අද උදේ කොල්ලොත් එක්ක කැලේ රිංගපු ජයසූරිය මහත්තයාවයි, කොල්ලන්වයි දෙබරු කාලා. දෙබරු හත් දෙනෙක් කෑවොත් නයෙක් කාපු තරම් විසයි කියලා කතාවක් තියෙනවා. අමාරුද කියලා බලන්න මමත් දුවලා ගියා. මම නිල නිවාසෙට ගිහින් බලනකොට ජයසුරිය මහත්තයා පැනඩෝල් පෙති දෙකක් බීලා ඇවිද ඇවිද හිටියා. දෙබරු, කොන්ඩෙත් අඩු ජයසූරිය මහත්තයගෙ ඔලුවම කාලා, ගෙඩි දෙකක් ඇවිල්ලා. ඒ උනාට ඉතිං ජයසූරිය මහත්තයාට නයි පොළොංගු කෑවත් එක තැනකට වෙලා ඉඳලා පුරුද්දක් නෑ.
විශ්‍රාම යන්න ආසන්න වයසෙ ඉන්න, වැඩි කතා බහක් නැති, කලුම කලු පාට, උස හීන්දෑරි පෙනුමක් ඇති ජයසූරිය මහත්තයා, හොර බොරු, තක්කඩිකම් කුපාඩිකම් නොකරන, කවුරුත් ගෞරව කරන චරිතයක්. ඉතාම තරුණ වයසෙදි විල්පත්තුවෙන් වනදිවිය අරඹලා දැන් ගිරිතලේ ජාතික වනජීවී පුහුණු කේන්ද්‍රයෙ උපදේශකවරයෙක් වෙලා ඉන්නවා. අද මට ජයසූරිය මහත්තයාගෙ දක්ෂතාව, කැපවීම හා ඉවසීම නිසාම නිර්මාණයවුනු ගිරිතලේ වනජීවී කෞතුකාගාරය ගැන ලියන්න හිතුනා. මේ වෙනකොට ඒක ලංකාවෙ සියලුම දුලබ වන සත්තුන්ගෙ හම පුරවලා හදාපු නිදර්ශක දකින්න තියෙන කෞතුකාගාරයක්. ඒ සමහර නිදර්ශක ලංකාවෙ වෙන කොහේවත් නෑ.
සතුන්ගෙ හම සංරක්ෂණය කරලා, නිදර්ශකයක් විදිහට පුරවලා සකස් කරන කලාවට කියන්නෙ 'චර්ම පරිකර්ම ශිල්පය' (Taxidermy) කියලා. නිතර අහන්න දකින්න නොලැබෙන දෙයක් නිසා ඒ ගැන ටිකක් විස්තර කළානම් හොඳයි කියලා හිතෙනවා.
දෙපාර්තමේන්තුවෙ කාට උනත්, කොහේදි හරි මැරුණ සතෙක්ගෙ සිරුරක් ලැබුනොත් මතක් වෙන්නෙ ගිරිතලේ. නරක් වෙලා නැත්නම් අයිස් එක්ක පෙට්ටියක දාලා හැකි ඉක්මනින් මෙහාට එවනවා. ජයසූරිය මහත්තයාත් ගෝලබාල පිරිසත් එක්ක පිහි, මන්න ලෑස්ති කරගෙන ඉඳලා සතා ලැබුන ගමන් ගේම පටන් ගන්නවා. වැඩට බැස්සහම ජයසූරිය මහත්තයාට රැයක් දවාලක් නෑ.
මැරිච්ච සතෙකුගෙ හම ඉවත් කරන්න කලින්, ඉස්සෙල්ලාම කරන්නෙ සතාගෙ සිරුරේ දිග පළල සහ අනෙක් වට මිනුම් අරගන්න එක. සතා නැවත නිර්මාණය කරලා ඉවර උනහමත් ඒ මිනුම් ඒ විදියටම තියෙන්න ඕනෑ. නැත්නම් නියම හැඩය එන්නෙ නෑ.
![]() |
ජයසූරිය මහත්තයාට උදව්වෙන්නෙ නානායක්කාර |
ඉතින් ලොකු සතෙක් නම් හම ඉවත් කරගන්න සමහරවිට පැය හත අටක් ගත වෙනවා. ඊට පස්සෙ ඇල්කොහොල් ද්‍රාවණයෙ දාලා, ඇලවිලා තියෙන මේද කොටස් හූරලා දාලා, පිරිසිදු කරගන්න සමහරවිට දවස් ගනණක් ගත වෙනවා. හොඳින් පිරිසිදු කරගත්තු හම තවත් රසායනික ද්‍රව්‍ය ගණනාවක් දාලා සතියක් දෙකක් පදම් වෙන්න තියනවා.
![]() |
නිමකරගත් ආකෘතිය |
ඒ අතරතුර සතාගෙ ආකෘතිය හදාගන්නවා. ආකෘතිය හදා ගන්නෙ සතාගෙ නිදර්ශකය හදලා ඉවරවුනහම නිරූපනය විය යුතු ඉරියව්ව ගැන හිතලා. නිමවුන නිදර්ශකයෙන් ස්වාභාවිකබව මතුවෙන තරමට තමයි නිර්මාණ කරුවාගෙ දක්ෂතාව ප්‍රදර්ශණය වෙන්නේ. ජයසූරිය මහත්තයා ලඟ ඒ දක්ෂතාව උපරිමයෙන් තියෙනබව මේ එක්ක තියෙන පින්තූරවලින්ම පේනවා.
