මගෙ යාලුවෝ

Tuesday, October 30, 2012

28. බිලිගිරි රංගා

සරු කෙත්බිම් - පසුබිමින් නිල්ගිරි කඳු වැටිය



කලින් පෝස්ට් එකේ විස්තර කරපු බන්ඩිපූරයේ ගත කරපු දිනදෙකෙන් පස්සෙ අපි යන්න පිටත් උනේ නැගෙනහිර ඝාට් කඳු වැටියේ කොටසක් ආරක්ෂා කරන 'බිලිගිරි රංගා' අභය භූමියට. බිලිගිරි කියන්නෙ 'සුදු කඳුවැටිය' කියන අර්ථයෙන් බව අහන්න ලැබුනා. අභය භූමියක් වගේම ඒක ව්‍යාඝ්‍ර රක්ෂිතයක් හැටියටත් නම් කරලා කළමනාකරණය කෙරෙනවා.

කූඩාරම් කඳවුර  (Tented Camp)
මග දෙපස සාරවත් කෘෂිකාර්මික ඉඩම් පහු කරගෙන ගිහිල්ලා කඳුකරයට නැගුනු අපි, බිලිගිරි රංගා අභය භූමියේ පිවිසුම පහුකරගෙන ගිහින් ඒකේ මූලස්ථානයට ලඟාවුනා. පරිපාලන ගොඩනැගිලිවලට අමතරව එතන අලි ගාලක්, නිලනිවාස, කඳවුරු බිමක්, අවන් හලක් වගේ දේවලුත් තිබුනා.

අභය භූමියේ මූලස්ථාන සංකීර්ණයේම එක් කෙලවරක ඉදි කරලා තිබුණු කූඩාරම් කඳවුරක (Tented Camp) තමයි අපට නවාතැන් සපයලා තිබුනේ. කූඩාරමක් කිව්වට ස්ථිරව ඉදිකරලා තිබුණු ඒකේ ඇතුළ ඉතාම සුව පහසු විදිහට සකස් කරලා තිබුනා. අද පාරිසරික සංචාරක කර්මාන්තයෙ තියෙන ජනප්‍රියම අංගයක් තමයි ඒ වගේ ස්වාභාවික පරිසරය ආශ්‍රිතව ඉදිකෙරෙන කූඩාරම් කඳවුරු. බිලිගිරි රංගාවෙ අපි හිටපු කඳවුර රජයටම අයත්, ස්වාභාවික පරිසරයට අවම බලපෑමක් ඇතිවෙන විදියට අභය භූමියේ පරිපාලන මූලස්ථානයේම
සුව පහසු කූඩාරම
කොටසක ඉදිකරපු එකක්.  ඒ වගේම වෘත්තීය මට්ටමේ සේවාවක් සැපයුනා. පාරිසරික සංචාරක කටයුතු කළමනාකරණය ගැන අපි ඉගෙන ගතයුතු බොහෝ දේ එතන තිබුනා.


පහුවදා උදේ අභය භූමියෙ නිලධාරීන් කීප දෙනෙක් අපිව කඳුමුදුනක් වෙත දිවෙන ස්වාභාවික පා මගක (Nature Trail) එක්ක ගියා. ස්වාභාවික පරිසරයට වඩාත් සමීප වෙන්න පුලුවන් නිසා ඒ වගෙ පා මගක යන්නත් සංචාරකයො ඉතාම ප්‍රිය මනාපයි. සංචාරකයින් සඳහා ඒ වගෙ පා මගක් ඉදි කරනකොට විශේෂයෙන් සැලකිලිමත් වෙනවා වනසතුන්ගෙ තර්ජනයක් නැති, ආරක්ෂා සහිත තැනක් ‍තෝරාගන්න.
කඳු මුදුනේ (වල්) ඇතා
අපිත් ඉතිං අවට සිරි නරඹමින් කඳු මුදුනට එනකොට මෙන්න යකෝ පඳුරක් අස්සෙ හෙන දළ ඇතෙක්. අපි හිටපු තැනට මීටර් පනහක් හැටක් විතර ඈතින් ටිකක් උස තැනක හිටපු ඌ අපිව දැක්කට සත පහකට ගණං ගත්ත බවක් පෙනුනෙ නෑ. අපි ඊලඟට වෙන්නෙ මොකද කියලා බලාගෙන ඉන්දැද්දි, ඌත් එහාට මෙහාට හැරි හැරි හිටියා. වල් කමක් පේන්න නොතිබුනාට ඌ වල් ඇතෙක් කියලා අපිත් එක්ක ආව නිලධාරීන් කිව්ව නිසා අපිත් ඒක ගැන වැඩි දුර අහන්න ගියේ නෑ.

