මගෙ යාලුවෝ

Sunday, April 1, 2012

16. ඇන්ටි රේබීස්



'මීට පස්සෙ කකුස්සි කතා ලියන්න එපා ..' කියලා අපේ කෙල්ල නියෝගයක් පනවලා තියෙන නිසා ටිකක් සංයමයකින් බ්ලොග් එක ලියන්න වෙලා තියෙන්නේ. අපේ (මගේ) ගෙදර එක්කෙනාටයි, කෙල්ලටයි බයේ ජීවත් වෙන එක තරම් ජොලියක් මට තවත් නෑ.

අද ලියන්න යන්නේ තවත් පූස් කතාවක්.

පහුගිය දවස්වල අපේ ලොකු මස්සිනා මල්ලිට, උග්‍ර දියවැඩියාවට ප්‍රත්‍යක්ශ ඖෂධ හැටියට අරක්කු  සහ සිගරට් බීමේ ප්‍රතිපලයක් හැටියට සුමාන දෙකක් ඉස්පිරිතාලෙ ලගින්න සිද්ද උනා. මමත් ඉතින් යුතුකමක් හැටියට ඌව බලන්න ඉස්පිරිතාලෙ ගියා. ඉස්පිරිතාලෙ වාට්‍ටුව ඉස්සරහ පාරෙන් අනිත් පැත්තෙ තියෙන්නෙ වොලිබෝල් කෝට් එකක්. ඒක අයිනෙ බයිසිකලේ නවත්වලා වාට්‍ටුවට යන්න හදනකොට තමයි අපි (මායි මල්ලිගෙ කොල්ලයි) දැක්කෙ වොලිබෝල් කෝට් එක අයිනෙ මනුස්සයෙක් පිහිය කෑල්ලකුත් අරගෙන මොකද්ද ලොකු ඔපරේෂන් එකකට ලෑස්ති වෙනවා. අපිත් ඉතිං සංසාර පුරුද්ද අනුව ඒ මොකද්ද කියලා හොම්බ දාලා බැලුවා.

ලංවෙලා බැලුවහම තමයි අපට පෙනුනේ පොර ට්‍රයි කරලා තියෙන්නෙ වොලිබෝල් කෝට් එක වටේ තියෙන නෙට් එකේ පැටලිලා ඉන්න පූස් තඩියෙක් බේරන්න කියලා. පූසගෙ අඬු හතර ඒ වෙනකොට හොල්ලන්න බැරි වෙන්න පැටලිලා ඌ මර බයේ බෙරිහන් දෙනවා. අපි දෙන්නටත් ඉතින් සත්ව කරුණාව පහල වෙලා අර පොරට සපෝට් එක දීලා නෙට් එක කපලා පූසා එලියට ගත්තා.

නෙට් එකෙන් එලියට ගත්තත් පූසා තවමත් කැපුනු නෙට් කෑල්ලේ පටලැවිලා. අත පය හොල්ලන්න බැරි උනත් කිට්‍ටු වෙනකොට කන්න පනිනවා මල යකා වගේ.

වනජීවියෙක් හැටියට මගේ අත්දැකීම තමයි එහෙම වෙලාවට කරන්න ඕනෑ සතාගෙ ඇස් දෙක වහන එක. අවට පේන කොට තමයි වල් සත්තු එහෙම වෙලාවට කලබල වෙන්නේ. හොඳම දේ තමයි රෙද්දක් දාලා ඔලුව වහන එක. එතකොට උන් නිශ්චල වෙනවා.

කොහොම උනත් ඒ වෙලාවෙ අපිට රෙදිකෑල්ලක් හොයා ගන්න බැරි උනා. ලඟ තිබුනු පොලිතීන් බෑග් එකකින් මූණ වහලා නෙට් කෑල්ල කපන්න ට්‍රයි කරද්දි පූසා එකපාරටම පැනලා මගෙ ඇඟිල්ලක එල්ලුනා. ඉඳික‍ටු වගේ උගෙ දත්වලට ඇඟිල්ලෙන් ලේ විදින්න පටන් ගත්තා.

කොහොම හරි පස්සෙ වාට්‍ටුවෙ හිටපු මනුස්සයෙක් දීපු තුවායක් පූසගෙ ඔලුවට දාලා නෙට් කෑල්ල කපලා නිදහස් කරලා ඇරියා.

ඉතින් මම මේ ටික ලිව්වෙ අපි වැඩිය සැලකිල්ලක් නොදක්වන  වැදගත් කාරණාවකට එන්න පූර්විකාවක් හැටියට. මේ වගෙ ක්ෂීරපායී සතෙක් කෑවහම තියෙන ලොකුම අවදානම තමයි ජලභීතිකා රෝගය හැදෙන්න තියෙන හැකියාව. 'පිස්සු බලු රෝගය' කියලා සාමාන්‍යයෙන් හඳුන්වන නිසා වැඩිදෙනෙක් හිතනවා මේක බල්ලන්ගෙන් විතරයි බෝවෙන්නෙ කියලා. ඒත් අලි, වවුලො වගෙ සත්තුත් මේ රෝගයෙ වාහකයන් බවට හඳුනාගෙන තියෙනවා.

ජලභීතිකාව මිනිහෙකුට හැදෙන්න පුලුවන් කාලකන්නිම රෝගයක් බව අමුතුවෙන් කියන්න ඕන නෑ. වෛරසය ආසාදනය වෙලා රෝග ලක්ෂණ මතුවෙන්න දින 10 සිට අවුරුදු 7 ක් දක්වා කාලයක් ගතවෙන්න පුලුවන්ලු. මොළය ඉදිමිලා මධ්‍ය ස්නායු පද්ධතිය අකර්මණ්‍ය වෙලා තමයි කප් එක ගහන්නෙ. ලංකාවෙ අවුරුද්දකට සියයකට ආසන්න පිරිසක් මේ රෝගයෙන් මැරෙන බව වාර්තා වෙලා තියෙනවා. සතෙක් කෑවට පස්සෙ රෝගය වලක්වගන්න තියෙන එකම ක්‍රමය තමයි ජලභීතිකා රෝගයට ප්‍රති එන්නත (Anti Rabies Vaccine) ගන්න එක. සාමාන්‍යයෙන් පිටගැස්ම වලක්වන එන්නතත් (Anti Tetanus) ඒ වෙලාවට දෙනවා.

