දුක හිතෙන ආරංචියක් දැනගන්න ලැබුනා මේ ලඟදි. මම දෙපාර්තමේන්තුවට ආපු මුල් දවස්වල මට ඉතාම සහෝදරත්වයෙන් ගුරුහරුකම් දීපු ආරි අය්යා අසනීපයෙන් රෝද පුටුවකට සීමා වෙලා ඉන්නවලු.
ආරි අය්යා එතකොට දෙපාර්තමේන්තුවෙ සීනියර් රේන්ජර් කෙනෙක්. හම්බන්තොට ඉපදුනු නිසා මැලේ භාෂාවත්, උඩරට පැත්තෙ පදිංචිවෙලා හිටිය නිසා දෙමල භාෂාවත්, සිංහලට අමතරව වතුර වගේ දැනගෙන හිටියා. එයාගෙ ඉංග්‍රීසි දැනුම ගැන නම් එයාම විස්තර කරන්නෙ 'මල්ලි සුද්දෙක් එක්ක කතාකරනකොට විනාඩි පහකින් දන්න ඉංග්‍රීසි ටික ඉවර වෙනවා. ඊට පස්සෙ අතින් පයින් තමයි ගේම දෙන්නෙ' කියලා.
කලුපාට, හැඩිදැඩි පෙනුමක් තිබුනු ආරි අය්යා දැක්ක ගමන් හිතෙන්නෙ ත්‍රාඩ පොරක් කියලා. ඒ උනාට අපිට බොහොම ලෙන්ගතුව සැලකුවා. නිතර ඇඟට හිරවෙච්ච ඩෙනිමක් ඇඳලා ඉන්න ආරි අය්යා හොඳ හැන්ඩියා. කාන්තාවො ගැනත් ලොකු උනන්දුවක් තිබුනා. 'ධීවර ලඳ', 'මැටි පොලව' වගෙ තවත් කතා කීපයක් ආරි අය්ය ගැන ලියන්න පුලුවන් උනත් හදිසියෙවත් පොඩි එකෙකුගෙ ඇහැ ගැහුනොත් හොඳ නැති නිසා ලියන්නෙ නෑ. ආරි අය්යගෙ පපුවෙ 'SUMI' කියලා සුමිත්‍රා අක්කගෙ (එයාගෙ වයිෆ්) නමේ කොටසක් පච්ච කොටලා තිබුනා. ආශ්‍රය කරපු සේරම ගෑණුංගෙ නම් පච්ච කොටන්න ගියොත් ඇඟ ඉඩ මදි නිසා කසාද ගෑනිගෙ නම විතරක් කොටා ගත්තා කියලා තමයි ආරි අය්ය කියන්නෙ.
ඉතිං අපි තාම අද පෝස්ට් එකේ මාතෘකාවට ආවෙ නෑනෙ. මේකයි කතාව.
දවසක් අපි අපේ බොසා, චන්ද්‍රා ජයවර්ධන මහත්තයාත් එක්ක රාජකාරි උවමනාවකට ආරි අය්යගෙ නිලනිවාසයට ගියා. රාජකාරිය අවසන් වෙලා ආපහු එන්න හදනකොට තමයි බොසා බිත්තියෙ එල්ලලා තිබුනු, මලකඩ කාපු දම්වැලක දෙපැත්තෙ ලී කෑලි දෙකක් එල්ලලා හදාපු මොකද්ද එකක් දැක්කෙ. දැකපු ගමං බොසා නැවතිලා 'මොකද්ද ඕයි මේ ...!' කියලා ඇහුවා.
ආරි අය්යා බිත්තියෙ එල්ලලා තිබුනු ගැජට් එක බොහොම ගෞරවයෙන් අතට අරගෙන බොසාට නංචාකුවක් කියන්නෙ මොකද්ද කියලා සම්පූර්ණ ඉතිහාසෙත් එක්කම කියලා දුන්නා. විස්තරේ අහගෙන හිටපු ලොක්කට වැඩේ අල්ලලා ගියා. 'ඉතිං ඕයි ඕකෙං සෙල්ලමක් දාල පෙන්නනවකො ..' බොසාත් කිව්වා.