කම්බි නවලා, වෑල්ඩිං කරලා, හදා ගන්න සැකිල්ලට නයිලොන් නූල් වලින් පිදුරු බැඳලා තමයි ආකෘතිය හදා ගන්නෙ. සතාගෙ සිරුරෙන් ලබාගත්ත මිනුම්වලට අනුව හදාගන්න මේ ආකෘතියට හම පොරවන එක තමයි ඊළඟට කරන්නෙ. හම පොරවලා, කොනක ඉඳලා පිදුරුවලට උඩින්, හමට යටින්, කඩදාසි පල්ප්වලින් පුරවන්න ඕනෑ. ජයසූරිය මහත්තයාගෙ ගෝලයො ටික පරණ පත්තර වතුරෙන් පොඟවලා, වංගෙඩිවල දාලා කොටලා දෙන පල්ප්, ප්ලාස්ටර් ඔෆ් පැරිස් එක්ක කලවං (කවලං ..?) කරලා තමයි ටිකෙන්ටික සතාව පුරවන්නේ. ඒ එක්කම හමේ කැපුම ටික ටික මහලා වහන්නත් ඕනෑ. ඒ හරිය ජයසූරිය මහත්තයා තනියමමයි කරන්නේ. සතාගෙ මාංශ පේෂිවල හැඩය ගැන පවා හිතලා තමයි ඒ ටික කෙරෙන්නේ.
![]() |
කඩදාසි පල්ප් එක |
![]() |
සතාගෙ ඔලුව පුරවලා, මහලා හදාගන්න එක ඉතාම ඉවසිල්ලෙන් කරන්න ඕනෑ |
ජයසූරිය මහත්තයාගෙ අතින් නිර්මාණයවුන සුවිශේෂීම නිදර්ශකය තමයි, 2009 වර්ෂයේ දෙනියාය පැත්තේ තේ වත්තකදි, වනසතුන් දඩයම සඳහා ඇටවූ උගුලකට අහුවෙලා මැරුණු, කලු කොටියාගෙ නිදර්ශකය. කලු කොටියෙකුගේ නිදර්ශකයක්, අපේ ගිරිතලේ කටුගේ ඇරෙන්න සිරි ලංකාවෙ වෙන කොහේවත් නෑ. කලු කොටියෙක් බිහිවෙන්නෙ ඉතාම දුලබ ප්රවේණි ලක්ෂණයක් ප්රමුඛ වීමෙන්, ඉතා කලාතුරකින්. ලංකාවෙ මෙතෙක් කලු කොටින් වාර්තා වෙලා තියෙන්නෙ මධ්‍ය කඳුකරයෙ වැසි වනාන්තරවලින් විතරයි. ලෝකෙ අනිත් රටවලත් කලු කොටියා ඉන්නෙ වැසි වනාන්තරවල විතරයි.
![]() |
හම පෙරවූ ආකෘතිය |
කබල්ලෑවා, හම්බාවා, උරුලෑවා, හඳුන් දිවියා, වල් බලලා, දිය බල්ලා, ගෝනා, නරියා, මීමින්නා වගෙ නිතර දකින්න නැති සත්තු ගොඩක් ජයසූරිය මහත්තයා හදලා තියෙනවා. මාස ගානක් දිවා රෑ පරිප්පු කාලා හදාපු අඩි 6 ක් විතර උස ඇත් පැටවාගේ නිදර්ශකය අනුරාධපුරේ, තිරප්පනේදි දඩයක්කාරයො වල් ඌරන්ට දාපු 'හක්ක පටස්' කාලා මැරිච්ච එකෙක්. අඩි 8 ක් විතර දිග පිඹුරෙකුත් ඉන්නවා. ඌව දැකලා කටුගේ බලන්න එන සමහර ගෑණු දුවනවා.
කොටියෙකුගේ බාහිර ලක්ෂණයි, ඇතුලෙ ඇට සැකිල්ලයි දෙකම දකින්න පුලුවන් විදියට හදලා තියෙන නිදර්ශකය ජයසූරිය මහත්තයාගෙ අපූරු නිර්මාණයක්.
මාදුරු ඔය පැත්තෙ මැරිලා ඉඳලා ගනාපු ගැට කිඹුල් තඩියගෙ දිග 16 කට වැඩියි. කාලෙකට ඉස්සෙල්ලා ඒකනම් හැදුවෙ කොලඹ විශ්ව විද්‍යාලෙ සුරතිස්ස ආචාර්යතුමා. ජයසූරිය මහත්තයා හදාපු හැල කිඹුලෙකුත් ඉන්නවා.

![]() |
නිම කල ගෝනාගේ නිදර්ශකය |
අවුරුද්දෙ දවස් තුන්සිය හැටපස් දවසෙම අපේ කටුගේ විවෘතයි. සුසන්තට හරි ට්‍රෙවිස්ට හරි කලින් ඇමතුමක් දුන්නොත් පාසල් දරුවො වගේ විශේෂ කණ්ඩායම්වලට වීඩියෝ දර්ශණ ඇතුලත් වනජීවී සංරක්ෂණය ගැන දැනුවත් කිරීමේ වැඩසටහනක් යොදා ගන්න පුලුවන් (027 2246773, 4). ඒවට අය කරන්නෙ නෑ. කෞතුකාගාරය බලන්න එන අයට වැඩිදුර විස්තර ලබාදීලා උදව් වෙන්නෙ ලඟදී දෙපාර්තමේන්තුවෙ සේවයට එක්වුනු ජයසූරිය මහත්තයාගෙ පුතා, අසංක. උගෙත් ඇඟ පුරාම මොළේ. ජීවිතේට සතෙක් කුරුල්ලෙක් දිහා නොබලපු එකෙක් ආවත්, බලෙන්ම වනජීවී සංරක්ෂණය ඇඟේ ගහලා අරින්න දක්ෂයි.
