මගෙ යාලුවෝ

Saturday, April 20, 2013

39. දේශප්‍රේමය හා භික්ෂූන්වහන්සේලා.

ගිරිතලේ අද උදෑසන ‍රැස්වීමෙදි සුපුරුදු කතාව පවත්වපු ට්‍රේනී කොල්ලගෙ කටින් කියවුනා නොයෙකුත් සංවිධාන අටවගෙන අනවශ්‍ය ගැ‍ටුම් ඇති කරන්න උත්සාහ කරන භික්ෂූන්වහන්සේලා ගැන. ඌ විතරක් නෙමෙයි මේ දවස්වල මූණු පොතේ, පොත් පත්තරවල, යන එන මග තොටේ හැම තැනකම වගේ කතා වෙන්නෙ රටපුරා ‍රැස්වීම් තිය තිය අන්‍ය ආගමිකයන්ගේ ඇතැම්  කටයුතුවලට එලිපිටම විරෝධය පාන භික්ෂූන්වහන්සේලා ගැන. ඇතැම් අය ඒ ගැන පහන් සිතින් කතා කළත් සමහරු අහන්නෙ දෙන දෙයක් වළඳලා, වෙන දෙයක් බලාගෙන ඉන්නෙ නැතිව, භික්ෂූන්වහන්සේලා සිවුර කරට අරගෙන පාරට බහින එක සුදුසු ද කියලා. ඒක සිවුරට, සාසනයට, බොදු දහමට  කරන නිගරුවක් හැටියට, වෙනත් වාසි ප්‍රයෝජන තකා කරන රඟපෑමක් හැටියට දකින අයත් ඉන්නවා.

ඒ ගැන හිතා බලද්දි මට මතක් උනේ අපේ මෑත කාලීන ඉතිහාසයෙ නොයෙකුත් ගැ‍ටුම්කාරී අවස්ථාවලදි ඉදිරියට ඇවිත් ඒවට මැදිහත්වුනු බෞද්ධ භික්ෂූන්වහන්සේලා කීප දෙනෙක් ගැන. ඒ අතරින් ප්‍රමුඛ වෙන්නේ වාරියපොල ශ්‍රී සුමංගල හිමියන්.

1815 දි ඉංග්‍රීසීන් විසින් උඩරට යටත් කර ගන්නකොට,  මහනුවර ශ්‍රී දළදා මාලිගාවෙ තේවාව භාරව සිටි උන්වහන්සේ, උඩරට ගිවිසුම අත්සන් කරන්නට පෙර ඉංග්‍රීසි කොඩිය ඔසවලා තියෙනවා දැකලා, ඒක ඇදලා බිම දාලා පෑගූ බව අපි කවුරුත් දන්න කතාවක්. ඒ කතාව අධිනීතිඥ වොල්ටර් විමලචන්ද්‍ර මහතා වෙත ඇති පැරණි පුස්කොල පතක සඳහන් වෙන බව ශ්‍රි සුමංගල හිමියන් පිළිබඳව 'පූජිත ජීවිත' (පළමු වෙලුම) පොතට ලිපියක් සපයන තුඹුල්ලේ සීලක්ඛන්ධ හිමියන් සඳහන් කර තියෙනවා.

උඩරට ඉංග්‍රීසි පාලනයට පළමු විරෝධතාව මතුවන්නේ 1816 දී ඉහගම තෙරුන්ගේ මූලිකත්වයෙන්. හාරිස්පත්තුවේ ඉහගම උපන් උන්වහන්සේ, ඉගෙනුම ලබන්නේ මල්වතු විහාරයෙන්. සිංහාසනයෙන් පහකළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමන්ගේ ඥාති කුමාරයෙකු රජකමට පත් කරන්නට තවත් භික්ෂූන්වහන්සේලා දෙදෙනෙකු සමග කුමන්ත්‍රණය කරන උන් වහන්සේ පසුව එක්නැලිගොඩ විසින් ඉංග්‍රීසීන්ට පාවා දෙනු ලබනවා. කොලඹට ‍රැගෙන යමින් සිටිය දී අට්ටාපිටියේ දී අත් අඩංගුවෙන් පැන යන උන්වහන්සේ පසුව උපැවදිව 1818 කැ‍රැල්ලේ නායකයෙකුලෙස වලපනේ ප්‍රදේශයේ සටන් මෙහෙයවනවා. කැ‍රැල්ල අවසානයේ දී නැවත ඉංග්‍රීසීන්ගේ අත් අඩංගුවට පත් වන ඉහගමට මරණ දඬුවම පැනවුනත් පසුව ජීවිතාන්තය තෙක් මුරිසි දිවයිනට පි‍ටුවාහල් කරන්න තීරණය කෙරෙනවා.

1818 කැ‍රැල්ලට නායකත්වය දෙන්නෙත් උපැවදිව, ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමන් ගේ ඥාතියෙකු වන දොරේසාමි නමින් පෙනී සිටින විල්බාවේ තෙරණුවන්. කැ‍රැල්ල අවසානයේ පලා යන ඔහු නැවත ඉංග්‍රීසීන් ගේ අත් අඩංගුවට පත් වන්නේ එයින් වසර දොලහකට පස්සේ. ඔහුට ද මරණ දඬුවම නියම වුනත් පසුව සම්පූර්ණ නිදහස ලබනවා.

වාරියපොල හිමියන්ගේ සටන ඉංග්‍රීසි කොඩිය බිම දමා පෑගීමෙන් නතර වන්නේ නෑ. 1818 කැ‍රැල්ල සමයේ දී දළදාවහන්සේ ද ‍රැගෙන මහනුවරින් පළා යන උන් වහන්සේ කැ‍රැල්ල මෙහයවන කැප්පෙටිපොලට එක් වෙනවා.  කැ‍රැල්ල අවසානයේ දී දළදා වහන්සේ ද සමග මාතලේ කයිකාවල දී ඉංග්‍රීසීන්ගේ අත් අඩංගුවට පත්වන උන් වහන්සේ පසුව යාපනයේ සිරගත කෙරෙනවා. උන් වහන්සේ ද සමග සිරගත කිරීමට නියමිත, ඌවේ කැ‍රැල්ලට සහය වූ භික්ෂූන්වහන්සේලා විසි එක් නමකගේ නම් ලැයිස්තුවක් 1820 පෙබරවාරි 25 දාතමින් යුතුව එඩ්වර්ඩ් බාන්ස් ඉංග්‍රීසි ආණ්ඩුකාරයා විසින් යැවූ ලිපියක සඳහන් වෙනවා.

