මගෙ යාලුවෝ

Monday, September 24, 2012

26. බෙන්ගලූරු


ඉස්සර අපි 'බැන්ගලෝරය' කියලා හඳුන්වපු ඉන්දියානු නගරයට දැන් කියන්නෙ 'බෙන්ගලූරු' කියලා. ඉංග්‍රීසි ඌරුව තිබුනු 'මැඩ්‍රාස්', 'කල්කටා', 'බොම්බේ' වගේ ඉන්දියානු නගරනාම වෙනස් කරලා , ලඟකදී ඉඳලා 'චෙන්නායි', 'කොල්කොටා', 'මුම්බායි' වගේ දේශීය ඌරුව ඇති පැරණි නම්වලින් නම් කරලා.

මොකද මූට එකපාරටම ඉන්දියාවයි බැන්ගලෝරයයි මතක් උනේ කියලා කස්ටියට හිතෙන්න ඇති. පහුගිය දවස්වල ගිරිතලේ ට්‍රේනිං කොල්ලො බැච් එකක් එක්ක ඉන්දියාවෙ අධ්‍යයන චාරිකාවකට යන්න අවස්ථාව ලැබුනා. 1991 ඉඳලම මට කීප වතාවක් ඒ වගේ කාරණාවලට ඉන්දියාවට ගිහිල්ලා එහේ කෙරෙන වනජීවී කමළනාකරණය දැක ගන්න අවස්ථාව ලැබිලා තියෙනවා.  මම ගිහිල්ලා ඇවිදලා තියෙන ඉන්දියාවෙ වනජීවී රක්ෂිත ලැයිස්තුව දවසක් අජේ දේසායි කියලා මගේ ඉන්දියාවෙ යාලුවෙකුට කිව්වහම,  ඉන්දියානුවෙක් වෙලත් ඌට තාම ඒවට යාගන්න බැරි උනා කියලා ඉරිසියාවෙ පැලෙන්න හැදුවා. ඒවට යන්න ලැබුනෙ මාව ආණ්ඩුවෙ සල්ලිවලින් යවාපු නිසා කියලා මම ඌට කියන්න ගියේ නෑ.

 ඉතින් මම මේ හදන්නෙ මේ පාර ඉන්දියාවෙදි දැකපු, අහපු දේවල් ටිකක් බෙදා හදා ගන්න. බැන්ගලෝරයෙ Indian Institute of Science ආයතනයෙ දවස් දෙකක සම්මන්ත්‍රණයකට පස්සෙ අපිට මයිසෝරය හරහා 'බන්ඩිපූර්' ජාතික උද්‍යානයටයි, 'බිලිගිරි රංගා' අභය භූමියටයි යන්න ලැබුනා. ආපහු එනගමං චෙන්නායිවල දි 'මදුරාසි කිඹුල් බැංකුව'  (Madras Crocodile Bank) බලන්නත් ගියා. ඉස්සෙල්ලා බැන්ගලෝරය ගැන කියලා පස්සෙ අනිත් තැන් ගැනත් ලියන්න මම හිතුවේ.

මයිසොර් (මයිසූර් කියලා අපට කියවෙන නගරය) මහරාජගෙ රාජධානියෙ කොටසක් හැටියට පාලනයවුන බැන්ගලෝරය, කර්ණාටක ප්‍රාන්තයෙ අගනුවර බවට පත්වෙලා තියෙන්නෙ 1947 දි ඉන්දියාව නිදහස ලැබුවට පස්සෙ. අදවෙනකොට බැන්ගලෝරය කර්මාන්ත, අධ්‍යාපනික හා පර්යේෂණ ආයතන ‍රැසක් එක්තැන් වුනු, ඉන්දියාවෙ වේගයෙන්ම දියුණුවෙන දෙවන නගරය බවට පත්වෙලා තියෙනවා. තොරතුරු තාක්ෂණයෙන් ඉතාම ඉදිරියෙන් ඉන්න ඉන්දියානු නගරය හැටියටත් සැලකෙනවා.

