මගෙ යාලුවෝ

Thursday, November 3, 2011

3. වයිජීපී



වයිජීපී කරුණාරත්න
වනජීවියට ගෑවුනු එකෙකුට වයිජීපී කිව්වොත් හිතේ මැවෙන්නෙ උස මහත, කලු පාට, ඇහැරිලා ඉන්න හැම මොහොතකම කාටහරි කෑගහගත්ත ගමන් ඉන්න, දිරච්ච ලණු පප්පෙක්. අවුරුදු තිහක් තිස්සෙ උගෙ ලණු වැඩියෙන්ම කෑවෙ උගෙ බැචෙක් වෙච්ච මම.

වයිජීපී කරුණාරත්න වනජීවී සංරක්ෂණ දෙපර්තමේන්තුවෙ හිටපු නිර්මාණාත්මක හැකියාවන්ගෙන් අගතැන්පත් එකෙක්. එක පාරක් හොඳම උද්‍යාන භාරකරු හැටියටත් තේරුනා. වයිජීපී අවුරුදු තිහක රාජ්‍ය සේවාවකින් පස්සෙ, මධ්‍යම පලාත භාර සහකාර අධක්ෂ්‍ය හැටියට  ඊයෙ පෙරේදා විශ්‍රාම ගත්තා. ඌට ගෞරවයක් හැටියට මම මේ ටික ලිව්වෙ.

1980 දශකය මුලදි අපි කුමන ජාතික උද්‍යානයෙ  වැඩ කරද්දි එක හැලියෙ බත් කෑවා. ඒ කාලෙදිම තමයි වයිජීපී කසාද බැන්දෙත්. ස්ටාෆ් එකේ හිටපු සෝමරත්නයා  වයිජීපී ගේ කසාදෙ කෙරිච්ච හැටි ගැන නාට්ටියක් රඟ දක්වලා පෙන්නනවා ඒ දවස්වල. ඒකෙ අවසාන ජවනිකාවෙ තියෙන්නෙ සුමනා නංගිගෙ (වයිජීපී ගෙ වයිෆ්) අම්මා, සුමනා නංගිගෙ ඔලුව අතගාලා කියනවා 'අනේ පුතේ විහාර මහා දේවි මුහුදට බිලි වෙලා රට ජාතිය බේර ගත්ත වගේ උඹත් මේ පොරිසාදයා එක්ක ගිහින් අපේ පවුල බේර ගනින්' කියලා.

රාජකාරි සමුගැන්ම
වයිජීපී දවසක් ඔ‍ෆිස් එක ගාව මෝටර් ස්යිකලේකින් වැටිලා පැය දෙකක් විතර කෑ ගගහ හිටියලු. ඒත් කවුරුවත් උදව්වට ඇවිත් නෑ. පස්සෙ අමාරුවෙන් නැගිටලා ගිහින් 'මොකද යකෝ තොපි මාව නැගිට්ටවන්න ආවෙ නැත්තේ.. තොපිට මම කෑ ගහනව ඇහුනෙ නැද්ද ..?' කියලා කොල්ලන්ට බැන්නලු. එතකොට උන් කිව්වලු ' සර් ගෙ සද්දෙ නං අහුනා. ඒත් හැම තිස්සෙම ඉන්නෙ කෑ ගහ ගහ නිසා අපි ගනං ගත්තෙ නෑ .. ' කියලා.

වයිජීපී දෙපාර්තමේන්තුවෙ හිටපු හොඳම බොක්කක්.

8 comments:

  1. අපිටත් වෙන්නෙ ඔයටික තමයි බොරුවට කෑ ගහලා.

    මචෝ මොකෑ මේ කොමෙන්ට් බොක්ස් එක වෙනම එන්නෙ? බලාපං මේ පාරෙ ගිහිං. design >settings > comments > Comment Form Placement (උඹැහෙ ටික් කොරල ඇත්තෙ Pop Up Window වෙන්නැති. ටික් කොරපං යට එක . නෑ නෑ බං උඹේ යට එක නෙවෙයි. Embeddd below Post කියන එක. ආං හරි . දැං සේව් කොරලා උඹම ඇරල බලපන්කො.
    henryblogwalker the dude

    ReplyDelete
  2. කොහොමටත් වැඩිපුර කෑ ගහන අයට වෙන්නේ ඕක තමයි අන්තිමට... හික්.. හික්.

    අයියගේ වයිල්ඩ් ලයිෆ් කතා ටිකක් එහෙමත් දාමුකෝ කියවන්න.

    ReplyDelete
  3. වයිජීපී කරුණාරත්න මහතාගේ විශ්‍රාම දිවියට මගෙත් සුබපැතුම් ...

    ReplyDelete
  4. පහළ තියෙන ෆොටෝ එකේ වයිජීජීව බදාගෙන ඉන්නේ ඔබතුමාද ?

    ReplyDelete
  5. ඔව් මලේ, වයිජීපී මාත් එක්ක කීප වතාවක්ම එකම සේවා ස්ථානයෙ හිටියා සහෝදරයො වගේ. ඒ වගේම අපේ බිරින්දෑවරුන්, දරුවනුත් එකතුයි. රාජකාරි සමු ගැනීම බොහොම හැඟුම්බර වුනා.

    ReplyDelete
  6. ' සර් ගෙ සද්දෙ නං අහුනා. ඒත් හැම තිස්සෙම ඉන්නෙ කෑ ගහ ගහ නිසා අපි ගනං ගත්තෙ නෑ .. '

    මරුම කෑල්ල

    ReplyDelete
  7. මාර චරිතයක්නෙ....

    ReplyDelete
    Replies
    1. මම දැකපු අපූරුම චරිතයක්.
      වයිජීපී කරුණාරත්න වනජීවියට කරපු සේවයට ගරු කිරීමක් හැටියට 2013. මාර්තු මාසෙදි, උරග සහ උභය ජීවී විශේෂඥ මෙන්ඩිස් වික්‍රමසිංහ මලයා ඇතුලු පර්යේෂණ කන්ඩායම හොයා ගත්තු අලුත්ම පඳුරු මැඩි විශේෂයක් ඔහුගේ නමින් නම් කළා. (කරුණාරත්නගේ පඳුරු මැඩියා - Karunaratna's Shrub Frog - Pseudophilautus karunaratnai)

      Delete