මගෙ යාලුවෝ

Friday, May 3, 2013

40. හැත්තෑපස් විය සපුරන වනජීවී රක්ෂිත


අපේ වනජීවී රක්ෂිත ජාලය
වනජීවී රක්ෂිතයක් වැඩි දෙනෙකුට පේන්නෙ අලි, කොටි වලස්සුන්ටම වෙන්වුනු බිමක් හැටියට. ගෙයක් දොරක් අටව ගන්න, හෝටලයක් හදා ගන්න ඉඩමක් හොයන එකාලට ඒවා පේන්නෙම අපතේ ගිය ඉඩම් හැටියට. වනජීවී රක්ෂිතවලට අපේ රටේ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම හැර, අපේ ජීවිතවලට ඍජුවම බලපාන තවත් වැදගත් අරමුණු පරමාර්ථ තියෙනවා. 1938 දි අපේ රටේ පළවෙනි වනජීවී රක්ෂිත ගොන්න ප්‍රකාශයට පත් කරලා අවුරුදු 75 ක් පිරෙන මේ වෙලාවෙ, ඒ බැලූ බැල්මට නොපෙනෙන අරමුණු ගැන යමක් ලිව්වොත් හොඳයි කියලා මට හිතුනා.

සංචාරක කර්මාන්තය - අපේ මුල්ම වනජීවී රක්ෂිත, යාල, විල්පත්තු ජාතික උද්‍යාන ප්‍රකාශයට පත්කළේ ඒවා තුළ සංචාරක කර්මාන්තය විධිමත් කරන්න. වර්තමානය වෙනකොට සංචාරක කර්මාන්තය ප්‍රමුඛ අරමුණක් නොවුනත් වනජීවී රක්ෂිත වලින් 2012 වසරේ දී මිලියන 500 කට වැඩි ආදායමක් අපේ ජාතික ආර්ථිකය ලබලා තියෙනවා. එයින් වැඩි කොටසක් විදේශ විනිමය.

ඉහල ජලාධාර ප්‍රදේශ ආරක්ෂා  කිරීම - මහවැලි, කළු, කැළණි, වලවේ ගංගාවල ඉහල ජලාධාර ප්‍රදේශ ආරක්ෂා වෙන්නෙ හෝටන් තැන්න, ශ්‍රී පාද අඩවිය වගේ මධ්‍ය කඳුකරයෙ වනජීවී රක්ෂිතවලින්. කෘෂිකර්මාන්තයට, ජලවිදුලි නිෂ්පාදනයට ජලය සපයන ඒ ගංගාවල තවමත් අවුරුද්ද පුරාම ජලය ගලාගෙන යන්නෙ ඒවයෙ ඉහල ජලාධාර ප්‍රදේශ ආරක්ෂා වෙලා තියෙන නිසා.

මහ පරිමාන ජලාශයන්ගේ ජලපෝෂක ප්‍රදේශ ආරක්ෂා කිරීම - නිදහසෙන් පස්සෙ අපේ රටේ පාලකයන් බවට පත්වුනු ඩී. එස්. සේනානායක වගේ නායකයන්ට අවුරුදු සිය ගණනක් ඉදිරිය පේන නුවණක් තිබුනා. ජනශූණ්‍යව තිබුනු වියලි කලාපයේ බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රම ඇතිකරලා, නිරිත දිග තෙත් කලාපයේ ‍රැස් කකා හිටපු ජනතාව ඇදගෙන ඇවිත් පදිංචි කරවලා, මහා මිනිස් පවුරක් ඉදි නොකලා නම්, පහුගිය කාලෙ උතුරෙ කස්ටිය ඇඳගෙන හිටිය ඊලාම් සිතියමේ හැඩය ඊට වඩා බොහෝ වෙනස් වෙන්න ඉඩ තිබුනා. කන්තලේ, මින්නේරිය, ගල් ඔය නිම්නය, වගේ ගොවි ජනපද අපේ රටේ ඉතිහාසය මුලුමනින්ම වෙනස් කළා කිව්වොත් නිවැරදියි. පසු කාලෙක උඩවලව, මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමවලට පූර්වාදර්ශය වුනෙත් ඩී. එස්. සේනානායක, ජාතියේ පියාණන්ගේ නිවැරදි දැක්ම. ඒ සංවර්ධන ව්‍යාපාර යටතේ ඇතිකරපු සියලුම මහපරිමාන ජලාශ සියල්ලක්ම, ඒවයෙ ජලපෝෂක ප්‍රදේශත් එක්කම වනජීවී රක්ෂිත හැටියට ප්‍රකාශයට පත් කරලා ආරක්ෂා කරන්න තරම් ඔවුන් දූරදර්ශී වුනා. ගල් ඔය සේනානායක සමුද්‍රය, උඩවලව, සියලුම මහවැලි ජලාශ ඇතුලු අපේ රටේ කෘෂිකර්මාන්තයට හා ජලවිදුලි බලය නිෂ්පාදනයට ජලය සපයන මහපරිමාන ජලාශ හතලිහකට වැඩි සංඛ්‍යාවක්  අද ආරක්ෂා වෙන්නෙ වනජීවී රක්ෂිත ඇතුලෙ.

