මේ පාර දැයට කිරුළ ප්‍රදර්ශණයේ බරපතල වැඩ කොටසක් දෙපාර්තමේන්තුවට පැවරිලා තිබුනා. වන අලි ගැවසෙන අම්පාර වැව ආශ්‍රිතව ප්‍රදර්ශණ භූමිය තියෙන නිසා අලි ප්‍රදර්ශණේ බලන්න එන එක වලක්ව ගන්න විදුලි වැට දෙකක්ම හදලා, රැක බලා ගන්න ලොකු පිරිසක් යොදවලා ඉන්නවා.
ප්‍රදර්ශණයේ දෙපාර්තමේන්තු භූමිය සැලසුම් කරලා සකස් කරන්න පැවරිලා තිබුනේ ගිරිතලේ වනජීවී පුහුණු කේන්ද්‍රයට සහ පශු වෛද්‍ය ඒකකයට. දෙපාර්තමේන්තුවෙ කාර්ය භාරය හා වගකීම් විවරණය කෙරෙන ප්‍රදර්ශණ කුටියක් (Dome) සහ දෙපාර්තමේන්තුවෙ පශු වෛද්‍ය ඒකකය විසින් පුනරුත්ථාපනය කෙරෙන අනාථ වන සතුන් ප්‍රදර්ශණය කෙරෙන භූමියක් සකස් කරන්න තීරණය කෙරිලා තිබුනා. වැඩි කතා ඕන නෑ. පින්තූරවලින්ම වැඩේ පහැදිලි කරගමුකෝ.
ප්‍රදර්ශණ කුටියේ පිවිසුම, යාල උද්‍යාන පිවිසුමේ ආකෘතිය අනුව ඉතාම නිර්මාණශීලීව සකස් කරලා තියෙන්නේ, ලාහුගල උද්‍යාන භාරකරු සියාසිංහ මහත්තයාගේ අදහසක් අනුව.
ප්‍රදර්ශණ කුටිය ඇතුලත දෙපාර්තමේන්තුවෙ වගකීම් හා කාර්ය භාරයත්, ශ්‍රී ලංකාවෙ වනජීවී රක්ෂිත ජාලය පිලිබඳවත් විස්තර කෙරෙන පුවරුවලින් සමන්විතයි. අපේ වනජීවී රක්ෂිත ජාලයට පහුගිය පෙබරවාරි මාසෙ දි වසර 75 ක් පිරුනා. ඒක තමයි ප්‍රධාන තේමාවවුනේ.

පුවරු අතරට වනසතුන්ගෙ නිදර්ශක සහ උන්ගැන විස්තර ඇතුලත් පුවරු යොදලා තියෙනවා. ජයසූරිය මහත්තයාගෙ වැඩ ගැන ඉතිං අමුතුවෙන් කියන්න ඕන නෑනේ.
ප්‍රදර්ශණ කුටියෙන් පිටත භූමියත් ඉතාම ආකර්ශණීයව සකස් කරලා තියෙනවා.
ශ්‍රී ලංකාවෙ වනජීවී රක්ෂිත ජාලය විදහා දැක්වෙන සිතියම සකස් කළෙත් ජයසූරිය මහත්තයාම තමයි.
සර්ප කුටියකුත් සකස්කරලා තියෙනවා. විශේෂ ගණනාවක ජීවී සර්පයින් එතන ප්‍රදර්ශණය කෙරෙනවා. සර්පයෙක් දැක්ක පමණින්ම පොල්ලක් අතට ගත යුතු නෑ කියලා පැහැදිලි කරන්න තමයි එතනදි උත්සාහ කරන්නේ.
මේ පිඹුරු තඩියා දඹුල්ලෙ ගෙවත්තක ඉඳලා බේරා ගත්ත එකෙක්.
මේ සර්පයාට හැව ඇරගන්න උදව් කරන්නේ අපේ කොල්ලො දෙන්නෙක්.