සුන්දර ඝාට් කඳුවැටිය
නැගෙනහිර ඝාට් කඳු වැටියෙ සුන්දරත්වය එතනට හරි අපූරුවට පෙනුනා. වටපිට බලලා ආපහු එනගමන් අපි අලිගාල බලන්නත් ගියා. ඒකේ රඳවලා ඉන්නෙ කර්ණාටක කැලෑ දෙපාර්තමේන්තුවට අයත් හීලෑ අලි ඇතුන් කීප දෙනෙක්. ඉස්සර වනාන්තරවල දැව නෙලීමේ කටයුතුවලදි ඒ අලි ඇතුන් යොදාගත්තත් දැන් උන් විශ්‍රාම ගන්වලා ආගමික උත්සව කටයුතුවලට විතරක් යොදා ගන්නවා කියලා දැනගන්න ලැබුනා. ඔක්කොම අලි ඇත්තු හතර දෙනෙක් ඉන්නවා කිව්වට ඒ වෙලාවෙ ගාලෙ හිටියෙ තුන්දෙනයි. අනිත් එකා උත්සවේකට කොහාටද ගෙනිහිල්ලා කිව්වා. අපේ එවුං මූණට මූණ බලාගෙන මොනවද අහන්න හැදුවත් මම උන්ට ඔරවලා ඒක නවත්ත ගත්තා. අපේ එවුන්ටත් ඕන්නැති මඟුලක් නෑ.


සොලිගාවන් එක්ක කතා බහක්
බිලිගිරි රංගාව වන සතුන්ගෙ වගේම 'සොලිගා' ගෝත්‍රික ජනතාවගෙත් වාස භූමිය. අභය භූමියෙ තැන තැන සොලිගා ජනාවාස තිබුනත් ඔවුන්ගෙන් වනාන්තරයට වෙන හානිය අවමයි කියලා තමයි අහන්න ලැබුනේ. අභය භූමියෙ කළමනාකරණයට සහභාගි කර ගැනීමත්, ඔවුන් සඳහා කෙරෙන සුභ සාධන කටයුතුත් නිසා කැලෑ නිලධාරීන් එක්ක  ඉතාම යහපත් සම්බන්ධතාවයක් ඔවුන්ගෙ තියෙන බව පෙනුනා. අපි ගිය සොලිගා ගම්මානයෙ වටේටම විදුලි වැටක් ඉදිකරලා අලින්ගෙන් ගෙවල්, ගොවි බිම් ආරක්ෂා කරලා තිබුනා.
Add caption
කොහොම උනත් සොලිගාවන්ගෙ කුකුල් කූඩු වගේ ගෙවලුයි, දිළිඳුබව වැගිරෙන මූණු ටිකයි දැක්කහම නම් දුක හිතෙනවා.

අභය භූමිය ඇතුලෙ යන එන ගමන් දැකපු සතුන් අතරින් කලින් නොකියවුන සතෙකුට හිටියේ 'වැලි මුවා' (Barking Deer) විතරයි. අපේ රටේ වනාන්තරවලදි නිතර දකින්න නොලැබුනත් බිලිගිරි රංගාවෙදි වැලි මුවෝ කීප දෙනෙක්ම දැක්කා.

බිලිගිරියෙ ගත කරපු දවස් දෙකකට පස්සෙ අපි මයිසෝරය හරහා ආපහු බැන්ගලෝරයට ඇවිත් තමයි චෙන්නායි යන්න කෝච්චියට නැග්ගෙ. මයිසෝරයෙදි පොඩි සාරි වන්දනාවකත් ගියා. ඉන්දියාවෙ ගිහින් ආපහු එනකොට සාරියක් දෙකක් ගෙනාවෙ නැත්තම් ගෙදරට බාරගන්නෙ නෑනෙ.