ඉන්දියාවෙ තුන්වැනියට වැඩිම ජනගහනයක් ඉන්න බැන්ගලෝරයෙ නගර සීමාව තුළ විතරක් මිලියන අටකට වැඩි ජනගහනයක්   ඉන්නවා. ඉන්දියාවෙ ප්‍රාන්ත බෙදිලා තියෙන්නෙ කතා කරන භාෂාව අනුව. කර්ණාටක ප්‍රාන්තයෙ භාවිතාවෙන 'කන්නඩ' භාෂාවෙ අකුරුවල හැඩය සිංහලවලට හුඟක් සමානයි.

මම පළමුවරට ඉන්දියානු නගරයක් දැක්කෙ අවුරුදු විස්සකට කළින්, 1991 දි. එතකොට ඒවා අපේ රටේ නගරවලට වඩා නොදියුණු හැටියට මට පෙනුනේ. නමුත් මේ වෙනකොට හැම තැනකම ගුවන් පාලම්, අධිවේගී මාර්ග සහ මෙට්‍රො පථ ඉදිවෙමින් තියෙනවා දකින්න පුලුවන්. අපිට ඒවා හදලා නම් ආසියාවෙ ආශ්චර්ය වෙන්න බැරිවෙයි කියලා මට හිතුනා.



නගරවල අපිරිසිදුකම නම් තාම එහෙමමයි. ටවුමක් මැද්දෙ චූ බරක් හැදුනොත් ලඟම තියෙන තාප්පෙ පිහිට තමයි . ඉන්දියාවෙ ගෑණු, දෙනෝදාහක් යන එන පාර අයිනෙ තාප්පවලට චූ කරන එවුං දැක්කට මොකුත් කියන්නෙ නෑ. නොදැක්කා වගේ යනවා. එක අතකින් මිලියන අටහමාරක් නගර වැසියන්ට මහජන වැසිකිලි හදලා නඩත්තු කරන්න ගියොත් නගර සභාවට වෙන දෙයක් කරන්න වෙලාවක් නැති වෙනවා.











මයිසෝරයේ මහරාජාගෙ මාලිගාව
ඉන්දියාවෙ වනජීවී කලමනාකරණය ගැන බොහෝ දේ කියවුන දවස් දෙකක සම්මන්ත්‍රණයට පස්සෙ අපි 'බන්ඩිපූර්' ජාතික උද්‍යානයට යන්න පිටත්වුනා. ඉන්දියාවෙ පාරවල් දිගේ යනගමන් දකින්න ඇති දේ එමටයි.







ගල් කැටයම් කලාව

ලෝහ මූර්ති
මයිසෝරයේ අශ්ව කරත්ත.
වනාන්තරය තේමා කරගත් හෝටලයක්. වේටරලා ඇඳගෙන ඉන්නේ වන නිලධාරීන්ගෙ නිල ඇඳුමක්.

අධ්‍යයන චාරිකාවෙ තව කොටසක් ගැන ලබන පාර කියවමු.







42 comments:

  1. I find this post very interesting. I'm sorry I'm not replying in Sinhala as my fluency has dropped drastically and I'd rather opt to 'not' make a fool of myself.
    Your last comment is very interesting. As a Sri Lankan living in Bangalore (studying would be a more appropriate word) I've seen the initiatives people have taken to curb India's image as an 'open latrine'. Only to see, the urinals made -and systematically connected to the drain - broken and the toilets made by the roadside left unused. I have no idea what sort of potty training these people need.

    ReplyDelete
    Replies
    1. You remind me of two yarns, even the Indians make fun of.

      In the first, the High Commissioner of India in Russia, gets caught shitting roadside in Moscow.

      Second one is of a Indian Minister who wanted to have a turf in the toilet for shitting, whilst on a official visit in Washington DC, USA.

