වනජීවී කතා අහන්න බ්ලොග් යාලුවන්ගෙ වැඩි කැමැත්තක් තියෙනවා වගේ පේන නිසා, මේ පාරත් අලි කතාවක් කියන්න හිතුනා.
අලි බැලිල්ලත්, බලි බැලිල්ල වගේම ඇති නොවෙන බැලිල්ලක් උනාට, ගෙවල් කඩන, මිනී මරණ අලි ඉන්න පැත්තකට ගිහිල්ලා අලි ගැන මතක් කෙරුවත් මිනිස්සුන්ට මල පනිනවා. සමහර පලාත්වල මිනිස්සු අලින්ගෙන් ඒ තරම්ම දුක් කරදර විඳිනවා. ඉතින් ඒ නිසාම වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් රටේ ඉන්න නාහෙට නාහන හොර අලි ටික පාලනය කර ගන්න නොවිඳිනා දුක් විඳිනවා. ඒත් කවදාවත්, කිසි කෙනෙක්ගෙන් හොඳක් නම් අහලා නෑ.
වන අලි කලමනාකරණයේදි උන් යන එන, ගැවසෙන තැන්, වසරක ඍතු චක්‍රයක් තුළ භාවිතා කරන භූමි ප්‍රමාණය (නිවාස පරාසය - Home Range) වගෙ දේ ගැන නිවැරදි තොරතුරු ඉතාම වැදගත් වෙනවා. පලපුරුද්දෙන් ඒ වගේ තොරතුරු අපේ කස්ටිය දැනගෙන හිටියත් මෑත කලෙක ඉඳන් ඒ වගෙ තොරතුරු ලබාගන්න ඉතාම විද්‍යාත්මක ක්‍රමවේද දෙපාර්තමේන්තුව පාවිච්චි කරනවා. ඒ සඳහා ආචාර්ය පෘතුවිරාජ් ප්‍රනාන්දු (පෘතු) වගෙ බාහිර පර්යේෂකයන්ගෙ සහායත් උපරිමයෙන් ලැබෙනවා.
වන අලින්ගෙ සෘතු චලන රටාව ගැන (Seasonal Movement) නිවැරදි තොරතුරු ලබා ගන්න පාවිච්චි කරන එක ක්‍රමවේදයක් තමයි ගුවන්විදුලි සංඥා යන්ත්‍රයක් අලින්ගෙ බෙල්ලෙ එල්ලන එක. ඒකෙන් නිකුත් වෙන සංඥා අනුව අලියා ඉන්න තැන නිශ්චිතව දැන ගෙන සිතියම්ගත කරගන්න පුලුවන් (Radio Telemetry). කියන එක ලේසි උනාට ඒක කරන එක ලේසි කෙලියක් නෙමෙයි. ඒ වගෙ යන්ත්‍රයක් සවි කරපු කර පටියක් (Radio Collar) බෙල්ලෙ එල්ලනකම් උං උඩ බලාගෙන ඉන්නෙ නෑ.
දියුණු රටවල වන සත්තුන්ට ගුවන් විදුලි සංඥා යන්ත්‍රයක් පලඳවලා තොරතුරු රැස් කරන තාක්ෂණය ගැන මුලින්ම අපිට අහන්න ලැබුනෙ 1980 දශකයෙ මුලදි උනත් දෙපාර්තමේන්තුව ඒ තාක්ෂණය භාවිතා කරන්න පටන් ගත්තෙ 1990 දශකයෙ මැදදි. ඒ කාලෙ දෙපාර්තමේන්තුවෙ ඒ පිළිබඳ උපදේශකවරයා උනේ ඉන්දියාවෙ කර්ණාටකයෙන් ආපු අජේ දේසායි. අලියෙක් පස්සෙ ගිහිල්ලා නිර්වින්දනය කරලා බිම
පෙරලගෙන, සංඥා යන්ත්‍රය බෙල්ලෙ බැඳලා යවලා, ඊට පස්සෙ ඇන්ටෙනාවකුත් උස්සගෙන, යන්ත්‍රයෙන් නිකුත් වෙන සංඥාව ඔස්සේ අලියා පස්සෙ ගිහින් ඌ ඉන්න තැන දැනගෙන, සිතියමක සලකුණු කරගන්න අත්දැකීම අපි ඉස්සර වෙලාම ලැබුවෙ අජේ එක්ක.
ඉතින් ඒ ක්‍රමය භාවිතා කරලා අවුරුදු දෙක තුනක් එක දිගටම යන්ත්‍රයට බලය සැපයෙන බැටරියෙ ජීව කාලය තුළ, අලියා යන එන තැන් ගැන තොරතුරු සිතියම් ගත කරගන්න පුලුවන්. ඒ කාලෙ එකතු කරගත්ත තොරතුරු දෙපාර්තමේන්තුවෙ අලි කලමනාකරණ කටයුතුවලට ලොකු උදව්වක්වුනා. වන අලි රංචු ගැන තොරතුරු දැන ගන්න, රංචුවල නායක ඇතින්නියන්ටත්, අලි කරන හොර තක්කඩිකම් ගැන දැන ගන්න තනි පිරිමි අලින්ටත් සංඥා යන්ත්‍ර පලඳවලා තිබුනා. සාමාන්‍යයෙන් ඉක්මනින් වැඩෙන පොඩි පැටවුන්ට කොලර් දාන්නෙ නෑ, ටික කලක් යනකොට පටියට බෙල්ල හිරවෙන නිසා. පටිය ගැලවිලා වැටෙන වෙලාවලුත් තියෙනවා. එකපාරක් මින්නේරිය පැත්තෙ යන්ත්‍රයක් පලඳවපු අලියෙක්ගෙන් එක දිගටම එකම තැනකින් සංඥා ලැබුනා. අපේ කස්ටිය අලියා මැරිලා කියලා හිතලා හොයාගෙන යනකොට සංඥා යන්ත්‍රය සවි කරපු පටිය ගෙදරක ඇඳක් යට තිබිලා හම්බ උනාලු. පටිය කොහොම හරි අලියගෙ බෙල්ලෙන් ගැලවිලා වැටිලා. ඒ ගෙදර මිනිහා කැලේ තිබිලා ඒක ඇහිඳගෙන ඇවිත් ඇඳ යට හංගගෙන.
මේ තාක්ෂණය මේ වෙන කොට හුඟක් දියුණු වෙලා. GPS (Global Positioning System) තාක්ෂණය සාමාන්‍ය භාවිතයට ආවට පස්සෙ දැන් ඒක අලින්ගෙ රේඩියෝ කොලර්වලටත් යොදා ගන්නවා. අලියට පලඳවන GPS සංඥා යන්ත්‍රය අහසෙ රඳවලා තියෙන සංනිවේදන චන්ද්‍රිකා ඔස්සේ අලියා ඉන්න තැන හරියටම නිවැරදිව දක්වනවා. ඒ අනුව සිතියම් සකසා ගන්න පුලුවන්. මෑත කාලෙදි දෙපාර්තමේන්තුව අල්ලලා ඈත කැලෑවලට ගෙනිහින් දාපු ( පරිස්ථානගත කිරීම - Capture & Translocation) මැර අලි සේරටම වගේ කොලර් දාලා උන්ගෙ හැසිරීම පසු විපරම් කළා. එහිදී ලැබුණු සමහර තොරතුරු විශ්මයජනකයි.
එකපාරක් හම්බන්තොට කුණුවලක බැහැගෙන ජරාව කන්න පුරුදු වෙලා හිටපු අලියෙක් අල්ලලා කොලර් එකක් දාලා ගෙනිහින් යාල මැණික් ගඟෙනුත් එහා පැත්තට දැම්මා. සම්පූර්ණ දුර කිලෝ මීටර් හතලිහකට වැඩියි. ඌ දවස් හතරක් ඇතුලත විදුලි වැටකිනුත් පැනලා ආපහු හම්බන්තොටට ඇවිත් ආයෙත් ජරාව කන්න පටන් ගත්තා. මාදුරු ඔයට ගෙනිහින් දාපු ගල්ගමුව පැත්තෙන් අල්ලපු අලියෙකුත් ඒ වගේම දවස් කීපයකට පස්සෙ ආපහු ගමට ආවා පාර හොයාගෙන. තවත් ඒ වගෙ ගෙනිහින් දාපු අලියෙක් තිරිකුණාමලේට ගිහිල්ලා මූදෙ පැන්නා. පස්සෙ නේවි එකේ කොල්ලො ගිහිල්ලා උගෙ කකුලට කඹයක් බැඳලා ඇදගෙන ඇවිත් ගොඩට දැම්මා. ඒ පාර ඌ ගිහිල්ලා ලිඳක පැනලා මැරුණා.