'එන්නකො සර් එලියට ..' කියල ආරි අය්යත් අපි කට්ටියම නිල නිවාසෙ මිදුලෙ මයිල ගහ යටට එක්ක ගියා. අපි දැං සේරම වටවෙලා බලාගෙන ඉන්නවා පොර මොකද්ද කරන්න යන්නෙ කියලා. ඉස්සෙල්ලාම අරි අය්ය නංචාකුවෙ ලී කෑලි දෙක අත් දෙකෙන් අල්ලගෙන, දණහිසක් නවලා කකුලක් ඉස්සරහට තියලා, තත්පර කීපයක් ඇස් දෙක අඩවන් කරලා ඒක දිහා බලාගෙන හිටියා. හරියට බෲස් ලී ගේමක් දෙන්න සෙට් වෙනවා වගේ. ඊට පස්සෙ එක පාරටම නන්චාකුවෙ ලී කෑලි දෙක අතින් අතට මාරු කරන ගමන්, එහාට මෙහාට හැරි හැරි, හතර වටේට කරකවන්න පටන් ගත්තා. හරියට පෙරහැරවල්වල ගිනිබෝල කරකවනවා වගේ.
ලොක්කත් එක්ක අපි දැන් ඇස් දෙක උඩතියාගෙන බලාගෙන ඉන්නවා ආරි අය්යගෙ කුංෆු සංදර්ශණය දිහා. නන්චාකුවෙ කරකැවිල්ලෙ වේගය ටිකෙන් ටික වැඩි වෙලා දැන් ලී කෑලි දෙක නොපෙනෙන ගානට ඇවිල්ලා. මලකඩ කාපු යකඩ දම්වැලේ 'කරස් බරස්' ගාන සද්දෙ විතරයි දැන් ඇහෙන්නෙ.
අපිත් ඉතින් මයිල් ඉස්මයිල් වෙලා බලාගෙන ඉන්න අතරෙ එක පාරටම 'ටොං' ගාලා සද්දයක් ඇවිල්ලා ටිකෙන් ටික නන්චාකුවෙ වේගය අඩුවලා ගිහින් නතර උනා. ආරි අය්යගෙ මූණත් එකපාරටම කක්ක බරක් හැදිලා වගෙ ඇඹරිලා ගියා. එක අතකුත් හිස් මුදුණ පැත්තට ගිහින් නතර උනා.
කිට්‍ටු වෙලා බලනකොට ආරි අය්යගෙ ඔලුවෙ හඳ පායගෙන එන හරියෙ දෙහි ගෙඩියක් විතර ගැටයක් මතු වෙලා. නංචාකුවෙ එක ලී කෑල්ලක් පිටි පස්සෙන් කැරකිලා ඇවිත් පොරගෙම ඔලුවෙ වැදිලා.
'ඉතින් ඕයි ඕක තියෙන්න අනුන්ට ගහන්න නෙවෙයිද ...?' ඒ අස්සෙ ලොක්කත් අහපි.
අසරණ ආරි අය්යා අඤ්ඤ කොරොස් වෙලා බලාගෙන ඉන්නවා. 'තමුසේ උණු අලු පොට්ටනියක් හදවාගෙන ඕක ටිකක් තවා ගන්නවා ...' කියාපු ලොක්කා අපිවත් වාහනේට පටවා ගෙන පිටත් උනා.
ඊට පස්සෙත් අපි ආරි අය්යගෙ නිල නිවාසෙට නිතර ආවා ගියා. ඒත් නංචාකුව පේන්න තිබුනෙ නෑ. ඒක කෝ කියලා අපි ඇහැව්වෙත් නෑ. ඇහුවා නං ඉතිං 'තොගෙ අම්මට..' කියලා හොඳම එකෙන් උත්තර ලැබෙනවා.
