
මේ පින්තූරයෙ ඉන්න මිනිසා එහෙම කරපු කෙනෙක්. ඒ වගෙ මරුමුස් පොරක් මගේ වෘත්තීය පුරෝගාමියා වීම ගැන මගෙ හිත ඇතුලෙ පොඩි ආඩම්බරයක් තියෙනවා. ඒ නිසයි මම අද හෙන්රි එංගල්බ්‍රෙෂ්ට් ගැන ලියන්න හිතුවේ.
එංගල්බ්‍රෙෂ්ට් දකුණු අප්‍රිකානු බෝයර් (Boer) ජාතික සටන් කරුවෙක්. ඕලන්ද, ජර්මානු හා ප්‍රංශ මිශ්‍ර සම්භවයක් ඇති බෝයර් ජාතිකයින් 18 - 19 සියවස්වල දකුණු අප්‍රිකාවෙ දි ඉංග්‍රීසි අධිරාජ්‍යය හා සටන් වැදුනා. පස්සෙ කාලෙක දි සටන් පරාද වෙලා, ඉංග්‍රීසීන්ගෙ අත් අඩංගුවට පත් වෙලා, 1900 දි ලංකාවට ගෙනාපු බෝයර් ජාතික යුද සිරකරුවන් පන්දහසක පිරිසක් අතරෙ හෙන්රි එංගල්බ්රෙෂ්ටුත් හිටියා.
මේ සිරකරුවන්ගෙන් වැඩි දෙනෙක් 1902 දි දකුණු අප්‍රිකාවෙ ප්රිටෝරියාවෙදි අත්සන් තබාපු ගිවිසුමකට අනුව, එවකට හිටපු එඩ්වඩ් ඉංග්‍රීසි අධිරාජයාට පක්ෂපාතිත්වය දක්වලා නිදහස ලබාගෙන ආපසු තමන්ගෙ මව් රට බලා නැව් නැග්ගා. ඒත් සිරකරුවන් අතරෙ හිටපු එංගල්බ්‍රෙෂ්ට් දිගින් දිගටම එංගලන්තෙ රජුට හිස නැමීම ප්‍රතික්ෂේප කරලා, තව දුරටත් සිරකරුවෙක් විදියටම ලංකාවෙ රැඳිලා හිටියා.
1903 සැප්තැම්බර් වෙනකොට පන්දහසක් සිරකරුවන් අතුරින්, ඉංග්‍රීසි රජ්ජුරුවන්ට පක්ෂපාතී වීම ප්‍රතික්ෂේපකරලා ඉතුරුවෙලා ඉඳලා තියෙන්නෙ එංගල්බ්‍රෙෂ්ට් ඇතුලු බෝයර් සිරකරුවන් පස් දෙනෙක් විතරයි. ඔවුන්ගෙන් දෙන්නෙක් පස්සෙ යාපනයටත්, තවෙකෙක් මඩකලපුවටත්, එංගල්බ්‍රෙෂ්ට් ඇතුළු දෙදෙනෙක් හම්බන්තොටටත් යවනු ලැබුවා. නමුත් අනෙකුත් සිරකරුවන් හතර දෙනාම කෙටි කලකින්ම මිය පරලොව ගිය නිසා 1905 වනවිට ලංකාවෙ ඉතිරිවෙලා හිටපු එකම බෝයර් සිරකරුවාවුනේ එංගල්බ්‍රෙෂ්ට් විතරයි.
