
අද මම හිතුවෙ වෙනත් රටක සෆාරි පාර්ක් එකකදි දැකපු විදෙස් වන සතුන් කීප දෙනෙක් ගැන ලියන්න.
ලෝකෙ වනසතුන් අතරින් වැඩිම අවධානයක් දිනා ගත්තු සතුන් අතරින් එකෙක් 'යෝධ පැන්ඩා' (Giant Panda). අපූරු වර්ණ රටාව හා සුරතල් පෙනුම, අතිශය සිත්ගන්න සුළු හැසිරීම් රටාව, අතිශයින් වඳ වීමේ තර්ජනයට ලක්ව සිටීම වැනි හේතූන් නිසා ඌ බොහෝ විට අවධානයට ලක් වෙනවා. 'ලෝක වනසත්ව අරමුදලේ' (WWF) ලාන්ඡනයටත් යොදාගෙන තියෙන්නෙ පැන්ඩාවෙකුගෙ රූපයක් නිසා ඌට අමතර අවධානයක් හිමි වෙලා තියෙනවා.
මධ්‍යම චීනයෙ කඳුකර පලාත්වලට සීමා වෙලා ඉන්න පැන්ඩා, ස්වාභාවික වාසස්ථාන අහිමි වීම නිසා තර්ජනයට ලක්වෙලා ඉන්නවා. මේ වෙනකොට වනාන්තරවල ඉතුරු වෙලා ඉන්නෙ 2000 - 3000 ක විතර කුඩා ගහනයක් කියලයි විශ්වාස කරන්නෙ.
වලස් පවුලට අයත් උනත් උගේ ආහාරයෙන් 99% ක්ම සමන්විත වෙන්නෙ උණ ශාක පත්‍රවලින්. කුඩා කෘන්තක සතුන් හා සත්ව මලකුණු මත යැපීමේ පුරුද්දකුත් තියෙනවා. මේ සුවිශේෂී පරිසර අවශ්‍යතාවයන් සහ ඉතා අඩු ප්‍රජනන වේගය නිසා යෝධ පැන්ඩාවන් සංරක්ෂනය කර ගැනීම අසීරු කටයුත්තක් වෙලා තියෙනවා.
මේ වගේ අතිශය වඳවීමේ තර්ජනයට ලක් වූ සතුන් සංරක්ෂණයෙදි යොදා ගන්න එක ක්‍රමවේදයක් තමයි 'පරිබාහිර සංරක්ෂණය' (Ex-situ Conservation). ඒකෙන් අදහස් කරන්නෙ ස්වාභාවික පරිසරයෙන් ඉවතට ගෙනැල්ලා සතුන් බෝ කරලා නැවත ස්වාභාවික පරිසරයට මුදා හැරීම. නමුත් සත්වොද්‍යානවලට ගෙන එන පිරිමි පැන්ඩාවන් සංසර්ගය ප්‍රතික්ෂේප කිරීම නිසා ඒක ඒ තරම් සාර්ථක වෙලා නෑ. සමහර පර්යේෂකයො උන්ට 'ව්යාඝ්රා' පෙති දීලා, පැන්ඩාවො සංසර්ගයෙ යෙදෙන 'බ්ලූ' ෆිල්ම් පෙන්නලාත් උත්සාහ කළාලු ලිංගික ක්‍රියාවලට පොළඹව ගන්න. මෑතකදි කෘත්‍රිම සිංචනය කරලා පැටවුන් හදාගත්තු අවස්ථා කීපයක් වාර්තා වෙලා තියෙනවා.

මේ තමයි රුසියාවේ සිට උතුරු ඇමෙරිකාව හා කැනඩාව දක්වා ව්‍යාප්ත වෙලා ඉන්න දුඹුරු වලසා (Brown Bear). ඌ ලෝකෙ වැඩිම ප්‍රදේශයක ව්‍යාප්තියක් ඇති වලස් පවුලෙ සාමාජිකයා හැටියට සැලකෙනවා. ඒ වපසරිය තුල දුඹුරු වලසාගෙ උප විශේෂ 16 ක් හඳුනාගෙන තියෙනවා. ඇතැම් උප විශේෂවලට අයත් දුඹුරු වලසුන් ගේ සාමාන්‍ය බර කිලෝ ග්‍රෑම් 780 ක් (රාත්තල් 1700) පමණ වෙනවා.
දුඹුරු වලසුන් විශාල සංඛ්‍යාවක් තවමත් දකින්නට ලැබුනත් උන් ඉතා විශාල ප්‍රදේශයක, එකිනෙකින් වෙන් වූ කුඩා ගහනයන් හැටියටයි ජීවත් වෙන්නෙ. ඔවුන් අතර ප්රවේණි ලක්ෂණ හුවමාරුවකට ඉඩක් නෑ. ඒ වගේ 'තනිව' සිටීම සත්ව විශෙෂයක දිගු කාලීන පැවැත්මට ලොකු තර්ජනයක්.