ඉංග්‍රීසි පාලනයට එරෙහිව 1843 දී ඇතිවූ කැ‍රැල්ලක දී චන්ද්‍රජෝති නමැති හිමිනමක් මූලිකත්වය ගත් බවක් කියැවෙනවා. නමුත් උන්වහන්සේ ගැන වැඩි තොරතුරක් දැනගන්න නෑ.

1848 මාතලේ කැ‍රැල්ල, තවත් බෞද්ධ භික්ෂූන්වහන්සේලා විසින් පූර්ණ අනුග්‍රහය දක්වපු විමුක්ති අරගලයක්. දඹුලු විහාරයේදී ගිරානේගම නාහිමියන් විසින් ගොංගාලේගොඩ බණ්ඩා රජකරවීමෙන්  මාතලේ කැ‍රැල්ල ඇරඹුනු බවත්, අවසානයේ දී පුරං අප්පු සමග කුඩාපොල හිමියන් ඉංග්‍රීසීන් විසින් වෙඩි තබා මරා දමන ලද බවත් අපි අහලා තියෙනවා.

ඉතින් අපි ඈත ඉතිහාසය හාරලා අවුස්සලා බලන කොටත් මේ වගේ නොයෙකුත් අවස්ථාවලදි බෞද්ධ භික්ෂූන්වහන්සේලා පෙරමුණ අරගෙන කටයුතු කරලාතියෙනවා දකින්න පුලුවන්. දු‍ටු ගැමුණු ඇතුළු අපේ පැරණි රජවරුන් වැඩි දෙනෙක් බුදු දහම, භික්ෂූන්වහන්සේලා සහ බෞද්ධ සිද්ධස්ථාන සමීපව ඇසුරු කළ බවට සාක්ෂි එමටයි.ශ්‍රී ලාංකිකත්වයේ වර්තමාන හැඩය නිර්මාණය කරගන්න, බෞද්ධ භික්ෂූන්වහන්සේලාගෙන් ලැබුණු දායකත්වය කිසිසේත්ම සුළුකොට තකන්න බෑ.

ඉතින් මම මේ ඉතිහාස කතන්දරටික මතක් කළේ අපේ භික්ෂූන්වහන්සේලාට දෙන දෙයක් වළඳලා, වෙන දෙයක් බලාගෙන ඉඳලා පුරුද්දක් එදා ඉඳන්ම තිබුනෙ නැති බව පැහැදිලි කරන්න. සංවිධානාත්මකව ක්‍රියාත්මක වෙන තර්ජනයන් හමුවේ උන්වහන්සේලා කරන කියන  දේවල් දිහා අපි මීට වඩා මැදිහත් සිතින් බැලිය යුතුයි කියලා මට හිතෙනවා.


පින්තූරය ගත්තේ මෙතැනින් - http://www.buddhistchannel.tv

57 comments:

  1. බුදුන් වදාලා දර්මයට පටහැනි වුනත්, ඒ ඒ වෙලාවට සමහර බෞද්ධ භික්ෂූන්වහන්සේලා රටට ආපු තර්ජන හමුවේ නැගී ඉඳලා තියනවා.. අදටත් ලංකාවෙ කාවෙනුවෙන් හරි බුද්දාගම කියලා දෙයක් ඉතුරුවෙලා තියනවනම් ඒ එහෙම නැගී සිටපු භික්ෂූන් නිසා මිසක, නිර්වානය සාක්ශාත් කරගත්තු උතුමන් නිසානම් නොවෙයි.

    ReplyDelete
    Replies
    1. අවුරුදු දෙදහස් පන්සීයක් බුදුදහම පැවතුනේ, ආරක්ෂා වුනේ භික්ෂූන්වහන්සේලා අතින්. ඉදිරියටත් ඒක එහෙමමයි. උන්වහන්සේලා නැතිව බුදු දහමට පැවැත්මක් නෑ , සෙන්නා මලේ.

      Delete
    2. " අදටත් ලංකාවෙ කාවෙනුවෙන් හරි බුද්දාගම කියලා දෙයක් ඉතුරුවෙලා තියනවනම් ඒ එහෙම නැගී සිටපු භික්ෂූන් නිසා මිසක, නිර්වානය සාක්ශාත් කරගත්තු උතුමන් නිසානම් නොවෙයි."

      අපොයි සෙන්නා .. මේක දැක්කාම මට කණගා‍ටු හිතෙනවා. භික්ෂු විනය පිරිහුණාම බුද්දාගම කියා දෙයක් නං ඉතුරුවෙයි.. කහනූලක් අතේ බැඳන් පවුල් රස්සා කරන ගිහියො හමුදුරුවරු වෙන කාලයක් එනවානෙ බුද්ධ වචනය අනුව.. ප්‍රතිපත්ති පුරන භික්ෂුන් වහන්සෙලා නැති රටක බුදු දහම ඉතිරිවෙන්නෙ නෑ. බුදු දහමයි බුද්දාගම කියල අපේ මිනිස්සු අදහන පූජාවිදි සංස්කෘතික අංග කලවං වෙච්ච ඇදහිලි ක්‍රමයයි පටලවාගන්න එපා. අපේ රටෙ සැබෑ බුදු දහම පවතින්නෙ අතලොස්සක් නියම බුද්ධ පුත්‍රයින් නිසයි..

      Delete
    3. //අදටත් ලංකාවෙ කාවෙනුවෙන් හරි බුද්දාගම කියලා දෙයක් ඉතුරුවෙලා තියනවනම් ඒ එහෙම නැගී සිටපු භික්ෂූන් නිසා මිසක, නිර්වානය සාක්ශාත් කරගත්තු උතුමන් නිසානම් නොවෙයි//

      හරි! අපිත් ඔරුව කර තියාගෙන යංකෝ. වතුරට දාන්නෙ මොකටැයි.

