මගෙ යාලුවෝ

Saturday, December 10, 2011

8. මොන්ටිසෝරිය



අද මොන්ටිසෝරියක විවිධප්‍රසංගයක් බලන්න ගියා. කාලෙකට පස්සෙ පොඩි එවුංගෙ ලෝකෙ පැය කීපයක් ගතකරන්න ලැබුනා. පුංචි පැටවුන්ගෙ දක්ෂතා වගේම උන්ගෙ පිස්සු විකාර බලාගෙන ඉන්නකොට සේරම අමතක වෙනවා. ස්ටේජ් එක උඩදිත්  සමහර එවුං ගුටි ඇනගන්නවා, විරිත්ත ගන්නවා, දිව දික්කරනවා, අනුංගෙ අතේ තියෙන දේවල් උදුර ගන්නවා. එක විකාරයයි. සමහර එවුං ස්ටේජ් එකට ඇවිත් සෙනග දැකලා බය වෙලා අඬ අඬ ආපහු දිව්වා.

විහංගා 
විවිධප්‍රසංගයේ නිවේදන කටයුතු කළේ අපේ (අපේ කිව්වට මගේ) වයිෆ්ගෙ නංගිගෙ කොල්ලයි, කෙල්ලයි. කොලයක් බලාගෙන උනත් උන් දෙන්නා ඒක යස අගේට කළා. කෙල්ල පහ වසරෙ දක්ෂතා ඇති පැංචියෙක්. (පසු සටහන - කෙල්ල පහ වසරෙ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 192 ක් ගත්තා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 4 වැනියට වැඩිම ලකුණු ගත්තු ශිෂ්‍යාව.)

මැර කොල්ලා තාම එක වසරෙ. මස්සිනා මල්ලි ආදි ශිෂ්‍ය සංගමේට අවුරුදු ගානක් කඹුරලා තමයි කොල්ලව නාලන්දාවට දා ගත්තෙ. මැරයෙක් උනාට ඌත් ඇත්තටම දක්ෂයි.

ඉස්කෝලෙට දාපු අලුත දවසක් මස්සිනා ඉස්කෝලෙට ගියාලු කොල්ලව එක්ක එන්න. ඉස්කෝලෙ ඒ වෙලාවෙ ‍රැස්වීමක්ලු. සේරම ළමයි ‍රැස්වෙලා ටීචර්ලා ස්ටේජ් එක උඩ කතා පවත්වනවලු. මස්සිනා මල්ලිත් එතනට හොට දාලා බලනකොට අපේ කොල්ලත් තව කොල්ලෙකුත් එක්ක ස්ටේජ් එක උඩ බංකුවක වාඩි වෙලා ඉන්නවලු. මල්ලිටත් හරි සතු‍ටු හිතුනලු ඌටත් පොඩි කතාවක් වගෙ අයිටම් එකක් කරන්න දීලා වෙන්න ඇති කියලා.


හේසර
ටික වෙලාවකට පස්සෙ ටීචර් කෙනෙක් ස්ටේජ් එකෙන් බැහැලා ගිහිල්ලා කොල්ලො අතරෙ ගුටි ඇනගත්තු කොල්ලො දෙන්නෙක් කං කෙටිවලින් ඇදගෙන ඇවිත් ස්ටේජ් එක උඩ අපේ කොල්ලා හිටපු බංකුවෙම වාඩි කෙරෙව්වලු.

එතකොට තමයි මස්සිනා මල්ලිට හරියටම තේරිලා තියෙන්නෙ කොල්ලා ස්ටේජ් එකට කැඳවලා තියෙන්නෙ මොකටද කියලා.

9 comments:

  1. කොල්ලෙක් උනාම ඕවා නැතුවත් බැහැ නේ!

    ReplyDelete
  2. කොලුවා දස්සයෙක්.....:))

    ReplyDelete
  3. දවසක් අම්මා කෙනෙක් පන්ති බාර ගුරුතුමිය හමුවෙලා මෙහෙම කිව්වාලු.
    I'm Tim's mother. Am I apologizing or bragging?

    ReplyDelete
  4. කොල්ල නම් ඇම්ඩෙක් බව පෙනෙනවාඅ ඇස් දෙකෙන්..

    ReplyDelete
  5. සබිත්, ලොකු පුතේ, හෙන්රි මචං, සරත් - කොමෙන්ට්වලට ස්තුතියි ..! දැං ඉන්න පොඩි එවුනුත් අපි ඉස්සර කරපු මරි වැඩම තමයි කරන්නේ ..!

    ReplyDelete
  6. කොල්ලගේ මූණෙන් මැරෑටි ගතිය බේරෙනවා වගේ. ඒත් මේ කාලේ ඔහොම දෙයක්වත් කරන්නේ නැත්නම් නාකි වෙලා කරන්නයැ

    ReplyDelete
  7. අනේ ස්වීට් කොල්ලෙක් . . මගේ පොඩි එකා වගේ . .

    මගේ එකා ගැන මම පෝස්ට් එකක් ලිව්වේ ඌ සොඳුරු ත්‍රස්තවාදියෙක් කියලා හඳුන්නලා දීලා . . . http://dukaa.blogspot.com/2010/03/virul-sweet-terrorist.html

    ඒ කියන්නේ සොඳුරු එකේ උපරිමේ ඉන්න නිසා තමයි එහෙම කිව්වේ . .

    මේ කොල්ලයි කෙල්ලයිත් හරි හුරතල් පාටයි . . .

    ReplyDelete
    Replies
    1. සොඳුරු ත්‍රස්තවාදියා ගැන පෝස්ට් එක කියෙව්වා මලේ. කොලුපැටියාට තෙරුවන් සරණ පතනවා.

      මේ පෝස්ට් එකේ ඉන්න කොල්ලත් සොඳුරු ත්‍රස්තවාදියෙක්ම තමයි ...!

      Delete
  8. කොල්ලෙක් උනාම ගහ ගන්නත් ඕන, මිස්ලගෙන් ගුටි කන්නත් ඕන... පොඩි උන් දෙන්නටම සුභම සුභ අනාගතයක්.

    ReplyDelete