මගෙ යාලුවෝ

Thursday, June 27, 2013

43. ජීවිතය

අද මට ලැබුනු එක ඊ මේලක ජීවිතය ගැන අපූරු කියමන් ටිකක් තිබුනා. ඉංග්‍රීසියෙන් ලියලා තිබුනු ඒවා කවුරු ලිව්වාදැයි සඳහනක් නොවුනත් ජීවිතේට එකතුකර ගතහැකි බොහෝ දේ ඒ කියුම්වල තියෙනවා කියලා මට හිතුනා. පුලුවන් විදියට සිංහලට පෙරලලා මගේ බ්ලොග් යාලුවොත් එක්ක බෙදා හදා ගත්තොත් හොඳයි කියලා හිතුනා.
____________

* 'හැමෝම ඔබට ආදරය කරමින් මාව පිළිකුල් කරන්නෙ ඇයි ...?' මරණය ජීවිතයෙන්  ඇසුවේය.
  'ඒ මම සුන්දර බොරුවක් හා ඔබ වේදනාකාරී සත්‍යයක් නිසා ..!' ජීවිතය පිළිතුරු දුන්නේය.
____________

* අශුභවාදීන් ගැටලුව දෙස බලා ලතවෙමින් සිටිද්දී, ශුභවාදීහු ඊට විසඳුම් සොයා යති.
____________

* ජපානයේ සෑම බස් නැවතුමකම ලියා ඇති අපූරු වැකියක් ' බස් රථ විනා ඔබගේ කාලය මෙහි නොනවතී. ඔබගේ ඉලක්කය කරා නොනැවතී ඉදිරියටම යන්න'
____________

* නරක මිනිසුන් අතහැර හොඳ මිනිසුන් සොයායන ලෙස ලෝකයා ඔබට නිතරම කියාවි. එහෙත් සර්ව සම්පූර්ණ කිසිවෙක් මෙලොව නැති හෙයින් මිනිසුන් තුළ ඇති නරක අතහැර ඔවුන් වෙත ඇති හොඳ  සොයා ගන්නැයි මම ඔබට කියමි.
____________

* අපි අපගේ වැරදි සම්බන්ධයෙන් ඉතා හොඳ නීතිඥයින් වන්නා සේම අනුන්ගේ වැරදි සම්බන්ධයෙන්  ඉතා හොඳ විනිසුරන් ද වෙමු.
____________

* ජීවිතයේ ප්‍රධාන අවදි තුනකි.

     ළමා අවදිය - කාලය හා ශක්තිය ඇති තරම් තිබුන ද, සල්ලි නැත.
‍     රැකියාවෙහි යෙදෙන අවදිය - සල්ලි සහ ශක්තිය ඇති තරමට තිබුන ද කාලය නැත.
     මහලු වයස - සල්ලි සහ කාලය ඇති තරම් තිබුන ද ශක්තිය නැත.
____________

* ජීවිත ගැටලු සතුටින් පිළිගන්න. ඒවා දෙ ආකාරයකින් ඔබව දැනුවත් කරයි. පළමුව ඒවා විසඳන ආකාරය ද, දෙවනුව අනාගතයේදී ඒවා වලක්වා ගන්නා ආකාරය ද ඔබට ඉගෙන ගත හැකිය.
____________

* ඔබගේ ජීවිතයේ සබඳතා පවත්වාගෙන යාමට යොමුවෙන්න එපා. සබඳතාවල ජීවය ‍රැකගන්නට වෙහෙසෙන්න.
____________

* කිසිදාක උඩඟුබව හෝ මමත්වය නිසා හිස නොනවා ඉන්න එපා. රන් පදක්කමක් දිනා ගත්තකු පවා එය ලබන්නේ හිස නැමීමෙන් පමණි.
____________

* 'අද' යන්නෙහි නිර්වචනය වන්නේ 'ඊයේට වඩා යහපත් යමක් කිරීමට ලැබෙන අවස්ථාවක්' යන්නයි.
____________

* 'ඔබට ඉක්මනින් යන්නට අවශ්‍ය නම් තනිව යන්න. බොහෝ දුරක් යන්නට අවශ්‍ය නම් එක්ව යන්න' අපූරු අප්‍රිකානු කියමනක්.
____________

* 'මම අසාර්ථක නොවීමි. මගේ සාර්ථකත්වය මදකට කල් දැමුවා පමණි' ශක්තිමත් කියමනක්.
____________

* ඇතුලතට කාන්දුවන්නට ඉඩ නොදෙනතාක් මුලු මහත් සාගර ජලයට වුව ද නැවක් ගිල්වා දැමිය නොහැකිය. ඔබගේ සිත තුළට වැද්ද නොගන්නා තාක් කල් ජීවිතයේ කිසිදු දුක් පීඩාවකට ඔබව වේදනාවට පත් කළ නොහැකිය.
____________