      Delete
    4. හරියට හරි.. බුදු දහම කියන්නෙ එතෙර වීමට ඔරුවක්.. ඒත් අපේ රටේ බහුතරයකට බුද්ධාගම කියන්නෙ ඔරුවකට වඩා ලස්සන මාලයක්.. අර වයසක ආච්චිගෙ බෙල්ලෙ බැඳපු ලස්සන මාලෙ වගෙ,... ආඩම්බරෙන් පෙන්න පෙන්න ගියාට තමුන්ට වැඩකුත් නැ මාලෙ ත් ලස්සනක් නෑ..

      Delete
  2. භික්ෂූන් වහන්සේලා නමින් පෙනී ඉන්න සමහරු චණ්ඩි වගේ හැසිරෙන එක කොහොමටත් අනුමත කරන්න බැහැ. එය භික්ෂුවකට ගැලපෙන දෙයක් නෙවෙයි. ආගම දහමට, ජාතියට යම්කිසි තර්ජනයක් තියේ නම් ඒ සම්බන්ධයෙන් වගකිව යුත්තන් දැනුවත් කිරීමයි භික්ෂූන් වහන්සේ කළ යුත්තේ.

    ReplyDelete
    Replies
    1. ආගමික පූජක වරයෙක් විදියට නිවැරදි හැසිරීමක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනෑ. දේශපාලකයන්ට නොලැබෙන අනුගාමිකයින් පිරිසක් පූජකවරයෙක් වටා ‍රැස් වෙනවා. ඒ තුලින් ලැබෙන බලය නිවැරදිව පාවිච්චි කරන්නත් ඕනෑ.

      Delete
  3. වගකිවයුක්තන් දෑනුවත් කලාට එතනින් මොනවත් වෙන්නේ නෑත්තන් මොකද කරන්නේ,අපේ සර්වාඅගමික පිස්සන් කියන විදියට අනගාරික දර්මපාල තුමත් ජාතිවාදියෙක්,රට වෙනුවෙන් කතා කරපු සියලුම ස්වාමින්වහන්සේලා ජාතිවාදින්,බන්ගලාදේශේ,මියන්මාරි,සිදුවන දේවල් අනාගතේ ලංකාවේ නොවේ යෑයි කියන්න පුලුවන් කාටද,දෑනටමත් නෑගෙනහිර මේ අන්තවාදය දරුනුවට තියන්වා...

    ReplyDelete
    Replies
    1. 'වගකිවයුත්තන්' කියලා අපිට හඳුන්වන්න වෙලා තියෙන්නේ හැම එකාගෙම ඡන්දෙ හිඟාකාලා සදාකාලිකවම බලයේ ‍රැඳිලා ඉන්න උත්සාහ කරන පිරිසකට. කසාය බීපු ගොලුවො වගේ කටක් ඇරලා ගුණක් අගුණක් ගැන කතා කරන්නෙ නැතුව ඉන්නෙ ඡන්ද ටික නැතිව යයි කියලා.

      Delete
  4. හැබැයි ගාමිණී මහත්තයෝ මංනම් හිතන්නේ අන්තවාදය කියන්නේ හොද දෙයක් නොවේ කියාලයි.එක බොදු,කිතුනු,මුස්ලිම්,හින්දු උනත් අන්තවදිනම් ඒ තුලින් හොදක් බලාපොරොත්තු වෙන්න බෑ නේද ...???
    අනික දැන් පසුගිය දවස්වල මුස්ලිම් ජනයට විරුද්දව කෑ ගහපු කිසිම කෙනෙක් හුම් කිවේ නැ අර කැසිනෝකාරය ගැන...

    ReplyDelete
    Replies
    1. අන්තවාදය සියලුම ආගමිකයින් විසින් එකවර පි‍ටු දැකිය යුතුයි. අන්තවාදීන් කැබිනට් එක දක්වා ඇවිල්ලා කේවල් කරන එක ඉතාම නරක තත්වයක්.

      Delete
  5. රෙද්ද උස්සන් සිවුර පිටින් යන එක වැරදි..
    උපැවිදි වෙලා රට දැය රකින්න ගියාට කමක් නැහැ ..

    කිසිම විදිහකින් බුද්ධ පුත්‍රයෙක් බල්ලෝ වගේ
    හැසිරෙන්නේ නැහැ ..එහෙම හැසිරෙනවානම් ඒ බෞද්ධ
    භික්ෂූන් නෙවේ , චීවරධාරීන් ..

    එච්චරයි ..

    ReplyDelete
    Replies
    1. සාධාරණ විරෝධයක් ඉදිරිපත් කරන ගරුකටයුතු භික්ෂූන්වහන්සේලා ලොකු පිරිසක් අතරේ ඒ වගේ චීවරධාරීන් කිහිප දෙනෙකුත් ඉන්නවා මලේ. ඒ අය හඳුනාගෙන ප්‍රතික්ෂේප කිරීම සිදුවිය යුතුයි.

      Delete
    2. සහන් මල්ලි, ඔය ප්‍රකාශය ගැන නැවත හිතන්න.

      Delete

    3. මේවා හරි සංකීර්ණ ප්‍රශ්න


      01. කුකුළව කපන එකාද
      02.විකුණන එකාද
      03.උයන කෝකියද
      04.හෝටලේ අයිතිකාරයද
      05.කන මනුස්සයද මහත්තයා


      බොහෝ විට වෙන්නේ ටයි එක දාගෙන චිකන් කරි
      එක කන මනුස්සයා " මහත්තයා "

      කුකුළව කපන මිනිහා " තිරිසනා "..


      මම නම් හිතන්නේ අයිලෂ් / ගාමිණී අයියේ සිවුර දාගෙන
      " චන්ඩි " ටයිප් වැඩ නොකළ යුතුයි..උපැවිදි වෙලා රට දැය
      රැකගන්න යන්න නො ප්‍රොබ්ලම් ..


      රට දැය එකක් , බුද්ධ සාසනය එකක් ..ඉස්සර ඉඳම්ම අපේ ඔලුවලට
      දැම්මේම මේ දෙක 1ක් කියලනේ ..ඒකයි මිනි කපලා සිවුරෙන් ලේ
      පිහදගත්තම OK උනේ ...

      මම විරුද්ධමත පිළිගන්නේ නැහැ කියලා හිතන්න එපා ..මෙතන තියෙන්නේ
      එහෙම ප්‍රශ්නයක් නෙවේ ...මෙතන ප්‍රශ්නේ බුද්ධ චීවරේ දරාගෙන වෛරය
      පැතිරීම ගැන...


