මේ ළඟදි පත්තරවල තිබුනා, වේයන්ගොඩ පැත්තේ කෝච්චියකින් වැටිලා රෝදවලට කකුල් දෙකම වෙන්වෙලා ඉන්දෙද්දිත් පැය එකහමාරක් තිස්සේ තමන්ගෙ අම්මත්, නංගිත් ගැන කතාකරකර ඉඳලා මියගිය තරුණ ළමයෙක් ගැන ඉතාම සංවේදී කතාවක්. ඒ වගේ බරපතල තුවාලවලින් වේදනාවක් ඇති නොවන බව මම අහලා තිබුනත්, නියත මරණය ඉදිරියේ ඇතිවෙන කම්පනය දරාගෙන තමන්ගෙ ආදරණීයයන්ට ඇතිවෙන දුක ගැන හිතන්න, ඒ දරුවට ලොකු ආත්ම ශක්තියක් තියෙන්න ඇති කියලා මට හිතෙනවා.
ඒ ප්‍රවෘතිය දැකලා, ළං ළංව එන මරණය දැක දැක, ඊට ඉතාම සන්සුන්ව සූදානම් වූ වැඩිහිටියන් දෙන්නෙක් ගැන මට මතක් උනා. මේ ලියන්න සූදානම් වෙන්නෙ එයින් එක්කෙනෙක් ගැන.
ගාල්ලෙ, කීඹිය පැත්තෙ ජීවත්වුන පලිහපිටිය ගමගේ කරෝලිස් ඉපදුන වර්ෂය ගැන නිශ්චිතවම කියන්න බැරි උනත්, දරුවන්ගෙ වයස අනුව ඔහු ඉපදුනේ අඩුම තරමෙ 1890 ආසන්න වර්ෂයක කියලා අනුමාන කරන්න පුලුවන්. තරුණ වයසෙදි තේ වත්තක සේවය කළ ඔහු නිසි වයසෙදි සුදුසු කාන්තාවක් එක්ක විවාහ උනා. දෙමාපියන්ගෙන් උරුමවුන ඉඩකඩම් ඉතාම හොඳින් කළමනාකරණය කළ ඔහු, තමන්ට අයත් මදිනවත්ත ඉඩමේ ලොකු ගෙයක් හදලා පදිංචි වෙන්නත් සූදානම් උනා.
![]() |
පිස්කල් රාළහාමි මදිනවත්තේ පදිංචිව සිටි නිවස |
විවාහයක් කරගෙන, ගෙයක් දොරක් හදාගෙන ජීවිතේ ගොඩ නගා ගන්න උත්සාහ කළත් ඔහුගෙ ජීවිතේ ලොකු අඩුපාඩුවක් තුබුනා. අවුරුදු කීපයක් ගත උනත් පළමු විවාහයෙන් ඔහුට දරු පල ලැබුනේ නෑ. දරු මල්ලො හදාගෙන ඉදිරි පරම්පරාව දකින්න ලොකු බලාපොරොත්තුවකින් හිටියත්, ඒ වාසනාව නොලද නිසාම ඔහු පස්සෙ කාලෙකදි මත්පැන් පානය කරන්න පෙළඹුනාලු. (එකත් එකටම කිතුල් රා වෙන්න ඕනෑ, ගේ වටේටම කිතුල් ගස් ගොන්නක් තිබුනා). ඉතින් අවසානයෙදි දෙන්නගෙ වැඩිහිටියො සේරම එකඟ වෙලා ඒකට අපූරු විසඳුමක් දුන්නා. විසඳුම තමයි පළමු බිරිඳගෙත් එකඟත්වය ඇතිව ඇයගෙ නැගණියත් කැන්දාගෙන ඒම.
