ගිරිතලේ මම ඉන්න ජාතික වනජීවී පුහුණු කේන්ද්‍රයට එන කනෙකුගෙ ඉස්සෙල්ලාම ඇස ගැටෙන්නෙ අපේ පුංචි බුදු මැදුර. එහි තියෙන, දැකීමෙන්ම හිත නිවෙන බුදු පිළිමය ඉදිරියට එකතුවෙලා, බුදුන් වැඳලා තමයි අපේ දවස ආරම්භ වෙන්නෙ. බුදු මැදුර ළඟින්ම තියෙන්නෙ අපූරුවට දළු දාලා හැදෙන ශ්‍රී මහ බෝධියෙ අංකුරයක්. අංකුරයක් කිව්වට දැන් ඒක අඩි හත අටක් උසට හැදුනු තරමක බෝධීන්වහන්සෙ නමක්..
1993 මම ඉස්සෙල්ලාම ගිරිතලේට එනකොට ඒවගෙ අපි හැමෝටම එකතුවෙලා පන්සිල් පදයක් කියලා හිත නිවාගන්න තැනක් තිබුනෙ නෑ. එතකොටත් මා එක්ක ගිරිතලේ හිටපු ජයසූරිය මහත්තයාටත් මටත් එහෙම තැනක් හදා ගන්න උවමනාව තිබුනත්, ඒ වගෙ දේකට රජයේ සල්ලි වෙන් කරගන්න එක පහසු වැඩක් උනේ නෑ.
බුදු මැදුරක් ගැන හිත හිත අවුරුදු කීපයක්ම ඉන්න අතරෙ තමයි ගිරිතලේ සංචාරක බංගලාව හදන්න දෙපාර්තමේන්තුව සල්ලි වෙන් කළේ. තට්‍ටු දෙකේ විශාල ගොඩනැගිල්ලක් වුනු ඒක ටිකක් ලොකුවට කෙරුනා. ඒකෙ වැඩ බලාපු සුපවයිසරයායි, හෙඩ් බාසුන්නැහෙයි ටිකක් සුහදශීලී මිනිස්සු බව පෙනුනු නිසා අපි ටිකක් කිට්‍ටු වෙලා බුදු මැදුරෙ අදහස දාලා බැලුවා. ඒක කියපු ගමන්ම ඔවුන් දෙන්නාම බොහොම කැමැත්තෙන් ඒකට උදව් කරන්න එකඟ උනා මට මතකයි.
ඉතින් බුදු මැදුරක් හදා ගැනීම මේ විදියට බොහොම සුළුවෙන් ආරම්භ උනා. උදේ ඉඳලා හවස් වෙනකම් බංගලාව හදාපු බාසුන්නැහේ රෑට කාලා ආවා බුදු මැදුර හදන්න. අපේ අත් උදව්වෙන් ඒ වැඩේ කරපු උන්නැහේ ආපහු ගියේ පාන්දර දෙකට තුනට විතර. බංගලාව හදන්න ගෙනාපු ගල් වැලි, සිමෙන්ති වලින් තමයි වැඩේ කෙරුනේ. සුපවයිසර් උන්නැහේත් ෂේප් නිසා අවුලක් උනේ නෑ. මේ විදියට ටික දවසකින් බුදු මැදුරෙ වහල මට්ටමට වැඩ ඉවර උනා.