ඉතින් මේවගෙ දේවල්වලින් වනේ ඉන්න අලි දෙපාර්තමේන්තුවට උගන්නපු පාඩම තමයි අපි ගහන පදේට නටන්න උං ලෑස්ති නෑ කියන එක. උපන් දා ඉඳලා නෑදෑයොත් එක්ක ජීවත්වුනු ගම දාලා නන්නාඳුනන පලාතකට ගිහිල්ලා අතරමං වෙනවට වැඩිය, ආපහු එන්න පාර හොයාගන්න බැරිනම් මූදෙ හරි ලිඳකට හරි පැනලා මැරෙන එක හොඳයි කියලා උන්ට හිතෙනවා ඇති. අලියෙක් වියලි කාලයෙදි, තෙත් කාලයෙදි, කන්න බොන්න තියෙන තැන්, ඒවට යන එන පාරවල් දන්නෙ තමන් උපන් දා ඉඳං ජීවත්වෙන නිවාස පරාසය තුළ දි විතරයි. ජීවිතේට නොදැකපු පලාතකට අරගෙන ගිහිල්ලා දැම්මහම, කරකවලා අතහැරියා වගේ මඤ්ඤං වෙනවා.
ඉතින් මේ අත් දැකීම් නිසා දෙපාර්තමේන්තුව දැං හිතුමතේට වල් අලි අල්ලලා තැන් තැන්වල ගිහිල්ලා දාන්නෙ නෑ. අල්ලා ඉවත් කිරීමේ ක්‍රමවේදය දැන් භාවිතා කරන්නේ අත්‍යාවශ්‍ය අවස්ථාවලදි විතරයි. ඉදිරියෙදි ලුණුගම්වෙහෙර, හොරොව්පොතාන වගෙ තැන්වල විශාල ප්‍රදේශ කොටු කරලා 'අලි රැඳවුම් - Elephant Holding Ground' ඇති කරලා ඒවට විතරක් අල්ලගන්න මැර අලි ගෙනිහින් දාන්න සැලසුම් කරලා තියෙනවා. ඒවා තුළ අලින්ට අවශ්‍ය තරම් ආහාර හා ජලය සැපයෙන විදියට පරිසර කළමනාකරණය කෙරෙනවා.
ඉතින් මේ සමග තියෙන පින්තූරවලින් අලි කොලර් පැලඳ වීමේ මෙහෙයුමක් පියවරෙන් පියවර බලා ගන්න
පුලුවන්. 2009 නොවැම්බර් මාසෙදි කවුඩුල්ල ආසන්නයෙ තැනක හිටපු රංචුවක නායක ඇතින්නියෙකුට තමයි මේ කොලර් එක පැලඳුවේ. දෙපාර්තමේන්තුවෙ අධ්යක්ෂ (වනජීවී සෞඛ්‍ය) පශු වෛද්‍ය තාරක ප්‍රසාද් සහ පශු වෛද්‍ය ධර්මකීර්ති තමයි කටයුත්ත මෙහෙයුවෙ. වන අලි ගැන ප්‍රකට පර්යේෂකයෙක්වන ආචාර්ය, වෛද්‍ය පෘතුවිරාජ් ප්‍රනාන්දු සහ එයාගෙ බිරිඳ ජෙනිෆර් ගෙ තාක්ෂණික සහායත් ලැබුණා.
වෛද්‍ය ධර්මකීර්ති රබර් ඇහැ දාගෙන ඉන්දෙද්දි නිර්වින්දන බෙහෙත අඩංගු විශේෂ සිරිංජය සකස් කරන්නෙ වෛද්‍ය තාරක. අධ්‍යයනයේ අරමුණට ගැලපෙන අලියා තෝරගෙන හොඳට නිරීක්ෂණය කරලා, ශරීර බර, සෞඛ්‍ය තත්වය අනුමාන කරලා තමයි බෙහෙතෙ මාත්‍රාව (Dose) තීරණය කරන්නෙ.
ගුවන් විදුලි සංඥා නිකුත් කරන යන්ත්‍රය සවි කරලා තියෙන්නෙ ඉතාම ශක්තිමත් පටියකට. බාධාවක් නැතුව අහසෙ තියෙන සන්නිවේදන චන්ද්‍රිකාවලින් එන සංඥා ලබා ගන්න ඕන නිසා යන්ත්‍රය අලියගෙ බෙල්ලෙ උඩ පැත්තෙ රඳවන්න ඕන. ඒ සඳහා තමයි පටියෙ යට පැත්තෙ බරකුත් යොදලා තියෙන්නෙ.
නිර්වින්දන බෙහෙත අඩංගු සිරිංජය විදින්න විශේෂ තුවක්කුවක් (Capture Gun) භාවිතා කරනවා. අඩවි ආරක්ෂක නිලධාරි දසනායකට තමයි ඒ වගකීම පැවරෙන්නෙ.
ඊට පස්සෙ කැලේ ඇතුලෙ ඉන්න අලි රංචුව හොයාගෙන ගියා. මෙහි දී පෙරමුණ ගන්නෙ අඩවි ආරක්ෂක නිලධාරි රංජිත් විජිත සහ ගෝල බාල පිරිස.
අලි රංචුවෙ අඩි සළකුණු, දුම් දාන උණු උණු බෙටි, අතු කඩාගෙන කාපු සලකුණු, අතු ඉති නැමිලා තියෙන පැත්ත, අලි ගඳ වගේ සලකුණු ඔස්සේ අලි රංචුව ඉන්න තැන ආසන්නයට කස්ටිය එක්ක යන්න ඔවුන් දක්ෂයි. අලි රංචුවෙ සද්ද බද්ද, ඇහෙන නෑහෙන මානයට ගිහිල්ලා කස්ටිය නවත්තලා රංජිත් සහ දසනායක දෙන්නා විතරක් අලි රංචුව ගාවට යනවා. රංචුවට ඉව නොවැටෙන්න ලඟා වෙලා, නියමිත සතාටම බෙහෙත විද ගන්න එක දසනායක ගෙ රාජකාරිය. ඔහුට ආරක්ෂාව සපයන්නෙ රංජිත්. උන් දෙන්නා වැඩේ කරනකම් අනිත් එවුන් දෙගිඩියාවෙන් බලාගෙන ඉන්නවා. ඒ රාජකාරිය මීට කලින් කරපු අඩවි ආරක්ෂක නිලධාරි මන්සූර් මහත්තයා කාලෙකට ඉස්සර, නිර්වින්දක බෙහෙත කාගෙනම ආපහු හැරිලා ආපු අලියෙක් ගහලා එතනම මැරුණා.
කස්ටියට හුස්ම වැටුනේ නියමිත සතාට, අවශ්‍ය විදියට බෙහෙත එන්නත් උනා කියලා ආපහු ආපු දසනායක දැනුම් දුන්නට පස්සෙ. නිර්වින්දක බෙහෙත ක්‍රියාත්මක වෙලා සතා බිම වැටෙන්න විනාඩි දහයක් විතර යනවා. සතා හොයාගෙන යාම ආරම්භ කරන්නෙ ඊට පස්සෙ.
හැකි ඉක්මනින් සතාව හොයාගෙන ගුවන්විදුලි සංඥා යන්ත්‍රය සවි කරපු කොලර් එක අලියගෙ බෙල්ලෙ පලඳවන එක තමයි ඊලඟ අභියෝගය. ඒකට ලැබෙන්නෙ විනාඩි විස්සක විතර කාලයක්. ඒ කාලය අවසානයේදි කොලර් එක දැම්මත් නැතත්, ප්‍රති නිර්වින්දක බෙහෙත (Antidote) එන්නත් නොකළොත් අලියා සෙත්ත පෝච්චි. නැවතත් සලකුණු ඔස්සේ ගිහින් වැටිලා හිටපු සතාව හොයාගෙන කස්ටිය ගේමට බැස්සා. ඒ අස්සෙ ධාරානිපාත වැස්සක් වහින්න ගත්තා. නිර්වින්දනය කරපු සතෙක් තෙමෙනවා කියන්නෙ ලැබෙන කාලය තවත් කෙටි වීමක්.
