පාසලේ යාලුවන්ගෙ ඇසුරෙන් මිදිලා ගෙදර එන පුංචි විශ්වණී ගෙ සවස් කාලය ගතවෙන්නෙ ටීවී එකේ කාටූන් චරිතත් එක්ක. කාටූන් කතාවල ඉන්න චරිතවලට බෙහෙවින් ඇලුම් කරන ඇයට ඒ චරිත අපූරුවට සිතුවම් කරන්නත්, ඉතාම නිර්මාණශීලීව කතා ලියන්නත් පුලුවන්. අවට සිදුවෙන දේ නිහඬව බලා ඉඳලා සියලු දේ තමන්ගෙම රටාවකට උකහා ගැනීමේ සංවේදීබවකුත් ඇයට තියනවා. මම මීට කලින් ලියාපු 'අහිංසක උකුණු පැටියා' කතාවෙ, කතා නායිකාවත් ඇයමයි.
විශ්වණීගෙ දවසේ යුද්දෙ පටන්ගන්නෙ අම්මා ගෙදර ආවහම. පෞද්ගලික ආයතනයක රැකියාව කරන ඇය ගෙදර එන්නෙ රෑ කරුවලත් එක්ක. ඒ විශ්වණී කාටූන් චරිතවලින් සමු අරගෙන තියෙන දෙයක් කාලා නිදාගන්න හදන වෙලාව. අම්මා ගෙදර ආපු ගමන් කරන්නෙ විශ්වණීගෙ පාසල් බෑග් එක අතට ගන්න එක. ඒ දක්වාම කෙල්ල හෙට දවසේ ගෙදර වැඩ මොකුත්ම කරලා නැති බව දැක්කහම අම්මට මල පනිනවා. ඊ ලඟ පැය කීපය ගත වෙන්නෙ අම්මගෙයි දූගෙයි රොස් පරොස්, ආඩපාලි සහ කං කෙඳිරිවලට. ගෙදර වැඩ කරලා ඉවරවෙනකම් විශ්වණීට නිදා ගන්න නම් ඉඩක් ලැබෙන්නෙ නෑ.
අම්මා වැඩ කරන ආයතනයෙම රැකියාව කරන විශ්වණීගෙ තාත්තා, පවුලේත් විධායකයා. කරන කියන දේ නූලට සැලසුම් කරන ඔහු, තමා අවට සිදුවන සියලු දේ නිවැරදිව සිදුවිය යුතුයැයි බලාපොරොත්තු වෙනවා. යමක් වැරදුනොත් ඊට වගකිවයුත්තාට ඔහුගෙන් සමාවක් නෑ.
ගෙදර කාර් එකෙන් ගමනක් ගිය අම්මා දවසක් පාරෙ ගිය වෙන වාහනේක කාර් එක ඇන ගත්තා. බරපතල නොවුනත් රෙපයාර් එකට ටික දවසක් ගත උනා. රැකියාවේ කාර්ය බහුලබව අස්සේ කාර් එකේ අලුත්වැඩියාව ඉක්මනින් කරවා ගත්තු විශ්වණීගෙ තාත්තා, ඒක අරගෙන එන්න ගැරේජ් එකට යැව්වේ ඔහුගේම පියා. ටිකක් වයසක උනත් විශ්වණීගෙ සීයා, නිතර සිනහමුසු මුහුණින් ඉන්න, ඉතාම ප්‍රියමනාප පුද්ගලයෙක්.
ගරාජයේ ඉඳලා ආපු වාහනය සෙමෙන් ඇවිල්ලා ගේ ඉස්සරහ නැවැත්තුවා. ඊලඟට රියැදුරුගෙ පැත්තේ දොර ඇරිලා විශ්වණීගෙ සීයා එලියට ආවා. ඒත් ඔහුගෙ මූණේ සුපුරුදු සිනහව දකින්න නෑ. අමුත්තක් දැනුනු කවුරුත් වාහනය ලඟට ගියා. වාහනයේ තැලිලා පොඩිවෙලා තිබුණු තැන් හොඳට හදලත් තියෙනවා. කොයි එකටත් විශ්වණීගෙ තාත්තා වාහනේ වටේ රවුමක් කැරකිලා බැලුවා.