හම්බන්තොට කච්චේරියෙන් ගෙවාපු, දිනකට රුපියල් 1.25 ක දීමනාවෙන් ජීවිතේ ගැට ගහගෙන, අතු පැලක ජීවත්වුනු එංගල්බ්‍රෙෂ්ට් ට බොහෝ දුෂ්කරතාවයන්ට මුහුණපාන්න සිද්ද උනා කියලා වාර්තාවෙලා තියෙනවා. නමුත් ඔහු කවදාවත් ඉංග්‍රීසීන්ට හිස නමන්න හිතහදාගත්තෙ නෑ. මේ කාලයෙදි එවකට ලංකාවෙ ඉංග්‍රීසි ආන්ඩුකාරයා දවසක් හම්බන්තොට දි එංගල්බ්‍රෙෂ්ට් මුණ ගැහිලා ඇහුවලු 'මම අහලා තියෙනවා ඔබ ලංකාවෙ ඉන්න එකම බෝයර් සිරකරුවා කියලා ... ඇයි ඔබ පක්ෂපාතිත්වය දක්වලා නිදහස ලබා ගන්නෙ නැත්තෙ ...?' කියලා. එතකොට එංගල්බ්‍රෙෂ්ට් කිව්වලු 'මම අහලා තියෙනවා ඔබ ලංකාවෙ ආණ්ඩුකාරයා කියලා. ඒ ප්‍රශ්ණයට උත්තරයක් දීලා ඔබතුමා එක්ක තියෙන හොඳහිත නැති කර ගන්න මම කැමති නෑ ...' කියලා.
ඒ සෘජු පිළිතුර නිසාම ආණ්ඩුකාර බ්ලේක් තීරණය කළා එංගල්බ්‍රෙෂ්ට්ව ඒ වෙනකොට ප්‍රකාශයට පත් කරලා තිබුණු යාල රක්ෂිතයෙ පළමු පාලකයා හැටියට පත් කරන්න. ඉතින් හෙන්රි එංගල්බ්‍රෙෂ්ට් කියන යකඩ මිනිසා අපේ වෘත්තීය පුරෝගාමියා බවට පත් උනේ ඔන්න ඔහොමයි.
යාලට ගිහිල්ලා වැඩ පටන් ගත්තු එංගල්බ්‍රෙෂ්ට් තමන්ගෙ රාජකාරිය අකුරටම ඉටු කළා. ඒ කාලෙ තිබුනු නීති යටතෙ බලපත්‍රයක් අරගෙන,යාල රක්ෂිතය තුළ දඩයමේ යෙදෙන්න දඩයක්කාරයන්ට ඉඩ දුන්නා. දඩයමට ඉඩක් නැති ජාතික උද්‍යානයක් බවට යාල රක්ෂිතය පෙරලුනේ එයින් බොහොම කාලයකට පස්සෙ 1938 දි. ඉතාම දක්ෂ වෙඩික්කාරයෙක් වුනු එංගල්බ්‍රෙෂ්ට් වරක් ගහක් උඩ ඉඳලා තමන් වෙත පැනපු කොටියෙකුට වෙඩි තියලා මරා දැම්මලු. ඔහු ලඟ ඉතාම දුර්ලභ විකෘති මුව අං එකතුවක් තිබුණු බවත් වාර්තා වෙලා තියෙනවා.
විසිවෙනි සියවසේ දෙවනි දශකයෙදි ඇවිලුනු පළමුවෙනි ලෝක සංග්‍රාමය නැවත වරක් එංගල්බ්‍රෙෂ්ට් වෙත ගෙන ආවෙ අවාසනාව. පළමු ලෝකෙ සංග්‍රාමය කාලෙ ඉන්දියන් සාගරය දෙවනත් කරපු කරපු 'ඇම්ඩන්' ජර්මානු යුද නැව 1914 මදුරාසි වරායට පහර දීලා ඇවිත් ලංකාව අවට දකුණු මුහුදෙ කාලයක් රැඳිලා හිටියලු. ඒ කාලය තුළ ඇම්ඩන් නැවට හරක් මස් සැපයුවා කියලා චෝදනා කරලා නැවත වරක් එංගල්බ්‍රෙෂ්ට්ව ඉංග්‍රීසීන්ගෙ සිරභාරයට පත් උනා.
මහනුවර අඳුරු සිරකුටියකට සීමාවුනු ඊලඟ මාස තුනක කාලය තුළ එංගල්බ්රෙෂ්ට්ට කිසිදු නීති සහායක් ලබාගන්න ඉංග්‍රීසි ආණ්ඩුව අවස්ථාවක් දීලා නෑ. තමන්ට එල්ලවුනු චෝදනාවන් ප්‍රතික්ෂේප කළ මේ යකඩ හදවතක් ඇති මිනිසා, සිර ඇඳුම ඇඳීම ප්‍රතික්ෂේප කරලා සම්පූර්ණ කාලයම නිරුවතින් ගත කළ බව කියවෙනවා.
