මගෙ යාලුවෝ

Saturday, November 26, 2011

6. ස්කින් ග්‍රාෆ්ට් ..



අපේ උරග සහ උභයජීවි විශේෂඥ මෙන්ඩිස් වික්‍රමසිංහ මල්ලි අද කෝල් එකක් දුන්නා. උගෙ කකුල තුවාල වෙලා ස්කින් ග්‍රාෆ්ට් එකක් කරන්න වෙලාලු. ඒ කියන්නෙ වැඩිය නොපෙනෙන, ඇඟේ  වෙන තැනක හමෙන් කෑල්ලක් අරගෙන තුවාලය උඩ රෝපනය කරන එක.

ඒක ඇහුවහම මට පරණ කතාවක් මතක් වෙලා මෙන්ඩිස් මල්ලිට කිව්වා. ඌට බකබක ගලා හිනා ගියා. ඌ කතාව කලිං අහලා තිබිලා මාව සනසන්න බොරුවට හිනා උනාද දන්නෙත් නෑ. කොහොම උනත් මේකයි කතාව.

එක පොරක් උගෙ ගෑනිගෙ මූන පොඩ්ඩක් පිච්චිලා ඒකට බෙහෙත් දාන්න දොස්තර ලඟට එක්ක ගියා. දොස්තර කියාපි මේකට ස්කින් ග්‍රාෆ්ට් එකක් කරන්න ඕනෑ කියලා. දොස්තරයාම යෝජනා කළා වයිෆ්ගෙ පස්සපැත්තෙන් ඒකට හං කෑල්ලක් ගමු කියලා. ඒත් ඒ යෝජනාව පොරට වැඩිය හිතට ඇල්ලුවෙ නෑ. ඒකට ඉතිං හේතු ගණනාවක් තියෙන්න ඇති.

'දොස්තර මහත්තයා මෙයාගෙ මූනට මගෙ හං කෑල්ලක් දාන්න බැරිද ..?' පොර විකල්ප යෝජනාවක් ගෙනවා'

'එහෙමනං එහෙමවත් කරලා බලමු ..' දොස්තරයත් වැඩේට එකඟ උනා.

කොහොම හරි වැඩේ කෙරිලා මිනිහගෙ පස්ස පැත්තෙ හං කෑල්ලක් මූනෙ අලවගෙන ගෑනි ගෙදර ගියා.

ඒත් එදාම හවස පොරට ආයෙත් දොස්තර ගාවට යන්න සිද්ද උනාලු. බලනකොට උගෙ හක්ක පැනලා. දොස්තර වහාම අතපත ගාලා 'ටකස් ..' ගාලා හක්ක ආපහු තිබුනු  තැනටම දාලා යථා තත්වයට පත් කලාලු.

ඊට පස්සෙ ඉතිං රෝග නිධානය දැනගන්න ඕන නිසා දොස්තර ඇහුවලු 'මොනව වෙලාද හක්ක පැන්නේ ..' කියලා.

'බලන්නකො දොස්තර මහත්තයා අපේ ගෑනිගෙ ලෙඩ බලන්න නැන්දම්මා ආවනෙ ..මට හිනා ගිහිං හක්ක පැන්නා .. ' පොර කිව්වා.

'ඒකට ඉතිං එච්චර හිනා යනවයැ ..?'

'හක්ක පනින්නෙ නැද්ද දොස්තර මහත්තයා නැන්දම්මා තකහනියක් ඇවිත් මගෙ පුka ඉඹිනවා දක්කහම ..?

එතකොටම 'ටකස් ..' ගාලා සද්දයක් ඇහුනලු.

බලනකොට දොස්තරයගෙ හක්ක පැනලා.

13 comments:

  1. හක් හක් හක් සිරා කතාව,,, ඔයාගෙ මෙන්ඩිස් මල්ලිට ගැරඩියෙක්ගෙ හං කෑල්ලක් දා ගන්න අයිඩියා එක දීල බැලුවොත් නරකද,,,

    ReplyDelete
  2. ඇත්තටම ගාමිණි අයියේ, තව පොඩ්ඩෙන් මගෙත් හක්ක පනිනවා

    අර මෙන්ඩිස් මහත්තය උරග සහ උභයජීවි විශේෂඥයෙක් කියල කිව්වා නේද
    මොකද හිතෙන්නේ කිඹුල්හම් ගැන.... :)

    ReplyDelete
  3. මගෙත් හක්ක පනිනවා තව පොඩ්ඩෙන්

    ReplyDelete
  4. කොච්චර උනත් නැන්දම්මලා ගැන දුකත් හිතෙනවා. ඒ ගොල්ලො කෙල්ලො හදලා අපිට දුන්නෙ නැත්නම් අපි මැරිලා වලදාපු තැන්වල පැලවෙච්ච ගස් බදන්න බැරි තරම් ලොකු වෙලා.

    ReplyDelete
  5. Samarakoon ayya niyamai...Bhathiya

    ReplyDelete
  6. උපරිමයි.. ඔෆිස් එකේ හිනාවෙලා බිම පෙරලෙන්න බැරි එකයි දුක..

    ReplyDelete
  7. නැන්දම්මා බෑණලා හුටපට නැන්දම්මා ලේලි හුටපට ඉවරයක් නැහැනේ :D

    හැබැයි මොනවා වුණත් මාමණ්ඩි බෑණා නම් එළකිරි වගේ ඉන්නවා

    ReplyDelete
  8. භාතිය, සරත්, හසිත මල්ලිලාට කොමෙන්ට් කළාට ස්තුතියි.

    නැන්දම්මලා සහ ලේලිලා අතරට වඩා මාමන්ඩිලා බෑණලා අතර පොදු සාධක වැඩි නිසා ගැ‍ටුම් අඩුයි මම හිතන්නෙ. එකම බෝතලේට සෙට් වෙන්න පුලුවන් නම් ගැ‍ටුම් ඇත්තේම නෑ.

    ReplyDelete
  9. හෆොයි . . මගේ හක්කත් පැන්නද කොහේද . ..

    ReplyDelete
    Replies
    1. කවදා හරි අපේ බෑනලා අපිටත් හිනාවෙයි මලේ...

      Delete
  10. සිරා කතාව... :D :D

    ReplyDelete
  11. තව පොඩ්ඩෙන් මගෙ හක්කත් පනිනව :D :D

    ReplyDelete