එතනින් තමයි මේ කතාවෙ ඊලඟ පරිච්ඡේදය පටන් ගන්නේ.
ගරාජ් එකේ ඉඳලා එන ගමන් සීයගෙ අතින් ආයෙත් කාර් එක වෙන වාහනේක ඇනිලා, එක දොරක් හීරිලා පැති කන්ණාඩිය චප්ප වෙලා. කතාවෙ ඊලඟ හොඳම ටික අපට කියවන්න පුලුවන්, සිදු වූ සියල්ල නිහඬව බලාගෙන ඉඳලා තමන්ට හිතුනු, දැනුනු දේ කොල කෑල්ලක ලියලා, ඒක තව දුරටත් පැහැදිලි කරන්න චිත්‍රෙකුත් ඇඳපු විශ්වණීගෙම වචනවලින්. කොල කෑල්ල අම්මගෙ අතට දීලා 'මේක මම නිදා ගත්තට පස්සෙ තාත්තට දෙන්න' කියලා, ඇය ඇඳට ගිහිල්ලා නිදා ගත්තලු.
විශ්වණී ඉංග්‍රීසියෙන් ලියාපු සටහනේ ස්කෑන් කරපු රූපයක් මේ තියෙන්නෙ. ඒකෙ කියවෙන්න මේ වගේ අදහසක්.
"කාර් නිසා මිනිස්සු සිරගත වෙති"
' සමහර අය තමන්ගෙ අඹු දරුවන්ට ආදරය කරනවාට වඩා, තමන්ගෙ කාර් එකට ආදරය කරති. සමහර අය තමගෙ පුංචි දරුවා කාර් එක හීරුවොත්, දරුවන්ට බැන වදිති. සමහර අය තමන්ගෙ බිරිඳගෙ කාර් එක හීරුනොත්, නැත්නම් පැති කන්ණාඩිය කැඩුනොත්, රියැදුරාවුනු තමන්ගේම පියාට බැන වදිති !
මිනිස්සු වැඩකට නැති කාර් නිසා තමන්ගෙ ආදරණීයයන්ට, තමන්ගෙ දෙමාපියන්ට පවා බැන වදිති !
මේ කාර් හරියට කරදර දෙනවා. කාර් හුඟක් වටිනවා, ඒත් ආදරණීයයන් හා දෙමාපියන් ඊට වඩා වටිනවා. ආදරණීයයන් හම්බ වෙන්නෙ කලින්, කාර් ලැබෙන්නෙ පස්සෙ, ඒත් සමහර අය ආදරය කරන්නෙ කලින් හම්බවුනු ආදරණීයයන්ට නෙමෙයි, පස්සෙ හම්බවුනු වැඩකට නැති කාර් වලට !
විශ්වණී ගෙන් '
අපේ දරුවෝ සමහර වෙලාවට, ඔවුන්ගෙම ශෛලියෙන්, බොහෝ වටිනා පාඩම් අපිට උගන්නනවා. එහෙම වෙලාවට කරබාගෙන ඒවා ඉගෙන ගැනීම තමයි අපට කරන්න පුලුවන් හොඳම දේ. සිද්ධිය ඉතාම සුළු එකක් උනත්, විශ්වණී අපට උගන්නන පාඩමේ විශාල ගැඹුරක් තියෙනවා කියලා මට හිතෙනවා.
(පසු සටහන - විශ්වණී කෙල්ලට මගෙ තියෙන සම්බන්ධය සටහන් කළොත් හොඳයි කියලා හෙන්රි මචං කියනවා (dude). ඒකි මගේ නංගිගෙ එකම දරුවා.)
අපූරුයි. විශ්වනී කියලා දීල තියෙන්නේ විශ්ව සත්‍යයක්.
ReplyDeleteඇත්ත මලේ, අපි හැමෝටම වලංගු කතාවක්.
Deleteගාමිණි අයියේ අර මරා දැමූ ඇතා ගැන ආරංචියක් නැද්ද? ඒ අර කවුඩුල්ලේ ඉඳපු එකාමද?