ඒ වෙලාවට කණ්ඩායමේ හැම කෙනෙක්ම තමන්ගෙ රාජකාරිය දැනගෙන, ඒක හරියට කරන්න ඕනෑ. දොස්තර මහත්තුරු අලියගේ ස්වසනය, හෘද ස්ඵන්දනය වගේ දේවල් ගැන විමසිලිමත් වෙනකොට තව කස්ටියක් අලියගෙ උස, යටි පතුලෙ පරිධිය වගේ මිනුම් ලබා ගන්නවා. කොලර් එක සවි කරන කස්ටිය ඒ වැඩේ කරනවා. මේ සියල්ල සිදුවෙන අතරේ අවට ගැන සෝදිසියෙන් ඉන්නත් ඕනෑ. නායක ඇතින්න වැටුනහම රංචුවේ අනිත් එවුන් ඒකිව දාලා යන්නෙ නෑ. ඒ කිට්ටුවම රැඳිලා ඉඳගෙන පිඹ පිඹ ඉන්නවා. සේරම වැඩ ටික ඉවර උනාට පස්සෙ නියමිත කාලය තුළදි වෛද්‍ය තාරක, අලියගෙ කනේ නහරයකට ප්‍රති නිර්වින්දකය එන්නත් කරනවා.
ප්‍රති නිර්වින්දකය දීපු සතා ඉතාම කෙටි කාලයක දි නැගිටින නිසා ඒවෙන කොට අනිත් අය ගෙනාපු බඩු මුට්ටුත් එකතු කරගෙන දුවන්න ඉගිලෙනවා. අලියා දනි පනි ගාලා නැගිට ගන්නකම්ම, තව එකෙක් දෙන්නෙක් එක්ක අලියා පේන මානයේ ඉඳලා අන්තිමට දුවන්නේ රංජිත්.
එදා අපි වැඩේ ඉවර කරලා දුවගෙන එනකොට දෙපාරක්ම අපේ පිටි පස්සෙන් ඇතින්නි ගොරවන සද්දෙ ඇහුනා. පන එපා කියලා සෑහෙන දුරක් දුවලා තමයි කස්ටිය නතර වෙලා හති ඇරියේ. වැස්සට තෙමුනු නිසා ඇතින්නට ඉක්මනින්ම සිහිය ඇවිල්ලා අපි පස්සෙන් එලවගෙන එන්න ඇති. කොහොම උනත් මෙහෙයුම සාර්ථකව අවසන් උන නිසා කාටත් සතුටුයි.
ඊලඟ වැදගත්ම වැඩකොටස කෙරෙන්නෙ පෘතු සහ ජෙනී අතින්. ඇතින්නිට පලඳවපු රේඩියෝ කොලර් එකෙන් එන තොරතුරු අනුව සිතියම් සකස්කරලා දෙපාර්තමේන්තුවෙ අදාල නිලධාරීන්ට විද්‍යුත් තැපෑලෙන් (e-mail) යොමු කරන්නේ ඔවුන්. අපි කොලර් කරපු ඇතින්නිට ඒ දෙන්න දාපු නම 'නැන්සි'. ඒකිත් එක්ක ඒ ආසන්නයෙදි කොලර් දාපු තවත් ඇතින්නියො තුන් දෙනෙක්, අවුරුද්දක් තිස්සෙ ගැවසුනු තැන් පිලිබඳ තොරතුරු ජෙනී සකස් කරපු සිතියමේ දැක් වෙනවා. සුදු පාට ලොකු රවුමෙන් දැක්වෙන්නෙ නැන්සිට කොලර් එක දාපු තැන. සුදු පාට පුංචි තිත්වලින් දැක් වෙන්නෙ ගැවසුනු තැන්. සුදු පාට තරු ලකුණින් දැක් වෙන්නෙ අවසානයට හිටපු තැන. ඒ අනුව 2010 අගෝස්තු වෙනකොට නැන්සි තමන්ගෙ රංචුවත් එක්ක හබරන, මින්නේරිය, ගිරිතලේ පහු කරගෙන පරාක්‍රම සමුද්‍රයට ඇවිල්ලා. අනිත් පාටවල්වලින් දැක්වෙන්නෙ කොලර් දාපු අනිත් ඇතින්නියන්ගෙ ගැවසීම් රටා. එක ඇතින්නක් මින්නේරිය, කවුඩුල්ල වනජීවී රක්ෂිතවලින් පිට වෙලා හබරන හරහා ඉනාමලුව දක්වා ගිහිල්ලා.
ඉතින් මේ දත්ත වලින් පේනවා, වන අලි තමන්ගෙ සෘතු චලන රටාව සකස් කරගන්නෙ තමන්ගෙ සහ රංචුවේ ආහාර, ජලය, ආවරණ හා සහකරුවන් සොයා ගැනීමේ අවශ්‍යතාවයන් මත මිසක්, අපේ ඕනෑ එපාකම් මත නෙමෙයි බව. ඒ අවශ්‍යතාවන් මත යන එනකොට කවුරුහරි එකෙක් හරස් උනොත් අල්ලලා පොලොවෙ ගහන එක අරුමයක් නෙමෙයි. මොළේ කළඳක් හරි තියෙනවා නම් අපි දැනගන්න ඕනෑ උන්ට බාදාවක් නොවී, තියෙන ඉඩම් ප්‍රමාණය නිවැරදිව පාරිභෝජනය කරන්න. නැද්ද මං අහන්නෙ ...?
පරිසරය ගැන ලියවෙන ඉතාම හොඳ බ්ලොග් දෙකක් ...
http://biodiversityofsrilanka.blogspot.com/
http://wildlifediaries.blogspot.com/
යන එන ගමන් ගොඩවෙලා බලන්න.
අලි බැලිල්ලත්, බලි බැලිල්ල වගේම ඇති නොවෙන බැලිල්ලක් උනාට, ගෙවල් කඩන, මිනී මරණ අලි ඉන්න පැත්තකට ගිහිල්ලා අලි ගැන මතක් කෙරුවත් මිනිස්සුන්ට මල පනිනවා. සමහර පලාත්වල මිනිස්සු අලින්ගෙන් ඒ තරම්ම දුක් කරදර විඳිනවා. ඉතින් ඒ නිසාම වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් රටේ ඉන්න නාහෙට නාහන හොර අලි ටික පාලනය කර ගන්න නොවිඳිනා දුක් විඳිනවා. ඒත් කවදාවත්, කිසි කෙනෙක්ගෙන් හොඳක් නම් අහලා නෑ.
වන අලි කලමනාකරණයේදි උන් යන එන, ගැවසෙන තැන්, වසරක ඍතු චක්‍රයක් තුළ භාවිතා කරන භූමි ප්‍රමාණය (නිවාස පරාසය - Home Range) වගෙ දේ ගැන නිවැරදි තොරතුරු ඉතාම වැදගත් වෙනවා. පලපුරුද්දෙන් ඒ වගේ තොරතුරු අපේ කස්ටිය දැනගෙන හිටියත් මෑත කලෙක ඉඳන් ඒ වගෙ තොරතුරු ලබාගන්න ඉතාම විද්‍යාත්මක ක්‍රමවේද දෙපාර්තමේන්තුව පාවිච්චි කරනවා. ඒ සඳහා ආචාර්ය පෘතුවිරාජ් ප්‍රනාන්දු (පෘතු) වගෙ බාහිර පර්යේෂකයන්ගෙ සහායත් උපරිමයෙන් ලැබෙනවා.
වන අලින්ගෙ සෘතු චලන රටාව ගැන (Seasonal Movement) නිවැරදි තොරතුරු ලබා ගන්න පාවිච්චි කරන එක ක්‍රමවේදයක් තමයි ගුවන්විදුලි සංඥා යන්ත්‍රයක් අලින්ගෙ බෙල්ලෙ එල්ලන එක. ඒකෙන් නිකුත් වෙන සංඥා අනුව අලියා ඉන්න තැන නිශ්චිතව දැන ගෙන සිතියම්ගත කරගන්න පුලුවන් (Radio Telemetry). කියන එක ලේසි උනාට ඒක කරන එක ලේසි කෙලියක් නෙමෙයි. ඒ වගෙ යන්ත්‍රයක් සවි කරපු කර පටියක් (Radio Collar) බෙල්ලෙ එල්ලනකම් උං උඩ බලාගෙන ඉන්නෙ නෑ.