සුවිශේෂී පරිසර පද්ධති ආරක්ෂා කිරීම - හික්කඩුව, කල්පිටිය, පරෙවි දූපත, මහවැලි විල්ලු, හක්ගල, රිටිගල වගේ සමුද්‍රීය හා ගොඩබිම් සුවිශේෂී පරිසර පද්ධතීන් ‍රැසක් ආරක්ෂාව ලබන්නෙ වනජීවී රක්ෂිත ජාලය තුල. මේ හැම පරිසර පද්ධතියකටම මානව පැවැත්ම සඳහාත් සුවිශේෂී කාර්ය භාරයක් පැවරිලා තියෙනවා.

සංස්කෘතික උරුමයන් ආරක්ෂා කර ගැනීම - අනුරාධපුරය, පොලොන්නරුව, සීගිරිය, රිටිගල ඇතුළු සංස්කෘතික උරුමයන් පවතින ප්‍රදේශ වනජීවී රක්ෂිත හැටියට ප්‍රකාශයට පත්කරලා ඒවායෙ ස්වාභාවික වටපිටාව ආරක්ෂා කෙරෙනවා.

ගොවිපොල භෝග හා සතුන්ගේ වනජ දර්ශ ආරක්ෂා කරගැනීම - ගොවිපොල භෝග හා සතුන් වැඩි දියුණු කිරීම සඳහා යොදාගන්න උසස් ප්‍රවේණි ලක්ෂණ පවතින්නෙ ඒවයෙ වනජ දර්ශ තුළ. වනජීවී රක්ෂිතවල ඒ වගෙ වනජ දර්ශ ‍රැසක් ආරක්ෂා වෙනවා. වී, ගම්මිරිස් ඇතුළු වාණිජ භෝග ඒ අතර තියෙනවා.

ඉතින් මේ වෙනකොට අපේ රටේ මුළු වපසරියෙන් 14 % ක් ඉක්මවන වනජීවී රක්ෂිතවල, බැලූ බැල්මට නොපෙනෙන අරමුණු හා පරමාර්ථ ‍රැසක් සැඟවිලා තියෙන බව පැහැදිලි කරන්නයි මට ඕනවුනේ. ඒ සමහර අරමුණුවලින් අපේ රටේ ජාතික ආර්ථිකයට අති විශාල දායකත්වයක් දෙන කෘෂිකර්මාන්තයේ, ජලවිදුලිබල නිශ්පාදනයේ දිගුකාලීන පැවැත්ම තහවුරු වෙනවා. ඒවා ගැන නොහිතන  සමහර අම්බරුවන්ට වනජීවී රක්ෂිත පේන්නෙ, රටේ සංවර්ධනයට විශාල බාධාවක් විදියට.

ඩී. එස්. සේනානායක වගේ සියවස් ගණනක් අනාගතය විනිවිද දකින්න පුලුවන් නායකයින් නැවත මේ රටේ පහලවෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු.


