මගෙ යාලුවෝ

Thursday, February 14, 2013

35. මට හමු වූ අන්‍ය ජාතීන් හා ආගමිකයින්


සිංහල නොවන අය මට සමීපව ඇසුරු කරන්න ලැබුනෙ රස්සාවට ආවට පස්සෙ. අම්පාර දිස්ත්‍රික්කයෙ පහල කෙලවරේ තියෙන කුමන දි මට මුණ ගැහුණු පලනි හුදංචි අප්පු මගේ පළවෙනි වනජීවී ගුරුවරයා වුනා. ඔහුගේ පියා කුමන වැසි සිංහල කාන්තාවක් විවාහ කරගත් දමිල ජාතියෙක් බව අහන්න ලැබුනා.

සිංහල කාන්තාවක් හා විවාහ වෙලා හිටපු හුදංචි ගත කලේ සිංහල ජීවිතයක් කියලා කිව්වොත් නිවැරදියි. ඔහුගේ ඇවතුම් පැවතුම්, ගතිගුණ, සිතුම් පැතුම් සියයට සියයක්ම සිංහල වුනා. කාර්ය මණ්ඩලයෙ කවුරුත් ඔහු 'සීනියර්' කියලා ගෞරවයෙන් ඇමතුවා මතකයි.

මගෙ අනිත් දමිල ජාතික ජ්‍යෙෂ්ඨයා වුනේ අරුලානන්දන්. වාලච්චේනේ පදිංචිව සිටි ඔහුගේ මුල් ගම් පලාත පොතුවිල්. ඉතා හොඳින් සිංහල කතා කළ ඔහුත් ඉතා සුහදව සිංහල අපි සමග එක හැලියේ බත් කෑවා. එයින් කලකට පස්සෙ ඔහු ඉතාම අවාසනාවන්ත විදියට තම වර්ගයා අතින්ම ජීවිතක්ෂයට පත්වුනා. හුදංචි සහ අරුල් ගැන මෙතැනින්  තව බොහෝ තොරතුරු ඉංග්‍රීසියෙන් කියවන්න පුළුවන්.

හම්බන්තොටින් ආපු රවුෆ්ඩීන් සහ තාලිෆ් දෙමස්සිනාලා තමයි, කුමන අපිත් එක්ක හිටපු මැලේ ජාතිකයින් දෙන්නා.  කාර්ය මණ්ඩලයෙ හැමෝගෙම විවේකය ගත කරන විනෝදාංශය උනේ මාලු ඇල්ලීම උනාට උන් දෙන්නට විතර මාලු අහු උනේ නෑ වෙන කාටවත්. මූදෙ යොත් ගහලා මාලු අල්ලගෙන ඇවිත්, 'මාලු එල්ලුවා මචං ... වරෙල්ලා ...' කියලා කෑ ගහලා සේරටම කතා කරලා, අල්ලන  මාලු  අනිත් හැමෝම එක්ක බෙදාගෙන තමයි උන් දෙන්නා කෑවේ. උන් දෙන්නගෙන් තාලිෆාටත් අපිට වගේම බාගෙට පිස්සු. කොයි වෙලාවෙ බැලුවත් නැට්ට පෑගිච්ච පූසා වගේ කෑ ගහ ගත්ත ගමන් තමයි ඌ ඉන්නේ. සිංහල ඉස්කෝලෙක ඉගෙනගත්ත තාලිෆාට සේරම පාලි ගාථා කට පාඩම්. නිවාඩු යන්න ලෑස්තිවෙලා ඌත් එක්ක එක කාමරේ ඉන්න වයසක සුගතයා ඉස්සරහ සාලුවක් එලාගෙන 'වුද්ධි කාරෝ අලිංගිත්වා ...' කියලා තාත්තට වඳින ගාථාව කියලා වඳිනවා.

මම ඉතාම සුහදව ඇසුරු කළ දෙපාර්තමේන්තුවෙ ඉන්න අනෙක් මැලේ ජාතිකයා මොහමඩ්. පස්සෙ කාලෙක මම අම්පාරෙ ඉන්නකොට ඔහු කුමන ජාතික උද්‍යානයෙ භාරකරු හැටියට සේවය කළා. ඒ කාලෙ දවසක් නාකි අලියෙක් ඇවිත් උද්‍යානයෙ වතුර වලක වැටිලා පන අදින්න පටන් ගත්තා. පශු වෛද්‍යවරුන් ගෙන්වලා ප්‍රතිකාර කළත් ඌව ගොඩ දා ගන්න බැරි උනා. පස්සෙ මොහමඩ් අලියගෙ අවසාන මොහොතෙදි කුඩුම්බිගල සේනාසනයෙ හාමුදුරු පිරිසක් ඌ වැටිලා හිටපු තැනට වඩම්මලා පිරිත් කියෙව්වා.

පරම්පරා කීපයකටම අයිති හම්බන්තොට මැලේ ජාතිකයින් තොගයක්ම දෙපාර්තමේන්තුවෙ හිටියා. දැනටත් ඉන්නවා. අපටත් වඩා කැලේට කොලේට හුරු පුරුදු ඔවුන් සියලු දෙනාම වගේ වෙහෙස මහන්සි වෙලා දෙපාර්තමේන්තුවට සේවය කළා.  කොහේ හිටියත් ඉතාම සුහදව අනිත් ජාතීන් එක්ක එක හැලියෙ බත් කාපු ඔවුන් කිසි දවසක අනෙක් ජාතිකයින් එක්ක ගැ‍ටුමක් ඇතිකරගත් බවක් මම අහලා නෑ.

ඉතින් කෙනෙකුට හිතෙන්න පුලුවන් මුස්ලිම් ජාතිකයින් එහෙම සුහදව ඉන්න උත්සාහ කරන්නෙ තමන්ගෙ ආරක්ෂාවට, කපටි කමට කියලා. සුළු ජාතියක් උනහම සමහරවිට එහෙම ඉන්න සිදුවෙනවා ඇති. මුස්ලිම් ව්‍යාපාරික ස්ථානයකට ගොඩ වැදෙන කොටම ඔවුන් අපිව දකිනවා, ගෞරවයෙන් පිළිගන්නවා. සුහදව අපේ අවශ්‍යතාව හොයලා බලලා ඉෂ්ට කරලා දෙනවා. යකඩ බඩු කඩේකට ගිහින් පාං ගෙඩියක් ඉල්ලුවත් නෑ කියන්නෙ නැතිව කඩේ කොල්ලා බේකරියට යවලා පාං ගෙඩිය ගෙන්නලා දෙනවා.