      Delete
  2. මමත් ගිය අවුරුද්දේ ගියා මුම්බායි. අපිරිසිදුකම අති නම එයාලා අපිට වඩා ගොඩාක් ඉදිරියෙන්. දුවිලි, දුමාරය, මාර්ග නීති කඩ කිරීම් මේවා අතින් අපිට වඩා ඉදිරියෙන්. ඒ ගැන මම ලිව්වා මුනුපොතේ නෝට්ස් දෙකක්. මගේ බ්ලොග් එකේ ලියන්නම් මගේ දේශාටන අත්දැකීම් ටිකත්. එයාලග ගුවන් පාලම්,පදික වේදිකා දැක්කම හිනා යනවා. හරිම අක්‍රමවත් වගේම හරිම විශාලයි.

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවෙ වැඩ නම් හරි රළුයි තමයි මලේ. ඒත් මෑතකදි ජපන් කොම්පැනි එක්ක එකතුවෙලා හදන වාහන නම් ජපන් කොලිටියෙන්ම තියෙනවා වගේ පේනවා.

      ගාමිණී ගුණරත්න කියලා මගෙ යාලුවෙක් කියාපු කතාවක් මතක් උනා. ඌ ඉන්දියාවෙ විදුලි බලාගාරයක් බලන්න ගියාලු. ඉන්දියාවෙම හදපු ජෙනරේටර් වගේකුයි, ජපන් ඒවා දෙකකුයි තිබුනලු. ඉන්දියාවෙ ඒවා දඩ බඩ ගාලා වැඩ කරද්දි ජපන් ඒවා නිකම්ම තියෙනවා දැකලා ගාමිණියා ඇහුවලු ජපන් ඒවා වැඩ කරන්නෙ නැත්තෙ ඇයි කියලා. එතකොට ඔපරේටරයා කිව්වලු ජපන් දෙකත් වැඩ කරනවා සද්දෙ ඇහෙන්නෙ නෑ කියලා.

      Delete
    2. //ජපන් දෙකත් වැඩ කරනවා සද්දෙ ඇහෙන්නෙ නෑ කියලා.// සිනා සාගරයයි.....

      හරියට ලෙලන්ඩ් බස් එකයි, ඉසුසු බස් එකයි වගේ...

      Delete
  3. තව විස්තර ටිකක් දාන්නකො බලන්න.

    ReplyDelete
    Replies
    1. වනජීවී රක්ෂිත ගැන විස්තර ටිකක් වැඩිපුර ලියන්න හිතාගෙන ඉන්නවා මලේ.

      Delete
    2. අන්න ඒක නම් නියමයි..

      Delete
  4. නරක ම දේ තමා වෙන රටක දී අපි කොහෙද කියලා ඒ ගොල්ලන්ට හඳුන්වා දුන්නම, ඒ ගොල්ල "ඔයාලත් ඉන්දියාවේ කොටසක් ද?" කියලා අහන එක. වැඩේ කියන්නෙ ඒ ගොල්ල එක බැල්මෙන් අපිව ඉන්දියානුවෝ කරලා, ඒ මදිවට තාප්ප හොදන කස්ටිය කියලත් තීරණය කරලා ඉවර එකයි.

    ReplyDelete
    Replies
    1. සමහර කාරණාවලදි ඉන්දියාව ගැන ගෞරවයක් ඇති උනත්, ලංකාව ඉන්දියාවෙන් වෙන් වෙලා වෙනම රටක්වුනේ අපේ පූරුවෙ වාසනාවකට කියලා හිතෙන වෙලාවලුත් තියෙනවා තමයි, බුද්ධි.

      Delete
  5. ඉන්දියාවේ වන ජීවී කළමණාකරණය කිව්වම මට එකපාරටම මතක් උනේ “ශිකාර්“ පොත... එකෙත් මේ විදියටම තමයි විස්තරේ තියෙන්නේ.. දිළිදු කමයි අපිරිසිදුකමයි ඒ කාලේ ඉදලා මේ කාලේ වෙනකොට ලොකු වෙනසක් වෙලා නෑ වගේ...