කොහොම උනත් ආරි අය්යා පස්සෙ කාලෙකදි දෙපාර්තමේන්තුවෙ උසස් තනතුරු කීපයක් දරලා දැනට අවුරුදු හත අටකට ඉස්සර පැන්ෂන් ගියා. ආරි අය්යට ඉක්මන් සුවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. (අසනීප උනේ ආයෙත් නංචාකුව ප්‍රැක්ටිස් කරන්න ගිහිං ද කියලා මගෙන් අහන්න එපා කොල්ලනේ. මම ඒක දන්නෙ නෑ).
ආරි අයියාට සුවය ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා මුලින්ම
ReplyDeleteහි..හී... පව් අප්පා පොර....
ඔය වගේ වැඩ ගොඩක් වෙලාවට වෙනවා කරාතේ කරන උදවියට
එතුමන්ට නැවතත් නැගී සිටින්නට ශක්තිය ලැබේවා...
ReplyDelete//..ඉතින් ඕයි ඕක තියෙන්න අනුන්ට ගහන්න නෙවෙයිද?//..හපොයි ඒක තමයි හිනාකාලා මැරෙන කතාව..
This comment has been removed by the author.
ReplyDeleteහයියෝ...ඔබා අයියේ..ආරි තවම ජීවතුන් අතර ඉන්නවා....
ReplyDeleteගාමිණී හොඳ ලේඛකයෙක් බව මම දැනගෙන හිටියා. දැන් ගාමිණී හොඳ බ්ලොග් රචකයෙක් බවටත් පත් වෙලා බව පේනවා. මේක නම් හොඳම පෝස්ට් වලින් එකක්. මට හිතාගන්න බැරි මේක ලිව්වෙ කොයි වෙලේද කියලයි.
ReplyDeletehenryblogwalker the dude
ආරි අයියගේ අසනීපෙ කෙසේ වෙතත් මේක කියවල මට කඳුලු පනින්න හිනා ගියා... අම්මපා සඳරුවගේ මේ http://hisahasa.blogspot.com/2011/09/blog-post_27.html පෝස්ට් එකට පස්සෙ හොඳටම හිනා ගියේ මේකට.....
Deleteකොමෙන්ට් එකට ස්තුතියි. මේක අත්තටම වෙච්ච සිද්දියක්
Deleteකොමෙන්ට්වලට ලොකු පුතාට, ලකීට සහ හෙන්රි මචංට ස්තුතියි.
ReplyDeleteඔබා අය්යා කොමෙන්ට් එක ආපහු ලියනවා වගේ.
හෙන්රි මචෝ උඹම තමයි මාව බ්ලොග් රචකයෙක් කළේ. යන එන වෙලාවට දකින හිතෙන දේවල් ලියලා බෙදා හදා ගන්න එක කොච්චර වටිනවද කියලා දැන් තමයි හිතෙන්නේ.
යමක් ලියන්න හිතුනහම ලියනකම් පොඩි කැසිල්ලක් හැදෙනවා. ඒක හොඳ වෙන්නේ කොහොම හරි වෙලාවක් හොයාගෙන ලියලා ඉවර කළහම.
ආරි අයියට ඉක්මන්ට සනීප වෙන්න දෙවියන් වහන්සේගෙ පිහිටයි! හරිම හිනායන කතාවක් තමා මේක... :-D මමත් කියවන් යනකොට කටත් ඇරන් බලන් හිටියෙ දැන් කවුරුහරි ගුටි කයිද දැන් කයිද කියල....ආරි අයියා එයාටම ටොක්කක් ඇනගෙනනෙ! හි හි හ්
ReplyDeleteස්තුතියි හිරුනි දුව.
ReplyDeleteලබන පාර තාත්තලත් එක්ක ඔයත් ගිරිතලේ එන්න. ඒත් එතකොට මම පැන්ෂන් ගිහිල්ලා තියෙයි ද දන්නෙ නෑ.
ගාමිණි අයියාටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා...!
ReplyDeleteලොකු පුතේ, සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!
ReplyDeleteසුබ පැතුම ප්‍රමාද උනාට සමාවෙන්න ඕනෑ, මැන්ටල් පොරවල් නේ ..