54 comments:

  1. දැන් වෙන දකින ඒවා ඇහෙනකොටනම් අනාගතය අවිනිශ්චිතයි කියලා හිතෙනවා. මේ සුන්දර දිවයින කාන්තාරයක් වෙන දවසක වැඩි ඈතක නෑ කියලත් හිතෙනවා..

    දැන් සතියකට විතර උඩදි දැක්කා ආන්ඩුවෙ දේශපාලුවෙක්, විල්පත්තු කැලේ අක්කර ගානක් එළි කරලා මිනිස්සු පදිංචි කරවන්න යනවා කියලා.. උන්ටත් ඕවා නිකන් වැඩකට නැති ඉඩම් වගේ පේනවා ඇති. කාලකණ්නි හැත්ත.

    මේවයේ අගේ තේරිලා තියෙන්නෙ කිහිප දෙනෙකුටම විතරක් වීම ජාතියේම අවාසනාවක්.

    ReplyDelete
    Replies
    1. මලේ පහුගිය දවස්වල ඒ වගෙ කතන්දර හැම තැනකම අහන්න ලැබුනා. රටේ නීතිය තුට්‍ටුවකට නොසලකා කරන මේ විනාශවල ප්‍රතිපල අනාගතේදි අත්විඳින්නෙ අපිට වඩා අපේ දරුවො.

      Delete
  2. වනජීවී ආරක්ෂිතයකින් ස්ථාපිත අපේක්ෂිත අරමුණු අපේ දෑස් ඉදිරිපිටම ඇදගෙන ගිහින් අමු අමුවේ දූෂණය කරනවා බලන් ඉන්න වෙනවා දැනටමත්..තමන්ට ජීවය දෙන මෑණියන්ගෙ තනපුඩු රූරාගෙන කනවා තලු මර මරා...අපූරුයි..වෛරසයක් වගේ වේගයෙන් පැතිරිලා යන මිනිස් ජනගහනය ඉතුරු වෙලා තියෙන ටිකත් කාලා දායි ඉක්මනටම..අනාගතය දකින්න හැකි මොන නායකයෙක් බිහි උනත් මේක ගොඩදාන්න පුළුවන්ද කියලා සැකයි..

    ReplyDelete
    Replies
    1. මේ සේරම දැක දැක නිශ්ශබ්දව ඉන්න අපිට කවදා හරි හෙනයක් පාත්වෙයි කියලත් හිතෙනවා මලේ ..

      Delete
    2. ගාමිණී මාහත්තයා කිවා වාගේ මේ දේවල් දිහා බල,බලා නිහඩව ඉන්නවා කියන්නෙත් හෙණම ගහන වැඩක් තමයි.....

      Delete
  3. මට දැනෙන හැඟීම.........උඩ..සෙන්නත්,වෙනිත් කියල තියෙන නිසා නැවත කියන්නෑ..!
    ඒත් හිතට දැනෙන....මහා කාලකන්නි...පාලකයො..තවත් ඒවට අඩු සපයන නිලධාරි පැලැන්තිය ගැන දැනෙන දේ මෙතැන කියන්න බෑ..!

    ReplyDelete
    Replies
    1. මේ ලඟදි එක දේශපාලුවෙකුගෙ සහෝදරයෙක් අලි ඉන්න කැලෑවක ගල් කොරියක් දාන්න වලි කාපු හැටිත්, උගෙ ඉදිරියෙ රජයේ නිලධාරීන් කීප දෙනෙක් වලිගෙ වන වනා නිවට වෙච්ච හැටිත් දැකලා මට ලොකු වේදනාවක් දැනුනා, මලේ.

      Delete
  4. අපේ රටේ දේශපාලුවො ගැන කතා කරල වැඩක් නෑ අයියේ.... හැමෝම එකයි.. හොදයි කියල එකෙක් නෑ.... ඔක්කොම ඉන්නෙ හූරගෙන කන්න බලාගෙන.... අපි කොච්චර ආසද ස්වභාවදර්මයට.... නමුත් දේශපාලුවො...? උන් කැමති සල්ලි වලට.... කොච්චරනම් අපේ රටේ සම්පත් විනාශ කලාද??