සිංහල කඩවල් වැඩි හරියකදි අපි අත් දකින්නෙ ඊට වඩා හාත්පසින්ම වෙනස් අත් දැකීමක්. මුදලාලියාගෙ ඉඳං කඩේ අතුගාන එකා දක්වාම කරපින්න ගෙන ඉන්නෙ මහ ජාතියෙ උද්ධච්චකම. හිනාවක් මූණ අහලකවත් නෑ. ගන්නවනං ගනිං, නැත්තං පලයං කියලා තමයි උං බඩු විකුණන්නෙ.

ඉතින් මට මේ පරණ කතන්දර මතක් උනේ මේ දවස්වල ෆේස් බුක් එකේ දකින්න තියෙන මුස්ලිම් විරෝධී සටහන් නිසා. අපේ මහ ජාතික උද්ධච්චකම් ඉවසාගෙන,  සුහදව අපිත් එක්ක එකට ජීවත් වුනු මුස්ලිම් ජනතාව දැන් ටිකෙන් ටික පිබිදෙන්න පටන් අරගෙන බව පේනවා. ඒක මුලු ලෝකෙම තියෙන මුස්ලිම් අරගල ‍රැල්ලෙ එක කොනක් හැටියටත් දකින්න පුළුවන්. දමිල දේශපාලකයන් තිස් අවුරුදු යුද්ධයක් නිර්මාණය කරලා දශක ගණනාවක් රට ආපස්සට ඇදගෙන ගියා වගේ මුස්ලිම් දේශපාලකයින් පිරිසකුත් වගකීමකින් තොරව කටයුතු කරන බව පේනවා.

ඒකට විරුද්ධව දැං පිරිසක් අවි අමෝරාගෙන පාරට බැහැලා. ඒකට මූලිකත්වය අරගෙන තියෙන්නෙ මුලු ඉතිහාසය පුරාම ඒ වගෙ අවස්ථාවල පෙරමුණේ හිටපු බෞද්ධ භික්ෂූන්වහන්සේලා. තව පිරිසක් උන්වහන්සේලාට දෙහි කපනවා, අනවශ්‍ය ගැ‍ටුමක් නිර්මාණය කරනවා කියලා.

කොහොම උනත් නොසලකා සිටිය නොහැකි තත්වයක් නිර්මාණය වෙමින් පවතින බව පේනවා. ජාතිවාදීන්, ආගමික අන්තවාදීන් හා අවස්ථාවාදී දේශපාලකයින් සුලු පිරිසක් එකතුවෙලා අවුලුවන ගින්නක මුලු ජාතියක් දැවෙනවාද ..,? නැත්නම් ඔවුන්ව පි‍ටු දැකලා ඇවිලෙන ගින්න මුල් අවස්ථාවෙදිම නිවා ගන්නවාද ...?  දෙපාර්ශ්වයේම නායකයින් බොරදියේ මාලුබාන්නෙ නැතුව, මේ ගැටලුව දිහා මැදිහත් සිතින් බැලිය යුතුයි කියලා මට හිතෙන්නේ.

කොහොම උනත් මේ ගැටලුව හා අදාල ධන හා රින අගයන් සමාන ලකුණේ වම් පැත්තට දාලා සුලු කරලා අරගෙන, දකුණු පැත්තේ ලියවෙන විසඳුම දිහා බලනකොට එතැන තියෙන්නේ 'සාමය' නම් අපි තවමත් ආරක්ෂිතයි. එතැන 2005 දි වගේ 'යුද්ධය' කියලා ලියැවුනු දවසට තවත් ලේ ගංගාවක් ගලාගෙන යයි.

කවුරු මොනදේ කරන්න උත්සාහ කළත්, කෙරුවත් මේ රටේ බුදු දහමත්, සිංහල ජාතියත් පන් දහසක් කල් පවතිනවා සත්තයි ...!





65 comments:

  1. මංනං බලං ඉන්නවා මොකද වෙන්නේ කියලා... කොයි අතට කතා කරන්නත් කලින් හිතන්න දේවල් සෑහෙන්න තියෙනවා...

    ReplyDelete
    Replies
    1. මමත් මලේ මෙතෙක් මේ ගැන කතා කළේම නෑ.. ඒත් මට හිතෙනවා ඉදිරියෙදි අපි හැමෝම මේ ගැන හිතලා වෙන්න යන විනාශයක් තියෙනවා නම් වලක්වා ගන්න උත්සාහ ගත යුතුයි කියලා.

      Delete
  2. පානම පැත්තේ මිනිස්සු ජනවාර්ගික සමගියට , ඒ වගේම මුහු වීමට හොඳම උදාහරණයක් කියල අහල තියෙනවා.


    ---------------------------------------------

    දැන් වෙන්නේ නම් මොකක් හරි සැලසුම් සහගත දෙයක් තමයි.දෙපැත්තෙන්ම.

    මුස්ලිම් අය ගත්තොත් ඔවුන්ගේ සමගියට, දියුණුවට වගේම ආගමික විශ්වාස ගැන අපට කරන්න දෙයක් නැහැ. නමුත් ඔවුන්ගේ යම් පිරිසක් සැලසුම් සහගතව යම් යම් අන්තවාදී දේ කරනවා. ටිකෙන් ටික ඒවාට නැඹුරු වෙන පිරිසත් වැඩි වෙනවා. මේ ඊයේ පෙරේදා තිබුණු රුපවාහිනී සාකච්ඡාවක කියවුනා මුස්ලිම් පල්ලියක් ඉදිරිපිට රිය අනතුරක් වුනාම, රියදුරා පල්ලිය ඇතුලට ගෙනිහින් අර සවුදියේ දඬුවම් දීලා දැන් ඔත්පල වෙලා කියන එක. ඒ වගේම මීට ටික කාලෙකට කලින් රාජකාරියේ හිටපු පොලිස් නිලධාරියෙක් කපල කොටලා පන පිටින් පුළුස්සලා තිබුනා. මේ උදාහරණ මෙතන කියපු එක හරිද මන්දා.. කොහොම වුනත් මුස්ලිම් "අන්තවාදය" හරිම දරුණුයි.