ඊලඟට වහලෙ හදාගන්න විදිහක් නැතුව දහ අතේ කල්පනා කරකර ඉන්නකොට තමයි හදිසියෙම දවසක් මගෙ හිත මිතුරු ලක්දාස් මෙත්තානන්ද යාලුවො කස්ටියක් එක්ක ගිරිතලේ පැත්තෙ ආව. ලකී බාගෙට හදාපු බුදු මැදුර දැකලා විස්තර අහලා 'මම පුළුවන් උදව්වක් කරන්නම්' කියලා ආපහු ගියා. ටික දවසකින් ලකී අපට රුපියල් දාසය දාහක් එවලා තිබුනා බුදු මැදුරෙ ඉතුරු වැඩ ටික කරගන්න කියලා. ඔන්න ඉතින් බුදු මැදුරෙ වහලෙ ගහලා උළු තියාගෙන ඒකෙ වැඩ බොහොමයක් අවසන් කරගත්තෙ ලකී සහ එයාගෙ යාලුවො කස්ටියගෙ උදව්වෙන්. වැදගත්ම කාරණය තමයි ලකී සහ ඔහුගෙ යාලුවො සියලු දෙනාම ක්‍රිස්තියානි ආගම අදහන අය වීම. අර බාසුන්නැහේට වගේම ඔවුන්ටත් උවමනා වෙන්න ඇත්තේ යහපත් දෙයකට සහභාගිවෙලා සතුටක් ලබන්න වෙන්න ඕනෑ.
ඒක කියනකොට මට තවත් කතාවක් මතක් උනා. මම බුත්තල වැඩකරන කාලෙ, පොසොන් දවසක අපේ නිල නිවාසෙ ඉස්සරහ පාරෙ පොසොන් පෙරහැරක් ගියා. පෙරහැරේ අවසානයට ගියේ පොසොන් භක්ති ගීත ගායනා කරන පුංචි දරු, දැරියො පිරිසක් පටවාගත්තු තට්‍ටු ලොරියක්. ලස්සණට සරසලා තිබුනු ඒ වාහනේ යන ගමන්, පුංචි වාදක මණ්ඩලයක් සපයපු සංගීතයට අනුව ඔවුන් පොසොන් භක්ති ගීත ගැයුවා. වාදක මණ්ඩලේ කෙලවරක වයලීනයක් වයමින් හිටියේ ක්‍රිස්තියානි පූජක තුමෙක්. පස්සෙ දැනගන්න ලැබුනු විදියට ඒ භක්තිගීත කණ්ඩායම පුරුදු පුහුණු කරලා තිබුනේ ඒ පූජක තුමා.
ඉතින් ආපහු ගිරිතලේට එමු. ඊලඟට අපිට ඕනෑ උනේ බුදු මැදුරට ගැලපෙන තරමේ බුදු පිළිමයක් හොයාගන්න. ඒ කාලෙත් ඒ වගේ බුදු පිළිමයක් හොයාගන්න එක ලේසි වැඩක් උනේ නෑ. ඒක ගැන හිත හිතා ඉන්නකොට තමයි මගේ ගිරිතලේ සේවා කාලය සම්පූර්ණ වෙලා ස්ථාන මාරුවෙන්න උනේ. මට පස්සෙ ආපු සූරියබන්ඩාර මහත්තයත් වැඩේ ඇතෑරියෙ නෑ. එතකොට හිටපු වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් ගුණසේකර මහත්තයාගෙත් උදව්වෙන්, කළුතර බෝධි භාරකාර මණ්ඩලයෙ අනුග්‍රහය අරගෙන බුදු මැදුරට ගැලපෙන බුදු පිළිමවහන්සෙ නමක් හොයා ගන්න ඔහු සමත් උනා.
කොහොම හරි මම 2008 දෙවෙනි වරටත් ගිරිතලේට එනකොට දකින කෙනෙකුගෙ සිත් සනහාලන බුදු මැදුරක් නිර්මාණය වෙලා තිබුනා. ඒ වෙනකොට හිටපු ධර්මතිලක මහත්තයා හැමදාම උදේට සේරම පුහුණු නිලධාරීන් හා කාර්ය මණ්ඩලය එකතු කරගෙන බුදුන් වඳින ආගමික සම්ප්‍රදාය ඇති කරලා තිබුනා.