පලිහපිටිය ගමගේ කරෝලිස් පිස්කල් ආරච්චි |
දරුවන් ලැබීමේ ආසාව නිසා සැමියා තම නැගණිය කැඳවාගෙන ඒම, පළමු බිරිඳ පිළිගත්තේ ඉතාම උපේක්ෂාවෙන්. ඇය සැමියා සහ නැගණිය සමග ඉතාම සාමයෙන් අලුතින් හදලා පදිංචිවුන ගෙදර ජීවත් උනා. පස්සෙ කාලෙකදි ඔහුට ගාල්ලෙ උසාවියෙ පිස්කල් ආරච්චි තනතුරක් ලැබිලා 'මදිනවත්තෙ පිස්කල් රාලහාමි' නමින් හැඳින්වුනා. දෙවෙනි බිරිඳගෙන් ලැබුනු දරුවන් අට දෙනා නිසා ඉතාමත් වාසනාවන්ත පවුල් ජීවිතයකුත් ගත කරන්න ලැබුනා. පළමු බිරිඳත් ඒ දරුවන් තමන්ගෙම දරුවන් වගේ රැක බලා ගත්තා. කළ වරදකට තමන්ගෙ අම්මා දඬුවම් කරන්න හදනකොට ඒ දරුවො දුවගෙන ගියේ ලොකු අම්මා ගාවට. 'මේ දරුවො උඹේද .. මගේද .. ? ..' කියලා ලොකු අම්මා ඒ වෙලාවට දරුවන්ට තමන්ගෙ තියෙන නීතිමය අයිතිය මතක් කරළා දුන්නා කියලා මම අහලා තියෙනවා. ජීවිත ගැටලුවලට ඒ වගෙ සන්සුන් සිතින් මුහුණ දීපු වෙන කාන්තාවක් ගැන මම අහලා නෑ.
පස්සෙ කාලෙක පිස්කල් රාළහාමිගෙ දූ දරුවො ලොකු මහත් වෙලා හොඳින් ඉගෙනගෙන වැඩි දෙනෙක් රජයේ සේවයට එක්වුනා. එක පුතෙක් සාර්ථක ව්‍යාපාරිකයෙක් බවට පත්වුනා. ඔහුගෙ පළමු බිරිඳ මියගියේ පනහ දශකය අවසානයෙදි. ඊට පස්සෙ තමයි රාළහාමිගෙත්, දෙවෙනි බිරිඳගෙත් විවාහය ලියාපදිංචි කළේ. එතකොට දරුවන්ටත් දරුවො ලැබිලා.
ඉතින් දරුවො දීගතල දීලා, ඉතාම වාසනාවන්ත ජීවිතයක් ගත කළ මදිනවත්තෙ පිස්කල් රාළහාමි, 1974 වර්ෂයෙ මැදදි තමන්ගෙ ජීවිතයෙ අවසානයට සූදානම් වෙමින් හිටියා. ඒ සඳහා ඔහු වෙත තිබුනු සූදානම හෙළි වෙන්නෙ, මරණයට මාස කිහිපයකට කලින් සිය වැඩිමහල් දියණියට, තමන්ගෙම අත් අකුරින් ලියා එවූ ලිපියකින්. ඒ ලිපියේ ස්කෑන් කරපු ඡායාරූපයක් මේ පොස්ට් එකේ ඇතුලත් කරලා තියෙනවා. ඒකෙ ලියවිලා තියෙන්නෙ, සදාකාලිකවම ජීවත් වෙනවා කියලා හිතාගෙන ජවුසං නටන අපි විසින්, නැවත නැවතත් හිතා බැලිය යුතු අදහස් කීපයක්,
![]() |
පිස්කල් රාළහාමි සිය වැඩිමහල් දියණියට ලියූ අවසන් ලිපිය |
' තිසරණ සරණ වේවා, ආධරවන්ත දුවනිය වෙත ලියා තියන්න මට හිතුනා. එම නිසා මම මෙසේ ලියා තබමි. දුව මෙහි ඇවිත් ගියාට පසු මට අසනීප ගති ඇති උනා. මොනවා කරන්නද මේ ලෝකෙ ජීවත් වෙලා හැමදාම ඉන්න බැරි