    අර විචාරක මහත්තයත් කලින් කියල තිබුනේ ඔහුට විස්තර කල නොහැකි ඔහු දන්නා මුස්ලිම් අන්තවාදය ගැන..

    මුස්ලිම් හැමෝම එහෙම කියන්න බැහැ තමයි. මගේ හොඳම මිතුරෝ ඉන්නවා මුස්ලිම් අය, සමහර විට මේක කියවන්නත් පුළුවන්. මම කතා කරන්නේ පැහැදිලිවම අන්තවාදියෝ ගැන.

    අපේ අන්තවාදියෝ ඒ තරම් දරුණු නැහැ. නමුත් ඔවුන් එක්ක දරුණු අවස්තාවාදියෝ ඉන්නවා..

    කොහොම හරි රටේ යහපතට මුස්ලිම් අන්තවාදය පැතිරීම පාලනය කරන්න වෙනවා. ඔවුන් සිංහලයින්ට පමණක් නොවෙයි සාමාන්‍ය මුස්ලිම් ජනතාවටත් තර්ජනයක්.අන්තවාදී මුස්ලිම් රට වලදීට වඩා නිදහසක් භුක්ති විඳින ලංකාවේ මුස්ලිම් අය ඒ තත්වය තමන්ගේම අය නිසා නැති කර ගත යුතුද? . පළමුව එය පාලනය කල යුතුයි.

    දෙවනුව ඊනියා සිංහල බලවේග හරියට අඳුර ගන්න ඕනි. ඔවුන්ගෙනුත් ප්‍රවේසම් වෙන්න ඕනි.

    අනේ ඉතින් ලංකාවේ මොනා වෙන්න බැරිද ?

    ReplyDelete
    Replies
    1. සිංහල කඩවල් වැඩි හරියකදි අපි අත් දකින්නෙ ඊට වඩා හාත්පසින්ම වෙනස් අත් දැකීමක්. මුදලාලියාගෙ ඉඳං කඩේ අතුගාන එකා දක්වාම කරපින්න ගෙන ඉන්නෙ මහ ජාතියෙ උද්ධච්චකම. හිනාවක් මූණ අහලකවත් නෑ. ගන්නවනං ගනිං, නැත්තං පලයං කියලා තමයි උං බඩු විකුණන්නෙ.

      අන්න අපේ කම ...

      තව එකක්.. අර ඉහලින් කියපු පොලිස් නිලධාරියාගේ කතාවේදී වගේම දේවල් අපේ සිංහල මිනිස්සු සිංහල මිනිස්සුන්ටම කරල තියෙනවා නේද පොඩි පොඩි වෙනස් කම් ඇතිව ..

      Delete
    2. ජවාර්ගික සමගියට ඉතාම හොඳ ආදර්ශයක් පානම ගමේ දකින්න තියෙනවා. ඒ ගමේ සිංහල දමිල වෙන්කරගන්න බැරි තරමට එකිනෙක මිශ්‍රවෙලා අමුතුම සංස්කෘතියක් නිර්මාණය වෙලා තියෙනවා. හැම තැනම එහෙම වෙන්න ඕනෑ කියලා මම කියන්නෙත් නෑ. සිංහලකමේ හා දමිල බවේ අනන්‍යතාවයන් ආරක්ෂා වෙන්නත් ඕනෑ.

      මුස්ලිම් ආගමික නීති වගේම අන්තවාදයත් ඉතාම දෘණුයි තමයි රාමා මලේ. ඒ වගේම අපේ එවුනුත් සමහර අවස්ථාවලදි ඒ තරමටම දරුණුවෙනවා. 83 ජුලි කලබලවලදි ඒක අපි දැක්කා. ඊයෙ පෙරෙදා මොර‍ටුවෙදි පන්සලක නායක හාමුදුරු නමක් කපලා කොටලා මැරුවේ ඉඩමක් අල්ල ගන්න. ඒකට මුල්වෙලා තියෙන්නෙත් දේශපාලකයෙක්.

      සියලුම ආකාරයේ අන්තවාදයන් වගේම දේශපාලන අතපෙවීමුත් පාලනය කරගත්තෙ නැත්නම් ලොකු විනාශයක් වෙන එක වලක්ව ගන්න බැරිවෙයි.

      Delete
  3. මම අද ගමේ ගියා. රෑ හතට විතර අලුත්ගමින් බස් එකෙන් බැස්සා. අලුත්ගම නගරයේ ව්‍යාපාරිකයින්ගෙන් භාගය මුස්ලිම්. කෑම විකුණන කඩ වැඩි හරියක් මුස්ලිම්. මම මුල්ම කඩය ගාවට ගිහින් බැලුව කිසි බේදයක් නැතිව එකට ඉඳගෙන කනවා. දෙවෙනි කඩේ ටිකක් අලුත් මමත් ගියා එතැනත් එහෙමයි. අලුත්ගම පරණ පරම්පරා වල අය ෆේස්බුක් යන්නැති නිසා මේ හුටපටේ දන්නේ නැතිව ඇති. මම එන්න එන ගමනේදීත් රාත්‍රියේ ඇරලා තියෙන්නේ මුස්ලිම් කඩවල කිසිම බේදයකින් තොරව ජනයා පිරිලා ඉන්නවා. මේ වලිය යන්නේ ෆේස්බුක් එකේ ඉන්න නාගරික අය අතර පමණක්මද කියලා මට හිතෙනවා. ඔබගේ ලිපියේ තිබෙන බොහොමයක් කරුණු වලට එකඟයි. අක්කරේපත්තු සති දෙකක් වැඩ කරපු අත්දැකීම් එක්ක මටනම් එහෙම හිතන්නවත් ලැජ්ජයි. මට හැම වේලටම ඔය කියන මිනිස්සු ඉතා ඉහල මට්ටමේ කෑම වලින් සංග්‍රහ කළා.