ගිරිතලේ ජාතික වනජීවී කෞතුකාගාරයෙ ප්‍රදර්ශණය වෙන්නෙ වන සත්තුන්ගෙ නිදර්ශක විතරක්ම නෙමෙයි. ඉතාම නිහඬව, කිසිම කං කෙඳිරියක් නැතිව, අවුරුදු තිස් ගනණක් තිස්සෙ මේ රටේ වනජීවී සම්පත් සංරක්ෂණය කරන්න තමන්ගෙ උපරිම කාලය, ශක්තිය හා ජීවිතේ තවත් බොහෝ දේ වැය කරපු මිනිහෙකුගෙ අප්‍රමාණ කැපවීම හා නිර්මාණශීලීබවත් එතන ප්‍රදර්ශණය වෙනවා.
![]() |
කෞතුකාගාරය නිර්මාණය කිරීම වෙනුවෙන්, ජයසූරිය මහත්තයාට චන්ද්‍රසේන ඇමතිතුමාගෙන් සේවය අගය කිරීමක් |
පහුගිය 25ස් වැනිදා දහවල් දොලහට කිට්ටුව මං ඔය ඇලහැර පාරේ වැව් බන්ට් එක උඩ හිටගෙනත් හිටියා නෙව...ඒත් ගාමිණි අයියලගේ කාර්යාලයක් තියෙන තැනක් දන්න එකක්යෑ...
ReplyDeleteකොහොම උනත් මගෙයි තව යාළුවෙකුගෙයි කල්පනාවක් තියේ මින්නේරිය වනෝද්‍යානයේ ඇවිදින්න යන්න..ඒ ගමන්ම ගිරිතලේ පැත්තෙත් ඇවිත් යන්ට එඤ්ඤං..මේ ලිපියනං මල් මසුරං... පොඩ්ඩක් ඔය ගිරිතලේ වනෝද්‍යානයේ ඇවිදීම ගැනත් විස්තරයක් දාන්ට බැරි වෙයිද..? ගමන් සැලැස්ම..අය කිරීම් වගේ දේවල් එක්කම වෙන් කල යුතුකාලය ගැනත්...
පුළුවන් කමක් තියේනං මින්නේරිය ගැනත් දැන ගන්න ලැබුනොත් මට ඒක රත්තරං වටිනවා...
අර අන්තිමට ඉන්න කොටියා තමයි හිතට අල්ලපුම නිර්මාණේ...ඇවිත්ම බලඤ්ඤංකෝ
මලේ ඊලඟ පාර නොවරදවාම එන්න ඕනෑ.
Deleteගිරිතලේ පුහුණු කේන්ද්‍රය තියෙන්නෙ 'ජාතික උද්‍යානයක' නෙමෙයි, 'ස්වභාව රක්ෂිතයක්' ඇතුලේ. ඒ නිසා කැලේ අතුලෙ යන්න පාරවල් නෑ. ඒත් මලේ මින්නේරිය, කවුඩුල්ල ජාතික උද්‍යාන තියෙන්නෙ මේ ලඟමයි. ඒවා ඇතුලෙ යන්න පාරවල් තියෙනවා. මට හරි මින්නේරියට හරි කෝල් එකක් දුන්නොත් වැඩි විස්තර දැනගන්න ලේසියි. (මින්නේරිය - 027 3279243)
නියම කලාගාරයක්. (වචනෙ හරිද මන්ද?)
ReplyDeleteමලේ 'කලාගාරයක්' කියන වචනෙ හරියටම හරි ...
Deleteසතෙක්ගේ හමක් පුරවනවා දැක්කමයි.මම මේ කල්පනා කලේ අලියෙක්ගේ හමක් පුරවන්න ආවොත් මක් වෙයිද කියලා.මේ ලිපි කියෙව්වම ඒ පැත්තේ එන්න හිතෙනවා.ඔය පැත්තෙන් ආවොත් නම් අනිවා ඇවිල්ලා ගොඩවෙලාම තමා යන්නේ... මම මෙච්චර කල් හිතුවේ පුළුන් පුරවන්න ඇති කියලා...
ReplyDeleteඅලි පැටියෙකුගෙ නිදර්ශකයක් නම් තියෙනවා. ඒක හදන්න ජයසූරිය මහත්තයයි එයාගෙ කොලු ගැන්සියයි නියම පරිප්පුවක් කෑවා.
Deleteමාර වැඩකාරයොනෙ! ඔළුව තියන සත්තුන්ගෙ හිස්කබලත් එක්කම ගන්නකොට කුණුවෙන කොටස් අයින් කරන්නෙ කොහොමද?
ReplyDeleteහමට යටින් තියෙන මේද කොටස් පුලුවන් තරම් හූරලා අයින් කරනවා. හිස් කබලෙ පිටිපස්සෙ මධ්‍ය ස්නායුව අතුල්වෙන විවරයෙන් කම්බි කොක්කක් දාලා මොළේ සම්පූර්නයෙන්ම අයින් කරනවා. ඒකට ඉතිං ඉවසීම කියන එක උපරිමයෙන්ම තියෙන්න ඕනෑ.
Deleteටීවී එකෙක් එහෙන් මෙහෙන් දැකලා තිබ්බ..එච්චර දැනුමක් නැති පැත්තක් කියෙව්වෙ..අනිවාර්යෙන්ම එන්න ඕනි බලන්න ඒ පැත්තෙ එන කාලෙක..
ReplyDeleteනොවරදවාම එන්න ඕනෑ මලේ.