    ReplyDelete
    Replies
    1. අපිට වගේම උන්ටත් එක පාරකට කන්න පුලුවන් වැඩිම උනොත් බත් පිඟන් දෙකයි. අඳින්න පුලුවන් රෙදියාර දෙකයි. කෝටි ගණං දුප්පතුන්ගෙ බදු සල්ලි හොරා කාලා ගොඩ ගහගන්නෙ මොකටද කියලා හිතාගන්න බෑ මලේ ..

      සුන්දර ජීවිතේ පැත්තේ ගිහිල්ලා කැරකිලා ආවා හදිසියේ ..ආයෙත් ඒ පැත්තේ එන්නම් නිවාඩු පාඩුවේ ..

      Delete
  5. ඒ කාලෙ හිටපු දේශපාලකයො අද හිටියනං මේ රට අමුතුවෙන් ආශ්චර්යක් කරන්න ඕන වෙන්නෙ නෑ. මේ පරිසරය සත්තු විනාශ කරල ඔය දේශපාලුවො කොහේ යන්න හිතාගෙන ඉන්නවද දන්නෑ.

    වනජීවී රක්ෂිත ගැන වැදගත් පැහැදිලි කිරීමක් ගාමිණී අයියා.

    ReplyDelete
    Replies
    1. ඒ නායකයො දේශපාලනය කළේ රටට ජාතියට කරන සේවයක් කියලා හිතාගෙන, මලේ .. අද ඒක පරම්පරා හත අටක් ගොඩ යන ව්‍යාපාරයක් ...

      Delete
  6. අපේ අයට මේ ගස්,කොළ වල වටිනාකම දැනෙන්නේ රට කාන්තරයක් උනදාට...නමුත් මහත්තයෝ එක එහෙම වෙන්න ඉඩදීලා බලා ඉන්නනම් හොද නෑ......

    ReplyDelete
    Replies
    1. අපි අවට සිද්ද වෙන පරිසර අපරාද වලක්වාගන්න උත්සාහ කරන එකයි අපි කරන්න ඕනෑ මලේ. ඒකට අපිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලය දීලා තියෙනවා.. ඒවා දැක දැක නොදැක්කා වගේ ඉන්න එකයි වරද ...

      Delete
  7. දැන් ඇහෙන දකින ඒවයෙ හැටියට මේ රටේ ඉපදුන එක මහා පව්කාරකමක් කියල හිතෙනවා ගාමිනි අයියෙ...

    ReplyDelete
    Replies
    1. මේක මේ රටේ තවත් එක් යුගයක් විතරයි මලේ. කවදා හරි සියල්ල යහපත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු .. නිසි ආරක්ෂාවක් ලැබුනහම නැවතත් මුල් තත්වයට පත් වීමේ විශ්මිත හැකියාවක් පරිසරයට තියෙනවා..

      Delete
  8. වන ජීවී රක්ෂිත වලින් සිද්ද වෙන අර වනජ දර්ශ ආරක්ෂා කරගැනීම කියන දේ මම ඕන්න දැනුයි දන්නේ. අනික වනජ දර්ශ කියන කෑල්ල ඉගෙනගත්තෙත් උඹෙන්, මේ දැන්. ඇයි වන ඇතුන් කියන එකත් උඹෙන් තමයි ඉගෙන ගත්තේ.

    ReplyDelete
    Replies
    1. ඔන්න මචං spam එක ගොඩ දා ගත්තා. මම ඒක කරගන්න විදිය දැනගෙන හිටියේ නෑ.

      ඒ වගේ වනජ දර්ශ (Wild varieties) ගන්නොරුවෙ පැලෑටි ජාන සම්පත් මධ්‍යස්ථානෙ (Plant Genetic Resources Centre) එක් ‍රැස් කරලා ආරක්ෂා කරනවා මචං. අලුත් වී වර්ග එහෙම බෝ කරගන්නේ ඒ වගෙ වනජ දර්ශ වලින් ගන්න උසස් ප්‍රවෙණි ලක්ෂණ මුහුම් කරලා.

