'අනේ මල්ලී ..' අක්කාගෙන් කාලෙකට පස්සෙ දුරකතන ඇමතුමක්. 'අපේ පොලී පස්සෙන් එකෙක් පන්නනවා ... ඒකි තාම පුංචියිනේ ... ඕවා තාම තේරෙන්නෙ නෑනෙ ... ඒකි පණ බයේ ඉන්නේ ... අනේ මල්ලි ඒකිව කොහොමහරි බේරලා දෙන්න ...' අක්කා කියාගෙන යනවා.
'පොලී කිව්වෙ අක්කෙ ...?' එහෙම එකියෙක් ගැන මතකයක් නොතිබුන නිසා මම ඇහුවා.
'අපේ පූසි .. ඒකිනෙ පුංචිම එකී ... අනේ මල්ලි මොනවා හරි කරලා ඒකිව බේරලා දෙන්න ...' එතකොට තමයි මට අක්කගෙ පූස් ගැන්සිය මතක් උනේ. එක එක ජාතියෙ පූසො හත් අට දෙනෙක් ඒකෙ හිටියා.
'එහෙනම් ඉතිං ඌව මෙහෙටවත් ගෙනත් දාමු ... ' මම කිව්වා.
ඊට දවස් කීපයකට පස්සෙ කොළඹ ගිය දවසක මම අක්කලාගෙ ගෙදර ගියා. කුස්සියෙ තැන් තැන් වල කේක් ගෙඩි වගේ ලැගලා හිටපු පූසියො හත් අට දෙනා අතරින් එකෙක් තෝරලා වඩා ගත්තු අක්කා විස්තරේ කිව්වා. 'අනේ මල්ලි මට දුකේ බෑ ... මෙයා පොල් කන්න හරි ආසයි ... මම පොල් ගානකොට ඇවිත් පොල් ටිකක් ඉල්ලගෙන කනවා ... ඒකනේ අපි පොලී කියන්නෙ ...'
ගෙදර තිබුනු හොඳම ප්ලාස්ටික් කූඩෙට දාලා පොලියව අපට දෙනකොට අක්කට ඇඬුනා. 'අනේ මල්ලි මම මේකිව හදා ගත්තෙ දරුවෙක් වගේ. හොඳට බලාගන්න ඕනෑ ..'
මාත් එක්ක ගිය අජිත් පියන කොහු ලණු කෑල්ලකින් බැඳලා පූසි දාපු කූඩෙ වාහනේ පිටිපස්සෙන් දාගන්න හැදුවා. 'අනේ මල්ලි එයාව ඇතුලෙන් තියා ගන්න ...' ඒක දැකපු අක්කා ඇඬිල්ල අස්සෙම කිව්වා. අජිත් මගෙ දිහා බලලා පූස් කූඩෙ සීට් එකක් උඩින් තිබ්බා. 'සීට් එක උඩ චූ කෙරුවොත් තෝව මරලා කැළණි ගඟට වීසි කරනවා ...' ෂුවර් එකටම අජියට එහෙම හිතෙන්න ඇති.
කොහොම හරි පොලියා ගිරිතලේට ඇවිල්ලා සයිමන් අන්කල්ගෙ භාරයට පත් උනා. බොහොම අමාරුවෙන් තමයි එයාව අලුත් පරිසරයට හුරුකර ගත්තේ. මුලදි නොකා නොබී හිටියත් පස්සෙ ටික ටික හුරු උනා. මුලදි ගේ ඇතුලටම වෙලා හිටපු පූසි ටික ටික එලියට යන්නත් පුරුදු උනා.