මේ කිඹුල් තඩියා අක්කරපත්තුව පැත්තෙ ගමකට ඇවිල්ලා ඉන්නකොට බේරා ගත්තු එකෙක්.
මේ අලි පැංචියො දෙන්නා උඩවලවෙ අත් අතුරු සෙවනෙන් ගෙනාපු දෙන්නෙක්. වැටෙන් පැනලා ආපහු ගෙදර යන්න හදන එකී අම්පාරෙ දීඝවාපිය පැත්තෙ අතරමං වෙලා ඉන්දැද්දි බේරගෙන ඇත් අතුරු සෙවනේ රැකවරණයට පත් කරපු එකියෙක්. අනිත් එකී ගෙනැත් තියෙන්නේ ලුණුගම්වෙහෙරෙන්.
විජිතමුණි ඇමතිතුමාගෙන් අලි පැංචියන්ට කිරි.
අම්පාර පැත්තේ ගෙවල්වල ඉඳලා හමුවුණු මුවෝ දෙන්නෙක්. තුවාලවෙලා ඉඳලා ගෙනැත් හදනකොට දැන් හීලෑ වෙලා නිසා කැලේට යන්නෙ නෑ.
කල්මුණේ පැත්තේ ලිඳක වැටිලා ඉඳලා බේරගත්ත හඳුන් දිවියෙක්. ඌට නම් මල පැනලා ඉන්නේ. කිට්ටුවෙන කොට පුප්පනවා.
අම්මා මැරිලා අනාථවුනු උගුඩු පැටව් තුන්දෙනෙකුත් ඉන්නවා. උන්ට සිරිංජයකින් කිරි පොවන්නෙ අම්පාර පශු වෛද්‍ය ඒකකයේ ලෝරන්ස්. ලෝරගෙ සත්තුන්ට තියෙන ආදර කරුණාව උගේ ඇඟ දිගෙත් බේරෙනවා.
මේ සියලුම අනාථ සතුන් ආපසු ස්වාභාවික පරිසරයට මුදා හැරෙන බවත් සටහන් කරලා තියන්න ඕනෑ.
දැයට කිරුළේ වනජීවී සංරක්ෂණ දේපාර්තමේන්තුවෙ ප්‍රදර්ශණ භූමිය ආකර්ශණීයව සකස් කිරීමේ අභියෝගය ජයගැනීමේ ගෞරවය ලාහුගල උද්‍යාන භාරකරු ප්‍රදීප් සියාසිංහ, පශු වෛද්‍යවරුන්වන ප්‍රමුදිත දේව සුරේන්ද්‍ර, පුෂ්ප කුමාර, සහ අපේ ජයසූරිය, රංජිත් විජිත මහත්වරුන් ඇතුලු කණ්ඩායමට හිමි වෙන්න ඕනෑ.
ඉතින් ප්‍රදර්ශණය ආරම්භ වෙනකොට, සැලසුම් කරලා තිබුනු සියල්ල ඒ විදියටම නිම කරගන්න ලැබීම හැමෝටම සතුටක්වුනා. රාජ්‍ය සේවයෙ නීති රීති, රෙගුලාසි රාමු තුල මේවගෙ කටයුත්තක් කලට වෙලාවට නිම කරන එක ඇත්තටම අභියෝගයක්.
සේරටම වඩා අමාරු සමහර උදවියගෙ පුද්ගලික ආකල්ප එක්ක මේවගෙ දේවල් කරන එක. ඒ වගෙ දේවල් බාධක හැටියට බාරගන්නෙ නැතුව අභියෝග හැටියට බාරගත්තොත්, ඒවා අපි කරන යහපත් දේවල්වලට අමතර වටිනාකමක් දෙනවා කියලයි මට හිතෙන්නෙ.

ප්‍රදර්ශනය වෙනුවෙන් ගාමිණී අයියල සැහෙන්න මහන්සි වෙලා තියන බව පේනවා..