ReplyDeleteමලේ, මම දැක්කේ ලංකාදීප පත්තරේ තිබුනු, මැරුණු (මරාපු) තනි දළයාගේ පින්තූරය. උගේ වම් පැත්තෙ දළය පේන්න තියෙන්නේ. ඔයා මින්නේරියෙදි ගත්තු පින්තූරයෙ ඉන්නේ දකුණු දළය තියෙන එකෙක්. කොහොම උනත් තනි දළයො කීප දෙනෙක් මින්නේරිය, කවුඩුල්ල, හුරුලු රක්ෂිතය අතර ගැවසුනා. මැරිලා තියෙන්නෙ උන්ගෙන් එකෙක් බව ස්ථිරයි.
Deleteඋන්ට සාප කරන්න අපි මහන්සි වෙන්න ඕන නෑ මලේ. දෙවියො උන්ට දෙන්න ඕන දඬුවම දෙයි. ඒ අහිංසක සතාට වෙඩි තියාපු එකාගෙ අඹු දරුවොත් ඌ එක්ක හැඳි ගෑවිලා යන එක ගැන කණගාටු වෙමු.
ඇත්තටම මටත් මේ දවස්වල හිතෙන දෙයක් තමයි අනේ වහන නම් එපා කියලා.. ඒ තරමට ඇක්සිඩන්ට්ස් වෙනවා.. අපේ මහත්තයාගේ කම්පැනි වාහනෙත් සතියකට සැරයක් හීරිල්ලක් හරි වෙනවා මයි.. ඉන්ෂුරන්ස් තියෙන නිසා ප්‍රශ්නයක් නැති උනත්, වාහනේ අයිතිකාරයට දුක හිතෙනවනේ අප්පා.. හිත තරකරගෙන හිටියත්, බැනුමුත් හම්බුවෙනවා... එහෙම බැලුවාම මටත් හිතෙන්නේ විශ්වණිට හිතුන දේම තමයි...
ReplyDeleteවිශ්වණී දුවගෙ තාත්තා (මගේ මස්සිනා මල්ලි) ගත කරන අතිශය කාර්ය බහුල ජීවිතේට කාර් එක නැතුව බෑ, නගේ. තරහ යන්න ඇත්තේ ඒ නිසා තමයි. කොහොම උනත් සීයට දොස් කියන කොට කෙල්ලට දුක හිතෙන්න ඇති.
Deleteසමහර වෙලාවට වැඩිහිටියන්ට හොඳම පාඩම් කියල දෙන්නෙ පොඩිහිටියො...
ReplyDeleteපොඩි උං කියලා දෙන පාඩම් ඉගෙනගෙන ආපහු හැරිලා කරපු දේවල් දිහා බැලුවහම ලැජ්ජා හිතෙනවා, කල්පන මලේ.
Deleteගාමිණී අයියා ගොඩ දවසකින්, වෙනද වගේම ඉතාම වටිනා දෙයක් අරගෙන ඇවිත්. ඇත්තටම කියනවනම් මටත් පුදුම වාහන Love එකක් තිබුනා. දැන් නම් ඒ ලෙඩේ හොඳ වෙලා. කොහොම උනත් මේ කතාවෙන් අපිට ලොකු පාඩමක් කියලා දෙනවා.
ReplyDeleteඅවුරුද්ද අගයි, මුලයි වැඩ රාජකාරි ටිකක් බහුලයි මලේ. ඒ උනත් කොහොම හරි වෙලාවක් හොයාගෙන පෝස්ට් එකක් දැම්මෙ නැත්නම් උන වගේ.
Deleteකෙල්ල කියා දීපු පාඩමේ ලොකු ගැඹුරක් තියෙනවා.
"මේ කාර් හරියට කරදර දෙනවා. කාර් හුඟක් වටිනවා, ඒත් ආදරණීයයන් හා දෙමාපියන් ඊට වඩා වටිනවා. ආදරණීයයන් හම්බ වෙන්නෙ කලින්, කාර් ලැබෙන්නෙ පස්සෙ, ඒත් සමහර අය ආදරය කරන්නෙ කලින් හම්බවුනු ආදරණීයයන්ට නෙමෙයි, පස්සෙ හම්බවුනු වැඩකට නැති කාර් වලට !"