තද බද වූ කෝච්චියේ ‍රැයක්
ඉන්දියාවෙ කෝච්චි ගමනත් හරි අපූරු අත්දැකීමක්. කලින් ආසන වෙන් කරලා තිබුන නිසා කෝච්චි පෙට්ටි අංකයයි ආසනයෙ අංකයයි කලින්ම ලැබිලා තිබුනා. කෝච්චි පෙට්ටියෙ එලියෙ අලවලා තියෙන කොලේක ආසන අංකය ඉදිරියෙන් මගියගෙ නමත් සඳහන් වෙනවා. ඒ නිසා සීට් එකක් අල්ල ගන්න ගහ මරා ගන්න ඕන නෑ. ඒ උනාට මගෙ සීට් එකට ඉස්සරහ සීට් එක වෙන්කරගෙන තිබුනු ඉන්දියානුවා ඇවිත් ඒකෙ සැපට නිදා ගන්න හරිබරි ගැහිලා සෙට් වෙනකොටම වෙන එකෙක් ඇවිත් ඒ සීට් එක උගේ කියලා රණ්ඩු වෙන්න පටන් ගත්තා. බලන කොට ඌටත් ඒ සීට් එකම වෙන් කරලා. පස්සෙ ටික්කෙක් ඇවිත් ඌට වෙන පෙට්ටියක සීට් එකක් හොයලා දීලා ෂේප් කර ගත්තා.

කෝච්චියෙ කූඩුවෙලා රෑ එලිවෙනකම් ඇවිත් චෙන්නායිවල දි දැකපු නයි පොළොංගු, කිඹුල්ලු ගැන ඊලඟ පෝස්ට් එකෙන් කියවමු.




60 comments:

  1. ගාමිණී අයියා සුපිරි පෝස්ට් එක.හොඳට විස්තර කරලා තියනවා.පිංතුරත් නියමයි. ජයම වේවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මලේ ... ජය වේවා ...!

      Delete
  2. සුපිරි කියන්නේ මැක්සා ගාමිණි මහත්තයෝ. නයි පොලොඟු ගැන විස්තරේ ඉක්මනින්ම දාන්න. අපේ ලංකාවේ අයටත් ඕව බලන් ගන්න තියෙන හොඳ දෙයක් අරන් ලන්කාවෙත් ඒවගේ කලොත් හොඳයි නේද වගකිව යුතු තැන් එක්ක සාකච්චා කරලා

    ReplyDelete
    Replies
    1. කෝරලේ මහත්තයා, මම ඉතිං මැන්ටල් පොර නිසා නයි පොලොංගු, කිඹුල් කතන්දරේ ලියාගන්න සතියක් දෙකක් යාවි.
      වනජීවීන් පිළිබඳ ලංකාවෙ නීති රීති ටිකක් තදයි. ඒ නිසා අපිට ඉන්දියාවෙ කරන දේවල් ලංකාවෙ ඒ විදියටම කරන්න අවසරයක් නෑ. පුංචි රටක් නිසා තියෙන ටික ‍රැක ගන්න ඕනනේ. කෝරලේ මහත්තයා මතක් කරපු කාරණා ගැන මම ඊලඟ පොස්ට් එකේ විශේෂයෙන් සඳහන් කරන්නම්.

      Delete
  3. පහු ගිය සති අන්තයේ යාල රවුමක් ගහන කොට ගාමිණි අයියව මතක් උනා..අර කෞතුකාගාරයෙදි..
    එන්න ඕනි ගිරිතලේ පැත්තෙත්..
    වෙනදා වගේම තොරතුරුමය වටිනාකම ඉහලම ලිපියක් තමයි..
    \\වල් කමක් පේන්න නොතිබුනාට ඌ වල් ඇතෙක් කියලා අපිත් එක්ක ආව නිලධාරීන් කිව්ව නිසා ..\\
    අලියෙක් කොච්චර වල්ද කියලා දැන ගන්නෙ කොහොමද හැබෑටම අයියෙ ?
    හා හා ඉතින් මෙතන ලියන්ඩ බැයි නම් ආන් ඊමේල් එකට වත් උත්තරයක් එවන්ඩකො..
    :-D

    ReplyDelete
    Replies
    1. ඇයි බං වෙනී උන්ගෙ යට පැත්තෙ තියෙනවනෙ ඒක පෙන්නන ඉන්ඩිකේටර් එකක් උඹ පෙරහැරවල හෙම බලලා නෑ? :D

      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
    2. වෙනි මලේ ඔන්න හෙන්රියා මම වෙනුවෙන් නිවැරදිම උත්තරේ දීලා තියෙනවා. ඒකට තව ටිකක් එකතු කරන්නම්.