Deleteලංකාවේ තියෙන තවත් වටිනා තැනක් ගැන හෝඩුවාවක් දැනගත්තා. ජාතික කෞතුකාගාරය ගාව තියෙන සොබාවික විද්‍යා කෞතුකාගාරයට නම් ගිහින් තියෙනවා.
ReplyDeleteඒකට වඩා මේක සුපිරි වගේ :D
පුංචි උනත් බලන්න වටින තැනක් ,,
DeleteThis comment has been removed by the author.
ReplyDeleteබොහොම ස්තුතියි මේ දැනුවත් කිරීම ගැන.ඔය පැත්තේ ඊ ලඟට එන වතාවේ නොවැරදීම ඔතනට එනවා. හැබැයි ඒ වෙනකොට ජයසුරිය මහත්තයා විශ්‍රාම ගිහින් කාලයක් ගත වෙලා තියෙයි.
ReplyDelete"ඉතාම නිහඬව, කිසිම කං කෙඳිරියක් නැතිව, අවුරුදු තිස් ගනණක් තිස්සෙ මේ රටේ වනජීවී සම්පත් සංරක්ෂණය කරන්න තමන්ගෙ උපරිම කාලය, ශක්තිය හා ජීවිතේ තවත් බොහෝ දේ වැය කරපු මිනිහෙකුගෙ අප්‍රමාණ කැපවීම හා නිර්මාණශීලීබවත් එතන ප්‍රදර්ශණය වෙනවා.
- නියම වැඩ කාරයින්ගේ පොදු ස්වභාවයක්.
වැඩක් කරන එකාට අඬ බෙර ගහන්න වෙලාවක් නෑ මලේ.
Deleteඅර කිව්වත් වගෙ උඹට පිං සිද්ධවෙන්න අපේ පවුලෙන් තුන් දෙනෙක්ම පහුගිය දෙසැම්බරයෙ ගිරිතලේ ඇවිත් සදාකාලයට මතක හිටින අත්දැකීම් ටිකක් ලබා ගත්තා. Girithalei stills සහ Girithalei Videos කැමරා මෙමරි කාඩ් පිරෙන්න අරන් දැන් ඔන්න කම්පියුටරේ දාගෙන බලනවා.
ReplyDeleteනමුත් මේ පෝස්ට් එක අපිට වටින්නෙ නිම කරපු නිර්මාණ අපි එදා දැක්කට අපි වැඩේ කරන හැටි ඔය විදියට දැකලා නැති නිසායි.
කශ්ටිය දාලා තියෙන කමෙන්ට්ස් වලින් පේනවා බ්ලොගර්ස්ලා වැලක්ම ඔය පැත්තෙ ලඟදිම ඒවි කියලා. අනේ මචං ඔය අසංකයාට කියලා තියපං ඔය අපේ වෙනියා එතකොට මාරයා හෙම ආවම සුද්දො කියලා හිතලා දහගුණයක් අයකරන්න එලාය කියලා. පාට දැක්ක ගමන් සුද්දො කියලා හිතෙන්න පුලුවන් විශේෂයෙන්ම වෙනියා.
උඹ වගෙ බොසෙක් යටතෙ වැඩ කරන්න කශ්ටිය හරි වාසනාවන්තයි. සාමාන්‍යයෙන් අපේ බොසාලාට නම් අපේ හොඳක් කියන්න දිව නැවෙන්නෙම නෑ. මේ ලඟදි දීපයි මායි නාට්‍යයක් කලා. දැකපු ඔක්කොම ඒක මහ ඉහලින් වර්ණනා කලා. බොසා බුම්මාගෙන හිටියා. මම Prize Day එකේ English Host වැඩේ කලාම එංගලන්තෙ, අයර්ලන්තෙ පෝලන්තෙ ඉඳන් ආපු කශ්ටිය, එතකොට අනිත් ආරාධිතයො ඔක්කොම ලඟට ඇවිත් කිව්වා කිව්ව ඉදිරිපත් කිරීම භාෂාව සුපිරියි කියලා. බොසා තාම මූණවත් බැලුවෙ නෑ. ඉන්දියානුවොත් (එකෙක් දැන්නෙක් හැර) සද්ද නැතුව හිටියා. කාටද ආඩම්බර!
ඒ අතින් උඹ, ඔතන ප්‍රධානියා වෙලා තමන් යටතේ වැඩ කරන මිනිස්සුන්ගෙ හැකියාවන් හඳුනගෙන, ඒ ගැන බ්ලොග් පෝස්ට් ලියනවා. බුවාලා වාසනාවන්තයි මචං.
[කරුවලේ (කලුවරේ) ඉඳං කලවං (කවලං) කරනකොට මටත් පැටලෙනවා (ටැපලෙනවා).]
henryblogwalker the Dude
මට තියෙන එකම බයත් ඕකමයි..සුද්දෙක් කියලා ඒ ගානම මගෙනුත් අය කරයි කියලයි..මට ආරංචි උනු හැටියට හෙන්රි ට එහෙමලු උනේ..හැබැයි තමන් වැටිච්ච වලේ තමන්ගෙ යාලුවො නොවැටෙන්න ක්‍රියා කරන හොඳ ගතිගුණය අගයන්න වටිනවා..
Deleteබොස්ලා ගැන කීව කතාව නම් අත් දෙකම උස්සලා මමත් අනුමත කරනවා..ඒ වගේ තමන්ගෙ යටතෙ ඉන්න අයගේ නියම හකියාව අගයන බොස්ලා ඉන්නෙ බොහොම සීමිත පිරිසයි..