දුඹුරු වලසා විශාල නිවාස පරාසයක (Home Range) ජීවත් වෙන සතෙක්. ඌ ඒ ප්‍රදේශයේ තමන්ගෙ වර්ගයට අයත් අනෙක් සතුන් එක්ක එකට ජීවත් වෙනවා. කොටින් (Leopard) වගේ තමන්ටම අයත් වසමක් (Territory) වෙන් කර ගන්නෙ නෑ. හිම වැටෙන ප්‍රදේශවල ඉන්න වලස්සු වසන්ත කාලයෙදි හොඳට කාලා ඇඟේ මේද සංචිතයක් හදා ගන්නවා. ගුහාවකට රිංගලා මාස කීපයක් එක දිගට නිදා ගන්න හිම වැටෙන ශිශිර කාලයෙදි අවශ්‍ය ශක්තිය ඌට සැපයෙන්නෙ ඒ මේද සංචිතයෙන්. (ශිශිර තරණය - Hibernation)
පැටවුන් මරාගෙන කෑමේ නරක පුරුද්ද (Infanticide) දුඹුරු වලසුන්ටත් තියෙනවා. ගැහැණු සතුන් ලිංගික ක්‍රියාවලියට පොලඹව ගන්න තමයි පිරිමි සත්තු එහෙම කරන්නේ.

නිදිමත වැක්කෙරෙන මූණක් තියෙන මෙයා 'කො ආලා' වලසා (Koala Bear ). වලහෙක් කිව්වට මෙයා ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර හා දකුණු ප්‍රදේශවලට සීමාවුනු, 'මාර්සුපියල්' (Marsupial - සේපාටිකයන්, පැසිපොව්වන්) වර්ගයට අයත් කෙනෙක්. ඉතා කුඩා පැටවුන් බිහි කරන මාර්සුපියල් සතුන් උදරීය 'පැසක' දාගෙන තමයි පැටව් ආරක්ෂා කර ගන්නෙ. අපි දන්න අනිත් මාසුපියලා තමයි කැන්ගරුවා. තවත් කීපදෙනෙක් ඉන්නවා.
රුක්වාසී (Arboreal) කො ආලා වලසුන් ජීවත් වෙන්නෙ යූකැලිප්ටස් වනාන්තරවල නිසා, උගේ ආහාරය මුලුමනින්ම වගේ සමන්විත වෙන්නෙ යූකැලිප්ටස් කොලවලින්. ඒවා පෝෂණයෙන් ඉතාම අඩු නිසා කො ආලාවන් දවසේ පැය 20 ක්ම ගත කරන්නෙ නිදා ගන්න.
කො ආලා පැටියෙක් බිහි වෙන්නෙ කළල අවස්ථාවෙදිමයි. නමුත් ඒ වෙනකොට ස්වසන, ආහාර ජීර්ණක, බහිශ්රාවීය පද්ධති හොඳින් වර්ධනය වෙලා. කිරි උරා බීමට තොල් සහ එල්ලී සිටීමට නිය ආදියත් ඒ වෙනකොට වැඩෙනවා. බිහිවෙන පැටියා අම්මගෙ උදරීය පැස තුලට වැදිලා ඉතිරි ළමා කාලය ගත කරනවා.
කො ආලාවන් දේශගුණික විපර්යාසයන්ට ඉතාම සංවේදීයි. 1980 දරුණු නියඟයකින්, ක්වීන්ස්ලන්තෙ කො ආලා ගහනයෙන් 63% ක් මියගිය බවත්, ඉන් පසු ගහන වර්ධනය ඉතා සෙමින් සිදුවූ බවත් කියවෙනවා.
ආදරේ හිතෙන, අහිංසක සතෙක් උනත් කො ආලා අතීතයෙ දි සම් සඳහා ලක්ෂ ගණනින් දඩයම් කෙරුනා. වර්තමානයෙදි ඔවුන්ට තියෙන දරුණුම තර්ජනය තමයි සංවර්ධනය හේතුවෙන් ස්වාභාවික වාසස්ථාන අහිමි වීම.

මේ ඉන්නෙ 'ජෙම්ස්බොක්' (Gemsbok) නමින් හැඳින්වෙන දකුණු අප්‍රිකානු ඇන්ටිලෝපයා. කලහාරී කාන්තාරයෙ ශුෂ්ක පාරිසරික තත්වයන් යටතේ ජීවත්වෙන මේකගෙ අලංකාර අං යුවල නිසාම දඩයමට ලක් වෙනවා. ගැහැණු සතුන්ට තමන්ගෙ පැටව් විලෝපී සතුන්ගෙන් ආරක්ෂා කර ගන්නත්, පිරිමි සතුන්ට තමන්ගෙ වසම (Territory) අනෙක් පිරිමි සතුන්ගෙන් ආරක්ෂා කරගන්නත් ඒ අං යුවල ප්‍රයෝජනවත් වෙනවා.

පැන්ඩා මූණක් තියෙන නිසා මේකට 'රතු පැන්ඩා' (Red Panda) කිව්වට යෝධ පැන්ඩට සමීප ඥාති කමක් නෑ. චීනයෙ හා ඉන්දියාවෙ හිමාලය ආශ්රිත ප්‍රදේශවල ඉන්න රතු පැන්ඩා රුක් වාසී, උණ ශාකය මත යැපෙන සතෙක්. අනිත් සත්තු වගේම ස්වාභාවික වාසස්ථාන අහිමි වීම හා කුඩා ගහනයන්ට සීමා වීම නිසා තර්ජනයට ලක් වෙලා ඉන්නවා.