      මිනිස් ඉව වැ‍ටුනු වල් (වන) අලියෙකුගෙ හැසිරීම වහාම වෙනස් වෙනවා මලේ. තනි පිරිමි අලියෙක් නම් හුඟක් වෙලාවට කන් දෙක විහිදලා නිශ්චල (freeze) වෙනවා. පැටව් ඉන්න අම්ම කෙනෙක් නම් වහාම පැටවුනුත් ඉස්සර කරගෙන පැනලා යනවා. නැත්නම් පහර දෙන්න කඩා පනිනවා. එදා දැකපු ඇතා මේ මොකුත් නොකර නොදැක්කා වගේ කකා හිටියා.

      ගිරිතලේ පැත්තේ ඇවිත් යමු මලේ.

      Delete
    3. සිකේ මේ හෙන්රි මහ වල් උත්තරයක් නොවැ දීලා තියෙන්නෙ !..සත්තු වත්තෙදි නම් දැකලා තියේ කකුල් පහේ අලි !..
      හරි එහෙනම් අයියාගෙ උත්තරේට අනුව යාල අපි දැක්ක ඇත් පැටවා අපි හිටියා කියලා වගේ වගක් නැතුව අකුලක් අස්සට වෙලා හිටියා..පස්සෙ කාවවත් ගනන් ගන්නෙ නැතුව පාර පැනලා ගියාලු..
      ඒත් යාල ඉන්නෙ වන අලි නේද ? එයාලව බලන්න මිනිස්සු ගොඩක් යන එන නිසා ඒ ගොල්ලන්ගෙ වන හැසිරීම් වෙනස් වෙලා ඇතියි කියලයි මට හිතුනෙ..

      Delete
    4. මල්ලි කිව්වා වගේ යාල අලි නම් මිනිස්සු දැකලා හුරු වෙලා ඉන්නේ (පරිචයනය - Habituation). සාමාන්‍ය වල් අලියෙක් තරම් උන් කලබල වෙන්නෙ නෑ.

      Delete
  4. ලස්සන විස්තරයක්... බොහොම සංයමයෙන් ලියපු බවක් පේනවා...

    කෝච්චි ගැන කියද්දි චෙන්නායි වල සිට කොයිම්බතූර් දක්වා සිරා ගිය 512 Km දුර දුම්රිය ගමන තමයි සිහි වුනේ... එක් තැනක ඇදන් 3ක් එක පිට එක තියෙන දුම්රිය මැදිරියෙ රන් ආභරණ වලින් සන්නද්ධ වෙලා ලස්සන සාරියකින් සැරසුනු තරුණියක් මගේ ඇදට උඩ ඇදේ නිදාගෙන හිටිය නිසාමදෝ මට නම් නින්ද ගියේම නෑ...

    ReplyDelete
    Replies
    1. එහෙම වෙලාවක නම් මං වගේ මැන්ටලේකටවත් නින්ද යාවිද මන්දා ..!

      Delete
  5. ඔක්කෝමත් හරි මේක දැක්කමනේ හිනා ගියේ...

    //ඉන්දියාවෙ ගිහින් ආපහු එනකොට සාරියක් දෙකක් ගෙනාවෙ නැත්තම් ගෙදරට බාරගන්නෙ නෑනෙ.//

    ReplyDelete
    Replies
    1. මලේ ගෙදර අගුපිලේ තමයි නිදාගන්න වෙන්නේ ...!

      Delete
    2. ඇත්තට තත්වේ තරාතියම ඒ ගොල්ලන්ට වැදගත් නෑ කියන්න කදිම නිදසුනක්. හෙහ් හේ....

      Delete
  6. මචං, උඹත් මෙලෝ සිහියක් නැති බුවා හන්දා මට ඉඩ දීහං උඹේ බ්ලොගේට අවුරුද්දක් සම්පූර්ණ වීමට සුභ පතන්න.

    උඹ ඉස්සෙල්ලම ලිව්වෙ ටියුබ් ලයිට් කියන පෝස්ට් එක 2011 ඔක්තෝබර් 11 වෙනිදා.

    මේ උඹේ බ්ලොගේ පළවෙනි කමෙන්ට් එක. දැම්මෙ ඩූඩ් කියලා පිස්සු ඩයල් එකක්
    "අලුත් බ්ලොගියට ජයවේවා.
    ඕවාට බට ලයිට් කියාද කියනු ලැබේ. කරුමෙට අපට හම්බවෙන තරමක් හම්බවෙන්නේ බට ලයිට්ය. බොහෝ විට ස්ටාර්ටරයම මාරුකල යුතුය."

    උඹේ බ්ලොග මගෙ ප්‍රියතම බ්ලොග් වලින් එකක් මචං.