දියුණු රටවල වන සත්තුන්ට ගුවන් විදුලි සංඥා යන්ත්‍රයක් පලඳවලා තොරතුරු රැස් කරන තාක්ෂණය ගැන මුලින්ම අපිට අහන්න ලැබුනෙ 1980 දශකයෙ මුලදි උනත් දෙපාර්තමේන්තුව ඒ තාක්ෂණය භාවිතා කරන්න පටන් ගත්තෙ 1990 දශකයෙ මැදදි. ඒ කාලෙ දෙපාර්තමේන්තුවෙ ඒ පිළිබඳ උපදේශකවරයා උනේ ඉන්දියාවෙ කර්ණාටකයෙන් ආපු අජේ දේසායි. අලියෙක් පස්සෙ ගිහිල්ලා නිර්වින්දනය කරලා බිම
ඉස්සර මේ වගේ අතේ ගෙනයා හැකි ඇන්ටෙනාවකින් තමයි සංඥා ලබා ගත්තෙ |
ඉතින් ඒ ක්‍රමය භාවිතා කරලා අවුරුදු දෙක තුනක් එක දිගටම යන්ත්‍රයට බලය සැපයෙන බැටරියෙ ජීව කාලය තුළ, අලියා යන එන තැන් ගැන තොරතුරු සිතියම් ගත කරගන්න පුලුවන්. ඒ කාලෙ එකතු කරගත්ත තොරතුරු දෙපාර්තමේන්තුවෙ අලි කලමනාකරණ කටයුතුවලට ලොකු උදව්වක්වුනා. වන අලි රංචු ගැන තොරතුරු දැන ගන්න, රංචුවල නායක ඇතින්නියන්ටත්, අලි කරන හොර තක්කඩිකම් ගැන දැන ගන්න තනි පිරිමි අලින්ටත් සංඥා යන්ත්‍ර පලඳවලා තිබුනා. සාමාන්‍යයෙන් ඉක්මනින් වැඩෙන පොඩි පැටවුන්ට කොලර් දාන්නෙ නෑ, ටික කලක් යනකොට පටියට බෙල්ල හිරවෙන නිසා. පටිය ගැලවිලා වැටෙන වෙලාවලුත් තියෙනවා. එකපාරක් මින්නේරිය පැත්තෙ යන්ත්‍රයක් පලඳවපු අලියෙක්ගෙන් එක දිගටම එකම තැනකින් සංඥා ලැබුනා. අපේ කස්ටිය අලියා මැරිලා කියලා හිතලා හොයාගෙන යනකොට සංඥා යන්ත්‍රය සවි කරපු පටිය ගෙදරක ඇඳක් යට තිබිලා හම්බ උනාලු. පටිය කොහොම හරි අලියගෙ බෙල්ලෙන් ගැලවිලා වැටිලා. ඒ ගෙදර මිනිහා කැලේ තිබිලා ඒක ඇහිඳගෙන ඇවිත් ඇඳ යට හංගගෙන.
මේ තාක්ෂණය මේ වෙන කොට හුඟක් දියුණු වෙලා. GPS (Global Positioning System) තාක්ෂණය සාමාන්‍ය භාවිතයට ආවට පස්සෙ දැන් ඒක අලින්ගෙ රේඩියෝ කොලර්වලටත් යොදා ගන්නවා. අලියට පලඳවන GPS සංඥා යන්ත්‍රය අහසෙ රඳවලා තියෙන සංනිවේදන චන්ද්‍රිකා ඔස්සේ අලියා ඉන්න තැන හරියටම නිවැරදිව දක්වනවා. ඒ අනුව සිතියම් සකසා ගන්න පුලුවන්. මෑත කාලෙදි දෙපාර්තමේන්තුව අල්ලලා ඈත කැලෑවලට ගෙනිහින් දාපු ( පරිස්ථානගත කිරීම - Capture & Translocation) මැර අලි සේරටම වගේ කොලර් දාලා උන්ගෙ හැසිරීම පසු විපරම් කළා. එහිදී ලැබුණු සමහර තොරතුරු විශ්මයජනකයි.
එකපාරක් හම්බන්තොට කුණුවලක බැහැගෙන ජරාව කන්න පුරුදු වෙලා හිටපු අලියෙක් අල්ලලා කොලර් එකක් දාලා ගෙනිහින් යාල මැණික් ගඟෙනුත් එහා පැත්තට දැම්මා. සම්පූර්ණ දුර කිලෝ මීටර් හතලිහකට වැඩියි. ඌ දවස් හතරක් ඇතුලත විදුලි වැටකිනුත් පැනලා ආපහු හම්බන්තොටට ඇවිත් ආයෙත් ජරාව කන්න පටන් ගත්තා. මාදුරු ඔයට ගෙනිහින් දාපු ගල්ගමුව පැත්තෙන් අල්ලපු අලියෙකුත් ඒ වගේම දවස් කීපයකට පස්සෙ ආපහු ගමට ආවා පාර හොයාගෙන. තවත් ඒ වගෙ ගෙනිහින් දාපු අලියෙක් තිරිකුණාමලේට ගිහිල්ලා මූදෙ පැන්නා. පස්සෙ නේවි එකේ කොල්ලො ගිහිල්ලා උගෙ කකුලට කඹයක් බැඳලා ඇදගෙන ඇවිත් ගොඩට දැම්මා. ඒ පාර ඌ ගිහිල්ලා ලිඳක පැනලා මැරුණා.
ඉතින් මේවගෙ දේවල්වලින් වනේ ඉන්න අලි දෙපාර්තමේන්තුවට උගන්නපු පාඩම තමයි අපි ගහන පදේට නටන්න උං ලෑස්ති නෑ කියන එක. උපන් දා ඉඳලා නෑදෑයොත් එක්ක ජීවත්වුනු ගම දාලා නන්නාඳුනන පලාතකට ගිහිල්ලා අතරමං වෙනවට වැඩිය, ආපහු එන්න පාර හොයාගන්න බැරිනම් මූදෙ හරි ලිඳකට හරි පැනලා මැරෙන එක හොඳයි කියලා උන්ට හිතෙනවා ඇති. අලියෙක් වියලි කාලයෙදි, තෙත් කාලයෙදි, කන්න බොන්න තියෙන තැන්, ඒවට යන එන පාරවල් දන්නෙ තමන් උපන් දා ඉඳං ජීවත්වෙන නිවාස පරාසය තුළ දි විතරයි. ජීවිතේට නොදැකපු පලාතකට අරගෙන ගිහිල්ලා දැම්මහම, කරකවලා අතහැරියා වගේ මඤ්ඤං වෙනවා.
ඉතින් මේ අත් දැකීම් නිසා දෙපාර්තමේන්තුව දැං හිතුමතේට වල් අලි අල්ලලා තැන් තැන්වල ගිහිල්ලා දාන්නෙ නෑ. අල්ලා ඉවත් කිරීමේ ක්‍රමවේදය දැන් භාවිතා කරන්නේ අත්‍යාවශ්‍ය අවස්ථාවලදි විතරයි. ඉදිරියෙදි ලුණුගම්වෙහෙර, හොරොව්පොතාන වගෙ තැන්වල විශාල ප්‍රදේශ කොටු කරලා 'අලි රැඳවුම් - Elephant Holding Ground' ඇති කරලා ඒවට විතරක් අල්ලගන්න මැර අලි ගෙනිහින් දාන්න සැලසුම් කරලා තියෙනවා. ඒවා තුළ අලින්ට අවශ්‍ය තරම් ආහාර හා ජලය සැපයෙන විදියට පරිසර කළමනාකරණය කෙරෙනවා.
ඉතින් මේ සමග තියෙන පින්තූරවලින් අලි කොලර් පැලඳ වීමේ මෙහෙයුමක් පියවරෙන් පියවර බලා ගන්න
පශු වෛද්‍ය තාරක ප්‍රසාද් සහ පශු වෛද්‍ය ධර්මකීර්ති |
වෛද්‍ය ධර්මකීර්ති රබර් ඇහැ දාගෙන ඉන්දෙද්දි නිර්වින්දන බෙහෙත අඩංගු විශේෂ සිරිංජය සකස් කරන්නෙ වෛද්‍ය තාරක. අධ්‍යයනයේ අරමුණට ගැලපෙන අලියා තෝරගෙන හොඳට නිරීක්ෂණය කරලා, ශරීර බර, සෞඛ්‍ය තත්වය අනුමාන කරලා තමයි බෙහෙතෙ මාත්‍රාව (Dose) තීරණය කරන්නෙ.
ගුවන් විදුලි සංඥා නිකුත් කරන යන්ත්‍රය සවි කරලා තියෙන්නෙ ඉතාම ශක්තිමත් පටියකට. බාධාවක් නැතුව අහසෙ තියෙන සන්නිවේදන චන්ද්‍රිකාවලින් එන සංඥා ලබා ගන්න ඕන නිසා යන්ත්‍රය අලියගෙ බෙල්ලෙ උඩ පැත්තෙ රඳවන්න ඕන. ඒ සඳහා තමයි පටියෙ යට පැත්තෙ බරකුත් යොදලා තියෙන්නෙ.
දසනායක සූදානම් වෙමින් |
ඊට පස්සෙ කැලේ ඇතුලෙ ඉන්න අලි රංචුව හොයාගෙන ගියා. මෙහි දී පෙරමුණ ගන්නෙ අඩවි ආරක්ෂක නිලධාරි රංජිත් විජිත සහ ගෝල බාල පිරිස.