හෙන්රි මචෝ, වෙනි මලේ, අපේ බොසාලා කවදාවත් තේරුම් නොගන්න එක දෙයක් තියෙනවා. අපි කරන දේවල්වලින් අපේ ලාභය 25% යි උන්ට 75% යි කියන එක උන් තේරුම් ගන්නේ නෑ. උන් හිතාගෙන ඉන්නේ අපිට 100% ම ලැබෙනවා, ඒක උන්ගෙන් කැපෙනවා කියලා.
Deleteකවදත් මෙදිහා ඇවිත් අලුතින් යමක් දැනගෙනයි යන්නේ. බොහෝම ස්තුතියි විස්තරයට, පිං
ReplyDeleteසේවයට කැපවූ නිහඬ මිනිසුන් කවදත් සමාජයට යමක් දෙනවා, ජයසූරිය මහත්මයා ගැන ඇතිවුනේ ගෞරවයක්, භක්තියක්.
ඇත්තටම ජයසූරිය මහත්තයාට අපි හැමෝම ගෞරව කරනවා.
Deleteවෙනදා වගේම වැදගත් පෝස්ට් එකක් .. මගේ ලොකු තාත්තා ගාව කලු කොටියෙක්ගේ හමක් තවම තියනවා .. හෙට අනිද්දා දිහාට ඒකේ ෆොටෝ ටිකක් ගහලා තියාගත්තා නම් වටිනවා ..
ReplyDeleteස්තුතියි මේ දැනුවත් කිරීමට
ඒක ලැබිලා තියෙන්නෙ වියලි කලාපයෙ කැලැවකින් නම්, හොඳ තොරතුරක්. පින්තූර ගත්තොත් මටත් ඊ මේල් එකක් දාන්න. gaminievijith@gmail.com ලැබුනු තැන හරියටම අහගන්න.
Deleteකොටි හම් වගේ ඒවා ළඟ තබා ගැනීම නීතියෙන් තහනම් වගේ කතන්දරයක් මට ඇහිලා තියෙනවා..ඒක හරියටම දන්නෙ නෑ..හෆොයි සඳරූ මලයට ආයිමත් පොලෝසියේ ලඟින්න වෙන වැඩක්ද මන්දා මේක නම් ?! ඒ වගේ නීතිමය පැති ගැනත් ලිපියක් ලියන්න අයියෙ වෙලාව තියෙන විදියට..
DeleteGamini mahaththayo thanks for sharing this article about our loving Jayasooriya mahaththaya....Pls give my rgds to him..
ReplyDeleteNilantha Dayarathna
I will convey your rgds to him
Deleteනිහඬවම අසීමිත සේවාවක් කරලා විශ්‍රාම යන මේ වගේ ශ්‍රේෂ්ට කළා කරුවෙක් මානව හිතවාදියෙක් ගැන සටහනක් තැබීම ගැන ඔබට මගේ අත්‍යන්ත ගවුරවය සොහොයුර.. ඔබත් ඔබේ රජදහනත් දකින්න මම බොහොම ආසාවෙන් බලන් ඉන්නේ..
ReplyDeleteනොවරදවාම එන්න ඕනෑ
Deleteමෙහෙම දේවල් අපි දන්නෙත් නෑ නෙ.ස්තූතියි අපිව මෙහෙම දැනුවත් කරනවට. පොලොන්න්රු යන්න එසේ මෙසේ ආසාවක් නෙවෙයි තියෙන්නෙ. ඉක්මනට එන්න බලන්නම්කො. එතකොට ඔය පැත්තෙ එන්නත් වෙලාව හදා ගන්න ඕනෙ.
ReplyDeleteනොවරදවාම එන්න. පොලොන්නරුව පාරෙ ඉඳලා කෙටි දුරක් එන්න තියෙන්නේ .
Deleteහෙන්රිය නිකමටවත් මේ ගැන කිව්වෙ නෑනෙ, අපරාදෙ මාසයක් ලංකාවෙ ඉඳලත් මෙතනට ගිහින් බලන්න බැරි වුන ගැන නම් හරිම දුකයි.
ReplyDeleteලබන පාර කොහොම හරි එමු, ඔබා අය්යේ.
Deleteඅනිවා...ඩෙෆා..
Deleteඊලඟ පාර ලංකාවට ආවහම අපේ කෞතුකාගාරය බලන්න අනිවාර්යයෙන්ම එන්න බලාපොරොත්තුවෙන් ඔබා අය්යා මේ රිප්ලයි එක දාන්න ඇත්තේ.
Deleteඒත් මේ වෙනකොට ඔබා අය්යා නික්ම ගිහින්. (සනත් විජේවර්ධන - Observer)
ඔබට නිවන් සුව!
ස්තුතියි ගාමිණි ලඟදිම එනව ඔය පෑත්තෙ.. ගොඩාක් වටින ලිපියක්.
ReplyDeleteඑන්න ... එන්න..
DeleteThis comment has been removed by the author.
ReplyDeleteහරිම වටිනා ලිපියක්.ඔය වගේ දේවල් හදන්නේ කොහොමද කියලා මටත් ප්‍රශ්නයක් වෙලා තිබුනේ.බොහෝම ස්තුතියි අය්යේ දිගටම ලියන්න.
ReplyDeleteස්තුතියි මලේ ....
Deleteසමරකෝන් අය්යා,
ReplyDeleteසරල භාෂාවෙන් විද්‍යාව ඉගැන්වීම සම්බන්ධව මෙම ලිපියෙන් අපේ පර්යේෂකයන්ට බොහෝ දේවල් ඉගෙන ගන්න පුළුවන්...විද්‍යාත්මක දේවල් සරල බසින් ලියන්න බැහැ කියල කියන අයටත් මෙය හොඳ ලිපියක්...