    බ්ලොග් ලෝකයේ දිග ගමනක් යන්නට උඹටත්, උඹේ බ්ලොගේටත් ආසිරි.

    ඒ වගේම, මේ බ්ලොග් ලෝකයෙ පළමුවතාවට, තමන්ගෙ බ්ලොගේ සංවත්සරය අමතක වෙච්ච පිස්සු ඩයල් එකකට, ඊටත් වැඩිය පිස්සු ඩයල් එකක් වන උගේ හොඳම යාලුවෙක් ඒක මතක් කරලා දීපු දුර්ලභ අවස්ථාවක්.

    උඹේ වෙඩිං ඇනිවර්සරි දවසට මට උඹ ගැන දුකයි මචෝ.:D

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. අම්මපා උඹ මතක් කරනකම් මට ඒ ගැන නිච්චියක් තිබුනේ නෑ. මතක් කරලා සුබ පැතුවට ස්තුතියි මචං.

      වෙඩිං ඇනිවර්සරියට තව ටික කලක් තියෙනවා මචෝ. (ජුනි 20). මගේ බිරින්දෑට ලියාපු පළමු පෙම්පතේ 35 වැනි ඇනිවර්සරිය නම් අනිද්දාට (නොවැම්බර් 1) යෙදිලා තියෙනවා.

      Delete
    2. පිස්සු ඩයල් දෙකක් එකට සැට් ‍වූ දුර්ලභ අවස්ථාවකි....මගෙනුත් සුභ පැතුම්...

      Delete
    3. ස්තුතියි සිරා මලේ. හෙන්රියයි මායි එකම ගමේ හැදිලා වැඩිලා, එකම වහලක් යට අකුරු කලේ. අපි දෙන්නට එකම ජාතියේ පිස්සුවක් හැදුනු එකේ අරුමයක් නෑ.

      Delete
    4. මාත් සුබ පතනවා!!

      Delete
    5. ජේත්තුකාර ඩුඩේ උඹේ වැඩ නං මසුරං බං. පිස්සු උනාම බොට හොදට එක එක ඒවා මතක තියෙනවා. උඹේ කල්කිරියාව සහසුද්දෙන්ම අනුමත කොරනවා. පිස්සන් ඩබලටම ජය

      Delete
    6. පිස්සු හැදෙන ඇනිවසරියක් නේ, සුබ පතනවා ලොකු අයියට.

      Delete
    7. චන්දන, දේශක, සුදීක මල්ලිලා සේරටම ස්තුතියි, සුබ පැතුවාට.

      1977 දී අපි යාලු වෙලා, 1985 දී කසාද බැඳලා දරු පැටව් දෙන්නෙක් හදා ගත්තා. මම කැලේට කොලේට වෙලා ඉන්දැද්දි එයා උන්ට කවලා, පොවලා, උගන්නලා දෙන්නම උසස් අධ්‍යාපනයටත් යැව්වා. උන් දෙන්නා දැං කාටවත් බරක් නොවී රස්සාවල් කරනවා. මලේ, මම කවදා හරි මැරෙන්නේ බක බක ගගා හිනා වෙවී.

      Delete
    8. ඔව් ඔව් ඒ වෙලාවට හිනා ඒවි තමා
      “නෝනා දරුවන්ට කැව්වා.. මම... මං සත්තුන්ව කෑවා (කැමරාවෙන්)“ කියල

      Delete
  7. ගාමිනි අය්යාගේ විස්තර කිරීමනම් හරි අපූරුයි..!
    අර මිනිස්සු දැක්කම ...පව් කියල හිතෙනව...දරිද්‍රතාවයේ උපරිම වගේ.!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මලේ ..!

      ඉන්දියාවෙ ගෝත්‍රික ජනතාව වෙනුවෙන් රජය ලොකු සුබ සාධන වැඩසටහනක් ගෙනියනවා. ඒත් ඒ අයගෙ මූනෙ ඇඳිලා තියෙන දරිද්‍රතාව නම් කවදාවත් මැකෙන එකක් නෑ වගේ.

      Delete
  8. "Tented camps " අලුත් දෙයක් උගත්තෙමි.ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. පෞද්ගලික අංශයේ කූඩාරම් කඳවුරු ලංකාවෙ උද්‍යානවලත් ක්‍රියාත්මක උනා මලේ. ඒත් ඒවා සීමාවන් ඉක්මවා ගිය නිසා පහුගිය දවස්වල ජනාධිපති තුමාගෙ උදහසට ලක්වෙලා ඉවත් කළා.

