මගෙ යාලුවෝ

Tuesday, October 11, 2011

1. ටියුබ් ලයිට්



සමහර විහිලු කී සැනින්ම තේරෙන්නේ නැත. ඒවා තේරුම් ගන්න ටික වෙලාවක් ගත වෙනවා. 
තේරුම් ගියාට පස්සේ තමයි හිනා යන්නේ. පනහ පැන්නහම කොහොමටත් එහෙමයි.  එහෙම එවුන්ට උන්ගේම ලමයි කියන්නේ ටියුබ් ලයිට් කියලා. දැන් ඉන්න එවුන්ගේ විහිලු වයසක අපිටකොහොමටත් තේරෙනවා අඩුයි. 

කලකට පස්සේ පසුගිය දවසක අපේ නංගි, මස්සිනා සහ එකම කෙල්ලත් එක්ක අපේ ගෙදර ආවා. සුපුරුදු පරිදි කට්ටිය දුක් ගැනවිලි හුවමාරු කර ගන්නා අතරේ,  අපේ එක්කෙනාට 'දැන් අපේ එවුන් අපිට කියන්නේ ටියුබ් ලයිට් කියලා' යි කියවුනා.


'ඕක මොකද්ද අක්කේ' නංගීත් උත්තර බැන්දා. 'අපේ එකී අපට කියන්නේ කොස්සෙන් අනින ටියුබ් ලයිට් කියලා'

සමහර ටියුබ් ලයිට් ස්විච් එක දැම්මාටම පත්තු වෙන්නේ නැත. කොසු මිටකිනුත් අනින්නම ඕනෑය.

20 comments:

  1. අලුත් බ්ලොගියට ජයවේවා.
    ඕවාට බට ලයිට් කියාද කියනු ලැබේ. කරුමෙට අපට හම්බවෙන තරමක් හම්බවෙන්නේ බට ලයිට්ය. බොහෝ විට ස්ටාර්ටරයම මාරුකල යුතුය.

    ReplyDelete
  2. අනේ බොස් ඔය word verification අයින් කොලොත් ලොකූ උදව්වක් කොමෙන්ට් දාන බුවාලට

    ReplyDelete
  3. මමත් මේ Dude සහෝදරයා හරහා ඔයාගේ බ්ලොග් ඒකට ගොඩ වැදුනේ
    අපි වනජීවී කතා ටිකකුත් ලියමු ඉස්සරහට....
    ඒවා අහන්න ආස කරන උදවියත් ඉන්නවා

    ReplyDelete
  4. ලොකු පුතේ,

    වනජීවී කතා දන්න තරමක් ලියමු කොල්ලෝ. උන්ට කතා කරන්න බෑ නේ. අපිවත් උන්ගැන කතා කරමු.

    ReplyDelete
  5. අද තමා මට මේක මාට්ටු උනේ... මුල ඉදන් අගටම කියෙව්වා..හොඳ ලිපි ටිකක් තියේ...

    අර එක ලිපියක උඩුපිල ඉස්කෝලේ කියලා තිබුනේ දෙල්ගොඩ උඩුපිල ගැනද..?

    ReplyDelete
    Replies
    1. ඔව් .. මම හෝඩියෙ පන්තියෙදි හිටියේ දෙල්ගොඩ කිට්‍ටුව උඩුපිල ඉස්කෝලේ.

      Delete
    2. අපේ අහල පහලම තමා ඉතිං..ඒකයි බැළුවේ...හරි හරි...

      Delete
  6. ඔන්න මම අග ඉඳලා මුලට ඔක්කොම කියෙවුවා. ආපහු ඇවිත් යන්න එන්නම්.. පුළුවන් වෙලාවක අපේ අහත් ඇවිත් යන්න..

    ReplyDelete
  7. මාත් මේ බ්ලොග් එක නලිනි හෝ කවුරු හෝ ශෙයා කරපු ලින්ක් එකකින් කියවන්න මාක් කරගෙන හිටියා සතියක් තිස්සේ. ඔනන් අද තමයි මුල ඉඳලා අගටම කියෙව්වේ...
    හරිම අපූරු කතා ටික.

    ReplyDelete
    Replies
    1. පොත්ගුල පැත්තේ ගියා. හරිම අපූරුයි ... ! ඉස්සර අලුත් පොත්පත් හොයාගෙන යනවා. දැන් ටිකක් කාලය අඩුයි. ස්තුතියි කොමෙන්ට් එකට.

      Delete
  8. සමහර ටියුබ් ලයිට්වලට ඔය සෙල්ලම් ඔක්කොමත් දාලා තව ටිකක් වෙලා බලාගෙනත් ඉන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. මොනවා කරලවත් පත්තු කරගන්න බැරි ඒවත් තියෙනවා මලේ ...!

      Delete
  9. මට මේ බ්ලොගේ ගැන දැන ගන්න ලැබුනේ ඊයේ. ඉතින් ඊයේ හවස් වරුවයි, අද දවල් වරුවයි වැය කරලා අග ඉදලා මුලටම කියවගෙන ඇවිත් ඉවර කලේ මේ දැන්. ඉතාම හොද බ්ලොග් එකක්. ගාමිණී මාමේ, ඔබතුමාගේ වනජීවි ජීවිතේ අත්දැකීමුත් අපි එක්ක බෙදා ගත්තොත් හොදයි කියලා හිතෙන්නේ නැත්ද?

    ReplyDelete
    Replies
    1. ඉස්සරහට වනජීවී කතා ටිකකුත් ලියන්න හිතේ තියනවා පුතා .. ස්තුතියි මේ පැත්තේ ගොඩ උනාට..!

      Delete
  10. කලින් අතරින් පතර කියෝලා තිබ්බා . .. මේ පෝස්ට් එකත් කියවලා තිබ්බා . . ඒත් මුල ඉඳන් කියවන්න ඕන කියලා හිතලා පටන් ගත්තා ඕන් . .

    ReplyDelete
  11. මුල ඉදලම කියවගෙන යන්න හිතුන බ්ලොග් කීපයක් අතරින් එකක්.. තව හුගාක් කාලයක් ලියන්න ලැබේවා!!!!!

    ReplyDelete