    ReplyDelete
    Replies
    1. දෙපාර්ශ්වයේම ඉතාම සුලු පිරිසක් විසින් තමයි සුදීක මලේ මේ ගැටලුව නිර්මාණය කරන්නේ. උතුරේ යුද්දෙ තිස් අවුරුදක් ඇදගෙන ගියෙත් ඉතාම සුලු පිරිසක්. ඒ සුලු පිරිසට සමාජයෙ හැම තරාතිරමකම අය එකතු වෙන එකයි ගැටලුව. විශේෂයෙන්ම අවස්ථාවාදී දේශපාලකයෝ කරන්නේ බොර දියේ මාලු බාන එක. නමුත් ජනවාර්ගික ගැටලුවල ගොදුර වෙලා දහ දුක් විඳින්නේ එදා වේල හොයාගෙන කන දුප්පත් මිනිස්සු.

      Delete
  4. හැමදේටම වගේ එකගයි මේකේ.....

    ReplyDelete
  5. මමත් විවිධ ජාතීන් එක්ක එකට වැඩ කල කරන මිනිහෙක්.. මිනිස්සු අනිත් අයගෙ විශ්වාස ඇදහිලි සංස්කෘතිවලට ඉඩ දීල ඉවසන්න පුරුදු උනේ නැත්නම් අපෙ රට ඉක්මනටම ලේ විලක් වෙනවා සිකුරුයි.. මේ ගැන ලියන බොහොමයක් ඒවාට මම කමෙන්ට් නොලියන්නෙ මගෙ අදහස් පවා භේදය වැඩිකරන්න හේතුවෙයි කියන බයටයි.. සාමය සඳහා කැපවියයුතු ආගමික බලවේග ආරවුල්වලට මගපාදන හැටි දැක්කාම ගිණිපෙනෙල්ලෙන් බැට කාපු මිනිහා තවත් ගිණිපෙනෙල්ලක් කටේ දාගන්න හදනවා කියලයි මට නම් හිතෙන්නෙ.. අදුරද්ර්ශී දෙශපාලකයින් අතලොස්සකුයි මෝඩ පණ්ඩිතයින් ටිකකුයි තමුන් අදහන දහම හරිහැටි වටහා නොගත් පූජකයින් ‍රැසකුයි එක්ක හැම ජාතියකම ඉන්න නොහොබිනා තක්කඩි අතලොස්ස එකතු උනාම රටෙ සාමය අගයන හැම ජාතියේම බහුතරය අරුන්ට ඉඩ දීල නිකම් ඉන්නවා.. ඔන්න ඔහොමයි අපි අවුරුදු තිහක් පරිප්පු කෑවෙ.. ආයිත් ඒ සින්දුවම ගහන්න හදන්නෙ අපේ රටෙ උන්ගේ උවමනාවටනම් වෙන්න බෑ. හැම ජාතිඔයේම හැම ආගමේම ඉන්න බේද අවුස්සන තක්කඩි ‍රැල කො‍ටු කරලා දඬුවම් කරන්නයි ඕනෙ..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ලංකා ... මම මේ පොස්ට් එක ලියනවාද කියලා සිය පාරක් හිතලා, ඉතාම පරිස්සමින් වචන ‍තෝරගෙන මේක ලිව්වේ. ලියන්නො හැටියට අපි කළ යුත්තේ ඇවිලෙන ගින්නට පැට්‍රල් විසි කරන එක නෙමෙයි. ඒක නිවාගන්න උත්සාහ කරන එක. මේ ලියන දේවල් කිසිකෙනෙක් නුහුරට තේරුම් නොගනියි කියලා මම ප්‍රාර්ථනා කරනවා ...!

      Delete
  6. ගාමිණි අයියේ, මම විවිධ ජාතිකයන් සමග බොහෝ කාලයක් වැඩකලා, දැනටත් එහෙමයි.
    හැම වෙලේම බෙල්ල කැපුවානම්, පිටිපස්සෙන් ඉඳලා පිහිහෙන් ඇන්නානම් ඒ අපේම් එකෙක් තමයි.

    ඒ විතරක් නෙවේ මටනම් හැමවෙලේම අත් දුන්නේ අන්‍ය ජාතිකයන්. ද්‍රවිඩ, මුස්ලිම් වගේම යුරෝපියන්.

    නමුත් දැන් නම් සිදුවෙන්නේ මහා පරිමාණයේ ජාතික විපතක්. මේ ගැන අවධානයෙන් ඉන්න ඕනේ කියලා තමයි මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මලේ ... නිතරම අපිව තර්ජනයක් හැටියට පේන්නේ අපේම එකෙකුට. ඒ වගේ දේවල් සිද්ද වෙන්නේ ඒ නිසයි. ඒ වගේ දේවල් උත්තේජනයක් හැටියට බාර ගත්තහම ඒවා අපේම වාසියට හරවා ගන්න පුලුවන්.

      සිද්ද වෙන දේවල් බලාගෙන ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ මලේ. අපි සම්මාදං නොවී ඉමු.

      Delete
  7. ඉස්සෙල්ල තිබ්බ යුද්ධෙ පටංගත්තෙ සුලුතර දෙමළ පිරිසක් සහ දේශපාලනය මැදිහත් වීමෙන් වගේම හැම දෙමළ මනුස්සයටම යුද්ධ කරන්න ඕනකමක් තිබුණෙ නෑ මං හිතන්නෙ.
    ඒ වගේම මේ ප්‍රශ්නෙත් හැම මුස්ලිම් මනුස්සයෙක්ගෙම ඕනකමට කරන එකක් නෙමෙයි වගේ.

    ReplyDelete
    Replies
    1. උතුරේ යුද්දය වගේම මේකත් මලේ පැහැදිලිවම අන්තවාදී සුලු පිරිසකගෙ උවමනාවට අවුලවපු ගින්නක්. ඒත් අනාගතේදි බොහෝ පිරිසකට විඳවන්න වෙන කරුමයක් වේවි.

      Delete
  8. ඔබ හරි පුංචි ගින්නක් දැනටමත් ඇවිලිලා තියනවා... කවුරු හො අදිසි හස්තයක් මේ පිටි පස්සේ ඉන්නවා.. කොහොම වුවත් නැවත වාර්ගික ආගමික ගැටුමක් ඇති වුවොත් තවක් කාලාන්තරයකට ම අපට ම වන්දි ගෙවන්න වෙනවා..

    ReplyDelete
  9. ගාමිණි අයියේ මට කාලෙකින් මේ පැත්තේ එන්න බැරි උනා මොකක් හරි වෙලා ඔයාගේ ස්ටේටස් අප්ඩේට් වෙන්නේ නෑ.. මුලින්ම මොනරවිලට සුභ පැතුම්..