ReplyDeleteගාමිණී අයියේ, මේ සතුන් ආපහු ස්වභාවික පරිසරයට මුදා හරින්න විශේෂ ක්‍රමවේදයක් තියනවද? සමුහ විදියට ජීවත් වෙන සතුන් කැලේ ඉන්න උන්ගේ ජාතියේ උන්ට එකතු වෙනවද? (අලි පැටවුන් එහෙම වෙන අලි රංචුවකට එකතු වෙනවද?)
වැඩේ මේ තරමින් ගොඩ දාගන්න මාස ගණනක පරිප්පුවක් කෑවා මලේ. අනිත් සේරම වැඩත් එක්කනේ කරන්න වෙන්නේ.
Deleteඅලි පැටව් වගේ රංචුත් එක්ක ඉන්න සත්තු ආපහු රංචුවට එකතු කරන්න බැරිම නම් තමයි ඇත් අතුරු සෙවනට ගේන්නේ. එහේදි ස්වාභාවික ආහාර වලට හුරු වෙනකම් ඉඳලා වරකට 5 - 6 විතර රංචුවක් විදියට ස්වාභාවික වාසස්ථානවලට නිදහස් කරනවා. නිදහස් කළාට පස්සෙත් හොයා බලන්න පුලුවන් විදියට කරපටි පලඳවනවා. අලි වගේ කණ්ඩායමක් විදියට නිවාස පරාසයක (Home Range) ජීවත් වෙන සත්තු වෙන රංචුවලට එකතු වෙනවා. නමුත් කොටි වගේ වසමක් (Territory) වෙන් කරගෙන ඉන්න සත්තු තමන්ගෙ ජාතියෙ අනිත් සත්තු එක්ක එකතුවෙන්නෙ නෑ. උන් කැලේකට ගිහින් දැම්මොත් තමන් අයත් ලිංගයෙ අනිත් සත්තු එක්ක ගහ මරා ගන්නවා.
කොහොම උනත් සතෙක් ආපහු නිදහස් කරනකොට උගෙ වාසස්ථාන අවශ්‍යතා ගැන හිතලා සුදුසු පරිසරයකට තමයි මුදා හරින්නේ.
දැයට කිරුළ බලන්න යන්න වෙන්නෙ නැති නිසා මෙහෙම බලන්න සැලැස්වි පිළිබඳව ස්තුතියි.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
මගෙ බෑනා කොල්ලා ඉන්නෙ ගුවන් හමුදාවෙ නිසා මම දන්නවා හමුදාවල උදවියට නිදහසේ ගමන් බිමන් යන්න බැරි බව. ඒ උනාට දුව, කවදා හරි බලන්න වටින ප්‍රදර්ශණයක්. කොච්චර විවේචන තිබුනත් ඉගෙන ගන්න දේත් එමටයි.
Deleteඇත්තටම වැඩේනං ලස්සනට කෙරිල තියෙනව.
ReplyDeleteඇයි අලින්ට ප්‍රදර්ශනේ බලන්න තහනංද?
'සේරටම වඩා අමාරු සමහර උදවියගෙ පුද්ගලික ආකල්ප එක්ක මේවගෙ දේවල් කරන එක' ආපෝ ඒකනං මල ඇණයක් තමයි.
අම්පාරෙ අලි ගැන උඹ දන්නෙ නෑ මලේ. එකෙක් ඇතුලට පැන්නනං හොඳටම ඇති. උගෙ ප්‍රදර්ශණේ අපිට බලන්න තමයි වෙන්නේ.
Deleteඕනෑම කණ්ඩායමක් ගත්තොත් ඇණයක් දෙකක් තියෙනවාමයි.