බව මම දන්නවා. මගෙ ගෑනු ලමයින්ට කවදා හරි හොඳ කලක් යාවිය කියා මම සිතමි. මගේ ..... පුතා ගැන මට කනගාටු හිතෙනවා. ඒ දෙන්නම රටේ හොඳ හිත තියාගෙන ඉන්න දන්නෙ නෑ. මගේ මරනේ කෙරුනම දෙල්ගොඩ ඉන්න පුතාට කියා ඇති ගෙට බස්නා ඉර පැත්තේ ඇල්බීසියා ගහට යටි පැත්ත එලිකරවා ගන්ට. මම කියා ඇති පුච්චන්න ඕන නම් කජ්ජු ගහක් කපාගත්තාම ඇති. මෙහි යම් සුලු මුදලක් ඇති. එය මගේ මරනෙට ගන්න. මගේ ලොකු දුවත් ලොකු බෑනත් අම්මාට කර සාත්තු ඇති සසර කොට කර ගන්න. හොඳටම ඇති. ඔබ දෙපලට නිවන් සැප ලැබේවා. - පියා (පී. ජී. කරෝලිස්)'
ඉතාම සංසුන් සිතින් සිය මරණයට නිර්භයව සූදානම් වෙන මිනිසෙකුගේ සිතුවිලි, ඒ ලිපියේ ගැබ් වෙලා තියෙනවා කියලා මට හිතෙනවා. ජීවිතයේ අනියත බව, දරුවන්ගෙ අනාගතය ගැන යහපත් බලාපොරොත්තු, අසල්වාසීන් එක්ක හොඳ හිත පවත්වා නොගත් දරුවෙකු ගැන කණගාටුව, ඒ ලියුමේ කියවෙනවා. ඒ වගේම මරණයෙන් පසු සිය අවමංගල කටයුතු පවා ඔහු සැලසුම් කරනවා. ආදාහනය කල යුතු තැනත්, ඒ සඳහා කපාගතයුතු ගහත් නියම කරනවා. වියදම් සඳහා මුදලක් පවා ඉතුරුකර තබනවා. සිය බිරිඳගෙ අවසන් කාලයේ ඇයට ඇප උපස්ථාන කළ ලොකු දියණියට හා බෑනාට ඔහුගේ ආශීර්වාදය හිමි වෙනවා.
මම මේවා ලිව්වෙ ඒ චරිතවල අපේ ජීවිතවලට එකතුකර ගත හැකි බොහෝ දේ තියෙනවා කියලා හිතුනු නිසා. මදිනවත්තෙ පිස්කල් රාළහාමිගෙ ජීවිත කතාවෙ සිදුවුනු සමහර දේවල් සමාජ සම්මතයන්ට විරුද්ධ ඒවා කියලත් කෙනෙකුට හිතෙන්න පුලුවන්. ඒත් දැනට අවුරුදු සීයකට ආසන්න කාලයකට ඉස්සර ඉතාම ග්‍රාමීය පරිසරයක සිද්දවුනු ඒවා, වර්තමානයෙදි ඔහුට හෝ මේ වෙනකොට සමාජයේ විවිධ තරාතිරම්වල රැඳිලා ඉන්න ඔහුගෙ දරුවන් හා ඊට පසු පරම්පරා දෙකක දරුවන්ට කිසිසේත්ම අගෞරවයක් නොවිය යුතුයි. ඔහුගෙ ලොකු පුතාගෙ දරුවෙක් අමරකීර්තියක්ලත්, අති විශිෂ්ඨ ලේඛකයෙක්.
මේක ලියවුනෙ සියයට සියයක් සත්‍ය කරුණු මත බව ලියලා තියන්න ඕනෑ. ඒ වගේම මේක ලියන වනජීවියා, මදිනවත්තෙ පිස්කල් රාළහාමිගෙ අවසන් ලිපියෙ සඳහන් ලොකු බෑනාට දාව ආදරවන්ත ලොකු දුවණියගෙ කුසෙන් බිහිවුනු එකෙක් බව කියන්නත් කැමතියි.
මචං, මේ කමෙන්ට් එකක් නෙවෙයි මේ දාන්නෙ කමෙන්ට් එක කියවන්නත් කලින්. උඹටත් අර ඔබා අයියට වගේ අමතක වෙන ලෙඩේ හැදිලද කොහෙද. මේ බ්ලොග් පෝස්ට් එක අපේ බ්ලොග් වල අප්ඩේට් වෙන්නෙ හෙඩිං එකක් නැතිව. බ්ලොග් එකට ආවාමත් පේනවා 17. මදිනවත්තේ පිස්කල් රාළාහාමි කියන එක උඩට කර්සර් එක ගෙනිච්චම ඒක ඩෙඩ් ලින්ක් එකක් බව.
ReplyDeleteedit ගිහින් 17. මදිනවත්තේ පිස්කල් රාළාහාමිව Cut කරලා heading box එකේ paste කරපං බලන්න. ඊට පස්සෙ මං තුමාට ඉස්තූති කරලා මේ කමෙන්ට් එක ඩිලීට් කරපං.
