අවශ්ය ද්‍රව්‍ය
ආදරය කෝප්ප 1 යි
හිතවත්කම
කෝප්ප 3 යි
බලාපොරොත්තුව
මේස හැඳි 5 යි
මෘදු බව මේස
හැඳි 2 යි
මිත්‍රත්වය
හා සමාව අවශ්‍ය පමණ
විශ්වාසය
කිලෝ 1 යි
සිනහව බැරල් 1 යි
සිනහව බැරල් 1 යි
සාදාගන්නා ආකාරය
ආදරය, හිතවත්කම, බලාපොරොත්තු, මෘදුබව හා විශ්වාසය
යන මේ සියල්ල ගෙන හොඳින් කලවම් කර ගන්න. ඉන්පසු එම මිශ්‍රණයට මිත්‍රත්වය හා සමාව
අවශ්‍ය පමණට එක් කර හිරු එළියෙන් උණුසුම්කර ගන්න. එයට සිනහව ද එක් කර අන් අයගේ ද
සහය ඇතිව පරිත්‍යාගශීලීව දිනපතා ඔබට හමුවන සැමට බෙදා දෙන්න.
(යක්කල ශ්‍රී ඥාණෝදය පිරිවෙනේ පුස්තකාල දැන්වීම්
පුවරුවේ තිබී පිටපත් කර ගන්නා ලදී. කර්තෘ අඥාතයි)
මේක නං බක බක ගාන්න ඕන නිසාම දාපු එකක්..ඔය බෙහෙත් බඩු ටික හොයගන්න එක තමා අමාරුම දේ.. දැං ඒවා නැත්ත කොහේද වද වෙලා...
ReplyDeleteමලේ, පොල්ලෙන් ගැහුවා වගේ වහාම ක්‍රියාත්මක වෙන පරිදි ස්ථාන මාරු කරලා අලුත් තැනක ඉන්නේ. බක බක ගාගන්නවත් වෙලාවක් හොයා ගන්නෙ බොහොම අමාරුවෙන්...
Deleteගිරිතලේ ගිහිල්ලත් හමාරයි නලියෝ...
Deleteඅපේ කට්ටිය ගාව බලාපොරොත්තු තමයි බැරල් එකක් තියෙන්නෙ.
ReplyDelete'අඥාතයි' කියන කතෘතුමා ගොඩක් පොත් එහෙම ලියල තියෙනව නේද :D
//අපේ කට්ටිය ගාව බලාපොරොත්තු තමයි බැරල් එකක් තියෙන්නෙ.//
Deleteඒකනේ කියන්නේ බලපොරොත්තු අපිව ජිවත් කරවනවා කියලා.
'යහපත්' බලාපොරොත්තු අපිව ජීවත් කරවනවා කිව්වොත් වඩාත් නිවැරදියි මනෝජ් මලේ.
Deleteප්‍රසන්න මලේ, මේක ඇත්තටම කොපි කරගත්ත එකක්. වචන කීපයක් විතරක් එහා මෙහා කළා.
අයියා ඔය කෑම වේලක් හදලා බුෆේ එකක් දාන්න.. අපි එන්නම් කන්ඩ !
ReplyDeleteඅම්මපා මලේ .. මට පුලුවන්නම් මේ කෑම එක හදලා මුලු ලෝකෙටම බෙදන්න ...
Deleteදරුවන්ගෙ නිවාඩු කාලෙ හින්ද නොකාපු කෑමක් වෙන්න ඇති කියල කෙල බේරගන ආව එයාලට හදල දෙන්න කියල.මදෑ කොලෑ.
ReplyDeleteඔය සේරම ටික නම් එකම එකෙනා ගාව විතරමයි තියෙන්නෙ.
අපි ලග නම් ෂුවර් එකටම නැහැ.
ඉල්ලුවොත් නොදී ඉන්නෙත් නැහැ.
ඉල්ලලවත් බලමුද ගාමිණි අයියේ...!
මේ සේරම එකෙක් ගාව තියෙනවානම් වැඳලා හරි ඉල්ලගන්න වටිනවා මලේ ...
Deleteඅමුද්‍රව්‍ය හොයා ගන්න එක තමා අමාරු වැඩේ...
ReplyDeleteමේ එකක්වත් මුදල් වියදම් වෙන ඒවා නෙමෙයි මලේ ... ඒත් කරුමෙට හොයාගන්න හරිම අමාරුයි ..
Deleteඔය රිසිපි එකේ ගොඩක් අය ගාව නැත්තේ අඩුවෙන්ම අවශ්‍ය මේස හැඳි 2--මෘදු බව.මේස හැඳි දෙකයිනේ කියලා නොදා ඉන්න එපා.කෑම එක මෙලෝ රහක් නැතිවෙයි
ReplyDeleteඇත්ත මලේ ... අපි හුඟ දෙනෙක් ඉන්නේ අපේ අයිතිවාසිකම්, උවමනා එපාකම් වෙනුවෙන් ලඟ ඉන්න එකාට පුප්පන්න බලාගෙන ...