වැඩේ ලස්සනයි වගේ.අපිට මේ පාර බලන්න යන්න වෙන්නේ නෑ.අලි කිව්වම මතක් වුනේ.දවසක් මං බුත්තල ඉදලා කතරගම හරහා මාතර එද්දී ගල්ගේ සහ ගොනගන්ආර අතරේදී අලියෙක් පස්සෙන් එලොපු එකනම් ජීවිතේට අමතක වෙන්නේ නෑ.පස්සේ දවසක ඒ කතාව ලියන්න ඕන.ඇයි එතකොට පොලොන්ඟු එක්ක දාපු සෙල්ලම්...හප්පේ කතා සාගරයක්ම මතකෙට ආවා...
ReplyDeleteවනජීවී කතාවක් නම් ඉක්මනට ලියමු පුතා. බුත්තල කතරගම පාර දෙපැත්ත එලි කරලා නිසා දැන් ඉස්සරට වඩා සත්තු ගැවසෙනවා. එහෙම එලි කරහම සත්තුන්ට කන්න තණකොල වැඩිපුර තියෙනවනේ.
Deleteඅර දිවියට නම් මල පැනල තමා අම්බානක.... ඉන්න විදියෙන්ම පේනවා ඒක.....
ReplyDeleteදැන් අර මුවෝ දෙන්නා වගේම අනිත් අයත් හිලෑ වුනොත් කොහොමද කැලේට ආයෙත් යවන්නේ?
හීලෑ සත්තු ආපහු කැලේට පුරුදු කරන එක අමාරුම වැඩක් දුව. මේ මුවා කාලයක් කුමන උද්‍යානයෙ මූලස්ථාන කාර්යාලය අවට ගැවසුනා ඒත් තවමත් මිනිස්සු එක්කම තමයි ඉන්න කැමති.
Deleteමෙහෙම හරි බලන්න දුන්න එකට ගොඩාක් පින්.
ReplyDeleteහැබෑවටම ගොඩක් මහන්සි වෙලා කොරපු වැඩක් වගෙයි.
ReplyDeleteමහන්සියෙ තරමටම සතුටුයි පුතා .,,!
Deleteඉතාමත්ම ලස්සනට හදලා තියනවා.. සමහරවිට එවෙන්නත් හැකියි ඔය පැත්තට.
ReplyDelete24 දා මම ආපහු ගිරිතලේට ආවා මලේ ...
Deleteඅයියා මොකක්වත් හැදුවේ නැද්ද ? ඒක නම් හැබැයි වෙන්න බැරි දෙයක් :)
ReplyDeleteමම පැනල්වල අන්තර්ගතය හදලා දුන්නා මලේ. සේරටම වඩා අමාරු උනේ ජිග්සෝ එකේ කෑලි ටික එකතු කරනවා වගේ සේරම එකතු කරලා අවසන් පින්තූරය හදා ගන්න එක.
Deleteවැඩියෙන්ම වැඩ කරන අය අඩුවෙන්නෙ කතකරන්නෙ තමුං ගැන..
Deleteඇත්ත ලංකා ... වැඩේ පැත්තක තියලා නළා පිඹ පිඹ ඉන්න එවුං තමංගෙ කාලයයි, අනුංගෙ කාලයයි දෙකම නාස්ති කරනවා. අපි ප්‍රදර්ශණේ ගොඩ දාගන්න දඟලනකොට එකෙක් නළා පිඹ පිඹ අපිට සෑහෙන විනෝදයක් සැපයුවා.
Deleteබොහෝමත්ම ආසාවෙන් කියෙව්වා වගේම ඡායාරූප ටිකත් බැලුවා.. ප්‍රදර්ශනය බලන්න යන්න වෙන්නේ නැති වුනත් ප්‍රදර්ශනේ බැලුවා වගේ දැනෙනවා දැන්.. බොහෝමත් ස්තූතියි මේ තොරතුරු වලට..
ReplyDeleteස්තුතියි පුතා ..!
Deleteමේ වගේ ප්‍රදර්ශන බලන්න ආසාවෙන් හිටියට බලන්න වෙන් නැති නිසා මට නම් ගොඩක් වටිනා ලිපියක් මේක අනිත් ලිපිත් මේ දවස් වල ටික ටික බලන ගමන් ඉන්නේ ගොඩක් ස්තුතීයි.