මම ගිරිතලේ හිටපු කාලේ හරිම සුන්දරයි...කැම්පස් ඒකෙන් කෙලින්ම ඇවිල්ල..ගිරිතලේදී වනජීවියේ ලබපු අත්දැකීම් හුඟක් තියෙනවා..ජයසූරිය මහත්තය.. ගැන කියල තියෙන ගැන මම සම්පුර්ණයෙන්ම එකඟයි..මමත් Museum එක සුද්ද කරන්න සහභාගී වුනා 1999 ඒ කාලේ ඉඳලම මේ වැඩේ කරගෙන ආවේ..library එක ගැනත් කියන්න එකේ එහින් සමහර පොත් මම වෙන කිසිම library එකක දැකල නැහැ...
ජයසූරිය මහත්තයා සමග ලැබූ සුන්දර අත්දැකීම් පස්සේ ලියන්නම්...
භාතිය මලේ ස්තුතියි ඒ කාලය මතක් කළාට. මම කලින් පාර ගිරිතලේ ඉන්න කොට කැම්පස්වලින් ආපු ළමයි කීප දෙනෙක් මෙහාට අනුයුක්ත කරලා හිටියා. අපි දෙගොල්ලොම බොහෝ දේ එකිනෙකාගෙන් ඉගෙන ගත්තා.
Deleteමේ පැත්තෙ ආවොත් ඇවිත් යන්න. ලොකු වෙනසක් පෙනේවි.
මම තව දුරටත් ලිපිය කියෙව්වා. පැහැදිලි වෙනසක් පෙනෙනවා. වනජීවිය මේ වගේ වැඩ වෙන එක ඉතාහමත්ම හොඳයි.........
Deleteබොහෝම වටිනා ලිපියක්....
ReplyDeleteඅපිත් ලගදී ඔය පැත්තේ එන්න ඉන්නේ... ආවොත් අනිවා එනවා ඕක බලන්න.
එන්න ... එන්න..
Deleteගොඩක් වටිනා ලිපියක් ගාමිණි අයියේ...
ReplyDeleteකළු කොටියව බලන්න එන්න ඉස්සර ඉඳලම ආසාවෙන් හිටියේ, ඒත් වෙලාවක් ලැබුනේ නැහැ.
මම දැන් ලංකාවට ඇවිත් ඉන්න නිසා ළඟදීම ඔය පැත්තේ එවෙන්න ඉඩ තියෙනවා.
තාම දිනයක් කියන්න බැහැ, එන්න කලින් අනිවාර්යයෙන්ම දන්වලා එවන්නම්.
එමු මලේ .. මට කලින් කෝල් එකක් දාන්න අමතක කරන්න එපා.
Deleteකවලං.. නේ?
ReplyDeleteමේ ළඟදි වෙහෙරගල ගිය වෙලාවේ අපේ මිත්‍ර වනජීවියෝ(:P) වෙන ඇල්ලෙ මහින්දයි එදාම අඳුනගත්ත ලුණුගම්වෙහෙරෙ ඉන්න මලයයි(නම නම් මතක නෑ. මදුශාන් වගේ මතක) ගිරිතලේ මියුසියම් එක ගැන ගොඩක් කතා වුනා. කොහොම හරි උන් දෙන්නා ඕක බලවන තැනට වැඩ සිද්ද කොරා. එන්න ඉන්නේ මේ මාසෙම පුළුවන් උනොත්.
මං අහන්නම හිටියෙ අඳුන් දිවියා ගැන. එදා කතාවුනේ ඇත්තටම කළු දිවියා කියන්නේ ඇළි දිවියාය කියලා.ඇත්තද මේක. දිවිය ඇළි වෙන්නේ පුළ්ලි ටික ගියාමද?
'අඳුන්' දිවියා කියන්නෙ 'හඳුන්' දිවියාටමද කියන එක මට ෂුවර් නෑ. හඳුන් දිවියා (Fishing Cat) කියලා බළල් පවුලෙ වෙනම සතෙක් ඉන්නවා.
Deleteකලු කොටියා ගෙ පුල්ලි වලට උඩින් තමයි කලුපාට තියෙන්නේ. ලං වෙලා බැලුවහම පුල්ලි පේනවා. පෝස්ට් එකේ පින්තූරෙත් පුල්ලි යන්තමට පේනවා.
'ඇලි' (Albino) වචනය පාවිච්චි වෙන්නේ වර්ණක නැති නිසා සුදු පාටට පේන එවුන්ට. ඇලි ව්‍යාඝ්‍රයො (Tiger) හිටියට ඇලි කොටි ඉන්න බවක් වාර්තා වෙලා තියෙනවා මම දැකලා නෑ.
ගිරිතලේට ආවොත් නම් ඔය හුඟක් දේ සැකහැර දැනගන්න පුලුවන්.
බොහොම වටින තොරතුරක්..ඒ වගේම නිහඩව වටිනා සේවයක් කරන ජයසූරිය මහත්තයා ගැන ලොකු ගෞරවයක් ඇතිවුනා.
ReplyDeleteපොළොන්නරුවට ආවොත් නොවැරදීම ඇවිත් යනවා
ජයසූරිය මහත්තයාට අපි හැමෝම ගෞරව කරනවා. ඇවිත් යන්න එන්න.
Deleteෂාහු ආසාවෙ බෑ.... :-)
ReplyDeleteආවොත් ඇස් දෙකෙන්ම බලාගන්න පුලුවන්.
Delete2009 අවුරුද්දේ අපි පොළොන්නරුවේ ආවා ඔෆිසියේ කාණ්ඩේ එක්ක. අර ගිරිතලේ වැව ඉස්සරහ තියෙන හෝටලේ තමයි හිටියේ. අපරාදේ දන්නවා නං ඒ කාලේ අපි කාණ්ඩෙටම මෙතැන බලා කියා ගන්න තිබුනා. ඒත් දැන් දන්නවානේ. ආයේ ආ වෙලාවක ගිහින් බලන්න ම ඕනා.