අලි සළකුණු |
සළකුණු ඔස්සේ අලි රංචුව සොයා යන ගමන |
අලි රංචුව මේ ළඟම, රංජිත්ගෙන් කස්ටියට උපදෙස්. දකුණු කෙලවරේ බිම ඉඳගෙන ඉන්නේ ජෙනිෆර්, කැප් එක දාගෙන, පිටුපාලා, හිටගෙන ඉන්නේ පෘතු |
නිර්වින්දනය වූ ඇතින්න හොයාගෙන .. |
ඇතින්නට ස්වසන අවහිරයක් ඇත්දැයි සොයා බලමින් .. |
වේගවත්ව ... |
ප්‍රති නිර්වින්දකය දීපු සතා ඉතාම කෙටි කාලයක දි නැගිටින නිසා ඒවෙන කොට අනිත් අය ගෙනාපු බඩු මුට්ටුත් එකතු කරගෙන දුවන්න ඉගිලෙනවා. අලියා දනි පනි ගාලා නැගිට ගන්නකම්ම, තව එකෙක් දෙන්නෙක් එක්ක අලියා පේන මානයේ ඉඳලා අන්තිමට දුවන්නේ රංජිත්.
එදා අපි වැඩේ ඉවර කරලා දුවගෙන එනකොට දෙපාරක්ම අපේ පිටි පස්සෙන් ඇතින්නි ගොරවන සද්දෙ ඇහුනා. පන එපා කියලා සෑහෙන දුරක් දුවලා තමයි කස්ටිය නතර වෙලා හති ඇරියේ. වැස්සට තෙමුනු නිසා ඇතින්නට ඉක්මනින්ම සිහිය ඇවිල්ලා අපි පස්සෙන් එලවගෙන එන්න ඇති. කොහොම උනත් මෙහෙයුම සාර්ථකව අවසන් උන නිසා කාටත් සතුටුයි.
නිවැරදිව ... |
ඉතින් මේ දත්ත වලින් පේනවා, වන අලි තමන්ගෙ සෘතු චලන රටාව සකස් කරගන්නෙ තමන්ගෙ සහ රංචුවේ ආහාර, ජලය, ආවරණ හා සහකරුවන් සොයා ගැනීමේ අවශ්‍යතාවයන් මත මිසක්, අපේ ඕනෑ එපාකම් මත නෙමෙයි බව. ඒ අවශ්‍යතාවන් මත යන එනකොට කවුරුහරි එකෙක් හරස් උනොත් අල්ලලා පොලොවෙ ගහන එක අරුමයක් නෙමෙයි. මොළේ කළඳක් හරි තියෙනවා නම් අපි දැනගන්න ඕනෑ උන්ට බාදාවක් නොවී, තියෙන ඉඩම් ප්‍රමාණය නිවැරදිව පාරිභෝජනය කරන්න. නැද්ද මං අහන්නෙ ...?
පරිසරය ගැන ලියවෙන ඉතාම හොඳ බ්ලොග් දෙකක් ...
http://biodiversityofsrilanka.blogspot.com/
http://wildlifediaries.blogspot.com/
යන එන ගමන් ගොඩවෙලා බලන්න.
දියුණු තාක්ෂනය සතුතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යොදාගැනීම සතුටට කාරණයක්. එමෙන්ම ඔය අලි කොලර් එක හොයාගත්තේ ලංකාවේ කෙනෙක් කියල මම අහල තියෙනවා. හරිද දන්නේනැහැ...... මුලසිට අගට යනකන්ම ලස්සනට ලියල තියෙනවා. සෑහෙන්න කට්ටක් කන්න ඕනේ වගේ අලියෙක් අල්ලලා පටියක් බඳින්න.
ReplyDeleteකොමෙන්ට්ස් දවසක් දෙකක් රස්තියාදු උනාට යාලුවො සමාවෙන්න ඕනෑ. හදිසියෙ කොලඹ එන්න සිද්ද උනා.
Deleteකෝරළේ පුතා, මම පෘතුගෙන් අහලා බැලුවා කොලර්වල ඉතිහාසය ගැන. ආසියාවෙ අලින්ට ඉස්සෙල්ලාම කොලර් දාලා තියෙන්නේ මැලේසියාවෙදි, ඔලිවියර් කියලා සුද්දෙක්. ඒ සුද්දා අසූ ගණන්වල යාලත් අලි ගැන රිසර්ච් එකක් කළා මට මතකයි. ඉස්සෙල්ලාම අලින්ට කොලර් දාන්න ඇත්තේ අප්‍රිකාවෙදි වෙන්න ඇති කියලා තමයි පෘතු කියන්නේ.
අලියෙක් නිර්වින්දනය කරලා, ආපහු නැගිට්ටවලා යවන එක කට්ටක්ම තමයි.
කෝරලේ මහත්තයා කියනවා වගේම තාක්ෂණය වන සතුන් වෙනුවෙන් යොදා ගැනීමත්, ඒ වගේම කාලයත් සමග වඩාත් දියුණු දේ වලට යොමු වීමත් , දිගටම භාවිතා කිරීමත් ගොඩක් වටිනවා.
ReplyDeleteඊටත් වඩා මේ ලිපියෙනුත් පැහැදිලි වෙන දෙයක් තමා වන ජීවී නිලධාරීන් තමන්ගේ රැකියාවෙදි නිරන්තරයෙන් මුහුණ දෙන අවදානම. අන්තිමේදී කකුල් දෙකේ සතුන්ගෙනුත් බේරෙන්න එපායැ..
ඒ වගේම බොහොම ස්තුතියි මේ දේ සවිස්තරාත්මකව පැහැදිලි කර දීමට.
අර මුහුදේ ගිය අලියා දිය වැලක ගසාගෙන යන කොට , බේර ගන්න එතනට ගිය නාවික සෙබළුන්ගෙන් දෙදෙනෙක් තමන්ගේ ජීවිතේ පරදුවට තියල ඉදිරිපත් වුනා කියල පුවත් පතක තිබුණ මතකයි. අලියෙක් ගහගෙන යන දිය වැලක මනුස්සයෙකුට මොන තරම් අවදානමක් දෙනවාද ?
දෙපාර්තමේන්තුවෙ නිලධාරීන් 51 ක් මේ වෙන කොට රාජකාරියෙ යෙදිලා ඉන්න අතරෙ මිනිස්සු අතින් මැරිලා තියෙනවා. අලි ගහලා මැරිලා තියෙන්නේ 12 දෙනයි. ඒකෙන්ම පේනවා නේද රාමා අපේ එවුන්ගෙ මනුස්සකම?
Deleteඒ අලියා කොලර් එකත් දා ගෙන මූදේ දියවැලකට අහුවෙලා ගහගෙන යන කොට නේවි එකේ කොල්ලො දැකලා කඹයක් අරගෙන මූදට පැනලා කකුලට දාලා ගොඩට ඇදගෙන ඇවිත් තියෙන්නේ. අලියෙක් වෙනුවෙන් ඒ වගෙ අවදානමක් ගත්ත ඒ කොල්ලො කොයි තරම් අගය කළ යුතුද ?
වැටෙන් එහාපැත්තෙත් ජරාව කන අලි ඉන්නවා මෙහාපැත්තෙත් ඉන්නවා. මං කියන්නේ අලි..
ReplyDeleteවිහිලු ඉවරයි.. මම නම් බොහොම රසවිඳිනව විජිතය. දවසක ලියන්නා බලන්න එන්නත් හිතන් ඉන්නවා.
ගිරිතලේ පැත්තෙ එන්න, ලංකා. එන්න කලින් මට ඊයක් දාන්න. gaminievijith@gmail.com
Deleteලිපිය ආසාවෙන් කියෙව්ව. ඒ වගේම ගොඩක් දේවල් ඉගෙන ගත්ත.
ReplyDeleteඅලි රංචුව යන්න එන්න ඕනි පාරවල් ගැන එතකොට වතුර තියෙන තැන් ගැන එහෙම මතක තියාගෙන ඉන්නෙ මහ ඇතින්න කියලයි මං අහල තියෙන්නෙ. ඒ වගේම අලි රංචු එහෙ මෙහෙ යන්න පුරුදු වෙච්ච පාරවල් ඒගොල්ලො පරම්පරා ගානක් තිස්නසෙ වෙනස් නොකර පාවිච්චි කරනවලු. මේ විස්තර ඇත්තද?