හරි කමෙන්ට් එක කියවලා දාන්නම්.
henryblogwalker the Dude
සොරි මචෝ .. ඔන්න හෙඩිම හැදුවා .. ඔබා අය්යට ආසන්න මැන්ටලයක් නේ මචං මමත්..
Deleteදෙයියෝ සාක්කි! ඒත් මම බැලුවා ගාමිණී කොහොමද ශතවර්ෂෙකටත් ඉස්සර ගාල්ලෙ ඉපදුනු පුද්ගලයෙක් ගැන මෙච්චර විස්තර දන්නෙ කියලා. අනික මේ පින්තූරත් එක්ක. අන්තිම වාක්‍ය තමයි punch line එක. ඕකයි මම කලින් කිව්වෙ ජීවිත කාලයක් උඹව ආශ්‍රය කරලත් උඹ ගැන නොදන්න විස්තර මේ බ්ලොග් එක නිසා මම උමේ අනිත් රසිකයොත් එක්කම ඉගෙන ගන්නවා කියලා...
ReplyDeletehenryblogwalker the Dude
මේ තොරතුරු බෙදා හදාගන්න බ්ලොග්කරණයට ඉඩ හදලා දීපු ගූගල් සමාගමට ස්තුති කරමු මචං. නිකං ඉන්න වෙලාවට හිතෙන දේවල් තව කෙනෙක් එක්ක බෙදාගන්න ලැබෙන එක ඇත්තටම සතුටක්.
Deleteobathuma "yala nagenahira ahimi wanaman" kiyana pota liyapu mahattayada...?
ReplyDeleteඔබතුමා හරි .. හිතෙන දේවල් ලිවීමේ උනක් මට ඉස්සර ඉඳන්ම තිබුනා.
Deleteමරණය ගැන සන්සුන්ව හිතපු කරෝලිස් පිස්කල් ආරච්චි මහත්තයා වගේම, ජීවිතය ගැන උපේක්ෂාවෙන් බලපු උන්දැගේ බිරිඳ , කොච්චර නිහතමානි චරිතද? මේ අපිත් එක්ක සසදලා බලද්දී?
ReplyDeleteඇත්තටම මලේ ජීවිතේ දිහා උපේක්ෂාවෙන් බලපු තරමටම ඒ අය සතුටෙනුත් හිටියා කියලා මට හිතෙනවා. ප්‍රෙෂර්, දිය වැඩියාව නැතුව ඒ අයට ස්වාභාවිකව මැරෙන්න ලැබුනෙත් ඒකයි.
Deleteකවදාවත් මැරෙන්නේ නැහැ කියල හිතාගෙන ජිවත් වෙන දැන් කාලේ මිනිස්සුන්ට ගොඩක් ආදර්ශමත් කතාවක්.
ReplyDeleteබොහොම ස්තුතියි ඔබේ ඥාතියාගේ කතාව අපිත් එක්ක බෙදා හදා ගත්තට...
ඔව් ලොකු පුතේ, තව සමහර එවුං හිතාගෙන ඉන්නේ ගොඩගහගෙන ඉන්න ඒවා සේරම යනකොට ගෙනියන්න පුලුවන් කියලා.
Deleteඅද මිනිස්සුන් "බහුතරයකට" මෙච්චර සරලව මැරෙන්න හිත හදා ගන්න බැරි..ආසාවෙන් බදා ගෙන ඉන්න එකතු කරපු ගොඩ නිසා කියලයි මට හිතෙන්නෙ..ඇත්තටම එදා ඒ තිබ්බ සරල බව අදත් තියෙනවා..ඒ මිනිස්සුමයි අද ඉන්නෙත්..වෙනස් වෙලා තියෙන්නෙ ඒ ගොල්ලන්ගෙ සිතුවිලි..
ReplyDelete@වෙනී: මචං, උඹ ලඟදිම සරලව වලකජ්ජ ගහන්න හිතහදාගත්තොත් අර අලුත් කැමරාව මට ඈ?
Deletehenryblogwalker the Dude
පව් මචෝ ... වෙනි මල්ලියා තව චිරාත් කාලයක් ඉන්න ඕනෑ එකෙක්. (උඹ ඕවා විහිලුවට කියන ඒවා බව මම දන්නවා..)