    නමුත් වනජීවි කාර්යාලය සංචාරක කර්මාන්තය නඟා සිටුවන්න වැඩ කොටසක් ඉටු කරන නිසා සංචාරකයන්ට නම් හොද අත්දැකීමක් ලබා දෙන්න උත්සාහ කරනවා වගේයි අන්තිම ෆොටෝ එකෙන් නම් පේන්නේ..

    ReplyDelete
    Replies
    1. අයියෝ ඊයේ වටේම ඇවිද්දා පොත හොයන්න.. දයාවංශ ජයකොඩි එකේ ප්‍රකාශනයක් කියලා අමතක උනානේ...
      පස්සේ වෙලාවක බුක් ෂොප් එකෙන් වත් ගන්නවා....

      Delete
    2. දයාවංශේ ස්ටෝල් එකේ සූ ගාලා සෙනග හිටියානේ. ඇතුලටවත් යන්න බැරි වුනා. මරදානෙන්ම ගන්නවා අප්පා...........

      Delete
    3. පොත ගන්න කරදර උනාට ස්තුතියි, හිරු, රන්දිල්.

      හිරු, කර්ණාටක Forest Department එක යටතෙම තියෙන ආයතනයකින් තමයි වනජීවී රක්ෂිත ඇතුලෙ සංචාරක කර්මාන්තය කළමනාකරණය කරන්නෙ. ඒ ගැන වැඩි විස්තර ඉදිරියෙදි ලියන්න හිතාගෙන ඉන්නවා, පින්තූරත් එක්කම.

      මේ පින්තූරය ගත්තෙ නම් නගරයක් මැද්දෙ තියෙන පෞද්ගලික හෝටලේක. ඒකෙ ඉන්න වේටරයො ඇඳගෙන ඉන්නෙ වන නිලධාරීන්ගෙ නිල ඇඳුමට සමාන ඇඳුමක්.

      Delete
  6. Face book photo tika beluwaa dhen kathaawa niyamayi ayiye...

    ReplyDelete
    Replies
    1. වනජීවීන් ගැන වැඩි විස්තර ඉදිරියෙදි ලියන්න හිතාගෙන ඉන්නවා මලේ.

      Delete
  7. මට මයිසුර් කිව්වම මතක් උනේ පරිප්පු.. :) අනිත් විස්තර ටිකත් ලියන්නකෝ.

    ReplyDelete
    Replies
    1. මයිසෝරයයි, අපි කන පරිප්පුවයි අතර සම්බන්ධයක් හොයාගන්න බැරි උනා චන්දන. ඒ ගැන දන්න කෙනෙක් ඉන්නවානම් කොමෙන්‍ටුවක් දාපියෝ ...!

      Delete
    2. හින්දි/උර්දු භාෂාවලින් මසුර් දාල් කියන්නෙ රතු පරිප්පු කියන එක මම දන්න තරමට.

      Delete
    3. 'මසූර් පරිප්පු' වලට වෙන්න ඕනෑ අපි 'මයිසූර් පරිප්පු' කියන්නේ. ස්තුතියි මලේ දැනුවත් කළාට.

      Delete
  8. දන්න විදිහට ඉන්දියාවේ ඉන්න ෂේප්ම පැති වලින් උඩින්ම තියෙන තැනක් නේද බැංග්ලෝර්!

    ReplyDelete
    Replies
    1. බැන්ගලෝරය තියෙන කර්ණාටකය වගේම කේරළයත් අපේ රටට ඉතාම සමාන, ෂේප් එකේ ගිහිල්ලා අතක් පයක් කඩා ගන්නෙ නැතුව එන්න පුලුවන් ප්‍රාන්තයක්, සබිත්.