දවස් කීපයකට පස්සේ මම අපේ මිදුලේ ලැගලා ගේ දිහා බලාගෙන ඉන්න පූස් තඩියෙක් දැක්කේ අහම්බෙන්. පොලියා වගේ දෙකක් විතර ලොකු ඒකා ඇඟේ වෛරම් තියෙන තරුණ පහේ කඩවසම් එකෙක්. මම ඌ දිහා බලාගෙන ඉන්නකොට පොලියාත් ඉස්සරහ වැරැන්ඩා එකට ආවා. මිදුලෙ ලැගලා හිටපු පූසා දැකලා එකපාරටම ඒකිගෙ කන් දෙක ඉස්සිලා ගල් ගැහුනා. ටික වෙලාවක් පූසා දිහා බලා හිටපු පොලියගෙ සියොලඟ කිලිපොලා ගිය බව ඒකිගෙ වලිගෙ නටපු හැටියෙන්ම පෙනුනා. ඊට පස්සෙ පොලියා වැරැන්ඩා එකේ එහාට මෙහාට ඇවිද ඇවිද පූස් තඩියට පේන්න දාපු කොමළෙ විස්තර කරන්න මට තේරෙන්නෙ නෑ.
ඊලඟ දවස් කීපය ඇතුලත වෙන්න ඕන හරිය සේරම සිද්ද උනා. ඒවට බාදා කරන්න කරන්න ගිහිල්ලා ලබන ආත්මෙදිත් මාසෙකට සැරයක් ගෙදර යන වනජීවියෙක් වෙන්න ඕන නැති නිසා මම කරබාගෙන නොදැක්කා වගෙ හිටියා. බලු ජෝඩුවකට ගල්ගහලා ඉස්කෝලෙ මහත්තයෙකුට වෙච්ච දේ හෙන්රිගෙ 'මට හිතෙන හැටි' බ්ලොග් එකේ තිබුනා කස්ටියට මතක ඇතිනෙ.
සත්තුන්ගෙ ස්වාභාවික හැසිරීම් වලක්වන්න අපි කරන මෙහෙයුම් අසාර්ථකයි කියලා මට හිතෙනවා. ටෙලිෆෝන් එකෙන් විස්තරේ අහපු අක්කා 'හපෝයි මේකි මගේ මූණෙ දැලි ගෑවා ..' කියලා විස්සෝප උනා.
අක්කා මාරයිනේ... නිකම් දුව කොල්ලෙක් එක්ක පැනලා ගියා වගේ
ReplyDeleteඅපේ අක්කා ගැන කියලා වැඩක් නෑ පුතා, එයා ගැන වෙනම බ්ලොග් එකක් ලියන්න වෙනවා මට කවදා හරි.
Deleteපිස්සු හැදෙනවනේ හි හි ෆොටෝ එක නොතිබ්බනම් මුල් පේලි දෙක තුන කියවද්දි මීටර් වෙන්නෙම කෙල්ලෙක් ගැන...මට මතක් වුනා අපේ ඉස්කෝලේ මහ රැස්වීමක් පිට්ටනියේ තියද්දි කොහෙන්දෝ ආපු බල්ලෝ ජෝඩුවක් වැඩේට එන්ටර් වෙච්චි හැටි හි හි අපේ හිටපු සහකාර විදුහල්පති උන් දෙන්නා මැද්දට පයින් ගහන්න ගියාම මුළු ඉස්කෝලෙම හූ තිව්වා...
ReplyDeleteබල්ලෝ අපිට නොමිලයේම ලිංගික අධ්‍යාපනය දෙන නිසා උන්ට ස්තුතිවන්ත වෙන්නත් ඕනෑ.
Deleteනන්දා මාලිනීගෙ ' හිතුමතේට දීග ගිය දුවේ ' සිංදුව මතක් වුනා.
ReplyDeleteඇත්තටම අපේ අක්කට ඒ තරමටම හිතට අමාරුයි.
Deleteමේ රටේ තියෙන ප්‍රශ්ණයි ජොබ් එකේ තියෙන ආතතියයි නිසා මම තරමක් අසතුටෙන් අද හිටියෙ මචන්. මේක කියෙව්වම ආපහු පුරුදු මූඩ් එකටම ආවා. ස්තුතියි. මම ඔය සයිමන් අන්කල්ටයි, ගිරිතලේ නිල නිවාසෙටයි දෙකටම ආගන්තුකයෙක් නොවන නිසා කතාව මැවිලා පෙනුනා. එදා අපි එනකොටත් පොලියා ඉන්න ඇතිනෙ!!