මම ඉතින් පූසා කාපු එකට බෙහෙතක් විදගන්න දොම්පෙ ඉස්පිරිතාලෙට ගියහම එතන හිටපු නර්ස් නෝනා කොමලයක් පාලා කිව්වා 'ඔයාට ඇන්ටි රේබීස් එක ගන්න ගම්පහට යන්න වෙනවා ...' කියලා. මිල අධික නිසා සාමාන්‍යයෙන් ඒ එන්නත තියෙන්නෙ  මහ රෝහල්වල විතරයි. ගම්පහ යන්න කරදර නිසා මම පෞද්ගලික තැනකින් පිටගැස්ම එන්නත විදගෙන ආපහු ගිරිතලේ ඇවිත් දවසකට පස්සේ පොලොන්නරුව රෝහලට ගියා බෙහෙත විදගන්න.

ඕපීඩී එක හරහා විස්සෙ වා‍ටුවට යවාපු මාව බලාපු දොස්තර නෝනා (නෝනෙක් කිව්වට අවුරුදු විසිපහක විතර දොස්තර කෙල්ලෙක්) පූසා කාපු ඇඟිල්ල බලලා ඉස්සෙල්ලාම ඇහුවෙ කවද්ද කෑවෙ කියලා. කාපු දවස කිව්වහම 'සතෙක් කෑවහම පැය 72 ක් ඇතුලත බෙහෙත විදින්න ඕන බව දන්නෙ නැද්ද?' කියලා දොස්තර නෝනා අහක බලාගෙනම ඇහුවා. මම ඇත්තටම ඒක දැනගෙන  හිටියෙ නෑ. ජලභීතිකා වයිරසය ක්‍රියාකාරී වෙන්න කලින් එන්නත ගන්න එක වැදගත්.

දොස්තර නෝනා ලියා දීපු තුන්ඩුව අරගෙන ඊලඟට වාට්‍ටුවෙ නර්ස් නෝනා පටන් ගත්තා. ' සරමක් ගෙනාවද ..?' මම මෝඩ හිනාවක් දාලා ' නෑ .. ' කිව්වා.

'කකුල්වලටත් විදින්න තියෙනවා කාට හරි කියලා සරමක් ගෙන්න ගන්න .. ' උන්දෑ කියාපි.

'මම එලියට ගිහිල්ලා සරමක් ගේන්නම් ..' කියලා මම යන්න හදනකොට ඊලඟට කියනවා 'ඔයාව දැන් වාට්‍ටුවට ඇතුල් කරගෙන තියෙන්නෙ .. එලියට යන්න දෙන්න බෑ .. හෑන්ඩ් ෆෝන් එකෙන් කතා කරලා කියන්න .. ' කියලා.

මම ඉතින් දෙවෙනි මෝඩ හිනාවත් දාලා කිව්ව 'හෑන්ඩ්  ෆෝන් එකක් නෑනෙ .. ' කියලා. එතන හිටපු නර්ස් නෝනලා තුන් හතර දෙනාම හිඟන්නෙක් දිහා බලන විදිහට මගෙ දිහා බලාගෙන ඉන්නකොට එක නෝනෙක් මට එයාගෙ ෆෝන් එක දික්කළා. මමත් ඉතින් කෘතඥතා පූර්වක හිනාවක් දාලා ඒක අරගෙන කෝල් එකක් දාලා අජියට සරමක් ගේන්න කිව්වා.

ඊලඟට මගෙ බර කිරලා, අජියා ගෙනාපු සරම ඇඳ ගත්තට පස්සෙ පළවෙනි බෙහෙත විදින්න යැව්වා. මට තේරුන විදිහට ඒක ඇන්ටි රේබීස්වලට මම අසාත්මිකද කියලා බලන්න විදින එකක්.  'බෙහෙත විදලා හුස්ම ගන්න අමාරුවක්, කැසිල්ලක් දැනුනොත් කියන්න ඕනෑ .. එහෙම උනොත් අපි ඔයාව අයිසීයූ එකට දාලා විදින්නේ ..' නර්ස් නෝනා අනතුරු ඇ‍ඟෙව්වා.

පළවෙනි එන්නත අවුලක් උනේ නැති නිසා ලොකු එන්නත විදින්න ඊලඟට තව දොස්තර නෝනා කෙනෙක් ලඟට යැව්වා. 'බර කිලෝ 98 ක් නේද ..' මගෙ ඇඟේ බරට එන්නතේ ඩෝස් එක හදන ගමන් නෝනා අහනවා.

'ඔව් ටිකක් බර වැඩියි ..'

'මොකක් ..?'

'බර හුඟක් වැඩියි තමයි ..'

'හ්ම්ම් .. මට ඇහුනෙ ටිකක් වැඩියි කියනවා වගේ ..' නෝනා මගෙ මූණවත් බැලුව නෑ.

ඉස්සෙල්ලාම විද්දෙ පූසා කාපු ඇඟිල්ලට. මට දැනුනෙ ඇඟිල්ල ගිනි ගත්තා වගේ. පුදුම දැවිල්ලක්.

ඇටෙන්ඩන්ට් කොලුවෙක් මගෙ සරම අවශ්‍ය ප්‍රමාණයට පමණක් උස්සලා අල්ලගෙන ඉන්නකොට දොස්තර නෝනා සිරින්ජයේ තිබුනු ඉතුරු බෙහෙත් ටික කකුල් දෙකට විද්දා. ටික වෙලාවක් යනකොට මට දැනුනෙ මගෙ කකුල් දෙක පොල්ලකින් ගහලා කඩලා වගේ.

ඊට පස්සෙ ඕපීඩී එකට යවලා තවත් එන්නතක් අත්දෙකටම ගස්සලා, පැය තුනක් විතර තියාගෙන ඉඳලා,  'අද නාන්න එපා .. කඩ කෑම කන්න එපා .. අරක්කු සිගරට් බොන්න එපා ...' වගේ සාපරාධී බියගැන්වීම් ‍රැසක් කරලා තමයි මාව වාට්‍ටුවෙන් එලියට දැම්මේ.