      Delete
  9. ඩී එස් ගේ දැක්ම ගැන නං කතා කරල වැඩක් නෑ තමා. ඒක ඒ තරම්ම සුපිරි දැක්මක්.. වනජීවි ගොන්නට 75 ක් පිරිමට සුභ පතන්න පුළුවන් එකම දේ ඔබ වැනි නිලධාරින් පිරිසක් ඉන්න එක ගැන විතරයි. දේශපාලුවො නෙමෙයි.. ඉතිං අපි අපේ පරිසරය ගැන මීට වඩා උනන්දු නොවුනොත් වෙන දේ අපිවත් දන්නෑ. මෙච්චර පුංචි රටක් ලෝකෙන්ම ජෛව විවිධත්වය තියෙන රටවල් අතර තියෙන සුපිරි 34 දෙනා අතර ඉන්න බවත් මේ අමනයෝ අමතක කරන එක තරං සහ ගහන අපරාධයක් තවත් නෑ

    ReplyDelete
    Replies
    1. ඔබ කිව්වා වගේ ලංකාව ලෝකෙ ජෛව විවිධත්ව උණුසුම් ස්ථාන තිස් හතර අතරේ ඉන්නවා. ලබන ඡන්දෙදිවත් අපි ඉස්කෝලෙ ගිය එවුං විතරක් ‍තෝරලා කතිරෙ ගහමු ..

      Delete
  10. දැන් ඊන්නේ කාබසන පාලකයෝනේ :( ඔක්කොම කනවා.

    …මම මේ ළඟදී ඇහුවේ සඳ ලංකාව පැත්තේ මොකක් හරි කැලයක් තියෙනවද අයියා. ඒ කැලෑවේ වටේ ගස් ටික ඉතුරු කරලා මැද ගස් ඔක්කොම කපලා දාලලු. දැන් පිට්ටනි වගේලු කැලේ මැද්ද

    ReplyDelete
    Replies
    1. මලේ මගේ මතකයෙ හැටියට සඳලංකාව කිට්‍ටුව වනජීවී රක්ෂිතයක් නෑ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතෙ තියෙන කැලෑවක් වෙන්න ඕනෑ.

      Delete
    2. වෙන්න ඇති අයියේ. යාලුවා කිව්වේ වටිනා කියන ගස් කොළං තියෙන කැලෑවක් කියලා

      Delete
    3. ඔය කියන්නේ දික් කැලේ ගැනයි, ඉතා වටිනා පරිසර පද්ධතියක් දැන් විනාශ කරලා

      Delete
    4. @ Anonymous May 4, 2013 at 9:50 AM

      ස්තුතියි

      Delete
  11. මම මේ පෝස්ට් එක විතරක් කියවල නිකා ඉන්නම්..
    වැඩි දුර දේවල් අපිට මෙහෙම එළිපිට කතා කරන්න
    බැහැ නෙව..ඔබ තවමත් රාජ්‍ය නිළධාරියෙක්.ඒ වගේම
    මේක දෙනෝ දාහක් එන යන තැනක්...

    පස්සේ දාක හෙමීට හම්බෙමුකෝ අපි....

    ReplyDelete
    Replies
    1. ප්‍රසිද්ධියෙ එලිපිට කියාගන්න බැරි දේවල් කප්පරක් තියෙනවා සහන් මලේ ...

      Delete
  12. මචං ඔන්න මගේ කමෙට්න් එක ස්පෑම් වෙලා.

    ReplyDelete
    Replies
    1. ඒක මට e mail කරන්න පුලුවන් ද මචෝ ..

      Delete
    2. මචං ඒක බ්ලොග් එකේම Design > Comments > Spam කියන තැන තියෙනවා. එතනට කමෙන්ට් එක ඉස්සරහ තියෙන බොක්ස් එක ටික් කරලා "Not Spam බටන් එක එබුවාම ගොඩ.
      උඹ මේක දැනටම දන්නවා නම්, මම මේ මෝඩ උපදේශය ඉල්ලා අස්කාර් ගන්නවා, මචං. :D

      Delete
    3. මචං ඒක බ්ලොග් එකේම Design > Comments > Spam කියන තැන තියෙනවා. එතනට කමෙන්ට් එක ඉස්සරහ තියෙන බොක්ස් එක ටික් කරලා "Not Spam බටන් එක එබුවාම ගොඩ.
      උඹ මේක දැනටම දන්නවා නම්, මම මේ මෝඩ උපදේශය ඉල්ලා අස්කර ගන්නවා, මචං. :D

      Delete
    4. පයිතගරස්ගෙන් උපදේශයක්.. හැක්..

