මේ පාර දැයට කිරුළ ප්‍රදර්ශණයේ බරපතල වැඩ කොටසක් දෙපාර්තමේන්තුවට පැවරිලා තිබුනා. වන අලි ගැවසෙන අම්පාර වැව ආශ්‍රිතව ප්‍රදර්ශණ භූමිය තියෙන නිසා අලි ප්‍රදර්ශණේ බලන්න එන එක වලක්ව ගන්න විදුලි වැට දෙකක්ම හදලා, රැක බලා ගන්න ලොකු පිරිසක් යොදවලා ඉන්නවා.
ප්‍රදර්ශණයේ දෙපාර්තමේන්තු භූමිය සැලසුම් කරලා සකස් කරන්න පැවරිලා තිබුනේ ගිරිතලේ වනජීවී පුහුණු කේන්ද්‍රයට සහ පශු වෛද්‍ය ඒකකයට. දෙපාර්තමේන්තුවෙ කාර්ය භාරය හා වගකීම් විවරණය කෙරෙන ප්‍රදර්ශණ කුටියක් (Dome) සහ දෙපාර්තමේන්තුවෙ පශු වෛද්‍ය ඒකකය විසින් පුනරුත්ථාපනය කෙරෙන අනාථ වන සතුන් ප්‍රදර්ශණය කෙරෙන භූමියක් සකස් කරන්න තීරණය කෙරිලා තිබුනා. වැඩි කතා ඕන නෑ. පින්තූරවලින්ම වැඩේ පහැදිලි කරගමුකෝ.
ප්‍රදර්ශණ කුටියේ පිවිසුම, යාල උද්‍යාන පිවිසුමේ ආකෘතිය අනුව ඉතාම නිර්මාණශීලීව සකස් කරලා තියෙන්නේ, ලාහුගල උද්‍යාන භාරකරු සියාසිංහ මහත්තයාගේ අදහසක් අනුව.
ප්‍රදර්ශණ කුටිය ඇතුලත දෙපාර්තමේන්තුවෙ වගකීම් හා කාර්ය භාරයත්, ශ්‍රී ලංකාවෙ වනජීවී රක්ෂිත ජාලය පිලිබඳවත් විස්තර කෙරෙන පුවරුවලින් සමන්විතයි. අපේ වනජීවී රක්ෂිත ජාලයට පහුගිය පෙබරවාරි මාසෙ දි වසර 75 ක් පිරුනා. ඒක තමයි ප්‍රධාන තේමාවවුනේ.

පුවරු අතරට වනසතුන්ගෙ නිදර්ශක සහ උන්ගැන විස්තර ඇතුලත් පුවරු යොදලා තියෙනවා. ජයසූරිය මහත්තයාගෙ වැඩ ගැන ඉතිං අමුතුවෙන් කියන්න ඕන නෑනේ.
ප්‍රදර්ශණ කුටියෙන් පිටත භූමියත් ඉතාම ආකර්ශණීයව සකස් කරලා තියෙනවා.
ශ්‍රී ලංකාවෙ වනජීවී රක්ෂිත ජාලය විදහා දැක්වෙන සිතියම සකස් කළෙත් ජයසූරිය මහත්තයාම තමයි.
සර්ප කුටියකුත් සකස්කරලා තියෙනවා. විශේෂ ගණනාවක ජීවී සර්පයින් එතන ප්‍රදර්ශණය කෙරෙනවා. සර්පයෙක් දැක්ක පමණින්ම පොල්ලක් අතට ගත යුතු නෑ කියලා පැහැදිලි කරන්න තමයි එතනදි උත්සාහ කරන්නේ.
මේ පිඹුරු තඩියා දඹුල්ලෙ ගෙවත්තක ඉඳලා බේරා ගත්ත එකෙක්.
මේ සර්පයාට හැව ඇරගන්න උදව් කරන්නේ අපේ කොල්ලො දෙන්නෙක්.
මේ කිඹුල් තඩියා අක්කරපත්තුව පැත්තෙ ගමකට ඇවිල්ලා ඉන්නකොට බේරා ගත්තු එකෙක්.
මේ අලි පැංචියො දෙන්නා උඩවලවෙ අත් අතුරු සෙවනෙන් ගෙනාපු දෙන්නෙක්. වැටෙන් පැනලා ආපහු ගෙදර යන්න හදන එකී අම්පාරෙ දීඝවාපිය පැත්තෙ අතරමං වෙලා ඉන්දැද්දි බේරගෙන ඇත් අතුරු සෙවනේ රැකවරණයට පත් කරපු එකියෙක්. අනිත් එකී ගෙනැත් තියෙන්නේ ලුණුගම්වෙහෙරෙන්.
විජිතමුණි ඇමතිතුමාගෙන් අලි පැංචියන්ට කිරි.
අම්පාර පැත්තේ ගෙවල්වල ඉඳලා හමුවුණු මුවෝ දෙන්නෙක්. තුවාලවෙලා ඉඳලා ගෙනැත් හදනකොට දැන් හීලෑ වෙලා නිසා කැලේට යන්නෙ නෑ.
කල්මුණේ පැත්තේ ලිඳක වැටිලා ඉඳලා බේරගත්ත හඳුන් දිවියෙක්. ඌට නම් මල පැනලා ඉන්නේ. කිට්ටුවෙන කොට පුප්පනවා.
අම්මා මැරිලා අනාථවුනු උගුඩු පැටව් තුන්දෙනෙකුත් ඉන්නවා. උන්ට සිරිංජයකින් කිරි පොවන්නෙ අම්පාර පශු වෛද්‍ය ඒකකයේ ලෝරන්ස්. ලෝරගෙ සත්තුන්ට තියෙන ආදර කරුණාව උගේ ඇඟ දිගෙත් බේරෙනවා.
මේ සියලුම අනාථ සතුන් ආපසු ස්වාභාවික පරිසරයට මුදා හැරෙන බවත් සටහන් කරලා තියන්න ඕනෑ.
දැයට කිරුළේ වනජීවී සංරක්ෂණ දේපාර්තමේන්තුවෙ ප්‍රදර්ශණ භූමිය ආකර්ශණීයව සකස් කිරීමේ අභියෝගය ජයගැනීමේ ගෞරවය ලාහුගල උද්‍යාන භාරකරු ප්‍රදීප් සියාසිංහ, පශු වෛද්‍යවරුන්වන ප්‍රමුදිත දේව සුරේන්ද්‍ර, පුෂ්ප කුමාර, සහ අපේ ජයසූරිය, රංජිත් විජිත මහත්වරුන් ඇතුලු කණ්ඩායමට හිමි වෙන්න ඕනෑ.
ඉතින් ප්‍රදර්ශණය ආරම්භ වෙනකොට, සැලසුම් කරලා තිබුනු සියල්ල ඒ විදියටම නිම කරගන්න ලැබීම හැමෝටම සතුටක්වුනා. රාජ්‍ය සේවයෙ නීති රීති, රෙගුලාසි රාමු තුල මේවගෙ කටයුත්තක් කලට වෙලාවට නිම කරන එක ඇත්තටම අභියෝගයක්.
සේරටම වඩා අමාරු සමහර උදවියගෙ පුද්ගලික ආකල්ප එක්ක මේවගෙ දේවල් කරන එක. ඒ වගෙ දේවල් බාධක හැටියට බාරගන්නෙ නැතුව අභියෝග හැටියට බාරගත්තොත්, ඒවා අපි කරන යහපත් දේවල්වලට අමතර වටිනාකමක් දෙනවා කියලයි මට හිතෙන්නෙ.