ReplyDeleteකතාව ඇත්ත කාර් හරියට කරදර දෙනවා. මේක මටත් හැමදාම හිතෙන දෙයක්.
මගේ මෝටර් සයිකල් කට්ට දෙන වදේ හැටියට කාර් එකක් ගත්තොත් මට නම් පිස්සු හැදෙයි, නගේ.
Deleteවිශ්වණි කියන්නේ විස්මිත දැරිවියක්.රැක ගත යුතු සම්පතක්.අගෙයි ගාමිණි අය්යේ පෝස්ටුව. හදවතට හොඳට වැදුණා මේක.
ReplyDeleteඒකි සම්පතක් බව නම් ඇත්ත මලේ.
Deleteහිත කීරී ගැහිලා යන විදියේ ප්‍රවෘත්ති තමයි මනුස්සකම මහ ඉහලින් අපේක්ෂා කරන් ඉන්න අපිට අද අහන්න ලැබෙන්නෙ නම්..කොයි තරම් පැතුවත් , කිව්වත්, බහුතරයක්ම වැඩියෙන් ආදරේ ඕනි නම් ආයි ආයි හදා ගන්න බඩු භාණ්ඩ වලටම තමයි කැඩුනොත් හදන්න බැරි මිනිස් හදවතට වඩා...
ReplyDeleteඅපි ගත කරන ජීවන රටාවෙ හැටියට අපි බඩු භාණ්ඩවල වහලුන් බවට පත් වෙලා වෙනි මලේ.
Deleteඇත්ත විශ්වණී කියන්නේ විස්මිත දැරියක්.ඒ වගෙම විශ්වයට අයත් සම්පතක්.ආපු පළවෙනි දවසෙම දකින්න ලැබුණෙ හිත විස්මිත කරවන කතාවක්.නැගණියේ,නුඹට ජය!
ReplyDeleteවිශ්වණී කෙල්ල වෙනුවෙන් ස්තුතියි, දුව.
Deleteමේ කතාව කියෙව්වම මට මතක් වුණා අපේ මාමගේ පුතා කියපු කතාවක්. අපේ මාමට වාහනේ යනකොට පාරේ වැරදි කරන අයව පෙන්න බෑ. හිටු කියල බනිනවා. දවසක් පුතත් එක්ක ඔහොම යනගමන් සුපුරුදු පරිදි ඉස්සරහ සීට් එකේ හිටපු අපේ බාප්පට ද කොහෙද කියනවලු.. මේ පාරවල් වල යන්නේ එක්කෝ බල්ලෝ, නැත්නම් මීහරක්, බූරුවෝ වගේ උන්.. මොලේ ඇතුව වාහන එළවන උන් නෑ කියල.. පොඩි එකා ටික වෙලාවක කල්පනා කර කර ඉඳල එකපාරට ඇහුවලු දැන් එතකොට තාත්තා මොකාද කියල... මාමට කට උත්තර නෑ...මාමා හිනා වෙලා කියල තියෙනව මමත් ඉතින් ඔය මොකෙක් හරි තමා කියල..
ReplyDeleteපොඩි වුන් ගේ ලෝකේ හරි නිර්ව්‍යාජයි.. අම්මල තාත්තලම තමා ඉතින් ඒ නිර්ව්‍යාජ ලෝකය බොරුවෙන් පුරවන්න උගන්නන්නෙ..
ඇත්තටම මලේ පොඩි උන් ලෝකය දකින්නේ ඉතාම නිර්ව්‍යාජ, පිරිසිදු හිතකින්. අපි කරන කියන දේවල්වලින් තමයි උන්ගෙ හිත් දූෂණය වෙන්නේ.
Deleteපොඩ්ඩී අපි ඔක්කෝටම හොඳ පාඩමක් දීලා තියෙන්නෙ.. අඩු වැඩි වශයෙන් අපි ඔක්කොම ඔය විදිහයි..