* Death asked Life : 'Why does everyone love you and hate me..?'
            Life replied : 'Because I am a beautiful Lie and you are a painful Truth'
____________


* Negative thinkers focus on Problems, Positive thinkers focus on Solutions
____________

 * A fantastic sentence written on every Japanese bus stop. Only buses will stop here – not your Time. So Keep Walking towards your Goal
____________

* World always say – Find Good People and leave bad ones. But I say, find the Good in People and ignore the bad in them. Because no one is born perfect
____________

* We are very good Lawyers for our mistakes, very good Judges for other’s mistakes
____________

* 3 stages of Life:
                      Teen Age – Has time & Energy – but no Money
                      Working Age – Has Money & Energy – but no Time
                      Old Age – Has Money & Time – but no Energy
____________

* Always welcome the Problems, because problems give you dual advice. First, you know how to Solve it. Second, you know how to Avoid it in future.
____________

* A lovely logic for a beautiful Life: Never try to maintain relations in your life, just try to Maintain Life in your relations
____________

* Never hold your head high with Pride or Ego. Even the winner of a gold medal gets his medal only when he Bows his head down
____________

 * Define TODAY - This is an opportunity to do a work Better than yesterday
____________

* African Saying: If you want to walk quick, walk Alone. If you want to walk far, walk Together
____________

* Entire water in the ocean can never sink a ship, unless it gets inside. All the pressures of life can never hurt you unless you let them in.
____________

* Confident Quote: I have not failed. My success is just Postponed. 

____________




53 comments:

  1. //අපි අපගේ වැරදි සම්බන්ධයෙන් ඉතා හොඳ නීතිඥයින් වන්නා සේම අනුන්ගේ වැරදි සම්බන්ධයෙන් ඉතා හොඳ විනිසුරන් ද වෙමු..//

    මේක තමයි මගේ හිතට වැදුනේ.මටම කිවා වාගෙයි.
    අපුරු රුවන් වැකි ටික.

    ReplyDelete
    Replies
    1. අපි වැඩි දෙනෙක් එහෙම තමයි, මනෝ ..

      Delete
  2. //* නරක මිනිසුන් අතහැර හොඳ මිනිසුන් සොයායන ලෙස ලෝකයා ඔබට නිතරම කියාවි. එහෙත් සර්ව සම්පූර්ණ කිසිවෙක් මෙලොව නැති හෙයින් මිනිසුන් තුළ ඇති නරක අතහැර ඔවුන් වෙත ඇති හොඳ සොයා ගන්නැයි මම ඔබට කියමි//

    මේක නං මම කිව්ව එකක්ද කොහේද හැක් හැක්.

    ReplyDelete
    Replies
    1. මම මේ අහන්නම කියලා හිටියේ, දේශක මලේ ...!

      Delete
    2. මේක උඹ කිව්ව එකක් නෙවෙයි, දේශිකා උඹ ගැන කිව්ව එකක් වෙන්න ඕනෙ උඹ කරන වැඩ නිසා.

      Delete
    3. ඒක නම් ඇත්ත කතාව හෙන්රි.
      ලග පාතක හිටිය නම් කන පිරෙන්න දෙනව.
      මුගෙ අන්තිමට ලියපු ලිපිය දැකල මට මල පැනල ඉන්නෙ.

      Delete
    4. ඒ පඩි අරං කන සාක්කුවේ දාගෙන දේශකයා ගෙදර ගිය දවසනේ.

      Delete
  3. ඉතාම අපූරු කියමන් ටිකක්.

    ' බස් රථ විනා ඔබගේ කාලය මෙහි නොනවතී. ඔබගේ ඉලක්කය කරා නොනැවතී ඉදිරියටම යන්න' මේ වගේ කියමන් පිළිපදින හින්ද තමයි ජපානෙ වගේ රටවල් දියුණුවෙන් ඉදිරියට යන්නෙ.

    ReplyDelete
    Replies
    1. අපේ බස් හෝල්ට් එකකට ගියහම ඇඟේ තියෙන ලේ ටික පිච්චෙනවා මලේ, ඒවයෙ අලවලා තියෙන පෝස්ටර්, දැන්වීම් දැකලා.

      Delete
    2. ඇයි කොල්ලෝ ලියපු කුනුහරුප. ටෙලිපෝන් නම්බර්. මට මතකයි එක බස් හෝල්ට් එකක ස්ප්‍රේ කරල තිබ්බා “මැකුවොත් හිරේ“ කියලා. යටින් ඒඩ්ස් කියල ඉංගිරිසියෙනුත් ගහල තිබුනා.