ඉතින් මම මේ සේරම ලිව්වේ අපි වැඩිය ගණං නොගන්න පුංචි සත්තු  උනත් සපාකෑම ලොකු තර්ජනයක් වෙන්න පුලුවන් බව කියන්න. ගෙවල්වල හදන බල්ලො බළල්ලු අනිවාර්යයෙන්ම එන්නත් කරවා ගන්න ඕනෑ. නොදන්න සතෙක් කෑවොත් කොච්චර කරදරක් උනත් අපි නියමිත කාලය ඇතුලත ජල භීතිකා ප්‍රති එන්නත ගන්න ඕනෑ. රෝහලෙන් දීපු කාඩ් එකේ හැටියට පලමු එන්නතෙන් පස්සෙ දින 3 කින්, 7 කින්, 30 කින් තව එන්නත් 3 ක් ගන්න ඕනෑ. 

ජල භීතිකාව ආසාදනයවුනු සතෙක් අනිවාර්යයෙන්ම දින 10 ක් ඇතුලත මැරෙනවලු. එහෙම සතෙක්ගෙ ඔලුව බො‍රැල්ලෙ වෛද්‍ය පර්යේෂණායතනයට (Medical Research Institute) එකට ගෙනිහිල්ලා රෝගය ආසාදනය වෙලා ද කියලා තහවුරු කරගන්න පුලුවන්.

මට දීපු කාඩ් එකේ තියෙන අවවාද ටිකත් ලියලාම මේක ඉවර කරන්නම්.

    -  නොදන්නා සුනඛයෙකු අතපත ගෑමෙන් වලකින්න
     -  බලු පැටවුන් වඩා ගැනීමේදී බල්ලාගේ මුඛය මුහුණට ළං නොකරන්න
    -  විශ්වාස තැනක විධිමත් ලෙස ඇති කරන බැල්ලියකගේ පැටව් පමණක් ඇති කිරීම සඳහා ගන්න
    -  නොදන්නා පැටවකු ඇති කිරීමේදී එන්නත් ලබා දී මාසයක් වෙන් කර තබන්න
    -  සපා කන බල්ලන් ඇති කරන නිවෙස්වල 'බල්ලන්ගෙන් ප්‍රවේශම් වන්න' දැන්වීම ප්‍රදර්ශණය කරන්න
    -  සපා කන බල්ලන්ට කට කලියාවක් දමන්න
    -  සති පහකට වැඩි බල්ලන්ට වාර්ෂිකව එන්නත ලබා දෙන්න
    -  බල්ලන් ‍රැලේ යන මද කාලයට සතුන් වෙන් කර තබන්න
    -  අනවශ්‍ය පැටවුන් බෝ වීම වලක්වා ගැනීමට පශු වෛද්‍ය උපදෙස් ගන්න
    -  සැක සහිත බල්ලෙකු හෝ වෙනත් සතෙකු සපා කෑ විට
             -  තුවාලය සබන් ගා ගලා යන ජලයෙන් විනාඩි 10 ක් සෝදා හරින්න
             -  සපා කෑ සතාගේ හිස වහාම බො‍රැල්ල වෛද්‍ය පර්යේෂණායතනයට ගෙන ගොස් වාර්තාවක් ලබා ගන්න.

බෙහෙත් ගන්න එන ලෙඩ්ඩු හුරතල් නොකළට, පොලොන්නරුවෙ රෝහලේ වෛද්‍ය, හෙද, හෙදි කාර්ය මණ්ඩලය ඉතාම කාරුණිකව ලෙඩ්ඩුන්ට සලකන බවත් ලියලා තියන්නම ඕනෑ.
   










97 comments:

  1. "සිතිවිලිවලට නිසි වටිනාකමක් ලැබෙන්නේ ඒවා ලියා තැබූ විටය“

    සහතික ඇත්ත.. ඒ වගේම මට හිතෙන්නේ “අත්දැකීම්වලට නිසි වටිනාකමක් ලැබෙන්නේ ද ඒවා ලියා තැබූ විටය“ කියලායි...

    පුදුම වටින ලියමනක්... පරිස්සම් වීම වගේම පරිස්සමින් තොර වූ විට වැටුන කරදරයේදී සැලකිල්මත් විය යුතු දේ අගේට ලියා තිබෙනවා.. ස්තූතියි!!

    ReplyDelete
    Replies
    1. ඒ වගේම යමක් ලියන්න හිතුනහම හැදෙන උන හොඳවෙන්නෙත් කොහොම හරි ලියලා ඉවර උනහම. ස්තුතියි කොමෙන්ට් එකට ..!

      Delete
  2. අනේ අම්මෝ.. මෙච්චර කට්ටක් කන්න වෙනවා කියලා අද දැනගත්තේ...

    ReplyDelete
    Replies
    1. අපි පොඩි කාලේ බල්ලෙක් කෑවහම බුරිය වටේට ඉන්ජෙක්ෂන් 21 ක් ගහනවා ..!

      Delete
  3. මේ වගෙ ක්ෂීරපායී සතෙක් කෑවහම තියෙන ලොකුම අවදානම තමයි ජලභීතිකා රෝගය හැදෙන්න තියෙන හැකියාව. ''''''''''''''''''''''''''''''''''''''''''. ඒත් අලි, වවුලො වගෙ සත්තුත් මේ රෝගයෙ වාහකයන් බවට හඳුනාගෙන තියෙනවා

    මං මෙ කල්පනා කලේ අනිත් එවුවෝ නං කමක් නැහැ අලියෙක් හැපුවොත් ජල භීතිකාව විතරක් හැදිලා නවතියිද? :D

    ඇත්තට ම වටිනා ම වටිනා ලියැවිල්ලක්................... මගේ අම්මාගේ පුංචිඅම්මාගේ පුතෙකුත් මේ රෝගයෙන් කුඩා කාලේදීම මිය ගිහින් තිබෙනවා... බොහොම ස්තුතියි දැනුවත් කිරීමට...

    අපේ (මගේ) ගෙදර එක්කෙනාටයි, කෙල්ලටයි බයේ ජීවත් වෙන එක තරම් ජොලියක් මට තවත් නෑ.

    හික් හික්............. ඕක ඉතිං ජාතියේ උරුමයනේ...............

    ReplyDelete
    Replies
    1. අයියෝ වාසනා . . . .!!!