      Delete
  13. ලොකු හුස්මක් හෙලල හිත සැහැල්ලු කරගත්ත එක කියමනකින්. "නිසි ආරක්ෂාවක් ලැබුනහම නැවතත් මුල් තත්වයට පත් වීමේ විශ්මිත හැකියාවක් පරිසරයට තියෙනවා.." අනේ ඉක්මනටම එනවනං ඒ දිනේ. කමක් නෑ කවද හරි ඒවි. උඹයි මමයි මේ ලෝකෙ නැති උනත්.... මම පොඩි උන් දෙන්නට මේක කිව්ව අපිට බැරි උනාට උන් හරි මේ සමාජය වෙනස් කරාවි.

    ReplyDelete
    Replies
    1. මලේ මම ඒක අත්දැකීමෙන් කිව්වේ. කුමන ජාතික උද්‍යානය 1985 - 2003 යුද්දෙ කාලයේ අවුරුදු දහ අටක් සම්පූර්ණයෙන්ම අත හැරලා දාලා තිබුනේ. 2003 නැවත විවෘත කරනකොට එක සත්තෙක් පේන්න හිටියේ නෑ. ඒත් අවුරුදු කීපයක් ඇතුලත සේරම සත්ව ගහනයන් මුල් තරමටම වැඩි වුනා. ගහකොළටත් ඒ වගේම නැවත වැඩෙන්න පුලුවන්.

      Delete
  14. දැන් දේශපාලන සහයත් ඇතිව පරිසරය විනාස කරන හැටි ගැන ප්‍රවුර්ති දැක්කම ඇඟේ ලේ කුපිත වෙන එක විතරයි වෙන්නෙ. හැබැයි ඉතින් ඒ වගේ මෝඩ දේශපාලුවන් ව ඒ තැන් වලට පත් කරල යවපු ජනතාවමයි ඒ ගැන වග කියන්න ඕන. ඩී.එස් සේනානායක වගේ ඉදිරි දැක්මක් තියෙන දේශපාලකයො ආයෙ කවදාක අපේ රටේ බිහිවෙයි ද දන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. මලේ ඉතිහාසයෙ හැමදාම යුගයට අවශ්‍ය නායකයින් බිහිවෙලා, අවශ්‍ය දේ කෙරුනා. ඉදිරියටත් එහෙම වෙයි කියලා හිතමු .

      Delete
  15. මටත් දැන් හිතෙනවා වනජීවී නිලදරයෙක් වුනානම් කියලා.

    ReplyDelete
    Replies
    1. මේක කොල්ලෝ රස්සාවක් නෙමෙයි, හරියට කෙරුවොත් පරම්පරා ගණනක් සුවපත් වෙන පිංකමක් ..!

      Delete
  16. //ඩී. එස්. සේනානායක වගේ සියවස් ගණනක් අනාගතය විනිවිද දකින්න පුලුවන් නායකයින් නැවත මේ රටේ පහලවෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු.//

    මේකනම් ඇත්ත ගාමිණී අය්යේ.

    ReplyDelete
    Replies
    1. එතුමාට 'ජාතියේ පියා' කියන එක හරියටම හරි මලේ ..

      Delete
  17. ඩී.ඇස් සේනානායක උතුමා ගැන නම් කියන්න වදන් නෑ ගාමිණී අයියා...ඒ වගේ දූරදර්ශී නායකයො ඒ කාලෙ පහළ නොවුනා නම් නැගෙනහිර පළාතෙ ජනතාවට අද පානීය ජලය පවා නැතිව යන්න තිබුනා...