      Delete
    3. ඇයි අනර්කලීගේ "තප්පරයට අය කිරීම" ...... :D

      Delete
    4. ළඟදී ආපු ජනප්‍රියම එක තමයි 'මහරජාගෙ තෙලේ මහජනයා බැදේ ..'

      Delete
  4. බලාගෙන ගියාම ඔක්කොමවගේ ඇත්ත බං. ඒ වුනාට හෙට මට ඔය ඔක්කොම අමතකයි.

    ReplyDelete
    Replies
    1. මටත් එහෙමයි බං ... අර මොකද්ද එකේ ඇදේ ලේසියෙං අරින්න බෑලු නේ ...

      Delete
  5. මසුරං කියුං ටික, බොහෝම ස්තුතියි බෙදාගත්තාට

    ReplyDelete
  6. ඔක්කොම ඇත්ත උනත් මගේ හිතට තදින්ම වැදුනේ මේක.

    // * 'හැමෝම ඔබට ආදරය කරමින් මාව පිළිකුල් කරන්නෙ ඇයි ...?' මරණය ජීවිතයෙන් ඇසුවේය.
    'ඒ මම සුන්දර බොරුවක් හා ඔබ වේදනාකාරී සත්‍යයක් නිසා ..!' ජීවිතය පිළිතුරු දුන්නේය.//

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්තම කතාවක් මලේ. බොරුවක් බව දැන දැනම අපි ජීවිතේ සරසන්නෙ සදාකාලිකවම ජීවත් වෙනවා වගේ ..!

      Delete
  7. //ඇතුලතට කාන්දුවන්නට ඉඩ නොදෙනතාක් මුලු මහත් සාගර ජලයට වුව ද නැවක් ගිල්වා දැමිය නොහැකිය. ඔබගේ සිත තුළට වැද්ද නොදෙනතාක් කල් ජීවිතයේ කිසිදු දුක් පීඩාවකට ඔබව වේදනාවට පත් කළ නොහැකිය.//

    මෙතැන //වැද්ද නොදෙනතාක්// වචනය වෙනුවට වැද්දනොගන්නා තාක් වුනොත් කොහොමද?

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනා එහෙම වැඩිය හොඳයි කියලා ... ඔන්න මම වෙනස් කළා .. ස්තුතියි ..!

      Delete
  8. කියමන් ටික කට්ටිය එක්ක බෙදා ගත්තට ඔබට ස්තුතියි!.
    බස් විතරක් නෙමෙ කෝච්චිත් එහෙමයි.කියල තියෙන තප්පරේට එනව.

    ReplyDelete
    Replies
    1. ජපානෙ ගැන හොඳක් මිසක් නරකක් අහන්න ලැබිලා නෑ, කෙන්ජි මලේ ..

      Delete
  9. මේ හැම වදනකම හිතට වදින යමක් තියනවා ගාමිණී අයියා. බොහොම ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට.

    ReplyDelete
  10. බොහොම අගනා කියමන් ටිකක්නෙ. බොහොම ස්තුතියි ගාමිණි අය්යා.

    ReplyDelete
  11. මෙන්න අලුත්ම එක:

    පඬි වදන් ඇත්තේ කියවා, රසවිඳ, අමතක කිරීමට මිස පිළිපැදීමට නොවේ...

    ~~සෙන්නා / 29.06.2013

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත මලේ. කියන තරම් ලේසි නෑ පිළිපදින්න.

      Delete
  12. පිලිපදිනවා කියලා බොරු ලොකු කතා කියන්න බැහැ. මතක තීයාගෙන් උත්සහ කරලා බලන්න ඕනා.
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. අමාරුවෙන් හරි ජීවිතේට ඒ අදහස් එකතුකර ගත්තොත් යහපතක්ම සිද්දවෙයි මලේ ...

      Delete


  13. සේරම හරි ඇත්ත. පිලිපදින්න උත්සාහ කරනව. නමුත් ටික දවසකින් අමතක වෙලා යනව. හැබැයි හිටපු ගමන් ආයෙ මතක් වෙනව.


    * නරක මිනිසුන් අතහැර හොඳ මිනිසුන් සොයායන ලෙස ලෝකයා ඔබට නිතරම කියාවි. එහෙත් සර්ව සම්පූර්ණ කිසිවෙක් මෙලොව නැති හෙයින් මිනිසුන් තුළ ඇති නරක අතහැර ඔවුන් වෙත ඇති හොඳ සොයා ගන්නැයි මම ඔබට කියමි.
    ____________ * අපි අපගේ වැරදි සම්බන්ධයෙන් ඉතා හොඳ නීතිඥයින් වන්නා සේම අනුන්ගේ වැරදි සම්බන්ධයෙන් ඉතා හොඳ විනිසුරන් ද වෙමු.
    ____________
    මමත් හරි ඉක්මනට අනුන්ට විනිශ්චය දෙනව.