ReplyDeleteඊලඟ පාර නොවරදවාම එන්න.
ReplyDeleteමේ බ්ලොග් එක දැක්කේ අද. හරිම වටින බ්ලොග් එකක්. මේ ලිපියත් හරි අපූරුයි. දිගටම ලියන්න. ජය වේවා!
ReplyDeleteඩිල්ශාන් (දිල්ශාන් ..?) ගෙ 'තෙවෙනි ඇස' ට ගොඩ වෙලා බැලුවා. පින්තූරටික වගේම සරලව ලියා ඇති විස්තරයත් ඉතාම අපූරුයි. දැනුම වගේම පරිසරවේදියෙකුගෙ තිබිය යුතු යහපත් චර්යාවන් ගැනත් කතා කිරීම ඉතාම වැදගත්.
Deleteපොලොන්නරුව පැත්තෙ ආවොත් ගිරිතලේත් එන්න.
මේ ගැන ලිපියක් අද ලක්බිම පත්තරේ තියෙනව.
ReplyDeleteපත්තරේ ගෙන්නගෙන බැලුවා මලේ. පරිසරය ගැන නිතර ලියන සුපුන් ළහිරු ප්‍රකාශ් ඒක ලියලා තියෙන්නේ. සත්තුන්ගෙ පසුබිම් කතාවත් එක්ක හොඳට ලියලා තියෙනවා.
Deleteසැබෑම දක්ෂයෝ ටිකක්.. ඔබතුමාට ස්තුතියි මේවා අපිත් එක්ක බෙදාහදා ගත්තට.
ReplyDeleteස්තුතියි ඇනෝ ..
Deleteබොහොම වටින වැඩක්. වෙන කියන්න වචන එන්නේ නෑ. හරිම අපූරුයි.
ReplyDeleteස්තුතියි මලේ ....
ReplyDeleteසුපිරි පොස්ටුවක් අදමයි මේ පළාතේ ගොඩ වැදුනේ ආයෙම එනවා අනිවා. ලංකාවට ආව විට කලගාරයත් නැරඹීමට එන්නම් කෝ
ReplyDeleteස්තුතියි කොරළේ මහත්තයා ...!
Deleteමාරයාගේ මග පෙන්වීම නොවන්නට මේ බ්ලොගිය තව දුරටත් මට මග හැරී තිබෙන්නට තිබුනා... වනජීවීන් ගැන දැනගන්න මමත් ඉතාමත් කැමතියි... අද සිට ඉදිරියට සිරා මේ පැත්තට අනිවාර්යෙන් එනවා... ජය !
ReplyDeleteස්තුතියි මලේ ...! ලෑලි දොරට තට්ටුවක් දාලා ආවා. ආයෙත් හමුවෙමු ...
Deleteඔය පැත්තේ ආවොත් අනිවා එනවා! මොකෝ වන ජීවී වැඩ කටයුතු කියන්නේ මම ආසම සබ්ජෙක්ට් එකක්!
ReplyDeleteස්තුතියි පුතා ...! නාඩි බ්ලොග් එක පැත්තේ ගියා. ආයෙත් හමුවෙමු ...
Deleteඅද තමයි මෙහාට ගොඩවුනේ. ඔගේ කාර්යය ඉහලින්ම අගය කරනවා. ගිරිතලේ යුද හමුදා පොලීසිය ළඟින්ද එන්නේ. මට පුළුවන් වෙයි ළඟදීම එන්න.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
ගිරිතලේ යුධ හමුදා පොලිසිය ලඟින් පටන්ගන්න ඇලහැර පාරේ කිලෝ මීටර් 2-3 ක් යනකොට දකුණු පැත්තේ 'ජාතික වනජීවී පර්යේෂණ හා පුහුණු කේන්ද්‍රය' තියෙන්නේ. හොයාගන්න අපහසුවක් නෑ. බෝඩ් එකක් ගහලා තියෙනවා.
Deleteමාත් ලන්ගදි එනවා ඔය පෑත්තෙ. ගූගල් මැප් එකක ලින්ක් එකක් දාන්ඩ පුලුවන් නම් රස්තියාදුවක් නැතුව එන්ඩ පුලුවන්. පින්
ReplyDeleteගූගල් මැප් එකක් දා ගන්න ට්‍රයි කරලා බලන්නම්. හොයාගන්න අමාරුවක් නෑ. ඉහල කොමෙන්ට් එක බලන්න.
Deleteඅදමයි ආවෙ. වෙන පාරකිං ආවත් නියම තැනකට ගොඩ උනේ. අවසාන ඡේදයට මං හරි ගරු කරනව. ඇත්තමයි තමංගෙ බොහෝ දේ(බොහෝ දේ කිව්වට වඩා හොඳයි හැමදේම කිව්වනං) කැප කරපු මේ වගේ මිනිස්සු තමයි හැබෑ මිනිසුසු.
ReplyDeleteජය වේවා.
පුලුවන් වෙලාවක මේ පැත්තේ එන්න.
Deleteදයියා ගුරුතුමාගෙ බ්ලොග් එක පාලුවට ඇරලා ඇයි? එලිපෙහෙලි කරලා මොනවා හරි හිටවන්නකෝ ..
Never knew about this before. I like to have a visit. Thanks!
ReplyDeleteThanks Saliya, welcome.