Deleteවෙනී මලේ.. මම සියයට සියයක් එකඟයි .. ඒත් මට හිතෙනවා දැන් අපේ සිතිවිලි වැඩිහරියක් වෙළඳ ලෝකය විසින් මොඩිෆයි කරපු ඒවා. ඉස්සර තිබුනේ 'ඉල්ලුමට සැපයුම'. දැන් අලෙවිකරණය හරහා ඉල්ලුමක් නිර්මාණය කරලා සපයනවා.
මැරුණත් අත ඇරලා යන්න හිත හදා ගන්න බැරිව ඉන්න අයත් ඒ වගේ හිතනවානම් තමන්ටත් අනුන්ටත් යහපතක්මයි වෙන්නේ. ඒ වගේම ජීවත් වෙලා ඉන්න කාලේ හරි කාලයට හරි දේ කරන එකත් යන කොට සැහැල්ලුවෙන් යන්න උදව්වක්. එහෙම කිව්වට අද කාලේ අපි බහුතරයක් අසරණයි. බැරි(ම) වෙන දේ අමතක කරලා දාන එක තමා හොඳම දේ..
ReplyDelete'හරි කාලයට, හරි දේ කරන' එක නම් බොහෝ සිත්තැවුල් වලක්වා ගන්න හේතු වෙනවා ... මටත් දැං මතක් වෙනකොට දුක හිතෙන දේවල් තියෙනවා.
Deleteලියුම දකිනකොටම මට හිතුන ගාමිණී අයියගෙ කවුරුහරි කියල. ලියුමෙන් විතරක් නෙවේ මුව කතාව පුරාම ගන්න තියන ආදර්ශ බොහොමයි. බවලත්තු දෙන්නෙක් සමගියෙන් තියාගෙන හිටිය එකම කොච්චර අමාරු වැඩක්ද.
ReplyDeleteඒකනම් ඇත්ත මලේ ... අපේ උන්දැලාට කොච්චර කිව්වත් එකඟ කර ගන්න බෑනෙ ..
Deleteහොහ් හොහ් හොහ් දැනුයි ඕන් කැට් ජම්ප්ඩ් අවුට් ඔෆ් ද සැක් වුනේ නේ...
Delete:D :D :D
හහ් හහ් හා. epic!!
Deleteමුලින්ම මේ අඩවියට ආවේ ඇන්ටි රේබීස් කියවන්න, සිත් ආර ලියන නලිනියන්ගේ හෝඩුවාවක් හරහා. ඉන් බොහෝ වටිනා තොරතුරු දැන ගත්තා. ඔබේ ලිවීමේ විලාසය ගොඩාක් හිත් ගත්තා. කියවන්න බොහෝ දෑ ඇත. ඉස්පාසුවේ ඇවිත් කියවන්න හිතාගෙන ගියත් ආපහු ආවේ මෙදා.
ReplyDeleteරසවත් විදියට ඉදිරිපත් කර බොහෝම වටිනා පණිවුඩයට බොහෝම පිං.
(මෙතැන සඳහන් වෙන්නේ ගාල්ලේ ප්‍රධාන පාසැලක විදුහල්පති ධූරය දැරූ අමරකීර්ති මහතා ගැනවත්ද?)
ස්තුතියි කොමෙන්ට් එකට ... ඒ මල්ලි විදුහල්පති කෙනෙක් නෙමෙයි. ප්‍රසිද්ධ ලේඛකයෙක්. ටික කලක් ගාලු දිස්ත්‍රික්කෙ දේශපාලනයත් කළා.
Deleteමේ පෝස්ට් එක හනිකට කියවලා ගියත් කමෙන්ට් එකක් දාන්න බැරි වුණේ වැඩ වගයක් වැටිලා තිබුන නිසයි .
ReplyDeleteමරණය එනතුරු ඉවසීමෙන් බලා ඉන්න හැකි අය බොහොම හිඟයි . රටටත් පවුලේ උදවියටත් බරක් නොවී අවසන් ගමන සැනසීමෙන් නිදහසෙන් යන්න හැකිනම් ඔහු හොඳ තැනක ඉප දෙනවා නොඅනුමානයි .