එතකොට අලි ගැවසෙන තැන් ගැනයි ඒ අයගෙ සංචාරක හැසිරීම් රටායි අපිට තොරතුරු පද්ධති උදව් කරගෙන දැන් අධ්‍යයනය කරන්න පුළුවන් නිසා ඒක අලි ගම්මාන වලට එන එක අඩුකරගන්න යොදා ගන්න පුළුවන්ද කියලත් අහන්න කැමතියි.
තව එක ප්‍රශ්ණයක් තියෙනව...
මම මේ ලඟකදි කියෙව්ව අප්‍රිකාවෙ විදුලි වැටවල් වෙනුවට මී මැසි පෙට්ටි පාවිච්චි කරනව කියල. අලි මීමැස්සොන්ට බය නිසා මී මැසි පෙට්ටි කිට්ටුවට එන්නෙ නැහැ කියල තමයි ඒ ලිපියෙ කියල තිබ්බෙ. ඒකෙ ඇත්තක් තියෙනවද?
කන්න බොන්න තියෙන තැන්, යන එන තැන් ගැන දැනුම තියෙන්නේ රංචුවෙ නායක ඇතින්නිට. ඒ දැනුම එයා ඊළඟ පරම්පරාවට දෙනවා. ඒ දැනුම පරම්පරාවෙන්, පරම්පරාවට ඒ විදියට සම්ප්‍රේශණය වෙනවා.
Deleteඅලි කොලර් එකක් දාලා අධ්‍යයනය කරන්න ලක්ෂ ගනනක වියදමක් යනවා, කල්පන. ඒක නිසා දැනට භාවිතා වෙන්නෙ අධ්‍යයන කටයුතුවලට විතරයි. මැර අලි හඳුනගෙන අල්ලලා ඉවත් කිරීමෙදි උන්ව කලින් හඳුනාගෙන සමහර අවස්ථාවලදි රේඩියෝ ඩාර්ට් (Radio Dart) එකකින් සලකුණු කරගන්නවා. ඒක කැප්චර් තුවක්කුවකින් විදින්න පුලුවන්. ඒ ඩාර්ට් එක අලියගෙ පස්ස පැත්තෙ එල්ලිලා සතියක් දෙකක් සිග්නල් එවනවා. අතේ ගෙනියන ඇන්ටෙනාවකින් ඒ සිග්නල් එක අනුව අලියා හරියටම නැවත හඳුනාගෙන නිර්වින්දනය කරගන්න පුලුවන්.
මී මැස්සො කතන්දරේ මමත් අහලානම් තියෙනවා, කල්පන. නමුත් මම දන්න විදියට තවම ඒක ලංකාවෙදි කවුරුවත් අත්හදා බලලා නෑ.
හයියෝ.. අර අලි ටික ගැන කියලා තියෙන හැටියට හිනා වෙලා පණ යනවා.... ළිඳේ පැනලා දිවිනසා ගත්තෙ විරහා වේදනාවෙන්ද දන් නෑ.. හි හි... දුකත් හිතෙනවා....
ReplyDeleteමේක මට මැවිලා පෙනුනා අප්පා.. කට්ටිය වෙවුල වෙවුල බලං ඉන්න හැටි..... බඩු මුට්ටු කරේ තියාගෙන පණ එපා කියලා දුවන හැටි.... හි හි..
සත්‍ය ප්‍රේම භෘංග රාජ අලි නම් නෑ හිරු. මද කිපුනු කාලෙට දකින දකින ඇතින්නි පස්සෙ යනවා.
Deleteප්‍රති නිර්වින්දකය දීපු අලියෙක් හිතා ගන්න බැරි තරම් ඉක්මනට නැගිටිනවා. ඒ වෙලාවට නැලවි නැලවි හිටියොත් බඩුම තමයි හිරු.
නවීන තාක්ෂණය මිනිස්සු වෙනුවෙන් වගේම සත්තුංගෙ ආරක්ෂාව වෙනුවෙනුත් යොදාගන්න එකනං හොඳ දෙයක්.
ReplyDeleteඋඩවලවෙ ඇත් අතුරු සෙවනෙං එලියට දාන සත්තුංටත් ඔය වගේ රේඩියෝ කොලර් දානව නේද?
ඔව් මලේ, උඩවලවෙ ඇත් අතුරු සෙවනෙන් නිදහස් කරන අලි ගැටයන්ට කොලර් දාලා උන් පරිසරයට අනුගත වෙන විදිය හොයනවා. අලියා ලොකු වෙනකොට හිර වෙන් කලින් ඒ කොලර් ඉවත් කරනවා
Deleteආශාවෙන් කියවන සටහන් ටිකක්.
ReplyDeleteමෙහෙම ඈතින් ඉඳන් අලියො බලන්ට අලියො ගැන කියවන්න ආශා වුනාට අලියෙකුට ලංවෙලා අලි බලන්න නම් මම කවදාවත් යන එකක් නෑ. ඔය කියන ජෙනිපර් වෙන්න ඕනේ මේ ළඟදි ටී වී ශෝ එකක කතා කලා අලි ගැන. එයාලගේ පරීක්ශණ ගැන. මේ මිනිස්සු කොහොම භය නැතිව ලංවෙනවද කියලා මට හිතාගන්නත් බෑ.
එයා නම් කීවේ අලින්ට හොඳම මතක ශක්තියක් තියෙන බවයි. මට ඉතින් අලියෙක් පාරේ දැක්කමත් මතක් වෙන්නේ ඕක. බැරි වෙලා හරි මේ අලින්ට බනින අපි ගැන උන්ට ඇහුනොත් උන් අපිව කුඩු කරයි කියලාමයි මට හිතෙන්නේම.
පෘතුවිරාජ්, ජෙනිෆර් දෙන්නා දකුණෙත්, වයඹත් දැන් කාලෙක ඉඳලා අලි ගැන පර්යේෂණ කරනවා. ඒ අය දෙපාර්තමේන්තුවෙ නිලධාරීන් පුහුණු කටයුතුවලටත් නිතර සම්බන්ද වෙනවා.
Deleteඅලින්ට ඉතාම දියුණු මොළයක් තියෙනවා. මොළයේ මතුපිට 'සංවලිත'වලින් ඒක පැහැදිලිව පේනවා.
ගොඩාක් වැදගත් කරැනු ටිකක් එකතු කරගත්තා. කවදාවත් කැලේ සතියක් හිටියත් බැරිවෙයි මේ මිනිත්තු කිහිපය ගත කරලා ලබා ගත්ත දැනුමට අඪියෝග කරන්න. අතිශයෝක්තියක් නම් නොවේ.. ඉතා අනගිමැයි...
ReplyDeleteනිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!
ස්තුතියි රතී, ඔබටත් එසේම වේවා ...!
Deleteමචං ගාමිනී අයියෙ...මේ විස්තර ටික පෙන්නන්න ඕන ..අර මාධ්‍ය කාරයො වගයක් ඉන්නෙ වනජීවී එක පට්ට ගහන...!
ReplyDeleteකොච්චර ජීවිත අවදානමක් එක්කද මොවුන් සේවය කරන්නෙ. ඒක අවබෝදකරගන්නෙ නැතිව උන්ට බනිනව.
වෙනදා වගේම ආසා පෝස්ට් එකක්..!
පත්තර කාරයන්ට බැනලා වැඩක් නෑ මලේ. උනුත් ඉතිං මොනවා හරි ලියලා බඩගෝස්තරේ හොයා ගන්න එපායැ ..! නැත්නම් ඉතිං දරු මල්ලො බඩගින්නෙනේ .
Delete//මොළේ කළඳක් හරි තියෙනවා නම් අපි දැනගන්න ඕනෑ උන්ට බාදාවක් නොවී, තියෙන ඉඩම් ප්‍රමාණය නිවැරදිව පාරිභෝජනය කරන්න. නැද්ද මං අහන්නෙ ...?//
ReplyDeleteසහතික ඇත්ත.
ගාමිණී අයියේ, අර රේඩියෝ කොලර් එකක් සාමාන්‍යයෙන් කොච්චර කාලයක් ක්‍රියාකාරීව තියනවා ද..? ඒකෙ බැටරිය මොනවගේ එකක්ද එන්නේ කියල කියන්න පුලුවන්ද.. මට මේක අහන්න හිතුනේ එක දිගටම ක්‍රියාත්මක වෙන කොට ඕක බහින්නේ නැද්ද කියන ප්රශ්නය ඇති වුනු නිසා.
අපිට ඇහෙන්නේ නැති වුනාට අලි යම්කිසි සංඥා(Ultrasonic vocal sound කියල තිබුනේ) විශේෂයක් මගින් සන්නිවේදනය කරගන්නවා කියල මං පත්තරේ ලිපියක කියෙව්වා. ඒක අප්‍රිකාවේ කරපු පරීක්ෂණයක්.