අර පැන්ඩල වගේ එවුවොනං කාල ඇග බර වැඩිකමටම ප්‍රජනනය නොකර ඉන්නව ඇති. බ්ලූ ෆිල්ම් පෙන්නල උන්වත් නරක් කරන්නද හදන්නෙ. :D
ReplyDeleteකොහොම උනත් ඒ රටවල් මේ සත්තු සංරක්ෂණය කරන්න ගන්න මෙහෙය අගය කරන්න ඕන. ලංකාව වගේ රටක හිටියනං මෙලහකට ඔව්වො හොයාගන්නවත් නැතිවෙනව.
කස්ටිය බලාගෙන ඉන්නකොට ලැජ්ජ ඇති මලේ ...
Deleteලංකාවෙ හිටියනම් පැටව් සේරම ටික අල්ලගෙන යයි ගෙවල්වල හුරතලේට ඇති කරන්න.
කිලෝ සීයක් බර අයියා (ඇයි බන් අර ඉන්ජෙක්ශන් පෝස්ට් එකේ තිබ්බෙ ) කෙනෙකුට කියන කතාද මේ ප්‍රසා කියන්නෙ ?
Delete:D
Deleteහප්පේ වලස්සුන්ටත් තියෙන ප්‍රශ්න....
ReplyDeleteකියලා වැඩක් නෑ ...
Deleteපැන්ඩලට පෙන්නනවා ඇත්තේ ග්‍රීන් ෆිල්ම් මං හිතන්නේ
ReplyDelete>>හිම වැටෙන ප්‍රදේශවල ඉන්න වලස්සු වසන්ත කාලයෙදි හොඳට කාලා ඇඟේ මේද සංචිතයක් හදා ගන්නවා. ගුහාවකට රිංගලා මාස කීපයක් එක දිගට නිදා ගන්න හිම වැටෙන ශිශිර කාලයෙදි අවශ්‍ය ශක්තිය ඌට සැපයෙන්නෙ ඒ මේද සංචිතයෙන්. (ශිශිර තරණය - Hibernation)<<
එතකොට මම දන්න සමහර වනජීවී නිලධරීන් මේද තට්ටුවක් හදාගෙන ඉන්නෙත් ශිශිර තරණයටද මචං?
අඩෝ ... ලබන පාර නිවාඩුවට ඇවිත් අපේ ගේ ඉස්සරහින් යන්න එන්න එපා ... හරිද .. ඩෝ ..
Deleteමඩ කියල මෙහෙමත් මඩ ගහනවද යාළුවන්ට
Deleteපැන්ඩාවන් නම් හරිම හුරතල් පාටයි...ගෙදර එකෙක් ඇති කරන්න තිබුනා නම් මරු...
ReplyDeleteපරම්පරාවම උගස් තියන්න වෙයි මලේ ... චීනෙන් අනිත් රටවල සත්ව උද්‍යානවලට පැන්ඩාවෙක් දෙන්නේ අවුරුදු දහයක කාලයකට, අවුරුද්දකට ඩොලර් මිලියනයක කුලියට. ඒ කාලය ඇතුලත පැටියෙක් හම්බ උනොත් ඌවත් චීනෙටම දෙන්න ඕනලු.
Deleteදැන් එතකොට පැන්ඩා කියන්නේ චින්නුන්ට සල්ලි උල්පතක්...
Deleteඅපි අලි නිකං දෙනවා!
Deleteවයිට් පැන්ඩලත් ඉන්නව නේද
ReplyDeleteවයිට් පැන්ඩා කියලා වෙනම විශේෂයක් ගැන තොරතුරක් හොයාගන්න බැරි උනා. සමහරවිට ඇල්බිනෝ (ඇලි) යෝධ පැන්ඩාවෙක් ගැන වාර්තාවෙන්න ඇති.
Deleteපැන්ඩලට නම් එච්චර ලොකු ආසාවක් නෑ මගේ.. හැබැයි අර කෝලා බෙයාර්ට නම් මං හෙන ආසයි.. ඒකව දැක්ක ගමන් මට මතක් වෙන්නේ ජැකී චෑං.... හි හි....
ReplyDeleteජැකී ට තියෙන්නෙත් ඒ වගෙ පුංචි ඇස් දෙකක් තමයි. koala කවුරු හරි ලඟට ආවහම කම්මැලි කමට එක ඇහැක් ඇරලා බලන්නේ ..
Deleteහි හි....
Deleteහි හි....
හි හි....
හි හි....
Ada tamai islama awe..godak karunu danagata.
ReplyDeleteJayawewa.
ස්තුතියි මලේ, ආයෙත් මේ පැත්තේ එමු ... ජයවේවා ..!
Deleteමිනිස්සුන්ට ඔ්නා වුනාට පැන්ඩට උගෙ වරිගෙ බෝ කරගන්න උවමනාවක් නැතුව අැති. උන්ගෙ ටාර්ගට් එක ඉක්මනින් වඳ වෙන එකද දන්නෑනෙ. ඔන්න කූඹියෙක් වතුරට වැටිලා ඉන්නවා දැකලා එක මනුස්සයෙක් උඩින් අරන් තිබ්බලු. මෙන්න ටිකකින් බලද්දි ආයෙත් වතුරෙලු. ආයෙත් උඩින් අරන් තිබ්බලු. ආයෙ බලද්දි ආයෙත් වතුරෙලු. මෙහෙම කීප පාරක් වුනාට පස්සෙ අර මනුස්සයට ලාවට වගේ ඇහෙනවලු කව්ද බැන බැන යනවා "මදැයි ඉඳලා ඉඳල නා ගන්න ආවා" කියලා.