    ReplyDelete
    Replies
    1. සේනානායක සමුද්‍රය නැතිව ගල් ඔය නිම්නයේ මිනිස් වාසයක් පවතින්න බෑ මලේ ..

      Delete
  18. ඩී. එස්. සේනානායක වගේ සියවස් ගණනක් අනාගතය විනිවිද දකින්න පුලුවන් නායකයින් නැවත මේ රටේ පහලවෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු.

    ReplyDelete
    Replies
    1. අපිට දැන් ඕනෑ ඒ වගේ නායකයින්, ලංකා ..

      Delete
  19. දැන් ඉන්න දේශපාලකයෝ නම් සේරම එකයි ගාමිණි අයියේ.. අයිය පුලුවන්නම් විශ්‍රාම යන්න කලින් අයිය වගේ පරිසරයට ආදරය කරන අවංක නිලදාරීන් ටිකක් හදල යන්න..

    ReplyDelete
    Replies
    1. දෙපාර්තමේන්තුවෙ ඒ වගේ දක්ෂ කොල්ලො ටිකක් හැදීගෙන එනවා මලේ. උන්ට යහපත් ආදර්ශයක් දෙන එකයි අපෙන් වෙන්න ඕන යුතුකම. අපට වඩා හොඳින් උං අපේ රටේ ස්වාභාවික සම්පත් ‍රැක ගනියි කියලා සුභවාදීව හිතමු.

      Delete
  20. බොහොම වැදගත් තොරතුරු ටිකක් ගාමිණි මාමේ , අද කාලේ දේශපාලුවෝ ගැන මතක් වෙන කොට මගේ ඇගේ ලේ පිච්චෙන ගතියක් දැනෙනවා , ඇත්තටම කැලෑ විනාශ කර කර හෝටල් ගහන එව්න් $#&*%[ත්‍රස්තවාදය වැළක්වීමේ පනත මතක් වුනි , ඉතුරු ටික ප්‍රසිද්ධියේ කීමට නොහැක ] , මෙවන් අමනයන්ගේ බලපෑම් යටතේ වුවද වන ජීවී නිලධාරීන් කරන සේවය ඉතා අගය කොට සලකමි . D S සේනානායක මැතිතුමා ඉතා ශ්‍රේෂ්ට මිනිසෙකි අද සිටිනා එව්න් එතුමා සමග සංසන්දනය කිරීමට වත් නොහැක එතරම් ම මන්ද බුද්ධිකයින් පිරිසකි

    ReplyDelete
    Replies
    1. උං ගැන මටත් කියන්න තියෙන්නේ ඒ ටිකම තමයි පුතා ..

      Delete
  21. ඒ කාලේ දේශපාලකයෝ වන සම්පත ආරක්ෂා කළා අදකාලේ ඉන්න එවුන් කැලෑ කපලා හෝටල් ගහනවා අනේ කාලේ වනේ වාසේ කිව්වලු

    ReplyDelete
    Replies
    1. උං රත්තරං බිජ්ජ ගන්න හදන්නේ තාරාවගෙ බඩ පළලා ...!

      Delete
  22. ගොඩක් සතුටු හිතුන මේ බ්ලොග් එක දැක්කම. මට ඔබතුමාගෙන් පොඩි උපදෙසක් ඕනෙ. මගේ අක්කර තිහක ඉඩමක් තියෙනව සිංහරාජෙ කිට්ටුව ( සංවේදී කලාපවලින් පිටත ). මම දැනට මේ ඉඩමේ කොටසක තේ වවාගෙන යනවා. ඉඩමේ අක්කර පහලවක විතර කොටසක් මම කැලේට ඇරලා තියෙනවා සත්තුන්ට සහ මට නිදහසේ ජීවත් වෙන්න. කවද හරි දවසක මමත් ඔතන ගිහින් පදිංචි වෙනවා බිරිඳත් එක්ක. දැනට සිංහරාජේ ඉඳල එන ගෝන්නු, වල් ඌරෝ, ඕලු මුවෝ එහෙම ඉන්නවා. මම ඉඩම වටේ කම්බි ගහන්නෙ නැත්තෙ සත්තුන්ට බාධාවක් නැතුව යන්න එන්න පුළුවන් වෙන්න.

