දිදුලන දෙනුවන්
පිරුණු දෙකම්මුල්
මා දුටු සිහිනය
ඔබමයි දියණියෙ
ලෙන්ගතු සිනහව
හදපිරි සෙනෙහස
මා දුටු සිහිනය
ඔබමයි පුතුනේ
හමන ගුණ සුවඳ
දිලෙන නැණ පහන්
එකලු කෙරේවා
ඔබ යන දිවිමග
දරු මුණුපුරු කැලතක්
මා වටලා
සිත ගත දැවටෙති
දුව පැන ඇවිදිති
සිහිනය එයයි
බලා ඉඳිමි මම
සැබෑ වෙනතුරා ...!
ඒ සිහිනය සැබෑ වේවා කියලා පතන්නම්.
ReplyDeleteදුටුවා පින්තූර මූණු පොතෙනුත්..
සියල්ලන්ටම සුබ පැතුම් !
සුබ පැතුමට ස්තුතියි මලේ ...!
DeleteLucky Children!
ReplyDeleteBest Wishes from...
henryblogwalker the Dude
Thank you so much, macho...!
Deleteමනුස්සයෙකුට මීට වඩා සම්පතක් ලැබිය හැකිද? සුබපැතුම් ගාමිණි අයියේ..
ReplyDeleteසුබ පැතුමට ස්තුතියි මලේ ...!
Deleteසිහිනය ඉටුවේවා.හැම තාත්තෙකුගේම පැතුම...
ReplyDeleteප්‍රාර්ථනාවට ස්තුතියි මලේ ..! වනජීවියෙක් නිසා මම මගේ පැටවුන්ගෙ පුංචි කාලෙන් බොහොම ටිකයි දැක්කේ. උන්ගෙ පැටවුන්ගෙ හුරතල් වත් දකින්න ආසයි.
Deleteපුත්ථා වත්ථු මනුස්සානං
ReplyDeleteමනුස්සයෙකුට තියෙන ලොකුම වස්තුව දරුවො බවනම් සහතික ඇත්ත මලේ ..!
Deleteගාමිණී මාමට,
ReplyDeleteසුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
කොල්ලයි කෙල්ලයි ඉපදුනු දා ඉඳලම මම හිතින් රාජ සම්පත් විඳිනවා පුතේ. උන්ට පැටව් ලැබුනහම දිව්‍ය සම්පත් විඳින්න ලැබෙයි මට.
Deleteමා දැන් දකිනා
ReplyDeleteසිහිනය එයයි
බලා ඉඳිමි මම
සැබෑ වෙනතුරා ...!
මටනං කල්යාවි දෝණි වැඩි දුර ඉගෙන ගනීවි. මං නාකි ආච්චියෙක් වේවි.
මම නං 'කසාදයක් බැඳගෙන මට කොල්ලෙක් හදලා දීලා ඉඳපිය ..' කියලා ටොක්කක් අනිනවා.
Deleteමාත් දැන් දැන් පොඩි උන් හීනෙන් වඩාගෙන ඉන්නවා .. හෆොයි එත් තව බොහෝ කල් තියෙනවා.. සීයෙක්වෙන්න මෙච්චර හදිස්සි මොකෝ ?
ReplyDeleteකොයි වෙලාවෙ ෆියුස් යයිද කියලා කව්ද දන්නෙ ලංකා ...!
Deleteහීන ඉටුවේවා කියල ප්‍රාර්තනා කරනව. හැබැයි බලකරන්න එපා. :)
ReplyDeleteස්තුතියි මලේ .. බල නොකෙරුවත් ඒවා උන්ගෙ යුතුකම් ...
Deleteසිඳු අක්කගේ පෝස්ට් එකකට Dude යෙදු කොමෙන්ටුවකින් පාර සොයා ගතිමි.. මේ කවිය ද, පෙර පොස්ටු ද සිත ඇද ගැනීමට සමත් විය..
ReplyDeleteජය වේවා!