ReplyDeleteඇත්ත ලංකා, වැඩිහිටි අපි සමහර වෙලාවට වැඩි වටිනාකමක් දෙන්නේ බඩු භාණ්ඩවලට.
Deleteපොඩි ඈයොන්ගෙ හිත් අපි හිතනවාට වඩා සංවෙදියි...ගාමිනි අය්යා..!
ReplyDeleteපොඩි උනාට උන්ට සමහරවෙලාවට අපිට නොපෙනෙන දේ පේනවා, නොදැනෙන දේ දැනෙනවා, වීයා මලේ.
Deleteනියම පණිවිඩයක් තමයි දීල තියෙන්නෙ.
ReplyDeleteඅම්මෝ මේ දවස්වල වාහනනං මල ඇණයක්.
පාරෙ යන එන වාහන ගැන නම් කියලා වැඩක් නෑ, මලේ. ගමනක් ගිහිල්ලා ආපහු ගෙදර ආවහම පුදුම සතුටක් දැනෙනවා, පණ පිටින් ආපහු එන්න ලැබුනට.
Deleteමේක කියවලා පපුවේ ඇති වෙච්ච් දැවිල්ල නැති වුනේ පැතුම් හේරත්ගේ කමෙන්ට් එක කියවලා. මේක ලෝකෙටම කියා දෙන පාඩමක්.
ReplyDeleteඔව් මලේ, මේ කතාව බ්ලොග් යාලුවොත් එක්ක බෙදා හදා ගන්න ලැබුනට සතුටුයි.
Deleteපොඩි එකා උනත් ලියල තියෙන්නේ පංකාදු වටිනා අදහසක්. නමුත් ගාමිණි මාමේ කාර් එකක අයිති කාරයෙක්ට පොඩි හීරීමක් දැක්කත් මල පනිනවා ඉස්සර මම හිතුවා මුන්ට පිස්සු කියල නමුත් මටත් ඒ ලේඩේම තියෙනවා කියල දැන ගත්තේ අපේ උන්දැට ඩ්‍රයිවින් උගන්නද්දී තමයි.
ReplyDeleteඅපේ වාහන පරිස්සම් කර ගන්නවා වගේම, අපේ ආදරණීයයන්ගෙ හිත් හූරන්නෙ නැතුව පරිස්සම් කරගන්නත් ඕනෑ, කෝරලේ කොල්ලෝ.
Deleteහැගීම්බර කතාවක්.....
ReplyDeleteකොහොම වුනත් මේ දුව, ඇගේ නමට සාධාරණත්වය ඉටු කරනවා සිකුරුයි.
මටත් හිතෙනවා මලේ කෙල්ල පරිපූර්ණ ලේඛිකාවක් හැටියට අනාගතේදි දකින්න පුළුවන් වෙයි කියලා.
Deleteගාමිණි අයියා වගේ නොවී පුළුවන්ද දෝනියැන්දට... සුභ පතනවා පෙර මග සුභ ලකුණු පෙනේ...
ReplyDeleteදේශක මලේ ඒකි මගෙම නංගිගෙ එකම දරුවා. අනාගතේ දවසක කෙල්ලට තීරණය කරන්න සිද්ද වෙයි තාත්තා වගේ වෙනවද, මාමා වගේ පිස්සු පොරක් වෙනවද කියලා.
Deleteලොකු පාඩමක් පුංචි කෙල්ල කියා දීලා තියෙන්නෙ... විධායක තාත්තට මොනා හිතුනද දන්නෙ නැ...
ReplyDeleteවෘත්තීය විධායකයෙක් උනාට, කෙල්ලගෙ තාත්තා (මගෙ මස්සිනා මල්ලි) දරු පවුලට ඉතාම ලැදි සංවේදී තාත්තා කෙනෙක්, මලේ. කොහොම උනත් කෙල්ලගෙ ලියවිල්ල බලලා දෙපාරක් ඒ ගැන හිතන්න ඇති.
Deleteපැහිච්ච ආච්චි... හෙ හෙ
ReplyDeleteපැහිච්ච, තක්කඩි ආච්චි කෙනෙක්, මගෙ 'අහිංසක උකුණු පැටියා' පෝස්ට් එක බලන්නකො නගේ ..