මාස තුනකට පස්සෙ නිදහස් කෙරුණු එංගල්බ්‍රෙෂ්ට් ආපහු යාලට ආවත් ඔහුට කිසිදු සහනයක් ලැබුනේ නෑ. වසර කීපයකට පස්සෙ 1922 දි බලවත් සේ රෝගාතුර වූ ඔහු, හම්බන්තොට රෝහලට රැගෙන එමින් සිටියදී සදහටම මෙලොවින් සමුගත්තා.
එංගල්බ්‍රෙෂ්ට් වෙත එල්ලවුනු චෝදනාවන්වලින් ඔහු සම්පූර්ණයෙන්ම නිදහස්වුනේ, ඔහුගෙ මරණයෙන් වසර නමයකට පස්සෙ. 1931 දි නැවතත් කොලඹ වරායට ආපු ඇම්ඩන් නැවේ ඒවෙනකොට කපිතාන්වරයා හැටියට කටයුතු කලේ, යුද්ධ කාලෙ දෙවෙනි කපිතාන්වරයා හැටියට කටයුතු කළ එස්. විතොෆ්ට්. යුද කාලය තුළ ඇම්ඩන් නැව ලංකාව සමග කිසිම සබඳතාවයක් නොපැවත්වූ බව ඔහු ලිඛිතවම සහතික කරලා තියෙනවා.
කිසිදු ලාබ ප්‍රයෝජනයක් සඳහා ඉංග්‍රීසි ආණ්ඩුවට සිය ප්‍රතිපත්ති පාවා නොදීපු හෙන්රි එංගල්බ්‍රෙෂ්ට් නමැති දැවැන්ත ප්‍රතිරූපය ඉදිරියේ, තුට්ටු දෙකේ ලාබයකට හතරට නැවිලා ඕනෑම පිම්පියෙකුට වලිගෙ වනන්න බලාගෙන ඉන්න අපි මොක්කුද කියලා මට හිතෙනවා.
(හෙන්රි එංගල්බ්‍රෙෂ්ට් ගැන මේ තොරතුරු ලබා ගත්තේ ආර්. එල්. බ්‍රෝහියර් ගේ 'Seeing Ceylon in vistas of Scenery, History, Legend and Folklore' පොතෙන්)
වටින ලිපියක්. එන්ගල්බ්රෙෂ්ට්ගෙ කොන්ද පණ ඇතිකම ප්‍රශංසාත්මකයි. අද කාලෙ ලොක්කො පස්සෙ සෙවල පෙර පෙර බලු පැටවු වගේ දුවන සොක්කංව දැක්කමනං අනේ අපොයි කියල හිතෙනව...
ReplyDeleteටික කාලෙකට කලින් එන්ගල්බ්රෙෂ්ට්ගෙ ජීවිත කතාව පාදක කරගෙන නිෂ්පාදනය කරපු ටෙලි නාට්‍යයක් ගියා.
එංගල්බ්‍රෙෂ්ට් ගැන බොහෝ කතා තියෙනවා, කල්පන මලේ. එයාගෙ චරිත ස්වභාවය ගැන හිතනකොට අපිට අපි ගැනම ලැජ්ජා හිතෙනවා.
Deleteඑංගල් බ්‍රෙෂ්ට් ගැන මේ තරම් තොරතුරු දැනගෙන හිටියේ නෑ ගාමිණී අයියේ. පාලකයන් ඉදිරියේ ලාබ ප්‍රතිලාබ පතාගෙන නිදිවදින්නට සූදානමින් ඉන්න මිනිසුන්ගෙන් පිරුණු ලෝකයක බ්‍රෙෂ්ට් උදාර පුරාවෘත්තයක්.
ReplyDeleteඅදමයි මේ අඩවියට ආවේ. පාර මතක තියාගෙනයි යන්නේ. ජය.
සියලු දේ රුපියල් කීපයකට පාවලා දෙන්න සූදානම් පිරිසක් එක්ක අපි අද ඉන්නේ, කවදා හිරි අපිට හෙන ගහලා මැරෙනවා මේව දැක දැක කටවල් වහගෙන ඉන්නවට.