ReplyDeleteස්තුතියි මලේ ...!
Deleteවෙනදට නම් අනිවාර්යයෙන්ම යනවා ඕක බලන්න... දැන් ඉතිං දුර වැඩියි. කොළඹ තියෙන කාලේ වනජීවී එක ප්‍රදර්ශනේට සම්බන්ධ උනේ නැද්ද.. මට මේ වගේ දෙයක් දැක්කා කියලා මතක නෑ.... ගියා පාර අපේ මහත්තයත් එයාලගේ කම්පැණියෙන් ස්ටෝල් එකක් කරපු නිසා ගිහින් ඇවිත් මට විස්තර ටික කිව්වා.. එතකොට මට අතෑරිලා තියෙන්නේ මෙදා පාර විතරයි...
ReplyDeleteපින්තූර ටිකට දාලා තියෙන කැප්ෂන් ටික නම් මරු... හිනා වෙලා පණ ගියා... හි හි.... අච්චර තඩි පිඹුරෙක් ගෙවත්තක හිටියේ කොහොමද අප්පා... ඇත්තමයි මං ලොකු සර්පයන්ට බය නෑ.. නයි, ගැරඩින්ට එහෙම.. පැත්තකට වෙලා යනකම් බලං ඉන්න පුළුවන්.. ඒත් පොඩි උන් ඉන්නවා නේද.. පත්තෑයෝ, ගෝනුස්සෝ එහෙම..මාර බයයි....( උන් සර්පයොත් නෙවෙයි හි හි... )
අර වගේ ඇණයක් දෙකක් හිටියේ නැත්තම් වැඩේ හෙන බෝරිං අප්පා... පොඩි හරි වලියක් තියෙන්නම ඕනේ... හි හි....
බුත්තල, අනුරාධපුරේ දෙකට මම සම්බන්ධවුනා, නගේ. ඒත් මේ පාර තමයි මේ තරම් සාර්ථකව වැඩේ කෙරුනේ.
Deleteපිඹුරෝ සමහර නගර මැද්දටත් එනවා. මම අම්පාරෙ ඉන්නකොට නිතරම ටවුමේ ඉඳලා අල්ලගෙන ගිහින් කැලෑවට දානවා.
වලියක් කියන්නෙ ජොලියක්ම තමයි.
හිත ගත්තේ අර අලි පැංචියෝ දෙන්නා. ගෙදර අරන් එන්ට හිතෙනවා.:D
ReplyDeleteගොඩක් අමාරු වැඩක් නේ කරලා තියෙන්නේ?
අලි පැට්ටංගෙ හුරතලේ බලාගෙන ඉන්නකොට අහක බලන්න හිතෙන්නෙම නෑ, කුමාරි නගේ. දරු පැටව් වගේ.
Deleteඇත්තටම ලොකු වෙහෙසක් දැරුවා. කොළඹ, ගිරිතලේ, අම්පාර, උඩවලව, මේ හැම තැනින්ම මිනිස්සු, බඩු මුට්ටු එකතු කරලා තමයි වැඩේ කෙරුනේ.
ලබන සැරෙත් ඕවා අරන් එනවනේ????
ReplyDeleteකුරුණෑගල හින්දා මම හැමදාම එනවා බලන්න :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
කුරුණෑගල ටවුමේ තාප්ප පෙරලනවා දකිනකොට මට හිතුනා මොකක්හරි වෙන්න යනවා කියලා. බලමු පුතා, සමහරවිට එන්න ලැබෙයි.
Deleteජයම වේවා ..!
අනේ රටේ අහිංසක මිනිස්සුන්ට දෙයක් කරන්න පුලුවන් සල්ලි නේද මේ නාස්ති කරන්නෙ?? ඔය බොරුව කරන වෙලාවෙ ඒ පලාතේ ඉස්කෝල ටික හැදුව නං මොකද?