      Delete
  9. ශ්‍රී ලංකාවේ වනෝද්‍යානවලටත් මේ ඉන්දියානු ආදර්ශ ඇතුළත් කරලද තියෙන්නේ ??

    ReplyDelete
    Replies
    1. ම් ....හ් ..... හ් .... ම්හ් .....!!! ....???

      Delete
    2. මම ඇහුවේ සංචාරක ආකර්ෂණ වැඩ සටහන්, කූඩාරම් කඳවුරු වගේ ඒවා ?

      Delete
    3. මලේ මේ කටයුතු සම්බන්ධයෙන් පහුගිය දවස්වල දෙපාර්තමේන්තුව මාධ්‍යවල අවධානයට ලක්වුනා දකින්න ඇති. ඒ සම්බන්ධයෙන් 'මතයක්' ප්‍රකාශ කරන්න මට අයිතියක් නෑ.

      Delete
  10. ඔබ කියන දේ හරි ඇත්ත.. ඉන්දියාවෙ රාජ්ය අනුග්‍රහයෙන් කෙරෙන හැම දෙයකින්ම අපිට ලොකු ආදර්ශ ගන්න පුලුවන්.. ඒකට මූලික හේතුව ඉන්දියාවෙ පරිපාලන තන්ත්‍රය දේශපාලනයට යට නොකර තිබීමයි කියල මම හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් ලංකා ... කෙනෙක් කිසියම් වෘත්තීයක කාලයක් යෙදුනහම ගොඩනැගෙන වෘත්තීයමය පෞරුෂය හා අධිකාරිය බය නැතුව පාවිච්චි කරන්නෙ නැත්නම්, ඒකට අවස්ථාවක් ලැබෙන්නෙ නැත්නම්, ඒක කරුමයක්.

      Delete
  11. ලස්සන විස්තරයක් අයියා.

    ReplyDelete
  12. නියම විස්තරයක්. ඉතුරු ටිකත් දාන්න.

    ReplyDelete
    Replies
    1. නයි කිඹුල් කතන්දරෙත් ඉක්මනින්ම දානවා මලේ ...

      Delete
  13. ගාමිණි අයියා සංචාරක සටහන් ලියන හැටි හරි අපූරුයි. සරළයි. හැමෝම ලිපිය හොඳයි කියලා තියෙන හංදා මම වෙන දෙයක් අහන්නම්.

    ගාමිණී අයියා ඉස්සර මේ වගේ සංචාර කොතෙකුත් යන්න ඇතිනේ. කෙස්ස බලපුවාම ඒ ගැන හිතාගත්තැකි.:) බ්ලොග් එකක් නොතිබුනා නම් ගාමිණී අයියා මේ වගේ ලිපි ලියන්නෙ කොහෙද? සමහර වි‍ට පොත් වලට පුවත් පත් වලට ලියනවා ඇති නේද?

    ගාමිණි අයියා බ්ලොග් ලියන්න ආවේ නැතිනම් මට මේ වගේ ලිපි කියවන්න ලැබෙන්නෙ නෑ. ගාමිණි අයියට මොකෝ ඒ ගැන හිතෙන්නෙ. බ්ලොග් ලිපිය පලකලාට පස්සෙ හැරෙන තැපෑලෙන් ලැබෙන ප්‍රතිචාරත් පාඨකයෝ ලිපිය ගැන වැඩිපුර ඉල්ලන විස්තර කිරීම් ගැන එහෙම.

    ReplyDelete
    Replies
    1. මට පොඩ්ඩක් මැද්දට පනින්න ඉඩ දියං චූටි මහත්තයා.
      //කෙස්ස බලපුවාම ඒ ගැන හිතාගත්තැකි.//
      ඔය ගාමිණී අයියා දාං ඉන්නෙ බොරු කොන්ඩයක්. උඹ ඕකට ‍රැවටෙන්න එපා. බුවා ෆුල් තට්ටයා. අපි යාලුවො ඇහුවා ඇයි බොල විග් එකක් දානවානම් කොන්ඩෙ පැහිච්ච එකක් දාන්නෙ කියලා. ඒකට ලැබිච්ච උත්තරෙ උඹ හිතා ගනින්කො.
      මේ බ්ලොගේ උඩ තියෙන My sketches සහ My Books ඇරලා බලාපංකො.

      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
    2. අරවා ඇරලා බැලුවා. මට බ්ලොග් කෙරුවාව අල්ලා දාන්න බැරි මේ වගේ මිනිස්සු ගොඩදෙනෙක් මේ හරහා අඳුරගන්න පුලුවන් වුනු නිසා.

