාගෙන ඉන්නේ.මේ සත්තු සුවපත් වුනාට පස්සේ නිදහස් කලත් නැවත එන අවස්ථා නැද්ද?

    ReplyDelete
    Replies
    1. මලේ, තනියම කෑම හොයාගෙන, ආරක්ෂාවෙන්න පුලුවන් සත්තු විතරක් ආපහු ස්වාභාවික වාසස්ථානවලට නිදහස් කරනවා. එහෙම නිදහස් කරපු, කොන්ද කැඩිලා සනීප වෙච්ච රිලවෙක් දැන් රංචුවට එකතුවෙලා සෙන්ටර් එක අවටම ඉන්නවා. මුවෝ වගේ සත්තු නිදහස් කරන්නේ ගම්මානයක් අහලක නැති කැලෑවකට.

      Delete
  25. මේ කියවන කල් මෙහෙම රෝහලක් තියෙනව කියල මම දැනගෙන හිටියෙ නෑ. මේ වගේ තැන් ගැන, වන ජීවී එකෙන් කරන මෙහෙවර ගැන මාධ්‍ය මගින් මීට වඩා යමක් කෙරෙනව නං....... ඕස්ට්‍රේලියානු ජාතික Steve Irvin ගෙ වැඩ සටහන් ඉස්සර අපි බොහොම කැමත්තෙන් බැලුව. මේ වගේ කාරණා ඇසුරෙන් ඒ වගේ වැඩ සටහන් මාලාවක් ලංකාවෙ විකාශය කරන්න පුළුවන් නං, වන ජීවින් ගැන මිනිසුන්ගෙ දැනීම වගේම ඔවුන් ආරක්ෂා කිරීම ගැන පණිවිඩයත් මීට වඩා සමාජයට යවන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මලේ, සතෙකුට ප්‍රතිකාර කරන්න අවශ්‍ය මූලික පහසුකම් විතරක් ඇතිව තමයි මේක දැනට කරගෙන යන්නේ. ඉදිරියෙදි වැඩි දියුණු කරලා මහජනතාව දැනුවත් කිරීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතුයි.

      Delete
  26. ලියල තියන විදිහ හරිම අපූරුයි. ඒ වගේම මේ දැනුවත් කිරීමටත් බොහොම ස්තුතියි. නොම්මරේ සේව් කරල තිය ගත්ත.

    අනතුරු වලට ලක්වෙන සත්තුන්ගෙන් කීප දෙනෙක් හරි මේ විදිහට ජීවත් කරව ගන්න ලැබෙන එක සෑහෙන ලොකු දෙයක්. ඇටි කුකුළු පැටියව නම් කැලේට අත ඇරලා දැම්මොත් අනෙක් සත්තුන්ගෙන් බේරිලා ඉන්න අමාරු වෙයි නේද?

    ReplyDelete
    Replies
    1. ගොදුරු සත්තුන්ට ස්වාභාවිකව ලැබෙන වර්ණ රටාව උන්ට තමන්ගෙ ස්වාභාවික වාසස්ථානයෙ සැඟවිලා ඉන්න උපකාර වෙනවා. ඇලි සත්තුන්ට ඒ වර්ණ අහිමි වෙලා කැපිලා පේන නිසා ඉතාම ඉක්මනින් විලෝපී සත්තුන්ට ගොදුරු වෙනවා, දරුවෝ. ඇටි කුකුලා දිගටම තියාගන්න වෙයි.

      Delete
  27. අයියන්ඩිය පූසෝ එහෙම බාර ගන්නෙ නැති වෙයිද ?

    මෙහෙම තැනක් තියෙන බව දැන ගත්ත එකනම් ඇත්තටම ගොඩක් වටිනවා.

    ReplyDelete
    Replies
    1. අපේ අක්කා පූසෙක් මගේ ඇඟේ ගහලා වෙච්ච සංගෙඩිය පහල ලිංක් එකේ බලාපං මලේ. පොලියා මේ ලඟදි මගේ ක්වාටර්ස් එකේ ඇඳක් උඩ පැටව් තුන්දෙනෙක් වැදුවා.

      http://gaminievijith.blogspot.com/2012/02/13.html

      Delete
  28. comment ekak danna parakku unata sorry uncle,ada kale minehek pare vatila heteyath balan nethe rate mehema deyak karana eka godak loku deyak uncle.hethe punche dukak theyenva mage jevetheta mehema deyak karnna bari una eka gana.isuru,

    ReplyDelete
    Replies
    1. ඉසුරු පුතා මෙහෙම දේවල් නොකළට තාත්තා වනජීවී නිලධාරියෙක් හැටියට අවුරුදු තිස් ගණනක් තිස්සේ කරදරේ වැටිච්ච සත්තු සිය ගණනක් ගොඩ දාලා ඇති. ඒ පින පරම්පරා හතකට ඇති.

      Delete
  29. ගාමිණී අයියෙ උඩම පින්තූරෙ ඉන්න වඳුරු පැටියා මොන වර්ගයේ එකෙක්ද?

    ReplyDelete
    Replies
    1. මලේ ඒකා අළු වඳුරු පැටියෙක් (Grey Langur). පුංචි කාලේ වෙන් කරලා අඳුනගන්න ටිකක් අමාරුයි.

      Delete
  30. සෑහෙන කාලෙකින් අදයි මේ පැත්තට ගොඩ වුණේ. අලුත්ම පෝස්ට් එකට නැතුව පරණ එකකට කමෙන්ට් කරන එකට සමාවෙයන් අයියේ. ඇත්තටම මේක හිතට වැදිච්ච නිසයි ඉස්සෙල්ලා මේකට කමෙන්ට් කරන්නේ. මම අර මිහිතුරු එකට හියාරේ ලිපිය ලියද්දී ගිරිතලේ වනජීවී රෝහල ගැන දැනගෙන හිටියේ නෑ. එහෙනම් අනිවාර්යයෙන්ම මේ ගැනත් ඒ ලිපියේ ලියනවා.
    මේ තරමට හරි රටේ සත්තු ටිකක් ඉතුරු වෙලා ඉන්නේ උඹලා වගේ නිලධාරීන් නිසා. සතුන්ට ප්‍රතිකාර කරන්න කැප වෙන හැම නිලධාරියෙකුටම අපි හිස නවලා ආචාර කරනවා...

    ReplyDelete
  31. මේ සත් කාර්‍යයට දායක උන සැමටම තෙරුවන් සරණයි.අසරණයන් ගැන
    හදවතක් උනුවෙන්නේ ශ්‍රේෂ්ඨ මනුස්සයන්ට විතරයි.හාල්පාරුවෙකුට එහෙම වෙන්නේ නෑ.
    වෙලත් නෑ.ඔබ සැමට පිං.

    ReplyDelete