ReplyDeleteකණියා පුතේ, දැයට කිරුලේ ඉගෙන ගන්න දේත් එමටයි. නමුත් ප්‍රදර්ශණය බලන්න එන එවුං ඒවා දිහා නිකමටවත් බලන්නෙ නෑ. අපේ ස්ටෝල් එකට එන කොල්ලො කෙල්ලො වැඩි දෙනෙක් කළේ කොටින්ගෙ කරට අත දාගෙන ෆොටෝ එකක් ගන්න එක. පුවරු දිහා නිකමටවත් හැරිලා බැලුවේ බොහොම ටික දෙනයි.
Deleteබොරු නාස්තිත් තියෙනවා පේනවා. ඒවා කවදත් කෙරුනා.
මම ඒත් බල බලා හිටියේ ගාමිණී අයියගේ උඩු රැවුලට බයේද මේ වගේ කමෙන්ට් එකක් නොවටුනේ කියලා. බලනකොට ඔය ඉන්නේ එකෙක්.
Deleteමේ සත්තුන්ට හරි වදයක්නෙ මෙහෙම තැන් තැන් වලට අරන් ගිහින් ප්‍රදර්ශණය කරනකොට.. බේරගෙන කෙලින්ම කැලේට නිදහස් කරන්නෙ නැද්ද ?
ReplyDeleteසාමාන්‍ය අවස්ථාවකදි බේරගන්න සත්තු නිරෝගීව ඉන්නවානම් හැකි ඉක්මනින් සුදුසු පරිසරයකට ගෙනිහින් නිදහස් කරනවා. මේ සත්තු තාවකාලිකව රඳවාගෙන ප්‍රදර්ශණය කරන්නේ ඒකේ තියෙන අධ්‍යාපනික වටිනාකම ගැන සලකලා. උන්ට හිරි හැරයක් උනත්, කෙටි කාලයක් තුළ මිනිස්සු ලක්ෂ ගණනකට අපේ රටේ නිතර දකින්න නැති වන සතුන් කීප දෙනෙක් දකින්න සැලැස්වීම වරදක් නෙමෙයිනේ මලේ.
Deleteමාත් මේ පල්ලෙහාට කියෝගෙන ගිහින් කියන්න හිටියෙ. මමත් අකමැතියි සත්තුන්ව මෙහෙම හිරකරන් ප්‍රදර්ශනය කරනවට.
Deleteප්‍රදර්ශණය බලන්න එන පොඩි ළමයි, වැඩිහිටියො ඒ සත්තු දැකලා උන් ගැන යම් යහපත් හැඟීමක් ඇති කරගෙන, උන්ගෙ සංරක්ෂණයට දායකවෙයි කියන බලාපොරොත්තුවෙන් තමයි මලේ ඒ සත්තු ප්‍රදර්ශණය කරන්නේ.
Deleteඅනේ මට බලන්න යන්න ඕනේ...
ReplyDeleteඅර හඳුන් දිවියට මල පැනල තියෙන්නේ උගේ ටෙරිටොරි එක පුංචි වෙච්ච හින්දා වෙන්නැති.
මම අහල තියන විදියට උන්ගේ ටෙරිටොරි එකට ඇතුල් වෙන ඕනෑම සතෙක් උගේ ගොදුරක් විදියට සලකනවා.එහෙම බැලුවම ඌට මල පනින එකේ වැරද්දක් නෑ.ඇයි රස කෑම ගොඩාක් ඌට කින්ඩිය දාගෙන යනකොට...
ගෙනාපු මුල් දවස් කීපය තුළ ඌ මල පැනලා පුප්ප පුප්ප හිටියා. දැන් නම් ටිකක් සෙට්ල් වෙලා. මුල් දවස්වල ඌට හිතෙන්න ඇති අපි ඌව කන්න හදනවා වගේ. අපෙන් අනතුරක් නැති බව තේරුම් ගත්තට පස්සෙ උගේ බය නැතිව යනවා.