ReplyDeletehenryblogwalker the Dude
ඔය පැත්තෙ කලබල කියලා ආරංචි උනා. තුණුරුවන්ගෙ පිහිටෙන් උඹටත්, දීපා නංගිටත්, දරු පැටියාටත්, නොදන්න අනිත් හැමෝටමත් කරදරයක් නොවේවා කියලා පතනවා.
Deleteඋඹලා එනකොට පොලියා හිටියේ නෑ. ඒකිව එක්ක ආවේ ඊටත් පස්සේ.
කොළඹ ඉන්න පොශ් පූසෙකුගෙන් බේර ගන්ඩ එහෙට ගිය පොලීට වෙච්ච දෙයක් ! හෆොයි .. :DD
ReplyDeleteඅර ගිරිතලේ පුසට හිතෙන්න ඇති ටවුමෙන් ආපු පූස් කෙල්ලෙක්ට ට්‍රයි කරලා බලන්න...
ReplyDeleteකැමතිනම් ඇවිත් යන්න එන්න : WWW.THUNSITHA.TK
ප්‍රින්සස් ඇන්ඩ් ද ට්‍රැම්ප් මතක් වෙන කතාවක්.. හෆොයි සත්ව සන්තතියේ පැවැත්මට අවශ්‍යම දේට බාදා නොකළ එක හොඳයි.. හැබැයි රෑ කාලෙට මේ කෂ්ටිය ශාස්ත්‍රීය ගී ගායනා කරනකොට තමයි සත්ව කරුණාව එපා වෙන්නේ..
ReplyDeleteමදැයි විශ්වාසෙන් බාර දුන්නු "දෝණි"ව පරිස්සම් කරලා තියෙන හැටි! :D මමනම් පුළුවන් තරම් ඉක්මණින් ඔපරේෂන් කරන එක තමා කරන්නෙ.
ReplyDeleteමුල ඉදලම එකක් නෑර කියවගෙන එනව. මේකට කොමෙන්ටුවක් දාන්නම හිතුන. මරු කතාව.
ReplyDeleteඅක්කා අන්තිමට කිව්ව කතාව නම් මරේ මරු :D
ReplyDeleteඅක්කට දරු මල්ලෝ එහෙම නැද්ද ?
\\ඒවට බාදා කරන්න කරන්න ගිහිල්ලා ලබන ආත්මෙදිත් මාසෙකට සැරයක් ගෙදර යන වනජීවියෙක් වෙන්න ඕන නැති නිසා මම කරබාගෙන නොදැක්කා වගෙ හිටියා// :):):):):):):)
ReplyDeleteඅන්තිමට දාලා තියෙන කොමෙන්ටු ටික මම අදයි දැක්කේ. මැන්ටල් පොර නිසා පරණ පෝස්ට්වලට දාන සමහර කොමෙන්ට් මග ඇරෙනවා. කස්ටියම එක්ස්කියුස් බජනය කරන්ඩලා ...!
ReplyDeleteමාරයි.පොලී ඔහොම නොකලා නම් තමා පුදුමේ!
ReplyDeleteපොලියා දැන් මා එක්ක තරහා වෙලා. මගෙ නිල නිවාසෙට ටිකක් එහා තියෙන එකක ඉන්න ජයසූරිය මහත්තයා එක්ක යාලුවෙලා එහාට වෙලා ඉන්නවා. මාව දැක්කහම ගස්සලා අහක බලා ගන්නවා.
Delete//මම පොල් ගානකොට ඇවිත් පොල් ටිකක් ඉල්ලගෙන කනවා ... ඒකනේ අපි පොලී කියන්නෙ ...'//
ReplyDeleteහික්ස්... නම හැදුන විදිහ නම් මරේ මරු.... :D :D
ඒකිට පොල් කන්න පුදුම පෙරේත කමක් තියෙන්නේ මලේ ..
Delete