      මම කියන්නේ උපැවිදි වෙලා ඕනේ දෙයක්...( ඒවට මම විරුද්ධ නැහැ )

      Delete
  6. භිෂුන් වහන්සේ නමකගේ ජීවිතය මතු පිටින් පෙනෙනවාට වඩා ගොඩක් සංකීර්ණයි.උන් වහන්සේලා එක පැත්තකින් පෞද්ගලිකවම තම සසර පැවැත්ම කෙටි කරගන්න වැඩ පිළිවෙලේ නිරතවිය යුතු අතර අනෙක් පැත්තෙන් පන්සලේ නඩත්තු කටයුතු පවත්වා ගෙනයාමට අමතව දායකයන්ගේ දාන මාන,පිරිත්,අවමගුල් කටයුතු වල (ලව්කික) නිරත විය යුතුය. සමාජ අසාධාරණයන් පිටු දැකීමටද වෙහෙස විය යුතුයි.මේ එකිනෙකට වෙනස් පරමාර්ථ 3ක් සමබරව පවත්වාගනයාමම කෙතරම් අසිරූද?
    සාමාන්‍ය පුද්ගලයෙකුට තම බිරිය,දෙමාපියන්,සහ සහෝදරයන් අතර සම්බන්ධතාවය සමබරව පවත්වා ගෙනයෑම කෙතරම් අසීරුද යන්න දන්නේ එය නිවැරදිව කළමනාකරණය කරන්නා පමණි. එමෙන්ම භික්ෂු ජීවිතය සමබරව පවත්වා ගැනීමේ අභියෝගය දන්නේ භික්ෂුන් වහන්සේ නමක්ම පමණි.

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. සමරෙගෙ කොමෙන්ට් එක මාව අතීතයට ගෙනියනවා. මම අපේ තාත්තා ජීවතුන් අතර සිටියදී දවසක්, මට දැන් මතක නැති හේතුවකට හාමුදුරු නමකට දොස් කිව්වා. තාත්තා කිව්වා 'පුතාට පුලුවන්නම් එක දවසක් සිවුරක් පොරවගෙන ඉඳලා පෙන්නන්න' කියලා. එදා ඉඳලා අදවෙනතෙක් මම භික්ෂූන්වහන්සෙ කෙනෙකුට කිසිම හේතුවකට දොස් කියන්නෙ නෑ. සිවුරක් පොරවගෙන ඉඳීමම ලොකු කැප කිරීමක් නිසා.

      සමරෙගෙ අදහසට මම සියයට දෙසීයක් එකඟයි.

      Delete
    2. සිවුර පොරවගෙන ඉඳීම නෙවෙයි කැපකිරීම කියන්නෙ. කැප කිරීම කියන්නෙ සිවුරට අදාල වත් පිලිවෙත් ‍රැකගෙන සිවුර දැරීමයි.. සිවුර දරන හොරු ගොඩක් හැංගෙන්නෙ ගාමිනි කියන ඔය තර්කෙ අස්සෙ තමයි..

      Delete
    3. wmk
      //භිෂුන් වහන්සේ නමකගේ ජීවිතය මතු පිටින් පෙනෙනවාට වඩා ගොඩක් සංකීර්ණයි.උන් වහන්සේලා එක පැත්තකින් පෞද්ගලිකවම තම සසර පැවැත්ම කෙටි කරගන්න වැඩ පිළිවෙලේ නිරතවිය යුතු අතර අනෙක් පැත්තෙන් පන්සලේ නඩත්තු කටයුතු පවත්වා ගෙනයාමට අමතව දායකයන්ගේ දාන මාන,පිරිත්,අවමගුල් කටයුතු වල (ලව්කික) නිරත විය යුතුය. සමාජ අසාධාරණයන් පිටු දැකීමටද වෙහෙස විය යුතුයි.මේ එකිනෙකට වෙනස් පරමාර්ථ 3ක් සමබරව පවත්වාගනයාමම කෙතරම් අසිරූද? //

      භික්ෂුවක් කියන්නෙ කවුද? ඇයි භික්ෂුව හිස මුඩු කරන්නෙ? කියන ප්‍රශ්න දෙකටවත් උත්තර හොයාගන්න පුළුවන් නම් ඔය එල්ලිලා ඉන්න මිත්‍යාවෙන් ගැලවෙන්න පුළුවන්.

      Delete
    4. @ රාජ්

      +++++++++++++

      Delete
  7. පැවිදි වෙන්නෙ නිවන් අරමුණු කරගෙනමය කියන එක වෙනස් වෙලා, භික්ෂුව යනු සමාජයට නායකත්වය දෙන, මග පෙන්වන චරිතයක් වෙලා තියෙන්නෙ ඉතිහාසය පුරාම. දැන් විතරක් වෙනස් වෙයිද?
    අය්යගෙ අදහස් සමග හොඳින්ම එකඟයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නගේ .. !

      හැමදේකදිම අපි නරක ටික අයින් කරලා හොඳ ටික සතුටින් බාරගන්නවා වගේ අපි සංඝ සමාජයෙත් භික්ෂුත්වයට නොගැලපෙන කීප දෙනා අමතක කරලා, ගෞරවණීය පැවතුම් ඇති බහුතරයක් සංඝයාවහන්සේලාට ගරු කළ යුතුයි.