    ඒත් ගෝන්නු මම වගා කරපු කොටසට ඇවිත් තේ වගාව මැද හිටවන වැටිමාර ගස් කනවා. තේ වලටනම් හානියක් නෑ. ඒත් තේ වගාවට වැටිමාර අවශ්යය් ජලය රදවාගන්න සහ සෙවනට. ඒ වගේම අතුරු වගාවක් හැටියට ගම්මිරිස් වවන්න පුළුවන් මේ වැටිමාර ගස් ටික හදාගත්තොත්. එත් ගෝන මට chance එකක් දෙන්නෙම නෑ. මම හිටවපු ගස් තුන්සීයක් එක සති දෙකට ඉවර කළා. පාඩුව දහස් ගානක්. මම විසදුම් හැමතැනින්ම හෙව්වා එත් හම්බුනේ නැහැ. කටු කම්බි ගහන්නත් මම කැමති නැහැ. සත්තුත් රැකගෙන වගාවත් කරගන්න පුළුවන් ක්‍රමයක් කියල දුන්නොත් ලොකු උදව්වක්.

    ReplyDelete
    Replies
    1. චාමරට අයිති සම්පත් වන සතුන් එක්ක බෙදා හදා ගන්න හිතපු එක හුඟක් අගය කරනවා. අපේ පැරණි සංස්කෘතියෙ ඒ වගේ සාධාරණ සම්ප්‍රදායයන් තිබුනා. ඉස්සර හේන්, කුඹුරු යායවල කොටසක්, කුරුළු පාලුව, ඇත් පාලුව කියලා සත්තුන්ට නිදහසේ භුක්ති විඳින්න අත හැරියා.

      මගේ වත්තෙ පොල් පැල ටික බේරගත්තෙ ඒවා වටේ කුකුල් දැල් ගහලා. ගෝනෙකුට කන්න බැරි තරම් ලොකු වෙනකම් පැලටික බේරගන්න වෙනවා. ක‍ටු කම්බි ගහන එක ලේසි නම් එහෙම කරන්න. ඒකෙන් සත්තුන්ට අනතුරක් වෙන්නෙ නෑ. ක‍ටු වලින් බේරිලා ඉන්න හැටි උන් දන්නවා.

      Delete
    2. බොහොම ස්තුතිය් ඔබතුමාට

      Delete
  23. මේ බ්ලොග් එක කලින් දැක්කත් එන්න ලැබුනෙ අදයි. අපේ සීයත් ජනපද ව්යාපාරය යටතෙ ඉඩම් ලබා ගත්තු කෙනෙක්. ඒක අයිති වුනේ අපේ තාත්තට. මම ඉස්කෝලෙ නිවාඩු ලැබුනාම එහෙ යනවා. හරිම සොඳුරු මතක ටිකක් තියෙනවා. හේන්වල වවපු හැටි, ගොයම් කපන කාලෙට අම්මත් එක්ක ඇම්බුල ගෙනියන හැටි. කැලේට මගෙ හිතෙත් අප්‍රමාන ආදරයක් තියෙන්නෙ ඒක වෙන්න ඇති.අපේ ඉඩමත් අක්කර හතක් විතර තිබුනා. හැන්දැවට සියඹල ගහක් යට ඉඳගෙන හුලං වැදි වැදි ඉඳගෙන ඉන්නව.ඒත් අපිට පස්සෙ ඒ ඉඩම් විකුනන්න වුනා. මතක් වෙද්දිත් දුකයි.

    ReplyDelete
    Replies
    1. ගොවිජනපද ව්‍යාපාරවලින් ඉඩම් ලැබුනු සමහර අය පරම්පරා කීපයක් යනකොට දරුවන්ගෙ අධ්‍යාපනය, ‍රැකියා අවස්ථා වගේ හේතූන් නිසා තමන්ට ලැබුනු ඉඩම් විකුණලා නාගරික පැතිවලට සංක්‍රමණය වුනා. ඒකෙ වරදක් දකින්න බෑ.

      Delete