Deleteඇයි අයියෙ හිටපු ගමන් කුකෙක් වෙන්න හිතුවෙ..?
ReplyDeleteමාරයගෙ ලිපිය දැකලද..??
පිරිවෙනේ දැන්වීම් පුවරුවෙ තිබිලා අහම්බෙන් මේක දැක්කේ .. අපූරු නිර්මාණයක් කියලා හිතුනා ..
Deleteමාරය මල්ලිට සැටිපිකට් එකක් ලැබිලා නේද ..?
http://ctkumara.blogspot.com/2013/08/blog-post_17.html
මම ඒත් බැලුවා ගාමිණී අයියා සයිවර් කඩයක්වත් දාලද කියලා.... :D
ReplyDeleteනිකං දුන්නත් සමහර එවුං නම් මේවයෙ රහ බලන එකක් නෑ මලේ ...
Deleteජීවන බත් මුට්ටිය මං උයන්නේ මෙතන තියන එව්වා සමහරක් අඩුවෙං වැඩියෙං දාලනේ . ඒකද කොහෙද මෙච්චර නීරස
ReplyDeleteජීවිතේ අපිට ලැබෙන විදියට, ලැබෙන තරමට සතුටින් බාරගමු මලේ ...
Deleteමම මේ බඩු ටික හොයන්න කඩේ යන ගමන්. බලාපොරොත්තුව කොහෙවත් නෑනේ බං.
ReplyDeleteඒවා පොදි බැඳලා තියෙන්නේ අපේම කරේ මචං ...
Deleteniyami uncle
ReplyDeleteThanks putha ..
Deleteඅනේ මට විශ්වාසය කිලෝ 1ක් හොයලා දෙන්න.
ReplyDeleteපරිස්සම් කරගන්න අමාරුම දේ මලේ ...
Deleteබෝතල් කරලා, ලෝකේ හැම තැනටම බෙදන්ට. තාම වෙලඳපොලේ දකින්ට නැති දෙයක් ගැන ඔයා කියලා තියෙන්නේ.
ReplyDeleteමට ලංකාවෙන් ඔයාගේ පොතක් ලැබුණා. මේ දවස්වල ආසාවෙන් ඒක කියවනවා.:)
මුලු ලෝකෙටම බෙදන්න වටින ආහාරයක් තමයි කුමාරි නගේ.
Deleteපොත කියවලා කොමෙන්ට් එකක් දාන්න. ස්තුතියි ..!
මේ ලිස්ට් එකේ තියන සමහර ඒව මං ලඟ නෑනෙ. කාගෙන් හරි ඉල්ලල බලන්න ඕනෙ.. :D
ReplyDeleteඉල්ලගෙන හරි පාවිච්චි කරන්න වටින ඖෂධ මලේ ඒවා ..!
Deleteඅපේ ගමේ ඉස්කෝලෙ ශාලාව උඩ වහලෙ බාල්ක වල ලියලතිබ්බ ආදර්ශ පාඨ මට මතක් උනා. හැමදාම කියවලා එවුව මගෙ හිතෙ තාමත් තියෙනවා. මේ වචන ටික නම් බොහොම වටිනව.වෙනත් තැනකට මාරු උනා ? එහෙනම් දෙසැම්බරේ ලමයිත් එක්ක දඹුලු ගිහින් තලගොයිත් මරං එන්න හිටි එක හරියන්නෙ නෑ..
ReplyDeleteහදිසියෙම ස්ථානය මාරුවුනේ ලංකා. අවශ්‍යතාවයක් උනොත් මට ඊ මේලක් දාන්න.
Deletegaminievijith@gmail.com
ආ.. මේ ගාමිණි අය්යා දාලා තියෙන්නේ අමුර්තය හදන වට්ටෝරුව නේ...
ReplyDeleteහදා ගෙන පාවිච්චි කළොත් නම් අමෘතය වගේ ජීවිතේ රසවත් වෙයි මලේ ..
Deleteරයිට්. මගේ උපදේසෙ මේක ගන්න කලින් හොඳට බඩ පිරෙන්න කාල ඉන්න.
ReplyDeleteඅපට කන්න ටිකක් ඉතුරු වෙන එකක් නෑ කියලා හිතෙනවද මලේ ...?
Deleteඔය කෑම වට්ටෝරුව ගණන් තියෙන කඩේ නමත් දාන්නකෝ මාමේ. :)
ReplyDeleteදෙමල, මුස්ලිම් කඩවල්වල නම් ටිකක් තමයි දාන්න වෙන්නේ කොල්ලෝ ... සිංහල කඩේක මේවා තියෙන්නේ බොහොම කලාතුරකින් ...!
Deletehamoma meka kavanm thama hoda
ReplyDeleteබලෙන් හරි කවන්න වටිනවා ..