Deleteනියම සයිට් එක මම සිංහ පීඩියාව ලියන යසිරු http://sinhapedia.blogspot.com/
ReplyDeleteස්තුතියි මලේ ...!
Deleteවිශ්වනී පුංචි පැටික්කි ලොකු මිනිස්සුන්ට ලොකු පාඩමක් කියා දීල තියන හැඩයි !
ReplyDeleteඒක අපි නැවත නැවතත් සිතා බැලිය යුතු පාඩමක්, රෙහානි දුව.
Deleteමේක නම් මාරයි මචං. මේ කෙල්ල හරිම අමුතු විදියට හිතන කෙල්ලක් බව මට අර උකුණු පැටියගෙ කතාව කියෙව්වාම තේරුනා. කෙල්ල උඹේ කවුද කියලා අර පෝස්ට් එකට ලින්ක් එක දිගේ නොයන අයටත් තේරුම් ගන්න ක්‍රමයක් තිබුනා නම් හොඳයි.
ReplyDeleteකෙලීගෙ ඉංග්‍රීසිත් මරුනෙ බං. මම එහෙම කිව්වා කියාපං මචං.
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ඒකි ඉතාම නිහඬ, සංවේදී කෙල්ලෙක් මචං. ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනගන්න නිසා ඉංග්‍රීසි භාෂාව හොඳට හසුරව ගන්න පුලුවන්. කෙල්ල මගෙ කවුද කියලා කියවුනානම් හොඳයි තමයි. පසු සටහනක් දාන්නම්.
Delete"අපේ ආදරණීයයන්ගෙ හිත් හූරන්නෙ නැතුව පරිස්සම් කරගන්නත් ඕනෑ,ඇත්තමයි අපි සමහර දේවල් නිසා ආදරණීයයන්ගෙ හිත් හූරනව. පුංචි කඳුලක් ආව කෙල්ලගෙ කතාවට. සමහරවිට මස්සිනා මලයට ඇෙඬෙන්නත් ඇති. කෙල්ලගේ අනාගතයට සුභ පතනව.
ReplyDeleteස්තුතියි මලේ ...! පසල් දනව්ව පාලුවට ඇරලා මොකෝ ..?
Deleteගාමිණි අයියා උඹ තමයි හැමදාම අහන්නෙ. පසල් දනව්ව ගැන. ඒක දැක්කම මම හොඳට හිතට ගන්නව අනිවාර්යයෙන්ම ලියනව කියල ඒත් වඳුර කූඩු හැදුව වගේ තමයි.
ReplyDeleteකොහොම හරි ලියන්නං ස්තුතියි.
උඹ දන්නවද මලේ මගෙ අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු .. තාත්තගෙ පවුලෙ අට දෙනාගෙන් හත් දෙනෙක්ම ගුරුවරු .. මගෙ අක්කා ගුරුවරියක් ... නංගිත් ටික කාලයක් ගුරුවරියක් වෙලා හිටියා ... ඒ මදිවට මගෙ බිරිඳත් ගුරුවරියක් ! .. ඉතිං මම ඉපදුනු දා ඉඳලා මැරෙනකන්ම ගුරුවරුන්ගෙ අතවර විඳින්න නියමිත මිනිහෙක් .. ඒ උනාට මම ගුරු වෘත්තියට ඉතාම ගරු කරනවා, ආදරය කරනවා. ගුරු වෘත්තියෙ අත්දැකීම් බෙදා හදා ගමු මලේ ...
Deleteඅඩේ දයියා ගුරුවරයෙක්ද? බ්ලොග් ලියන ගුරුවරු කීපදෙනාගෙන් මමත් එකෙක්. ආයෙ ලියමු මචං ඔය ගාමිණී කිව්වා වගේ.
Deleteගුරුවරුත් එක්ක ඉන්න එක ලේසි නෑ තමයි ගාමිණී මචෝ.