Deleteකමත පැත්තේ ගිහිල්ලා කැරකිලා ආවා. ආයෙත් ඒ පැත්තෙ එන්නම් මලේ.
...//තුට්ටු දෙකේ ලාබයකට හතරට නැවිලා ඕනෑම පිම්පියෙකුට වලිගෙ වනන්න බලාගෙන ඉන්න අපි මොක්කුද කියලා මට හිතෙනවා.//...
ReplyDeleteසහතික ඇත්ත. දේසපාලුවෝ ඔය අතින් අංක එක. උන්ගේ හෙන්චයියලා අංක දෙක. මාකටින් බුවාලා අංක තුන.
නොදන්නා කතාවක්. ඒත් අතිශය වැදගත් එකක්.
අද ලංකාවෙ තියෙන නිර්ලජ්ජිත දේශපාලන සංස්කෘතිය මේ සේරටම මුල කියලා මටත් හිතෙනවා මලේ.
DeleteAKM අඩවිය පැත්තේ ගිහිල්ලා කැරකිලා ආවා මලේ. ආයෙත් එන්නම්.
නිවාඩු පාඩුවේ ඇවිත් යන්න එන්නකෝ. අපිනම් මේ පැත්තේ හැමදාම එනවා සැඟවුණු විත්ති ටිකක් දැනගෙන යන්න.
Deleteනියමයි අයියා. බ්‍රෝහියර් ගේ පොතේ පරිවර්තනය මාත් කියවල තියනවා.
ReplyDeleteඑංගල්බ්‍රෙෂ්ට් ගැන ලිපි කීපයක්ම පලවෙලා තියෙනවා මලේ. ඒත් එයාව දැක හඳුනාගත් කෙනෙක් ලියපු විස්තරයකට තියෙන්නේ බ්‍රෝහියර් ගෙ පොත විතරයි මම දන්න විදියට.
Deleteමම අහල තියනවා වන උද්‍යානය තුල නීති කඩපු අයට එංගල්බ්‍රෙෂ්ට් දීපු දඬුවම් ගැන.කොහොම උනත් බෝයර් යුද්ධය කියන්නේ ගොඩක් අමානුෂික විදියට බෝයර් වරුන්ට දඬුවම් දීපු ඉංග්රීසින්ගේ මගඩියක්.ඔය චර්චි එහෙම බෝයර් යුද්ධයේ යුධ වීරයෙක් කියනවනේ.
ReplyDeleteහැබැයි ඔය යුධ නැව "ඇම්ඩන්(Emden)" එකක් වෙන්න බෑ මොකද මේකේ තියන කාල පරාසයට අනුව ඇම්ඩන්(Emden) නැව් කීපයක් තිබිල තියනවා.
SMS Emden (1908) මේක තමයි බොහෝ විට මදුරාසි වරායට පහර දෙන්න ඇත්තේ.ඒ වගේම මේක තමයි බොහොම ප්‍රසිද්ධ "ඇම්ඩන්(Emden)" නැව.ජර්මන් ජාතිකයන්ට මේ නැව පුරාවෘතයක් වගේ.
1931 එන්න ඇත්තේ German cruiser Emden (1925) කියන එක.
මේ කොමෙන්ටුව මෙතනට අදාළ නැති උනත් ඔය නැව සම්බන්ධ ලස්සන කතා ටිකක් තියනවා
ඒ කතා ටික ලියන්නකෝ.. කවි ලිය ලිය හිටියා ඇති අප්පා....
Deleteඑංගල්බ්‍රෙෂ්ට් ගැන බොහෝ කතා තියෙනවා මානවක මලේ. ඔහුගෙන් පැවතගෙන එන නෑදෑ පරපුරක් අදටත් හම්බන්තොට පැත්තේ ඉන්නවා. එක මිනිපිරියෙක් (පලටුපානේ සුදු අම්මා) දැනට මාසෙකට විතර ඉස්සර මියගියා.
Deleteමදුරාසියට 1914 දි පහර දීලා ලංකාවෙ වටේ කැරකිලාගිය SMS Emden නැව ගැන විකිපීඩියා එකේ විස්තර තියෙනවා. ලිංක් එක පහලින් දාන්නම්.