ස්තුතියි පුතා ...!
Deleteසැම සිහිනයක්ම නැතත් සමහර සිහින සැබෑ ෙවන බව විස්වාසයි!
ReplyDelete- ඩයිනමයික්
මේ සිහිනය නම් සැබෑ වෙනවා සත්තයි ...!
DeleteThis comment has been removed by the author.
Deleteගාමිණි අයියේ පොඩි ගණිතමය ගැටලුවක් තියෙනවා!
ReplyDelete'කැලත' = කීයටද?
පුවක් වල්ලක් පොලේ ගහපුවාම විසිවෙන පුවක් සංඛ්‍යාව.
Deleteනැන්දේ මේ ඇත්තමද? :O
Deleteබන්දුල මලේ .. අපේ කවිකාරිගෙ උත්තරේට මම එකඟයි ..!
Deleteබුද් අම්මෝ...!
Deleteඅනේ මලේ,
ඔය පුවක් මලේ,
බොහොම හෙමින්
ගහපන් පොලේ..
හොඳෙයි බොලේ...!
සිහින සැබෑ වේවා! :)
ReplyDeleteමොකටද මේ ඕන්නැති ෆියුස් කතා? :(
ප්‍රාර්ථනාවට ස්තුතියි ලකී ... ෆියුස් කතාව මම කටට ආවට කිව්වේ .. මම අවුරුදු 70 කට වැඩිය ජීවත් වෙනවා .. දරු මුනුපුරෝ සේරම වටකරගෙන බක බක ගගා හිනාවෙවී තමයි මැරෙන්නේ ..!
Delete70 මොනව කරන්නද ගාමිණි අයියේ, තව අවුරුදු 30ට විතර ඔයාට රාජකාරි සෙට් කරල තියෙන්නේ ගමේ.. එනකම් බලාගෙන ඉන්නේ වනෙන් දුරස් වෙලා...
Deleteඇත්තටම මලේ පාරෙදි දකින ගමේ කෙනෙක් එක්ක හිනා වෙනවා ඇරෙන්න වෙන ආශ්‍රයක් කරන්න වෙලාවක් ලැබෙන්නෙ නෑ, මේ රස්සාව කරනකම්. ගමේ මගුලකට මරණෙකටවත් යැවෙන්නෙ කලාතුරකින්. පැන්ෂන් ගිහිල්ලා මීට වඩා ගමට සමීප වෙන්න ආසාවෙන් බලා ඉන්නවා.
Deleteජයවේවා!
Deleteඑක දවසක් මේ පැත්තට ඇවිල්ල පෝස්ට් ටික සේරම කියවල ගියත් කමෙන්ට් කරන්නෙ අදයි...ගාමිණී අයියාගේ පැතුම් එලෙසින්ම ඉටු වේවා කියල පතනවා!!
Deleteඅනේ අපේ තාත්තත් ජීවතුන් අතර හිටිය නම් අද මේ වගේම කවි ලියයි නේද කියල හිතුණම නං දුක හිතුණ...
ප්‍රාර්ථනාවට ස්තුතියි නගේ ...!
ReplyDeleteතාත්තලා පේන්න නොහිටියත් ඒ අය ඉස්සර වගේම අපි ගැන බලාපොරොත්තු පොදි බැඳගෙන අපි දිහා බලාගෙන ඉන්නවා. එහෙම දැනෙනවා නේද ...?
Dude, please check this out .This is a nature lover doctor's blog on nature hikes and stuff. I left your links on her.
ReplyDeletehttp://lokayekonaka.blogspot.com/2012/07/blog-post_12.html?showComment=1342150242726#c5339637706717791409
henryblogwalker the Dude
There are some very good stories on wild travels. Thanks machang!
Deleteඒ සිහිනය ඒ විදියටම ඈ ඊටත් වඩා හොඳින් ඉටුවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා :)
ReplyDeleteප්‍රාර්ථනාවට ස්තුතියි වරණා ...!
Delete