ඊට පස්සෙ දැනට අවුරුදු දෙකකට ඉස්සෙලා තමයි අපේ බෝධිරාජයා අනුරාධපුරෙන් වැඩමවාගෙන ඇවිත් රෝපනය කරගත්තේ. එතකොට ගිරිතලේ පුහුණුව ලබමින් හිටපු සේරම පුහුණු නිලධාරීන් එකතුවෙලා තමයි ඒ පින්කම කරගත්තේ. මේ සියල්ලම සිද්ද උනේ හැමෝගෙම දායකත්වයෙන්. ආණ්ඩුවෙ සල්ලි සත පහක වියදමක් නැතුව.
ඉතින් මට මේ පරණ කතන්දර ටික මතක් වෙනකොට හිතෙන්නේ අපිට යහපත් පොදු අරමුණක් වෙනුවෙන් එකට එකතු උනහම කොච්චර දේවල් කරන්න පුළුවන්ද කියලා. අපේ වෘත්තීය තරාතිරම, ආගම් භේද අමතක කරලා, පැවරිලා තියෙන වැඩ වලට විතරක් කොටුවෙලා සීමා වෙන්නෙ නැතුව, යහපත් දෙයක් වෙනුවෙන් වැඩිපුර සැතපුමක් ඇවිදින්න හිත හදාගන්න පුලුවන්නම්, අපි ජීවත් වෙන මේ ලෝකය මීට වඩා යහපත් තැනක් වෙයි කියලත් මට හිතෙනවා.

ශා හරි ශෝක්
ReplyDeleteස්තුතියි, මලේ ...!
Deleteඅගේ ඇති වැඩක් ගාමිණී අයියේ...මේව දකින කොට ඔබට දැනෙන සතුට කෙතරම්ද?
ReplyDeleteකියලා වැඩක් නෑ මලේ ...! බුදු මැදුරයි, බෝධියයි දකින දකින වාරයක් පාසා ලොකු සතුටක් දැනෙනවා ...!
Deleteඇත්තයි ගාමිණි අයියේ. එක් වැදගත් අරමුණක් වෙන්වෙන් පෞද්ගලික අරමුණු පසෙක ලෑම තමා දියුණුවේ රහස...
ReplyDeleteඇත්ත මලේ, පෞද්ගලික අරමුණු තියෙනතාක් කල් අපිට යන්න තියෙන පාර පටු වෙනවා. පොදු යහපත් අරමුණු අපේ ගමන පහසු කරනවා ...
Deleteහරිම ලස්සන ලිපිය ගාමිණි. යහපත් වැඩවලට ඕනම කෙනෙක් කැමතියි.මං හිතන්නේ ඒක වෙන්න ඇති හැමෝගේම ආදාරයෙන් ඒ වැඩේ ලස්සනට කෙරෙන්න ඇත්තේ.බුදු මැදුර දකිනකොට ඇත්තටම හිත නිවෙනවා.
ReplyDeleteයහපත් සිතිවිලි හැමෝම එකතු කරවනවා ශාමි ..
Deleteඅර පියතුමා වාදනය කලා කියල කියවනකොට මට මතක් උනේ අපෙ මර්සලීන් ජයකොඩි පියතුමා. එතුමන්ලා වගෙ ආගමික නායකයින් තවත් අපි අතරේ බිහිවේවා විශෙෂයෙන්ම බොදුනුවන් අතරේ..
ReplyDeleteඇත්ත ලංකා .. ඒ පියතුමා වගේ පුළුල්ව ලෝකය දිහා බලන්න පුලුවන් නම් අපි අතින් බොහෝ යහපත් දේ සිද්දවෙයි.
Delete'පන්සලේ පියතුමා' කියලා කොහේ හරි මර්සලීන් ජහකොඩි පියතුමාව හඳුන්වලා තිබුනා මතකයි. ආගමික සමගිය වෙනුවෙන් උන්වහන්සේ ගෙන් කෙරුනු සේවය අප්‍රමාණයි.