නාහෙට නාහන මැර පොරක් හඳුන්වන්න 'ඇම්ඩන්' කියන වචනය දෙමළ භාෂාවට පිවිසිලා තියෙන්නෙ ඊට පස්සේ. ඒ වචනය සිංහලට එන්න ඇත්තේ දෙමළ භාෂාවෙන් වෙන්න ඕනෑ.
http://en.wikipedia.org/wiki/SMS_Emden_%281908%29
ඇම්ඩන් වචනේ සිංහලට ඇවිත් සෑහෙන්න කාලයක් ගියා නේද SMS වචනය එකතු වෙන්න?
Deleteවටින ලිපියක් ගාමිණි අයියා.. මෙයිට කලින් හෙයා ගැන මාත් ටිකක් කියවලා තිබුණ හින්දා කියාන යද්දී කතාව මතක් උනා...
ReplyDeleteස්තුතියි මලේ ...!
Deleteනැවතත් හරවත් සිද්ධියකට අපේ ඔළුව යොමු කලා අයියා..
ReplyDeleteඒ කාලෙ තමන්ගෙ ප්‍රතිපත්ති වලට ඔළුව නොනැමුවා කියලා ජීවිතෙන් වන්දි ගෙවන්න උනේ නෑ හෙන්රිට.. පදනම් රහිත චෝදනා වලට වගකියලා දඬුවම් වින්දා..
අද මෙහෙම උනොත්..
මුලින්ම කරන්නෙ බල්ලෙක් වගේ මරලා නැති කරලා දාන එක නේද ? අයියා කීව පිම්පියොන්ට වලිගෙ වනන්න බලන් ඉන්න අපි ගැන නම් මට තියෙන්නෙ දුකක් අනුකම්පාවක් තමයි..
කෙනෙකුට කියන්න නම් පුළුවන් උඹලත් නොනැගිට්ටොත් කවුද නැගිටින්නෙ කියලා .. මැරෙන්ඩ බය නෙවෙයි තියෙන්නෙ යහ ප්‍රථිපලයක් නොපෙනෙන මානයක මිරිඟුවක් කියලා පෙනි පෙනී දැනි දැනී ඒකට දුවලා මැරෙන්නයි පිලිකුලක් තියෙන්නෙ
ඇත්ත මලේ ... අපිට පුලුවන් විදියට නිවැරදිව ජීවත් වෙන්න උත්සාහ කරනවා මිසක් අනිත් එවුන් හදන්න යන එකේ කිසි තේරුමක් නෑ කියලත් හිතෙනවා.
Deleteහෙලුබැල්ලෙන් නිදා ගන්න එකනම් එච්චර අමාරු දෙයක් නෙමේ, ඒත් ජීවිතකාලයක් හතුරට හිස නමන්නැතුව තනියෙම කෙලින් ඉන්න එකයි අමාරු! - දැන් වෙලාව පාන්දර 12.10 උනත් මේ මහත්තයා ගැන දැනගන්න තියෙන වුවමනාව නිසා කියවලම නින්දට යනවා. ස්තුතියි දැනුවත් කලාට.
ReplyDeleteඇත්ත බුද්ධි ... රටේ පාලනයට එරෙහිව, තමන් නිවැරදියි කියලා හිතන ප්‍රතිපත්තියක් ජීවිත කාලයක් රැක ගන්න එක ලේසි වැඩක් නෙමෙයි.
Deleteමාරයි...
ReplyDeleteමාරම මාරයි...
ෙම් ටික දැනගත්ෙත් අදමයි...
ස්තුතියි තරියා මලේ ...!
Deleteඉතාමත් වටිනවා මේ ලියවිල්ල .
ReplyDeleteහෙන්රි එංගල්බ්‍රෙෂ්ට් පුරාවෘතයක් බවට පත්වෙන්නේ වෙනස් ම ආකාරයකට. අපේ රටේ පුරවෘතගත වෙලා ඉන්න බොහෝ විදේශිකයන් ( විශේෂයෙන් ප්රභූවරු නොවන විදේශිකයන් )අතුරෙන් මොහුව සංසන්දනය කරන්න පුළුවන් රොබට් නොක්ස් ට විතරයි.