      Delete
  9. ඉන්දියාවේ තියෙන අභ්‍යන්තර ගැටුම් ප්‍රශ්න දිහා බැලුවාම ඒ අය ලබල තියෙන දියුණුව අගේ කරන්න පුළුවන්. ඒ අතින් අපි ඉන්නේ දඩයම් යුගයේ..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ලංකා, ඉන්දියාවෙ තියෙන විවිධත්වය බැලුවහම එක රටක් විදිහට ‍රැකිලා මේ දියුණුව ලබලා තියෙන එකට අපි ගෞරවය කරන්න ඕනෑ. සෝවියට් සමූහාන්ඩුව වගේ කැඩිලා බිඳිලා ගිය දවසට අපිටත් දෙය්යංගෙම පිහිට තමයි. තමිල්නාඩුවෙ කෝටි හය හතක් එක්ක ගහගන්න වෙනවා.

      Delete
  10. ඉන්දියාවේ පිරිසිදු කම ගැනනං ඉතිං කතා කරලා වැඩක් නෑ...
    තව විස්තර එයි නේ ඉස්සරහට???????

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවෙ වතුරවල පවා ඒ අපිරිසිදුකම තියෙනවා. වතුර බෝතල් සල්ලිවලට අරගෙන බීලා තමයි පන ‍රැකගෙන ආවේ. සාමාන්‍ය වතුර බිව්වොත් උන හැදෙනවා.

      Delete
  11. ගාමිණී මහත්මයා, පුළුවන්නම් ඔය වනෝද්‍යානවල පිහිටීම, ඇතුළු වීමේ ගාස්තු, අවට තියෙන නවාතැන්පොළවල් ගැන එහෙමත් විස්තරයක් දාන්නකො. චූටි අකුරෙන් හරි කමක් නෑ. අපි ඉතින් කළමණාකරණය කරන්න යන්නෙ නෑ නොවැ. අපිව කවුරුත් යවන්නෙත් නෑ නොවැ. හොයාගෙන ගිහින් බලන්න විස්තර ඕන.

    ReplyDelete
    Replies
    1. ඊලඟ පොස්ට් එකේ බන්ඩිපූර් ජාතික උද්‍යානය ගැන ලියන්න හිතාගෙන ඉන්නවා. ඔබ තුමියට එහේ ගිහිල්ලා රවුමක් ගහලා එන්න හිතෙයි, ඒක කියෙව්වහම.

      Delete
  12. මචං මේක කියෙව්වට කමෙන්ට් එකක් දාන්න විවේකයක් තිබ්බෙ නෑ.
    අපි වැඩ කරන්නෙ උදේ සෙෂන් එකේනෙ. අපි ඒකත් කරලා හවස සෙෂන් එකේ එකෙක් එමර්ජන්සි ලීව් අරං ගිය හන්දා උගෙ ඒවත් වැඩ කරලා, ඊට පස්සෙ මේ හෙට අනිද්දට තියෙන Open Day මගුලටත් එක එක භාණ්ඩ හදලා ගෙදර එනකොට පාං කියාගන්න බෑ බං. ඒත් උඹලා ලියන ඒවට මොකුත් නොකියත් බෑ.
    ඒ මදිවට වෙනද වැඩිය නොලියන එවුනුත් හෙන තොගයක් පොස්ට් දාලා.
    ඉතුරු කොටසුත් දාමු මචං.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ මචෝ, රස්සාව හරියට කළේ නැතොත් නේ අවුල. ඉඩක් ලැබෙන විදියට කියවලා කොමෙන්ට් එකක් දාමු.

      Delete
  13. ඉන්දියාවෙ මිනිස්සු මහමග වසුරු ලෑමේත් අපිරිසිදුව ඉදීමේත් මුල් හේතුව ගාන්ධිගේ අවිහිංසාවාදී ව්‍යාපාරය කියන්නෙ ඇත්තද ?