ඔබතුමාගේ අත්දැකීම් ගොඩක් සරල විදිහට ඉදිරිපත් කරල තියෙනවා. මම දැක්ක අනෙක් කාරණය ඔයාගෙ ගොඩක් පෝස්ට් තුළින් සමාජයටත් මොකක් හරි පණිවිඩයක් දෙන්න උත්සාහ කරල තියෙනවා. ඒක ගොඩක් හොඳ දෙයක් විදිහට මම දකිනවා. තවත් සාර්ථක ලිපි ඉදිරිපත් කිරීමට ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා...
ReplyDeleteනහින දෙහින කාලේ, ලබාපු අත් දැකීම් බෙදා හදා ගන්න එක සතුටක් මලේ .. (පුතේ ...?)
Deleteමාලු ටැංකිය පැත්තේ ගියා. අපූරු බ්ලොග් එකක් ...!
බොහොම ස්තුතියි විජිත් අයියේ...
Deleteඔන්න අපිත් ආපු දවසෙම නැවතිලා පාර ඇහුවා ඔතනින්. ඇයි උඹට මතකද අර මහ පාර අයිනෙ කෑම්ප් එක කිට්‍ටුව තියෙන දැවැන්ත පිළිමෙ ගාවා ඉඳගෙන පාර ඇහුවාම මේ පිළිමේ කියලා හිතලා පාර කියලා වෙච්ච අලකලංචිය? හික්ස්.
ReplyDeleteකවුද දන්නෙ ඒ බුදු ගෙට ඔච්චර දිග කතාවක් තියෙන බව!
අපි ඉස්සර බලංගොඩ හිටපු කාලෙත් මචං, පොසොන් තොරණ ගහන්නෙ කතෝලිකයො මූලික වෙලා. එයාලට කිසිම ඇලර්ජි එකක් තිබ්බේ නෑ බුද්ධාගමට.
ගිරිතලේ ට එන හැමෝම පාර හොයා ගන්නේ බුදු ගේ ආධාරයෙන් තමයි මචං.
Deleteහැම ආගමකම ඉන්නවා මචං ආගමික සමගිය අගය කරන අය. ටික දෙනෙක් තමයි ඒක වනසන්නේ.
හරිම සන්තෝසයි ගාමිණී අයියා.... අපිත් සල්ලි එකතු කරලා සයිට් එකේ පිළිම ගෙයක් හදපු හැටි මතක් උනා.....
ReplyDeleteආගමක් කියන්නේ මිනිස්සු එකට බැඳලා තියන රැහැනක් මලේ ...
Deleteයහපත් දෙයක් හිතට එකඟව කරනවනං ඒක කොයි ආකාරයෙන් හරි සාර්ථක වෙනව.
ReplyDeleteඔය ආගම් බේද ජාති බේද තියෙන්නෙ ටික දෙනෙක් අතරෙ විතරයි.
ඇත්ත මලේ, ඒ වගේ අපතයො ටික දෙනෙක් හැම ආගමකම ඉන්නවා.
Deleteයහපත් දෙයකට හිත යොදවන්නා කිසි විටෙකත් අයහපතෙහි නොඇලේ....
ReplyDeleteහරිම වැදගත් කාර්යයක්!
ඒක නම් ඇත්ත, නාඩියා මලේ ..
Deleteඔය වාද බේද සේරම තියෙන්නෙ අපි වගේ පොඩි අය ළඟ නෙවෙයි අයියෙ..ඕක කන්ඩ සූත්‍රයක් කර ගෙන බඩ වඩා ගන්න දඟලන සුළුතරය්ක් අතරෙනෙ..අපි අපි අර කිව්වා වගේ හොඳ වැඩකට එකතු වෙනකොට..ඔය මොනාවත් නෑ සේරම එකා වගේ !
ReplyDeleteඇත්ත මලේ .. ඒ සේරම අවුල් ඇති කරන්නේ තමන්ගෙ පැවැත්මට. හැම ආගමකම ටික දෙනෙක් ඉන්නවා ඒ වගේ එවුං.