තමන් සතු සියලු දේ අහිමිකරනු ලැබ නන්නාදුනන පළාතකට පිටුවහල් කලාට පස්සෙත් සිය උදාර පුරුෂාර්ථ වෙනුවෙන් දිවිහිමියෙන් පෙනී හිටපු අය ඉතිහාසයේ උනත් සුලබ නැහැ.
ඒ අතින් එංගල්බ්‍රෙෂ්ට් නොක්ස්ටත් ඉදිරියෙන් කියල කියන්න පුළුවන් . ඔහුගේ සමහර හැසිරීම් අපේ සමාජයට අමුතු වුනාට තනි පුද්ගලයෙන් හැටියට ඔහු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට දක්වපු ව්රෝධය ගැන අවුරුදු සියයකට අසන්න කාලයක් ගතවෙලා අදත් අමතක නොවීමම ඔහුගේ සුවිශේෂී බවට නිදසුනක්.
ස්තුතියි ගාමිණී
ඇත්ත සුසර .. එංගල්බ්රෙෂ්ට තමන්ගෙ ප්‍රතිපත්ති පාවලා දීලා නිදහස ලබා ගන්න අවස්ථාව තිබුනා. ඒත් ඔහු එහෙම කළේ නෑ. ඒ අතින් ඔහු නොක්ස් ට වඩා ශ්‍රේෂ්ඨයි.
Deleteතමන් හරියයි හිතුව දේ වෙනුවෙන් දිවි හිමියෙන් කැප වුණු මිනිසෙක්.
ReplyDeleteඑක අතකට ඒ කාලෙ දඬුවමුත් නරකම නැහැ. රස්සාවකුත් දීලා වෙන රටකට පිටුවහල් කරනවා විතරයිනෙ. ඒ කාලෙ ලංකාවෙ මිනිස්සුත් දැන් විතරට අනික් මිනිස්සුන්ව රවට්ටන්න නැතුව ඇති.
ඒ කාලෙ යුද සිරකරුවන්ට බොහෝ විට සාධාරනව සලකලා තියෙනබව පේනවා. ඇම්ඩන් නැවේ කපිතාන් වොන් මුලර් පවා තමන් විනාශ කරපු බ්‍රිතාන්‍ය නැව්වල මගීන්ට, කාර්ය මණ්ඩලවලට ඉතාම හොඳින් සැලකුවා කියලා වාර්තා වෙලා තියෙනවා.
Deleteමචං ඔය හෙන්රි කියන නම තියෙන පොරවල් වලින් වැඩිහරියක් ඔන්න ඔය වගෙ නියම වැඩ්ඩො තමයි. :)
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
එංගල්බ්‍රෙෂ්ට් ගෙ ගෙදර වැඩ ගැන මම ලිව්වෙ නෑ මචෝ. ඒවත් ලිව්ව නම් උඹ නංගිගෙන් ගුටි කනවා...!
Deleteහිකිස්.. ඔය තියෙන්නෙ ඩුඩ් නාල.
Deleteමම නම් කැමති "ඔබගෙ" වනගත විස්තර වලට.මොකද ඒව මටනම් ගොඩක් රසවත්..(හා,ඉඳල බලකො සතියක් කැලේ..කියල හිතුනත් කරන්න දෙයක් නෑ)
මල පනින එකත් පොදු ලක්ෂණයක් වෙන්න ඇති නේ.
Deleteඅපි වැඩි දෙනෙක් අසධාරණේට ඔලුව නවන්නේ අපේ කැමැත්තට හෝ අපි ගැන හිතලා හෝ නෙවෙයි... අපි වටේ ඉන්න අය ගැන හිතලා... තමන්ට කියලා නැති වෙන්න දෙයක් නැති කෙනා අසාධාරණේට ඔලුව නවන්නේ නෑ කියටවත්... එහෙම මිනිස්සු අඩුයි.. ඉතිං මේ වගේ කතාත් අඩුයි...