\\ 'ඉතින් ඕයි ඕක තියෙන්න අනුන්ට ගහන්න නෙවෙයිද ...?'\\
ReplyDeleteහිනා හිර කර ගෙන අමාරුවෙන් හිටියා..මොකද ඔෆිස් එකේනෙ ඉන්නෙ :DD
හැමෝටම විනෝදය සපයපු ගොබිලෙක් වගේ ආරි අය්ය.. අනේ ඒ මනුස්සයට ඉක්මනින් සනීප වෙන්න කියලා මමත් ප්‍රර්ථනා කරනවා.
ReplyDeleteවෙනි, සරත් - ආරි අය්යට දැන් ටිකක් සනීපයි කියලා ආරංචියි, ස්තුතියි !
ReplyDeleteහිනාව නවත්තගන්න බැහැ. ඔය නංචක්කුව කියන එකෙන් පහර දෙන එකටත් වඩ වැඩියෙන් කරන්නේ තමන්ට එන පහරවල් වළක්වන එක නේද ??
ReplyDeleteBruce lee ගෙ ෆිල්ම්වල නංචාකුව කරකවනවා මම දැකලා තියෙනවා. මටත් ආරි අය්යට වගේම වැඩි දැනුමක් නෑ. මම ඕක කරකවන්න ගියානම් මටත් වෙන්නෙ ඒ ටිකමයි මලේ.
Deleteදැන්නම් ආරි අය්යට සනීප ඇති නේද? ඒ දවස්වල අපේ මල්ලිත් නන්චක්කුවක් කරකව කරකව හිටියා. අපේ ඇඟේ ලේ නෑ.
ReplyDeleteආරි අය්යට දැන් හුඟක් දුරට සනීපයි කියලා ආරංචිඋනා.
Deleteබෲස් ලී තමයි කොල්ලන්ට නංචාකු පිස්සුව බෝ කළේ..
අපේ තාත්තා ගාවත් නංචක්කුවක් තියෙනවා.
ReplyDeleteලියවිල්ල මාර රසවත්. මේ ලිපිය මම දැක්කෙ බුකියෙ ෂෙයා කරලා තියෙද්දි. මම හිතුවෙ ගාමිණි අයියගේ අලුත් ම ලිපිය කියලා. ඔබා මාමගේ කමෙන්ට් එකදැකලා උඩ ගියා.
දැන් කෝමද ගාමිණි අයියගේ යාලුවට...!
ආරි අය්යට දැං හුඟක් සනීපයිලු, මලේ. ඉන්නේ නුවර එලියටත් එහා නිසා නිතර බලන්න යන්න වෙන්නෙ නෑ.
ReplyDeleteඔබා අය්යටත් ඒ වගේ හොඳවෙන්නනේ තිබුනේ. අලුතින් පෝස්ට් එකක් දානකොට තවමත් හිතෙනවා ඔබා අය්යා මේකට මොනවා කියයිද දන්නෙ නෑ කියලා.
නියමයි.නියමමයි. "හිත නිවන කතා" !
ReplyDeleteමරු සීන් එක........
ReplyDeleteබෑ බෑ මේක ඔෆීසියේ ඉඳන් නම් කියවන්න ඇහැක් බ්ලොග් එකෙක නෙමේ . . වැඩ කරන අනෙක් උන්ට වැඩක් කරන්න වෙන්නෑ නෑ මම හිනා වෙන හිනා විල්ලට . .
ReplyDeleteජීවිතේ සිද්ද වෙන සමහර පුංචි දේවල් දිහා කාලෙකට පස්සෙ හැරිලා බලනකොට ලොකු සතුටක් විඳින්න පුලුවන් මලේ.
Deleteකතාව කියවගෙන කමෙන්ට් එකක් දාන්න හිතාගෙන පල්ලෙහාට එද්දි, "ඔබා මාම" දාල , මකපු කමෙන්ට් එක දැක්කා. මකල තිබුනට එතන දාපු කමෙන්ට් එක හිතාගන්න පුලුවන්. අෆොයි දෙයියනේ ජීවිතේ....
ReplyDeleteඔබා අය්යා වැරදියට තේරුම් අරගෙන කොමෙන්ට් එකක් දාන්න ඇති. පස්සෙ තේරිලා මකලා දාලා..
Delete