Deleteහරිම ලේසි හැබැයි මේ ඔක්කොම අවශ්ය දෑ හොයන්න අමාරු කාර්යයක්නේ කරන්න තියෙන්නේ හ්ම්ම්
ReplyDeleteමේ ඔක්කොම එක තැනකින් හොයාගන්න තමයි අමාරු...තැනින් තැනින් නම් හම්බවේවි :D
ඒක ඇත්ත දරුවෝ ... උගත්, රූමත්, ගුණගරුක, පොහොසත් බිරිඳක් අවශ්‍ය නම් ගෑණු හතරපස් දෙනෙක්ම කසාද බඳින්න වෙනවා වගේ !
Deleteදෙවෙනි ingredient එක නම් හොයන්න ටිකක් අමාරුයි.
ReplyDeleteටිකක් නෙමෙයි බොහොම අමාරුයි, මානෙල් ...!
Deleteගාමිණි කාලෙකින් නොලිවුවෙ ඇයි ?
ReplyDeleteලංකා මම දැන් කොළඹ හෙඩ් ඔෆිස් එකට කොටු වෙලා ඉන්නේ. හුස්මක් ගන්න වෙලාවක් නෑ. පැන්ෂන් ගිහිල්ලම තමයි ආයෙත් නිදහසේ යමක් ලියන්න ලැබෙන්නේ ...!
Deleteමේක ලියන්නෙ නැද්දෝ?
ReplyDeleteමලේ මට පැන්ෂන් ගිහිල්ලම තමයි ආයෙත් යමක් ලියන්න ලැබෙන්නේ ...! මම දැන් හෙඩ් ඔෆිස් එකේ අත් අඩංගුවට පත් වෙලා ඉන්නේ.
Deleteමචං අගෝස්තුත් වුනා. මාස එකොළහකුත් වුනා. අවුරුද්ද ලබන්න යන්නේ මේක වල් වැදිලා. ඔය පොඩ්ඩක් මොනවා හරි ලියහංකෝ බං.
ReplyDeleteමචං තව දවස් පහකින් හරියටම අවුරුද්දයි.
ReplyDeleteමගේ බෙල්ලෙන් අල්ලලා බ්ලොග් ලෝකෙට ඇදගෙන ආපු උඹගෙන් බේරෙන්න බැරි බව මම දන්නවා. අම්මපා මචං දැන් නම් නාහෙනුත් ඉහලට අඩි හත අටක් ගිලිලා ඉන්නේ. මොකවත් ලියන්න වෙන්නේ පැන්ෂන් ගියාට පස්සෙම තමයි. තව අවුරුදු දෙක තුනයි තියෙන්නේ ...! එතකං අමු ද්‍රව්‍ය ටික එක් රැස් කරගන්නං මචං ...
Delete
ReplyDeletePOINTOF.ORG - අලුතෙන්ම ඔබට ඉදිරිපත් කරන සින්ඩියයි. අන්තර්ජාලය තුල නොයෙකුත් සින්ඩි තිබුනත් ඒවායේ කරන්නට තිබෙන්නේ පොස්ටුව එකතු කිරීම පමණයි. නමුත් මෙම සින්ඩිකේටරය මගින් ඔබගේ බ්ලොග් පොස්ට් ඩිලීට් කරන්න, ආයෙ එඩිට් කරන්න වගේම, ඔබගේම කියල ගිනුමකුත් හදාගන්න පුලුවන්. මෙහි අප විසින් සින්හල, දෙමල, හෝ ඉන්ග්‍රීසි ලෙස වෙනස්කම් සිදු නොකොට බ්ලොක් කිරීමක් සිදු කරන්නෙ නැ.
@register - මෙම සැඹැඳිය මගින් ඔබට ගිණුමක් සාදා ගැනීම වෙත යොමු වෙන්න පුලුවන්.@login - දැනටමත් ගිණුමක් සාද ගෙන තියෙනවනම් ඒ වෙත යොමු වෙලා ඔබගේ @username එක හදාගන්න පුලුවන්. ඊට පස්සේ ඔයාගේ විස්තර ඇතුලත් කරන්න.
අපගේ වෙබ් අඩවියේ ඩෙස්ක්ටොප් @DESKTOP හා මොබයිල් @MOBILE යන දෙයාකාරයෙන්ම සකසා තියෙනවා. තවත් දෙයක්, අප දිනපතා, සතිපතා, මාස්පතා ජනප්‍රියම බ්ලොග් පොස්ටුව තෝරනවා. මෙන්න මෙතනින් ඒකට ගිහිලා
බලන්නකෝ මේ පොස්ටුවත් ජනප්‍රිය එකක්ද කියලා. @TODAY'S POPULAR
සැමට ජය!
තව ලියන්න සහෝ
ReplyDeleteවිවේක ගත්තා මදැයි අයියේ... ලියහං ආයෙත්
ReplyDelete