Deleteචේතනාව හොද නම් වරදින්නේ නෑ නේ... හි හි
ReplyDeleteඇත්ත නගේ ...!
Deleteමේවා තමයි අවසානෙදි ඉතුරු වෙන්නේ. අපිත් මේවා ආදර්ශයට ගත යුතුයි.
ReplyDeleteකරපු යහපත් දෙයකින් ලැබෙන සතුට සදාකාලිකයි මලේ ..
Deleteඅගේ ඇති වැඩක්. පිරිසිදු චේතනාවෙන් කරන ඕනෑම දෙයක් සාර්ථක වෙනවානේ..
ReplyDeleteඇත්ත නගේ ...
Deleteඔබේ බ්ලොග් පොස්ට් වලින් බෙදන සිසිලස අගේය මහත්මයාණෙනි, බොහෝම පින්.
ReplyDeleteස්තුතියි ඔබ තුමාට ...
Deleteඅද හිටවන පුංචි පැළය පස්සෙ කාලෙක රූස්ස ගහක් වෙලා අපිට වගේම අනිත් අයටත් හෙවණ දෙනව. මේ වගේ හොඳ වැඩත් ඒ වගේමයි... :)
ReplyDeleteඔව් කල්පන මලේ ... පෞද්ගලිකව කරගන්න දේකට වඩා පොදු යහපතට කරන දේවල්වලින් ලොකු සතුටක් ලබන්න පුලුවන්.
Deleteමිනිස්සු අතර තියන්න ඕන/තව තව වැඩි වෙන්න ඕන ඔන්න ඔය සහෝදරත්වය තමයි. ඒ සත් කාර්‍යයේ සුවඳ මේ ලිපියෙන් අපිත් වින්දා නේ.
ReplyDeleteමෙහෙම ඒවා අහන්න දකින්න ලැබෙන එකත් සතුටක්..!
ස්තුතියි මලේ ...
Deleteපින් පින් පින්... :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ජයම වේවා රජ පැටියෝ ...!
Deleteගාමිණි අයියා,
ReplyDeleteපියතුමයි බැති ගී ළමයිගෙයි සිද්ධි වගේ ඒවා කියවද්දිත් හිතට දැනෙන්නෙ සැහැල්ලුවක්. අපි පොඩිම කාලේ හිටපු ගමෙත් ඔය වගේ දේවල් වුනා. හැම දේටම ඉන්නෙ ගමේ අය නිසා හාමුදුරුවෝ කතා කරද්දි ආගම මොකද්ද කියලා බලන්නැතුව බයික්කෙ අරගෙන පංසලට එන අයත්, පල්ලියට තීන්න ගාන්න යන බෞද්ධයොත් ඒ කාලේ (අසූ ගණන්වල මැද) හිටියා.
බුදු පිළිම වහන්සේ ගේ කතාවට ආවොත් ඔන්න ඒ ගැන කියලා මම මේල් එකක් එවලා ඇති!
පෝස්ට් එක ලියාගෙන යද්දි පොසොන් භක්ති ගීත කතාව මතක් වෙලා ඒ ටික ලියද්දි ඇස් දෙකට කඳුලු ආවා මලේ. ඒ වගේ දේවල් දකින්න ලැබෙන එකත් වාසනාවක්.
Deleteඊ මේලට උත්තරයක් දැම්මා මලේ.
නියම වැඩක් ගාමිණී අයියේ!!!!!!!
ReplyDeleteජයවේවා!!!!!!!
ස්තුතියි මලේ ...!
Deleteජයම වේවා ...!
හොඳ වැඩවලට කොහෙන් හරි හොඳ මිනිස්සු එකතු වෙනවා
ReplyDeleteඒක නම් ඇත්ත මලේ ...
Deleteපිං සිද්ධ වෙන වැඩක් මාමේ. ආගම මොක වුනත් මිනිස්සු අද කාලෙත් ඉන්නවා කියන එක මේ කතාවෙන් විද්‍යාමාන වෙනවා. කරපු පිංකම වලට කියන්න තියෙන්නේ සාධු සාධු සාධු කියල විතරයි.