    හැබැයි ඔබ මේ රට කළබන සිද්ධිය හරිම නිවිච්චි ඇහැකින් දකිනවා. ඒක සන්තෝසෙට කාරණයක්. එ වගේම සුදීකගේ ප්‍රතිචාරෙත් හොද පනිවිඩයක් දෙන බව නොකියාම බෑ.. ජය

    ReplyDelete
    Replies
    1. සුදීක මලයා කිව්වා වගේ සාමාන්‍ය මිනිස්සුන්ට යුද්ද කරන්න ඕන නෑ.

      මල්ලි කිව්වා වගේ ලියන දෙයින් ගින්නක් නිවෙනවා නම් ඒක සතුටක්. පිරිසක් කියවන දේවල් ලියනකොට අපි ඒවට වස විස මුසුකරන්න හොඳ නෑ.

      Delete
    2. සුබ පැතුමට ස්තුතියි මලේ ..

      Delete
  10. අනේ මන්දා රට මොන පැත්තට කැරකෙයිද කියලා...
    මට නම් ෂුවර් තව යුද්ධයක් නම් අනිවා ඇතිවෙනවා!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. එහෙම නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු රජ පැටියෝ ...!

      Delete
  11. පොතුවිල්, පානම ශාස්ත්‍රවෙල,රොට්ටකුලම් මගේ ජීවිතයටත් සම්බන්දකම් ඇති ප්‍රදේශ.ඔබ කියන ආකාරයේ ඉතාම සුහද දෙමල සහ මුස්ලිම් ජාතිකයන් මටද ඇසුරු කරන්න ලැබුන අතරම කැත ඇත්තකුත් කිවයුතුය ඒ ප්‍රදේශවල සිටින සිංහල මිනිසුන්ට වඩා මේ මිනිසුන් යහපත් බව.අපේ මිනිසුන් බොහෝ දෙනා තුල එකමුතු බවක් නොමැතිවා මෙන්ම කළගුණ නොසැලකීමද හොඳින් පිහිටා ඇත.

    ReplyDelete
    Replies
    1. ඔබ කිව්වා හරි සහෝ ... අපේ එකාලගෙ මහ ජාතික උද්ධච්ඡකම තමයි සේරම නුගුණවලට හේතුව.

      Delete
  12. මේ දේවල් ගැන ඔබ අය කියන එක වචනේ උනත්
    වටිනවා ගාමිණී අයියේ ..ආගමික සහජීවනය කියන
    දේ නම් ඇති කල යුතුමයි ..( හැබැයි මුස්ලිම් කපටි
    ව්‍යාප්ති වාදය නැවැත්විය යුතුමයි , යුතුමයි ! )

    ReplyDelete
    Replies
    1. මම එකඟයි මලේ .. ඒත් මුස්ලිම් ව්‍යාප්තවාදයට අපි මූණ දෙන්න ඕන ක්‍රමවේදය නිවැරදි විය යුතුයි. එතැනදී නියම අන්තවාදීන් හඳුනාගැනීම වැදගත්.

      Delete
  13. උඹ කියන කතාව ඇත්ත.

    කොයි ජන කොට්ඨාශයෙත් හැමෝම එක වගේ නෑ. උඹ ඔය කියන විදියෙ මිනිස්සු මටත් හම්බවෙලා තියෙනවා.

    නමුත්, අර අන්තවාදීන් කරන කියන දේවල් දෙපැත්තටම දරුණු හානි කරනවා.

    තනි අතින් අප්පුඩි ගහන්න බෑ කියනවනේ.

    ජාතිවාදී අරගලයකුත් එක පැත්තකට විතරක් කරන්න බෑ.
    ඒ වගේම ජාතීන් අතර සමගියත් එක පැත්තක මහන්සියෙන් විතරක් කරන්න බෑ.

    ReplyDelete
    Replies
    1. අන්තවාදී අදහස් දරන සුළු පිරිසක් මචං මේ ගින්න අවුලුවන්නෙ. උතුරේ යුද්දෙ වගේම ඒක සේරම දවලා අලු කරන ලැව් ගින්නක් වෙන එකයි කණගා‍ටුව.

      Delete
  14. එක බත් එක කාල, එක බෝතලේ බීල හිටපු අපේ යාළුවො උඩු රැවුල කපල නිකට යටින් රැවුල වවල හාමිනේව කළු ලෝගුවකින් වහල කරන අමුතු වෙනස දැක්කම අපේ රටේ අනාගතය ගැන සාදාරණ බියක් ඇතිවෙනව තමයි.

    ReplyDelete
    Replies
    1. මේ වෙන හැම එකම ගැන මගේ හිතේ තියෙන හැමදේම 100% ක් කියවිලා තියෙනවා... පුදුමාකාර කළකිරීමක් සහ මොන පැත්තද ගන්නේ කියලා පුදුමාකාර බයක් එනවා.. මුස්ලිම්, දෙමල, බර්ගර්, සිංහල කෙල්ලො පස් දෙනෙක් බත් එකක් දිගෑරගෙන කන තැනට ඇවිත් ඔලුව දාලා බත් කටක් කවාගෙන යන මුස්ලිම්, සිංහල, දෙමල කොල්ලො ගොඩක් එක්ක අපි ගත කරපු අතීතය මීලග පරම්පරාවට නම් ලැබෙන්නේ නෑ කියන එක හොඳටම පැහැදිලියි දැන්... මොකද එහෙම අපිත් එක්න හිටපු අය අද නෙවකොට ඉන්නෙ මෙන්න මේ කම්මල කියපු විදියට තමයි...

      Delete
    2. කම්මලේ මලේ, හිරු නගේ, උතුරෙ යුද්දෙත් පටන් ගත්තේ මේ විදියටමයි. නමුත් දමිල අන්තවාදීන් සටන් කළේ ඉඩකඩ සඳහා පමණයි. මේක ඊට එහා ගිය ආක්‍රමණයක් කියලත් හිතෙනවා.

      Delete
  15. ඔය වාදෙ ගැන තියෙන මූනු පොතේ සේරම මන් එකෙන්ම අයින් කරලයි තියෙන්නෙ.. මන් ගොඩක් කල් අදහ ගෙන ආපු දේවල් නැති උනේ කාලෙකට ඉස්සර ආශ්‍රය කරපු රම්ලාස් සහ අපේ අවංක පැට්ටා අනිත් පැත්තෙන් රාම චන්ද්‍ර හෙවත් රාමා.....