ReplyDeleteවිහිළු කතාවක් උනාට ඒකෙ ලොකු ගැඹුරකුත් තියෙනවා කියලා හිතෙනවා මලේ. අපි වනජීවී කළමනාකරණය කළ යුත්තෙ උන්ගෙ සැබෑ අවශ්‍යතාවය නිවැරදිව තේරුම් අරගෙන.
Deleteහම්බන්තොට හදනවා කියන සෆාරි උද්‍යානයට ඔය සමහරක් සත්තු ගෙන්වනවා කියලා තිබුනේ...
ReplyDeleteරජයේ නිලදරුවෙක් ලෙස නොවේ,පරිසරයට ආදරේ කරන කෙනක් ලෙස
මොකෝ හිතන්නේ ඔබතුමා සතෙක්ව තමන්ගේ ස්වාභවික පරිසරයෙන් වෙන් කරලා මේ වගේ තැන් වලට ලඝු කර තිබීම ගැන.
මලේ ලෝකෙ දියුණු රටවල සත්වෝද්‍යාන සංකල්පය දැන් සත්තු ප්‍රදර්ශණය කිරීමෙන් එහාට ගිහිල්ලා, සංරක්ෂණ ස්ථාන බවට පත්වෙලා තියෙනවා. ස්වාභාවික වාසස්ථානවල වඳවෙමින් ඉන්න සත්තු ඒවට ගෙනැල්ලා බෝ කරලා නැවත මුල් වාසස්ථානවලම නිදහස් කරන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. (Ex-situ Conservation)
Deleteඅපේ උඩවලවෙ ඇත් අතුරු සෙවනේ කරන්නෙ අනාථවෙන අලි පුනරුත්ථාපනය කරලා නැවත කැලේටම මුදා හරින එක. පින්නවල කරන්නේ අලි බෝ කරලා කොට අදින්න පූජා කරන එක. නිවැරදි පරමාර්ථ ඇතිව, නිවැරදි දේ කිරීමයි වැදගත් වෙන්නේ.
මේ සතුන් ගැන නොදන්න බොහොමයක් කරුණු දැනගත්තා ගාමිණී අයියේ...ෆිල්ම් පෙන්නන කතාව ඇහුවෙම අද තමා... ඒ පැන්ඩලත් අපි වගේ ලැජ්ජාබයට හැදිච්ච උන්ද කොහෙද.
ReplyDeleteමටත් ඉස්සෙල්ලාම ඇහුවහම හිතුනා මලේ ඒවා ෆිල්ම් පෙන්නලා උගන්නන්න ඕන දේවල්ද කියලා.
Deleteපැන්ඩලා දුර්ලභ නිසාමද මන්දා මෙච්චර වටින්නෙ ? සහ ලෝකෙ ඕනෙම කෙනෙක් ආදරේම සත්තුන්ගෙන් එකෙක් වෙන්න ඕනි මයෙ හිතේ පැන්ඩලා..ලිපියෙන් ගොඩක් දේවල් කියෙව්වා නොදන්න දේවල් කීපයක්ම දැන ගත්තා අයියෙ..
ReplyDeleteමලේ සංරක්ෂණයෙදි භාවිතා කරක එක සංකල්පයක් තමයි මහජන අවධානය දිනාගත් සත්ව විශේෂයක් මුල් කරගත් සංරක්ෂණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම. ඒ වගේ සත්ව විශේෂවලට කියන්නේ 'ධජධාරී විශේෂ - Flagship Species' කියලා. (Flagship කියනේ යුද්දෙකදි රටේ කොඩිය අරගෙන ඉදිරියෙන්ම යන නැව) ඒ සතා ඉලක්ක කරගෙන ක්‍රියාත්මක කරන සංරක්ෂණයෙ ප්රතිලාභ ඒ පරිසරයෙ ඉන්න සියලුම සතුන්ට ලැබෙනවා.
Deleteපැන්ඩා දුර්ලභ වගේම හැමෝම ආදරය කරන සතෙක් නිසා තමයි මලේ ධජධාරියෙක් වෙලා තියෙන්නේ.
//සමහර පර්යේෂකයො උන්ට 'ව්යාඝ්රා' පෙති දීලා, පැන්ඩාවො සංසර්ගයෙ යෙදෙන 'බ්ලූ' ෆිල්ම් පෙන්නලාත් උත්සාහ කළාලු ලිංගික ක්‍රියාවලට පොළඹව ගන්න. මෑතකදි කෘත්‍රිම සිංචනය කරලා පැටවුන් හදාගත්තු අවස්ථා කීපයක් වාර්තා වෙලා තියෙනවා.//
ReplyDeleteමේ ගොල්ලොත් මිනිසුන්ට දෙවෙනි නෑ නේද? :D
'මාර්සුපියල්' සත්තු හැමෝම වගේ හුරතල්.
specially Koala Bears :)
හැම මාසුපියලාම එහෙම නෑ නගේ. තස්මේනියන් ඩෙවිල් විරිත්තනකොට යකෙක් වගේ. වර්ජිනියා පොසොම් ඌරුමීයෙක් වගේ.
