මගෙ යාලුවෝ

Friday, January 20, 2012

12. ටොයි අවවාද හා රුවන් වැකි



අපේ කොල්ලයි කෙල්ලයි ටොයි කියන්නෙ ටොයිලට් එකට. 'ටොයි යනවා, එයා ටොයි එකේ' ආදී වශයෙන්. ඊයෙ පෙරේදා HENRYBLOGWALKER මචං ගෙ 'HeyDude' බ්ලොග් එකේ ලංකාවෙ ටොයිලට්වල තියෙන වැකි කීපයක් ගැන මරු කතා ටිකක් කියලා තිබුනා. ඇත්තටම ශ්‍රී ලංකාවෙ මහජන වැසිකිලි කියන්නෙ ඉතාම නිර්මාණශීලී බිතු සිතුවම් හා වෙනත් කෘතීන් දකින්න ලැබෙන තැනක්. අද මම හිතුවෙ, හුදී ජන පහන් සන්වේගය උදෙසා, සිතුවම් කෙසේ වෙතත් වැසිකිලිවල මමත් දැක්ක මතක හිටින වැකි කිහිපයක් හා ඒවා දැකලා මට හිතුනු දේවල් ගැන ලියන්න. මෙන්න මේ වගේ,

    'ආයුබෝවන් වාඩි වෙන්න' (නැතුව ඉතින් හිටගෙන කක්ක කරන්නයැ)

    'මුත්‍රා සමග බුලත් කෙල හා සිගරට් කොට පිට වේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න' (චූ පෝච්චියට  බුලත් කෙල, සිගරට් කොට වැටිලා ඒක අවහිර වෙන නිසා)

    'ආපසු දමා ගැනීමට පෙර දෙවරක් සොලවන්න' (මේ අවවාදය ෂුවර් එකටම පිරිමින්ට පමණයි)
   
    'චූ කිරීමෙන් සැනසීම ලැබේ' (මේක නම් ගෑණුන්ටත් අදාල බව වැසිකිලියට ගිහිල්ල එන ගෑණුන්ගෙ මූණ බැලුවහම පේනවා. යනකොට මූණ ඇඹරිලා තිබුනු කට්ටිය ආපහු එනකොට මහත් සැනසීමෙන් හිනාවෙවී එන්නේ)

තවත් රුවන් වැකි බොහෝ ගණනක් මතකයට ආවත් මේ වගෙ තැනක ලියන්න බෑ.

කොමෙන්ට් දාන මචංලා පව්ලේ සැමට කියවිය හැකි වෙනත් ටොයි අවවාද සහ රුවන් වැකි මතකයේ ඇත්නම් ඒවත් එක්කම ලියන්න.

31 comments:

  1. 'It's not long as you think'

    'Your aim helps us to fulfil our aim, that's to keep this clean'
    ඔය දෙකම මං හිතන්නේ ක්ලීනර්ස්ල දාපු නෝටිස්, ප්‍රින්ට් කරල තිබ්බෙ.

    මේක නං ෆෙල්ට් පෙන් එකකින් ලියල තිබුනෙ.මෙතන නැපි කියන්නේ මෙහෙ පොඩි එවුන්ට කක්ක දාන්න අන්දන ඒවට.
    'Boss is like a nappy, always at your back and full of shit'

    ReplyDelete
    Replies
    1. බොසාලා ගැන කියපු කතාවට මාත් එකඟයි, ඔබා අය්යේ. වැඩකටම නැති ජාතියක් ..!

      Delete
  2. රෙ#%* බර තිබුනට
    දුවගෙන ආපු පලියට
    හැම තැන කැත නොකර
    රී# පලයන් හිතේ හැටියට

    ReplyDelete
    Replies
    1. දැක්කහම මතක් උනේ, මාත් කොහෙදි හරි දැකලා තිබුනා.

      Delete
  3. "කවුන්ටරය මත කාරු කාසි ඉතුරුකර නොයන්න"

    මේක හරියට වතුර නොගසා වැසිකිළි පිරිසිදු නොකර යන පිරිමි උදවිය සඳහා ලියවුනක්...:)

    ReplyDelete
    Replies
    1. ගෑණුත් ඒ වැඩේ කරනවා ඇති මම හිතන්නෙ ..!

      Delete
    2. Don't leave balance on the counter............ :D

      Delete
    3. මේ ඔබේ බැංකුවය.ඔබට රිසි තරමක් තැන්පත් කරන්න,එහෙත් "කවුන්ටරය මත කාරු කාසි ඉතුරුකර නොයන්න"
      මෙහම තිබුණේ ගුරු විදුහලක නේවාසිකාගාර වැසිකිළියක

      Delete
  4. පව්ලේ සැමට කියවිය හැකි වෙනත් ටොයි අවවාද සහ රුවන් වැකි මං දන්නේ නැනේ මාමේ

    ReplyDelete
    Replies
    1. එහෙම ඒවා තියෙන්නෙ බොහොම ටිකයි ...!

      Delete
  5. අපේ ගෙදරත් ටොයි කියන වචනෙමයි පාවිච්චි කරන්නෙ.

    මෙන්න මං අහලා තියෙන ටොයි රුවන් වැකි කීපයක්

    Gentlemen, if you have trouble aiming, please be seated.

    Shiitting, the best way to shed a few pounds.

    ඔබා අයියා කිව්ව එකම පොඩ්ඩක් වෙනස්ව:

    "Ladies, please remain seated during the entire performance"

    "Gents, please stand closer it maybe shorter than you think"

    "Our aim is to keep this place clean, your aim will help"

    "The toilet paper here is like Clint Eastwood - rough, tough and takes no shit"

    එතකොට කවි සිතුවිලි:

    "Some come here to sit and think,
    some come here to wonder.
    I come here to shít and stink,
    and fart like bloody thunder!"

