මගෙ යාලුවෝ

Thursday, November 3, 2011

2. අහිංසක උකුණු පැටියා



සමහර පොඩි එවුං, මහ එවුංට හොරෙන්  හිත හිතා තක්කඩිකම් කරති. ඒත් ඒවා අසුවී හොයා බලද්දී ගහන්න බනින්න හිතෙන්නේ ද නැත. අපට නොපෙනෙන අතිශය මානුෂික බවක් ඒ සමහර  තක්කඩිකම්වල තිබෙන නිසාය.

අපේ නංගිගෙ කෙල්ල දවසක් ඇවිත් කිව්වලු 'අනේ අම්මෙ මගෙ ඔලුවෙ චූටි උකුණු පැටියෙක් හිටියා....  එයා හරීම අහිංසකයි අම්මෙ' කියලා. ඒක කියල බලාගෙන හිටපු තාලෙන්ම නංගිට දනුනලු මේකි මොකක් හරි තක්කඩිකමක් කරලා තමයි කියල. 'ඉතින් පුතා ඌට මොකද කලේ' කියල නංගි ඇහුවලු.

කෙල්ල උත්තර දෙන්න කලිං ටිකක් ඈතට ගියාලු.

 ' මම එයාව ආපහු ඔලුවට දා ගත්තා'

14 comments:

  1. අනේ මං වාගෙම අහිංසක කෙලි පැටික්කියෙක්. මම පොඩි කාලෙ දඩයමට ආසයි. පීරල පීරලා උකුනෙක් වැ‍ටුනාම ඌව ආපහු ඔලුවට දාගෙන ආයෙම පීරනවා දැකලා අම්ම දැකලා අනේ මේ 'ගොන්ස්' කිව්වා.

    ReplyDelete
  2. ඇත්තටම ඒකි හරි අහිංසකයි, මචං. ඔන්න මම කෙල්ලගෙ පින්තුරෙකුත් අප්ලෝඩ් කලා

    ReplyDelete
  3. පොඩි එව්වෝ ඔහොම තමයි...

    මම ගාමිණී මහත්තයාගේ පොත් කියවල තියෙනවා, දැනට ටික කාලෙකට කලින් ඒ පොත අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනයෙන්ද කොහෙද ගත්තේ
    මමත් ඉතින් ඔය සබ්ජෙක්ට් එකට(Wild Life) ගොඩක් කැමතියි

    ReplyDelete
  4. පොඩි එවුං ගෙ තක්කඩිකම්වලට අපි හැමදාමත් අහු වෙනවා. පාඩමක් ඉගෙන ගන්නෙත් නෑ.

    ReplyDelete
  5. පුංචි දරුවෙකු තුළ ඇති අව්‍යාජ සංවේදී බව මගේ හදවතෙහි පහන් හැඟුමක් ඇතිකරන්නට සමත් වුණා. මහත්මයා, මේ වගේ සංවේදී දරුවන් බොහෝවිට ඉන්නේ ආදරය යහමින් ලබන සුරක්ෂිත පරිසරයකයි. මේ කතාව දරුවා වගේම දරුවාගේ දෙමාපියන් ගැනත් යමක් කියනවා කියලා මට හිතෙනවා.

    ReplyDelete
  6. මට අපි පුංචි කාලේ කල වැඩක් මතක් උනා. අම්මගේ ඔලුවේ උකුණෝ අරගන්න හැටි.. එකෙක් අරන් පෙන්නලා ලකුණු දාගන්නවා. ඊට පස්සේ එකාම ආපහු පෙන්නලා හය හත් පාරක් ලකුණු ගන්නවා. අනේ පවු අපේ අම්මා.

    ReplyDelete
  7. නොකිව්වට සමහරවිට අම්මා දැනගෙන ඉන්නත් ඇති කොල්ලා පෙන්නන්නෙ එකම උකුණා කියලා ...

    ReplyDelete
  8. ලොකු මිනිස්සුන්ට ලොකු ලොකු පාඩම් කියදෙන්න පොඩියට හිටියට පොඩි මිනිස්සුන්ට පුලුවන්

    ReplyDelete
  9. පොඩි උන්ගේ ලොකේ කොයි තරම් සුන්දරයිද අප්පා

    ReplyDelete
    Replies
    1. සුන්දරයි වගේම සරලයි මලේ. ඒ නිසාම උන් සතුටෙන් ඉන්නවා..

      Delete
  10. අද උදේ මගේ දුවත් මේ වගේ වැඩක් කරා. එයාගේ සෙල්ලම් බඩුවක් ඉස්කෝලේ ගෙනියන බෑග් එකට දා ගත්තා. මම හොරෙන් ඒක අයින් කළා. මම උදේ කෑම පෙට්ටිය එතනට (සෙල්ලම් බඩුව තිබුන තැනට) දාන්න හදනකොට දුවගෙන ඇවිත් එතන අරින්න දුන්නේ නෑ. පස්සේ මම ඉස්කෝලේ ළඟදී කිව්වා මම ඒක අයින් කළා, සෙල්ලම් බඩු ඉස්කෝලේ ගෙනියන්න හොඳ නෑනේ පුතේ කියලා. එතකොට කෙල්ල කියනවා "අපේ එලකිවුෂන් ටීචර් ටොයි එකක් ගේන්න කිව්වා" කියල.

    ReplyDelete
    Replies
    1. අන්තිමට බලනකොට අපිම තමයි උන්ට අහුවෙලා තියෙන්නේ මලේ ...!

      Delete
  11. පොඩී කෙලීගෙ තක්කඩිකම නෙවේ ගාමිණී අයියා. අහිංසකකම....
    උකුණු පැටියා වගේම අහිංසකයි.....

    ReplyDelete