Deleteතස්මේනියන් ඩෙවිල් කිවුවම මට මතක් උනේ හා හා හරි හාවා :)
Deleteඅපේ චුට්ටියි මමයි පැන්ඩා ගැන පොතක් කියෙව්වා ලඟදි . හරි හුරතල් පාටයි නේ මේගොල්ලෝ . කුන්ග්ෆු පැන්ඩා බැලුවට පස්සේ මට නම් උන් දකින කොට කොහොමත් හිනා යනවා . අර සිචුවාන් භූමිකම්පාව වෙලාවේ මේගොල්ලන්ට හරි කරදර වුනාලු . සංරක්ෂණ මධ්‍යස්ථානයටත් හානි වෙලා . මන් ටීවී එකේ දැක්ක .
ReplyDeleteඋන්ගෙ ආකර්ෂණීය පෙනුම නිසාම තමයි නගේ චිත්‍රපටි කාරයො උන්ව නලුවො කරගන්නෙ.
Deleteවඳවීගෙන යන සත්තු හැමෝටම තියෙන පොදු සාධකේ මිනිස්සු තමයි නේද?
ReplyDeleteලෝක ඉතිහාසයෙ ස්වාභාවික හේතූන් නිසාත් සත්තු වඳ වෙලා ගිහින් තියෙනවා කල්පන මලේ. ඒත් වර්තමානයෙ නම් ප්‍රධානම හේතුව මිනිස්සුන්ගෙ තියෙන නොමිනිස්කම්.
Deleteගාමිණි අයියා,
ReplyDelete01. ලෝක වනසත්ත්ව අරමුදලෙන් මොකද්ද වෙන්නේ?
02. ඇත්තටම ඒකෙන් කාර්යක් වෙනවද? නැත්තම් ඒකත් එක්සත් ජාතින්ගේ සංවිධානය වගේ එකක්ද?
මලේ WWF (ඉස්සර - World Wildlife Fund දැන් - World Wide fund for Nature) එකෙන් ලෝකෙ පුරාම අතිශය වඳ වීමේ තර්ජනයට ලක්වුනු සතුන් සංර්ක්ෂණයට අරමුදල් සපයනවා. මම දන්න විදියට ඒකෙ දේශපාලන අරමුණු නෑ. පහල ලින්ක් එකට ගිහිල්ලා බලන්න
Deletehttp://worldwildlife.org/
ලංකාවෙ ඉන්න වලසට කියන්නෙ "කලු වළහා"ද???
ReplyDeleteනෑ මලේ Black Bear ආසියාවෙ හා ඇමෙරිකාවෙ උතුරු කොටසෙ ඉන්න වෙන විශේෂයක්. ලංකාවෙ ඉන්නෙ Sloth Bear කියන විශේෂයේ උප විශේෂයක්. Sloth Bear ආසියා මහාද්වීපයෙ දකුණු කොටසෙ විතරයි ව්‍යාප්ත වෙලා ඉන්නේ. දෙන්නා පෙනුමෙන් බොහෝ සමානයි.
Deleteගාමිණි අය්යා දන්නවද වියට්නාමයේ මුන් බෙයාර් . මේ කලාපයේ රටවල වලස් පිත බෙහෙතක් හැටියට ගන්නවා . තහනම් වුනත් ජයට කෙරෙන වැඩක් .
ReplyDeleteනගේ, මූන් බෙයාර් කියන්නේ බ්ලැක් බෙයාර්ගෙ පපුවෙ අඩසඳ ලකුණ පැහැදිලිව තියෙන උප විශේෂයකට. අපේ වලහගෙත් ඒ ලකුණ තිබුනත් එච්චර පැහැදිලි නෑ.
Deleteවලස්පිත විශාල මුදලකට අලෙවිවෙන, චීනයෙ සාම්ප්‍රදායික බෙහෙතක්. වලස්සුන්ට දස වධ දීලා පිත එකතුකරලා විකුණන ව්‍යාපාර කොරියාව, ලාඕසය, වියෙන්ට්නාමය වගේ රටවල කෙරෙනවා. වලස්සුන්ගෙ අත්ල හා පතුල් (paw), සමහර රටවල රසවත් ආහාරයක් හැටියට අලෙවි වෙනවා.
පරක්කු වෙලා ආවේ මේ පැත්තේ. මගේ බ්ලොගටත් ගොඩ වුනේ මාස 4කට පස්සෙයි.
ReplyDeleteබොහොම ස්තුතියි මේ විස්තර බෙදා හදා ගත්තට.
පොඩි එකා කාලෙ විනෝදාංශයක් හැටියට අන්තර්ජාතික ආයතන වලට ලියුම් යැව්වා මම අධ්‍යාපනික වැඩ වල එයාලගේ විස්තර ඕන කියල :P . බොහොමයක් ආයතන සද්භාවයෙන් විවිධ විස්තර, සමහර විට පොත් පත් පවා එව්වා. ඒ අතර මට මතකයි WWF එකෙන් පැන්ඩෙකුගේ ස්ටිකර් එකකුත් එවල තිබුනා. තවම ඒක අලවපු තැන තියෙනවා. අඩුම තරමේ අවුරුදු 15ක්වත් ඇති ඒකට.
වලස් තෙලට කොන්ඩේ වැවෙනවා කියල කතාවක් අහල තියෙනවා. තට්ටය තියෙන, තට්ටය ළඟදීම එන බ්ලොග් ප්‍රවීණයෝ කීප දෙනෙක්මත් ඉන්නවා නේද?
Deleteපරක්කු උනාට කමක් නෑ කොල්ලෝ .. ඉඩකඩ තියෙන වෙලාවට මේ පැත්තෙ එමු.