    ReplyDelete
    Replies
    1. වෙන රාමෙක් නේ ?

      Delete
    2. වෙනි මලේ මම මේ පෝස්ට් එක ලිව්වේ සිය පාරක් හිතලා. ඉතාම අකමැති මාතෘකාවක් උනත් මගේ අත්දැකීම් බෙදා ගන්න ඕනෑ කියලා හිතුනා.

      ඒ රාමා, මේ රාමා නෙමෙයි නේ ...?

      Delete
  16. අතීත සිදුවීම් ගත්තත් වර්තමාන සිදුවීම් ගත්තත් තමන්ගේ මතයට එකඟ හා විරුද්ධ කරුණු ඕන හැටියේ හොයා ගන්න පුලුවන්. මම පොඩිකාලේ ජීවත් වුනු පැතිවලත් අදකාලේ ජීවත් වෙන පැතිවලත් ඔය ගැන අද්දැකීම් හොදට තියෙනවා.

    මොනවා වුනත් ඒ ගැන කතා නොකර ගාමිණි අයියලා මාරයාලා වගේ අයගේ ලිපි කියවගෙන ඉන්නයි මම මේ මොහොතදී හිතාගෙන ඉන්නෙ.......... මට නම් මේ සිදුවෙන දේවල් හරිම සංකීර්ණයි! ඒක නිසා මගේ මතය ගොඩගන්න ඉක්මන් වෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මලයා කිව්වා වගේ දැං සිද්ද වෙන දේවල් ඉතාම සංකීර්ණයි. තවමත් මේ ගැටලුවෙ නියම ස්වභාවය එලියට ඇවිල්ලා නෑ. අතීතයෙ සිද්ද වුනු සරල සිදුවීම් වලින් ලබාපු අත්දැකීම් මේකට වලංගු නැති වෙන්නත් පුළුවන්.

      Delete
  17. අපේ පැත්තෙත් නගරය..මුස්ලිම් කඩ වලින් පිරීගෙන යන්නෙ..ඇයි කියල..තම්යි පරශ්නේ....අපේ එවුන් බිස්නස් කරන්න දන්නැති නිසාද උන් අඩුවට දෙන නිසාද..?

    අනික අපිට නුහුරු..කලුලෝගුවලින් සැරසුනු අය දකිනව ගෑණුද,පිරිමිද කියලවත් පේන්නෑ...කොහොම ඒ අය ව්‍යාප්තවෙනවද මන්දා..!

    ReplyDelete
    Replies
    1. අපි කාලයක් තිස්සේ 'පුංචි පවුල රත්තරං' කියලා ලණුවක් කෑවනේ වීයා මලේ. මේ ලඟදි කවුරුහරි ෆේස් බුක් එකේ ලස්සණට ඒක අර්ථ දක්වලා තිබුනා,පරම්පරා හතරක් යද්දි වෙනදේ ඒකෙන් පේනවා,

      2 X 4 X 8 X 16
      4 X 16 X 64 X 256

      Delete
  18. Reasently my cousin told me 'akka, mata paree thaniyama yanna hari bayak hithenava'

    ReplyDelete
    Replies
    1. ගෝනිබිල්ලො වගේ කලුපාටට මුලු ඇඟම වහගෙන යනවා දකින කොට පොඩි එවුන්ට බය හිතෙනවා ඇති ...

      Delete
  19. හුදන්චිලා, අරුල්ලා වගේ වන්දනීය චරිත තව කොච්චර තියෙනවද? කර්නල් මුතාලිෆ්, එතකොට සාජන් සෙබස්තියන් පිල්ලේ මේ මිනිස්සු ජාතියට ඉස්සරවෙලා රට ගැන හිතපු හැබෑ ශ්‍රී ලාංකිකයෝ...

    ReplyDelete
    Replies
    1. ඒ අය ඇත්තටම වන්දනීයයි මලේ ... ඔවුන් තමන් අයත් ජනවර්ගය ගැන නෙමෙයි ජීවත් වෙන රට ගැන හිතලා වැඩ කරපු අය .

      Delete
  20. ලංකාව ඇතුළේ අපි හැමෝම සමඟියෙන් හිටිය යුතුයි කියන එකයි මගෙත් අදහස. ඒත් කවුරු හරි පටු වාසියකට මතු කරගත්තු එම හලාල් ප්‍රශ්නේ වගේ දේවල් දැන් උවමනාවටත් වඩා ඔඩු දුවලා තියෙන්නේ.

    පාලකයෝ මේ වෙලාවේ දෙපැත්තට වැනෙන්නේ නැතුව ස්ථීර ප්‍රතිපත්තියක ඉන්න ඕනේ. ඒ වගේමයි කියන්න කණගාටුයි අපේ සිංහලයන්ගේ ඇඟේ තියෙන සටන්කාමීකම ඕනේ ඒකට වගේම ඕනේ නැති එකටත් යොදාගන්න අවස්ථාවාදීන් දක්ෂ වෙලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මලේ හැම ජන කොටසකම වැඩි දෙනෙකුට ඕන සාමයෙන් බයක් සැකක් නැතුව ඉන්න. ඒත් සුලු පිරිසකට ඕන වෙනවා කා කොටාගෙන මරාගන්න. අවසානයෙදි වෙන්නෙ අසරණ අහිංසක ලොකු පිරිසක්, ඒ අන්තවාදී සුලු පිරිස කපන වලේ වැටිලා දස දුක් විඳින එක.

      Delete
  21. අපේ සිංහල මිනිස්සුන්ගෙම වැරදි නිසා තමයි මුස්ලිම් අය මේ තත්වෙට පත්වෙලා තියෙන්නේ අපේ සමහර මිනිස්සු විටහ්රක් නෙවෙයි දේස පාලුවොත් මේ දේවල් වලට වගකියන්න ඕනේ. මේ වෙනදේවල් දැක දැක කට වහන් ඉන්න ඉන්න වෙන්නේ අපේ ආගමට ජාතියට වෙන හානිය වැඩියි කතාකරන්න ඕනේ හරි විදියට. කතාකරන්නන් වාලේ කතා කරලා වැඩක් නැහැ. අපේ බොදු බල සේනා කරන දේ හොඳයි කරන ක්‍රමය වැරදියි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත පුතා ... දෙපාර්ශ්වයම මීට වඩා වගකීමෙන් කටයුතු නොකළොත් අනාගතේදි නැවතත් ලොකු අභාග්‍යයකට මූණ දෙන්න වේවි ..