      Delete
  8. ඉතිහාසය දන්න උන් ලංකාවෙ ඉන්නවනම් මෙච්ච්ර දෙයක් ලංකාවට වෙන් නෑ අයියා. අපේ උන් අවුරුදු 2500 ඉතිහාසයක් තියා මීට අවුරුදු දෙක තුනකට කලින් තිබ්බ යුද්දෙවත් දැන් මතක තියනවද. තව ටික දවසකින් මුන් පෙලපාලි යයි වාරියපොල ශ්‍රී සුමංගල හිමියන්. පාසල් පෙල පොත්වලින් ඉවත් කරන්න එතන ජාතිවාදයක් තියනවා කියලා. බෞද්ධ භික්ෂුව කියන්නෙ දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. ධර්මයට ජාතියට අන්තුරක් උනාම ඒ වෙනුවෙන් යම් දේවල් කරන්න වෙනවා ෂැවොලින් බිහි උනේ බෞද්ධ හාමුදුරුවන්ට කම්මැලි කමට හිරි ඇරගන්නද . වාරියපොල හාමුදුරුවෝ සුද්ද්ගේ කොඩිය පාගල බිම දැම්මෙ පින්තූරෙ පත්තරේ දා ගන්නද. ජීවිතේ කියන්නේ තුන්වේල කන එක කියලා හිතන පුත්තලං බූරුවන්ට ඕක කවදාවත් තේරෙන් නෑ. ඕනම ජාතියකට මේ රටේ ජීවත්වෙනෙ අයිතිය තියෙන්න ඕන ඒක ඇත්ත. ඒත් ඒ රටේ මුල් ජාතිය නැතිකරගෙන තවත් ජාතියක් ජිවත් වෙන්න හදනවනම් එතන තියෙන්නෙ සහජීවනයක් නෙවෙ ත්‍රස්තවාදයක්. ඇෆ්ගනිස්ථානයෙ, මාලදිවයිනේ, ඉන්දුනීසියාවෙ, මියැන්මාරයෙ වෙන්නේ ඒ දේ. එක අපිට වෙන් නැති වෙයි කියලා ඇස් කන් ඇරගෙන ඉන්න මිනිහෙක්ට නම් හිතාගන්න බැරි වෙයි. ඒ වගේම ඒ වෙන දේ වෙලා ඉවරවෙනකම් ම අපේ රටේ පොල් බූරුවන්ට තේරුම් කරන්නත් බැරි වෙයි. තවත් අවුරුදු 40කට 50කට පස්සෙ දාස් ගානක් මරාගෙන කොඩි උස්සගෙන මල්වෙඩි ගහලා පාරවල් වල නට නට කියයි අපි ආයෙමත් ත්‍රස්තවාදය පරදවලා ජය ගත්තා කියලා. නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරොවෙන් කපන්න වෙනකම් ඕක තේරෙන් නෑ අපෙ උන් එහෙම වැඩ වලට හරී ආසයි .

    ReplyDelete
    Replies
    1. මලේ මම බොහොම අමාරුවෙන් වචන හොය හොයා, ‍තෝර තොරා ලියපු ටිකම උඹ ඉතාම නිදහසේ ඇදලා ඇරලා තියෙනවා. කොමෙන්‍ටුවට අනේක වාරයක් ස්තුතියි, සීයට දෙසීයක් එකඟයි ..!

      Delete
    2. ජයවේවා! මේක තමයි ඇත්ත.

      Delete
    3. සමහරු නියපොත්තෙන් කඩන්න ගිහින් තමයි 83 දි කෙලවාගත්තෙ..

      Delete
  9. ඔතන ප්‍රශ්නෙ තියෙන්නේ හාමුදුරුවරු ඉදිරියට ඒම නෙවෙයි ගාමිණි, නමුත් කටයුතු කරන ආකාරය.හැමදාමත් රටට වැරැද්දක් වෙනකොට ඒකට මූලිකවම ඉදිරියට ආවේ ස්වාමීන් වහන්සේලා ඒක එදාත් එහෙමයි අදත් එහමයි හෙටත් එහෙමයි.ඒක වැරදි දෙයක් හැටියට මම නම් දකින්නේ නෑ.
    ඒ උනාට ඒකට සම්බන්ධ හාමදුරුවරු විතරද? සාමාන්ය ජනයාත් සම්බන්ධයි නේද? මනුස්සයෙක් තුළ තියෙන ආගම්වාදය ජාතිවාදය වගේ දෙයක් ඇවිස්සුනාට පස්සේ මිනිස්සු තිරිසනුන්ටත් අන්ත වෙනවා.ඒකයි භයානක.ගාමිණි ඔබ බය මේ රට මුස්ලිම්කරණය වෙයි කියලා ඒක ඇත්ත ඒක බය විය යුතු දෙයක් තමයි ඒවගේම මමත් බයයි මේ රට ආයෙත් සොහොනක් වෙයි කියලා.අමු අමුවේ පාරවල් වල මරාදාපු සිරුරු, පුංචි දරුවෝ,ගැහැණු ,පිරිමි ,මේ හැම කෙනෙකුගේම සිරුරු තියෙයි කියලා.

    ReplyDelete
    Replies
    1. මලේ, මුලු මානව ඉතිහාසය පුරාමත්, වර්තමානයෙත් ලේ වැගිරීම් ඇණ කොටා ගැනීම් සිදුවුනා, ඉදිරියටත් එහෙමම වේවි. දුර්වලයින් ඉවත් වෙලා, ශක්තිවන්තයින් ඉතුරුවීමේ සවාභාවික නීතියට අපි හැමෝම යටත්.

      Delete
  10. මට නම් ගාමිණී අයියා තියෙන්නෙ එක ගැටලුවයි. අපේ අයට විතර ද ඇත්ත ඇති සැටියෙන් පේන්නෙ නැත්තෙ..... රෙදි කඩේට ගල් ගැසීම වගේ දේවල් සම්පූර්ණයෙන් ම වැරදියි. ඒත් ඒ දේවල් පේන ගොඩක් ඇස් වලට ඇයි පුරාවස්තු සංහාරය පේන්නෙ නැත්තේ..... එක්කෝ දෙකම පේන්න ඕනැ. නැත්තම් දෙකම නොපෙනි තියෙන්න ඕනේ.

    ඇෆ්ගනිස්ථානයෙ, මාලදිවයිනේ, ඉන්දුනීසියාවෙ, මියැන්මාරයේ තත්වයට නොවැටී අපි තවමත් මේ විදිහට ඉන්නෙ අපි දූපතක ඉන්න නිසාද කියලත් වෙලාවකට හිතෙනවා. අපි හැමෝම ලාංකිකයෝ නම්, අපි හැමෝම අපේ රට රැකගන්න ඕනේ. අපේ රටට ආදරය කරන්න ඕනේ. පුරාවස්තු විනාශ කරමින්, වනාන්නර විනාශ කරමින් යම් ජනකොට්ඨාශයක් හැසිරෙනවා නම් ඔවුන් කරන්නෙ උපන් බිමට ද්‍රෝහි වීමක්.

    අනිත් කාරණය යම් යම් සංවිධාන බිහි වෙලා යම් යම් දේවල් කරද්දි ඒවා විවේචනය කරන සත්පුරුෂයන්ට - වඩා ප්‍රායෝගික දෙයක් තියෙනවා කරනවානම්. ඒ වැරදි කරන අයටත් පේන්න එක්කලා නිවැරදි දේ කරලා පෙන්වන එක.