වලස්තෙල් අල්ලට අරගෙන ඔලුවෙ ගාගත්තහම අල්ලෙත් කෙස් එනවා කියලත් කියනවා. ඒවා පට්ටපල් බොරු. තට්ටය කියන්නේ බුද්ධිමත් බවේ සංකේතයක් කියලා හිතමු.
රාමා කට කට. පොලිටිකලි කරෙක්ට් වෙයං. ඔයින් එකෙක් වන, අර නිදහස් සිතුවිලි ලියන රවියා කියන එකා මේ ලඟදි කියලා තිබ්බා, යකෝ තට්ටේ නෙවෙයි 'ෆොලිකලි චැලන්ජ්'ඩ් කියාපල්ලා කියලා.
Deleteගාමිණී උඹ කියවලා නැතිනම් ගිහින් බලාපං උගේ වාං පතුල් සීරීස් එක. බ්ලොග නිදහස් සිතුවිලි. මගේ රෝලෙ තියෙනවා. පඳුරු තලන්න දෙයියා. අනිත් පඳුරු තලන දෙයියා තමයි හැලපයා.
උන් දෙන්නටම constipation. රවියා කියන ගොබිලා, වාං පතුල් ගැන ලියන්න යනවා මාස ගානක ඉඳලා. තැටමුවාට ලියවෙන්නේ නෑ. ඌ වාං පතුල් ඇර අනිත් හැම දේම කියනවා.
හැලායා ඊට හපන්. ඌ බෙල්ජියමේ ඉඳලා ප්‍රංසෙට යන්නේ මොනාලිසා බලන්න. මේකා යන්නේ ඉන්දියාව ලංකාව එහෙමත් හරහා. ඌත් මොනාලිසා හැර අනිත් හැම මගුලක්ම කියනවා මාස ගානක ඉඳන්.
ඌත් මගේ බ්ලොග් රෝලේ ඉන්නවා.බලාපං හැලප කඩේ.
'මේ ඉන්නෙ 'ජෙම්ස්බොක්' (Gemsbok) නමින් හැඳින්වෙන දකුණු අප්‍රිකානු ඇන්ටිලෝපයා.'
ReplyDeleteorix කියන්නෙත් මූටමද ?
අය්යේ අර ඉස්සර ලංකාවේ ඉඳල වඳ වෙච්ච ගවරා කියන සතා ගැනත් ලියන්නකෝ. මය්සූර් සත්තු වත්තේදි මම එකෙක් ළඟටම ගිහින් බැලුව. අන්න හරක් ! පිස්සු හැදෙනවා size එක දැක්කම ! මම අහල තියෙන විදියට මහනුවර රජවරුන්ගේ කාලෙත් උන් මෙහෙ ඉඳල තියෙනවා. ඇයි දන්නේ නෑ වඳ උනේ. ආයෙත් ඉන්දියාවෙන් ගෙනත් බෝකරන්න බැරිද අපිට ?
මම අහලා තියෙන විදියට ගවරා කියන්නෙ ප්රාග් ඓතිහාසික කිඹුල් විශේශයක්.
Deleteනෑ මචං මේ ඉන්නෙ පොර තමා ...
Deletehttp://en.wikipedia.org/wiki/Gaur
රත්නපුර කෞතුකාගාරය ආශ්‍රිතව ඔය ප්රාග් ඓතිහාසික සතුන්ගේ අනුරු ප්‍රදර්ශනය කෙරෙන උද්‍යානයක් හැදෙන බවට දැන්වීම් පුවරුවක් තිබෙනවා. ඇතෙකුගේ (දැන් ඉන්න අයට වඩා වෙනස් පෙනුමින්) අනුරුවක්නම් පේන්න තියෙනවා. ඒ ව්‍යාපෘතිය තවම සක්‍රීයද කියන්න දන්නේ නැහැ. ගිහින් බලන්න ඕනි...
Deleteඑතකොට '' නිට්ටෑවා '' කියන් වදවෙලාගිය සතෙකුටද , නැත්තං මානව වර්ගයකටද .
Deleteරත්නපුර කෞතුකාගාරේ තියෙනවා ගවරෙක්ගේ ඔලුවක් පුළුන් පුරවල. ගිහින් බලන්න size එක ! ඇත්ත එකෙක් අඩි හයකට වඩා උසය් මම හිතන්නෙ.
Deleteනිට්ටෑවා මානවයින්ට ගොඩක් සමාන කට්ටියක් කියල අහල තියෙනවා. ඇත්තටම නිට්ටෑවන්ගේ ඓතිහාසික සාක්ෂි ඇත්තෙම නැද්ද ?
Deleteනිත්තෑවො විනාස කලේ වැද්දෝ කියලය් මම අහල තියෙන්නේ. අන්තිමට ඉතුරුවෙලා හිටි එවුන්ව මොකක්ද මන්ද ගල් ගුහාවකට එලවල ඒක ඉස්සරහ දවස්ගානක් ගිනිමැල ගැහුවලු. ඇතුලේ එවුන් හුස්ම ගන්න බැරුව මරුන කියල තමා කතාවට කියන්නෙ. මම ඔය ටික දැකපු පොතේ නම මතක නැ දැන්. හැබැය් කවුරුහරි හරියට හෙව්වොත් හොයාගන්න බැරිවෙන එකක් නෑ. අන්තිමට මුන් හිටියේ යාල කැලේ පැත්තේ කියල තමා කියවෙන්නේ. එත් ඉස්සර රට පුරා ඉන්න ඇති. නිට්ටඹුව, නිත්තවෙල වගේ නම් හැදුනේ මුන් නිසාලු. වැද්දන්ගේ පරණ කතාවල තාමත් ඔය විස්තර ඇති. ඒ හරහා අර ගුහාව හොයාගෙන හැරුවොත් උන්ගේ ඇටකටු උනත් හොයාගන්න බැරිවෙන එකක් නෑ.