ReplyDeleteඒ පින් සේරටමත් අනුමෝදම් වේවා කියලා පතනවා කෝරලේ පුතේ ..
Deleteඅනිවාර්යෙන්ම අයියේ ..
ReplyDeleteඅපි හැමෝම ජාති අගම් බේද නැතුව එකතු උනොත් ලෝකේ කොයි තරම් නම් සුන්දර තැනක් වේවිද. . .
ක්‍රිස්තියානි පූජක තුමාගේ වයලීන් වාදනයයි වහලේ ගහන්න ක්‍රිස්තියානි යාලුවෝ උදව් කරපු එකයි ඇහුවාම ඇහැට කඳුලු ආවා අපේ මිනිස්සු මේ දවස්වල ජාති වාදයක් අවුස්සගෙන රට ගෙනියන්න හදන තැනයි එකෙන් අනාගතේ වෙන්න පුලුවන් අනිසි ප්‍රතිපලයි ගැන හිතිලා.
දෙපාර්ශ්වයේම සුළු කොටසක් කරන වැරදි නිසා ඒ තත්වය ඇතිවෙලා තියෙන්නේ, මලේ..
Deleteඒ ක්‍රිස්තියානි පූජක තුමායි, ලක්දාස් ඇතුලු යාලුවො ටිකයි දුන් පණිවිඩයෙ කොයිතරම් ගැඹුරක් තියෙනවද ..?
ඇත්ත අයියේ මේ පුංචි රට ඇතුලේ අපි හැමෝටම සමගියෙන් ඉන්න ඇහැක් නම් කොයි තරම් දෙයක්ද . . .
Deleteමලේ ... උඹ ඉපදුනේ ගාල්ලෙද, මාතරද කියාපං ... මම ඉපදුනේ ගාල්ලේ ..
Deleteලිංක් එක එව්වාට පින්සිදු වේවා ...!
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete//අපේ වෘත්තීය තරාතිරම, ආගම් භේද අමතක කරලා, පැවරිලා තියෙන වැඩ වලට විතරක් කොටුවෙලා සීමා වෙන්නෙ නැතුව, යහපත් දෙයක් වෙනුවෙන් වැඩිපුර සැතපුමක් ඇවිදින්න හිත හදාගන්න පුලුවන්නම්, අපි ජීවත් වෙන මේ ලෝකය මීට වඩා යහපත් තැනක් වෙයි කියලත් මට හිතෙනවා.//
ReplyDeleteසම්පූර්ණ ඇත්ත. මේ කතාව මට මතක් කලේ කැන්බරාවල පන්සලක් හදන්ට වෙහෙසුනු ක්‍රිස්තියානි ආගමිකයෙක්ව.
සියලු ආගමිකයන් එක්ක සහයෝගයෙන් ඉන්න පුලුවන්, විවෘත හිත් ඇති බහුතරයක් හැම රටකම ඉන්නවා. ප්‍රශ්ණ ඇතිකරන්නේ ඉතාම සුළු කොටසක්, පොඩි කුමාරියේ.
Deleteරටටම ආදර්ශයක්.ගාමිණි අංකල් ඇත්තටම මට මේ බුදු මැදුර සජිවි දකින්න ලෝභකමක් ඇති උනා.ඔබේ අකමැත්තක් නැති නම් මෙම සටහන මම මගේ බ්ලොග් එකට එන හැමොටම බලන්න සලස්වමි.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව) <a
මගේ ඕනෑම සටහනක්, ඡායාරූපයක්, යහපත් සිතින් උපුටා ගන්න කිසිම තහනමක් නෑ කෙල්ලේ.
Deleteපොලොන්නරුව පැත්තෙ යන වෙලාවක ඇවිත් යන්න එන්න. අපේ වනජීවී කෞතුකාගාරය බලන්නත් පුලුවන්.