අර අලියව නිර්වින්දනය කරන එක සෙල්ලන් නෑ නේද.? නිව්ස් වලට එහෙම පෙන්නන කොට අලියාගේ ඇඟට වතුර දාන්නේ ඇයි කියල මට ඇති වෙච්චි ප්‍රශ්නෙටත් ඔන්න උත්තරේ හම්බ උනා.
මලේ, රේඩියෝ එකට බැටරිය සම්බන්ධ කරලා වෝටර් පෲෆ් වෙන්න වැක්ස් කුට්ටියක් ඇතුලේ ගිල්වලා තියෙන්නේ. බැටරිය අවුලක් නැතුව අවුරුදි 2 - 3 ක් නොකඩවා බලය සපයනවා.
Deleteඅලින්ට මල්ලි කිව්වා වගේ අධි ධ්වනි තරංගවලින් දවාලට කිලෝ මීටර් 4 ක් ඇත ඉන්න අලියෙක් එක්ක උනත් සන්නිවේදනය කරන්න පුලුවන්. අප්‍රිකාවෙ ඇම්බොසෙලි වල ජොයිස් පූල් කියලා පර්යේෂිකාවක් ඒ ගැන අධ්‍යයනය කරලා තියෙනවා. රෑට ඒ වගෙ සන්නිවේදනය කරන්න පුලුවන් දුර කිලෝ මීටර් 10 ක් දක්වා වැඩි වෙනවලු. අපේ ශ්‍රවණ පරාසයෙන් පිට නිසා ඒ ශබ්ද අපිට ඇහෙන්නෙ නෑ.
ඔන්න අලි සහ අලි කොලර් ගැනත් ගොඩක් ඉගෙන ගත්තා..ඒ කොලර් එක අලින්ට වදයක් නෙවෙයිද ? ඒවා ක්‍රියාත්මක වෙන්නෙ නැති වෙන කොට ඒවා ගලවන්නෙ කොහොමද සහ නැත්නම් අලියට ඒක එක්කම ඉන්න වෙනවද ඉතුරු ජීවිත කාලෙම ? නැත්නම් ක්‍රියා විරහිත උනු උපකරණ ගලවන්නත් අර ඒවා හයි කරන්න ගත්ත කට්ටම කන්න ඕනිද ?
ReplyDeleteඅපේ රටේ බහුතරයක් මහා පර්යේශන කරන්න ලක්ශ ගනන් වියදම් කරලා පුස් වෙඩි පත්තු කරන අස්සෙ..මේ වගේ දේකින් අන්තිමේ පාඩම් ඉගෙන ගෙන අර අලි රැඳවුම් වගේ ඒවා තැනෙන එක අහන්න ලැබීමත් සතුටුයි. මේ කතන්දර අපේ මාධ්‍ය වලින් යන්න ඕනි අනිවාර්යෙන්ම..නැත්නම් මාධ්‍ය වලට උණු කැවුම් වෙන්නේ වන සත්තුන්ගෙ සහ වන ජීවී එකේ ඉන්න අයගෙන වෙන ගැහැට ගැන ලියවෙන අතිශයෝක්තින් විතරමයිනෙ..
කොලර් එක උන්ගෙ සාමාන්‍ය ජීවිතේට බාධාවක් වෙන බවක් පේන්න නෑ, මලේ. අපි මාලයක් දා ගත්තා වගේ ඇති. ඒවා අවුරුදු කීපයක් යනකොට දිරලා වැටිලා යනවා. ඒ වෙනකොටත් රේඩියෝ එක ක්‍රියාත්මක වෙනවානම් එකම තැනකින් සිග්නල් එන නිසා ගිහිල්ලා ඇහිඳ ගන්න පුලුවන්. ආපහු ගලවන්න අවශ්‍ය වෙන්නෙ පැටවුන්ට දාපු ඒවා විතරයි.
Deleteගවේෂනාත්මක මාධ්‍ය පොරවල් ඉන්නේ බොහොම ටික දෙනයි මලේ. ඔඩොක්කුවට වැටෙන මොකක් හරි වැඩකට නැති ඕපා දූපයක් පුම්බලා තමයි උංගෙන් වැඩි දෙනෙක් බඩ ගෝස්තරේ හොයා ගන්න උත්සාහ කරන්නේ.
කලාතුරකින් කියවන්න ලැබෙන ඉතාමත්ම වටිනා තොරතුරු බොහොමයක් දැනගත්තා... අලි මෙහෙම සෑහෙන දුරක් ගොඩබිමෙන් ගමන් කරන්නෙ ඇයි ? ඔවුන් සැපත් වෙන අලුත් පරිසරයේ ඉන්න අලි ඔවුන් සමග දඹර කරන්නෙ නැද්ද ? ඔන්න මට තියෙන ප්‍රශ්න..
ReplyDeleteඅලින්ගෙ විශාල ආහාර අවශ්‍යතාවය නිසා විශාල ප්‍රදේශයක ගැවසෙන්න සිද්ද වෙනවා මලේ. වියලි කාලයේදි දවසකට අවශ්‍ය ආහාර ප්‍රමාණය හොයාගන්න යන්නවෙන දුර තවත් වැඩි වෙනවා.
Deleteඅලි ඉතාම සුහදශීලීව තමන්ගෙ නිවාස පරාසය තුළ තමන්ගෙ වර්ගයෙ අනිත් සත්තු එක්ක වෙසෙනවා. කොටි වගේ සමහර සත්තු එහෙම නෑ. වසමක් වෙන් කරගෙන ඒක තදින් ආරක්ෂා කරනවා. සත්තුන්ගෙ සමාජ සංවිධානය විශේෂය අනුව වෙනස් වෙනවා.
බොහෝම අගේ ඇති කාරණා ටිකක් ගාමිණී අයියා...
ReplyDeleteස්තුතියි මලේ ...!
Deleteකාලෙකින් ආවෙ.... අද පෝස්ට් එක මට වෙනදට වඩා වැදුන අයියෙ...වෙන මොකක්වත් හන්ද නෙවෙයි.. සිතියං සිතියං...මේ අලි චලන රටා සිතියම දැක්කම මට මතක් වෙන්නෙ අපි විශ්වවිද්‍යාලෙ ඉන්න කාලෙ අපිට වඩා ජ්‍යෙෂ්ඨ අයිය කෙනෙක් වල් අලින්ගෙ ගම් වැදීම ගැන භූගෝලවිද්‍යා තොරතුරු පද්ධතිය පාවිච්චි කරල අධ්‍යයනයක් කළා...අවුරුදු ගාණක් ඇතුලත අලින් ගම් වැදිල තිබුණ සිද්ධීන් වාර්තා වෙච්ච තැන් බලල ඒව සිතියම්ගත කරල... එතනදි උත්තරේ හොයන්ඩ හැදුවෙ මිනිස්සුන්ගෙ පැත්තෙන් හිතල විතරයි නෙ.. ඒත් යමක් මගහැරිල තියෙනව එතනදි කියල මට අයියගෙ මේ සටහන කියෙව්වම හිතෙනව....
ReplyDeleteමේක ඊට වඩා ඉතා ප්‍රායෝගිකයි..මිනිස්සුන්ගෙ චර්යාවට වන සතුන්ගෙන් වෙන බලපෑම විතරක් හිතල මදි... මිනිස්සුන්ගෙන් වන සතුන්ගෙ චර්යාවන්ට වෙන හානිය ගැනත් බරපතලවට හිතන්ඩ ඕනෙනෙ...
ඒක ඇත්ත නගේ. මිනිස්සු හැටියට අපි හිතාගෙන ඉන්නෙ මහ පොලව උඩ තියෙන සේරම පාලනය කරන්න අපට සර්ව බලධාරී අයිතියක් තියෙනවා කියලා. ඒක එහෙම නෙමෙයි කියලා අපි බොහොම ඉක්මනට ඉගෙන ගනියි කියලා මටත් හිතෙනවා.
Deleteමං මන්සූර් මහත්මයා ගැන අහලා තියෙනවා ඒ වෙලාවේ වනජීවී එකේ අය තුවක්කු අතේ තියාගෙනත් මුකුත් කරලා නෑ කියලා දැනගන්න ලැබුනා. ඒ විතරක් නෙමි ඒ අලියත් මැරුණා කියල ආරංචියි ? [නැවත නියමිත වෙලාවට සිහිය නොගත් නිසා ] , ඔය කොලර් වලට දාන බැටරි මොනවද[අවුරුදු 2ක් 3ක් එකදිගට වැඩකරන ] ? , තව ප්‍රශ්නයක් තියෙනවා ගාමිණි මාමේ යාලේ ඉන්නේ දිවිය ද ?කොටිය ද?