    මට හිගෙනවා ලංකාව ඉන්දියාවට යාබද රටක් නොවුනානම්, අපට එදා මෙදා තුර පහළවෙච්ච කාඩ පාලකයො රැළ එහෙමම ඉදිද්දිත් රට මීට වඩා හුගාක් දියුණුයි කියලා.

    කොහොම වුනත් ඉන්දියාවෙ සමහර ප්‍රාන්ත ටිකක් ශිෂ්ටයි කියලා අහලා තියෙනවා.

    ඉන්දියාවෙ වනජීවීන් සම්බන්දයෙන්වත් සතුටුදායක යමක් දැනගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ගාන්ධිතුමා කෙටි කාලයක් තුළ කරපු දෙයක් පරම්පරා ගානක් ඉදිරියට ගෙනියන පුරුද්දක් බවට පත් උනා කියලා හිතන්න අමාරුයි සුමිත්. ඒක ක‍ටුක පරිසරයක පවතින දිළිඳුකම නිසාම ඇතිවුන පුරුද්දක් වෙන්න ඕනෑ. කේරළය වගේ සශ්‍රීක ප්‍රාන්තවල හැම ගෙදරකම වගේ වැසිකිලියක් තියෙනවා මම දැකලා තියෙනවා.

      අපේ රටේ දේශපාලනය, ආගම, සංස්කෘතිය මේ හැම දේකම ඉන්දියානු බලපෑම තියෙනවා, සුමිත්. දැවැන්ත රටක් ආශ්‍රිතව තියෙන පුංචි රටකට ඒ බලපෑමෙන් ගැලවෙන්න බෑ.

      Delete
  14. බොහොම අගේ ඇති ලිපියක් ගාමිණි අය්යේ.මාත් මේ පැත්තෙ ගිහින් තියනවා.ඒත් ලස්සන තැන් බලන්න උනේ නෑ.

    ReplyDelete
    Replies
    1. ලස්සණ තැන් කීපයක් ගැන ඊලඟ පෝස්ට්වල කියවමු මලේ.

      Delete
  15. අදයි කියවන්න හම්බ උනේ..
    යන්න වටිනා තැනක්... මිනිස්සුත් සාපේක්ෂව හොඳයි කියලා අහලා තියනවා..

    ReplyDelete
    Replies
    1. තමිල්නාඩුවෙ ඉතාම සුලු පිරිසක් ඇරුනහම ඉන්දියානුවො සාමාන්‍යයෙන් අපට හිතවත්. තමිල්නාඩු ප්‍රශ්ණයවුනත් දේශපාලකයො උන්ගෙ පැවැත්ම සඳහා නිර්මාණය කරපු එකක්.

      Delete
  16. ශා... ගාමිණි මහත්තයෝ පංකාදුයි කියල වැඩක් නැහැ මට ඉන්දියාවට යන්න තිබ්බ ආසාව තවත් වැඩි උනා හැබැයි අම්මපා මට එපාවෙන්නේ ඉන්දියන් කාරයොන්ගේ තියෙන පම්පෝරිය තමයි. මොකද ජීවිතෙන් අවුරුදු විස්සක්ම උන් එක්ක ගෙවලත් මගේ කනට ඉන්දියාව ගැන හරවත් දේවල් වැටිලා තියෙන්නේ බොහොම ටිකයි.

    ReplyDelete
    Replies
    1. ඉන්දියන් කාරයන්ගෙ කියවිල්ල නම් ඇණයක්ම තමයි, කොරලේ මහත්තයෝ. ඒ උනත් ඉන්දියාව වගේ දැවැන්ත රටක තියෙන විවිධත්වය ගිහිල්ලම බලන්න වටිනවා.

      Delete
  17. අපූරුයි මහත්මයා! බොහොම ස්තුතියි මේ වැදගත් සංචාරක සටහන් මඟින් අපේ ලෝකය පුළුල් කරනවාට!

    ReplyDelete