Deleteඅයියෙ උඹ තරහ වෙන්න එපා.....මේවායේ(ප්‍රදර්ශනයේ) කෙරෙන නාස්තිකාර වියදම් ගැන හිතුවාම,මේක මහා විකාරයක්. අධ්යාපනයික ප්‍රදර්ශනයක් දෙන්න ඕන නම් ඔයිට වඩා ක්‍රම නැතෙයි.අම්පාර පැත්තෙ මිනිස්සු විඳින දුක්,දුශ්කර පාසල් ගැන හිතනකොට මේව ගැන ඇති වෙන්නෙ දුකක් මිශ්‍ර තරහක්.
ReplyDeleteමම දෙන උත්තර රාජ්‍ය නිලධාරියෙක් දෙන උත්තර හැටියට බාරගනිල්ලා ළමයිනේ. මම පැන්ෂන් ගියාට පස්සෙ දෙන උත්තර මීට වඩා හුඟක් වෙනස් වේවි.
Deleteමාත් මෙතනට ජැක් එකක් ගහල නිකම් ඉන්නම් ..
Deleteකමක් නැහැනේ...
( හොරෝවිපොතානේ තෙන්නකෝන් එහෙම අඳුරනවයි )
තෙන්නකෝන් කොල්ලා මම දන්නවා මලේ. ඌ අපෙ අලුත් වනජීවී පරම්පරාවෙ එකෙක්.
Deleteමේ පාර ලංකාව ආවාම අනිවා ගිරිතලේ එනවා.
ReplyDeleteමට ඊයක් දාලාම එන්න පුතා. gaminievijith@gmail.com මම වැඩි හරියක් ඉන්නේ මහ පාරෙනේ.
Deleteසතුන් ගැන කියනවා නම් මං වැඩිය කැමති අලි බලන්න. අර පළමුවෙනි පින්තුරේ ගහේ එල්ලෙන වඩු කුරුළු කූඩු ටික සැරසිල්ලක් විදිහට එල්ලලා ද.. නැත්නම් කුරුල්ලෝම හදල ද...? ඔන්න ඔහොම දිවියෙක් ගැන නලින් අයියත් කලින් දවසක කියල තිබුනේ..
ReplyDeletehttp://samakayawate.blogspot.com/2013/03/blog-post_4.html
මලේ, කුරුල්ලෝ අත්හැරලා ගිය කූඩු ටිකක් හොයාගෙන ඇවිත් ඒ සැරසිල්ලක් හැටියට එල්ලලා තියෙන්නේ.
Deleteඅතරමංවුනු හඳුන් දිවියෝ නිතර හම්බ වෙනවා. අම්පාරෙදිම අතරමං වෙලා ඉන්දැද්දි අල්ලගෙන ආපු දෙන්නෙක් ගැන නලින් මල්ලිගෙ බ්ලොග් එකේ ලියවිලා තියෙන්නේ.
ඒක තමයි උම පහුගිය දවස්වල පස්ස පැත්තට පෙට්‍රල් ගහපු බව්වා වගේ හතර අතේ දිව්වේ නේ?
ReplyDeleteඔව් මචං, පහුගිය මාස දෙක තුනේ රට පුරාම දිව්වා. පෙරේදා ඉඳලා තමයි ටිකක් නැවතිලා හුස්ම ගත්තේ.
Deleteමගේ කෙලි පැංචිටත් මේවා පෙන්වන්න ඇත්නම් ? ආයෙත් කොළඹට ආපු දවසක පෙන්වනවා. මේවගේ තියෙන අධ්‍යාපනික වටිනාකම තේරෙන්නේ නැති මිනිස්සුත් ඉන්නවා. කරන විවේචනයක් බලලා කළා නම් ඊළඟ පාර කරන අයට වඩාත් හොද දේ කරන්න පුළුවන්. අපි නම් ගම් උදාවෙනුත් හොඳ දේ දැක්කා. ඒ පෝෂණයෙන් තමයි අපි ලියන්නේ. පක්ෂය කුමක් වුවත් රජයක් කල යුතු දේ තිබෙනවා. රාජ්‍ය නිලධාරීන් ලෙස මේවට දායකත්වය දෙන එක අපගේ යුතුකම. මොකද මේවා බලන්නේ ආණ්ඩුවට කඩේ යන අය සහ ඒ අයගේ දරුවන් විතරක් නොවෙන හින්දා.