      Delete
    2. ගෙදර උන්දෑ ආදරණීයයි නම් බය උනාට කමක් නෑ ළමයිනේ ...!

      Delete
  4. මම ගාමිනි අයියගෙ අනිත් බ්ලොග් එක කියවලා තිබ්බට මේක අද තමයි දැක්කෙ..ඒත් රන්දිල් මූනු පොතෙන් ඒක ශෙයාර් කරපු නිසා. ඇත්තටම වටින ලිපියක් බල්ලො ගැන..අපි බල්ලන්ට පූසන්ට ආදරෙයි උනුත් අපිට ඒ වගේම ආදරෙයි..ඒ උනාට නිසි සැලකිල්ල නොදැක්වුවොත් මැරෙන්ඩ තමරම් භයානකයි..අලි මිනිස්සුන්ව හපා කාපු අවස්ථා තියෙනවද ? අනිත් සත්තු හපන බව දැනන් හිටියත් අලි හපන බව දැනන් හිටියෙ නෑ..

    ReplyDelete
    Replies
    1. දැරණියගල මහත්තයාගෙ පොතක අලි මිනිස්සු මරන ක්‍රම හතක් විස්තර කරලා තියෙනවා. ඒකෙ එක ක්‍රමයක් තමයි ඔලුව හපලා මරන එක. එතකොට නම් රේබීස් තිබුනත් නැතත් වැඩේ සිද්ද වෙනවා ... කොහොම උනත් අලියා රේබීස් වයිරස් වාහකයෙක්.

      ස්තුතියි මලේ කොමෙන්ට් එකට ..!

      Delete
  5. මාත් මේ රන්දුනාගේ පාර දිගේ ආවේ... වටින කියන ලිපියක් නෙව...

    කිලෝ 98 බරක්ද මං අහන්නේ... ඔන්න 100 පැන්නනං ඒක සෑහෙන බරක්...

    ReplyDelete
    Replies
    1. අපි මහත් වෙලා ලෙඩ හදාගෙන යනකොට දොස්තර නොනලාටමනෙ කරදරේ ..!

      Delete
  6. මාරයා මේක හොර රහසින් හංගා ගෙන ලියන ටොප් බ්ලොග් එකක්නෙ.. දෙමුද වැඩක් මූනු පොතෙන්..මේවා මෙහෙම හැංගිලා තියෙන්න නරකයි.. :DD

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම වෙනී අයියා..දන්නවනේ මේ තමා මාත් ආස කරන විදියේ බ්ලොග්..උඹලා ..ඔබා අයියලා වගේ (නාකි) ලියන බ්ලොග්..:D:D:D

      Delete
    2. මන් කොහෙද බොල නාකි ? මන් තාම හිරිමල් ගැටයා..ඔය ගාමිනි අයියා ඔබා අයියා තරම් නාකි නෑ :DD

      Delete
    3. එතකොට උඹ ගාමිණි අයියට වඩා කොච්චර වැඩිමල්ද..?

      Delete
    4. 20ක් 25ක් වත් වැඩිමල් ඇති..වැඩිමල් කියන්නෙ වයස අඩුයි කියන එක නේද මාරයා මල්ලි ?

      Delete
    5. මට දැන් 54 ක් ළමයිනේ ...! නහින දෙහින කාලේ ...!

      Delete
    6. ඔය කොල්ල කාලෙ ෆොටෝ දමන් හිටියට මාරයටත් එච්චරම වයසයි මන් හිතන්නෙ..80 පැන්නට පස්සෙ නෙවෙයිද නහින දෙහින කාලෙ එන්නෙ ගාමිනි අයියෙ ?

      Delete
    7. මේ යන විදියට නම් මලේ මට හිතෙන්නෙ එච්චර කල් අල්ලලා හිටින එකක් නෑ .. ඊට කලින් වල කජ්ජ ගහයි

      Delete
  7. යකෝ මාවත් බල්ලො, පූසො, වවුල්ලු, ලේනො කාල තියෙනවනෙ. අවුරුදු 7 ක් බලාඉන්න වෙනව වලකජ්ජ ගහයිද කියල.
    මරු ලිවිල්ල.

    ReplyDelete
    Replies
    1. උඹ සත්තු වත්තකදී සමූහ දූෂණයකටවත් ලක් උනාද බං..?

      Delete
    2. ප්‍රසන්න මොනා හරි ලොකු අකරතැබ්බකට මූන පාලා තියෙන හැඩයි.. හෆොයි !

      Delete
    3. ගෙයි පිළික‍න්නෙ වහල හිටිය වවුලෙකුට අතිං කවන්න ගිහිං ඌ මගෙ ඇඟිල්ල කෑව. පුසෙක් අල්ලපු ලේනෙක් බේරන්න ගිහිං ලේන මගේ අත කෑව. ගෙදර බල්ල කූඩුවට දාන්න ගිහිං බල්ල කෑව. ඌට බෙහෙත් විදල නෑ. වල් පූස් පැටියෙක් අල්ලන්න ගිහිං වගේම ගෙදර ඉන්න පූසොත් ඕන තරං කාල තියෙනව. ඔන්න විස්තරේ.
      මාරය වගේ අපි ඔය තැං තැං වල රිංගන්න යන්නෙ නෑනෙ. :D

      Delete
    4. මේකනේ ප්‍රසා වැඩේ..තැන් තැන්වල රිංගලා හරි බේරිලා එන්න අපි දැන ගන්න ඕන..එහෙම නැතිව හැරෙන හැරෙන අතේ ඔහොම කවෝ ගන්න ගියාම මොකද්ද බං වෙන්නේ...?

      මගෙ අම්මේ මෙහෙමත් කවෝ ගැන්මක්..

      Delete
    5. @Praසන්ன : මාමේ වවුලට කවන්න ගියේ සරමක් ඇඳගෙන කකුල් දෙකින් එල්ලිලා නේද ? වවුලා නෙවෙයි මහසෝනා වුනත් බය බිරාන්ත නොවී ඉදීයැ මාමන්ඩියේ..