ReplyDeleteඇත්තටම බෝයර් ජාතිකයින් ජාති මාමක පිරිසන් හැටියට සැලකෙනවා නගේ. අනිත් සිරකරුවො සමහරවිට පක්ෂපාතිත්වය දක්වලා ආපහු යන්න ඇත්තේ තමන්ගෙ අඹුදරුවො ගැන හිතලා වෙන්න පුලුවන්.
Deleteවර්ථමාන නිලධාරි පැලැන්තියට ආදර්ශමත් චරිත.
ReplyDeleteමෙතුමා ගැන බොහෝ රසවත් ජීවන කතා ඇති බව අසා,දැක තිබේ වෙලාවක ඒවත් ලියාදාන්න.
එංගල්බ්‍රෙෂ්ට් ගැන තව බොහෝ කතා තියෙනවා මලේ. ඒවා වරින් වර පලවෙලා තියෙනවා පොත් පත්තරවල.
Deleteනියම ලිපියක්.
ReplyDeleteනොදන්න බොහෝ දේ දැනගත්තා.
ස්තුතියි මලේ ...!
Deleteගවේෂනාත්මක ලිපියක්. වැදගත් තොරතුරැ සමුදායක්..
ReplyDeleteස්තුතියි මලේ ...!
Deleteඉතිහාසය හා තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්න පිවිසෙන්න සිංහ පීඩියාවට
ReplyDeletehttp://sinhapedia.blogspot.com/
සිංහ පීඩියාවට හොම්බ දාලා බැලුවා. බොහොම වැදගත් කාරියක්. ආයෙත් ඒ පැත්තේ එන්නම්.
Deleteසිරාවටම ගාමිණි අන්කල් සුපිරි චරිතයක් ඔහුට තිබිල තියෙන්නේ. අහල තියෙන හැටියට ඔහු තමයි යාලේ නිර්මාතෘවරයා. ඉතාමත් වැදගත් තොරතුරු රැසක් රැගත් ලිපියක්
ReplyDeleteකෝරලේ වලව්ව
එංගල්බ්‍රෙෂ්ට් තමයි අපේ වෘත්තීය පුරෝගාමියා, ආඩම්බරයි .. නේ ..?
Deleteවසර 1902 දී දවසකට 1.25 ක් කියන්නේ ඒ දවස්වල ලොකු මුදලක් විය යුතුයි.
ReplyDeleteඑක්දාස් නමසිය හතලිහේත් උපගුරුවරයෙකු ගේ ආරම්භක පඩිය රුපියක් 30 යි. ඒ කියන්නේ දවසකට රුපයිලයි!
මලේ බ්‍රොහියර් ගෙ පොතේ කියන්නේ ඒ දීමනාව කන්න බොන්නයි, ගෙවල් කුලියටයි, ඇඳුම්වලටයි, ඇඳුම් හෝදාගන්නයි යන්තමින් ප්‍රමාණවත් උනා කියලා. එංගල්බ්‍රෙෂ්ට් ගෙ දුෂ්කරතා ගැන ඒ කාලෙ මන්ත්‍රණ සභාවෙත් සාකච්ඡා වෙලා තියෙනවා.
Deleteගාමිණී අයියා,පංච තන්ත්රයේ කියලා තියනවා කෙලින් තියන ගස් තමයි ඉස්සෙල්ලා ම කපන්නේ කියලා.කෙලින් ඉන්න මිනිහටත් ඒ සෙතේමයි.
ReplyDeleteඔහු තමන්ගේ ලාබයට ප්‍රතිපත්ති වෙනස් නොකරපු අගය කල යුත්තෙක්.
ඔහුගේ සොහොන හම්බන්තොට කනත්තක තාම තියනවා නේද?
පංච තන්ත්රයේ තියෙන කතාව නම් සම්පූර්ණ ඇත්ත මලේ.
Deleteසුනාමිය වෙලාවෙ හම්බන්තොට කනත්ත සම්පූර්ණයෙන්ම හෝදගෙන ගියා කියලා කවුරුහරි මට කිව්වා මතකයි. ඒ ගැන හොයලා බලලා කොමෙන්ට් එකක් දාන්නම්.
මේ වැදගත් විරල තොරතුරු සමුදාය බෙදාගත් ඔබට බොහෝම ස්තුතියි.