ගොඩක් වැදගත් වැඩක් ගාමිණි මහත්තයෝ....
ReplyDeleteඅනුන් හදපු මහා විශාල දේවල්වලට වඩා තමන්ගේ මහන්සියෙන් හදපු පුංචි දේත් ගොඩක් වටිනවා.. එහෙම නේද? ඒ වගේ දෙයක් දකින කොට කොච්චර සතුටක් එනවද?
පුංචි උනත් බුදු මැදුර අපි හදාගත්ත නිසා දැක්කහම සතුටුයි මලේ ...
Deleteලකෆ්‍රෑන්ස් නමින් මෙතෙක් කල් අනිකුත් බ්ලොග්කරුවන්ට අපහාස වන අන්දමේ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට නොදැනුවත්වම දායක වීම ගැන ඔබ සියලු දෙනාගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටිමි. බ්ලොග් අවකාශය තුල මිතුරන් යැයි මා මෙතෙක් සිතා සිටි කතන්දර/වැප්/ඕනමැන්ටල් යන අපාය සහායක මිතුරන් නිසා මට මේ කරුමෙට දායක වීමට සිදුවිය. අදින් පසු මම ඉහත නම් කියූ උන් සමග ඇයි හොදයියක් නැත. කරුණාකර පෙර මෙන් මා පිළිගෙන මට සමාව දෙන්න....ඔබේ මිත්‍රත්වයේ හස්තය මා වෙත දිගු කරන්න.
ReplyDeleteජංගම දුරකථනයට දිනපතා පැමිණෙන මරණ තර්ජන නිසා බක්මහා උළෙලට සහභාගි විය නොහැක.
ස්තූතියි,
මම ඔබේ හිතවත් අභීත
හපොයි දෙයියනේ වෙලා තියෙන දෙයක් .. අපි අතරේ කිසි අවුලක් නෑ...
Deletemth budu madura hadana kale girithale heteyne uncle,ethkotnm mn podi.e kale me deval therum nethe unata dan nm therenva,e davasvala girithale heteya hamoma ekatamne heteye neda uncle.e badime me deval thavath lassana kra keyala hethenava uncle.mkda hamoma eka vage hetapu henda mn podi unath eka mta hodata danuna deyak uncle.khama unath mage punche kale e vage thanka inna labunu eka gana hethe punce adambarayk theyenva.ada vage samjayaka me uncle vage uthum kattiya godk adui uncle.e vage ayath ekka mge punche kale gthkarnna labunu ekata godak sathutui mn.manushya athmyak labala me vage deval karala ada marunath kamk ne.nikan idala marenvata vda..... uncle ge ediri gamnta mgen suba patum, mama isuru....
ReplyDeleteකොමෙන්‍ටුවට ස්තුතියි ඉසුරු පුතා. ඔයාගෙ තාත්තත් මේ හැම දේකටම දායක උනා. ඒ ගැනත් පුතාට සතුටු වෙන්න, ආඩම්බර වෙන්න පුලුවන්.
Deleteමාගේ ජීවිත කාලය තුල මා දැකපු සුවිසල් ,ගෞරවනීය මිනිසුන් අතර මාමා සුවිසල් මනුෂ්‍යත්වය පිරිපුන් මනුෂ්‍යයෙක්. ගිරිතලේ මා ගෙවූයේ නොදරුවා කාලයේ, ටිකින් ටික උස්මහත් වෙද්දී මාමාගේ ආදර්ශමත් මනුෂ්‍යත්වය සුවිසල් අයුරින් අද්‍යනය කරමි . තෙරුවන්සරණයි මාමෙ !!!
ReplyDeleteI read the total story.very memorable contribution by you. please accept our heartiest congratulations for such a noble activity.lets go one day to see the Budumedura.
ReplyDeleteතවත් මෙවැනි කර්තව්‍යන් කරන් ශක්තිය දෛයිරිය ලැබේවා
ReplyDelete