      Delete
    6. /යකෝ මාවත් බල්ලො, පූසො, වවුල්ලු, ලේනො කාල තියෙනවනෙ. අවුරුදු 7 ක් බලාඉන්න වෙනව වලකජ්ජ ගහයිද කියල.//

      මෙලහට ඒ සත්තු ඔක්කොම මැරිල ඇති රේබීස් හැදිල

      Delete
    7. කාපු සතා ආසාදනය වෙලා නම් තමයි අවදානම තියෙන්නේ .. ඒත් වල් සතෙක් කෑවොත් ඒක දැනගන්න විදියක් නෑනේ ..

      Delete
    8. ප්‍රසන්නව කෑව නම් ඉතින් සුවර් එකටම වල් සතෙක් වෙන්න ඕනි..ආයි සීලාචාර සතෙක් කිට්ටුවට වත් එන එකක්යැ !!!??

      Delete
    9. අපි ඒක 'වන සතෙක්' කියලා සංශෝධනය කරමු.

      Delete
  8. මට නම් උපතින්ම වගේ බල්ලෝ පූසෝ වගේ සත්තු ටිකක් ඇලජික්.. ඒ නිසා ආස්සරේ කරන්නේ කකුළෙ දුරින්.. මේ විස්තරේ සෑහෙන්න වටිනවා.. හදිසියේ හරි පොඩ්ඩක් හීරුවත් වැඩිය ගණන් ගන්නෙ නෑ මම නම්.. හැබැයි එහෙම ඉඳල බෑ නේ ද?

    ReplyDelete
    Replies
    1. විශේෂයෙන්ම පොඩි දරුවන්ට නොදන්න සත්තු අතපත ගාන්න දෙන එක හොඳ නෑ.

      Delete
  9. වතාවක්, සීලිම කඩාගෙන ඇඳට වැටුණු උගුඩුවෙක්, ඔත්පල වෙලා හිටපු මගේ පියා කිහිප පොලකින්ම සපා කෑවා. ඒත් ඉතින් ඔය විදියටම ප්‍රතිකාර ගන්න වුනා.

    ReplyDelete
    Replies
    1. හැම ක්ෂීරපායී සතෙකුගෙම ඒ අවදානම තියෙනවා.

      Delete
  10. මාවත් වතාවක් බල්ලෙක් හපා කෑවා.හැබැයි මටනම් ඔච්චර වදයක් දුන්නෙ නෑ. පැය 72කට කලින් ගිය නිසා ද කොහෙද? අත් දෙකට ඉන්ජෙක්ශන් දෙකක් ගැහුවා.ආයෙත් ඔය කියලා තියෙන විදිහට යන්න වුනා එච්චරයි.

    වෙනි අයියට ස්තූති වේවා මේ බ්ලොග් එකට පාර පෙන්නුවට. :D ඔන්න ෆලෝ පාරකුත් දාගෙනම යනවා.

    ReplyDelete
    Replies
    1. හපොයි.. එතකොට පිරිමින්ගේ විතරද අර විදියට ඉන්ජෙක්ෂන් ගහන්නේ..

      Delete
    2. දැන් මෙතන ගාමිනි අයියව අහුවෙලා තියෙන්නෙ දොස්තර නෝනලා ටිකකට බව පේනවද ඇනෝ ? ඕන්න හේතුව :DD

      Delete
    3. දොස්තර නෝනලා තරහට ඇන්නද දන්නෙත් නෑ තමයි ..!

      Delete
  11. ගාමිණී උඹත් කරගෙන තියෙන දෙයක්!! ලිව්වට පස්සෙ කල්පනා කලේ පුරුද්දට කිව්වෙ. ඒක උඹේ රස්සාවෙම කොටසක්නෙ.

    ඕං ඉස්සෙල්ලම උඹ ගෙදර එක්කෙනාටයි, කෙල්ලටයි බයේ ජීවත් වෙන එක තරම් ජොලියක් තවත් නෑ කිව්වනෙ. ඔන්න ඒ මදිවට මගේ වයිපරෙත් උඹට බනින්න ගත්තා ලවක් දෙවක් නැතුව ෆෝන් එකක් පාවිච්චි කරන්නෙ නැතුවට,

    ඇත්තටම ඊට පස්සෙ මටත් පොඩ්ඩ වෙන්න මල උඹත් එක්ක පැය 72ක් යනකල් බලාහිටියට. දැන් ඔය පූසා ඉන්නවද කියලා බලන්න විදියක් නැත්ද?

    දැන් දවස් තුනකින් හතකින් තිහකින් ගහන එකවත් හරියට කරපං මචං. උඹේ appointment diary එකේ විතරක් නෙවෙයි. බිත්තියෙත් ලොකුවට ලියලා තියලා හරි. කෙල්ලටත් කිව්වානම් හරි reminders දාන්න කියලා. ඇත්තටම කවදද පූසා කෑවෙ?

    පට්ට කමෙන්ට් ටිකක් දාලා තියෙනවනෙ බං. අර ඉංග්‍රීසි සිංහල දෙමල ප්‍රසන්නයට සත්තු වත්තෙදි මාර වැඩක්නෙ බං වෙලා තියෙන්නෙ මාරයා කියන හැටියට. ඒක වෙච්ච හැටි නම් මටත් හිතාගන්න බෑ. හික්ස්.

    මේක පබ්ලිෂ් කලේ ඊයෙ රෑ වුනාට අපි බ්ලොග් වල අප්ඩේට් වෙලා තියෙනවා දැක්කෙ මේ දැන්.

    අවසාන වශයෙන්: ඉන්ජෙක්ෂන් ටික හරියට ගහගනින් මචං.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. හෑන්ඩ් ෆෝන් තියෙන කස්ටිය විඳින දුක දැක්කහම ගන්න හිතෙන්නෙ නෑ මචං.

      ඒකා වල් පූසෙක් නිසා බලන්න විදිහක් නෑ .. මම ඉතුරු ඉන්ජෙක්ෂන් වලින් දෙකක් වෙලාවට ගත්තා. තව එකයි මචං තියෙන්නේ.

      ප්‍රසන්න මලයා සමූහ දූෂනයකට ලක් වෙලා කියලයි කස්ටිය කියන්නෙ ..!

      ස්තුතියි මචං කොමෙන්ට් එකට ..!