    ReplyDelete
    Replies
    1. ගල්, බිත්තර වගේ ඉතාම ප්‍රාථමික ක්‍රමවේදවලින් මේ ගැටලුව විසඳන්න බැරි බව පැහැදිලියි. ශක්තිමත් නායකත්වයක් යටතේ නිවැරදි දේ කිරීම මේ වෙලාවෙ ඉතාම වැදගත්.

      Delete
  11. හාමුදුරු කෙනෙක් කියන්න බුද්ධ පුත්‍රයෙක්නෙ.. හරි දේට එකඟවීම වැරදි දේට විරුද්ධවීම බුදු පුතෙක් කලයුතුමයි හැබැයි බුදු පුතෙක් හැටියට සැලකෙන්න නම් ඒ විරෝධය සිවුරට කැප සීමාවෙ ඉඳන් කරන්න ඕනෙ,. ථේරපුත්තාභය සටන් කරන්න ගියේ සිවුර තියලයි.. ගිහියෙකු පවා නොඉක්මවියයුතු සීමාවල් ඉක්මවන චීවරධාරීන් බොහොමයි.. ඒ වැඩි දෙනෙක් හැංගෙන්නෙත් අර වගේ ඉතිහාසයේ වීරත්වයෙන් පිදුම් ලබන යතිවරුන්ගෙ චරිත ඉදිරියට දමල තමයි හැබැයි බුද්ධිමත් කෙනෙක් අර දෙදෙනාගෙ විග්‍රහ කලාම පැහැදිලියි තියෙන බරපතල වෙනස්කම්..
    අර වගෙ හෑසිරීම් වලින් මෙතෙක් වෙලා තියෙන්න කබල රත්වෙලා ඇති වෙලාවෙ වෙනත් අය රොටී පුච්චා ගත්ත එක විතරයි.. ඉතිහාසෙ බලන්න. මේ හොල්මන් වැඩ නිසා අන්තර්ජාතිකව ලංකාව තවත් කරදරවලට පැටලෙනවා. සමහරකට අවශ්‍යවෙලා තියෙන්නෙ මේ සිංහල ජාතිය කියන්නෙ(ඒ වගෙමබෞද්ධයො කියන්නෙ ) වෙන කිසිම ජාතියක් ආගමක් අදහන අයත් එක්ක සාමයෙන් ඉන්න බැරි ජාතියක් කියල.. අතලොස්සක් අන්තවාදීන් නිසා ලංකාව හැමදාම බැට කනවා. වැල යන අතට මැස්ස ගහලා මට පුරුදු නෑ..

    ReplyDelete
  12. ජනකාන්ත මිත්‍යා මත කියල දෙයක් තියනව ගාමිනී අයිය අහල තියනවද?
    //අදටත් ලංකාවෙ කාවෙනුවෙන් හරි බුද්දාගම කියලා දෙයක් ඉතුරුවෙලා තියනවනම් ඒ එහෙම නැගී සිටපු භික්ෂූන් නිසා මිසක, නිර්වානය සාක්ශාත් කරගත්තු උතුමන් නිසානම් නොවෙයි// වගේ මත මේ වෙනකොට සමාජගතවෙලා ඉවරයි. බුදු හාමුදුරුවො කිව්ව මාර්ගයේ යාම වෙනුවට ධර්මය රැක ගන්න ගල් මුල් අතටගන්න බෞද්ධයන්-භික්ෂූන් බිහිවුනේ ඒකයි. නිකමට හිතල බලන්න, නැත්තං ගිහිල්ල බලන්න බුද්ධාගම රැකගන්න දඟලන උදවියට වඩා විශාල සේවයක් කරන බණ භාවනා කරන හාමුදුරුවරු ඕන තරම් ඉන්නව. ඔවුන් ඇසුරේ ඉන්නව හික්මීම පුරුදු කල ගිහියන් ඕන තරම්.

    ReplyDelete
    Replies
    1. රාජ්
      ඔබ අදහස් කරන්නේ ආරණ්‍ය වාසි භික්ෂුන් වහන්සේලා ගැන කියලයි මට හිතෙන්නේ.ඒක භික්ෂු සාසනයේ එක පැත්තක් විතරයි.ඔබ බෞධයෙක් නම් ඔබගේ පවුලේ සාමාජිකයකුගේ අවමන්ගල්‍යකදී පාන්ෂකුලය දීමට ආරණ්‍ය වාසි භික්ෂුන් වහන්සේ නමක් එතනට ගෙන්න ගන්න පුලුවන්ද? එහෙම නම් පාන්ෂකුලය රහිතව ඔබගේ නෑදෑය ගේ අවසන් කටයුතුකරනවාද?
      එබැවින් ග්‍රාමවාසී භික්ෂුන් වහන්සේලාද සිටිය යුතුයි.

      Delete
    2. ඔබ හරියටම හරි wmk, මේ දෙගොල්ලම සාසනයේ පැවැත්මට අත්‍යවශ්‍යයි. හරියටම එක කාසියේ දෙපැත්ත වගේ. අපි අමතක කරන්න හොඳ නැහැ දේවදත්තගේ ඉල්ලීම් පහ. ඉන් පළමුවැන්න වුයේ භික්ෂුන් වහන්සේලා ආරණ්‍ය වාසි විය යුතුයි කියන එක. එහි ඇති නිසරු බව මෙන්ම එසේ කිරීමෙන් සාසන පරිහානිය වන බව බුදු නුවනින් දුටු බුදුරජාණන් වහන්සේ එය ප්‍රතික්ෂේප කළා.

      Delete
    3. කවුද ආරන්‍යක් ගැන කතා කලේ?ආරන්‍යවත් දේවදත්තවත් මෙතෙන්ට ගාවගන්න ඕන නෑ. මම කිව්වෙත් පන්සල්වල ඉන්න හාමුදුරුවරු ගැනම තමයි.