Deleteවැද්දන්ගේ ගෑණුන්ව නිට්ටෑවෝ උස්සන් ගිය නිසා ඒකේ මලට තමා වැද්දෝ නිට්ටෑවෝ ඉන්න ගල් ගුහාවේ දොරකඩ ගිනිමැලයක් ගහලා ඒක නිමෙන්න දෙන්නේ නැතුව තියාගෙන නිට්ටෑවෝ ඔක්කෝම ටික මරලා දානවා කියලා කියන්නේ
Delete
Deleteමලේ, Gemsbok ගෙ(Gems buck කියලාත් කියනවා) විද්‍යාත්මක නාමය Oryx gazella. උගේ ඝන නාමය Oryx
ගවරා අඩි හයක් විතර උස ගවයෙක්. ඌ තවමත් ඉන්දියානු වනාන්තරවල ඉන්නවා. උගෙ පොසිල රත්නපුරේ පැත්තෙ මැණික් පතල්වලින් හම්බවෙලා තියෙනවා. ඒවායින් අතීතයෙ ගවරා ලංකාවෙත් ඉඳලා පස්සෙ වඳ වෙලා ගිය බව තහවුරු වෙනවා.
ඒ වගෙ සතෙක් නැවත ගෙනත් වනාන්තරවල බෝකර ගැනීම, දැනට ඉන්න සත්ව විශේෂවලට මොන විදියට බලපායි ද කියන එක කලින් හිතා ගන්න අමාරුයි මලේ. අනිත් ශාක භක්ෂක සතුන්ට ලොකු තර්ජනයක් වෙලා මුලු ආහාර දාමයම බිඳ වැටෙන්න පුලුවන්. ආහාර දාමයේ ඉහල ඉන්න මාංශ භක්ෂක සතුන්ටත් ලොකු බලපෑමක් වෙනවා.
නිත්තෑවො ඉස්සර හිටපු වානර ස්වරූපයෙ, ඇඟපුරාම මයිල්, දිග නියපොතු තියෙන දරුණු මානව කොටසක් හැටියට සැලකෙන්නේ. වැද්දො උන්ව යාල නැගෙනහිර කොටසෙ, කුමන ජාතික උද්‍යානෙ බඹරගස්තලාව ආසන්නයෙ ගල්ගුහාවකට කොටු කරලා වහලා දුම් ගහලා මරලා වඳ කෙරුවා කියලා කියනවා. මම දන්න විදියට පොසිල සාක්ෂි හමුවෙලා නෑ. පුරා වෘත්ත විතරයි ඒ ගැන තියෙන්නේ.
දින කීපයක් බැහැරවෙලා හිටිය නිසා උත්තරයක් ලියාගන්න ප්‍රමාදවුනා. අදහස් දක්වපු හැමෝටම ස්තුතියි ...!
ඔය නිත්තෑවන්ගේ ඉරණම පිලිබඳ කතාව තිබුනේ 'එදා හෙළදිව' පොතේ වද්ද? මටත් හරියට මතක නැහැ
Deleteනැශනල් ජෙයොග්රැෆික් එකේ පෙන්නුවා මතකයි පෑන්ඩෙක් පැටවුදාල. බොර්න් ඉන් කැප්ටිවිටි කියල පෙන්නුවා මතකයි ඒක වාර්තාවක් උනා මගෙ හිතේ..
ReplyDeleteලංකා, 2007 දි තමයි පළමු වරට යුරෝපීය සත්ව උද්යානයකදි පැන්ඩාවෙක් ස්වාභාවික සංසර්ගයකින් බිහිවුනේ. (ඕස්ට්‍රියාවෙ, වියෙනා සත්ව උද්යානෙදි) 2010 දිත් තව පැටියෙක් බිහිවුනා. සත්ව හුවමාරුවෙ කොන්දේසි අනුව ඒ පැටව් දෙන්නම චීනයට යැව්වා.
Deleteහරිම හුරතල් පාටයි මුන් නම්.. අර තස්මේරියන් ඩෙවිල් කියන එක්කෙනා ඇසුරින් තමයි නේද බග්ස් බනි කාටුන් එකට චරිතයක් ආවෙත්?
ReplyDeleteනාඩියා මලේ මම ඒ කාටූන් චරිතය දැකලා නම් නෑ. තස්මේනියන් ඩෙවිලා නම් කට ඇරලා දත් විරිත්තුවහම මල යකෙක් වගේ.
Deleteමම කොහොමත් සැම සතෙකුටම ඉතාම ප්‍රිය කරනවා. වඩාත්ම ප්‍රිය කරන්නේ අලියාට. ඊළඟට කෝලා බෙයාර් මම ඉතාම ප්‍රියකරන සතෙක්.
ReplyDeleteඅලියා ප්‍රිය කරන්න පුලුවන් මලේ ඌ තියෙන දෙයක් කාලා කරබාගෙන ඉන්නව නම්. කැලේ පයින් යනකොට මුණ ගැහිලා මරන්න එලවගෙන එනකොට නම් ලව් කරන්න හිතෙන්නෙ නෑ. අපේ හෙන්රියාත් (blogwalker) ඒකට සාක්ෂි.