      Delete
  12. අදනෙ දැක්කෙ මේ බ්ලොග් එක, මාරයා ෆේස්බුක් එකේ දාලා තිබුණු ලින්ක් එකකින්. බොහොම ප්‍රයෝජනවත් උපදෙස් ටිකක්, අහන්න හිතෙන විදිහට රසවත්ව ලියලා. අපූරුයි. ඉතිරි ලිපිත් හෙමින් කියවන්න ඕන.
    ජය!

    ReplyDelete
    Replies
    1. දොස්තර නෝනේ, මොකෝ පිරිමි අයට විතරක් වෙනස් විදියකට ඉන්ජෙක්ෂන් ගහන්නේ ? (මම මේ ඔය නෝනා ගැන නොවෙයි කියන්නේ)

      Delete
    2. ස්තුතියි කොමෙන්ට් එකට ..!

      Delete
  13. මමත් ආවේ මාර අයියගේ ලින්කුවකින්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කොමෙන්ට් එකට ..!

      Delete
  14. හරිම වටින බ්ලොග් එකක්නේ මෙච්චර කාලයක් මිස් වෙලා තිබිලා තියෙන්නේ . . හරිම වටිනවා මේව මෙහෙම ලියලා අපිව දැනුවත් කරන එකට . . . බොහොම ස්තූතියි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කොමෙන්ට් එකට ..!

      Delete
  15. මීට පෙර ගාමිණි විජිත් සමරකෝන් ගේ යාළ නැගෙනහිර අහිමි වනපෙත් කියවා ඇත්තෙමි.අනගිය. ස්තූතිය ලින්ක් එකට චන්දිමා අක්කේ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කොමෙන්ට් එකට ..!

      Delete
  16. රසවත් බ්ලොග් එකක් . මන් මේ පිළිහුඩුව දැක්කම හිතුවේ අර කුරුළු චිත්‍ර ඇන්ද ගාමිණි මහතාද කියල . ඒ ගාමිණී විජේතුංග වෙන්න ඕන මතක හැටියට . වනජීවී කතා කියවන්න පුළුවන් වෙයි අපට

    ReplyDelete
    Replies
    1. ගාමිණී රත්නවීර කියලා අතිදක්ෂ වනජීවී චිත්‍ර ශිල්පියෙක් ඉන්නවා.

      මේ පිලිහුඩ්ඩා නම් මගේ.

      ඉදිරියෙදි වෙලාව ලැබෙන විදිහට වනජීවී කතා ටිකක් ලියන්නත් හිතාගෙන ඉන්නවා.

      ස්තුතියි කොමෙන්ට් එකට ..!

      Delete
  17. මාර සමාගමෙන් පාර අහගෙන මම ආවෙ අදයි.. ආයෙත් දවසක් එන්නම්කො..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කොමෙන්ට් එකට ..!

      Delete
  18. මගෙ දෙයියො . . මම හිතුවෙ ඔයා කඩු බ්ලොග් එක විතරයි ලියන්නෙ කියල අප්පා . . .

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කඩු බ්ලොග් එකේ අලවලා තියෙන්නෙ මගෙ 'Lost Trails in Yala East' පොත. ඉදිරියෙදි දිගටම ලියන්න හිතාගෙන ඉන්නවා, ඉඩ ලැබෙන විදිහට.
      ස්තුතියි මලේ කොමෙන්ට් එකට ..!

      Delete
  19. ගාමිණී අයියගේ විජිතයට යන පාර අහ ගත්තේ මාරයාගෙන් .... කියවන අසා හිතෙන බ්ලොග් එකක්

    කැමතිනම් ඇවිත් යන්න එන්න : www.thunsitha.tk

    ReplyDelete
    Replies
    1. මේ පාර පොස්ට් එකෙන් අලුත් යාලුවො ගොඩක් අඳුන ගත්තා. හමෝගෙම බ්ලොග් වලට අනිවාර්යයෙන්ම එනවා ...

      ස්තුතියි මලේ කොමෙන්ට් එකට ..!

      Delete
  20. බුදු අම්මෝ,,, පූසිට අහුඋනොත් ලේසි වෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. පූසි අහිංසකයි ... පූසිත් එක්ක එන ලෙඩ තමයි ලේසි නැත්තේ ..!

      Delete
  21. හෆ්ෆා . . . පෝස්ට් ඔක්කොම එක හුස්මට කියෝල ඉවර කලා. පට්ට කොමෙන්ට් ටිකක් දාන්න පුලුවං පෝස්ට් ටිකක් මිස්වෙලා තියෙන්නෙ. කමක් නෑ . . . ඉස්සරහට බලාගමු

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මලේ කොමෙන්ට් එකට ..!

      ආයෙත් මුණගැහෙමු ..

      Delete
  22. හෆොයි බය හිතෙන කතාවක්නේ.. අර දීල තියෙන වද තිස් දෙක කියෙවුවම හිතෙනවා පිස්සු හැදෙන එක වඩා හොඳයි කියලා.

    ReplyDelete
    Replies
    1. රේබීස් ගැන ඉන්ටෙර්නෙට් එකේ සර්ච් කරලා බැලුවහම ඇත්තටම මට ලෙඩේ ගැන බය හිතුනා ..

      Delete
  23. අපේ නෑදෑයෝ වෙන අයිය කෙනෙක් මැරුණා ජලභීතිකාව හැදිලා අපි පුංචි කාලෙදිම
    එයාව කාලා තිබුනේ පිස්සු හැදිච්ච නරියෙක්.
    ඒ කාලේ වෙද්දී මිනිස්සු ඒ තරම් දැනුවත් වෙලා ඉඳල නැහැ මේ ලෙඩේ බෝ වෙන්නේ කොහොමද කියන එක ගැන, ගොඩ දෙනෙක් හිතාගෙන ඉන්නේ මේක බෝ වෙන්නේ බල්ලන්ගෙන් විතරයි කියලා.
    අන්තිමට ගොඩක් තරුණ වයසේ හිටපු ඒ අයියා ජීවිතෙන් වන්දි ගෙව්වා...

    වෙලාවට ගිහින් බෙහෙත් ටික විද ගන්න....

    ReplyDelete
    Replies
    1. සමහර අය බල්ලො කෑවහම ගොඩ වෙද්දුන්ගෙන් බෙහෙත් අරගන්නවා. ඒකත් හොඳ දෙයක් නෙමෙයි. ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙකට යන එක තමයි හොඳම දේ.