Delete1996 -97 කාලේ කීපවතාවක් ඔය පැත්තේ ආවා . දියබෙදුමේ නතර වෙලත් හිටියා . ආයේ කවද යන්න ලැබෙයිද දන්නේ නැහැ . ගියොත් අනිවාර්යයෙන් බලන්න වටිනා තැනක් . නිහඬ මිනිසුන්ගේ වටිනා සේවයක් .
ReplyDeleteවෙලාවක එන්න බින්දි අපේ කටුගේ බලන්න ...
Deleteඑක කියවන අයට දැන ගන්නයි මම මේ දේ ලියන්නෙ. ජයසූරිය මහත්තයා වසර ගනනාවක ඉඳන් ඔය දේවල් කලත්, ඒ දේවල් ගැන නියම ඇගයීමක් තිබුනෙ නෑ. සමරකෝන් මහත්තය ගිරිතලේ වනජීවී පුහුණු කේන්ද්‍රයේ ලොකු වෙනසක් කරන්න මුල පුරපු එකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ වනජීවී කෞතුකාගාරයත් එක්ක ජයසූරිය මහත්තයා සහ ඔහුගේ ගෝලයො සෙට් එකේ දස්කම් අපිට බලන්න ලැබුනෙ.
ReplyDeleteප.ලි.- පසුගිය වසර 6 කට අධික කාලයක් තිසසේ වසරකට 6 -7 වතාවක් වත් ගිරිතලේ පැමිණ මේ දේවල් නැරඹීමට භාග්‍ය ලැබූවද නව රැකියාවත් සමඟ ඒ සියල්ල මඟ හැරී ඇති බව දැනේ. එසේ වුවද සතා සීපාවාට ඇති ඇල්ම එලෙසම ඇත.
කොමෙන්ට් එකට ස්තුතියි ප්‍රසාද් පුතා. වනජීවියෙන් වෙන් වෙලා ගියත් පාසල් දරුවන් තුළ ඔයාට ඒ ඇල්ම ඇති කරන්න පුලුවන්. ඒක මෙහේදි කරපු සේවය වගේම වටිනා සේවයක් ...!
Deleteදැන්වීම් පුවරුවක් වත් ගහල තියනවද ගිරිතලේ හංදිය පැත්තෙ?? එහෙම තියනවනම් අමතක වෙලා හරි ඒ පැත්තෙ ආපු වෙලාවක බෝඩ් එක දැකල හරි එන්න මතක් වේවිනෙ.
ReplyDeleteගිරිතලේ වැව ගාව තියෙන අව්කන බුදු පිලිමයේ අනුරුව ගාවින් දකුණට හැරෙනකොටම පාරේ වම් පැත්තේ බෝඩ් එකක් ගහලා තියෙනවා. ඇලහැර පාරේ කිමී දෙක හමාරක් විතර එනකොට දකුණුපැත්තේ ඇතුල්වෙන තැන තව බෝඩ් එකක් තියෙනවා.
Deleteඔයාගෙ Title එකයි Description එකයි හුගක් අපූරුයි ( පොත්ත හොඳනං අරටුවත් හොඳයිනේ කියල කියන්නේ ඒකනේ මහත්තයෝ ).මටත් මාර ගැම්මක් ආවා ඒක දැක්කම, ඔව් ඕයි, අම්මපා !
ReplyDeleteස්තුතියි තගා මලේ ...!
DeleteCoodinates for Training Center, Girithale: 7.9815213N and 80.915566E
ReplyDeleteThanks macho ... taken from Google earth ...?
Deleteපොලොන්නරුව පැත්තෙ ආවම අනිවා එන්න ඕන. බොහොම ස්තූතී තොරතුර දුන්නට..
ReplyDeleteනොවරදවාම එන්න මලේ ... දකින්න දේ එමටයි.
Deleteඅනේ අපරාදේ මං 2011 ඔය හරියට ඇවිත් ගියා,.. මගේ ඇහැ ගැටුනේ දැන් නේ මේක.. ඊලග වතාවේ ලංකාවට අවාම මං එනවාමයි මෙතනට..
ReplyDeleteඑමු .. එමු .. පුතා ..!
Deletegodak vens vela girithale,mata mthakai punche kale jayasuriya uncle kurullo plun puravala hadanakota mn gehen balagena heteye harima asaven.ehema godak kaleka idan kapavela karpu deyak neda uncle.podi kale vagema ayeth girithale inna bari vena eka gananm godak duakai.eth ethen pluvn velavka enna ona uncle.
ReplyDeletea mn kauda keyala keuve ne ne,mama isuru...
ReplyDeleteඉසුරු පුතා, ඔයා පුංචි කාලෙ දැක්කට වඩා දැං ගිරිතලේ ගොඩක් වෙනස්. ආවොත් සතුටු හිතෙයි. මට කලින් කෝල් එකක් දාලා එන්න. ජයසූරිය මාමත් කැමතිවෙයි ඔයාව දකින්න.
Deleteබලන්න වටින තැනක්....,
ReplyDeleteමෙවන් පුතුන් ලක් මෑණියන්හට වාසනාවන්.
!
ReplyDeleteඅැත්තටම මෙය දකින්නට ලැබීම වාසනාවක්. සැබෑම සතුටක්. දවසක අනිවාර්යෙන්ම අපිත් ඒන්නම් බලල යන්න...
ReplyDeleteඅැත්තටම බාලදක්ෂයන් මෙය නැරඹිය යුතුම ස්ථානයක්... මේ ලිපිය අපි දැනට https://www.facebook.com/groups/ScoutingBloggers/ ලට පෙන්නන ඒක්කරන්නම්....
Deleteඋබව බලන්න එන්න හිතෙනවා.. බ්ලොගේට නවකයෙක්..
ReplyDelete