      //ඔබගේ පවුලේ සාමාජිකයකුගේ අවමන්ගල්‍යකදී පාන්ෂකුලය දීමට ආරණ්‍ය වාසි භික්ෂුන් වහන්සේ නමක් එතනට ගෙන්න ගන්න පුලුවන්ද? එහෙම නම් පාන්ෂකුලය රහිතව ඔබගේ නෑදෑය ගේ අවසන් කටයුතුකරනවාද?//
      ජීවත්ව ඉන්නකොට හැම මගෝඩි වැඩක්ම කරල මැරුනම අනුන්ගෙ රෙද්දෙන් නිවන් යන්න ඉන්න උදවිය තමයි පාංසුකූල ඉල්ලන්නෙ. ඔය පාංසුකූල සෙල්ලම එදා තිබුනනං බුදු හාමුදුරුවන්ට මළගෙවල්වල යන්නට වැඩිය වෙලාවක් නැති වෙනව.
      බුද්ධාගම බුදුහාමුදුරුවො කියන්නෙ කවුද කියල තේරුම්ගන්නකල් මේ උදවිය හැදෙන්නෙ නෑ.

      Delete
  13. //ඉතින් මම මේ ඉතිහාස කතන්දරටික මතක් කළේ අපේ භික්ෂූන්වහන්සේලාට දෙන දෙයක් වළඳලා, වෙන දෙයක් බලාගෙන ඉඳලා පුරුද්දක් නැති බව කියන්න ...//

    සම්පුර්ණ ඇත්ත. හැමදාම ප්‍රශ්නයක් ඇතිවුණාම රට ජාතිය බේරගන්න පෙරමුණට ආවේ භික්ෂූන්වහන්සේලා. මේදේ ඔය භික්ෂූන්වහන්සේලාට බනින පොල් බුරුවන්ට තේරෙන්නේ නැති එක තමයි කරුමේ.

    ReplyDelete
    Replies
    1. මෙතරම් වියසනයක් වෙද්දී තුන් සිවුරෙන් යුක්තව, පාත්‍රය දරාගෙන, වියගසක් පමණ ඉදිරිය පෙනෙන සේ බිමට නැඹුරු කරගත් ඇස් වලින් යුක්තවද පෙළපාලියක යන්න කියන්නේ.?

      මේකවත් තේරෙන්නේ නැති උන් තමයි වැඩි හරියක් ඉන්නේ මේ විදිහට භික්ෂූන්වහන්සේලා පමණද භික්ෂූන්වහන්සේලා? අනිකුත් අය චීවර ධාරින්ද? භික්ෂූන්වහන්සේලාට චීවර ධාරින් කියන පාරිශුද්ධ උත්තමයෝ, භික්ෂූන්වහන්සේ සහ චීවර ධාරින් යය කිව යුතු කොටස් දෙක අතර වෙනසවඩ් දන්නා අයද?

      Delete
    2. භික්ෂුන්වහන්සෙ කියන්න කාටද කියලා බුදුහාමුදුරුවො දුන්න විවරණය බලන්න සහෝ.. ඒ විදිහට නොහැසිරෙන හැම සිවුර දරන්නාම සිවුර දරන්නෙක් මිස භික්ෂුවක් නෙවෙයි.. ඔය ටිකවත් තේරෙන්නෙ නැද්ද ?

      Delete
    3. ඔබතුමා වැරදියි. භික්ෂූවකගේ භික්ෂූත්වය නැතිවෙන්නේ සතර පාරජිකාවෙන් පමණයි මහත්මයා.( එලෙස පරාජිකා වූ කෙනෙක්ට පවා නැවත සාමනේර තත්වයට පත්විය හැකියි.)

      සතර පාරජිකාවෙන් භික්ෂූත්වය නැතිවූ කෙනෙක් ඒ බව සඟවාගෙන චිවරය දරගෙන සිටිනම් ඔහු චිවරධාරියෙක් වේ. එමෙන්ම නිවැරදිව විනයනුකුලව නොමැතිව චිවරය යමෙකු පොරවාගෙන සිටිනම් එම තැනැත්තාද චිවරධාරියෙක් වේ. මේ හැර අන් භික්ෂුන්වහන්සෙ නමකට චිවරධාරියෙක් යයි යමෙකු පවසන්නේනම් ඒ එම පුද්ගලයාගේ නොදනුවත්මක මිස අන් දෙයක් නොවන බව ඔබතුමා වෙත කරුණා පෙරදැරිව පෙන්වා දෙනු කැමැත්තෙමි.


      Delete
    4. දැන් මහත්මයාම විවරණය දීල තියෙනවනෙ. සිවුරෙන් එලවන්න අවශ්යවෙන කාමයෙ හැසිරීම සොරකම මැරීම සහ රහත්බව දුසිල්ව සිට ඇඟවීමනෙ ඔය කියන පාරාජිකා. ඉතිං එවුව නොකර අරක්කු බිබී ටෙලි නාට්‍ය බල බල ඩියුටි ‍ෆ්‍රී බෙන්ස් කාර් අරං එවුව වංචාවෙන් පිටට විකුණල සල්ලි අරං මලිගා හදං ගිහියන් කරන අනිත් හැම දෙම කර කර ඉන්න අයත් භික්ෂුන්වහන්සේලානෙ ..හ්ම්ම්.. ඉතින් අපි බලමුකො ඔය ප්‍රසිද්දියෙ නටන හාමුදුරුවරු කීදෙනෙක් සිවුරෙ ඉන්න සුදුසුද කියලා. බුද්ධාගම රකින්න නම් ඉස් ඉස්සෙල්ල්ලම කරන්න ඕනෙ අර දුස්සීල අය සාසනයෙන් පිටමං කරන එකනෙ.. ඒක කරන්නත් විධික්‍රමයක් තියෙනවානෙ. හමුදාවක් අරං ගිහිං ඉන්න තැන වට කරල ශාරීරික පීඩා නොකර ?

      Delete
  14. වෙන ආගම්වල මිනිස්සුන්ට ගහන්න යන්න ඉස්සෙල්ල තමංගෙ ආ‍ගමේම අය කරන වැරදි හදාගෙන ඉන්න පුලුවන්නං හොඳයි කියලයි මමනං හිතන්නෙ.

    ReplyDelete
  15. භික්ෂූන් වහන්සේලා මුලින්ම කරන්න ඕන භික්ෂු සමාජය නිවැරදි කරගන්න එක. ඊට පස්සෙ සිංහල බෞද්ධයාව හරියට හරිගස්ස ගන්න ඕන. ඔය දෙකම කරන්නෙ නැතුව අන්‍ය ජාතිකයන්ට අත උස්සන්න යන එක කාලෝචිත වැඩක් නෙවේ......