දත් මිටි කකා මැරෙන එවුං අපායෙ යනවා වගේම, සතුටින් මැරෙණ අය හොඳ තැනක ඉපදෙනවා ඇති කියලා මටත් හිතෙනවා සඳරු.
DeleteI enjoyed every article you posted here. But to be frank its the first time i felt like making a comment. I don't know the reason for that.In fact maybe its a shame on me to know those stories by reading a blog being your son. he he...with all the greatness-es of my ancestors, what meant to me most from the articles was to know how great my grandparents were...:)
ReplyDeletesorry couldn't leave my signature in above comment
DeleteKollo, I wanted you to be grown enough to hear those 'adult only' stories about our grandparents. Now you are grown enough and can hear them.
DeleteBut don't take them as good examples, in such situations. They happened under totally different circumstances.
It wasn't a sarcasm that he was having two wives. But how my grandparents(your parents) took care their mother in her last days. I meant that it is great. By knowing myself that how good they were, it was something new i heard about their lives.
DeleteHey Dudes,
DeleteThis is some awesome moment, isn't it? Rushan.
Now that I read your comment I feel less embarrassed, because as I said earlier I'm also getting to know about Gamini more just because of this blog. The things I'd never know if it wasn't for this blog... haha
And your English is fabulous!
henryblogwalker the Dude
Hi uncle its really nice reading your comment and owe you for your care. Hope you all are doing fine and take care always....:)
Deleteඅපූරු සටහනක්!! මනුස්ස ජීවිතේ නොහිතන පැත්තක් ගැන හිතන්න පෙළෙඹෙව්වා. ස්තූතියි ඔබතුමාට !!!
ReplyDeleteමිටියාවත පැත්තෙ ගියා. ලස්සණ කවි ටිකක් ලියලා තියෙනවා.
Deleteමෙලොව ඉපදුණු හැමෝම මරණය උරුම කරගෙන ආවත් ලේසියෙන් ජීවිතේ අත් අරින්න කැමති නැති උදවිය ඉන්න බව තේරුණා පහුගිය දවස් ටිකේම කොළඹ ජාතික රෝහලට ගිය නිසා. එහෙම බලද්දී මේ පිස්කල් රාළහාමි වටිනා කියන පුද්ගලයෙක්
ReplyDeleteඇත්තටම එතුමගෙ (අපි කිව්වෙ 'මුත්තන්ඩී' කියලා) චරිතයෙන් ඉගෙනගතහැකි දේ බොහොමයි.
Deleteපුදුමාකාර කතාවක් අන්තිම මොහොත වෙනකන් මම හිතුවේ නෑ මේ ඔබතුමාගේ පවුලේ විස්තරයක් කියලා.ඒ විතරක් නෙමෙයි ඔබතුමා යාල ගැන පොතක් ලිව්වා කියලත් දැනගත්තේ මේ දැන් කොමෙන්ට් එකක් කියවලා....
ReplyDeleteඉස්සර මිනිස්සු පුදුමාකාර සංයමයකින් ජීවත් වුනා කියන්න හොඳ උදාහරණයක් මේක.මම බ්ලොග් එකක නොකියවපු තාලේ කතාවක්.ඔබට බොහෝ ජීවන අත්දැකීම් ඇති කියලා විශ්වාස කරනවා.මේ වගේ කතා ඉදිරියටත් දාවි නේද
අවුරුදු 54 ක ජීවිතේදි මුණ ගැහුනු කලු, සුදු චරිත හුඟක් තියෙනවා, අපට බොහෝ දේ ඉගෙනගතහැකි. ඉදිරියෙදි ඔවුන් ගැන ලියන්න හිතාගෙන ඉන්නවා.
Deleteරාළහාමිටත් වඩා මගෙ සිත් ගත්තෙ ඔහුගෙ පළමු බිරියගෙ ඉවසීමේ ශක්තිය... සමහරවිට තමාගේම නැගණිය නිසා වෙන්නත් පුළුවන්.. වෙන කෙනෙක් දෙවන බිරිය වුවානම් තත්ත්වය වෙනස් වෙන්න තිබ්බාදැයි දන්නෙ නෑ.. කොහොම උනත් රාළහාමිව අගය කරනවා වගේම පළමු බිරඳවද අගය කළ යුතුමයි.. අපේ මහත්තැන්ල ලස්සන නෝනෙක් එක්ක කථා නෙමේ දිහා බලනකොටත් කේන්ති යන ලෝකේ...