      ලොකු පුතේ බයටම දෙවෙනි, තුන්වෙනි බෙහෙත් ටික වෙලාවට ගිහින් විදගත්තා. ඊ ලඟ එක අප්‍රේල් 21 තියෙන්නේ.

      Delete
  24. මාර කේස් එක මාව නොසෑහෙන්න බල්ලෝ කාලා තියෙනවා පූසෝ ලේන්නුත් කාලා තියෙනවා ඒත් තාම එක ඉන්ජෙක්ෂන් එකක්වත් විදගත්තේ නෑ මාර කේස් එක කොයි වෙලේ පිස්සු හැදෙයිද දන්නේ නෑ.... බල්ලොන්ටනම් මාව දැක්ක ගමන් කන්නමයි හිතෙන්නේ

    ReplyDelete
    Replies
    1. සෙල්ලමක් නෙමෙයි කොල්ලෝ ... ප්‍රවේසම් නොවුනොත් අපිට පසුතැවිලි වෙන්නවත් කාලයක් ලැබෙන්නෙ නෑ ...

      Delete
  25. සමරකොන් අයිය, මම ටික දවසක් මේක බැලුව. ලිවීම සුන්දරයි. ඔබලාගෙන් වන ජීවීන් ගැන ඉගෙනගත්ත දේවල් බොහොමයක් තියෙනවා. දිගටම ලියන්න වනජීවියේ කතා හුඟක් සුන්දර වෙයි - භාතිය

    ReplyDelete
    Replies
    1. මලේ, මම කලින් කොමෙන්ට් එකත් දැක්කා, උත්තරයක් ලියන්න වෙලාවක් හොයන කොට තමයි මේක දැක්කේ. ස්තුතියි !

      ලඟකදි ගිරිතලේ පැත්තෙ ආවෙ නැද්ද? ආවොත් එන්න.

      Delete
  26. අද තමා හම්බ උනේ මේ බ්ලොග් එක

    මමත් ඔය 80 දසකයේ වෙච්ච දේවල් කිය වන්නෙ හරිම ආසාවෙන්.....

    සම්පූර්නයෙනම් කියෙවුව
    ජය

    ReplyDelete
    Replies
    1. අතීතය ඇත්තටම රසවත්. ස්තුතියි!

      Delete
  27. මමත් අදයි ෙම්ක දැක්ෙක්......
    ඉදිරියටත් වැඩි වැඩිෙයන් ලියන්න ලැෙබ්වා.. ජය!!!!!

    ReplyDelete
    Replies
    1. කාලය ඉඩකඩ ලැබෙන විදියට ලියමු පුතේ .. ස්තුතියි කොමෙන්ට් එකට

      Delete
  28. සියලුම පෝස්ට් කියෙව්ව. නියම ප්ලොග් එකක්. මගේ රෝලටත් දාගන්න ඕන.

    ReplyDelete
    Replies
    1. රාජ් මලේ, නවාතැනට ගොඩවෙලා මේ මාසේ පෝස්ට් ටික කියෙව්වා.. එල කතා ටික. ඉඩකඩ ලැබෙන විදිහට ආයෙත් එන්නම්.

      Delete
  29. ඔබ පවුලේ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මචෝ, ලැබුවා වූ නව වසර, පවුලේ සැමට ජය, සතුට, වාසනාව පිරි එකක්ම වේවා ..!

      Delete
  30. මගේ බ්ලොග් එකට ඔබ ආපු පාරක් දිගේ තමයි මමත් මෙතන හොයාන ආවේ . රසවත් කතා බොහොමයක් තියනවා කියෙවුවේ නම් මේ කතාව විතරයි .. දැන් වෙලාව රෑ 12.14 නිසා මම හෙට ඇවිදින් ඉතිරි කතා ටික කියවන්ඩ ඕනෙ ..

    ඉස්සර කතාවක් තිබුනා නෙව පිස්සු බලු රෝගෙට බේත් විදින්නේ බුරිය වටේට කියලා .. ඒක ඇත්තද මන්දා ?

    ReplyDelete
  31. මටත් මතකයි බල්ලෙක් කෑවහම බුරිය වටේ ඉන්ජෙක්ෂන් 21 ක් විදින කතාවක්. නමුත් දැං භාවිතා වෙන එන්නත එච්චරම දරුණු නෑ. දැවිල්ලයි, වේදනාවයි නම් තියෙනවා.

    ReplyDelete
  32. රන්දිකා හරහා ආවෙ. හරිම රසවත් ප්‍රයෝජනවත් ලිපියක්. එකම දුක ඔබතුමාව. පූස හපපු එකයි. මං අහල තියෙන විදියට ඔය එන්නත් හරිම මිල අධිකයි වගේ ම සමහරුන්ට දරුණුයි. ඔබතුමාට නං ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. හොඳ වෛද්‍ය කන්ඩායමක් ලැබිල නිසා. උයා පිහා ඉවර වුනු වහා අනෙක්වා කියවන්නම්

    ReplyDelete
  33. ඔක්කොම කතා එක හුස්මට කියෙව්වා දැං මේකත් කියවන්ට යන්නෙ http://wildlifegiritale.blogspot.com

    ReplyDelete
    Replies
    1. කියවලා කොමෙන්ට් කළාට ස්තුතියි.

      කිව්වත් වගේ ඇන්ටි රේබීස් එන්නත හුඟක් මිළයි. ආන්ඩුවෙ ඉස්පිරිතාල තියෙන නිසා හොඳයි.

      Delete
  34. කෝකටත් හොඳ නිසා තමා මම "මනුසතා" ඇර අනිත් සත්තුන්ව හුරතල් කරන්න යන්නේ නැත්තේ :D

    ReplyDelete
    Replies
    1. හසිත පුතා, මනු සතා හුරතල් කරන්නත් ඕනෑ ප්‍රවේසමෙන් ...!