    ReplyDelete
    Replies
    1. ඉන්ටර්නැෂනල් රුවන් වැකි අපේ ඒවට වැඩිය ඩීසන්ට් වගේ ..

      Delete
    2. No Dude, I selected only the mentionable because you said "කොමෙන්ට් දාන මචංලා පව්ලේ සැමට කියවිය හැකි...."
      My favorite is Clint Eastwood toilet paper.

      Delete
  6. හප්පෝ මේ මොනවද මේ ....

    ReplyDelete
  7. හම්මෝ ඉස්කෝලවල ඔයිට හපං වගේ හැබැයි බාලිකා පාසල්වල තාප්ප වලට වඩා නම් හොඳයි හි හි

    ReplyDelete
    Replies
    1. බාලිකා පාසල්වල තාප්පවල වල් කොල්ලෝ ස්ප්‍රේ කෑන් වලින් කුණුහරුප ලියලා තියෙනවා මමත් දැකලා තියෙනවා. හැමෝටම පේන්න තාප්පවල ලියන්නෙ නැතුව උන්ට අපි වගේ බ්ලොග් එකක ලියන්න තිබුනනේ ..! නැද්ද කොල්ලෝ ..?

      Delete
  8. මමත් ඔය රැවන් වැකි ගැන අධ්‍යනය කරලා තියනවා(ලියලා නම් නෑ)ඒකත් එක්තරා විදිහක වින්දනයක් වෙන්න ඇති.නැත්තම් ඔය තරම් ලියන්න හේතුවක් නෑනෙ

    කොයික වුනත් පොන් නම්බර් ලියලා තියනවා සමහර වැකි යටින්. අනේ මන්දා ඒ ඇයි කියලා.

    මේවා ලියන එකට මම විරැද්ධයි. මොකද පොදු ස්ථාන නෙ.

    ReplyDelete
    Replies
    1. එකඟයි .. ඒ තැන්වලට අපේ පුංචි දරුවොත් යනවනේ..

      Delete
  9. පොදු ස්තාන වල ඔයවගේ ජරා දේවල් ලියන එකනම් මහ එපාම කරපු වැඩක්. වැසිකිලි තව කමක් නෑ.. මේ මහා ටවුන් වල තියෙන තාප්ප වල ලියන එකනේ ඉවසන්න බැරි.. ඊයේ රෑ මම දැක්ක මහරගම ටවුන් එකේ ලියපු එකක් පොඩි උන් දෙන්නෙක් කියවනවා.. තේරුම් ගැනීම කොහොම උනත් පොඩි උනුත් ඕව බයක් සැකක් නැතිව ප්‍රසිද්ධියේ කියන එකනේ හරි නැත්තේ..

    ReplyDelete
    Replies
    1. ඒ වගේ දේවල් ප්‍රසිද්ධ තැන්වල ලියලා සතුටක් ලබන එක නම් මානසික රෝගයක්, පැතුම්.

      Delete
  10. 2011 පොත් ප්‍රදර්ශනේදි ලංකාවේ වැසිකිලි සාහිත්‍ය වගේ නමක් තියෙන පොතක් එලිදැක්කා කියලා අහන්න ලැබුනා ඒත් පොත ගන්න නම් ලැබුනේ නැහැ හැබැයි මන් හිතන්නේ එකේ තියෙන්නේ ඔය වගේ අවවාද නෙමෙයි

    ReplyDelete
  11. චු කරන්න ගිහින් එන ගෑනුන්ගේ මුණු බලන්න මොකටෙයි ?

    ReplyDelete
  12. නියම කතා ටික. චන්ද්‍ර අනගිරත්න ලියපු "නරලොව හොල්මන්" පොතකත් ලංකාවේ වැසිකිළි කුරුටු ගී ගැන නියම කතා වගයක් තියෙනවා

    ReplyDelete
  13. මේ වගේ තැනක ලියන්න පුලුවන් ඒව නම් අඩුයි. ලියන්න බැරි ඒව නම් බොහොමයි. ඒ වගේම චිත්‍රත් ඇඳල තියනව සමහර ඒවයේ..

    ReplyDelete
  14. චිත්‍ර තමයි මමත් වැඩියෙන් දැකල තියෙන්නේ ! මෙහේ වැඩිපුර වැසිකිලි පාවිච්චි කොරන්නේ චිත්‍ර ශිල්පීන් ද මන්දා??????????

    ReplyDelete
    Replies
    1. නදීශා, සමහර එවුන්ගෙ කලා කුසලතා කුලුගැන්වෙන්නෙ වැසිකිලියට ගිහින් වාඩිවෙලා ඉන්නකොට. මගේ යාලුවෙක් හිටියා එහෙම ඉන්න අතරෙ සින්දු කියන.

      Delete
  15. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ප්‍රසිද්ධ තැන් ඒවා ලියන්නෙ නම් මානසික රෝගීන්, සාලිය. අපේ ගෙවල් කිට්‍ටුව මනුස්සයෙක් හිටියා බීලා ඒ වගේ ගමටම ඇහෙන්න කුණුහරුප කියන. ළමයි පොඩි කාලේ අපිත් ලොකු අපහසුවකට පත් උනා ඒ වෙලාවට. දැන් නම් ඌ මැරිලා.

      Delete
  16. නිර්මාණකරුවොන්ට කොතනත් එකයි... :D

    ReplyDelete
    Replies
    1. කොහොමටත් ඉතිං වැසිකිලිය කියන්නේ නිදහසේ, නිස්කලංකව හිතන්න පුලුවන් තැනක් නේ මලේ ...

      Delete