      Delete
  22. මං නම් කොහොමත් ජාතිවාදයට සම්පූර්ණයෙන්ම විරුද්ධ එකෙක් [හලාල් වලට නම් කෑ ගැහුවා සල්ලි ගන්න නිසා ] , එක නෙමෙයි ගාමිණි මාමගේ පරණ යාලුවෝ සෙට් එක ගැන සවිස්තර පෝස්ට් ටිකක් දාන්නකෝ , පරණ අත්දැකීම් එහෙම ටිකක් වැඩිපුර ලියන්න

    ReplyDelete
    Replies
    1. පරණ කතන්දර මතක් වෙන ඒවා ටික ටික ලියන්නම් පුතා. මගේ Wildlife Sri Lanka පේජ් එකට ගිහිල්ලා ඉංග්‍රීසි බ්ලොග් එකෙන් නම් පරණ කතන්දර ටිකක් කියවන්න පුලුවන්.

      Delete
  23. ෆේස්බුක් දේෂප්‍රේමීන් ගැන නම් කතා කරල වැඩක් නෑ. සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා, ජාතිවාදය නම් පි‍ටුදකින්න ඕන. කොහොමත් දූරදර්ෂී පාලකයො බිහිවෙන්නෙ නැති අපි වගේ රටවල ජාතික සමගිය වැඩිකල් තියෙන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මලේ, ෆේස් බුක් දේශ ප්‍රේමියෝ සියලුම මුස්ලිම් ජාතිකයින් එක ගොඩේ දාලා සලකන්නේ. ඒක නම් අසාධාරණයි.

      Delete
  24. ගාමීණී අයියා කියනවා වගේ බොහොම අහිංසක මුස්ලිම් මිනිස්සු තමයි මේ රටේ වැඩිපුරම ඉන්නෙ...නමුත් ඔවුන්ව ආගමික සංකල්ප වලට මුවාවෙලා බලහත්කාරයෙන් ජාතිවාදී පිළට තල්ලුකරගෙන යමින් ඉන්නෙ අන්තවාදී මුස්ලිම් සංවිධාන...අන්න ඒ සංවිධාන වලට එරෙහි වැඩ පිළිවෙලක අවශ්‍යතාව තමයි මම දකින්නෙ...

    ReplyDelete
    Replies
    1. හරියට හරි මලේ .. එලිපිට නොකිව්වත් මුස්ලිම් අය වැඩි දෙනෙක් අන්තවාදයෙ ගොදුරු වෙලා දුක් විඳින්න කැමති නෑ. හලාල් කතන්දරේ නිසා මුස්ලිම් සුලු වෙළෙන්දො අනාත වෙලා ඉන්නේ.

      Delete
  25. ප්‍රශ්නය විසඳන්න, යෝජනා කිහිපයක්....

    1.මුළු රටටම එකම නීතියකට යටත් කළ යුතුයි.
    2.උපත් පාලනය අනිවාර්ය කළ යුතුයි.(එක පවුලකට දරුවන් දෙදෙනෙකු පමණයි)
    3.රජය ආගමෙන් මුළුමනින්ම නිදහස් විය යුතුයි.(ඓහික)
    4.නගරාශ්‍රිතව පල්ලි - පන්සල් - කෝවිල් ඉදි කිරීම සපුරා තහනම් කළ යුතුයි.
    5.ආගමික කටයුතුවලට ගන්නා දේ හැරුණු විට, අනෙකුත් සියලුම නිපැයුම් "ආගමෙන්" නිදහස් කළ යුතුයි.
    6.ආරක්ෂාවට බලවත් තර්ජනයක් වන "බුර්කාව" වැනි විකට ඇදුම් සපුරා තහනම් කළ යුතුයි.
    7.බෞද්ධ පාසල්, කතෝලික පාසල්, මුස්ලිම් පාසල්, හින්දු පාසල්,කාන්තා පාසල්,පිරිමි පාසල් ආදී වශයෙන් බෙදා ඇති සියලුම පාසල් මිශ්‍ර පාසල් කළ යුතුයි.(වර්ගීකරණය කළ යුත්තේ ප්‍රාථමික හා ද්විතීය වශයෙන් පමණයි)

    ReplyDelete
  26. රටේ සියලුම නායකයෝ අවංක උත්සාහයක් ගන්නවා නම් මේවා තව දුර නොයා වලක්වා ගන්න පුළුවන්. ඔය ප්‍රශ්න වෙනුවෙන් පෙනී ඉන්න සිංහල සංවිධාන උනත් ඔයිට වඩා දුර හිතල වැඩ කරනවා නම් හොඳයි කියලයි මටත් හිතෙන්නේ. ෆේස් බුක් පින්තූර කෙරුවාවෙන් නම් වෙන්නේ තවත් එකෙක්ගේ හරි හිතේ වෛරයක් ඇති වෙන එක විතරයි.
    අර කඩ ගැන කිව්ව් කතාව නම් සහතික ඇත්ත ගාමිණි අයියේ. සිංහල කඩ වලට ගියාම උන් අපි දිහා බලන්නේ පිනට ගන්න ආව ගානට.

    ReplyDelete
    Replies
    1. සමාජයෙ හැම දේකටම හොට දාලා වන කරන්නේ දේශපාලකයෝ, මලේ. සිද්ද වෙන හැම දේකින්ම වාසියක් ගන්න උං උත්සාහ කරන්නේ.

      නිහතමානිකම යන්තමින් හරි ගෑවිච්ච සිංහල ව්‍යාපාරිකයෙක් විතරයි සාර්ථකවෙලා ඔලුව උස්සන්නේ. අනිත් ඔලුව ඉදිමිච්ච එවුං කරන්නං වාලේ තමයි වෙළඳාම් කරන්නේ.