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
හෙන්රි මචං, දය්යා මලයත් උඹ වගේම අවුරුදු ගානක දුෂ්කර පරිප්පුවක් කාලා තියෙනවා. පසල් දනව්වට හොම්බ දාලා බලාපං. ඒ උනාට ඌ ලියන්න කම්මැලියි.
Deleteඋඹත් ඉතින් මම වගේම ගුරුවරියෙක්ගෙ අත් අඩංගුවෙනෙ ඉන්නෙ, නේද ..?
මේක කියෝනකොට මට මතක් උනේ තමන්ගේ තාත්තට දෙන්න කියලා පොඩි එකා සීයාගේ තහඩු පිඟාන අරන් තියාපු කතාවයි. පොඩි උන්ගේ හිත් අව්‍යාජ නිසා නැගෙන අදහසුත් අවංකයි.
ReplyDeleteපොඩ්ඩාගේ අනාගතයට මගෙන් උණුසුම් සුභ පැතුම්!
තහඩු පිඟානෙ කතාව මම අහලා නෑ මලේ ... කෙල්ල වෙනුවෙන් සුබ පැතුමට ස්තුතිවන්ත වෙනවා.
Deleteවිශ්වනී නම් අපූරු දැරිවියෙක්. ළමයින්ගේ අදහස් උනත් ඒවායින් කියවෙන පාඩම් වැදගත් බව තේරුම් ගන්න, ඒවා අගයන ඔබ වැන්නවුන්ද ඉතාම අපූරුයි. පුංචි උන් ඇඟේ එල්ලි එල්ලි කතා කරද්දී ගනන් නොගෙන ඕප දූප දොඩවන, ඒකට බධාවක් යැයි කියමින් පුංචි එකාව නිහඬ කරවන්න හදන වැඩිහිටියෝ මම කොතෙකුත් දැක තිබෙනවා. ඒඅතින් ඔබ ඉතා ගරුකටයුතු තැනැත්තෙක්. ඔබට මගේ ප්‍රණාමය.
ReplyDeleteස්තුතියි මලේ .. ළමා කාලය කියන්නෙ ජීවිතේ අපි හැමෝම මතක් කරලා සතුටු වෙන කොටස. ළමා කාලෙදි අන්ත දුක් විඳපු කෙනෙක් උනත් පස්සෙ ඒ ගැන හිතලා සතුටු වෙනවා. ළමයින්ට හා ළමා කාලයට අපි හැමෝම ගරු කරන්න ඉගෙනගන්න ඕනෑ කියලා මට හිතෙනවා.
Deleteමන් ඊයේ තමයි මේක කියෙව්වේ.ඒත්
ReplyDeleteවෙලාවක් තිබ්බේ නැහැ..දුව ලියපු මුල්
ලියවිල්ල දකිද්දී තමා පොලොව පලන්
යන්න හිතෙන්නේ...
ගොඩක් සංවේදී සටහනක් සැපයීම ගැන ස්තූතියි...
ස්තුතියි සහන් මලේ .. ජීවිතය බ්ලොග් එක පැත්තේ හදිසියේ ගිහිල්ලා කැරකිලා ආවා. ආයෙත් නිවාඩු පාඩුවේ එන්නම්.
Deleteඒකට කමක් නැහැ අයියේ අපි හැමෝම දාහක්
ReplyDeleteදේවල් මද්දෙනේ මේ ලියන්නේ, කියවන්නේ..
මාත් මේ පෝස්ට් එක බැලුවේ 3 පාරකට.බලපු දා
ඉඳන් ඔය දුව මට මතක් උනා.මොකද මටත් ඉන්නවා
ඔහොම කෙනෙක් මගේ ජීවිතේ.එයායි මායි ආයේ කවදාවත්
හම්බෙන එකක් නැහැ ..මන් නැති ලෝකේ එයාට අඩුවක්
නැහැ , ඒ නිසා මන් හිත හදන් ඉන්නවා..
අපි හැමෝගෙම ජීවිත එහෙම තමයි මලේ .. දුක සැප නිති පෙරළේ ...
Deleteමගේ සිඟිති දියණියත් , අපේ ලෝකයත්
Deleteපුළුවන් වෙලාවට ඇවිත් යන්න ගාමිණී මහත්මයා ...