ReplyDeleteස්තුතියි, ඔබතුමාට ...!
Deleteනොදන්නා කෙනෙක් ගැන පාඨකයාට දැනුම ගෙන ආවාට බොහොම ස්තූතියි...ඇත්තටම ඔහු පුදුමාකාර ධෛර්යයක් තිබුන මිනිසෙක් විය යුතුයි....
ReplyDeleteලගකදී අපේ පැත්තෙ ආවෙත් නෑ නේද..
ස්තුතියි, මලේ ...!
Deleteසමාවෙන්න ඕනෑ ටික දවසකින් කාමරේ පැත්තෙ එන්න බැරි උනාට. වසර අවසානය නිසා වැඩගොඩක එරිලා ඉන්නේ. මම අද සිරාගෙ කාමරේ FB එකේ share කළා. හලාල් ගැන දැනුවත් කිරීම ඉතාම වැදගත්.
ස්තූතියි...
Deleteමෙයා ගැන ටෙලි නාටකයක් ගියා,,එතනින් තමා මම මෙයා ගැන දැන ගත්තේ,,පස්සේ පත්තරේක ලිපියක් ගියා,, මේ වගේ මිනිස්සු අදටත් ඉන්නවා ඒත් ඒ විදිහට වැඩි කලක් එහෙම ඉන්න දෙන්නේ නෑ
ReplyDeleteඑංගල්බ්‍රෙෂ්ට් ගැන බොහෝ දේ ලියවිලා තියෙනවා ඩිලාන්, අපූරු චරිතයක් ...!
Deleteනියම කතාවක් ගාමිණී, බොහොම වටින චරිතයක්. බෝයර් ජාතිකයෙක් උනත් මටනම් හිතෙන්නේ නියම සිංහලයෙක් කියලා
ReplyDeleteමටත් හිතෙනවා සාලිය, එංගල්බ්රෙෂ්ට්ට නාහෙට නාහන සිංහල ගතිගුණත් තිබිලා තියෙනවා.
Deleteමේ බෝයර් හිරකාරයාව වන පාලකයෙක් විදිහට පත් කරන්න එකම හේතුව එයාගේ සෘජු බව විතරමද ??
ReplyDeleteසටන් කරුවෙක් හැටියට ලබලා තිබුණු විධිමත් යුධ පුහුණුවත් සලකලා බලන්න ඇති නේද මලේ..? තුවක්කුවක් අතට හුරු නැතුව ඒ වගේ රස්සාවක් කරන්න බෑ.
Deleteනියම කතාවක්. ගාමිණී ගේ ටැග් ලයින් එක මරු "සිතිවිලි වලට නිසි වටිනාකමක් ලැබෙන්නේ ලිය තැබූ විටය" මේ ටැග් ලයින් එක අනිත් අයව ලියන්න පොළඹවනවා කියලයි මට හිතෙන්නේ.
ReplyDeleteහිතෙන දේවල් ලිවීමේ කැසිල්ලක් මට ඉස්සර ඉඳන්ම තිබුනා මලේ. ඒවා පස්සෙ දකිනකොට ලොකු සතුටක් දැනුනා.
Deleteසැමරුම පැත්තේ ගියා. හොඳට ලියවිලා තියෙනවා. ජයවේවා ...!
වටිනා විස්තරයක් දැනගත්තා ස්තුතියි෴
ReplyDeleteස්තුතියි මලේ...!
Deleteසිතුවිලිවලට හොට දාලා බැලුවා. දැනුම් සාගරයක් වගේ. ආයෙත් එන්නම්.
යාල කැලේට හනිමුන් ආපු සුදු ජොඩු වලට දිමිගොටු දාලා තියෙන්නේ මේ මහත්තයා නේද?
ReplyDeleteඑංගල්බ්‍රෙෂ්ට් ගැන බොහෝ කතා තියෙනවා, මලේ. නාහෙන නාහන, මැර චරිතයක්.
Deleteඔය කියන කාලේ දවසට 1.25ක් ලැබුනා නං ඒක ලොකු ගානක්නේ අනේ මං හිතන්නේ.
ReplyDelete