Deleteඅනිවා. මම සාක්කි. ඔන්න ඕකාවත් එක්ක පලයං මචං ඔය ගම්මානෙකට පැනපු අලියෙක් හෙම එලවන වෙලාවක.
Deleteඋඹ දන්නවනේ අපේ මචං බාප්පලගේ ලොකුම එකා. ඒකත් ඔය අයිලාස් වගේ අලි ලවර් කෙනෙක්. ඌ ආසාවටම ඇත්ගොව්වෙක් අල්ලාගෙන ගෙදර වත්තේ අලියෙක්ව බන්දගෙන. පස්සෙන්දා උදේම මූ කුණුකෙල පිටින්ම ගිහින් අලියට එක එක විධාන දීලා අලි බාසාවෙන්. අලියට එක්කො මල පැනලා, නැතිනම් මූ වැරදි කමාන්ඩ් එක දීලා අලියා ලඟ තිබිච්ච පැල පොල් ගහයි කෙසෙල් පඳුරයි පොඩි කරලා. අම්මා මූව කන්නේ නැති ටික විතරලු. මූ පස්සෙ කියනවා යකෝ අලියා කුලප්පු වුනා නම් හොඳයි අපේ අම්මව කුලප්පු වුනාට වඩා කියලා.
ලංකාවේ මේ වගේ වැඩ කෙරෙන්නේ නැද්ද අයියා ?
ReplyDeleteමලේ, ලංකාවෙ මම දන්න විදියට තර්ජනයට ලක්වුනු සත්ව විශේෂයක් බෝ කෙරෙන්නේ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයිති පින්නවල අලි ගාලෙ විතරයි. ඒත් ඒ පැටව් සම්බන්ධයෙන් නිසි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වෙනවා පේන්න නෑ.
Deleteඅනාතවෙලා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙ භාරයට පත්වෙන අලි පැටව් උඩවලවෙ 'ඇත් අතුරු සෙවනට' ගෙනැල්ලා පුනරුත්ථාපනය කළාට පස්සෙ, ස්වාභාවික ආහාරවලට හුරු කරලා නැවත ස්වාභාවික වාසස්ථානවලට නිදහස් කෙරෙනවා.
ඇයි කැස්බෑවො සංරක්ෂනය කරන්නෙ ඉඳුරුව පැත්තෙ,බිත්තරවලින් පැටව් එලියට ආවට පස්සෙ ටික දවසක් තියාගෙන තමයි උන්ව මුහුදට දාන්නෙ,
Deleteමලේ ඒක හරි. සංචාරක ව්‍යාපාරයක් උනත් ඒක සංරක්ෂණ කටයුත්තක් හැටියටත් සලකන්න පුලුවන්.
Deleteඒ ක්‍රමවේදයෙ අඩුපාඩුකම් කීපයක් තියෙනවා. කැස්බෑ පැටියෙක් උපදින කොට උදරයට ඇලවිලා තියෙන කහ මදයේ කොටසකින් (Yolk sack) තමයි මුල් දින කීපයතුළ අවශ්‍ය ශක්තිය ලැබෙන්නේ. ඒ කාලය තුළ ඌ විලෝපී සතුන්ගෙන ගැලවිලා උපරිම දුරක් පීනලා යන්න ඕනෑ. ඒ කාලය ටැංකියක ගත කරන්න සලස්වන එක සුදුසු නෑ. ඒ වගේම කැස්බෑ පැටවුන්ගෙ ලිංග නිර්ණය සිදුවෙන්නෙ බිත්තර වලට ලැබෙන උෂ්ණත්වය වගේ සාධක මත. ඒ කාලය තුල වල හාරලා අරගෙන ඇවිත් වෙනත් තැනක නැවත වලදැමීමෙන් ස්වාභාවික ලිංග අනුපාතය වෙනස් වෙන්න පුලුවන් කියලා අනුමාන කරනවා. වනජීවී දෙපාර්තමේන්තුවත් කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතියක් බුන්දල ජාතික උද්‍යානයෙ කරනවා. ඒකෙදි කරන්නෙ ස්වාභාවික පරිසරයෙ තිබියදීම බිත්තර වලවල් ආරක්ෂා කිරීම.
හැලපයගෙ බ්ලොග් එකේ ඩූඩ් දාපු කොමෙන්ට් එකක් දැකලයි ආවේ. බෙයාස් ගැන ලිව්වට හම්බෙයාස්ලා ගැන ලියලා නෑනේ.. ඕකේ වටිනාකම කියන්නේ ඔය හම්බෙයා කතාව මට කිව්වේ තවත් හම්බෙයා කෙනෙක්. ඒ තමයි ප්‍රවීන ඉංග්‍රීසි නිවේදක යූසුෆ් නූර්දීන්.
ReplyDeleteඇයි මාතලන් ටෙඩිබෙයා, කෝම්බෙයා ඇන්ඩ් බෝම්බෙයා.
Deleteබෙයාලා ගොඩයි මෙයාලා ...!
Deleteමාරයාගේ හෝරාව හරහා අද තමයි ආවේ අයියේ.කියවන්න ගොඩක් කරුණු තියෙනවා.
ReplyDeleteස්තුතියි මලේ, ආයෙත් මේ පැත්තෙ එමු..
Delete