    ReplyDelete
  14. මාත් හොඳ වෙන්න බොහොම උත්සාහ කරනවා නගේ, ඒ උනාට දන්නෙම නැතුව ටික දවසකින් හිටපු තැනටම එනවා ...

    ReplyDelete
  15. එකයි, පහයි තමා වැඩියෙන්ම හිතට ඇල්ලුවෙ.

    ReplyDelete
    Replies
    1. අපේම මෝඩකම් දිහා උපහාසයෙන් බැලීමක් ඒ දෙකේම තියෙන්නේ ..

      Delete
  16. "ඕන තැනක නොබියව සත්‍ය පවසන්න, පුලුවන් තරම් ඉක්මනට එතනින් මාරුවන්න."
    මේකත් ජීවිතයට අනගි පඬි වදනක්.

    ReplyDelete
  17. සෑහෙන්න හිතට වදින කියමන් ටිකක්.
    ඔබතුමාගෙ ලිපි පලවෙනකොටම ඊමේල් එකකින් බලන්න ක්‍රමයක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. ලකී මම හොයලා බලන්නම් එහෙම ක්‍රමයක් ගැන. මේක කියවන, ඒ ගැන දන්න යාලුවෙක් ඉන්නවානම් කොමෙන්ට් එකක් දාන්න. ස්තුතියි ..!

      Delete
  18. මෙච්චර කාලෙකට අහපු කියවපු මේ වගේ වැකි ඔළුවට ගත්තනම් අපි මේ වෙනකොට ඉන්න ඕනේ හඳේ... :D කලින් අහල නැති ඒවා ගොඩක් තිබුණ . ස්තුතියි ..

    ReplyDelete
  19. අගේ ඇති කියුම් ටිකක් නෙ. අයියට ස්තුති බෙදා ගත්තට..

    ReplyDelete
  20. වටිනා කියමන් ටිකක්..... හැබැයි මේවා ඉක්මනින් අමතක වෙන එකයි ලෙඩේ.....

    ReplyDelete
    Replies
    1. මටත් තියෙන්නෙ ඒ ලෙඩේම තමයි සමනලියේ ..

      Delete
  21. ළමා අවදිය - කාලය හා ශක්තිය ඇති තරම් තිබුන ද, සල්ලි නැත.
    ‍රැකියාවෙහි යෙදෙන අවදිය - සල්ලි සහ ශක්තිය ඇති තරමට තිබුන ද කාලය නැත.
    මහලු වයස - සල්ලි සහ කාලය ඇති තරම් තිබුන ද ශක්තිය නැත


    මං හිතන්නෙ අයියන්ඩි මේක ලංකාවට අදාල එකක් නෙවෙ වගේ මම නම් දැන් දෙවෙනි පියවරේ. හැබෙයි ඒකෙත් සල්ලි නැත :D.

    ReplyDelete
    Replies
    1. ලංකාවට අදාල වෙන්න සංශෝධනය කරමු මලේ 'මහලු වයස - සල්ලි, කාලය මෙන්ම ශක්තිය ද නැත ' කියලා

      Delete
  22. බොහොම අපුරු වැදගත් කියමන් ටිකක් ....වටිනවා ගොඩක් අපේ ජීවිත වලට ස්තුතියි ගාමිණි මහත්මයා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුව, උත්තරයක් ලියාගන්න පරක්කු උනාට සමා වෙන්න ඕනෑ.

      Delete
  23. //..අපි අපගේ වැරදි සම්බන්ධයෙන් ඉතා හොඳ නීතිඥයින් වන්නා සේම අනුන්ගේ වැරදි සම්බන්ධයෙන් ඉතා හොඳ විනිසුරන් ද වෙමු....//

    මට නම් හොඳටෝම හිතට ඇල්ලුවේ මේන් මේක

    ReplyDelete
    Replies
    1. ඒ කියමන නම් අපි හැමෝටම අදාලයි මලේ ..

      Delete
  24. කියුම් ටික නම් සර්ව කාලීනයි..අර මහළු වයස ගැන කී එකත් හැබෑව හැබෑව කියලා තේරෙමින් ඉන්නෙ මේ දවස වල නම් අයියෙ..

    ReplyDelete
  25. වටිනා අදහස් ටික මාමෙ.. වගකිමක් ගන්න බැරි තාරුණයෙන් පලක් නැත..

    ReplyDelete
  26. ඉතාමත් වටිනා කියමන් ටිකක්.ගොඩක් දේවල් හිතට මතක් උනා.ඔබට බොහොම පිං!

    ReplyDelete