      Delete
    2. @හසිත

      …කොටියා සිංහයා ගොරවා රවා පනී
      …එනමුත් උගේ රුදු බව ලෝකයා දනී
      …මිනිසා සිනාසෙන මුත් පා දයා වෙනී
      …අතගා හිසද ඇස්දෙක උගුලලා ගනී

      …මේක කිව්වේ හාමුදුරු නමක්..පේනවනේ මනු සතාගේ හැටි. ඒක නිසා හසිත මල්ලි \\මනු සතා හුරතල් කරන්නත් ඕනෑ ප්‍රවේසමෙන් ...!//

      Delete
  35. රේබීස් බෝවෙන්න සතා සපා කන්නම ඕනෙද? ආසාදිත සතෙකුගේ කෙල ගෑවුනොත් ඒක අනතුරු සහගතද? මේ සම්බන්ධව වැඩිදුර විස්තරයක් දන්නවාද?

    ReplyDelete
    Replies
    1. මලේ මම දන්න හැටියට අලුත් තුවාලයකට වෛරසය ඇතුලු උනොත් ආසාදනය වෙන්න පුලුවන්.

      මේ ලඟදි නාලන්දාවෙ පොඩි කොලු පැටියෙක් ජලභීතිකාවෙන් මියගියා, ඒත් දෙමව්පියො කියලා තිබුනේ දරුවා බල්ලෙක් හපා කාලා තිබුනෙ නෑ කියලා.

      Delete
    2. ඔව් ගාමිණි අයියේ, ඒ මගේ පන්ති සගයෙක්ගේ පුතෙක්. (විජේසේකර සහ මම නාලන්දේ 6 සිට එකම පන්තියේ සිටියේ).
      මමත් ඒ මල ගෙදරදී තමා ඔය කථාව ඇහුවේ. ඒත් මම ඉගෙනගෙන තිබුණ විදිහට රේබීස් වෛරසය ලේ වලට ඇතුල් වෙන්න ඕනෙ ආසාදනය වෙන්න නම්. පිස්සු බල්ලෙක් ලෙව කෑවත් අපට බෝ වෙන්නේ නෑ; ඒත් ඇසට නෙපෙනෙන ප්‍රමානයේ හෝ තුවාලයක් තිබුණොත් ලේ නහරයක් විවෘත වෙලා ඒකෙන් වැඩේ ලෙඩේ වෙන්න පුළුවන්.

      Delete
  36. කලාතුරකින් හම්බ වෙන හොද ලිපි පෙළක් .අහම්බෙන් හම්බ වුනේ .අපේ ජීවිත අත්දැකීම් බෙදා ගන්න එක ලොකු කසල කර්මයක් එක්තරා විදියකට .මොකද අපි කොච්චර දේවල් එකෙන් ඉගෙන ගන්නවද .

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මලේ අපි කියවන, අහන දේවලුත් අපේ ජීවිත අත්දැකීම් කරගන්න ඕනෑ. එහෙම කළොත් හුඟක් වැරදි, අවදානම් මගහැරගන්න පුලුවන්.

      Delete
  37. මගෙ යාලුවෙක් ගේ කකුල හපලා තිබ්බ බල්ලෙක්. මෑ ට නම් ගාමිනි අය්ය කිව්ව විදිහට පෙකණිය වටේටත් බෙහෙත් විදල තිබ්බ. වරුවක් විතර වාට්ටුවෙත් ඉන්න වෙලා.

    …එද ඉඳලා මම නම් දන්නෙ නැති ගෙදරකට යනව නම් ගෙදරට කතා කරන්නේ ගහක් හරි බැම්මක් හරි ලඟ ඉඳලා. කෑවොත් පේනවනේ අපිට කන්න වෙන කට්ට. :)

    …අර "වන" සහ "වල්" කියන දෙකෙන් වඩා ගැලපෙන්නෙ "වල්" කියන එක නෙවෙයිද අය්යා.

    …"වල" කියන්නේ කැලෑවට නේද ? වන හරක්, වන අශ්වයෝ, වන ඌරෝ... එහෙම කිව්වම නිකං ගැලපෙන්නේ නෑ වගේ නෙ.

    …බුදු අය්යේ දැන්ම නම් වල කජ්ජ ගහන්න හිතන්න වත් එපා. චිරාත් කාලයක් අපිත් එක්ක අත්දැකීම් බෙදා ගන්න යෙහෙන් වැජඹේවා..! :-)

    ReplyDelete
    Replies
    1. ඉස්සර පෙකනිය වටේ එන්නත් විසි එකක් ගැහුවා මටත් මතකයි. මම හිතන්නෙ දැන් තියෙන අලුත් ඖෂධ එහෙම විදින්න අවශ්‍ය නෑ.

      නිල වශයෙන් දෙපාර්තමේන්තුව 'වල්' වචනය ඉවත් කරලා 'වන' කියලා භාවිතා කරන්න පටන් ගත්තේ ඉතාම මෑතකදි. අපට තවමත් නුහුරුයි වගේ තමයි. ඒත් එක පරම්පරාවක් පහු වෙන කොට ඒකට හුරුවෙයි.

      විහිලුවට එහෙම කිව්වට මලේ මට හිතෙනවා මම අවුරුදු හැත්තෑව පනිනකම් අවුලක් නැතුව ඉඳියි කියලා. ඊට වඩා ඉඳලා අනුන්ට වදයක් වෙන්න නම් මම කැමති නෑ කොල්ලෝ ..!

      Delete
  38. මාත් බර ටිකක් වැඩී 109යි...

    ReplyDelete
  39. බැලුවහම මම හොඳයි නේ කොල්ලෝ ...!

    ReplyDelete
  40. මට ඔය බේත් සෙට් 1ක 5 පාරක් විදලා තියෙනවා, මගේ වයස 19 කොහොමද මගේ වැඩ ?

    ReplyDelete
    Replies
    1. ඒ ලෙඩේ ගැන නම් සැහැල්ලුවෙන් හිතන්න එපා කොල්ලෝ ..!

      Delete
  41. ජලභීතිකාව නැත්තම් පිස්සු බලු රෝගය හැදුනම මරෙන්න මොහොතකට කලින් සතෙක් වගේ හැසිරෙනවා කියල අහලා තියනවා. ඇත්තද කියල නම් දන්නෑ...

    ReplyDelete
    Replies
    1. ජලභීතිකාව උග්‍රවුනහම වතුරට බයේ කෑ ගහනවා කියලා මම අහලා තියෙනවා. ඒකෙ ඇත්ත නැත්ත නම් මම දන්නෙ නෑ මලේ.

      Delete