      දොස්තරලා, වෙද මහත්තයලා, මේ වගේ කෑලෑ මහත්තුරු, විද්‍යාඥයෝ, පරිවර්ථකයෝ, ජොතිෂ්‍යකරුවෝ, ටෙක් බුවාලා වගේ මගේ සීමාවෙන් එහා ඉන්න වටින කියන මිනිස්සුන්ට අයියා මල්ලි උඔ බං බොලන් කියලා කතා කරන්න ලැ‍බෙන්නෙ නෑ කවදාවත් මේ බ්ලොග් කෙරුවාව නොතිබෙන්න.

      Delete
    3. මේ හෙන්රියො මිනිස්සුන්ට ලණු දෙන්න එපා බන් ! හම්බ වෙච්ච දවසක ඔය පැහිච්ච කොණ්ඩෙ බොරු කොණ්ඩයක්ද කියලා බලන්න අදින්න ගිහින් අපි ගුටි කන වැඩක් මේ නම්...! අර මූනු පොතේ ෆොටෝ වලත් ඉන්නෙ යස අපූරුවට කොණ්ඩෙත් එක්ක !

      Delete
    4. හරි මේක කියවන උඹලා කවුරුත් ගාමිණී අයියව හම්බ වෙච්ච ගමන් කොන්ඩෙ ඇදලා බලාපල්ලා මම කියන්නෙ බොරුද කියලා.:D
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
    5. බුද්ධි මලේ, මට කාලෙක ඉඳන්ම හිතෙන දේවල් ලියන උනක් තිබුනා. ඒවා දයාවංශ එකට පිංසිද්ද වෙන්න දැං කස්ටියට පොත් හැටියට කියවන්න පුලුවන්. දෙපාර්තමේන්තුවෙ සඟරාවටත් ලියනවා.

      මට බ්ලොග් අසනීපෙ බෝ කළේ හෙන්රියා (Dude). දැං සතියකට දෙකකට වරක් පෝස්ට් එකක් දාගත්තේ නැත්තං උන වගේ. මුලදි නම් ඔලුවට එන සේරම කුණු කන්දල් ලිව්වා. දැන් නම් ටිකක් සංයමයයකින් ලියන්නේ. පොස්ට් එකක් දාලා ඒකට කොමෙන්ට් එකක් වැටෙනකොට ලොකු සතුටක් දැනෙනවා. අහන දේකට උත්තරයක් දීලා දන්න දෙයක් බෙදා හදාගන්න එක ලොකු සතුටක්.

      හෙන්රියත් එක්ක ඉස්කෝලෙ යන කොලුකාලේ මට ලස්සණ කොන්ඩයක් තිබුනා මලේ. (අපි දෙන්න එකම ඉස්කෝලෙට ගියේ) ඕකා ඉරිසියාවට මට තට්ටයා කියන්නේ. මගෙ ඉතුරු වෙලා තියෙන ඉදිච්ච කෙස් ගස් දෙකතුනත් කොල්ලො ලවා ගලවන්න තමයි ඔය කතා හදන්නේ.

      Delete
    6. අන්න කතාව. ඩුඩෙ දැං ඉතිං ප්‍රත්‍යක්ෂ උනානේ උඹත් මැන්ටලයක් කියලා.. හුරේ...

      Delete

    7. @ දේශකයා: ඇයි බං දේශකයා උඹ මගෙ පරණ පෝස් කියෙව්වා නම් තේරෙන්න ඇතිනෙ. ඇයි මගෙ මූනත්තහඩුවත් ඔය තියෙන්නෙ.

      @ ගාමිණී: අනේ මචං එහෙම සංයමයක්ම ඕනෙ නෑ. ඔය වල්පල් වුනත් හිතෙන හැටියට ලියාපං. නැතිනම් වෙන්නෙ ඔය සංයමය ‍රැකගන්නත් උඹට සෑහෙන සටනක් කරන්න වෙන එකයි. දැන් මම බ්ලොග් ලියනකොට ගුරුවරයෙක්ගෙ සංයමය උඹට දකින්න පුලුවන්ද?

      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
    8. අර 'ටොයි අවවාද හා රුවන් වැකි' පෝස්ට් එක ලිව්වා කියලා අපේ කෙල්ල මට පිප්පුවා මචං.