      Delete
  27. mama godak durata ekagai eath apahu yuddayak ai kiyala bayata apita ratak nathiwenakam agama nathi wenakam innaba ow bududahma pandasak kal pwathinawa pwathinne pawathune nikamma nemei minissunge kpawimanisa me wenakam rakuneth ape minssu jiwithe puraduwta thiyala raka gththa nisai me wenuwen kathkalama jathi wadiyek wenawanam ape a wirayoth jathi wadida?jathu wdiyo kiyana aya tikak asarala balanna me prasane athi une khomada kiyala sihala baudda apita phadili asdarana kam maha godak una ai a gana kawruth katha karanne naththe?jathi wdiyo kiyala ahaganna wei kyala bayatda?apita asdarana kam karaddi eyalata kiyanne mokak kiyalada?muslim desha olakayo elipita jathi wdaya awssaddi agana eka muslim manussayek kiwada jathi wdaya wapuranna epa kiyala?anika me sanwidana mukuth kisima manussayakuta kisima karadaryak karalana eath kalpana kaarala balanna muslim anthwadai kandayam loketa karala thiyana winase nathi karala thiyana jiwithgana ithin khomada api jathi wdiwenne mama hmotma kiyanawa udin balala kathkaranna epa enna thiyana wdasathanaktan awilla balanna ethna jawthi wdayak thiyanawda kiyala mokakda kiyanne kiyala.anith eka mma kiyannena facebook eke kthkarana hmadema hari kiyala agmata aphsa kranawata apith wiruddai eath godak denek a k de nisa ratta wenna thiyana deyak anthurak gana awbidayak gththa anika kaghana godak denek facebook eke kagahla nwathinnena godak denek eliyeth krikari widihata thiyana godak deal wlata sahabagiwela uparima sahayogayak denawa eaka mama athdakimen dannawa.mam apita jthiwdiyo kiyana hmotama kiyanne apita onadeyak kiyanna eath kiyanna kalin hodata as arala balala kalpana krala apita chodana karanna.

    ReplyDelete
    Replies
    1. මම අහලා තියෙන විදියට ලංකාවෙ බුදුදහම පන් දහසක් කල් පවතිනවා කියලා බුදුන්වහන්සෙම දේශනා කරලා තියෙනවා. බුදුන් වහන්සෙ ඉපදුනු ඉන්දියාවෙත් ඒ අවට අනිත් සියලුම රටවලත් අනිත් ආගම් විසින් බුදු දහම යටපත් කරලා තියෙද්දි, ලංකාවෙ විතරක් අවුරුදු දෙදහස් පන්සීයක් බුදුදහම ‍රැකිලා තියෙනවා. ඉතිහාසයෙ හැමදාමත් සිංහලකමට, බුදුදහමට තර්ජනයක් ඇතිවුනු හැම අවස්ථාවකම ශක්තිමත් නායකත්වයක් මතුවෙලා ඒ දෙකම ‍රැකුනා. 2005 දි උනෙත් ඒකමයි. ඉදිරියෙදි වෙන්නෙත් ඒකමයි. ඒ ගැන සැකයක් නෑ විශ්මිත මලේ. ඒ නායකයින් ආගම්වාදීන්, ජාතිවාදීන් කියලා කාටවත් කියන්න බෑ.

      Delete
    2. aniwarrayenma mokda a aya satan kale ape rta jathiya agama beraganna misak thwa pirisakage jiwathwime aithiya udaragannawath urumaya winasa karannawath mankolla kannawath nemei.

      Delete
    3. sthuthi monarawila pothta obathuma jathika mehewarak itukale.

      Delete
  28. "නිවාඩු යන්න ලෑස්තිවෙලා ඌත් එක්ක එක කාමරේ ඉන්න වයසක සුගතයා ඉස්සරහ සාලුවක් එලාගෙන 'වුද්ධි කාරෝ අලිංගිත්වා ...' කියලා තාත්තට වඳින ගාථාව කියලා වඳිනවා."

    මේ ටික කියවද්දී ත් ඇහ බොඳ උනා අයියේ.

    පුද්ගලික ජීවිතේ මුස්ලිම් සම්බන්ධකමක් නිසා මම යි මගේ පවුලෙ හැමෝමයි දුක් විඳිනවා.

    ඇත්තෙන්ම දුප්පත් කම නිසා පුංචි කාලේ දුක් විඳපු අපි ඉගෙනගෙන, රට ගිහින් සල්ලි හම්බකරලා දුප්පත්කමින් ගොඩ ගියාට මේ ප්‍රශ්නේ නිසා මුලු පවුලම එකට දුක් වෙනවා.

    ඒත් එකෙන් කරන වැරදි වලට මුලු ජාතියක් වන්දිගෙවන්න ඕන නෑ කියන තැන මම ඉන්නේ.

    මම හිතන විදිහට හිතන අය තව කීප දෙනෙක් හරි ඉන්නවා දැක්කම කොයි තරම් නරක උන් (මගේ කෝනයෙන් නරකයි කියලා කියන උන්) මේ ලොකේ හිටියත් කමක් නෑ හොඳ උනුත් එකෙක් දෙන්නෙක් හරි ඉනන්වනේ . . ඒ මදෑ කියලා හිතෙනවා අයියේ.

    ReplyDelete
    Replies
    1. ඒත් එකෙන් කරන වැරදි වලට = ඒත් එකෙක් කරන වැරදි වලට
      පොඩි ප්‍රින්ටින් අවුලක් :D

      Delete
    2. මට මේ කොමෙන්ට් එක මග ඇරුනා මලේ. සමා වෙන්න ඕනෑ පිළිතුරක් ප්‍රමාද උනාට.

      මගේ බිරිඳගෙ පාර්ශ්වයෙ ඥාති සහෝදරියෙකුටත් මුස්ලිම්වරයෙක් දීපු තෑග්ගක් නිසා ඒ පවුලම හිතින් දුක් විඳිනවා. කාලයක් යනකොට දුක තුනීවෙලා යයි මලේ.

      Delete
  29. as,es,mas,ata valin sadunu apa.. sith pith nathe nivatun lesa.. kadu kinesi amora thavath jatheyakata erehe vime avasan playa nothere mata... raktha varnya galanne apa hamagema ,,, halala lebalya gasnnata pluvnda eyata??? jathe beda kumaktada inna tika kalayakta.. madak sithanna.............., isuru, ape parapureth uncle la vage hethna pathana ayath godak innva,ehema aya ne keynvnm eka asadaranai
    '

    ReplyDelete