ReplyDeleteඑදා නිර්වින්දක බෙහෙත විදලා, අලියා එලවගෙන එනකොට කට්ටියම දුවලා. මන්සූර් මහත්තයා අලියා ගහලා වැටිලා ඉන්නවා දැකලා තියෙන්නෙ පස්සෙ හොයලා බලනකොට. කට්ටියම මන්සූර් මහත්තයගෙ ජීවිතේ බේරගන්න පුලුවන්ද කියලා බලන්න එයාවත් අරගෙන ඉස්පිරිතාලෙට දුවලා. අලියා ගැන බලන්න කවුරුවත් ඉතුරුවෙලා නෑ. ප්‍රති නිර්වින්දකය නොදුන්නොත් සතා මැරෙනවා. පස්සෙ සතා මැරිලා ඉඳලා හම්බ උනාලු.
Deleteබැටරියෙ වර්ගය ගැන නම් මට අදහසක් නෑ මලේ. කොහොම උනත් අවුරුදු 2-3 ක් එක දිගටම බලය දෙන්න පුලුවන්.
කොටියටම තමයි දිවියා කියන්නේ. උගෙ විද්‍යාත්මක නාමය Paenthera pardus kotiyaa. ඉන්දියාවෙ ඉන්න, ඉරි තියෙන එකා ව්‍යාඝ්‍රයා.
අලියා මේක දාගෙන ඉන්නවා කිව්වම පුදුමත් හිතෙනවා...
ReplyDeleteටික දවසක් යනකම් පොල්කටු මාලයක් දැම්මා වගේ ඇති..
Deleteහරිම රසවත් පෝස්ට් එකක් ගාමිණී මහත්මයා.. බොහොමත්ම ස්තූතියි ඡායාරූපත් එක්කම අත්දැකීම බෙදා හදා ගත්තට.
ReplyDeleteඅලියගේ කරේ බඳින ජී.පී.එස් එකේ බැට්රි එක ඉවර උනහම මොකද කරන්නෙ ?
ඒ බැටරියක් අවුරුදු 2-3 ක් බලය සපයනවා දුමී. ආයෙත් බැටරි රීප්ලේස් කිරිල්ලක් නෑ. GPS එකේ ආයු කාලයත් එතනින් ඉවර වෙනවා.
Deleteමට එන්න පරක්කු වුනා මචං.
ReplyDeleteඒ කියන්නෙ අලි සියදිවි නසාගන්නවා කියන එකද? විශ්වාස කරන්නත් අමාරුයිනෙ.
මම පෝස්ට් එක නොබැලුවත් මේකෙ සාරාංශය ලේඛකයගෙන්ම අහගත්තනෙ. ඔන්න දැන් තමයි බැලුවෙ.
අලින්ගෙන් බැට කන මිනිස්සු කියන්නෙ වෙනම කතාවක් මචං. උන්ට අලි විතරක් නෙවෙයි, අලින් ගැන අනුකම්පාවෙන් කතාකරන උන්වත් පේන්න බෑ. මම දවස් දෙකකට ඉස්සෙල්ලා එහෙම මිනිස්සු එක්ක වරුවක් ගත කලා. තමන්ගෙ ගේ කඩලා දාන අලියත් එක්ක වෛරයෙන් පසුවෙන එක පුදුමයක් නෙවෙයි මචං.
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
නෑ මචං එහෙම ලිව්වට උං හිතා මතාම දිවි නසා ගන්නෙ නෑ. නන්නත්තාර වෙලා ඒ වගෙ ඛේදවාචකවලට මූණ පානවා.
Deleteඇත්තටම මිනිස්සු අලි නිසා දහදුක් විඳිනවා තමයි. ඒත් එහෙම වෙන්නෙ අපිම කරන මෝඩකම් නිසා. උන්ට අවශ්‍ය ඉඩ ප්‍රමාණය ඇරලා, ඉතුරු ටික හරියට සැලසුම් කරලා පරිහරණය කරන්නයි ඕනෑ. අලි යන එන පාරවල් මැද්දෙ ගෙවල් හදලා, අලි ඉන්න කැලේ අයිනෙ බඩ ඉරිඟු හැදුවහම ගුටිකන්න වෙනවනේ මචං. දේශපාලකයොයි, ඉඩම් පරිහරණයට වගකියන රජයේ නිලධාරීයි ඒවට උල්පන්දං දෙන එකයි වරද.
සෑහෙන තොරතුරු ගොඩක් දැනගත්තා...බලන් ඉන්න අපිටනං බාහිරින් පේන්නෙ මේ රැකියාවල ඇඩ්වෙන්චරස් ගතිය විතරයි. ඒත් ජීවිතය පරදුවට තියල මේ වගේ මෙහෙවරක යෙදෙන හැටි බලන්න මේ වගෙ සටහනක්ම කියවන්න ඕන..ඒ අතින් කාමර ඇතුලෙ පුටු උඩ ඉඳගෙන අපි මොනවද කරන්නේ.:(
ReplyDeleteඅවුරුදු හැටක වනජීවී සංරක්ෂණ ඉතිහාසයෙදි මේ වෙනකොට නිලධාරීන් අසූවකට කිට්ටු සංඛ්‍යාවක් රාජකාරියෙ යෙදිලා ඉන්නකොට නොයෙක් හේතු නිසා මැරිලා තියෙනවා, ලකී. වන ජීවියෙක් මැරුණොත් ඒකෙ පුදුමයක් නෑ. අතක් පයක් කඩාගන්නෙ නැතුව, පණ පිටින් පැන්ෂන් ගියොත් තමයි පුදුම වෙන්න ඕනෑ.
Deleteඅලියෙක් නිර්වින්දනය කරන්න ගිහිල්ලා මැරුණු මන්සූර් මහත්තයා ගැන කනගාටුයි. මේ වගේ අවදානම් රාජකාරියක් වෙනුවෙන් තමන්ගේ දිවි පරදුවට තියන වනජීවී මහත්වරුන්ට අපේ ආචාරය.
ReplyDeleteස්තුතියි දිල්ශාන් ...! මම හිතන්නෙ ආරක්ෂක හමුදාවන් ඇරුනහම රාජකාරියෙදි වැඩිම අවදානමක් ගන්නේ වනජීවී නිලධාරීන්. මැරුණු නිලධාරීන්ගෙන් තුනෙන් දෙකක්ම මැරිලා තියෙන්නෙ මිනිස්සු අතින්. ගුටි කාපු, ඔලු පලාගත්තු අවස්ථා නිමක් නෑ, මලේ.
Deleteමට අලි ගැන මාර අනුකම්පාවක් ඇති වුනා. මේ ලිපිය කියවන්න දවස් දෙක තුනක්ම අරං කියවන්න කලින් නැගිටින්න වුනා. අලියාගේ කරේ කොලර් දම්මාහම කොච්චර වුනත් ඌට මල කරදරයක් වෙන්න ඇති. උන්ගේ ස්වභාවික ගතිය නැතිව යනවා කියලයි මට හිතෙන්නේ. අලිත් ඉන්න ඕනේ, අපිත් ඉන්න ඕනේ නිසා මේවා නොකරත් බෑ. කැලෑවේ ඇවිදින්න ආසාවක් ඇති වුනා. ඒක ගොඩාක් කලින් ඇති වෙච්ච ආසාවක්. අර ඩිස්කවරි එකේ යන මෑන් වර්සස් වයිල්ඩ් කියන වැඩ සටහන දැකලා.
ReplyDeleteඅලින්ට දාන කොලර් පුරුදු වෙනකම් උන්ට කරදරයක් වෙනවා ඇති තමයි මලේ. ඒත් ඒකෙන් එකතු කරගන්න දත්ත නිවැරදි කළමනාකරණයකට ලොකු රුකුළක්. ඉඳලා හිටලා කැලෑවකට ගිහිල්ලා දවසක් ගත කරනවානම් ලොකු මානසික විරේකයක්.
Deleteමොරටුව කැම්පස් එකේ හිටපු (2007 හදිසියේ වියෝවූ) අමිත් මුනුන්ද්රදාස් සර් මේ වගේ "කොලර්" එකක් හැදුවා නේද??? දැන් ඒක පාවිච්චි කරනවද???
ReplyDelete(මමත් ඔය විස්තරේ දැනගත්තෙ "මන්ඩිපාල"ගෙ මෙන්න මේ ලිපියෙන් http://mandipala.blogspot.com/2012/06/blog-post_20.html?showComment=1365078383780#c8844655994423769564 )