ReplyDeleteනැගණිය වෙනුවෙන් උනත් ඒ වගෙ දෙයක් ඉවසන්න ලොකු ශක්තියක් තියෙන්න ඇති නේද? අපේ අම්මා ඒ ලොකු අම්මා ගැන ලොකු ගෞරවයකින් කතා කළේ.
Deleteඅහන්න දෙයක් නැහැ පිස්කල් රාලහාමිගේ ජාන තුන්වෙනි පරම්පරාවටත් ඒ ගතිගුණ අරන් ඇවිත්..
ReplyDeleteකොයි ගතිගුණේ ද මලේ? පවුල් ජීවිතේට සම්බන්ද ජානෙ නම් අපතෙ ගියා,.
Deleteමම මේ ලෝකෙ කරන්න කැමැතිම රස්සාවක් කරන, ඔබතුමාගේ ලිපි කලින් කියෙව්වේ ඩූඩ් අයියා හරහා... මම ටිකක් කොමෙන්ට් කරන්න කම්මැලි කෙනෙක්, ඒත් මේ මුල්ම කොමෙන්ට් එක ඔබේ මේ ලිපිය අපේ ගම් පළාතට සමීප මගෙත් මිතුරන් රැසක් ඉන්න පළාතක් නිසයි. මගේ ගම නාගොඩ. අයියගේ ගමත් කීඹියමද? කොහොම උනත් සංවේදී සටහනක්... අවංකවම කියනවනම් මමත් කවදහරි කොයිවෙලාවක හරි වෙන්න පුළුවන් මරණය ගැන දැන්ම ඉඳන් හිත හදා ගන්න උත්සාහ කරන කෙනෙක්....
ReplyDeleteමලේ මගෙ අම්මා කීඹියෙ. අම්මා ගුරුවරියෙක් වෙලා පුහුණුවෙන් පස්සෙ දොම්පෙ ඉස්කෝලෙට පත්වීම ලැබිලා ඇවිත් බෝඩිං වෙලා තියෙන්නෙ තාත්තගෙ ගෙදර. කතාවෙ ඉතුරුටික හිතා ගන්න පුලුවන්නෙ නේද?
Deleteහෙන්රියා (DUDE) ත් අපේ ගමේ. අපි එකම ඉස්කෝලෙට ගියේ, මට වඩා පන්ති කීපයක් පහලින් හිටියේ. මට වගේම ඌටත් බාගෙට පිස්සු ඒකයි.
වසන්ත නෑයෙක් වගේ?
ReplyDeleteවසන්ත ...?
Deleteහරිම රසවත් ගාමිණි, මම ගාමිනිගේ විජිතයට ගොඩ උනේ අහම්බෙන්, අහිමි වනමන් හරහා එදා තමයි දැනගත්තේ ගාමිණී කරන්නේ මම ආසමකරන රැකියාව කියල. මම කැලේට සහ සත්තුන්ට ගොඩක් ආදරෙකරන කෙනෙක් (සංසාරේ වැඩි කාලයක් සත්තු වෙලා කැලේ ඉන්න ඇති) ඉතින් දිගටම ගාමිනිගේ විජිතයේ රැදී සිටියා. තරහවෙන්න එපා ගාමිණි මම කොමෙන්ට් ලියන්න හරි කම්මැලි කෙනෙක් මේ සිංහලෙන් ලියන එක මාර ලෙඩක්. බොහෝ ලිපි කියෙඋවා මේ ඒ හැම ලිපියක් වෙනුවෙන් ම ප්‍රණාමයයි.
ReplyDeleteස්තුතියි සාලිය. අපි හැමෝගෙම ජානවලම ඒ කැලේට, කොලේට තියෙන ආසාව ලියවිලා තියෙනවා. ඒත් සමහර එකාලගෙ සල්ලිවලට තියෙන ආසාව ඒක වහගෙන මතුවෙන එක තමයි ප්‍රශ්නේ ..!
Deleteසාලියගෙ බ්ලොග් එක පැත්තේ ගොඩවෙලා බැලුවා. මමත් ඡායාරූපකරණයට බොහොම ආසයි. පුලුවන් හැම වෙලාවකම කැමරාව අරගෙන එලියට බහිනවා.