      Delete
  14. සුබ පැතුම් ! සංවත්සරයට
    බ්ලොග් එක ගැන හෝ ලිපි ගැන කිසිවක් නොකියමි
    නොවැදගත් නිසා නොව කෙටියෙන් ලියා නිමකළ නොහැකි නිසාය.
    ඔබ වැනි අය හමුවීමට පතන්නේ මෙසේ බ්ලොග් හරහා නොව සැබැවින්ය.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුසර මලේ, දවසක හමුවෙමු. පොලොන්නරුව පැත්තේ ආවොත් මම ඉන්න ගිරිතලේ වනජීවී පුහුණු කේන්ද්‍රයට ඇවිත් යන්න.

      Delete
    2. අයියෝ අපි ගිය අවුරුද්දේ ගිරිතලේ ගියානේ. අහ් ! එතකොට බ්ලොග් කරුමාන්තෙට බැහැල නෑනේ. පස්සේ එන්නම්.

      Delete
  15. හරි වටිනවා මා මීට පෙරත් ඇවිල්ල කියවල තියෙනවා. ෆෙවිකොන් එකේ තියෙන පාඨය අති විශිෂ්ඨයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දේශකතුමා. දේශන ශාලාව පැත්තෙ හදිසියේ දුවලා ගිහින් ආවා.පස්සෙ විවේක වෙලාවක ගිහින් නිවී සැනසිල්ලෙ කියවන්න ඕනේ.

      Delete
    2. හොදා අයියේ. කලබල නෑ. අපි හෙමින් යමු

      Delete
    3. ඔබතුමාගේ ෆෙවිකොන් එකේ පාඨයෙන් මට මතක් වෙන්නෙම චෙකොප් ගේ වැකියක්.
      “උගත්කම වටින්නේ ඒක පාවිච්චි කරපු දාටයි“ කියන එක

      Delete
    4. මීට අවුරුදු සිය දහස් ගණනකට ඉස්සර ජීවත්වෙලා හිටපු අයට හිතුනු දේවල්වලින් අද අපි දකින්නෙ ලියවුනුටික විතරයි නේ මලේ.

      Delete
  16. අර කැලේ හිටපු අලියයි , අලි හතර දෙනෙක් ඉන්න තැන තැන්දෙනෙක් ඉන්න එකයි කියවපුවහම ආඩම්බරයක් ඇති උනා අපේ රට ගැන අපි ගැන ඔයාලා ගැන

    ඩුඩියා ගැන නං කියන්ඩ වදන් නෑ , ඔය මනුස්සයා එක්ක පූංචිකාලේ ඉදලා ජීවත් වෙලා ඔයාට තට්ටයවත් ඉතුරු උන එක ගැන සතුටුයි



    "මහන මැසිම" සහ "අටම්පහුර" ලියන ලක්මාල්

    ReplyDelete
    Replies
    1. මලේ, හෙන්රියා (Dude) ඉස්කෝලෙ යන කාලෙත් පොත් කියවන්න ඇබ්බැහිවෙලා හිටියා මට මතකයි. මම දන්න විදියට Teachers training college එකේදි දීපා නංගි පස්සෙ යනකාලේ තමයි ලියන්න පටන් ගත්තේ. බ්ලොග් ලියන්න පටන් ගත්තට පස්සෙ මටත් ඒක බෝ කළා.

      Delete
  17. අදමයි මේ පැත්තට ආවෙ, නියමයි අය්යෙ, හෙට ඔක්කොම ලිපි ටික බලන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. කම්මල පැත්තේ ගියා මලේ. ඒක පාලුවට ඇරලා මොකෝ ...? ලියමු මොනවා හරි.

      Delete
  18. ගාමිණි අයියාට යන්න ලැබිලා තියෙන්නේ හැමෝටම යන්න නොලැබෙන ස්ථාන වලට. එහෙම යන්න ලැබුනත් යන්නෙත් නෑනේ. අපිත් පුළුවන් වෙලාවල් වලට ලංකාවේ අහුමුලු වලනම් රිංගනවා. ගාමිණි අයියා දිගටම ලියයි කියල බලාපොරොත්තුවෙන් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. අබිං කෑවා වගේ දැන් නම් මේක අතෑරෙන එකක් නෑ. දිගටම ලියන්න හිතාගෙන ඉන්නේ. ගිරිතලේ පැත්තේ ආයෙත් ආවොත් ඇලහැර පාරේ කිමී 2-3 ක් ඇවිත් අපේ වනජීවී කෞතුකාගාරය බලන්න පුලුවන්.

      Delete