ReplyDeleteමලේ ලබන පාර කුරුණෑගල තියෙන බවක් දැනගන්න ලැබුනා. කෙලි පැංචි එක්ක යන්න පුලුවන් වෙයි.
Deleteමලයා කිව්වා වගේ හැම දේකම දෙපැත්තක් තියෙනවා. රජයක් තීරණය කරන්නේ ප්රතිපත්තීන් විතරයි. විෂය දැනුම, තාක්ෂණික දැනුම, අත්දැකීම් තියෙන්නේ නිලධාරීන් ගාව. රජයේ ප්‍රතිපත්ති රාමුව තුල නිවැරදි දේ කරන්න නිලධාරීන්ට පුලුවන් වෙන්න ඕනෑ.
බ්ලොග් එකකට දාන පලවෙනි ඇනෝ කමෙන්ට් එක...
ReplyDeleteරාජ්‍ය නිලධාරියෙක් වීමේ කරුමය නිසා නිදහස් අදහස් ප්‍රකාශ කරන්න බෑ. ඒකයි ඇනෝ එන්නේ.
සුදීක කියපු අධ්‍යාපනික වටිනාකම් කෙසේ වෙතත් මේ ප්‍රදර්ශනය නිසා බුද්ධන්ගලට, බුත්තල රහතන්ගල කන්දට, අනුරාධපුර ඔයාමඩුව ආශ්රිත වන තීරයට සිද්ද වෙච්ච හානිය ප්‍රතිපූරණය කරන්න මොන සක්කරයටවත් බෑ. අම්පාරේ ප්‍රදර්ශනය ඉවර වුනාට පස්සේ අලි මිනිස් ගැටුම් උග්‍ර වෙලා තව අලි කීදෙනෙක්ට ජීවිත අහිමි වෙයිද දන්නේ නෑ.
ඒක ඇත්ත ඇනෝ, රජයේ නිලධාරීන් හැටියට අපට අපේ අයිතිවාසිකම්ව්ලින් කොටසක් පාවා දෙන්න සිද්ද වෙනවා කියලා අපේ හිටපු අධ්යක්ෂ ජෙනරාල් කෙනෙක් කිව්වා මතකයි. සාමාන්‍ය පුරවැසියෙක් විදියට ලියන්න කියන්න බෑ.
ReplyDeleteඉහල රිප්ලයි එක මෙතෙන්ටත් අදාලයි වගේ පේනවා.'රජයක් තීරණය කරන්නේ ප්රතිපත්තීන් විතරයි. විෂය දැනුම, තාක්ෂණික දැනුම, අත්දැකීම් තියෙන්නේ නිලධාරීන් ගාව. රජයේ ප්‍රතිපත්ති රාමුව තුල නිවැරදි දේ කරන්න නිලධාරීන්ට පුලුවන් වෙන්න ඕනෑ.'
ලැබුවා වූ නව වසර සුබම සුබ වේවා මලේ ...!
ReplyDeleteගාමිණි අයියාට සහ පවුලේ සැමට නිදුක් නිරෝගී සුබ අලුත් අවුරුද්දක් වේවා..! වන දිවිය ගැන, පරිසරය ගැන රසබර පෝස්ටු වැඩි වැඩියෙන් ලියවෙන වසරක් වේවා..!! :)
ReplyDeleteස්තුතියි මලේ ... ඔබ ඇතුලු පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා, ජයම වේවා ..!
Delete