    ReplyDelete
  16. ඉහත අදහස් දැක්වූ හැමෝටම ස්තුතියි ..!

    ඇත්තටම මේක කොතරම් සංකීර්ණ ගැටලුවක්ද කියලා ඉහත කොමෙන්ට්වල තියෙන විවිධ අදහස්වලින්ම තේරෙනවා. අපි ඒ දිහා විවිධ පැතිවලින් බලනකොට එකම ගැටලුව විවිධ හැඩයෙන් පේනවා. අපි එකිනෙකා යෝජනා කරන විසඳුම් පවා එකිනෙකට බොහෝ වෙනස්.

    අපි හැමෝම, හැම පාර්ශ්වයක්ම මේ ගැටලුව දිහා වගකීමෙන් බැලිය යුතු බව පැහැදිලියි. එහෙම නොකළොත් දශක ගණනාවක් ගලාගෙන යන තවත් ලේ ගංගාවක් නිර්මාණය වේවි. එසේ නොවේවා කියලා අපි හැමෝම පතමු.

    ReplyDelete
  17. අපේ හාමුදුරුවරුන්ගේ මේ ඉදිරිපත් වීම මම නම් පෞද්ගලිකව අගය කරනවා. මොකද උන්වහන්සේලා නැත්නම් අද සමාජේ මෙයිටවදා වෙනස් වෙන්න බොහෝ ඉඩ කඩ තිබෙනවා. කරන දේ හොඳයි අනුමැත කරනවා කරන තාලේ තමයි හොඳ නැත්තේ.

    ReplyDelete
  18. මෙවැනි කාරනාවලදි භික්ෂූන් වහන්සේලාගේ ඉදිරිපත්වීම අගය කලයුතුමයි

    ReplyDelete
  19. eda idala ada dakwa agama witharak nemei ratath rakune bikshun wahansela nisa eak ithihasen makannaba ada samaharunta a wirayonwa jathiwadaiyo wela.ada koti ganan wla wda beheth genakota pansaltika allanakota weherawal dosar karankota kathakaranna hodanalu jathiwdaiyo wenawala jathi wdaya awissenawalu ewata kathkarana pinhitina bishun wahanselata minissunta ghanawa jathi wadiyo kiyala ehema kiyana hama kenekutama kiyanne dena dane kala wenade balan hitapubikshu parapurak apitana eaka nisa thmai ohoma kiyana ayath oluwa kelin thiyagena me polawe payagahgala inne.edath ohoma minissu inna athi adath innawa hetath innawa eawgema konda panathiyana pirisuth edath hitiya adath innawa hetath phalawei.obata sthuthi mewge lipiyak palakalta ithihasaya tikak mathak kalata godak pin.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මලේ .. වාරියපොල හාමුදුරුවන්ට, කුඩාපොල හාමුදුරුවන්ටත් ඒකාලෙ බනින්න ඇති දෙන දෙයක් වලඳලා කරබාගෙන ඉන්න නැතුව ජාතිවාදය අවුස්සනවා කියලා ...

      Delete
  20. This comment has been removed by the author.

    ReplyDelete
  21. සංකීරණ මාතෘකාවක් ගාමිණී අයියේ.. එක එක්කෙනා බලන කෝණය අනුව තමන් හරි අනිත් කෙනා වැරදි කියන්න ඕනි තරම් හේතු දක්වන්න පුළුවන්. මටත් මුස්ලිම් යාළුවන් ගොඩක් ඉන්නවා. මට මුස්ලිම් රටවල් කිහිපයකම යන්නත් ලැබිල තියනවා. ඒ කොහොම උනත් මට දැනෙන විදියට මුස්ලිම්අන්තවාදය කියන්නේ පිළිකාවක්/පිළිලයක් වගේ. එක අපිත් එක්කම සමාජයේ කාලයත් එක්ක ටික ටික වැඩෙනවා. වැඩිලා එක දවසක් එනවා අපිව විනාශ කරලාදාන.
    කතාවක් තියෙන්නේ ගමකට එක මුස්ලිම් මනුස්සයෙක් ආවොත් ටික දවසකින් ගමම මුස්ලිම් වෙනවා කියල, රටටත් වෙන්නේ ඒ ටිකම තමයි. එක තමයි තිත්ත ඇත්ත. අපි කියල මොනවා කරන්නද?? :(
    ප:ලි: මේ comment එක නුසුදුසුයි හැගෙනවානම් ඉවත්කරන්න..

    ReplyDelete
    Replies
    1. //ඒක තමයි තිත්ත ඇත්ත.//

      සියයට සියයක් එකඟයි මලේ ..

      Delete
  22. දැක්කම කමෙන්ටුවක් නොදා යන්න හිතුන් නැ මාමෙ. මන් දකින විදියටනම් අන්තවාදින්ගෙ වැඩ හින්දා ඉස්සර හට ගොඩක් දෙවල් වලට මුන දෙන්න වෙයි කියලයි මට හිතන්නෙ.ඉසුරු

    ReplyDelete
  23. This comment has been removed by the author.

    ReplyDelete
  24. මෙම අදහස් අප හැකි ප්‍රමාන වලින් ඉදිරිපත් කල නමුදු.. පලමු අප නිවැරදි වියයුතු බව හගිමි..සිවුර වනාහි අද ඇති ආගම් ග්‍රහනයට පිලිතුරු නොව අනුග්‍රහයක්ම වේ යයි සිතමි...මන්ද වුනුත් හබන්නවුන් නිසාමය.. එක්වීම හෙලයන්ගේ ලක්ෂනයක් නොවේ... සිකුරාදා ඔවුන් හබනු හැකිය....?

    ReplyDelete
  25. මෙම අදහස් අප හැකි ප්‍රමාන වලින් ඉදිරිපත් කල නමුදු.. පලමු අප නිවැරදි වියයුතු බව හගිමි..සිවුර වනාහි අද ඇති ආගම් ග්‍රහනයට පිලිතුරු නොව අනුග්‍රහයක්ම වේ යයි සිතමි...මන්ද වුනුත් හබන්නවුන් නිසාමය.. එක්වීම හෙලයන්ගේ ලක්ෂනයක් නොවේ... සිකුරාදා ඔවුන් හබනු හැකිය....?

    ReplyDelete